Showing posts with label ජිවිතයට පාඩමක්. Show all posts
Showing posts with label ජිවිතයට පාඩමක්. Show all posts

14 October 2013

කෙල්ලන් රැවටු දියමන්ති ගුරුකම..



ට්‍රීoooo… ට්‍රීoooo…

මහා පාන්දරම කන  අයිනේ ඉදගෙන ස්ථාවර දුරකථනයක් නාද දෙනකොට කොහොමද දැනෙන සනිපේ.. එහෙව් වෙලාවක දුරකථනය කුඩු පට්ටම් වෙලා යන්න පොලවේ ගහන්න හිතෙන්නේ මට විතරක්මනම් ඒ මම පාන්දර සුව නින්දට අසිමීතව ඇලුම්කල නිසාම වෙන්න ඇති ... රෑ ජාමයක් ගෙවෙනකන් ඇහැ ඇරගෙන ඉදලා  පාන්දර කිට්ටුව ඇදට පැනලා ඇහැ පියාගන්න මට ඉන් පස්සේ  ඉහ උඩින් හොරණෑ ගහගෙන පෙරහැරක් ගියත් ඇහැ ඇරවනවා බොරු ..

ඒත් මේ දුරකථනය එයිට වඩා බලවත්...

ට්‍රීoooo… ට්‍රීoooo… ට්‍රීoooo… ට්‍රීoooo

එක දිගටම නොනවත්වා පාන්දර ජාමේ නාද වෙන දුරකථනය බොහෝ කාලයක් මගේ නින්දට අසීමිතව බාදා කලා  .ඒ වෙලාවට මම කොට්ටේ නවලා අරගෙන ඒකෙන් කන්දෙකම වහගෙන ආයෙමත් ඇහැ පියාගන්න උත්සහ ගන්නේ  දුරකතනයට විතරක් නෙමේ ඒක හොයාගත්තු ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් උන්නැහැහේ ගෙත් අම්මා මුත්තා මතක් කරගෙන... ෂික්!!! මේ බෙල් උන්නැහේ මොන එහෙකට මේකට බෙල් එකක සද්දයක් දැම්මද මන්දා ,.
 ඒත් කවදාවත් මට දුරකථන සබ්දයට පිටුපාල ආයෙත් නිදාගන්න ලැබෙන්නේ නැහැ..

හැමදාමත් වගේම අම්මා ..

“පුතා ටෙලිෆෝන් එක ගොඩක් වෙලා රින්ග් වෙනවා ටිකක් බලනවද ...”

මට වගේම උන්දැගේ නින්දත් කඩාකප්පල් කරලා දාපු දුරකථනය සොයාගෙන මම යන්නේ හිතේ උපන් කෝධය වචන වලට පරිවර්තනය කරගෙන මුමුණන ගමන්මයි (එම වචන පාලි සංස්කෘතික භාෂාවකට උරුම කම් කියන බැවින් බ්ලොගයේ පලකල නොහැක )

සි එල් අයි නොතිබුන යුගයේ වුවත් එහා අන්තයේ සිට මා අමතන මේ ග්‍රාහකයා කවුදැයි කියා ටක්කෙටම උපකල්පනය කිරීමේ හැකියාව මට තිබුනා .. ඒ වෙන යමක් නිසා නොවේ.. සති කිහිපයක සිට යක්කු ගස් නගින ජාමෙට පවා  මට ඇමතුම් දෙන්න හිටියේ එකෝම එකයි ඒ  ..අසේල ,

හෙලෝ ..

“හෙලෝ චමී මම අසේල.බං..”

“ඔව් මම දන්නවා..ඉතින් කියපන් ...”

“ම්ම්ම් ..ඒක නෙමේ උබ මොනවාද කර කර උන්නේ ..”

ඒ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරයක්  පාලි සංස්කෘතික භාෂාවකට උරුම කම් කියූ  මගේ උක්ත භාෂාවෙන්ම පවසා දුරකථනය විසන්දි කර දැමීමට සිතට ආ හැගීම යටපත් කර ගනිමින් මම පිළිතුරු දුනිමී.

“මුකුත් නැහැ .. මම නිදාගෙන උන්නේ ...”

“ආග්.. මේ වේලාවට උබලට පාන්දර කියලා මට අමතකවුනා.. මම මේ ලන්ච් ගන්න ආව ගමන් උබට කෝල් කලේ .. “

ලෝක බෝලය ඉර වටේ කැරකෙන සිද්දියෙන් කාටවත් අවාසියක් නොවෙනවා යැයි කීවට.. එහි අවාසිය තදින්ම මගේ නින්දට බලපෑම් කලේ ඔන්න ඔය ආකාරයටයි..  සතියට දවසක් දෙකක් අසේල ලන්ච් ටයිම් එකේදී මට  දුරකථන ඇමතුම් අරගෙන මර නින්දේ උන්නු මාව අවදි කරන එක දිගටම සිදුවුනා ... වරද අප දෙදෙනාගේම නොවේ  වරද ඇත්තේ  අප එකම රේකාවක දෙපැත්තේ ඇති රටවල් දෙකක ස්ථානගතවි සිටිමයි...

“හා දැන් ලන්ච් අරගෙන ඉවරනම් කතාකරපු හේතුව කියපන්කො ..”

“මේකයි චමි හෙට නර්මදාට ක්ලාස් දවසක්...

නර්මදා කියන්නේ අසේලගේ කෑල්ල සභ්‍ය  වචනෙන් පෙම්වතිය කියමුකෝ.. මේ ප්‍රේමෙට වසර කිහිපයකම ඉතිහාසයක් තිබුනත්  ඒ ගෙවී ගිය කාලයේ තරමට තද බැදීමක් මුන් අතර තිබුන බවක් පෙනෙන්න තිබුනේ නැහැ, මම නම් කොහොමටවත් දැක්කේ නැහැ..

“නර්මදාට ක්ලාස් ඉතින් මට මොකෝ ..”

“එහෙම කියන්න එපා බං උබ මට උදව්වක් කරපන්.. මේ ලව් එකට මුල ඉදලම උදව් කලෙත් උබනේ ..”

ඇත්තටම මේ ආදර කතාවේ මමත් ප්‍රධානතම චරිතයක්, සමහර විට මම නොහිටියානම් මේක නොවෙන්නත් තිබුනා.. ඒත් ඉතින් මිනිස්සුන්ගේ ෛදවය වෙනස් කරන්න බැහැ කියනවනේ එහෙම බැලුවම මම නැතත් වෙන්නත් තිබුනා ..
කොහොමින් හරි මේකත් මගේ අතින් සිදු කරපු සාර්ථක කපුකමක් විදියටම තමයි අදත් මම හිතන්නේ.  මේක සාර්ථක වෙන්න මගේ අතින් සියයට දශම ගානක හරි දායකත්වයක් නොතිබුනා කියන්නනම්  කාටවත් බැහැ..

නර්මදාව මම අදුන ගත්තේ කොයි කාලේ ඉදලද කියන්න හරි හමන් මතකයක් නැතිවුනත්.. කාලෙක ඉදන් මගෙයි ඇගෙයි දැන හැදුනුම් කමක් තිබුනා එහි ප්‍රථිපලයක් හැටියට තමයි දවසක් අසේලට නර්මදාව දකින්න ලැබුනේ..  දැක්ක මුල් දවසෙම නොවුනට කාලයක් එක දිගටම දුටු නිසාමදෝ අසේලගේ හිතේ නර්මදා ගැන අදහසක් ඇතිවෙලා තිබුනා... මමත් ඒක දැනගත්ත දවසෙම ආයේ දෙපාරක් හිතුවේ නැහැ ගිහින් ඇහුවා අසේල ගැන නර්මදාගෙන්... අපි එහෙමයි ඈ..

නර්මදාත් වැඩිය ඇබරුනේ නැහැ දෙතුන් පාරක් ඇබරිලා “හා “ කැමතියි  කීවා ... එහෙම පටන් ගත්තු මේ ආදර අන්දරය අවුරුදු දෙකක් පමණ මෙරටද අවුරුද්දක් පමන අසේල ඇමරිකාවේ පදිංචි කාරයෙක්වූ පසුවද පැවති නමුත් කාලයේ තරමට දිගු බැදීමක්නම් නොතිබුන ගානයි ..

“හරි දැන් මම මොකද කරන්න ඕනේ...”

“මේකයි බං දැන් නර්මදා මම කෝල් කලාට අන්සර් කරන්නේ නැහැ  උන්ගේ ගෙදරිනුත් මට කැමති නැහැ කියලා නර්මදා දැන් මාව තබේකට මායිම් කරන්නේ නැහැ  ..”

“එහෙමද ..ඉතින් දැන් මොකද මම කරන්න ඕනේ ..”

“මම හොයාගත්තා හැම ඉරිදාම උදේ පහට නර්මදා කොළබ බස් එකට නගිනවලු පංති යන්න. මම අහවල් ගෙදරට ලියුමක් එව්වා උබ ඒක අරගෙන ගිහින් හෙට උදේ පහට බස් හෝල්ට් එකේදී නර්මදාගේ අතටම දීපන්කො ..

“දැන් වේලාව තුනටත් ලගයි ... හරි තව පැය දෙකක් මෙහෙම්මම ඉදලා මම ගිහින් දෙන්නම් එහෙනම් ..”
----------------------------------------------------------------------------------------------------

උදේ පහ වෙනකන් ඇහැ පියවෙන්න නොදී  අමාරුවෙන් ඉදලා පහටත් කලින් ගෙදරින් පිට වෙලා අහවල් ගෙදර උන්දැලවත් අවදි කරවලා ලියමන ඉල්ලගෙන... සීතලේ ගැහි ගැහි... කිලෝමීටර් හතරක් විතර දුරක් ගෙවාගෙන ගිහින් බස් හෝල්ට් එකේ රැකගෙන හිටියා නර්මදා එනකන් ..

මම කවදාවත් මගේ ලව් එකකටවත් මෙහෙව් කටු කෑමක් කාලා නැති එකේ අසේලගේ වැඩේට මේ තරම් කැපවීමක් කරන්නේ ඌ කවදාවත් මගේ ලව් වලට උදව් කරලා තියෙන නිසා නොවේ ..ඔහු කලේ ඒ කාලේ හැටියට අපි අමාරුවෙන් උත්සහ කරලා එකක් සෙට් වේගෙන එනකොට අදාල තරුණියගේ ගෙදරට නිර්නාමික දුරකථන ඇමතුම් දීලා  ඒ සම්බන්දයන් කඩ ඉහිරවලා  අමුතුම සතුටක් ලබපු එක.. කොහොමින් හරි ඒවා අතේ මාට්ටු උනත් අපිත් ගනන් නොගෙන උන්නේ ඒ කාලේ හැටියට අපිටත් සීරියස් සම්බන්දයක් ගොඩ නගාගන්න තරම්  උවමනාවක් නොතිබුන නිසාම මිස වෙන එහෙකට නොවේ .. එහෙත් දැන් නර්මදා සම්බන්දයෙන් අසේල සීරියස් බව තේරුන වෙලාවේ ඉදලා මම තීරණය කළා කොහොම හරි මේක ගොඩ දානවා කියලා..

කොහොම උනත් ලව් වලට උදව් කරන්න පුළුවන් කමක් තිබුනොත් මම එහෙම නොකර  ඉදල නැහැ.. ආදර සම්බන්ද වලට උපකාර කරන එක දෙලොවටම කරගන්නා පිනක් විදියට තමයි මම අදටත් සලකන්නේ.. ඒ නිසාමයි බස් එකක තනියම ෂිට් එකක වාඩි වෙලා යද්දී වුනත් ජෝඩුවක් නැග්ගොත් උන් දෙන්නව  දේ තැනකට නොයවා  නැගිටලා ෂිට් එක පරිත්‍යාග කරන්නේ.. (ඔය පිං ලැබෙද්දී බෝනසුත් එක්ක ලැබෙයි මතු ආත්මෙක හික්..හික්..)


ඔග්..කතාවෙන් කතාවෙන් මෙන්න නර්මදාත් ඇවිල්ලා ...

මට කෙලින්ම ඉදිරියට ගිහින් නර්මදාට ලියමන දිගු කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ..  මම නර්මදාට කිට්ටු කලේ ගස් ගල් වල පිහිටෙන්.. ඒ කිව්වේ ගස් ගල් වලට මුවා  වෙමින් බඩගාමින් ගරිල්ලා මෙහෙයුමක් දියත් කරමින්.. ඒකට හේතුව නර්මදාව ඇරලවන්න උන්ගේ අයියා ඇවිත් උන්නා .. අසේල එක්කටත් වඩා උන්ගේ අයියා අමනාපෙන් උන්නේ මාත් එක්ක.. මගේ දිහා බැලුවේ හරියට උන්ගේ නංගිව බලෙන් අරගෙන ගිහින් අසේලට බන්දලා දෙන්න හදන ත්‍රස්තවාදියෙක් දිහා බලන ගානට .. ඒ බැල්ම නොවැටෙන්න මම හැකි තරම් ප්‍රවෙසම්වුනා ..

අවසානයේ අයියා ගිය ගමන් ලියමනත් එලියට අරගෙන නර්මදාගේ අතින් තියන්න අඩි දෙක තුනක් තියෙද්දීම මාව දැක දැකම මේ උන්දැ නැග්ගේ නැතෑ බස් එකට... මගේ උත්සාහය අපතේ ..!!

ඒත් මාව දැක දැකම බස් එකට නැග්ග එක ගැන මට අරුමයක් නොවුනේ ඒ කාලේ අසේල එක්ක යාළුවුන අලුතම වුනත් අසේලව දැක දැකම තබේකට මායිම් නොකර මේ උන්දැ බස් වලට ගොඩවෙනවා මම ඇති පදම් දැකලා තියෙන නිසාමයි ..

එදාට පස්සෙත් මට දවස් ගානක්ම හරියකට නින්දක් ලැබුනෙම නැහැ.. හැමදාම ලන්ච් ටයිම් එකට අසේල ඇමතුම් අරගෙන දුක් ගැනවිල්ල කියන්න ගත්තා..මම පාන්දර දෙකට ඇහැරගෙන ඒවා ඇහුව...,

කොහොමින් හරි මේ වැඩේ ඉවරයක් දකින්න ඕනේ කමටම මම දවස් ගානක් මහන්සි වෙලා කොමිනිකේෂන් එකක දැරිවියෙක් ලව්වා හත් අට වතාවක් ඇමතුම් අරගෙන දවසක් සම්බන්ද කරගත්තා දුරකතනයට නර්මදාව ..

“හෙලෝ නර්මදා මේ මම චමී..

“ආ චමී කියන්න ඇයි....”

“මම එදා ඔයාට අසේලගෙන් ලියුමකුත් අරගෙන ආවේ ..ඔයා මම එනකොටම බස් එකට නැග්ගා ..

“හ්ම්ම් ..මම දැක්කා ඔයා කොලයකුත් අරගෙන මගේ පැත්තට එනවා.. , ආයේ එහෙම එන්න එපා චමී මට ක්ලාස් යන්නත්  පරක්කු වෙනවා ඔය වැඩ හින්දා  ඔය ලියුම විසි කරලා දාන්න ...

“එහෙම හරි නැහැනේ අසේල පව්නේ.. මම ලබන ඉරිදට අරගෙන එන්නද ...”

“ඔයාට පිස්සුද මම එන්නේ අයියත් එක්ක ..”

“මම අයියා ගියාට පස්සේ දෙන්නම් ..”

“බස් එකක් ආවොත් මම නගිනවා එයිට කලින් දෙන්න පුළුවන් උනොත් බලමු.., අනික ඔය අසේලව අපේ ගෙදර අයට පෙන්න බැහැ.. රට ගියයි කිව්වට කවුද දන්නේ ඔය කොහෙහරි රටකත් රස්තියාදු වේවි ඇති ..”

තව දුරටත් නර්මදා ගැන බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නැතිබව මට තේරුනත්  ඒක අසේල පිළිගන්න කැමතිවුනේ නැහැ .. බැලු බැල්මට වංගෙඩියයි මෝල් ගහයි වගේ පෙනෙන මුන් දෙන්නගේ අදහසුත් එයිට වෙනසක් නැතිව තියෙද්දී අසේල මේ තරම් නර්මදාට වහ වැටුන කරනවා ඒ කාලේ මටත් ගැටලුවක්වුනා.. සමහර විට කර්මය කියන්නේ එකට වෙන්න ඇති, ලබා උපන් හැටි බබා කෙටු හැටි කියන්නෙත් එකටම වෙන්ට ඇති මයේ හිතේ ..

මෙහෙම කාලේ ගෙවීගෙන යනකොට දවසක් හරි පුදුම අත්දැකීමක් ලබන්න මටත් හැකිවුණා දුර ගමනක් ගිහින් එන ගමන් හදිසියේ එල්ලුන බස් එකේ පස්සෙම ෂිට් එකේ මෙන්න නර්මදා  ඉන්නවා වෙන කොල්ලෙක්ට තුරුළුවෙලා.. දැක්ක දෙයින් ඇස් අදහගන්න බැරි වුනත් මම ඊලග නැවතුමෙන්ම බසයෙන් බැහැගත්තේ නර්මදා මාව දකින්න ඉස්සර ...

පස්සේ හොයා බලද්දී දැනගන්න ලැබුන විස්තර අනුව මේක බොහොම කාලේක ඉදලා තියෙන සම්බන්දයක්..දෙන්නම එකම පංතියේ ඉගෙන ගන්නේ.. ඒත් මේ විස්තර අසේලට කියලා අඩා වැලපෙමින් ඉන්න උගේ හිත තව තවත් දුර්වල කරන්න මට හිත නොදුන්න නිසා මමත් සද්ද නැතුවම උන්නා.. ඒකෙන් උනේ දිගින් දිගටම අසේලගේ රාත්‍රියේ ලැබෙන ඇමතුම් ගණන වැඩි වීමයි ..මගේ නින්ද අඩු වීමයි විතරයි...

මේ තවත් දවසක්..

“හෙලෝ චමි...”

“ඔව් අසේල කියපන් ..”

“තව දවස් දෙක තුනකින් කෙනෙක් උබලගේ ගෙදරට පාර්සලයක් ගෙනත් දෙයි ..ඒක නර්මදාට ගෙනිහින් දීපන් .”

“ඒ ගමන ලියුම් පාර්සලයක් එව්වද .. දැන් ඕක නවත්තපන් බං ඕක කෙරෙන වැඩක් නෙමේ ..”

“ප්ලීස් බං මේක ගිනිහින් දීපන් ..මේ ලියුම් නෙමේ ...”

“එහෙනම් මොනවද “

“දියමන්ති පෙට්ටියක්...”
_________________________________________________________________________________
තවත්  දින ගානක උත්සහයකින් පසුව නර්මදාව දුරකතනයෙන් සම්බන්ද කරගන්න මට අවස්ථාවක් ලැබුනා..

“හෙලෝ නර්මදා ...

“ආ චමි.. මම දැක්කා ඔයා දවසක් දෙකක් බස් හෝල්ට් එකේ ඉන්නවා.. අනුන්ගේ ලියුම් අරගෙන රස්තියාදු වෙන්නේ නැතුව වෙන වැඩක් කරගන්න චමි ..”

“ නෑ නර්මදා අසේල ඔයාට දෙන්න කියලා දෙයක් එව්වා මේ ඉරිදට මම අරගෙන  එන්නම් ටිකක් ඉන්න පුලුවන්ද

“අපෝ මේ ඉරිදටනම් ඔය මනුස්සයාගේ ලියුම් හෑලි උස්සගෙන එන්න එපා ..මට මේ ඉරිදා එක්සෑම් එකකුත් තියෙනවා.. මට බස් හෝල්ට් එකේ පරක්කු වෙන්න බැහැ..වෙන දවසක බලමු ..”

“නෑ..නෑ. නර්මදා මේක ලියුමක් නෙමේ ..ok  මම වෙන දවසක එන්නම් ..”

“ලියුමක් නෙමේනම් මොකක්ද ..”

“පෙට්ටියක්...”

“පෙට්ටියක් මොන පෙට්ටියක්ද ..”

“පුංචි දියමන්ති පෙට්ටියක් ...”

“දියමන්ති ...”

මද වෙලාවක් යනතුරු නර්මදාගෙන් සබ්දයක් ඇසුනේ නැත .. ඒ කාලය විනාඩියක් පමණ වේ ඒ බැවින් මනුෂ්‍ය සිතක පරිවර්තනය වීමට ගතවන කාලය විනාඩියකැයි මා සිතාගතිමි ..

“චමි එහෙනම් ඔයා මේ ඉරිදට එන්න ....”

“මේ ඉරිදට ඔයාට එක්සෑම් නේද මම වෙන දවසක එන්නම් එහෙනම් ..”

“නෑ කමක් නැහැ මේ ඉරිදට එන්න..”

“අයියා හිටියොත්..”

“ඒකට කමක් නැහැ මම අයියා යනකන් බස් එකට නගින්නේ නැතුව ඉන්නම්..”

“එතකොට ඔයාට එක්සෑම් එකට පරක්කු වෙයිනෙ...”

‘එක්සෑම් එකට ටිකක් පරක්කු උනාට කමක් නැහැ.. මම ඉන්නම් ඔයා එනකන් ..”

“හරි එහෙනම් මම ඉරිදට එන්නම් ..”

“හා චමි වරද්දන්න එපා මම බලාගෙන ඉන්නවා බස් හෝල්ට් එකේ ..”
______________________________________________________________________________

එදායින් පසු දිනෙක නර්මදා මට කතාකොට අසේලගේ විදේශ දුරකථන අංකයද ඉල්ලා ගත්තේය.. එයින් පසු 
අසේලගෙන් මට නිතර නිතර ලැබෙන ඇමතුම් අඩුවී ගිය අතර.. මෙතෙක් කාලයක් අසේලට දැඩි අකමැත්තක් දැක්වූ නර්මදාගේ මාපියන් දැන් ඔහුට දැඩි කැමැත්තක් දක්වන බවද දැනගන්නට ලැබුණි .. සමහර විට දියමන්ති වලින් ඔවුන් අසේලගේ වර්තමාන වත්කම් තීරණය කරන්නට ඇත..

මේ දියමන්ති තාග්‍යය ලැබී මසකට පමන පසු අසේල ලංකාවට පැමිණ දෙපාර්ශයේම අසිර්වාද මැද නර්මදාව විවාහ කරගත්තේය.. පසුව දෙදෙනාම විදෙස්ගතවිය.. අදද මේ දෙපල කොහේ හෝ රටක සතුටින් ජිවත් වනවා ඇත ..

මේ විවාහයෙන් මාස කිහිපයකට පසුව දිනක් සාදයකදී  මට අමුත්තෙක් හමුවිය දුටු විගසම මට ඔහු හැදින ගැනීමට අපහසුවුයේ නැත .. ඔහු නර්මදා සමග බසයේ තුරුළුව ආ තරුණයාය .. ඔහු හා කතාවට වැටුණු මා  ඉදිරියේ ඔහු සියල්ලම දිගහැරියේය ඔහු අහිංසකයෙකි...

නිවෙස් දෙකෙන්ම කැමැත්තෙන් සිට පසුව නර්මදා සහ ඔහුගේ පවුලේ උදවිය හේතුවක් නොමැතිව  එකවරම ඔහුට අකමැතිවූ අකාරය ඔහු මා ඉදිරියේ පැවසුවද එසේ වීමට හේතුව කුමක්දැයි ඔහු අදටත් නොදනී... එහෙත් ඒ සියල්ලටම හේතුව දියමන්ති තාග්‍යය බව මම ඔහුට පැවසුවේද නැත ..

එහෙත් මේ සිදුවීමෙන් පසු කිසිදා නොවිසදුන කලකිරීම මුසු පැනයක් මගේ සිතේ  පැලපදියම් විය.. එය නම්  ගැහැනුන්ගේ  ආදරය වැනි ප්‍රබල මානුෂික හැගීම් යටපත් කිරීමට තරම් මිල මුදල් මුතු මැණික් යන භෞතික වස්තුන් ප්‍රබල වුයේ කෙසේද යන්නය ..?????




29 May 2013

ගින්නට පැනීම , සස ජාතකය සහ ඇත්ත.



වෙසක් සතිය ගෙවීගෙන යන මේ මොහොතේ  බුදු චරිතයට අදාළ පුංචි කථාවක් හෝ නොලිවහොත්  එය  මදි කමකි  . මේ දිනවල සිදුවූ  හිමි නමගේ ජිවිත පුජාවත් සමගම  එය බෝධිසත්ව චරිත කතා වලට සමාන කිරීමට උත්සහ කරන පිරිසකුත් මට දැක ගන්නට ලැබුණි  . 

බෝධිසත්ව ජාතක කතා ගෙන හැර දැක්වුවහොත් බෝධිසත්වයන් ජීවිතය දන්දුන්  අවස්ථා කිහිපයක් තිබේ . එහෙත් ඒ එකක්වත් වර්තාමානයේ මේ හිමිනමගේ  ක්‍රියා කලාපය හා සැසදීමට නොහැක. බෝධිසත්වයන්ගේ දන්දීම සහ හිමිනමගේ ජිවිත හානිකරගැනීම සංසන්දනය කිරීමට යෑමෙන් සිදුවන්නේ ඒ අපවත්වූ හිමිනමගේ චරිතයට තව තවත් හානි වීම පමණි. එම ක්‍රියාවේ නුගුණ ලියමින් හිමිනමට තව දුරටත් නින්දා කිරීම යුතු නොවන බැවින් එම හිමි නමගේ ගිනි පුජාව සමාන කරන බෝධිසත්ව චරිත කිහිපය අතරින් සස ජාතකය ගැන පමණක්  මම ලියමි .

යට ගිය දවසක  බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ එක වනයක  වඳුරෙක්, සිවලෙක් මස්කාවෙක් සහ සාවෙක් ද ඉතා මිතුරුව  ජීවත්වීය . අනෙක් සතුන්ට වඩා මේ සාවා නුවණැත්තෙක් බැවින් අනෙක් තිදෙනා  ඔහුව හදුන්වා ඇත්තේ සස පණ්ඩිත යනුවෙනුයි. මේ සස සාවද දිනපතා ආහාර ගැනීමෙන් පසුව තම මිතුරු සත්වයන්  තිදෙනාට අවවාද අනුසාසනා කරන එක පුරුද්දක් කරගෙන තිබෙනවා .

 දිනක් මේ සිව් දෙනා සිටින විට පොහෝ දිනට පෙර දිනෙක රාත්‍රියේ  පිරුන හඳ දැක  ඉන් පසුව සස පණ්ඩිතයෝ විසින් අනෙක් මිතුරන්ට මෙසේ පවසන්නට විය .”හෙට පොහොය දිනය ඒ  බැවින් අප සීල් සමාදන් විය යුතුයි  . සිල්වත් ව සිට දෙන දානයන් හි විපාක බලවත් . එබැවින් කවරෙක් හෝ යාචකයෙක් හෙට දින  ඔබලා අසලට පැමිණියහොත්  ඔබලා අනුභව  කරන දෙයින් යමක් දෙන්න”  මිතුරෝද සස පණ්ඩිතයන්ගේ අවවාද පිළිගෙන පිට විය .

පසුදින උදෑසන මස්කාව කෑම සොයාගෙන යද්දී . වැද්දෙක් විසින් දඩයම් කර අමතකව දමාගිය මසුන් කිහප දෙනෙක් දැක එය රැගෙන තම නවාතැනට ඇවිත් . පසුව ආහාරයට ගැනීමට සිතාගනිමින් පැත්තකින් තබා ශිලය රකිමින් සිටින්නට විය .

(මස්කාව /දියබල්ලා )


මේ අතර සිවලාද එසේම කෑම සොයා යන අතරේ ගොවි නිවෙසක් අසල දමා ගොස් තිබු වේලු තලගොයි මාංශයන් දැක එයට හිමිකරුවෙකු  සොයා නැති බැවින් තම නවා තැනට ගෙනැවිත් පසුව ආහාරයට ගැනීමට සිතා  පසෙකින් තබා ශිලය ආරක්ෂා කරමින් සිටින්නට විය , මේ අතර වදුරාද මී අඹ වල්ලක් සොයා ගෙනැවිත් එලෙසම පසෙක තබා භාවනාවේ යෙදෙන්නට විය  ..

මේහෙම මිතුරු සත්‍වයෝ භාවනාවේ යෙදෙන අතර සස පණ්ඩිතයෝ හෙවත් සාව ද බඩගිනිවූ විට ගොස් හී තණ කනවා යැයි සිතාගෙන සිල් සිහි කරමින් වැදගෙන ගෙන සිටින්නට විය  . එහෙත් ඒ අතරේ ඔහුට සිහිවන්නේ මෙසේ සිටින අතරේ වෙන කිසිවෙක් ආහාරයක් සොයා තමන් වෙත පැමිණියහොත් ඔහුට දීමට දෙයක් නොමැති බවයි. 

එසේ පැමිනෙන්නෙක් හට හී තණ දීමටද නොහැක එසේනම් මා ඔහුට පිළිගන්වන්නේ කුමක්දැයි සිතමින් සිටින හාවට පහල වන්නේ අමුතුම අදහසකි . අද කිසිවෙක් ආහාර සොයාගෙන මාවෙත ආවොත් කිසිවෙකු නොදෙන විදිහේ දානයක් මා ඔහුට පිළිගන්වමී.. මා මාගේ ශරීරයේ මාංශ ඔහුට අනුභවයට ලබා දෙමී .. මෙසේ සිතු සස පණ්ඩිතයෝ දිගටම ශිලය රකින්නට විය .

මොවුන්ගේ මෙම ශීලයේ බලය ශක්‍ර දේවේන්ද්‍රයාටද දැනෙන්නට විය . මොවුන්ගේ ශිලය පරික්ෂා කර බැලීමට සිතු ශක්‍රයෝ බමුනෙක්ගේ වෙස් ගෙන වනයට ආහ ...

එසේ පැමිණි බමුණා මුලින්ම මස්කාව අසලට ගොස් කෑමට යමක් අයද සිටියේය .. මස්කාවාද ඔහු රැගෙන විත් තිබු ආහාරය බමුණාට පිළිගැන්වුහ . බමුණා එය එතැනම තබා නැවත රැගෙන යාමට එනබව පවසා ගියේය ..එසේම නරිය අසලට සහ වදුරා අසලටත් ගොස් ඔවුන් දුන් දෑ නැවතත් එතනම තබා නැවත එනබව පවසා අවසානයේ සාවා ලගට ගොස් ආහාරයක් අයැදුවේය..

බමුණා දුටු සස පණ්ඩිතයෝ ඉතා සතුටට පත්වී මෙසේ කිවේය “ මාගේ බලාපොරොත්තුව මුදුන් පමුණුවා ගැනීමට ඔබගේ පැමිණීම ඉතාම උතුම්ය  කිසිවෙකු නොදුන් ආකාරයේ දනක් මම අද නුබට දෙමි , මෙතන ගිනි මැලයක් ගසන්න මම එයට පැන  මා පිළිස්සුනු පසු ඔබට මාගේ මාංශය අනුභව කල හැකිය යි කිවේය ...

බමුණු වෙස් ගෙන සිටින ශක්‍රයා ඒ අසල ගින්නක් මවා සාවාට ගින්නක් දල්වා ඇති බව කිවේය .  සාවාද නැගිට ඇවිත් ශරීරයේ වසා ඇති සතුන් පලවා හැර සතුටු සිතින් ගින්නට පැන්නේය ..

එහෙත් ඒ ගින්නෙන් සස පණ්ඩිතයන්ගේ ශරීරයේ ලෝමයකටවත් හානියක් වුයේ නැහැ පිළිස්සෙනවා වෙනුවට ඔහුගේ ශරීරය සිසිල් විය . එවිට සස පණ්ඩිතයන් බමුණා අමතා මේ ගින්න සිසිල්ය ඒ මන්දැයි ඇසුවේය ..

එයට පිළිතුරු දුන් ශක්‍රයන් සස පණ්ඩිතයානනි මම බමුණෙක් නොවෙමි . මම සක්‍ර දෙවෙන්ද්‍රයායි නුබලාගේ ශිලය පරික්ෂා කිරීම පිණිස මෙහි ආවෙමියි කිවේය ..



පසුව ශක්‍රයන් සස පණ්ඩිතයන්ගේ මෙම දානමය ශිලය නිසා පැහැදී මේ මුළු බද්‍ර කල්පය පුරා සියල්ලටම පෙනෙන පරිදි චන්ද්‍ර මණ්ඩලයෙහි සස රූපය ඇඳ සස පණ්ඩිතයන් වඩා ගෙනඇවිත්  ඒ වනයේ අලුත් හීතණ පලසක් මතින් තබා  පිටව ගියේය ..


දැන්  බලමු ප්‍රයෝගිකව මේ සිදුවීම් විය හැකිද කියලා ....


එදා සිට අද වෙනතුරුත් චන්ද්‍ර මණ්ඩලයෙහි අප දකින සා සලකුණ සස පණ්ඩිතයන්ගේ රූපය බවයි පැවසෙන්නේ එහෙත් පසු කලකදී සොයාගනු ලැබුවේ ශක්‍රයා විසින් හදේ ඇද ඇති රුපයක් නොමැති බව සහ ඒ උල්කාපාත වැටීමෙන් ඇතිවූ සලකුණක් බවයි ..

එහෙත් ජාතක කතාවක සත්‍ය අසත්‍ය සෙවීම අනුවන කමකි . බුදුන් දෙසුවේ පරම සත්‍ය බැවින් සදේ සස රූපය ඇන්දේ සක්‍රයා නොවේයැයි කාටවත් තර්ක කිරීමටද නොහැක..

සමහර විට විනාශ වෙමින් නැවත නිර්මාණය වෙමින් පැවතෙන මේ ලෝ තලයේ චන්ද්‍රයන් වෙනස් වීමට බැරි කමක්ද නැත. ඒ නැතත් තවමත් දිස්වන උල්කාපාත සා රුපය නිර්මාණයක් වීමටද බැරි කමක් නැත.. සදට උල්කාපාත කිහිපයක් වැට්ටවීමට ශක්‍ර දෙවියන්ට  නොහැකියැයි කිවහැක්කේද ...

ඒ හැරුණු කොට මෙය මහා බද්‍ර කල්පයේ සිදුව ඇති දෙයක් බැවින් ඒකල සිටි සත්වයන් සත්වයන් අතර හා සත්වයන් මනුෂ්‍යන් අතර අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව නොතිබුනා යැයිද කීමට නොහැක . එක් පුරාන කථාවක කියවෙන පරිදි මන්ත්‍රී දේවියගේ ශාපය නිසා සතුන්ට කතාකිරීමට නොහැකි වුනායයි පැවසීමද එයට එක් උදාහරණයකි .

මෙසේ එකින් එකට සමාන ලක්‍ෂණ සහිත ජාතක කතාවලින් වර්තමානයේ මනුෂ්‍යාව සිතාගන්නටවත් නොහැකි අමුතුම සුරංගනා ලෝකෙකට ගෙන ගියත් මෙයිට කල්ප කාලාන්තරයකට පෙර මේ ලෝකයේ මෙවැනි දේවල් ඇත්තටම සිදුනොවුනා යැයි අපට කිව නොහැක.  මක්නිසාද යත් භද්‍ර කල්පවල වෙනත් කාල ප්‍රාන්ත වලදී සිදුවූ දේවල් තේරුම් ගැනීමට තරම් අපගේ මනස මෝරා නොමැත . ඒ හැර අප වෙන කුමක් සිතන්නද මේ රාමුවෙන් පිට සිතන්නටවත් අපගේ මනස මෝරා නොමැත.




26 May 2013

ඉන්ද්‍ර රතන හිමිගේ ගිනි පූජාව.. ගව ඝාතනය සහ සත්ව ඝාතනය




ගව ඝාතනයට විරුද්ධව  දළදා මාලිගාව ඉදිරි පිටදී  ශරීරයට හිනි තබාගෙන අපවත්වූ ඉන්ද්‍ර රතන  හිමියන්ට ප්‍රථමයෙන්ම නිවන් සුව ප්‍රර්ථනා කරන අතර එම සිදුවීම සැලසුම් ගතව පටිගත කර මාධ්‍යාට ලබාදුන් සුවර්ණවාහිනි නාලිකාවටද එකසේ ස්තුතිය පුදකළ යුතුයි .

බෞද්ධ ආගමිකයන් අන්‍යාගම් වලට හැරවීම නැවැත්විමටත් සව ඝාතනය නැවැත්වීමත් යන කාරණා දෙක මුලික කරගෙන ඒ වෙනුවෙන් ජීවිතය දානය කල ඉන්ද්‍රසාර ගිමියන් මෙයින් බලාපොරොත්තු වන දෙය කොයිතරම් දුරට සාර්ථකද සාධාරණද යන්නෙහි ගැටලුවක් පැනනැගී ඇත .

ඉන්ද්‍ර රතන  හිමියන් පවසන ප්‍රථම කාරණය ගෙන බැලුවහොත් අන්‍යාගම් අවලට හැරවීම කියන කාරණය , එතැනදී මනුෂ්‍යන්ට තමන් කැමති ආගමක් වැලද ගැනීමට හෝ ඇදහීමට නිදහස තිබිය යුතුයි ලංකාව තුල ඒ නිදහස තිබෙන බැවින් ඒ සදහා බලකිරීමක් කරනවායයි කීම පිළිගත හැකි කාරණයක් නොවේ . බෞද්ධ යෙක් හෝ කුමන ආගමිකයෙක් වේවා ඔහු කැමතිනම් වෙනත් ආගමක් වැලද ගැනීම ඔහුගේ කැමැත්තයි එකට විරුද්ධ වෙන එක නිෂ්පලයි.


දෙවැනි මෙන්ම ප්‍රධාන කාරණය වන ගව ඝාතනය, මෙතැනදී දකින ප්‍රධාන වරදනම් ඇයි ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ . විරුද්ධ විය යුතුනම් විරුද්ධ විය යුත්තේ සියලුම සත්ව ඝාතනයන්ටය,  ගව ඝාතනයට පමණක් විරුද්ධවන බෞධ්දයන් දකින විට ඇතිවන්නේ හාස්‍යක්.

සිංහල බොදුනුවන් බොහෝ විට තර්ක කරන්නේ ගව ඝාතනය හෝ සත්ව ඝාතනය සිදු කිරීමට අන්‍ය ආගම් වලින් අනුබල දෙනාවායයි කියන කාරණය. මා දන්නා අන්දමින් කිසිම ආගමකින් සත්ව ඝාතන වලට අනුබල දීම් සිදුකර නැහැ පසුකලකදී ඇතිවූ වෙනස්වීම් හැරෙන්නට . එහෙත් සමහර ආගම් වලින් සත්ව ඝාතන නොකරන්න කියා ද  සදහන් කර නැහැ.  එයටද හේතුවන කරුණු තිබේ.

බෞද්ධ ධර්මය හැරුනුවිට අනෙක් බොහොමයක් ආගම්වල මුලාරම්භය ඇතිවී තිබෙන්නේ යුරෝපය ,පලස්තීනය ,අරාබිය, වැනි රටවලින් අතීතයේ එවැනි බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ග වුයේ සතුන්, ලෝකයේ සියලුම ප්‍රදේශ කෘෂිකර්මාන්තයට සාර්ථක වුයේ නැහැ , එබැවින් ඒ රටවල මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවයන් වලට සරිලන අන්දමින් ඵළ බෝග වගාකරගැනීම සාර්ථක නොවන බැවින් සත්ව මාංශ ප්‍රධාන ආහාරයක් බවට පත්වී තිබෙනවා . ඒ බැවින් එවැනි පසුබිමක් සහිතව නිර්මාණයවූ ආගම්වලට සත්ව මාංශ අනුභව කිරීම වරදක් විදියට දක්වා නැත . වරද ඇත්තේ නොයෙක් නොයෙක් ආගම් අදහන්නක් එකම රටක් තුල ජීවත්වීමේදී  අනෙකාගේ චර්යාවන් වලට සංවේදී නොවීමයි...

තත්වය එසේ තිබේදී ඉන්ද්‍ර රතන  හිමියන් දිවි පුදකිරීම කොයිතරම් දුරට සාධාරනදැයි නොදනිමි . නියපිට රැදී පස් පිඩක්මෙන් බොහෝ කලාතුරකින් ලබන මනුෂ්‍ය ආත්මය විනාශ කරගැනීම එයිටත් වඩා පාපයක් බව චීවර දාරීන් නොසැලකීම එයිටත් වඩා කනගාටුවට කරුණකි.

ලංකාව තුල මනුෂ්‍යන්ට ආහාර සදහා ධාන්‍යාගාරය ප්‍රමානවත්නම් ගව ඝාතනය පමණක්ම නොව සියලු සතුන් ඝාතනය ද තහනම් කලාට වරදක් නැත . මක්නිසාදයත් ජීවත්වීමේ අයිතිය ගවයාට පමණක්ම නොව අනෙක් සතුන්ටද ලැබිය යුතුය . පව් සිදුවන්නේ ගව ඝාතනය නිසා පමණක්ම නොව කුමන සත්වයෙකුගේ හෝ   ජීවත්වීමේ අයිතිය උදුරා ගැනිම පාපයකි . එහෙත් ඇයි තවමත් ගවයන්ට පමණක් විශේෂයක් ????

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...