27 October 2012

ගිටාරය ඉගෙනගමු _07



MAJOR CHORD එකකට අනුයාත MINOR CHORD එක_
සෑම major chord එකකටම අනුයත වන සම්මත Minor chord එකක් ඇත. යම් කිසි ගීතයක් major chord එකකින් පටන් ගත් විට එම ගීතයේ Dminant & sub Dominant chord වලට අමතරව අවශ්‍ය වුවහොත් වාදනය කීරිමට minor chordඑකක් ද ඇත.

උදාහරණ(1), c major chord එකට අනුයත minor chord එක Am වේ.
උදාහරණ(2), F major chord එකට අනුයත minor chord එක Dm වේ.
ගීතයක major chord එකකට අනුයත minor chord එකක් තිබුනද ඇතැ ගීත සදහා වෙනත් minor chords ද තිබෙන්නට පුලුවන.






Minor chord එකක සංරචක
minor chord එකකින් ගීතයක් පටන් ගත් විට එයට අදාලව ගීතයේ ඇතුලත් විය හැකි තවත් chord 2 ක් ඇතමේවා Minor chord එකක සංරචක ලෙස හැදින්වේ.
Example (1):- Cm හී සංරචක G7 & Fm වේ.
එනම් අපි ගීතයක් Cm වලින් පටන් ගත් විට එහි Fm හා G7th බොහෝ දුරට පවතීඇතැම් ගීත සදහා Cm & Fm පමනක් තීබෙන්නට පුළුවනඑසේම යම් ගීතයක් Cm එකෙන් පටන් ගත් විට ඉහත සරල සබදතාවයෙන් බැහැරව යන අවස්ථා ද තිබෙන්නට පුළුවන.

මෙලෙස සෑම එකකටම සරල සබදතවයක් ඇති සංරචක 2ක් පවතී.



Major chord එකක සංරචක හදුන්වා දීමෙදි TONIC, DOMINANT & SUB DOMINANT යන ආකරයෙන් සංරචක හැදුන්වූවාඉහත වගුව හොදින් බලන විට එම සම්බන්ධතාව ඉහත අවස්ථාවේදී TONIC , & SUB DOMINANT chord MINOR chord වී ඇතී බව පෙනෙනු ඇතDominant එක වෙනස් නොවී එසේම පවතී.

13 October 2012

වෙස් මුහුණු නැටුම සහ සැමියාගේ හොර ඇල්ලීම .



බටහිර රටවල තියෙනවා එක විශේෂ උත්සව වර්ගයක්. ඒකට කියන්නේ හැලොවින් පාටි කියලා. ඒ පාටිවලට එන අය සැරසිලා ඉන්නේ එයාලාගේ ඇත්ත ස්වරූපය අනික් අයට නොපෙනෙන විදිහට. ඒ කියන්නේ හරියට විකට ඇඳුම් තරඟයකට යද්දී අපි වෙනත් අය වගේ වෙස්වලා ගන්නේ. එහෙම තමයි මේ උත්සවයට යන්න ඕන.
ඒ ඇඳ ගෙන යන ඇඳුම් පැළඳුම් සහ වෙස්මූණුවලට කියන්නේ හැලොවින් ඇඳුම් කියලා. තවත් සරලව කියනවා නම් ෆේස්බුක් එකේ සමහරු ඉන්නවා නේද බොරු PROFILE (FAKE PROFILE)  හදාගෙන. එයාලා කොච්චර චණ්ඩිද කියනවා නම් පවතින ක්‍රමය පෙරළන්න හදනවා, නිදහස් ලිංගිකත්වය ගැන ලොකු කතා කියනවා, විප්ලව කරනවා, ජනාධිපතිට පවා අභියෝග කරනවා. ඒත් පස්සෙ බලාගෙන යනකොට මේ කට්ටිය ඔක්කොම පෙනී සිටින්නේ බොරු නම්වලින්.
 ඇත්තටම එහෙම කට්ටියක් නැහැ. වෙනත් කාගේ හෝ නමකින් තමයි පෙනී සිටින්නේ. ඉතින් එයාලා කරන කියන දේවල් කොයි තරම් සමාජ ව්‍යසනකාරී වුණත් ඒවායේ වගකීම භාර ගන්න ඇත්තටම කෙනෙක් නැහැ.
ඔන්න යුරෝපයේ එක නගරයක ජීවත් වුණ තරුණ යුවලක් තීරණය කළා හැලොවීන් පාටියට යන්න. බිරිඳ ජේන්, සැමියා ඔස්ටින්. ඔස්ටින් හැම වෙලාවෙම කාර්ය බහුල නිසා ජේන් තනියම සාප්පු ගිහින් දෙන්නාටම අඳින්න හැලොවින් ඇඳුම් කට්ටල දෙකක් මිලට අරගෙන ඇවිත් ඔස්ටින්ගේ ඇඳුම් කට්ටලය එයාගේ කන්තෝරු කාමරයෙන් තිබ්බා. ජේන්ගේ ඇඳුම් කට්ටලය එයා ඇඳුම් අල්මාරියට දැම්මා. කලින්ම දැක්කම අගය අඩු වෙන හින්දා වෙන්න ඇති.
ඒත් ටිකක් හවස් වෙනකොට ජේන්ට තද හිසේ කැක්කුමක් හැදුණා. ඒ නිසා හැලොවින් පාටියට යන එක හිතින් අත් ඇරලා දාපු ජේන් ඇස්ප්‍රීන් පෙත්තක් බීලා නිදා ගත්තා. ඒත් එයා ඔස්ටින්ට කිව්වා පාටියට ගිහින් ටිකක් විනෝද වෙන්න කියලා. ඒ වුණාට ජේන්ගේ සැමියා ඒකට කැමති වුණේම නැහැ. එයා එක හෙළා කියා සිටියා ජේන් නැතුව මේ පාටියට යන්නේ නැහැ කියලා.
 ඒත් ජේන් දිගටම කිව්වේ එයාට ටිකක් නිදහසේ නිදාගන්න ඕන නිසා ඔස්ටින්ට තනියම පාටියට යන්න කියලා.
අපේ ගොඩාක් ස්වාමිපුරුෂයෝ වගේ බිරිඳ වෙනුවෙන් කැපවුණු බොහොම කීකරු සැමියෙක් තමයි ඔස්ටින්. ඉතින් අන්තිමේදි එයා බොහොම කනගාටුවෙන් තනියම හැලොවින් පාටියට යන්න සූදානම් වුණා. ජේන් කලින්ම ඔස්ටින්ගේ ඇඳුම කන්තෝරු කාමරයෙන් තියලා තිබුණනේ. ඒකත් ඇඳගෙන ඔස්ටින් ජේන්ගේ නළලත් ඉඹලා පාටියට යන්න පිටත් වුණා.
මේ විදිහට පැය එක හමාරක් විතර යනකොට ඇස්ප්‍රීන් පෙත්තේ බලයෙන් ජේන්ගේ හිසේ කැක්කුම අඩු වෙලා ගිහින් එයා කලින් වගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් නැගිට්ටා.
ඉතින් පාටිය තව ගොඩක් වෙලා තියෙන නිසා ජේන්ට හිතුණා තමන් නැති වෙලාවට සැමියා මොනවද කරන්නේ කියලා බලන්නත් එක්ක හැලොවින් ඇඳුමත් ඇඳගෙන පාටියට යන්න. ජේන් ඔස්ටින්ගේ ඇඳුම දැක්කට ඔස්ටින් ජේන්ගේ ඇඳුම දැක්කේ නැති නිසා තමන්ගේ බිරිඳව අඳුර ගන්න ඔස්ටින්ට බැහැනේ.
ඔන්න දැන් ජේන් හැලොවින් ඇඳුමත් ඇඳගෙන පාටියට ගියා. ගිහින් ටිකක් ඇහැ කරකවලා බැලුවා ඔස්ටින් ඉන්නේ කොහෙද කියලා. මෙන්න බොලේ ඔස්ටින් වටේ මුළු පාටියේම කෙල්ලෝ වට වෙලා. ඔස්ටින් ඒ හැම ගැහැනු ළමයෙක් එක්කම හරි හරියට නටනවා.
 නටන අතරේ සමහර අයගේ පස්සටත් පොඩි තට්ටුවක් එහෙම දානවා. ජේන්ට මේක දැකලා හොඳටම තරහා ගියා. ඒත් ඉතින් තරහ අරන් බැහැනේ. ඔස්ටින්ගේ වැඩ කිඩ තව දැන ගන්නත් එපැයි. ඒ නිසා ජේන් ටිකක් ඇඟ පත එහෙම ගස්සලා අඹරලා ඔස්ටින්ට පේන හරියකට ගිහින් නටන්න පටන් ගත්තා.

 කෙල්ලෝ වට කරගෙන නට නටා හිටිය ඔස්ටින් ජේන්ගේ මේ වසඟකාරී නැටුම දැක්කා. දැකලා එච්චර වෙලා එයා එක්ක නට නටා හිටිය කෙල්ලෝ ටික අතෑරලා ජේන්ට කිට්ටු කළා.

ඔස්ටින් දන්නේ නැහැනෙ මේ ජේන් කියලා.
දැන් දෙන්නා එක්ක හොඳට නටනවා. සාමාන්‍යයෙන් තමන් එක්ක නටන ඩාන්සින් පාට්නර්ව අනවශ්‍ය විදිහට අත පත ගාන්න බැරි වුණත් ටිකකින් ඔස්ටින් ජේන්ගේ ඇඟපත එහෙමත් අල්ලන්න පටන් ගත්තා. ඒත් ජේන් ඒකට විරෝධයක් පාන්න ගියේ නැහැ. මොකද ඉතින් තමන්ගෙම සැමියනේ, අනික එයා ඊළඟට මොකක්ද කරන්නේ කියලා ජේන්ට බලා ගන්නත් ඕනනේ.
මෙහෙම නට නටා ඉන්න අතරේ ටික වෙලාවකින් ඔස්ටින් ජේන්ගේ කනට කොඳුරලා පොඩි යෝජනාවක් කළා. ජේනුත් ඒකට කැමති වුණා. ඊට පස්සේ දෙන්නාම ඩාන්සින් ෆ්ලෝර් එකෙන් ඈතට ගිහින් ගා(ර්)ඩ්න් එකේ තරමක් අඳුරු පැත්තකට ගිහින් නොපෙනී ගියා. හැබැයි තාමත් දෙන්නම ඉන්නේ වෙස් මුහුණු දාගෙන.

කාර්යය අවසානයේ පැය බාගෙකින් විතර දෙන්නම ආයෙත් ඩාන්සින් ෆ්ලෝර් එකට ආවා.
සාමාන්‍යයෙන් රෑ 12 ට මේ හැලොවින් පාටිවල නටන අය තමන් දාගෙන ඉන්න වෙස් මුහුණු (UNMASK)  ගලවලා තමන් කවුද කියලා අනිත් අයට හඳුන්වලා දෙන්න ඕන. ඒත් රාත්‍රී 12 වෙන්න කලින් ඔස්ටින්ගෙන් ගැලවුණු ජේන් වේගයෙන් නිවස බලා ඇවිත් ඇඳුම් මාරු කරගෙන තරහෙන් පුපුර පුපුර ඒත් සන්සුන් ලීලාවෙන් පොතක් කියවන්න පටන් ගත්තා.
අනේ මෙහෙමත් චපල පිරිමි, දැන් ආවාම මොකද කියන්නේ කියලා බලමුකෝ කිය කියා හිත හිතා ජේන් ඉන්නවා.
ඔන්න ටිකකින් හස්බන්ඩ් ගෙදර ආවා. එතකොට ජේන් ඉන්නවා පොතක් කියව කියවා. හස්බන්ඩ් දැකපු ගමන් ජේන් ඇහුවා

ආ..කොහොමද පාටිය, නැගලා ගියාද?” කියලා.
අයියෝ දන්නෙ නැද්ද, හරි බෝරිං පාටිනේ. ඔයත් නැහැනෙ. එතකොට ඒකෙ කිසි ගතියක් නැහැ ඩාලිං ඔස්ටින් කිව්වා.
දැන් ජේන්ට හරි තරහයි. ඔන්න මිනිහා බොරු කියන්න පටන් ගත්තා කියලා හිතපු ජේන් අත ඇරියේ නැහැ. මෙහෙමත් ඇහුවා.
ඇත්තද, ඉතින් පොඩ්ඩක්වත් ඩාන්ස් කළේ නැද්දකියලා. ජේන්ට මැවිලා පේන්න ගත්තා ඔස්ටින් ගෑනු ළමයි බදාගෙන නටපු හැටි.

ඇත්තටම මට ඔයාට පොඩි පාපොච්චාරණයක් කරන්න තියනවා ඩාලිං. ඇත්තටම පැටියෝ මම පාටියට ගියාම පීටරුයි, ජොනීයි, ටෝනියි හම්බවුණා. එයාලටත් මට වගේම පාටිය බෝරිං කිව්වා. ඉතින් අපි හතර දෙනාම ගියා ඩාන්ස් කරන්නෙ නැතිව බිලියඩ් ගහන්න ස්ට්‍රීට් ක්ලබ් එකට.

හැබැයි නියම වැඩේ කියන්නෙ මගේ හැලොවින් ඇඳුම ඉල්ලගත්ත එකා නම් මට ඇවිත් කිව්වා ඌ පාටියේදී සෑහෙන්න විනෝද වුණා කියලා

08 October 2012

පොලිස් කුඩුවක සිට විස්සයි විස්ස තරගය නැරබුවෙමි...


විස්සයි විස්ස තරගය බැලීමට මා උදේ සිටම සුදානම් උනේමී .. ඒ වෙනුවෙන් ප්‍රදේශයේ හොදම තිරය දමා ඇති අවන්හල සොයාගත්තේ වඩාත් පැහැදිලිව තරගය බලා  ගැනීම සදහාය.. එහෙත් තරගය දිනා ගැනීමට ලංකා කණ්ඩායම අවාසනාවන්ත වූ තරම්ම මමද ලංකාව ක්‍රීඩා කරන ආකාරය දැක බලාගැනීමට නොහැකි වන තරමටම අවාසනාවන්ත උනේමී.. මේ දිග හැරෙන්නේ ඒ අවාසනාවන්ත සිදුවීමය..

හවස් යාමයේ සියල්ල සුදානම් කර මිතුරාට අයිති මෝටර් රථයෙන් අවන්හල වෙත ගියෙමු.. අප යන විට අවන්හලේ අති විශාල තිරය ඉදිරිපිට ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරි ඉතිරි තිබුණි.. එය ක්‍රීඩා පිටියට දෙවැනි නැත . අප කලින් වෙන්කරවා ගත් ස්ථානයට ගොස් තරගය නරබන්නට පටන් ගත්තෙමු...

තරගය නරබන අතර තුර ඇතිවන පිපාසය සංසිදවා ගැනීමට බියර් බෝතල් කිහිපයක්ද අප සතුව තිබුණි ..

මුලින්  ලංකාව හොදින් ක්‍රීඩා කලේය.. හොදින් පන්දු යැව්වේය.. (මාලිංග හැර ) විකට්ටු ගත්තේය . අපේ කොලුවන්ගේ බෝල වලට කොදෙව්වන් ඇබරෙන හැටි දැක මම ප්‍රීතියෙන් පිනා ගියෙමි...

ඒවිට මට වැඩි වැඩියෙන් පිපාසය ඇතිවිය... එය සංසිදවීමට මම වැඩි වැඩියෙන් බියර් බිවෙමි ..

මද වේලාවකින් මාගේ තවත් මිතුරෙක් අපේ ආරාධනයෙන් එතැනට  පැමිණුනේය . ඔහු පැමිණ සිටියේ පල්සර් වර්ගයේ මෝටර් බයිසිකලයකිනි .. ඔහුද අප සමග එක්වී ජයපැන් බොමින් තරගය නැරබුවේය..

අප සිතා සිටියේ ලංකාව ගේමක් නැතිවම දිනාවී කියාය .. එබැවින් එතැන එකම විනෝද සාගරයක් වී තිබුණි... ක්‍රීඩා පිටියේ සිටිනවා වැනිමය..

මද වෙලාවකින් තවත් මිතුරෙක් ප්‍රමාදවී පැමිණුනේය ඔහුද මාගේ මිතුරෙකි.. මේ වන විට ලංකාව දහනව වන පන්දු වාරය දමමින් සිටියේ..

තරගයේ තිබු ආකර්ෂණය නිසා හෝ අපට වැඩි වැඩියෙන් ඇතිවූ පිපාසය නිසා හෝ රැගෙන විත් තිබු බියර් ප්‍රමාණයේ පැහැදිලි අඩුවක් පෙනෙන්නට විය... එබැවින් සියලු දෙනාගේම අදහස වුයේ නැවත පිපාසයක් ඇති උවොතින්  බිමට යමක් නැතිවේය යන බිය නිසා නැවත බියර් ටිකක් ගෙනැවිත් තියා ගත යුතු බවයි..

බියර් ගෙන ඒමේ කාර්යය සදහා මමත් මෝටර් බයිසිකලේ ආ මිතුරාත් ස්වේච්චාවෙන් ඉදිරිපත් විය.. කිලෝමීටර් දෙකක් පමන දුර ඇති වයින් ස්ටෝර්ස් එක වෙත යෑමට අප තෝරා ගත්තේ මෝටර් බයිසිකලයයි ...

මිතුරා බයිසිකලය පැදවුහ මම පසුපස වාඩි උනේමී... එහෙත් අවන්හල් භූමියෙන් ප්‍රධාන පාරට දමා ඔහු බයිසිකලය නතර කලේය..

“චමී උබ පැදපන්....

ඒ වේලාවේ මා සිතුවේ බියර් බිම නිසා ඔහුට බයිසිකලය පැදවීමට අපහසුවක් ඇතයි යනුවෙනි.. එහෙත් එහෙම පෙනුමක්ද නැත.. කෙසේ වෙතත් දැන් මා සිතන්නේ ඒ මාගේ නරක වේලාවක් බවය ..

එතැන් සිට චමී රයිඩ් කරන්නට විය... වයින් ස්ටෝර්ස් එක  පෙනෙන මානයේදී පොලිස් සුනකයන්දෙදෙනෙක්  ..ඔහ් සමාවන්න   පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පාරට පැන බයිසිකලය නතර කිරීමට අන කලේය...  ඒවිට  වේගයෙන් යෑමට හෝ හැරවීමට කාලයක් නැත  . නැතිනම් ලොවෙත් චමිව අල්ලනවානම්  බොරුය..

එබැවින් මම වැදහත් ලෙස නතර කලෙමි ..


“කොහෙද යන්නේ  ලයිසන් එක ගන්න “ කොලු පහේ පොලිස් නිලදාරිය කිවේය..

“ටවුන් එකට ආව “ මම ලයිසොන් කරදහිය දිගු කලෙමි ...

“කොහෙද ගියේ “ ඒ විට  ඔහු මගේ  මුව ලගටම ඔහුගේ නාසය සහ මුව ලංකර ඇසුවේය..

“මැච් එක බලන ගමන් පොඩි උවමනාවකට ටවුමට ආව “ මම අඩියක් පිටු පසට ගොස් උත්තර දුන්නේය .

ගම කොහෙද “

 ඒවර ඔහු අඩි දෙකක් ඉදියට ඇවිත් මගෙන් ඇසුවේය . දැන් ඔහුගේත් මගෙත් අතර පරතරය අගලකට අඩුය .. ඔහුගේ මුවත් මගේ මුවත් ගෑවෙන්නට ඔන්න මෙන්නය.. මා  විලි ලජ්ජාවෙන් ඇබරි ගියෙමි
අවට මිනිසුන්ද ඇත . මේ දෙනෝදාහක් ගැවසෙන ටවුමකි .. කෙල්ලන් හැර කොල්ලෙක් මේතරම් මා හට ලංවූ ප්‍රථම වතාවය .. ලැජ්ජාවේ බැරිය..

“මෙහෙම තමයි ගමත්... “ මම අහක බලාගෙන උත්තර දුන්නෙමී ..

“බිලා නේද ඉන්නේ “ බළලා මල්ලෙන් පැන්නේ ඒ විටය මු මේ තරම් මට සමීප උනේ සුවද බැලීමටය
 ( මත් පැන් වලට ගද කියනවාට මා කැමති නැත )

මට කියන්නට දෙයක් නැත.. ඔහු මාගේ ශරීරය ඉවකර නිගමනයකට පැමිණ ඇත.. පොලිස් පුහුණුවේදී සුනකයන්ට මෙන්ම නිලධාරීන්ටද ඉව කිරීමේ පුහුණුව ලබාදී ඇතුවාට සැක නැත..

“ඔව් බියර් එකක් බිව්වා අද මැච් එකනේ “

ඔහු මා බයිසිකලයේ පිටුපස හිදුවාගෙන පොලිසිය වෙත පැදවුයේය...

මිතුරා දුරකථනයෙන් කාටද කථා කරයි.. මා මේ කන්නේ ඔහු බෙදා ගත් පරිප්පුව බව ඔහුට ගානක් නැතුවා සේයා..

එහෙත් ඔහු ඔය ඇමතුම් දෙන්නේ අපගේ මිතුරන්ටය.. තව මොහොතකින් ඔහු සහ පිරිස මා සොයාගෙන පොලොසියට පැමිණෙනවා නිසැකය  ... ඒවිට වන්නේ අප සැමගේ මැච් බැලීමේ ආසාවට කෙලවිමය ..

මා රැගෙන ගිය නිලධාරියා මා පුටුවක වාඩි කරවා පොඩි පෙට්ටියක් ගෙන විවුර්ත කලේය.. එහි තිබුනේ පුංචි ඉන්ජෙක්සන් සිලින්ජර් වලට සමාන  දෙයකි... මා සිතුවේ ඔහු මට එන්නතක් දෙන්නට සැරසෙනවා කියාය.. එහෙත් මට ජල භීතිකාවට එන්නත් දී ඇත..

ඔහු එය පුංචි පොලිතින් උරයක් වැනි යමකට සවිකර මට එය පුම්බන්න කියා දුන්නේය.. මට තේරුනේ එවිටය එය මත් පානය කළාදැයි පරික්ෂා කරන බැලූමය..

මම එය පිම්බුවේය...

ඔහු එය පරික්ෂා කලේය .. ඉන් පසු “ හරියට පාට උනේ නැහැනේ .. මොනවද බිව්ව ජාතිය ස්ට්‍රෝන් ද ?”

මම ඔව් යයි කීවෙමි ..

ආයේ ටිකක් පුම්බන්න ..

නැවත පිම්බු විට ඔහුට සතුටු  දායක මට්ටමෙන් බැලුම තිබෙන්නට ඇත ..

එතැන් පටන් මා වැරදි කරුය .. මා වෙනුවෙන් සුදානම් කර තිබු පුංචි සුන්දර කුඩුවකට වී ග්‍රිල් අතරින් ඈතින් පෙනෙන පුංචි කළු සුදු තිත් සහිත රූපවාහිනියෙන් මම  ලංකා ක්‍රීඩකයන් පන්දුවට පහර දෙනවා නැරබුවෙමි .. එහෙත් ක්‍රීඩකයන් කව්දැයි හදුනා ගැනීමට අපහසුය ඒ තරම් අපැහැදිලිය  ඒ නැතත් ඒ තරම් දුරක් ග්‍රහණය කරගැනීමට තරම් මාගේ දෑස් පෙනීම ත්‍රිව් නැත..

වඩාත් හොදින් තරගය නැරබීමට උදේ ඉදන් පෙරූ පිරුම් හිරු දුටු පිනිසේ දියවී ගියේය... අවන්හලේ සිටියේ එක පැයකි පොලෝසියේ පැය හතරකි..

මාගේ මිතුරන්ද උන්ගේ බලපුලුවන් කාරයන්ද මා බේරා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථකය .. අවසානයේ පැය හතරකට පසු ඇප ලබාදී මා නිදහස් කිරීමට ඔවුන්ට සිදුවිය ..

විස්සයි විස්සේ තරගය කොදෙව්වන් ජයගත් බව දැනගත්තේද පොලිස් කොස්තාපල් කෙනෙකුගෙන්ය.. මා නිදහස් වන විට ක්‍රීඩා කල ක්‍රීඩකයන් නිවෙස් වලට යන්නටද ඇත.. ඒ තරම් රැ බොවී තිබුණි.. පාන්දරද මන්දායා...

පෙරුම් පුරා බැලීමට සිටි විස්සයි විස්සේ තරගය නිමා වුයේ එලෙසය...

කොදෙව් කණ්ඩායමට මාගේ සුභපැතුම් !!!   ඒ වාගේම අප වගේ පුංචන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අප නගරයේ පොලොසියටද මාගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමි!!!



01 October 2012

දෙනොදාහක් ඉදිරියේ පච උනෙමි ...


මගේ ජිවිතයේ ගොඩාක්ම අපහසු තාවයට පත්වූ දවසක් ගැන මතකයක් තමයි මේ ...
සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙලට මට වෙනත් පාසලකට යන්න උනා ..  අලුත් පාසලක් අලුත් සිසුන් .. පාසලේ පරණ අය කොහොමත් අලුතින් ආව අය එක්ක මුලින් වැඩිය කතාවට එන්නේ නැහැනේ .. මටත් එකතු වෙන්න උනේ මම වාගේම වෙනත් පාසල් වලින් ආව කොල්ලෝ හතර පස් දෙනෙක් එක්ක විතරයි...

ඔය කාලේ වෙනකොට කැම්පස් වලින් සේන්දු වුන රැග් මේනියාව  පාසල් වලත් පැතිරෙමින් තිබුනා දරුණු වට නෙමේ සුලුවට. බොහොම සුළු ක්‍රියා කාරකම් උනත් සමහර දේවල් නිසා නවකයන්ට ගොඩක් අපහසු තත්වයන්ට මුහුණ දෙන්න උනා මට  වගේ ....

පාසලට ඇවිත් දවස් කිහිපයක් යනකොටම... මගෙත් එක්ක හිටිය අලුත් එකෙක්ව රැග්  කරන සෙට් එක එක්ක ගියා... මමත් බලාගෙන උන්නේ..

එක්ක ගිහින් ඌව  ඩේස් එකක් උඩ නංගලා කෙල්ලෙක් ඇවිත් කොස්සකින් මයික් එකක් හදලා දුන්නා (මේක ම්ශ්‍ර පාසලක් )  දැන් ඉතින් මුට තියෙන්නේ  එතන ඉන්න කෙල්ලොයි කොල්ලොයි ඉල්ලන ගීත ඉල්ලීම් ඉටු කරන එක.. බලාගෙන ඉන්නකොට හිනහ ගියත් අලුතින් පාසලකට ආව කෙනෙක්ට ඔය වගේ වෙලාවක පොඩි චකිතයක් ඇතිවෙනවා...

ඒ වෙලාවේ ඉදලම මගේ පපුවත් ගැහෙන්න ගත්තා කොයි වෙලාවක හරි මටත් මේයිට සමාන දෙකට මුහුණ දෙන්න වෙනවා නේද කියල... ඉතින් එකෙන් බේරෙන්නත් මම පොඩි ප්ලෑනක් ගැහුවා ඒ තමයි .. රැග්  කරන සෙට් එකේ උන්ව යාලු කරගන්න එක...

එදා ඉදල මම උන්ව දැක්ක වෙලේට දත් ඔක්කොම පෙන්නලා ඔලුව පාත් කරලා හිනා වෙන්න ගත්තා . උදේට උන්ව දැක්ක තැන ගුඩ් මෝර්නින්  කියන්න ගත්තා .. මේ ඔක්කොම ඩේස් උඩ නැගල සින්දු කියන්න වෙයි කියන බයට කරපු වැඩ ...  

සින්දු කියා ගැනීම කෙසේ වෙතත් මට තිබුණු ගැටලුව අදුනන්නේ නැති කෙල්ලෝ කොල්ලෝ දහයක් දොළහක් බලාගෙන ඉන්නකොට ඉස්සරහට ගිහින් ඉදිරිපත් කිරීමක් කරන්න බැරි එක.. හදිසියෙවත් එහෙම උනොත් දහදිය දාලා අතපය වෙව්ලලා  ගැහෙන්න ගන්නවා .. ඒ තරම් සබකෝලයද මොකක්ද කියන මෙව්වා එක මට තිබුනා ...

ඉතින් කොහොමින් හරි රැග් කරන්න අය්යලා ටිකව දන්නා දාන්ගැට දාලා දවසින් දෙකින් යාලු කරගන්න පුළුවන් උනා මට.. වැඩි කාලයක් අරින්නේ නැතුව මම උන්ගේ ලොකු එකාට දවසක් කතා කළා ..

“මේ අය්යේ ඔය ගොල්ලෝ මට රැග් කරන්න එපා හොදේ...”

ඒක කිව්වා විතරයි ඌට හිනහා ගියා .. මම වැරදි දෙයක් කිව්වද මන්දා..

“ඇයි උබ රැග් කරනවට බයද ?”

“නෑ මට ඔය දහ දොළොස් දෙනක් ඉන්න තැනකට ගිහින් සින්දුවක් තියා කථාවක්වත් කරගන්න බැරි අවුලක් තියෙනවා එකයි  “

“ආ,,, එහෙමද ... බය වෙන්න එපා අපි උබට එහෙම කරන්නේ නැහැ උබ හොද එකානේ ....

එහෙම කියලා එයා යන්න ගියා .. දැන් ඉතින් මට බයවෙන්න හේතුවක් නැහැ වැඩේ ගොඩ... එහෙම තමයි මම හිතාගෙන හිටියේ.....

මේ වෙනකොට මම පාසලට ඇවිත් සතියයි... සිකුරාදා දවසක්.. සිකුරාදා වේලස්සනින් පන්ති අස් පස් කරලා ළමයි හරි කලබලෙන් එහෙ මෙහෙ යන්න ගත්තා ..

“අද මොකක්ද තියෙන්නේ කොහොද මේ කට්ටියම යන්නේ “
“අද සාහිත්‍ය සමිතියේන්  සංගීත වැඩ සටහනක් සංවිධානය කරලා තියෙනවා .. ඔක්කොම මේන් හෝල් එකට යන්න ඕනේ...” 

මමත් යන අයත් එක්ක එකතුවෙලා හෝල් එකට ගියා .. හෝල් ඒක පිරෙන්නම ළමයි .. මමත් පිටි පස්සටම වෙන්න ගිහින් හිටගත්තා..

එදා තිබුනේ ගායන තරගයක් ..  පහළොවක් විතර තරගයට නම් ලබා දීලා තිබුනා වගේම හරිම ලස්සනට ගීතත් ගායනා කාලා .. මමත් ඉදගෙන ඒවා රස වින්දා..

ඔහොම හත් අට දෙනෙක් කිව්වට පස්සේ . නිවේදකයා ඊළගට කියන කෙනාගේ නම කතා කරලා වේදිකාවට එන්න කිව්වා... ඒ කිව්වේ මගේ නම වාසගමත් එක්කම..

නම කිව්ව වෙලාවේ මම බැලුවේ කෙලින්ම රැග් කරන සෙට් ඒක ඉන්න පැත්ත.. උන් මගේ දිහා බලාගෙන උඩ පැන පැන හිනහා වෙනවා ...  මට තේරුනා වැඩේ මුන් ටික  මගේ නම සාහිත්‍ය සමීතියට දීලා සින්දු කියන තරගෙට...

මම කෙලින්ම ගියා උන් ලගට...

“මට බැහැ සින්දු කියන්න කවුද මගේ නම දැම්මේ...”

“කවුරු හරි කෙනෙක් විහිළුවට  දාන්න ඇති මල්ලි උබට සින්දු කියන්න බැරිනම් අර ස්ටේජ් එකේ ඉන්න මිස් ට විස්තරේ කියලා ෂේප් එකක් දාගෙන වරෙන් ..දැන් පලයන් උබේ නම කතාකරනවා...”

මොනවා කරන්නද මමත් ඉතින් ස්ටේජ් එකට නැග්ගා හිතට දිරිය අරගෙන ..සින්දු කියන්න නෙමේ අර මිස් ලගට ගිහින් ෂේප් එකක් දාලා ආයෙත් යන්න හිතාගෙන ...

ස්ටේජ් එකට කකුල තියනකොටම  හතර අතෙන් අත්පුඩි ගහන්න ගත්තා ..  ඔකොම ළමයි හිතාගෙන ඉන්නේ මම සින්දු කියන්න නැග්ගා කියල්ලා... උන් දන්නේ නැහැනේ මට වෙලා තියෙන අකර තැබ්බ..

මම ස්ටේජ් එකට නැගලා හිමිට ගියා අර මිස් ලගට .. එයා තමයි සාහිත්‍ය සංගමේ භාරව ඉන්න කෙනා...

“ඔව් පුතා ඇයි “

“අනේ මිස් මට සින්දු කියන්න බැහැ “

“මොකක් එහෙනම් මොකටද තරගෙට නම දැම්මේ “

“ මම නම දැම්මේ නැහැ කවුරු හරි විහිලුවට මගේ නම දාලා තියෙන්නේ .. මම ඉස්කෝලෙට අලුතින් ආවේ “

“දැන් කරන්න දෙයක් නැහැ ළමයෝ ස්ටේජ් එකට නැගල ආයෙ බැහැල යන ඒක ඔයාටමයි හොද නැත්තේ.. ඔන්න ඔහේ ගිහින් මොකක් හරි කියලා යන්න “

“අනේ මිස් මම සින්දු කියන්න දන්නේ නැහැ “

“ විකාර කරන්නේ නැතුව යන්න ළමයෝ ..ගිහින් මොකක් හරි කියලා යන්න “

එහෙම කියලා මිස් මාව ස්ටේජ් ඒක පැත්තට තල්ලු කලේ නැතෑ... මිස් හදන්නෙත් මාවම ලජ්ජා කරන්නද කොහෙද...

කරන්න දෙයක් නැතිම තැන මම ගිහින් ස්ටේජ් එකේ මැදින්   හිටගෙන ඉස්සරහ බැලුවා... හප්පේ ඉන්න ළමයි ගොඩ .. ඔකොමගේ ඇස් තියෙන්නේ මගේ දිහාට ..
මගේ සරුවාන්ගෙම දහඩියෙන් තෙත් වෙලා... ඒ මදිවට අතපය වෙව්ලන්නත් පටන් අරගෙන ..  සංගීතය සපයන මැන්ඩලින් කාරයා නැතත් ප්‍රස්නයක් නැහැ මගේ කකුල් දෙක මැන්ඩලින් තාලේටම වෙව්ලනවා ..තබ්ලාව විතරක් තිබුනනං හොදටම ඇති...

මම විනාඩි කිහිපයක් ළමයින් දිහා බලාගෙන හිටියා කර කියාගන්න දෙයක් නැතිව .. සමහර විට උන්ට මාව ජෝකර් කෙනෙක් විදියට පෙනෙන්න ඇති.. ටිකෙන් ටික ළමයින්ගේ සද්දේ වැඩි වෙලා හිමීට හුවක් දෙකකුත් ආව...  සාහිත්‍ය සංගමේ සභහපති ට දෙතුන් විඩක් නැගිටලා සභාව නිශ්ශබ්ද කරන්නත් සිදු වුනා ...

මම තවමත් ස්ටේජ් එක මැද්දේ නිශ්ශබ්දව ..ඒ  අතරේ අර මිස් නැවතත් මගේ ලගට ආව ...

“ඉක්මනට පටන් ගන්න ළමයෝ වෙලාව යනවා ..අර ළමයි ඔයාට හූ කියනවා ලජ්ජා නැද්ද “
“අනේ මිස් මම සින්දු දන්නේ නැහැනේ “

ඇත්තටම මට ඒ වෙලාවේ සින්දු මතක තිබුනේ නැහැ .. මතක තිබුනත් පාසලක කියන්න තරම් සුදුසු සින්දු මතකේ තිබුනෙම නැහැ .. ඒ කාලේ අහන්නෙම ලව් සින්දු බුට්‌ සින්දු විතරනේ .. මොකද අනිත් උන් වගේ මම සින්දු කියන්න සුදානම වෙලා ආව කෙනෙක් නෙමේනේ මෙතනට ::

“ සින්දු මතක නැත්නම් රෝස මලේ නටුවේ කටු ..සින්දුව වත් කියන්න ... එහෙම කියලා මිස් යන්න ගියා...

දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ ..වෙව්ල වෙව්ල හරි සින්දු කියන්නම වෙනවා... මම මතක් කාලා සින්දුවක්.. මුකුත් මතකෙට එන්නේ නැහැ බයටම..

ටික  වෙලාවකින් මට එකක් යන්තම් මතක් උනා ..දවස් දෙක තුනක් ටීවී එකෙන් ඇහුනු සිංදුවක් සින්දුව ලස්සන නිසාම මුල් පද ටික මට මතක තිබුනා ... සම්පුර්ණ සින්දුවම මතක් කරලා බලන්න තරම් වෙලාවක් තිබුනේ නැහැ..  මම හිතාගත්තා මුල් ටික කියනවා කියාගෙන යනකොට අනිත් කොටස් මතක් උනොත් හරි නැත්නම් සොරි කියලා..හිතාගෙන මම පටන් ගත්තා... (මේ වෙනකොට සභාවම කාල ගෝට්ටියක් වෙලා තිබුනේ )
මම ගීතය පටන් ගත්තා... බිම බලාගෙනම ..

දෙවැනි බුදුන් ලෙස ලොව මැවුවම් කල..
ලොවට පිදුම් ලද ලොවට උතුම් ලද ....
 අම්මා ..............///

ඒ ටික තාලෙට කියල්ලා සංගීතය යන අතරේ මම සභාව දිහා බැලුවා .. සභාව කිසිම සද්දයක් නැහැ මීයාට පිම්බා වගේ.. ඔක්කොම මගේ හිතය අහගෙන ඉන්නවා.. දැන් මගේ බයත් ටිකක් විතර අඩු උනා .. දෙය්යන්ගේ පිහිටෙන් ඉතිරි පද ටිකත් මතක් උනා ...

දෙසවන සනසා මා නැලවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි..
ඒ මියැසිය අද මා ගයනා දින ..
මා සිප ගන්නට ඔබ මා ලග නැත ...
අම්මා....///

සින්දුවේ අවසාන කොටස මම කියනකොට .. සභාහවෙන් හීන් හඩින් ගීතයේ තාලයට අත්පොලසන් ගහන්නත් පටන් ගත්තා...

ඇසට හඩන්නට කදුලැලි දුන් ඔබ..
ලතැවුල් දරනා ..දිරිය ලබාදුනි ..
ඒ දහිරියෙන් ලොව ජය ලබනා දින..
මා සිප ගන්නට ඔබ මා ලග නැත...
අම්මා ....අම්මා...ආ . ආම්මා..

ගීතය ඉවර උනා විතරයි.... මට ඉස්සෙල්ලා ගායනා කරපු කාටවත් නොලැබුණු තරම්.. විශාල අත්පොලසන් නාදයක් ලැබුනා.. මම සභාවේ පිටිපස්සටම ගිහින් වාඩි වෙනතුරුත් අත්පොලසන් නාදය නතර උනේ නැහැ.
මමත් සතුටින් හිටියේ..සින්දුව හොදින් කිව්වට නෙවෙයි..ඒ පත් වෙලා උන්නු අපහසු තාවයෙන් මිදුනට..

ලොකු හුස්මක් අරගෙන එහෙම හිත සැහැල්ලු කරගෙන .. ඉතිරි ගයක ගායිකාවන්ගේ ගීතත් අහලා අවසානයේ ජයග්‍රහණය කරපු තිදෙනාට තෑගී ලාබදෙන මොහොත උදා උනා ... මම නම් හීනෙකින්වත් තෑගි බලාපොරෝත්තු උනේ නැහැ ....

තෙවැනි ස්ථානය ..අපේ පන්තියේම  කොල්ලෙක් හිමිකරගෙන තිබුනා , දෙවැනි ස්ථානය අපිට වඩා ඉහල පන්තියේ ගැහැණු ළමයෙක්ට..

ප්‍රථම  ස්ථානය කියන්න ටික වෙලාවක් ගත්තා ගුරුවරු කිහිප දෙනෙක් ප්‍රථිපල බලලා සාකච්චා කිරීමෙන් අනතුරුව ... ප්‍රථම ස්ථානය හිමිකරගත් කෙනාගේ නම කිව්වා...

ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබුනේ මම... ඔව් මේ මම තමයි      :D

ඒ වෙලාවේ ස්ටේජ් එකට ගොඩවෙන්න නම් මට බයක් ඇතිවුනේ නැහැ...

මට හිමි තාග්‍යය ලබා දුන්නෙත් අර මිස් ගේ අතින්මයි.. තාග්‍යය දෙන ගමන් .. මිස් මට විතරක් ඇහෙන්න හිනහවෙලා  මෙහෙම කිව්වා...

“ සින්දු කියන්න බැහැ කිය කියා මෙතන ඇබරිල  දැන් තෑග්ගත් අරගෙන යනවා නේද ...”

එයින් පස්සේ මට ස්ටේජ් වලට නගින්න තියෙන බයත් ටිකෙන් ටික අඩුවෙලා ගියා... අදටත් ඔය ගීතය ඇහෙන වාරයක් පාසා මට ඔය සිද්ධිය මතක් වෙනවා... !!!!!


-------------------------------------------------------------------------------------------

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...