තම හිසට තම අතමය සෙවනැල්ල කියලා පැරණි කථාවක් තිබුනට මමනම් ඕක විස්වාස කළෙම
නැහැ ලගක් වෙනකන් . කොහොම විස්වාස කොරන්ඩද
අයිබෝවන්ඩ හදවත ගලවලා කමිස සාක්කුවට දාල යවන තරමේ හිතවත් යාළුවො
පිරිසක් ඉන්නැද්දි. ඒත් ඒ උඩින් පෙන්නන
තරම් දෙයක් ඇත්තටම නැති බව තේරෙන්නේ ඒ
වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුන වෙලාවකදීම
තමයි .
පල ඇති රුකක වවුල්ලු එල්ලිල්ලා ඉදලා පල නැතිදා ගහ හැරලා වෙන ගහක එල්ලෙනවා වගේ පල ප්‍රයෝජනෙට
විතරක් ලංවෙලා ඉන්න ඈයෝ පලක් නැති
දාට ඉගිල්ලිලා යනවා ඒක තමයි ලෝක ස්වභාවේ
එක මේ යාළු මිත්‍ර කමටත් පොදුයි මම හිතන්නේ
ආන්න ඒ වගේ අවස්ථාවකදී තේරුම් ගන්ට පුලුවන් මේ වටේ ඉන්න පිරිසෙන් කියෙන් කි
දෙනාද හැබෑ යාළුවො කියලා බොහෝ විට තනි අතක
ඇගිලි ගනනටත් අඩුයි . එහෙම නැත්නම් තම හිසට තම අතමය කියන කියමන වගේම තමන්ට
තමන් විතරක් ඉතිරි වෙන්නත් බැරි නැහැ , කවුරු නැතත් වදාපු මවයි පියයි ඉදි , විවාහකයන්ට
සහකාරයයි දරු මල්ලෝයි ඉදි , ඔය
අතලොස්ස තමයි අන්තිමට ඉතිරි වෙන්නේ ඕං... ඕවා තේරෙන්ට ඉතින් පාඩමක් ඉගෙන ගන්ටම ඕනේ .
ඉගෙන ගත්තු පාඩම ගැන නොලියා එලියට
පෙනෙන්ට තියෙන දේට වඩා ඇතුලතින් වෙනස් මිනිසුන් පිරිසක් ගැන පුංචි රස කථාවක්
ලියන්නම්කො .
ඕන්න එකෝමත් එක කාලෙක බොහොම ධාර්මික පියතුමෙක් වාසය කළා . මෙතුමා බොහොම ධාර්මිකයි ඒ වගේම හරිම ගුණවත්
පියතුමෙක් . ප්‍රදේශයේ ජනතාවත් මෙතුමාට දැක්වුයේ පුදුමාකාර ආදරයක් සෙනෙහසක් කොටින්ම කිව්වොත් පියතුමන් වෙනුවෙන් ප්‍රාණය පරිත්‍යාගය කරන්න උනත් කැමැත්තෙන් තමයි මිනිසුන් සිටියේ , එහෙම
මිනිස්සු නැති වග දැන් අපි දන්නවා උනාට ඒ පියතුමා ඒ බව දැනගෙන උන්නේ නැහැ ඒ
කාලේ . ඉතින් එතුමත් මිනිසුන්ට උදව් උපකාර කරගෙන බොහොම දැහැමින් සෙමින් කාලය
ගතකරගෙන සිටියා .
ඔහොම කාලයක් යනකොට පියතුමා ටිකෙන් ටික රෝගාතුර වුනා . ෛවද්‍යවරු පරික්ෂා කරලා කියනවා මෙතුමාට බොහොම දරුණු වකුගඩු රෝගයක් වැලදී තිබෙන බව , රෝගය නිසා
මෙතුමාගේ වකුගඩු දෙකම අක්‍රිය වෙමින් පවතින බව . තව බොහොම ටික කාලයකින් පියතුමාට මියයෑමට වෙන බවත් මෙයන් ගැලවීමට නම් වකුගඩුවක් පරිත්‍යාග කරන්න
කැමති කෙනෙක් සොයාගත යුතු බවත් ෛවද්‍යවරු කියා සිටිනවා .
තමන්ට වකුගඩුවක් පරිත්‍යාග කරන්න ඕනේ තරම් ජනතාව සිටින බව දන්නා පියතුමාත් සතුටින් පිටව යනවා ,
පස්සේ තමන්ගේ හිතෙෂි ජනතාවට පණිවිඩයක් යවනවා මට මෙහෙම රෝගයක් වැලදී තිබෙනවා
එබැවින් මරණයෙන් බේරෙන්ට වකුගඩුවක් පරිත්‍යගය කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් දෙව්
මැදුර ඉදිරියට පැමිණෙන්නය කියලා ,
පණිවිඩය යවලා ටික වෙලාවකින් එතුමා
දෙව්මැදුරේ උඩුමහලේ ජනේලය අසලට ඇවිත් පහත බලනවා ... එතුමා මොකක්ද දකින්නේ
පින්වතුනේ ? බලුබල්ලෙක්වත් නැති දේවස්ථාන භූමියක්ද ? එහෙමයි නේද හිතෙන්නේ , නැහැ මුළු දේවස්ථාන භූමියම පිරිලා ඉතිරිලා යන
තරමේ සෙනගක් , පොදිකන ජන ගංගාවක් , මේ
තරම් තමන්ට ආදරේ කරන ජනතාවක් ඇස්පනාපිටම ඉන්නවා දකින පියතුමා ට ඇතිවෙන්නේ
පුදුමාකාර සතුටක් .
පියතුමා උඩුමහලේ ජනේලයෙන් හිස පිටතට දාල ජනතාවගෙන් අහනවා “ මේ අය
අතරින් මට වකුගඩුවක් පරිත්‍යග කරන්න කැමති අය අත ඔසවන්නය කියලා ,
කිසිකෙනෙක් අත ඔසවන්නේ නැහැ නෙමෙයි
හැමෝම අත ඔසවනවා . සමහරු අත් දෙකම උස්සනවා . හරියට වකුගඩු දෙකම ගලව ගන්ට
කියනවා වගේ ..
දැන් පියතුමාට තවත් සතුටුයි දස දහස් සංක්‍යාවක් මිනිසුන් තමන්ට
වකුගඩු පරිත්‍යාග කරන්න සුදානමින්නේ ඉන්නේ .
එත් ස්වාමීන්වහන්සේ කල්පනා කරනවා මට මොකටද මේ තරම් වකුගඩු ගොඩක් මට ඕනේ එක
වකුගඩුවයිනේ ඉතින් මම කොහොමද මෙතනින් එකක් තොර ගන්නේ . එහෙම හිතපු පියතුමා ආයෙත් ජනේලයෙන් ඔලුව
එලියට දාල පරිත්‍යාග කරන්න පොරකමින් සිටින හැමෝටම ස්තුති කරලා එහෙම මෙහෙම කියනවා .
“ මට ඕනේ එක වකුගඩුවයි එක්කෙනෙක්
තොර ගන්න ඕනේ නිසා මම දැන් මෙතන ඉදලා මේ කුරුළු පිහාටුව පහලට දානවා ඒක පාවෙලා
ඇවිත් කාගේ හරි ඇගකට වැටෙයි ඒ වැටෙන කෙනා
මට වකුගඩුවක් දෙන්න “
එහෙම කියලා පියතුමා කුරුළු පිහාටුව පහතට දානවා .. බොහෝ වෙලාවක්
සුළගේ පාවුන පිහාටුව අන්තිමේදී කාගේ හරි ඇගකට වැටෙනවද , නැහැ පිහාටුව උඩමයි
තියෙන්නේ දිගටම පාවෙනවා ඇගකට වැටෙන්නේ නැහැ , ඇයි එහෙම වෙන්නේ , දේව හාස්කමක්ද
එහෙමත් නැත්නම් අදුශ්‍යමාන බලවේගයක්ද ...????
අපට වගේම පියතුමා මේක ගැටලුවක් උන්වහන්සේත් උපැස් යුවල එහෙම
පිහදාගෙන හොදින් පහත බලනවා මොකක්ද මෙතන සිද්ද වෙන්නේ කියලා ,
එතකොට තමයි උන්වහන්සේත් දකින්නේ
කුරුළු පිහාටුව නොවැටී පාවෙන්න හේතුව , පිහාටුව ඇගට වැටෙන්න එනකොට ඒ කෙනා ඒකට
කටින් පිබිනවා එතකොට ආයෙමත් පිහාටුව උඩගිහින් වෙන කෙනෙක් ලගට යනවා එතකොට එයත් පිබිනවා එහෙම එහෙම පිහාටුව කාගේවත්
ඇගට නොවැටී උඩම තියෙනවා . මිනිසුන්ගේ ඇතුලාන්තය තේරුම් ගන්න පියතුමාට ඇතිවෙන්නේ දැඩි කණගාටුවක්.
අන්තිමේදී පාවෙවී තිබුනු කුරුළු
පිහාටුව කාගෙවත් ඇගකට නොවැටී බිමට වැටෙනවා, එයිට ටික කාලෙකට පස්සේ අර පියතුමා වකුගඩු රෝගයෙන් මියයනවා ,
ඔන්න ඕකයි කතන්දරේ ,
දැන් බලමු අර මිනිස්සු ඇයි වකුගඩුවක් දෙන්න අකමැතිනම් අර පණිවිඩය ලැබුණු හැටියේම දෙව්මැදුර ඉදිරියේ රැස් වුනේ කියලා , ඒ වගේම ඇයි අත් ඔසවමින් කැමැත්ත ප්‍රකාශ කලේ කියලා .. එහෙම තමයි බහුතරයක්
මිනිස්සු අනිත් මිනිස්සු ඉදිරියේ තමන්ගේ සැබෑ මුණ එලියට දාන්න කැමති නැහැ පුළුවන්
තරම් කාලයක් සුන්දර වෙස් මුහුණෙන් පෙනී ඉදලා අවශ්‍යම මොහොතේදී සැබෑ මුහුණ පෙන්වලා පලා යනවා .
කිස්තු ධර්මයේ හැටියට ජේසුස් වහන්ස්සේ
මෙවැනි මනුෂ්‍ය කොටසකට මෙහෙම කියනවා “නුබලා සුදු හුණු ගෑ සොහොන් කොත් වලට සමානය කියලා
, එකේ තේරුම පිටතින් සුදු හුණු ගා අලංකාර
කර තිබුනත් සොහොන් කොත්වල ඇතුලේ ඇත්තේ මළකුණු බැවිනි . බොහෝ මිනිසුන් සමාජයට සුදු චරිතයක් පෙන්වාගෙන
හිටියද සමහර අවස්ථාවන්හිදී ඔවුන්ගේ
වෙස්මුහුණු ගැලවී සබැ චරිතය දිස්වේ ...
ප .ලි :-පැරණි කථාවක් සමග මිශ්‍ර කල උගත් පාඩමක් ඇසුරිණි..