වෙසක් සතිය ගෙවීගෙන යන මේ මොහොතේ බුදු චරිතයට අදාළ පුංචි කථාවක් හෝ නොලිවහොත් එය මදි කමකි
. මේ දිනවල සිදුවූ හිමි නමගේ ජිවිත පුජාවත් සමගම එය බෝධිසත්ව චරිත කතා වලට සමාන කිරීමට උත්සහ කරන
පිරිසකුත් මට දැක ගන්නට ලැබුණි .
බෝධිසත්ව
ජාතක කතා ගෙන හැර දැක්වුවහොත් බෝධිසත්වයන් ජීවිතය දන්දුන් අවස්ථා කිහිපයක් තිබේ . එහෙත් ඒ එකක්වත්
වර්තාමානයේ මේ හිමිනමගේ ක්‍රියා කලාපය හා
සැසදීමට නොහැක. බෝධිසත්වයන්ගේ දන්දීම සහ හිමිනමගේ ජිවිත හානිකරගැනීම සංසන්දනය
කිරීමට යෑමෙන් සිදුවන්නේ ඒ අපවත්වූ හිමිනමගේ චරිතයට තව තවත් හානි වීම පමණි. එම ක්‍රියාවේ
නුගුණ ලියමින් හිමිනමට තව දුරටත් නින්දා කිරීම යුතු නොවන බැවින් එම හිමි නමගේ ගිනි
පුජාව සමාන කරන බෝධිසත්ව චරිත කිහිපය අතරින් සස
ජාතකය ගැන පමණක් මම ලියමි .
යට ගිය
දවසක බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ
කෙනෙක් රාජ්‍ය කරන කාලයේ එක වනයක වඳුරෙක්, සිවලෙක් මස්කාවෙක් සහ සාවෙක් ද ඉතා මිතුරුව ජීවත්වීය . අනෙක් සතුන්ට වඩා මේ සාවා නුවණැත්තෙක් බැවින්
අනෙක් තිදෙනා ඔහුව හදුන්වා ඇත්තේ සස
පණ්ඩිත යනුවෙනුයි. මේ සස සාවද දිනපතා ආහාර ගැනීමෙන් පසුව
තම මිතුරු සත්වයන් තිදෙනාට අවවාද අනුසාසනා
කරන එක පුරුද්දක් කරගෙන තිබෙනවා .
දිනක් මේ සිව් දෙනා සිටින විට පොහෝ
දිනට පෙර දිනෙක රාත්‍රියේ පිරුන හඳ දැක ඉන් පසුව සස පණ්ඩිතයෝ විසින් අනෙක් මිතුරන්ට
මෙසේ පවසන්නට විය .”හෙට පොහොය දිනය ඒ බැවින් අප සීල් සමාදන් විය යුතුයි . සිල්වත් ව සිට දෙන දානයන් හි විපාක බලවත් . එබැවින් කවරෙක් හෝ යාචකයෙක් හෙට දින ඔබලා අසලට පැමිණියහොත් ඔබලා අනුභව කරන දෙයින් යමක් දෙන්න”
මිතුරෝද සස පණ්ඩිතයන්ගේ අවවාද පිළිගෙන පිට විය .
පසුදින
උදෑසන මස්කාව කෑම සොයාගෙන යද්දී . වැද්දෙක් විසින් දඩයම් කර අමතකව දමාගිය මසුන්
කිහප දෙනෙක් දැක එය රැගෙන තම නවාතැනට ඇවිත් . පසුව ආහාරයට ගැනීමට සිතාගනිමින්
පැත්තකින් තබා ශිලය රකිමින් සිටින්නට විය .
(මස්කාව /දියබල්ලා )
මේ අතර
සිවලාද එසේම කෑම සොයා යන අතරේ ගොවි නිවෙසක් අසල දමා ගොස් තිබු වේලු තලගොයි මාංශයන්
දැක එයට හිමිකරුවෙකු සොයා නැති බැවින් තම
නවා තැනට ගෙනැවිත් පසුව ආහාරයට ගැනීමට සිතා පසෙකින් තබා ශිලය ආරක්ෂා කරමින් සිටින්නට විය ,
මේ අතර වදුරාද මී අඹ වල්ලක් සොයා ගෙනැවිත් එලෙසම පසෙක තබා භාවනාවේ යෙදෙන්නට විය ..
මේහෙම
මිතුරු සත්‍වයෝ භාවනාවේ යෙදෙන අතර සස පණ්ඩිතයෝ හෙවත් සාව ද බඩගිනිවූ විට ගොස් හී තණ
කනවා යැයි සිතාගෙන සිල් සිහි කරමින් වැදගෙන ගෙන සිටින්නට විය . එහෙත් ඒ අතරේ ඔහුට සිහිවන්නේ මෙසේ සිටින අතරේ
වෙන කිසිවෙක් ආහාරයක් සොයා තමන් වෙත පැමිණියහොත් ඔහුට දීමට දෙයක් නොමැති බවයි.
එසේ
පැමිනෙන්නෙක් හට හී තණ දීමටද නොහැක එසේනම් මා ඔහුට පිළිගන්වන්නේ කුමක්දැයි සිතමින්
සිටින හාවට පහල වන්නේ අමුතුම අදහසකි . අද කිසිවෙක් ආහාර සොයාගෙන මාවෙත ආවොත් කිසිවෙකු
නොදෙන විදිහේ දානයක් මා ඔහුට පිළිගන්වමී.. මා මාගේ ශරීරයේ මාංශ ඔහුට අනුභවයට ලබා දෙමී
.. මෙසේ සිතු සස පණ්ඩිතයෝ දිගටම ශිලය රකින්නට විය .
මොවුන්ගේ
මෙම ශීලයේ බලය ශක්‍ර දේවේන්ද්‍රයාටද දැනෙන්නට විය . මොවුන්ගේ ශිලය පරික්ෂා කර
බැලීමට සිතු ශක්‍රයෝ බමුනෙක්ගේ වෙස් ගෙන වනයට ආහ ...
එසේ
පැමිණි බමුණා මුලින්ම මස්කාව අසලට ගොස් කෑමට යමක් අයද සිටියේය .. මස්කාවාද ඔහු
රැගෙන විත් තිබු ආහාරය බමුණාට පිළිගැන්වුහ . බමුණා එය එතැනම තබා නැවත රැගෙන යාමට
එනබව පවසා ගියේය ..එසේම නරිය අසලට සහ වදුරා අසලටත් ගොස් ඔවුන් දුන් දෑ නැවතත් එතනම
තබා නැවත එනබව පවසා අවසානයේ සාවා ලගට ගොස් ආහාරයක් අයැදුවේය..
බමුණා
දුටු සස පණ්ඩිතයෝ ඉතා සතුටට පත්වී මෙසේ කිවේය “ මාගේ බලාපොරොත්තුව මුදුන් පමුණුවා
ගැනීමට ඔබගේ පැමිණීම ඉතාම උතුම්ය කිසිවෙකු
නොදුන් ආකාරයේ දනක් මම අද නුබට දෙමි , මෙතන ගිනි මැලයක් ගසන්න මම එයට පැන මා පිළිස්සුනු පසු ඔබට මාගේ මාංශය අනුභව කල
හැකිය යි කිවේය ...
බමුණු
වෙස් ගෙන සිටින ශක්‍රයා ඒ අසල ගින්නක් මවා සාවාට ගින්නක් දල්වා ඇති බව කිවේය
. සාවාද නැගිට ඇවිත් ශරීරයේ වසා ඇති සතුන්
පලවා හැර සතුටු සිතින් ගින්නට පැන්නේය ..
එහෙත්
ඒ ගින්නෙන් සස පණ්ඩිතයන්ගේ ශරීරයේ ලෝමයකටවත් හානියක් වුයේ නැහැ පිළිස්සෙනවා වෙනුවට
ඔහුගේ ශරීරය සිසිල් විය . එවිට සස පණ්ඩිතයන් බමුණා අමතා මේ ගින්න සිසිල්ය ඒ
මන්දැයි ඇසුවේය ..
එයට
පිළිතුරු දුන් ශක්‍රයන් සස පණ්ඩිතයානනි මම බමුණෙක් නොවෙමි . මම සක්‍ර දෙවෙන්ද්‍රයායි
නුබලාගේ ශිලය පරික්ෂා කිරීම පිණිස මෙහි ආවෙමියි කිවේය ..
පසුව
ශක්‍රයන් සස පණ්ඩිතයන්ගේ මෙම දානමය ශිලය නිසා පැහැදී මේ මුළු බද්‍ර කල්පය පුරා
සියල්ලටම පෙනෙන පරිදි චන්ද්‍ර මණ්ඩලයෙහි සස රූපය ඇඳ සස පණ්ඩිතයන් වඩා ගෙනඇවිත් ඒ වනයේ අලුත් හීතණ පලසක් මතින් තබා පිටව ගියේය ..
දැන් බලමු ප්‍රයෝගිකව
මේ සිදුවීම් විය හැකිද කියලා ....
එදා සිට අද වෙනතුරුත් චන්ද්‍ර
මණ්ඩලයෙහි අප දකින සා සලකුණ සස පණ්ඩිතයන්ගේ රූපය බවයි පැවසෙන්නේ එහෙත් පසු කලකදී
සොයාගනු ලැබුවේ ශක්‍රයා විසින් හදේ ඇද ඇති රුපයක් නොමැති බව සහ ඒ උල්කාපාත
වැටීමෙන් ඇතිවූ සලකුණක් බවයි ..
එහෙත් ජාතක කතාවක සත්‍ය
අසත්‍ය සෙවීම අනුවන කමකි . බුදුන් දෙසුවේ පරම සත්‍ය බැවින් සදේ සස රූපය ඇන්දේ සක්‍රයා
නොවේයැයි කාටවත් තර්ක කිරීමටද නොහැක..
සමහර විට විනාශ
වෙමින් නැවත නිර්මාණය වෙමින් පැවතෙන මේ ලෝ තලයේ චන්ද්‍රයන් වෙනස් වීමට බැරි කමක්ද
නැත. ඒ නැතත් තවමත් දිස්වන උල්කාපාත සා රුපය නිර්මාණයක් වීමටද බැරි කමක් නැත.. සදට
උල්කාපාත කිහිපයක් වැට්ටවීමට ශක්‍ර දෙවියන්ට නොහැකියැයි කිවහැක්කේද ...
ඒ හැරුණු කොට මෙය මහා
බද්‍ර කල්පයේ සිදුව ඇති දෙයක් බැවින් ඒකල සිටි සත්වයන් සත්වයන් අතර හා සත්වයන්
මනුෂ්‍යන් අතර අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව නොතිබුනා යැයිද කීමට නොහැක . එක්
පුරාන කථාවක කියවෙන පරිදි මන්ත්‍රී දේවියගේ ශාපය නිසා සතුන්ට කතාකිරීමට නොහැකි
වුනායයි පැවසීමද එයට එක් උදාහරණයකි .
මෙසේ එකින් එකට සමාන
ලක්‍ෂණ සහිත ජාතක කතාවලින් වර්තමානයේ මනුෂ්‍යාව සිතාගන්නටවත් නොහැකි අමුතුම සුරංගනා
ලෝකෙකට ගෙන ගියත් මෙයිට කල්ප කාලාන්තරයකට පෙර මේ ලෝකයේ මෙවැනි දේවල් ඇත්තටම
සිදුනොවුනා යැයි අපට කිව නොහැක. මක්නිසාද
යත් භද්‍ර කල්පවල වෙනත් කාල ප්‍රාන්ත වලදී සිදුවූ දේවල් තේරුම් ගැනීමට තරම් අපගේ
මනස මෝරා නොමැත . ඒ හැර අප වෙන කුමක් සිතන්නද මේ රාමුවෙන් පිට සිතන්නටවත් අපගේ මනස
මෝරා නොමැත.