මා උසස් පෙල පංතියේ අසුන්ගෙන වැඩි කාලයක් යෑමට මත්තෙන් අප ප්‍රදේසේ සිටි රැය පහන් වනතුරු පාඩම් කිරීමේ භාරදුර
ක්‍රියාදාම කණ්ඩායමේ සාමාජිකයෙක් වීමි . ඒ මා තුල ඇති අධ්‍යාපන උනන්දුව නිසා යැයි ඔබට
සිතුනිනම් ඔබ වැරදිය . වහාම එය නිවැරදි කර ගත යුතුය . මගේ අරමුණ වෙන එකකි. ඒ දහවල් කාලයේ වත් අල්ලා ගන්නට නොලැබෙන මිතුරන්
හා සතියකට දෙතුන් වරක් හෝ රාත්‍රියේ සෙට් වී කයියක් ගැසීමටය.. ඕපාදුපයක් කියවිමටය
.. සරලව කිවහොත් ෆන් එකටය ..
එවකට මා උසස් පෙළ පංතියට ඇතුළුවී මසකට වැඩි කාලයක් ගෙවී ගොස් තිබුනේ නැත.
රැයක් පහන් වනතුරු තබා පැයක් දෙකක් පාඩම්
කිරීමට තරම්වත් මාගේ උසස් පෙල පොත්
හි සටහන් නැත. ඒ මා සටහන් කර නොගන්නා නිසා
නොවේ.. අප තවම විෂය නිර්දේශයට අවතීර්ණව නොමැති බැවිනි. එහෙත් මා සමග පාඩම් කල
අනෙකුන් එසේ නොවේ උන් මට වඩා වසර දෙකකින් වැඩිමහලුන්ය . උසස් පෙල විභාගය අත ලග
බැවින් උන්ට පාඩම් කිරීමට ඇති පදම් දෑ තිබේ .. එහෙව් උන් සමග උසස් පෙල පිටු තුනක්
පිරි ඇති මගේ සටහන් පොතත් සමග මට කරන්නට ඇති ලබ්බක් නැත එහෙත් මා උන් සමග හරි
හරියට පාඩම් කලෙමි. සටහන් පොතේ පිටු තුන කටපාඩම් වෙන තුරු පාඩම් කලෙමි ..ඒ මා තුල ඇති අද්යාපන උනන්දුව නිසාම නොව.. උක්ත කරුණ නිසාම පමනි.
අපට පාඩම් කිරීමට ස්ථිර ස්ථානයක් කියා තිබුනේ නැත. බොහෝවිට රාත්‍රී
පාඩම් කිරීම් වලදී ඒකරාශී වුයේ එක් එක්
සාමාජිකයන්ගේ නිවෙස් වලය. නිවසේ ප්‍රධාන
දොරෙන් පිටත කාමරයක් තිබීමත් කාමරය තුල සිදුවන කතාබස් වලට අවහිරයක් නොවීමත් යන ප්‍රධාන කාරණා දෙක සම්පුර්න වීම මත එතැන අපට
රාත්‍රියක් ගෙවෙන තුරාවට පාඩම් කිරීමට සුදුසුකම් සපුරනාවායයි අප සැලකුහ.
මෙවැනි ස්ථාන කිහිපයක් අතරින් අප වඩාත් ඇලුම්කල ස්ථානයක්ද විය ඒ ජනකාන්ත
නිවෙසයි. ජනකාන්ත අයියා ද එකල උසස්පෙළ කඩයිම පැනීමට ඔන්න මෙන්න කියා සිටි එකෙකි..
එබැවින් ඔහුගේ ආරාධනය පිට අප බොහෝවිට රාත්‍රී පාඩම් සදහා යොදාගත්තේ ජනකාන්ත නිවසේ
ඉදිරිපස කාමරයයි .
එක් දිනෙක රාත්‍රියේ නිලංක, ප්‍රියා සහ මා ජනකාන්ත නිවෙස කරා ගියෙමු ඒ
පාඩම් කිරීමට අවශ්‍ය ආම්පන්නද රැගෙනය . ජනකාන්ත නිවසේ අපට පාඩම් කිරීම සදහා ලබා දී
තිබුනේ නිවෙස ඉදිරිපස ඇති කන්තෝරු කාමරයක ප්‍රමාණයේ පුංචි කාමරයකි මෙහි ඇත්තේ
පුංචි පොත් මේසයක් සහ ඇදක් පමනි .
පොත් මේසය ජනකාන්ත අයියා නිරන්තරයෙන්ම අයිති කරගෙන සිටි බැවින් අපට
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇද උඩ සිට පාඩම් කටයුතු කිරීමට සිදුවිය . එක අතකින් එය
අපට වාසි විය .. ඒ පාඩම් අතර තුර නිදිමතක් ආවොත් එහෙම්මම ඇස් පියාගත හැකි
බැවිනි... බොහෝ දිනවල අපි තිදෙනා කලේද එයමය .. එහෙත් ජනකාන්ත අයියාට එසේ බැරිය .
අප එසේ නිදාගත් දිනවල එලිවෙනතෙක් නින්දක් නැතිව ජනකාන්ත අයියා අපා දුක් විදි බව පසුදා අපට පවසයි
එහෙත් අපට එයින් වැඩක් නැත. ඇද අයිති අපටය.. ජනකාන්ත අයියාට අයිති මේසයයි එබැවින්
ඌ මේසය උඩ නැටුවත් අපට කම් නැත . අප පාඩම් කල ස්ථානයේ අප නිදාගන්නා සේම ඌ පාඩම්
කරන ස්ථානයේ නිදාගැනීම උගේ යුතුකමකි .
මෙදිනද මධ්‍යම රාත්‍රී කිට්ටු වෙනතෙක් අප නිහඩව පාඩම් කලෙමු.. නිහඩව පාඩම් කිරීමෙන්ම කම්මැලි සිතුන නිසාදෝ
මන්දා ජනකාන්ත අයියා අලුත් යෝජනාවක් ගෙනාවේය .
“මම උබලගෙන් ආර්ථික විද්‍යාවෙන් ප්‍රශ්න අහන්නම් උබලා උත්තර දියල්ලා ....
නිදි මතේ සිටි බැවින් අප තිදෙනාද එයට අකමැති වුයේ නැත ..
“ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න ... හොදයි නිර්වචනය කරහල්ලා බලන්න ..”
අප ප්‍රශ්නයට පිළිතුරු ගොනු කරන අතරේ ... එකෙක් මහා හඩින් ලියන භාෂාවෙන්ම උත්තරය කිවේය .. ඒ එකෙක් නොව එකියෙකි... ඒ ගෑනු කටහඩ අපගේ නොවේ
..
අප තිදෙනා එකිනෙකාගේ මුණු දෙස බැලුවේ නිදි මරගාතේ ඇසුණු ගෑනු කටහඩ අප තිදෙනාගෙන්ම කෙනෙක්ගේ දැයි සැක හැර දැනගැනීමටය... එහෙත් තිදෙනාගේම මුහුණුවල ඇත්තේ ප්‍රශ්නාර්ථයකි..
දැන්නම් ඒ කටහඩ අපේ කාමරයේ නොමැති අයෙකුගේ හඩක් වැව් ස්ථිරය ..
ජනකාන්ත අයියා ට එය ගැටලුවක් නොවන සේය ඔහු සුන්දර සිනාහවකින් සැරසී අප දෙස බලා සිටි..
“කවුද බං ඒ ...
අප තිදෙනා විශ්මයට පත් කල ඒ පිළිතුරු කාරිය කවුදැයි අප සෙවිය යුතුය..
“ ඒ අපේ අම්මා ...”
ජනකාන්ත අයියාගේ ඒ පිළිතුර අපව තවත් විශ්මයට පත් කලේය . ජනකාන්තගේ අම්මා වැනි අයෙක් ආර්ථික විද්‍යාවේ මුලික
දැනුමින් සන්නද්ද වුයේ කෙසේද?.. ගෘහ විද්‍යාව ගැන ප්‍රශ්නයකදී ඈ පිළිතුරු දුන්නා නම්
අප පුදුම විය යුතු නැත. මන්ද ඈ ගෘහණියකි .
එහෙත් ඈ දැන් පිළිතුරු සපයන්නේ අපට අමාරු විශයක්වූ ආර්ථික විද්‍යාවටය.. ඉතින් අප
පුදුම විය යුතු නොවේද ...
“ඒයි ජනකාන්ත අයියේ උබලගේ අම්මා කොහොමද බං ආර්ථික විද්‍යාව දන්නේ ..”
“ මෙහෙමනේ බං .. මම තනියම පාඩම් කරද්දී
හයියෙන් කෑගහලා පාඩම් කරන්නේ.. එතකොට ප්‍රශ්න උත්තර පොතේ ලියලා තියෙන ප්‍රශ්නයි
උත්තරයි දෙකම කියනවා .. අම්මට දැන් ඒවා ඇහිලා ඇහිලම කටපාඩම් ...”
මෙතෙක් වෙලා අප පුදුමයට පත්කල පැනයට පිළිතුරු ලැබුනේ ජනකාන්ත අයියා අම්මට
නොඇසෙන සේ හීන් හඩින් එසේ කියූ පසුවයි ..
ඉන් පසුවද ජනකාන්ත අයියා ආර්ථික විද්‍යාවෙන්
ප්‍රශ්න කිහිපයක් ඇසු අතර අප පිළිතුරු දීමට පෙර උන්ගේ අම්මා ඒ
සැමටම පොතේ හැටියටම පිළිතුරු දුන්නේය..
ඈ ඉන්නේ අප සිටින කාමරයට එහා පැත්තේ කාමරයේ බැව් එයින් අපට පසක් විය.. කාමර
දෙක වෙන්වී ඇත්තේ එක බිත්තියකිනි... සමහර විට අප හිමින් මුමුනන නොහොබිනා දෑ වුවද උන්ගේ අම්මාට කනේ තිබ්බා සේ ඇසීමට
ඉඩ ඇත .. ඒ බව මට කල්පනා වුයේ පසුවය එවිට අප පමා වැඩිවී තිබුණි ..
ජනකාන්ත අයියයි උන්ගේ අම්මයි අතරේ ප්‍රශ්න උත්තර වැඩසටහන දිගින් දිගටම යන
අතරේ අප තිදෙනා පොත් පත් අකුලා තබා ඇදට
ගොඩවූයේ නිදාගන්නා අදහසිනි .. එහෙත්
කරුමයකි . මෙතෙක් වෙලා නිදි මත පෙරෙමින් තිබුනද ඇදට නැග කොට්ටයට ඔලුව තිබු මොහොතේ
සිට නිදි මත කොහෙන් ගියාද නැත .. අන්තරස්ද්දාන වූ නිදිමත නැවත අප කරා එනතෙක් අප
කතාවට වැටුණි..
අපේ කතා බහ එක් එක් මතෘකා ඔස්සේ ගොස් අවසානයේ වැදගත්ම මාතෘකාවේ නතර විය .. අප
වැනි අද්යාපනය ලබන වයසේ සිටින්නන්ගේ වැදගත්ම මාතෘකාව කුමක්දැයි වචනයෙන් කිවයුතු
නැත එය ඔබ දනි.. මේ වයස පසු කල සියල්ලෝමද
දනී.. නොදන්නෙක් වී නම් ඔහු ජිවිතයේ එක් කාලපරිච්ඡේදයක් මගහැර පැමිණියෙකි...
ආධ්‍යාපනය ...!!,
අධ්‍යාපනය යැයි ඔබ සිතුවානම් ඔබට වැරදි ඇත ..මා කිවේ ආදරය ගැනය . මේ කාලයේ අපගේ සිත් ගත් යුවතියන් රාශියක්
සිටියේය .., එබැවින් උන් ගැන අපට කියවීමට ඇති පදම් දෑ තිබේ. මේ මොහොත අප ඒ සදහා
යොදාගත්තේය..
අපටත් නොදැනීම මාතෘකාව දික් ගැහුනි එත් කම් නැත වරද වුයේ මාතෘකාව අතුරු
මාතෘකා ඔස්සේද දිව යෑමයි... අප දන්නා යුවතියන්ගේ රුව ගුණ නැනැ පමණක් නොව..හැඩ ගැනද
අප කතාවිය.. එතැනින් ගොස් එක් එක් සරීර ස්ථානයන් හී හැඩ ගැනද කතා විය අවසානයේ අපගේ
කතිකාව උච්චතම අවස්ථාවට පැමිණෙමින් සිටින මොහොතේ ..
“බරාස් “ ගා අප සිටි කාමරයේ දොර
ඇරී ගියේය.. ඒ දොර එසේ නිකන්ම ඇරෙන්නේ නැත. කිසියම් කෙනෙක් එළියේ සිට වැරෙන් දොර
තල්ලු කර ඇත...
ඒ ශබ්දයෙන් අප සිව් දෙනාම ගැස්සී ගියමුත් බිය යටපත් කරගෙන දොර දෙසම බලා සිටියෙමු... දෙරෙන්
එපිට කට්ට කලුවරය.. අපට නොඇසුනාට පොද වැස්සකුත් වැටෙන බව
යාන්තමින් ඇති හද එළියෙන් පෙනෙන්නට විය
එහෙත් සමගම දොර ඉදිරියෙන් දිස්වූයේ
සුදු දිග ගවුමක් ඇදගත් කාන්තා රුවකි .. එක වරම හැමු සුළගින් ඈගේ කෙහෙරැලි අවුල්වී මුහුනට
වැටුණි.. ඒත් සමගම කාමරය තුලට එබුනු ඈගේ මුහුන ලයිට් එළියෙන් අපට පැහැදිලිවම
දිස්වුනි... ඔව් ඒ මෝහිනී ..
“බැහැපියව් තුන් දෙනාම එලියට ....” මෝහිනී කෑගැසුවේය....
මෝහිනී ඇන්ටි යනු වෙන කවරෙකුවත් නොව ජනකාන්ත අයියාගේ මව්තුමියයි ..
“මෙතන රෑ තිස්සේ පාඩම් කරන්න කියල ඇවිත් කරන පාඩමක් නැහැ මගුල් කතා කරනවා
... අපේ එකාට පාඩමක් කරගන්නත් නැහැ .. නිලංග ,ප්‍රියාන් , චමි ...තුන් දෙනාම දැන්ම
බහින්නයි කිව්වේ එලියට ..”
දැන් ඉතින් කරන්නට දෙයක් නැත තව දුරටත් මෙතැන රැදී සිටියහොත් ජනකාන්තගේ
අම්මා අපව බෙල්ලෙන් අල්ලා බල්ලන් සේ එලියට විසික්කා කරන්නට වුවත් ඉඩ ඇත ..එබැවින් අපි
අප සතු ආම්පන්නද කොට්ට මෙට්ටද අකුලාගෙන
එලියට බැස්සෙමු ..
“අපි යනවා ජනකාන්ත අයියේ ...”
එත් ජනකාන්ත අයියා අපට නතර වෙන්නැයි කිවේ නැත එසේ විනම් ඌටද අප සමග එලියට
බැසීමට සිදුවන බැව් ඌ දනී...
අප පොද වැස්සේම එලියට බසින අතර මේසා විපතක් වීමට අප පෙර කල අකුසල
කර්මයක් තිබේදැයි මනසින් සොයා බැලීමට මට
සිත්විය ...
යටගිය දවසක අප මෙලෙසම ජයකාන්තයාණන් ගේ කුටියේ පාඩම් කටයුතු සදහා ආහ.. මෙදා මෙන්ම එදාද අප
සිටියේ ඇද උඩය ජනකාන්තයාණන් මේසය උඩය.. එදාද මෙදා මෙන්ම මැදියම් රැයේ අප තිදෙනා ඇද
උඩම නින්දට වැටුණි.. අප නින්දට වැටී මද වේලාවක් යෑමට මත්තෙන් ගිගුරුම් සහිත මහා
වර්ෂාවක් පතිත විය.. ජනකාන්ත නිවසේ සිංහල උළු අතරින් පවා වැහි බිදුද හිරිකඩද
කුටියට පතිත විය .. තද වර්ෂාවත් සීතලත් බැවින් ජනකාන්තයාණන්ට නිදා ගැනීමට
උවමනාවිය.. එහෙත් මේසය උඩ නිදාගැනීමට බැරිය , ඇදේද අප තිදෙනා ඇති බැවින් නිදාගැනීමට ඉඩක් නැත ..
අසරණවූ ජනකාන්තයාණන් පැදුරු කඩමල්ලක්වත් නැතිව සීතලේම සිමෙන්ති පොලවේ වකුටුවී
වැදහොත්තේය ...
වර්ෂාව එන්න එන්නම දරුණු විය .. ගිගුරුම් ඇතිවිය එබැවින් ජනකන්තයාණන්ගේ
මෑණියන්වහන්සේට අප ගැන සොයා බැලීමට සිත් විය ඈ ඇවිත් කුටියේ කවුළුවකින් එබී
බැලුවිට ඈ දුටුවේ.. සීතලේ බිම වැතිරී සිටින ජනකාන්තයාණන් සහ ඇදේ සැපට නිදන අප
තිදෙනාවය..
එදවස පටන් ජනකාන්ත මෑණියන්දෝ අපට වයිර කරන්නට විය.. ඉඩ ලද විගස අපෙන් පලි
ගැනීමට සිතාගත්තේය... අද අපට මෙලෙස මහා රාත්‍රියේ එලියට බැසීමට කරුණු කාරනා
සැලසුනේ එසේය ..
පව නම් පවමය ගොනුන් පසුපස යන රියසක සේ පව පවුකාරයන් පසුපස ලුහුබදි එය වැලැක්විය නොහැක මෙදා මේ සා විපතක් පැමිණුනේ එදවස අප කල ඒ පාප කර්මය නිසා බැව් සිහිපත් කර ගත් අප තිදෙනා පොද වැස්සට තෙමේමින් මහා රාත්‍රියේම පල්ලම් බැස්සේය.. ඒ යන ගමන් ජනකාන්ත අය්යාවත් උන්ගේ මෑණියන්දාවත්. මෑණියන්දාගේ මෑණියන්වත් සිහිපත් කරන්නට අමතක නොකලේමු..
පව නම් පවමය ගොනුන් පසුපස යන රියසක සේ පව පවුකාරයන් පසුපස ලුහුබදි එය වැලැක්විය නොහැක මෙදා මේ සා විපතක් පැමිණුනේ එදවස අප කල ඒ පාප කර්මය නිසා බැව් සිහිපත් කර ගත් අප තිදෙනා පොද වැස්සට තෙමේමින් මහා රාත්‍රියේම පල්ලම් බැස්සේය.. ඒ යන ගමන් ජනකාන්ත අය්යාවත් උන්ගේ මෑණියන්දාවත්. මෑණියන්දාගේ මෑණියන්වත් සිහිපත් කරන්නට අමතක නොකලේමු..
මේ මහා රාත්‍රියේ කෙසේවත් අපට නැවත නිවෙස් වලට යෑමට නොහැක... කරන්නට දෙයක්
සිතා ගැනීමට නොහැකිව අරමුණකින් තොරව ඇවිදගෙන ගිය අප අවසානයේ ගමේ හන්දිය ලගින් හැරී
හොල්මන් කන්ද පාමුල ලයිට් කණුව යට බෝක්කුවේ අසුන් ගත්හ ..
අසුන්ගෙන වැඩි වෙලාවක් යෑමට මත්තෙන් ..ටක් ..ටක් ..ටක් ..යන ශබ්දයෙන්
කෙනෙකුගේ පා ගැටෙන හඩක් ඇසෙන්නට විය.. පුදුමයකි .. මෙවන් වේලාවක මේ පාරේ කෙනෙක්
තනිවම නම් යන්නේ නැත මෙය පාලු පාරකි හොල්මන් කතා දෙක තුනකටම මග පෑදු
ස්ථානයකි..එසේනම් මේ එන්නේ හොල්මනක් වත්ද ..
බෝක්කුව එහා පැත්තේ ඇති කෙහෙල් පදුර අස්සට රිංගු අප තිදෙනා ..ටක් ටෝක්
..හඩින් එන හොල්මන හැදින ගන්නට උත්සහ කලේමු...
ඒත් සමගම හොල්මන ලැසි ගමනින් අප සිටි ස්ථානයද පසුකර ගියේය .. ඒ හොල්මනක්
නොව අපගේ නැටුම් ගුරුවරයායි ..
ඔහු අප ප්‍රදේශයේ නැටුම් පංතියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.. මා මුලින්ම
ඔහුගේ නැටුම් පංතියට ගියේ ඔහු මයිකල් ජැක්සන් වැනි පොරක් යැයි සිතාගෙනය.. එහෙත් ඔහුගේ
සුන්දර සුකුමල මුහුණත් , කාන්තාවකගේ බදු ලැසි ගමනත් දැකීමෙන් මගේ මයිකල් ජැක්සන්
සිහිනය බොද විය .. එහෙත් මා නැටුම් පංති
යෑම දිගටම කරගෙන ගියේය... අද වන විට මේ නැටුම් ගුරුවරයා රුපවාහිනි නාට්‍ය වල පවා
සුළු වශයෙන් ප්‍රසිද්ද නාමයක් සාදාගෙන ඇත..
අද ඔහු මේ එන්නේ කොහේ හෝ නැටුම්
සංදර්ශනයකට සහබාගීවි එන ගමන්ය... කෙහෙල් පදුරක් අස්සේ රිංගා සිටි බැවින්
ඔහු අපව දුටුවේ නැත ...
“ඒයි මොකද කරන්නේ සර් කාරයට පොඩි ජෝක් එකක් කරමුද ...’
එකෙක් යෝජනා කලේය..
දැන් ඔහු අප පසුකර මීටර් සියයක් පමණ දුර ගොස් පාළු කන්ද අසලට ලංවී ඇත මේ කදු පාර දෙපස ඇත්තේ
පොල් ඉඩම් කිහිපයකි පාරට පෙනෙන මානෙක නිවෙස් නැත ඇතත් අතරින් පතරය.. කන්ද අවසානයේ
පාර අසලම ඇත්තේ සුසාන භූමියයි.. නැටුම් ගුරුවරයාගේ නිවෙසට සුසාන භූමියද පසුකර
සැතපුමක පමන දුරක් තිබේ..
දැන් නැටුම් ගුරුවරයා කන්ද නැගීම ආරම්භ කර ඇත අපද ඔහුට මීටර් සියයක් පමණ
පිටු පසින් ඔහුව ලුහුබදි.. කන්ද මැදක් හරියේ සිට අප මෙහෙයුම ආරම්භ කලෙමු... ඒ
සියුම් හඩින් භූත ශබ්ද දැමීමෙනි .. අසල ඇති පොඩි ගස් පදුරු එක වරම හයියෙන් අල්ලා
සෙලවිමෙනි .. පුංචි පුංචි ගල් කැට විසි කිරීමෙනි ..
අපේ වෑයම සාර්ථක විය .. ගුරුවරයා පොඩ්ඩක් නතරවී පසු පස බැලුවේය ඉන් පසු කරේ
එල්ලාගෙන සිටි බෑග් එක ගලවා වමතේ හිරකර ගත්තේය.. දැන් ඔහුගේ ගමන වේගවත්ය.. අප නැවතත්
ශබ්ද කල විට ඔහු නැවත පසුපස හැරි බලා පහත්වී පයේ ලා සිටි සෙරෙප්පු දෙක ගලවා දකුණතට
ගත්තේය.. දැන් ඔහුගේ ගමන ඉතා වේගවත්ය එය දිවිමකට සමානය එහෙත් අඩි පහ හයකට වරක්
පිටු පස හැරී බැලීමට ඔහු අමතක කලේ නැත...
සුසාන භුමිය පෙනෙන මානයේදී ඔහු පසු පස හැරී බැලු විටම.. මා හයියෙන් හූවක්
කියාගෙන පාර මැද්දට පැන ඔහු වෙතට දිව ගියෙමි.. ඒ අතරම අනෙක් වුන් දෙදෙනාගේ ගල්
ගැසීමත් දිගටම සිදුවිය ...
හු ..කියාගෙන දෑත් දිගුකරගෙන එන මා දුටු
නැටුම් ගුරුවරයා මටත් වඩා හයියෙන් හු.. තියමින්.. පාර දිගේ දුවන්නට පටන් ගත්තේය..
අපට ඔහුට ලංවිමටවත් ලැබුනේ නැත ඒ තරමටම ඔහු වේගවත්ය .. එදා ඔහුගේ දිවීම සමකල
හැක්කේ ඔලිම්පික් මීටර් සියය කප් ගැසූ පොරගේ දිවීමට පමණි .
පසුවදා සවස අපට නැටුම් පංති පැවැත්වෙන දිනයකි.. එහෙත් වෙනදා වේලාසනින්ම
ඇවිත් ශාලාව විවුර්ත කරන නැටුම් ගුරුවරයා අද පෙනෙන්නට නැත ... අනෙක් ශිෂ්‍යයෝද දොර අසලට වී බලාසිටි පංති
වේලාවද ගෙවී ගොස්ය එහෙත් ගුරුවරයා පෙනෙන මානේක නැත.. පෙරදා රාත්‍රියේ සිදුවූ දේ මා
දන්නා බැවින් ගුරුවරයාගේ ප්‍රමාදය මටද ඇති
කලේ බියකි ..
මද වෙලාවකින් කොලුවෙකු පාපැදියකින්
ඇවිත් නැටුම් ශාලාව ඉදිරියේ නතර විය ..
“ නැටුම් සර් මේ ලියුම දෙන්න කිව්වා ..”
එසේ කියා කොල්ලා එතැන සිටියෙක් අත ලියුම තැබුවේය....
// උන ගැනී අසනීපව ඇති බැවින් අද දින නැටුම් පංති පවත්
වීමට නොහැකි බව කරුණාවෙන් දන්වා සිටිමි
මෙයට ,
නැටුම් සර් , //
භූත නාටකය එතැකින් නිමා විය.. සර්ට උන ගැනීමේ උප්පත්ති කතාව දැන සිටියේ අප
තිදෙනා පමනි.. අද වන තුරුද එය එසේය...!!!
---------------------------------------------------------------------------------------------
ජනකාන්ත අයියාගේ පාරම්පරික ජන නැටුමක් පහතින් ...
.