26 July 2012

අමුතුම ලෝකෙක තප්පර ගානක් නොහොත් ටැබා පවර් .


දුමී කියන්නේ කාලයක් මගෙත් එක්ක එකම ආයථානයක සේවය කල මිතුරෙක්.. එත් මිනිහගේ ඒක දුර්වල කමක් තිබුනා .  ඒක දුර්වල කමක් කියන්නමත් බැහැ . අනං මනං කිසි දෙයක් ගැන වැඩිය හිතන්නේ මතන්නේ නැතිව උපරිම කෙළිලොල් ජිවිතයක් ගත කිරීම. මේකටම හරියන යාළුවො සෙට් එකකුත් හිටියා  මෙයාට...
යාළුවොත් එක්ක සෙට් වුනු වෙලාවට . මේ කාලයේ පාවිච්චි කරන හැම මත් ද්‍රව්‍යක්ම මේ සෙට් එකත් පාවිච්චි කළා..

වර්ගී කරණයක් තිබිලා නැහැ අතට අහුවෙන දන්නා කියන හැම දෙයක්ම අත්හදා බලන මට්ටමේ හිටිය සෙට් එකක්.. 

ඉතිං  දුමියා ඉරිදා දවසට උදේම ගිහින් යාළුවොත් එක්ක සෙට් උනාම ආයේ ගෙදර එන්නේ හොදටම රැ බෝ උනාට පස්සෙලු.. ගොඩක් දවසට හොද සිහියෙනුත් නෙමේලු.  දැන් ටිකෙන් ටික මුගේ මේ අමුතු හැසිරීම ගෙදරටත් චාටර් වගේලු...

ඔන්න ඉතිං තවත් ඒක ඉරිදා දවසක උදේ ඉදලම යාළුවොත් එක්ක සෙට් වෙලා ඉදලා රැ ගෙදර එනකොට ගෙදර කට්ටිය ටිවි බලනවලු. මු ඉක්මනට කාමරේට රිංග  ගත්තලු වැඩි වෙලා ගේ ඇතුලේ  සක්මන් කර කර හිටියොත් ඉතිං බඩු මාට්ටු වෙන්න පුළුවන්නේ කියල හිතාගෙන..

දුමියලගේ ගෙදර තියෙන්නේ කැලණිය පැත්තේ පන්සලක් කිට්ටුවම . කැළණි පන්සල නෙමේ වෙන එකක් . දුමිගේ කාමරේ ජනේලෙන් හරි අපුරුවට පන්සල් වත්තම පෙනෙනවා..

උදේ ඉදලම ඒක ඒක ජාති අත්හදා බලලා ආව දුමියා දැන් ඉන්නේ ටිකක් වෙනස්  තත්වෙකලු දැන්ලු අත්හදාබැලීම් වල පවර් ඒක දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ  හරියටම.. ඕන දෙයක් උනාවේ කියලා හිතාගෙන ඇදෙ හන්සිවෙලා එහෙම සිංදුවක් අහන්න පටන් ගත්තලු... 

දුමී ඒ කාලේ අහන්න ආසම සිංදුව කසුන් කල්හාරගේ “ අනන්තයට යන පාර දිගේ “ කියන සිංදුව  තියෙන සිඩි තැටිය එහෙම හොයාගෙන  සිඩි ප්ලේයර් එකට දාලා සිංදුව අහගෙන ඉන්නවලු දැන් ඇදේ හන්සිවෙලා ඉදගෙන..

අනේ කසුන් කල්හාරත් හරිම ලයාන්විතව කියන මේ ගීතය දුමියා අස්දෙකත් පියාගෙන රසවිදිනවලු..
අනන්තයට යන පාර දිගේ.... අනන්තයට යන පාර දිගේ....
ඇය එනවා පාර්ථනා වේ.. මල්. පොකුරු අරන් සිතල පිණී වැස්සේ..

සිංදුවඉවර  වෙනකන් අහගෙන හිටිය දුමිට දැන් ඒක පාරක් අහලා මදි වගේ හිතිලා තව පාරක් අහන්න හිතාගෙන සිඩි ප්ලේයර් ඒක ලගට ගියාලු .. ඒ තරමටම   සිංදුවට ආස නිසා ආයේ සිංදුව ප්ලේ කරන්න..
එතකොට තමයි දුමී දැකලා තියෙන්නේ සීඩ් ඒක ප්ලෙයර් එකට දැම්මට සීඩ් ඒක ප්ලේ වෙන්න ඔන් කරලා නැති විත්තිය.. මේ වෙනකන් දුමී සිංදුව අහල තියෙන්නේ මනොමයෙන් ඇත්තටම නෙමේ.. හෙක්.. හෙක් .. කොහොමද  මතේ පවර් ඒක..

මේ වෙනකන් මනොමයෙන් අහපු සිංදුව ඇත්තටම ප්ලේ වෙන්න දාල දුමී ආයෙමත් ඇදේ හන්සිවෙලා පන්සල දිහා බලාගෙන ඉන්නවලු.. ඒ වෙලාවට ඉතිං පන්සලත් හරි ලස්සනලු හද එලිය වැටිලා එහෙම හරිම ශාන්ත පාටයිලු...

ඔහොම බලාගෙන ඉන්න අතරේ දුමිට පේනවලු.. පන්සලේ ගින්නක් වගේ.. තවත් හොදට ඇස් ලොකු කරලා බලනකොට .. දෙය්යනේ පන්සල ගිනිගන්නවලු.. දුමිට ඒ වෙලාවේ දරාගන්න බැරි ආවේගයක් ඇවිත්  උදේ හවහා වදින පුදන පන්සල..මේ විදියට ගිනි  අරගෙන විනාශ වෙනවා බලාගෙන ඉන්න පුළුවන් කාටද ... 

දුමී ඇදෙන් බිමට පැන්නලු.. එතකොටම දුමිට මතක් උනාලු කව්ද මන්දන්නේ නැහැ රජ කෙනෙක් කියපු කතාවකුත්.. දිවි හිමියෙන් රට ජාතිය ආගම බේරාගත යුතුය..”  

 දැන් ආවේගය තවත් වැඩිලු.. දිවි හිමියෙන් පන්සල බේරා ගන්න ඕනේ කියලා හිතාගෙන පන්සලපැත්තට  දුවන ගමන් දුමියා ..හතර වටේටම ඇහෙන්න බෙරිහන් දීලා කෑගැහුවලු ..

මෙහෙ වරෝ ..පන්සල ගිනි ගන්නවෝ..’’////

කෑගහගෙන දුවන දුමියා පස්සෙන් දැන් හතර වටේ ගෙවල් වල මිනිස්සුයි.. දුමිලගේ ගෙදර ටිවි බල බල හිටිය අයයි ඔක්කොම එනවලු  දුවගෙන..   පන්සලේ ගින්න නිවන්න..  දුවන ගමන දුමිගේ කෑගැහිල්ල  නතර වෙන්නෙත් නැහැලු 

මෙහෙ වරෝ ..පන්සල ගිනි ගන්නවෝ..’’////

දුමී ඒක එල්ලේම ගින්න දිහා බලාගෙන දුවගෙන ගිහින් නතර උනේ .. පංසලේ පහන් වැට ලගලු...  අනේ පහන් වැට හරි ලස්සනට සුළගට ඒ මේ අතට ලෙල දිදී පත්තු වෙනවලු...
හෙක්..හෙක්.. කොහොමද පවර් ඒක..




කර කියා ගන්න දෙයක් නැතිව පිටි පස්ස හැරිලා බලපු දුමී  දැක්ක දෙයින් සට සට ගාලා වෙව්ලන්න ගත්තලු..  දුමිගේ කෑගැහිල්ලට පස්සෙන් දුවගෙන ආව හත්මුතු පරම්පරාව දත් මිටි කාගෙන දුමිට කිට්ටු වෙන හැටි...
එතනින් එහාට  වෙච්ච දේ ලියන්න ඕනේ වෙන එකක් නැහැ .. පහත පින්තුරය බැලුවම ඒ ගැන වැඩි විස්තර  හිතා ගන්න පුළුවනි..ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ...( පහත රූපය බලන්න )


එදායින්  පසු දුමී සති කිහිපයක් රැකියාවට පැමිණුනේ නැත.. කනේ අභ්‍යන්තරේ ඇතිවී ඇති දරුණු   තුවාල වලට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවූ බව දන්වා ඒවා තිබුණි...තවත් එක් ටැබා ඛේදවාචකයක් ඒ ලෙසින් නිමාවට පත්විය..

21 July 2012

පාසල් මතකයේ අපුරු රචනාව


චමී දෙකේ පන්තියෙන් තුනේ පංතියට පාස් උන අලුත . පාසලේ ගුරුවරු කලේ ඒ .බි .සි .ඩ්.,, කියලා තිබුණු  පංති හතරේ ළමුන්ව කලවම් කර වෙනම පංති හතරක් හදපු එකයි , එහෙම කරන්න ඇත්තේ හැම පන්තියකම සිටින ළමුන් අතර දැන හැදුනුම් කම එකමුතුව වර්ධණය කරන්න වෙන්න ඇති.. නමුත් එකෙන් අමාරුවේ වැටුනේ මාය.. මොකද එතෙක් මා සමග සිටි යාළුවො එකෙක්වත් මම සිටි අලුත් පංතියටම වැටුනේ නැත , එත් කම් නැත පංති භාර ගුරුවරිය ලෙස ලැබුනේ කළු මහත සැර පරුෂ ගුරුවරියෙකි. 

මොනවා කරන්නද දෙනදේ භාර ගන්න එපැයි කියලා හිතාගෙන අන්තිම පේලියේ කොනේම තියෙන ඩේස් එකට ගිහින් වාඩිවෙලා වතුර බෝතලේ පුටුවේ එල්ලලා එහෙම මුලින්ම කරපු වැඩේ පැන්සල් පෙට්ටියෙන් පැන්සල අරගෙන ඩේස් එකේ කොනක පුංචි අකුරින් මගේ නම ලියපු එකයි.  අද ඉදලා මගේ අලුත් වාසස්ථානය මෙතැනයි 

එහෙම හිතාගෙන වැඩි වෙලාවක් නම් ඉන්න ලැබුනේ නැත , පුටුවකුත් පෙරලගෙන කලබලේ වගේ ආව කොල්ලෙක් මට එහා පැත්තේ ඩේස් එකට බැග් එක විසිකරලා මගේ එහා පැත්තේ පුටුවෙම වාඩි උනා . පෙනුමින් අනිත් අයට වඩා උස මහතවූ  මේ කොල්ලා එක්ක මම හිනහ උනත් ඌ මගේ දිහා රවලා බලපු නිසා මම ආයෙත් ඌ දිහා බලන්නවත් ගියේ නැත...

මෙන්න මෙහෙම දවස් කිහිපයක් යනකොට තමයි මට සෙල්ලම තේරෙන්න ගත්තේ.. පංතියේ කරන හැම වැඩක්ම මේ කොල්ලත් කලේ මම කරන විදියටමයි.. ටීචර් ගානක් හදන්න දුන්නත් මු මගේ පොතට එබීගෙන මගේ එකම කොපි කරගෙන ලියාගන්නවා, සමාන පද යා කරන්න දුන්නත් එහෙම්මමයි.. 

 කතා නොකර හිටියත් ටීචර්ට පොත් පෙන්නන්න යන වෙලාවට මේ කොල්ලා මාත් එක්ක කථා කරනවා ,
“ මේ මම  පොත දීලා එනකන් ඔයා යන්න එපා.. ඔයා මට පස්සේ ටීචර්ට පොත පෙන්නන්න යන්න”
එකනම් තර්ජනයක්ද කොහෙද.. එත් මොනවා කරන්නද මුගේ තියෙන මරුමුස් පෙනුමට මමත් සද්ද වහලා ඉදලා , පහුවෙලා ගිහින් පොත පෙන්නනවා..

ඒ ටීචර් පොත් බැලුවෙත් ටිකක් වෙනස් විදියට.  ළමයි පොත් ගෙනෙන පිලිවලට අඩුක් කරගෙන මුල ඉදන් ගෙනාව පිළිවෙලට පොත් පරික්ෂා කරලා පොතේ තියෙන  නම කථා කරලා ලගට ආවම හරි වැරදි කියල ආයෙත් පොත් දෙනවා එහෙම තමයි කලේ..

හොදම සෙල්ලම වෙන්නේ අපිට රචනා ලියන්න පවරන දවස් වලට.. කොහොමත් මම ඒ දවස්වල රචනා ලියන්න ආසයි , පංතියේ ඉන්න අනිත් ළමයින්ට වඩා ඉක්මනින් නිවැරදිව රචනා ලියලා ඉවර කිරීමේ හැකියාවක් මට තිබුනා... 

  එත් සෙල්ලම ඒක නෙමේ. මම රචනාවේ ලියන අකුරක් අකුරක් ගානේ මගේ පොතට එබී එබී මේ කොල්ලත් පොතේ ලියාගන්න ඒක..  මට අකුරක් වැරදිලා මැකුවොත් මූත් මකනේ අරගෙන මකනවා.. මට වැරදිලා පැන්සලෙන් ඉරක් අදුනොත් මූත් ඒ විදියටම ඉරක් ඇදගන්නවා.. කොහොමද කොල්ලගේ තරම.. එහෙම කරලත්  අර සුපුරුදු වාක්‍ය අන්තිමේදී දානවා ..

“ මේ මම පොත තිබ්බට පස්සේ තමයි ඔයා පොත ගිනිහින් තියන්න ඕනේ හරිද ..”

ඔහොම දවසක් දෙකක් යනකොට .අපි  රචනා ලියපු දවසක ටීචර් ළමයි   ඔක්කොටම අවවාදයක් දුන්නා .
ළමයි  තමුන් තනියම වැඩ කරගන්නේ නැතුව . අනිත් අයගේ පොත් වලින් කොපි කරලා එහෙම ලියලා මට අහුවෙන්න එපා .  තනියම ලියන්න දන්නේ නැත්නම් මගෙන් අහන්න ඕනේ..   මෙතන එකම විදියේ රචනාත් තියෙනවා  ආයේ මේ විදියේ වැඩ කරලා කව්රුත් මට අහුවෙන්න එහෙම එපා... එහෙම කියල මගේ දිහත් බලල
"තේරුනාද චමී....   කිව්වා...

එතකොට තමයි මට හැමදේම තේරෙන්න ගත්තේ .. ටීචර් හිතන්නේ කොපිකැට් කරන්නේ මම කියලද කොහෙද?

"තේරුනා ටීචර්.... 
කියල මම අර කොල්ලා දිහා බැලුව. මූත් මගේ දිහා බලලා කින්ඩියට වගේ හිනාවක් දැම්ම..
කොල්ලගේ කපටි වැඩේ මට තේරෙන්න ගත්තේ එතකොටයි .. 

මම පොත පෙන්නන්න යනකොට “ මේ මම පොත තිබ්බට පස්සේ තමයි ඔයා පොත ගිනිහින් තියන්න ඕනේ හරිද “.. කියලා මාව නවත්තලා මට ඉස්සෙල්ලා පොත පෙන්නන්න යන්නේ මේකටයි එහෙනම්.. එතකොට ටීචර් පොත් ගෙනෙන පිළිවෙලට අඩුක් කරගෙන බලන නිසා . ටීචර් හිතන්නේ මුලින් ලියන අයගේ පොත් මුලින් තියෙන්නේ කියලා. මගේ පොත අන්තිම හරියේ තියෙන හින්දා එයා හිතන්නේ මුලින් ගෙනාව පොත බලාගෙන මම ලියාගෙන ගෙනාවා  කියල.. කොහොමද කොල්ලගේ මොලේ. 

මට කොල්ලත් එක්ක ඇතිවුනේ පුදුම තරහක් .. ආයේ රචනාවක් ලියන්න දෙන්නේ නැතා .. එදාට දෙන්නම්කො උබට හොද වැඩක් කියලා හිතාගෙන සද්ද නැතුව හිටියා..

ඔන්න ඔහොම දවසක් දෙකක්  තව සුපුරුදු විදියටම ගෙවිලා ගිහින් මම බලාපොරොත්තු වුනු දවස ආවා රචනා ලියන දවසක්... එදා අම්බානකට වැස්ස නිසාද කොහෙද ටීචර් අපිට කිව්වා..

“ළමයි අද ඔක්කොම වැසි දිනක් ගැන ලස්සන  රචනයක් ලියන්න කියලා.”

එහෙම කියල ටීචර් සාරිය කොනකින් උස්සගෙන එහා පැත්තේ තියෙන පංතිය පැත්තට දිව්වා වැස්සේම..( අනිත් පන්තියට යන්න අඩි 10 විතර මිදුල් කෑල්ලකින්  යන්න ඕනේ. එතනින් යනකොට තෙමෙනවා ) මම ඉතින් ටීචර් යන දිහාත් බලාගෙන ඉදලා රචනාව ලියන්න ගත්තා...

ඔන්න ඉතිං වැසි දිනක් කියලා මාතෘකාව ලොකු අකුරින් ලියලා යටින් ඉරක් ඇන්දා.. මෙන්න බොලේ මගේ එහා පැත්තේ ඉන්න එකත් මම විදියටම වැසිදිනක් කියල ලියලා යටින් ඉරක් ඇදගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.. එතකොටයි මට මතක් උනේ අදනේ මූට ගේමක් දෙන්න හිතාගෙනය උන්නු දවස කියල...
ඔන්න එහෙනම් ලියමු කොලුවෝ රචනා කියලා මමත් ලියන්න පටන් ගත්තා..

වැස්ස දවසට ඉස්කෝලේ එන්න හිතෙන්නේ නැහැ. ගෙදරට වෙලා නිදාගන්නමයි හිතෙන්නේ .. අපේ ටීචර් වැස්ස දවස් වලට සාරිය උස්සගෙන පිස්සුවෙන් වගේ  ඉස්කෝලේ පුරා දුවනවා ,  වැස්සට චු බර හැදෙනවා වැඩි.... ඔන්න ඔහොම මම රචනාවක් ලියනවා.. අපිට එතකොට වයස අවුරුදු 7 ක විතර උනාට මම 7+ ඒවත් ලිව්වා.. ගොඩක්ම ලිව්වේ ටීචර්ට තරහා යයි කියලා හිතෙන විදියේ එව්වා...

ඔන්න මම මෙහෙම ලියනකොට.. එහා පැත්තේ ඉන්න කොලුවත් අකුරෙන් අකුර බල බල.. තමන්ගේ පොතේ මගේ රචනය පිටපත් කරගන්නවා.. එයාට එහෙම බල බල අකුරු අදින්න පුදුම හැකියාවක් තිබුනේ හරි ඉක්මන් ඒ වෙලාවට..

 එත් ඒ ලියවෙන වචනවල තේරුම හිතට ගන්නේ නැහැ.. දවස් කිහිපයක අත්දැකීම් තියෙන නිසා මමත් බය නැතුව රචනය ලියාගෙන ලියාගෙන ගියා..  දැන්  කොලුවත්   මට දෙවෙනි නැහැ ඒ ඉක්මනටම එයත් ලියනවා . මම අකුරක් වැරදිලා මැකුවම එයත් මකනවා.. අයේ ලියනකොට ආයෙමත් ලියනවා...ඒ වෙලාවට බලාන  ඉන්න ආසයි  අකුරෙන් අකුර හරිම කඩිසර විදියට පොතේ පිටපත් කරගන්නා අපුරුව ..

ඔන්න අපේ ටීචර් ආයෙත් පංතියට එනකොට අපි ලියලා ඉවරයි..  කොල්ලා අර පරන වාක්‍ය ආයෙත් මට කිව්වා..

මේ මම පොත තිබ්බට පස්සේ තමයි ඔයා පොත ගිනිහින් තියන්න ඕනේ හරිද ..”

එහෙම කියල පළවෙනියට දෙවෙනියට වගේ මෙයා පොත තියලා එන අතරේ . මම ලියපු කොලේ කඩලා සාක්කුවේ දාගෙන ..
අලුතින් ආයෙත් රචනයක් ලියන්න ගත්තා.. කොල්ලා ඇවිත් බලනවා මම තවම ලියනවා..

“ ඔයා මොකද මේ තවත් ලියන්නේ “

“මගේ අතින් පැන්සල් ඉරක් ඇදිලා මකන්න ගිහින් කොලේ ඉරුනා...

“හ්ම්ම් “

මම ඉතිං පුළුවන් තරම් ඉක්මනට අලුතින් රචනයක් ලියලා , අරගෙන දිව්වා ඒ දවස් වල රචනා ලියන්නෙ පිටු බාගෙකට ටිකක් වැඩි වෙන්න නිසාත් මට ඉක්මනින් ලියන්න පුළුවන් නිසාත් අවුලක් උනේම නැහැ..
එත් කොල්ලගේ මුන ටිකක් හෙද නැහැ මගේ දිහා නිකන් සැකෙන් වගෙත් බලනවා.. මූට මොකක් හරි අවුලක් කියලා තේරෙන්න ඇති..

ටිචර් පොත් පරික්ෂා කරන්න ගත්තා.. දැන් පොත් එක දෙක ළමයින්ට දෙනවා නම් කතාකරලා හරි වැරදි පෙන්නලා දීලා එහෙම.. මේ අතරේ මම බලාගෙන ඉන්නවා කොයි වෙලේද මේ කොල්ලගේ පොත බලන්නේ කියල.. අදනම් ටිචර්ගෙන් හොදවයින් දෙකක් අහ ගන්නේ නැතෑ කොපි කරනවට හොද වැඩේ කියලා හිතාගෙන..

මේ අතර ටීචර්.

“මධුර  කවුද මධුර  මෙහෙ එනවා .........”

කොල්ලත් ඉක්මනට නැගිටලා ටීචර් ගාවට ගිහින් හිටගත්තා ...

“මොනවද මනුස්සයෝ මේ ලියලා තියෙන විකාර ..ඈ....
 එහෙම කියලා මම බලාපොරොත්තු නොවුනු විදියට කොල්ලට පොතෙන්ම පාරවල් දෙක තුනක් ගහගෙන ගහගෙන ගියා. අතිනුත් පිට හරහා පාරක් ගහලා ගිහින් ඉදගන්න කිව්වා..

දැන් කාලේ වගේ එහෙම ළමයින්ට ගැහුවනම් දෙමව්පියෝ පොලිසි යයි.. එහෙම නැත්නම් මග රැකගෙන ඉදලා ගුරුවරයාගේ අතක් පයක් කඩලා දාවී.. එත් ඒ කාලේ එහෙම නැහැදෙමව්පියෝ විසින්  ළමුන්ට ගහලා තරවටු කරලා හරි මාර්ගේ පෙන්වන්න ගුරුවරුන්ට පුර්ණ අයිතිය දීලයි තිබුනේ...
මෙන්න දැන් මේ කොල්ල මගේ ලග පුටුවේ ඉදගෙන බෙරිහන් දීලා අඩනවා . මටත් දැන් හරි දුකයි වෙච්ච වැඩේට තරහට ටීචර්ට කියල බන්නන්න හිතාගෙන එහෙම කලාට මෙහෙම ගහයි කියලා මම හිතුවේ නැහැනේ.. 

ඉතින් මම හිතාගත්තා . අයේ මූ කොපි කලාට කමක් නැහැ කියල.. ඒ වගේම මම මෙයාට ඉකොලේ වැඩ වලට උදව් කරනවා , දන්නේ නැති දෙයක් කියල දෙනවා යාලුවෙක් කරගන්නවා කියලත් හිතුවා..
එත් ...............’’
\/
\/
\/
පාසල ඇරිලා යන දෙවැට පාරේ රැකගෙන සිටි කොල්ලා විසින් මගේ කිරි දන්ත දාතුන් වහන්සේ නමක්  බිමට වැඩම්මවීමේ අනිසංසේ හේතුකරගෙන මම එම භාරදූර වියාපෘතිය අතහැර දැමුවා !!!!!!

14 July 2012

අරුම පුදුම හමුවීමක්


ඔන්න එකමත් එක ගමක තිබුන බාර් එකක .. කන සාක්කුවට දාගන්න ඔන්න මෙන්න සයිස් එකේ කොල්ලෙක් ඉන්නවලු  හිස්  බෝතලයකුත් අතේ තියාගෙන කල්පනා කර කර.. එහෙම ඉන්න කොල්ල දිහාට තවත් කොල්ලෙක් එනවලු  බාගයක් හිස් කරපු බෝතලයකුත් කිහිල්ලේ ගහගෙන  සික්සැක් ක්‍රමේට... ඇවිත් අහනවලු මෙහෙම..

“මචං උබ මොකද නිකන් අප්සෙට් එකේ වගේ.. මේ බෝතලෙන් ටිකක් දෙන්නද? “ කියල
ඉතිං අනිත් එකත් එකට කැමැති වෙලා දැන් දෙන්නම එක මේසෙකට වාඩි වෙලා බොනවලු.. 
ඉතිං මේ අතරේ එකෙක් අනිකගෙන් අහනවලු...

මේ මචං උබ කොහෙද ?

මම ගාල්ලේ “ අනිකා උත්තර දුන්නලු .

යකෝ මමත් ගාල්ලෙනේ .. ගාල්ලේ කොහෙද?

ගාල්ලේ රත්ගම මචං.

පිස්සු හැදෙනවා මමත් රත්ගමනේ බං..

විස්වාස කරන්නත් බැහැනේ බං උබ කොහෙද ඉස්කෝලේ ගියේ..

මම කන්දේ උඩ විද්‍යාලයේ මචං..

දෙය්යන්ට ඔප්පු වෙච්චාවේ මමත් එකේනේ බං 

කොයි කාලේද බං ඉස්කෝලෙන් අවුට් උනේ...
දෙදහේදී මචෝ

මේකනම් හිතාගන්නත් බැහැ මමත් අවුට් උනේ දෙදහදිනේ යකෝ..

මෙන්න මෙහෙම මේ දෙන්නට දෙන්නා හදුනා ගන්නා අතරේ.. බාර් එකේ අයිතිකාරයා වේටර්ගෙන් අහනවා..
"වේටර් කවුද අයිසේ අර අතන ඉදගෙන බෙරිහන් දෙන උන් දෙන්නා..."

වේටර් :-"ගනන් ගන්න එපා සර්,..  අර පහල ලේන් එකේ වංගුවේ ගෙදර නිවුන්නු දෙන්නා අදත් හොදටම බීලා ,

ප .ලි :- මෙයින් ඉගෙන ගතයුතු පාඩම වන්නේ බිව්වට කම් නැත.. මුහුණුවර හරි හැටි හදුනා ගත  ගැකි පමණට පානය කල යුතුය ..හිකිස්‌ ,

10 July 2012

ලොවට කුංෆු සටන් හදුන්වා දුන් දෙමළ ජාතික "බෝධිධර්ම භික්ෂූණ්වහන්සේ"


කුංෆු සටන්කලාව ගැන මං හිතන්නෙ හැමෝම දන්නවා අහල තියෙනවා ඇති  . සටන් කලාවන් ප්‍රගුණ කරන වගේම සටන් කලාවට ආදරය කරන මිනිසුන් විශාල ප්‍රමාණයක් ලෝකය තුල සිටිනවා .. එහෙත් බෝධිධර්ම කියන නම දන්නේ කියෙන් කි දෙනාද .
. ඉන්දියාවෙන් අහල බැලුවොත් සියයට දහයක්වත් ඒ නම දන්නේ නැහැ ..චීනයේ ජනගහනයෙන් සියයට අනුඅටක්ම බෝධිධර්ම අදුනනව.. ඔහුට ගරු කරනවා කොතෙක් ගරු බුහුමන් දක්වනවද කිවහොත් බුදු කෙනෙක්  විදියටම බෝධිධර්මයන්ව  අදහනවා   එහෙත් විස්වාස කරන්න බෝධි ධර්මයන් යනු චීන ජාතිකයෙක් නොව ඉන්දියන් ජාතික දමිලයෙකි.

මේ  තිබෙන්නේ චීනයේ ඉදිකර ඇති එතුමන්ගේ විශාල ප්‍රතිමා

චීන්නු ඇයි දමිලයෙක්ට මේ තරම් ගරු බුහුමන් දක්වන්නේ . අද චීනය ලෝකයේ දියුණුම රටක් ඒ තත්වයට පත්වීමට ධර්මබෝධි දායකත්වය බලපානවා යැයි ඔවුන් සිතනවා..

සෙන් දහම චීනයට ඉගැන්වුයේ ඔහුයි .. සෙන් දහම ව්‍යාප්ත කිරීමට චීනයට වැඩම කල ඔහුගෙන් චීන ජාතිකයන් ඉගෙන ගත්තේ සෙන් දහම පමණක්ම නොව.. ෆෙන්ෂුයි, වෙදකම , සටන්කලාව , ඒ අතරිනුත් චීන සටන් යනුවෙන් හදුන්වන කුංෆු සටන් කලාව ප්‍රමුක ස්ථානයක් ගන්නවා.

මේ සම්බන්ධව විස්තර තිබෙනවා දමිල චිත්‍ර පටයක්වන 7 Aum Arivu (2011) කියන චිත්‍ර පටයෙ.. මුල් කොටස් කිහිපයේ . එහෙත් මේ ලියන්නේ චිත්‍රපට කතාව නොව . ඔහු සම්බන්දයෙන් සෙවූ තොරතුරු වල සත්‍ය යැයි හැගුනු  තොරතුරු පමණි .

ඉන්දියාවේ මදුරාසියෙ ප්‍රාදේශීය  රජෙකුගේ  3 වෙනි පුතා  විදිහටය "බෝධිතර “ “ කුමාරයා මෙලොව එලිය දකිනවා  වයස අවුරුදු හතක  කාලෙදිම බෝධිතර   කුමාරයා බුදුදහම ගැන පැහැදෙනවා.

"
බෝධිධර්මවිදිහට ප්‍රක්ඥතර   කියන ගුරුවරයා යටතේ බුදුදහම හදාරන්න පෙලඹෙන්නෙ ඒනිසාමයි.
ප්‍රක්ඥතර මේ බලවත් පිංවත් කුමාරය ගැන පෙරනිමිත්තක් දකිනවා තමයි කවදහරි මේ කුමාරය මුළු චීනයේ ම වැදුම් පිදුම් ලබන තැනකට එනව කියන එක

 
රජකුමාරයෙක් විදිහට මොහු සටන් කලාව වගේම වෙදකම ඉතාමත් දක්ශ විදිහට ප්‍රගුණ කරනවා
 තමන්ගෙ ගුරුවරයාගෙ මරණින් පස්සෙ බෝධිධර්ම චීනෙට යන්න පිටත්වෙනවා.ගුරු වරයාගේ අවසන් ඉල්ලීම ලෙස චීනයේ ධර්මය ප්‍රචාරය කිරීමට  
 
ක්‍රි..525 දී  පමණ  හිමිනමක් වූ උන්වහන්සේ සෙන් දහම ඉගැන්වීමට චීනයට වැඩම කරනවා   (පාගමනින් හෝ මුහුදු  ගමනකින් ගිය  බව යම් තැන් වල සදහන් වුවත් , ඒම අවදියේ දමිළ රජවරුන් අසුන් පිට ගමන් කල බැවින් අසුන්  යොදාගත් බව සිතිය හැක ) ඉන්දියාවෙ ඉඳත් චීනෙට යන එක ඉතා අමාරු දුශ්කර වගේම අවදානම් ගමනක් උනා.

වසර කිහිපයක ගමනකින් පසු අවසානයේ උන්වහන්සේ අහම්බෙන්  හොනාන් පළාතේ ආරාමයකට වැඩම කරනවා. එවකට චීනයේ යම් තරමක සෙන් දහම තිබුනත් ඔවුන් නිවැරදි වත් පිළිවෙත් දැනගෙන සිටියේ නැහැ .. 

බෝධි ධර්මයන් ඔවුන් වෙත ආවත් ඔවුන් ඔහුව පිළිගන්නේ නැහැ.. ඔහුව පලවා හරිනවා. ඒම කාලයේ ඒ ප්‍රදේශයට වසංගත රෝගයක් ඇවිත් සිය ගණනක් මිනිසුන් මියැදෙන්න පටන් ගන්නවා.. මේ මොහොතේ බෝධිධර්මයන් නැවත පැමිණෙනවා . අති දක්‍ෂ වද්‍යා වරයෙක් වූ මොහු ඒ මොහොතේ ඔවුන්ට පිහිට වෙනවා .
මරණය දකිමින් සිටි දහස් ගණන් මිනිසුන් ඔහුගේ වෙද කමින් බේර ගන්නවා.. අදටත් චීනයේ පාරම්පරික වෙදකම ලෙස සලකන්නේ මොහුගෙන් උගත් සාස්තරයේ කොටස් බව සැලකෙනවා..

එතැන් පටන් මොහු කෙරෙහි පැහැදෙන චීන ජනයා , මොහුගෙන් සෙන් දහම , වෙද කම වගේම , කෙම් ක්‍රම , යෝග ක්‍රම යන නොයෙකුත් දේ  මොහුගෙන් ප්‍රගුණ කරනවා.. 

ඇති දක්‍ෂ සටන් කරුවකු වන බෝදිධර්මයන්ට භාවනා ක්‍රම මගින් ලබාගත්  විස්වාස කල නොහැකි විශාල බලයක් තිබු බව පැවසෙනවා  , තව කෙනෙක්ගේ මනස පාලනය කිරීමේ හැකියාව , අග්නි , වායු , සහ  සොබාදහම  ඔහුගේ බලයට නතු කිරීමේ හැකියාව වැනි විශේෂ හැකියාවන් ඔහුට තිබී තියෙනවා . 

වරින් වර ඔහු සිටි ප්‍රදේශයට එල්ලවූ බලවත් සතුරු ප්‍රහාර වලදී .. තනිවම සටන් කර චීන ගම්මානය බේරාගත් බෝධිධරයන්ගෙන් ඒම අපුරු සටන් කලාව ඔවුන්ටත් උගන්වන ලෙස චීනයේ ජනතාව ඉල්ලා සිටිනවා...
එතැන් සිට  ධර්මය උගන්වන ගමන්ම භාවනාවත් යෝගක්‍රම  සහ සටන් ආරාමය තුලම උගැන්වීම ඇරබෙනවා..


 කවුරුත් දන්නා ශාඔලින් ආරම වල මුල් ආරම්භය සිදුවන්නේ එලෙසයි .. අදටත් චීනයේ දක්‍ෂ සටන් කරුවන් බිහිවන්නේ ශාඔලින් ආරාම තුළිනුයි... කුංෆු සටන් කලාවේ මුලාරම්භය එයයි . ශාඔලින් ආරාම වල භික්ෂූන් අදටත් බෝධිදර්ම හිමියන්ට වන්දනාමාන කරනවා..
මොහු වසර එකසිය පනහක් පමන කාලයක් ජීවත්වූ බව පැවසෙනවා . අවසන් කාලයේ නැවතත් බෝධිදර්මයන්ට තම මවු රටට යාමට ආසාවක් ඇතිවෙනවා .. ඒ බව  ඔහු  ආරම මුලිකයන්ට පවසනවා . ඒත් ඔවුන් එයට කැමැති වෙන්නේ නැහැ.. 

මේ අසම සම පුද්ගලයා පැමිණි පසු තම රටේ සිදුවූ අසම සම වෙනස ගැන සිතු මොවුන් . ඒය බෝධිධර්මයන්ගේ විශේෂ බලයක් නිසා සිදුවූ බව විස්වාස කරනවා.. කවදා හෝ බෝධි  ධර්ම මිය ගිය පසු ඔහුගේ දේහය චීනයේම මිහිදන් කලොත් ඒ බලය දිගටම චීනයේ තියේවි යැයි ඔවුන් සිතනවා .. 

එබැවින් ඔවුන් බෝධිධර්ම භික්ෂුවගේ ආහාරයට   විෂ මිශ්‍ර  කර පිළිගන්වනවා.. එහෙත් බෝධිධර්මයන්ට තේරෙනවා ඒම ආහාරවලට විෂමිශ්‍ර කර ඇති බව.. ඔහු කිසිත් නොකියා ඒම ආහාරය පිලිගන්නවා.. අවසානයේ ඔහු මියගිය පසු ඔහුගේ දේහය චිනයේම මිහිදන් කරනවා..

අදටත් චීන වැසියන් බෝධිධර්ම භික්ෂුව දේවත්වයෙන් අදහනවා.. චීනයේ බොහෝ ආරාම වල ඔහුගේ විශාල ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා...
 

09 July 2012

ගිටාරය ඉගෙනගමු _05



අපි අද MINOR CHORD ඉගෙන ගනිමු. 
ප්‍රධාන minor chord 7 පහතින් දක්වා ඇත..



මේ අකාරයට මුලික minor chord 7ක් හදුන්වා දිය හැක. ඒ හැම minor chord එකකටම නියමිත ස්වර පහත chartඑකෙන් බලාගන්න පුලුවන්.. Minor chord එකක් සදහා සෑම අවස්ථාවකමදීම සිදුවිය යුත්තේ සංගීත භණ්ඩයෙන් අදාලnote 3 වාදනය වීමයී. පහත වගුව බලන්න...
NOTE CHART OF MINOR CHORDS





7th CHORDS

මේ ආකරයට මූලික 7 th CHORDS 12 ක් හදුන්වා දිය හැක..මෙම 7th Chord 12 ටම( #, b) ඇතුළුව) නියමිත ස්වරයන් පහත වගුවෙන් බලා ගත හැක..




හොදයි එහෙනම් මම මෙතෙක් දුරට lesson කරගෙන ආව ආකාරයටම ඔයලත් practice කලානම් දැන් ඔයලට major minor & 7thchors වර්ග 3 ම.. වාදනය කිරිමට යම් තරමකින් හො හැකියවක් ලැබී තිබිය යුතුයී..ඒ වගෙම මම major chords change කරන්න practice කරන්න ex. එකක් කියලා දුන්නා . ඒ විදීයට කලානම් දැන් major chords change එකත් පුලුවන් වෙන්න ඕන..
දැන් අපි major , minor & 7 th chord 3න් වර්ගයම ඉගෙන ගෙන තිබෙන නිසා.. මේ අකාරයට chord changeකරන්න practice කරමු...

මුලින්මඑකනිවැරදිවඅල්ලාවිනාඩ්3ක්පමනවදනයකරන්නප්රථමයෙන්වාදනයසදහා3/4රීද්මයයොදාගැනිමසුදුසුයිදෙවනුවවාදනයකරන්න..ඊටපසුG7th එකටමරුකරන්න.ඊටපසු Amඑකටමරුකරන්න….එහෙමඑහෙමchords 4 change කරකරදීගටමපුහුනුවන්න.. 3/4 Beat එකෙන්ම...ඊටපසුD G , A7th & Bm ඊටපසුE ,A, B7th &C#m ඊටපසුF ,Bb, C7th & Dm ඊටපසුG ,C,D7th &Em ඊටපසුA ,D, E7th&F#m ඊටපසුB , E ,F#7th & Abm ඔහෝමපුහුනුවන්න..මෙමමාරුවඉතාමත්අඩුකාලඅන්තරයකදිකලහැකිවනසේපුහුණුවියයුතුය.. මෙයඉවසිමෙන්යුතුවබොහෝකාලයක්තිස්සේකැපවිමෙන්කළයුතුකර්යයකි

මම මෙම ආකාරයට chords change කරන්න කියලා දෙන්නෙ..බොහෙමයක් ගීත සදහා chords මාරූ වෙන්නෙ මෙමආකරයට නිසයි..මෙම ආකරයට ඉක්මනින් change කරමින් රීද්මයද එම ආකරයටම පවත්වා ගත හැකිනම්..ගීත වාදනය ඒ තරම් අසීරු දෙයක් නොවනු ඇත..( chords book බලාගෙන..)


02 July 2012

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා (සුපිරි තරුවකගේ කථාවක්)

 මා සිත් ගත් අග්‍රගණ්‍යයේ පුද්ගලයෙකුගේ  ජිවිතයේ  එක් පැතිකඩක් සම්බන්දයෙන් මා සෙවූ සහ ඇසු තොරතුරු සමගින් සකස්  කල ලිපියකි.


සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත ..  කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය .  එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ  පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...

ඔහුගේ  දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු  සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේය.. ඒ මෙන්ම  තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත්  ගියේ නැත 

පැදුරු සජ්ජයක්‌ පැවැත්වෙන දිනක ඇය ..  උඩුමහලේ බැල්කනියට වී හුදකලාව  සිටි අතර   නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක්  ව්සින් ගායනා කල  මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්‍රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය තවත් මියුරු හින්දි ගීත කිහිපයක් ඒක දිගටම ගයනා කලේය  .. ඔහුගේ මියුරු හඩ ඇගේ සිත් ගත් අතර ඇය එම හඩට ප්‍රිය කලාය..

එදා සිට ඇය එම හඩ ඇසෙන දින වලට . සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවී සිටියේය . එහෙත් තවම ඇය ඔහුගේ රුව දැක නැත.. දිනක් ඇයට මේම ලයාන්විත කටහඩක් හිමි පුද්ගලයා කව්දැයි බැලීමට ආශාවක් ඇතිවිය..  ඔහු ගීතයක් ගයන විට උඩු මහලේ සිට සාජ්ජය දෙස බැලුවේ ඔහු කව්දැයි දැක ගැනීමේ ආශාවෙනි...

දෑස් පියාගෙන දැහැනට සමවැදුනු  අයුරින් ගයනා කරන . කොණ්ඩය පොකුටු සුදු උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි විය . ඔහුගේ රුවද ඇයගේ සිත් ගත්තේය .. එදා සිට ඇය එම හඩටද හඩ හිමි තරුණයාටද සිතින් පෙම්  කිරීම්ට පෙලබුනි .. ඔහු ගී ගයන සැම දිනකම උඩු මහලේ සිට ඔහු දෙස බලාගෙන සිටීම ඇයගේ පුරුද්දක් වී තිබුණි .

දිනක් ගයනා කරන විට අහම්බෙකින් ඔහුට ඇයව දැක ගැනීමට හැකිවිය .  තමන් දෙස දැඩි උවමනාවෙන් බලා සිටින රුවැත්තිය දෙස ඔහුත් බැලුවේය . දෙදෙනාගේම සිව් නෙත් එකට යාවුනි . ඇය සිනාසුනි ඔහුත් පෙරලා ඇයට සිනාසුනි ඒ නෙත් වල සංසාරගත බැදීමක් ඔහු දකින්නට ඇත .. එත් ඈ කාගේ කව්දැයි ඔහු නොදනී...

“ මේ වගේ දිනක් නෑ එන්නේ - ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ...
පෑ රිදී සිනා කැන් ඒ දෑසේ - මා සිතින් මැකිලා යා නොවේ ....”

එදා සිට පැදුරු සාජ්ජ පැවැත්වෙන සැම දිනකම  ඔවුන් දෙදෙනා නෙත් වලින් කථා කලෙය .සිතින් දෙදෙනාම දෙදෙනාට ආදරය කළේය . තවත් මෙය සිත තුල සිරකරගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දැන්වූයේය.. එහෙත් තරුණයා එය පිළිගැනීමට බිය විය  . එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය .  තමා වැනි දුප්පත් තරුණයෙක්ට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.

එහෙත් අවසානයේ ඇය ජය ගත්තාය .. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට ඔහුට සිදු විය . කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු විය.. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු විය..

“දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් ....
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ......................”

දෙදෙනාගේ ප්‍රේමය කාටත් රහසේ බොහෝ කාලයක් දළුලා වැඩුනි.. එහෙත් වැඩි කාලයක් ලොවට රහසේ මෙම පෙම් පලහිලව්ව පවත්වාගෙන යාමට දෙදෙනාට හැකියාවක් ලැබුනේ නැත.. ආදරයත්  කැස්සත්  වසන් කල නොහැකියි යන  කියමන සනාථ කරමින් ඔවුන්ගේ රහස පියාට  දැනගැනීමට ලැබුණි ..
මෙය දැනගත් විට මුදලාලි යක්‍ෂාවේශ විය.. ඔහු දෙදෙනාටම නවත්වන ලෙස තදින් අවවාද කළේය.. මෙය නතර කිරීමට ඔහු නොගත් උත්සහයක් නැත.. ඔහු දියණියට නිවසින් එලියට යාම පවා තහනම් කළේය.. එහෙත් ඔවුන් දෙදෙනාගේ සිත් වල ඇති ප්‍රේමය තහනම් කිරීමට පියා  අපොහොසත්ය..

“මගේ පාලු ලෝකයේ තනිවූ මේම ... සක්විති රජුන් හමුවේ නැත හිසනම ..
සිතුවිලි මගේ හසුරා ගතහැක නමා .. මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ..”

මේ සම්බන්දයෙන් මුදලාලි ගත් සියළු පියවර අසාර්ථක විය . තරුණයාට කොයි තරම් අවවාද කලත් තර්ජනය කලත් පලක් නොවුනි .. අවසානයේ දියණිය කාමරයේ සිරකළ අතර ..  පැදුරු සාජ්ජ කණ්ඩායම සමග නිවසට එන මේම තරුණයාට නැවත නිවසට ඒම තහනම් විය.. එදා සිට ඔහුට සුවිසල් මැදුරේ දොර වැසුනි..

“ මැදුරේ දොරගුළු ලු නියා ... අදුරේ මා තනිවූ නියා...
මට සිහිවෙනවා .. මේ දැන් වාගේ නෑ මා  හැඩුවේ එදා...
රන්මසු නැහැ කියා මා දිලිදුයි කියා  කිවා....මට තව මතකයි ඒවා ...”

තමන්ගේ දුප්පත් කම නිසා මුදලාලි මෙම සම්බන්දයට කැමැති නොවන බව ඔහුට වැටහුනි.. එහෙත් කිසි දිනෙක ඇයව අමතක කිරීමේ හැකියාවක් ඔහුට නැත..

මේ අතර පියා ඔහුට හැකි උපරිමයෙන් ක්‍රියා කලත් දෙදෙනාගේ සිත් වෙනස් කිරීමට ඔහුට නොහැකි වීය.. සියලු වෑයම් අසාර්ථකවී හෙම්බත්වී සිටි මොහුට .. අමුතුම උපායක් කල්පනාවිය. එතැන් පටන්  ඔහු ක්‍රියා කලේ වෙනස් ආකාරයකටය . මෙතුවක් ක්‍රියා කල ආකාරය සහමුලින්ම කණපිට පෙරලුනා වැනිය.. නැවතත් සංගීත කණ්ඩායම සමග තරුණයාට නිවසට ඒමට අවසර ලැබුණි .. මෙතෙක් නිවාස අඩස්සියේ සිටි තරුණියට ද ක්‍රම ක්‍රමයෙන් තම සුපුරුදු නිදහස බුක්ති විදිමටද අවකාශය ලැබුණි..

මෙයින් උපරිම ප්‍රයෝජන ගත් පෙම්වතුන් නැවතත් ප්‍රේමයෙන් වෙලුනි මෙතෙක්  ඔවුන්ට තිබු එකම බාදකයත් තුරන්වී ඇති බැවින් දැන් ඔවුන්ට බිය වීමට කිසිම හේතුවක් නැත ..  මේ අතර පියා මොවුන් දෙපලට ගේ එක්වීමට තමන්ගේ අකමැත්තක් නැති බව ප්‍රකාශ කලේය ..

 එහෙත් තරුණයාට පියාගේ පොරොන්දුවකට යටත් වීමට සිදුවිය . තරුණයත් ඔවුන්ගේ මට්ටමට සමාන තරමක පොහොසතෙකු වීය යුතු බවත් පැවසූ පියා එතෙර රටක රැකියාවක් ඔහුට සොයාදී එහි පිටත් කළේය ..  නැවතත් වසර කිහිපයකින් සිය රටට පැමිණි පසු විවාහය සිදු කර දෙන බව පැවසුවේය  .. දෙමාපිය අසිර්වාදය ඇතිව එක් වීමට ලැබීම බග්‍යක් ලෙස සිතු දෙදෙනා එයට කැමැති වීය .. නැවත සිය රටට පැමිණ ඇයගේ අත ගැනීමේ බලාපොරොත්තුව ඔහු වෙනත් රටකට යාමට ගුවන්තොටුපොළ බලා පිටත්විය ...

“ඒදා රැ ගුවන්තොටු පොලේදි මා ...
වෙන්වී ගියේ..... සිතකින් නොවේ ......’

දුරු රටක තනිවී සිටියත් ඔහු එය සතුටින් විද ගත්තේ . සියලු දුක් දොම්නස් විදින්නේ ඇය නිසා බව සිතමිනි.. එම කාලයේ පණිවිඩ යැවීමේ  ප්‍රධානම ක්‍රමය වුයේ ලිපි මාර්ගයෙනි ඔහු ඉඩ ලැබෙන සැම විටම ඇයට ලිපි ලීවේය .. ඇයගෙන් ලිපි එනතුරු මග බැලුවේය ..  එහිදී ඔහුගේ එකම සතුට වුයේ ඇය සිහි කරමින් ලිපි ලිවීමයි..

“ මධු මල ලෙස මුදු මගේ ප්‍රියදර මිහිරාවිය වෙතටයි ...
ඔබ සිහි කර කර ..ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි ....


එහෙත් වැඩි කාලයක් දෙදෙනාට ලිපි ගනුදෙනුව කිරීමට ඉඩ ලැබුනේ නැත . පියා ඒ වන විට ඔහුගේ සැලැස්ම ක්‍රියාවට නංවමින් සිටියේය .. ඔහු දියණියගේ නමට  එන  ලිපි ඇයට ලැබෙන ඒක වැළකුවේය.. එමෙන්ම ඇය විසින් තැපැල් කරන ලිපි ඔහුට නොයන ලෙස ඔහුගේ බලපුලුවන් කාරකම් ප්‍රයෝජනයට ගනිමින් වැළකුවේය..


කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව අසරණව සිටින දියණියගේ සිතට විසබීජ දැමීමට පියා පටන් ගත්තේ එතැන් සිටය.. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය .දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්‍රයෝජන ගන්න සිතු . පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය .. දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින තරුණිය එම යෝජනාවට කැමැති වීය... බලන්න පිවිතුරු ආදරයක් දෙකඩ කරමින් මුලාව ජයගත් අපුරුව...


මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි  විවාහවීමට යන බවයි .. මෙයින් දැඩි දුකට පත්  තරුණයාට කල හැකි කිසි දෙයක් නැත .. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බල යාමටද ඔහුට හැකියාවක් නොමැත .. ඉතාමත් දුක්බිත වූ තරුණයාට කළහැකි එකමදේ සිතින් ඇයට සුභ පැතීම පමණි....

“අදහෙට ඔබ මා අතහැර යනබව දැනගන්නට ලැබුනා  -  රහසින් මට ඇසුණා..
ඔබ රවටා නැත .. ඔබ හඩවා නැත ...
දැන දැන මා නම් වැරදිකරේ නැත ...
ඔබ ගැන මට පුදුමයි .....
වෙනසක තතු නොහැගෙයි....


එයිට කාලයකට පසු ඔහු නැවත මව් රටට පැමිණියත් ඒ වනවිට ඔහුගේ පෙම්වතිය විවාහවී අවසානය...  එහෙත් දිනක් දෙදෙනා අහම්බෙන් මුණ ගැසී කතා කරනවිට තමයි ඔවුන් දෙදෙනාටම වැටහෙන්නේ පියා තමන්ව මුලා කර ඔහුගේ අදහස ඉටු කරගත් වහ... එහෙත් දැන් ඔවුන්ට කල හැකි යමක් නැත දුක දරාගෙන වෙන්වීම හැරෙන්නට ඇය දැන් විවාහකය ..

“අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැද ඇත ලොව සතර දෙසින් ...
එනමුදු උපදින හැම බවයකදිම මම ඔබ හිමිකර ගනිමි ලදේ ...

පසුව ඔහු ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙනවා .. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා .. එහෙත්  ප්‍රථම ප්‍රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත්   එම නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා... ඒ මෙන්ම  ඔහු ගයනා කල ගීතවල ඔහු විදි විරහව කැටිවී තිබෙනවා හරිම අපුරුවට..

අවසානයේ මේ අග්‍රගණයේ පුද්ගයා අසනීපවී මිය යනවා.. එයත් හරි අපුරු සිදුවීමක් විදියට  මක්නිසාදයත්  ඔහු මියයන්නේ ඔහු පනමෙන් ආදරය කර ඔහුට හිමිකර ගැනීමට නොහැකිවූ පෙම්වතියට අයිති නවලෝක රෝහලේ රෝහල් කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීම වීමයි ..


මරු කතරේ මිනිස්‌ පුරේ
කොතැනක වේවා
මෙතේ බුදුන් පාමුල ඔබ
නෙළුමක්‌ වේවා
.....

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...