මේ කතාව මෙයිට
දශක කිහිපයකට ඉහතදී සිදුවූ සත්‍ය කතාවක්. ඒ කියන්නේ ලංකාවේ සිංහල සිනමාව අතිශයෙන් ජනප්‍රිය
වෙච්චි කාලයක් තිබුනනේ ආන්න ඒ කාලේ . ඒ
කාලේ තමයිලු ලංකාවේ සිනමාවේ නැගීමක් තිබුනේ හොද දක්ෂ කම් වලින් සපිරුණු නළු නිලියෝ
කැලක් ඒ කාලේ අපිට හිටියා ඒ කාලේ ඉපදෙන්න
ඕනේ නැහැ අපේ කාලේ ඉපදුන කෙනෙක්ට උනත් පරණ චිත්‍රපටයක් බැලුවම ඒ වෙනස තේරුම් ගන්න
පුළුවනි තාක්ෂනය අතින් දුර්වල තලයක තිබුණු යුගයක උනත් රගපෑම් තීර රචනා ගීත රචනා
අතින් මේ කාලේට වඩා දියුණුවක් ඒ කාලේ දකින්න තිබුනා ..
උදාහරණයක්
හැටියට “කොළඹ සන්නිය” චිත්‍ර පටය අරගෙන බලන්න ඒ තරම් හාස්‍යජනක සිංහල චිත්‍ර පටයක්
මම නම් මේ කාලේවත් දැකලා නැහැ. එහෙම බලද්දී ලංකාවේ සිනමාව ගමන් කරලා තියෙන්නේ
ඉදිරියට නෙමෙයි ආපස්සට ඒත් දැන් දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා ආයෙමත් ඉදිරියටම යන ලක්‍ෂණ
පෙන්වන චිත්‍රපට කිහිපයක් බිහිවුණා මෑතකදී .
මෑත කාලේ වැඩක්
නැහැ මේ කතාවට අදාළ සිද්දිය අයිති ඈත කාලේට නිසා අපි යමු ආයෙමත් ඈත කාලේටම .
මේ කාලේ විජය
කුමාරතුංග, ජීවන් කුමාරතුංග , සනත් ගුණතිලක ,ශෂී විජේන්ද්‍ර ,ලාල් වීරසිංහ කියන්නේ සිනමාවේ සුපිරි වීරයෝ දැන්කාලේ චිත්‍රපට නළු නිළියන්ට නොතිබුන ජන ප්‍රසාදය ඒ කාලේ මේ උදවිය දිනාගෙන තිබුනා , සබීතා පෙරේරා , මාලනී පොන්සේකා ,ගීතා කුමාරසිංහ වගේ
නිළියොත් එහෙම තමයි .
කොතැනක ගියත් සමරු පොත් අරගෙන රසිකයෝ වටවුනා කැමරා උස්සගෙන
රසිකයෝ වටවුනා තමන් ප්‍රිය කරන නළුවා හෝ නිළිය සමග එකට ඉදලා ෆොටෝ කෑල්ලක් ගහගන්න එහෙම ගත්තු ෆොටෝ සමහර ගෙවල්වල රාමුකරලා කාටත්
පෙනෙන තැනකින් තියලා තියෙනවා එහෙම මම දැකලා තියෙනවා කිහිපතැනකදීම .
ඒ කාලේ තව දෙයක්
තමයි නළු නිළියන්ට ලිපි ලියන එක අපරාදේ කියන්න බැහැ ඉතින් ලිපි විස්සක් විතර
යැව්වම පිළිතුරු ලිපි එකක් දෙකකුත් ලැබෙනවා ඒ බව මම දන්නේ අපේ අසල්වැසියෝ කිහිප
දෙනෙකුත් ඔය ලියුම් ලියන වැඩේ ජයටම කරපු නිසා ඒ සංදියේ මම හිච්චි කොලුවා ඒ හන්දා
මට ඒ වගේ ලියුම් කරදහියක් ලියලා තැපැල් කොරගන්න තරමේ හපන් කමක් කරන්න හැකියාවක් තිබුනේ නැහැ නැත්නම් මාත් ලියනවා නිලියෙක්ට .
මේ කාලේ හිටිය
බොහොමයක් තරුණ තරුණියන්ට චිත්‍රපට පිස්සුව තිබුනා සමහර උදවිය සිනමා ශාලාවට එන හැම
චිත්‍රපටයක්ම නරබන තරමට චිත්‍රපට පිස්සුව තිබුන අතර චිත්‍රපට පිස්සුව උත්සන්නම
වෙච්චි පිරිස ඔය චිත්‍රපට වලට සම්භන්ධ එක එක චරිත අධ්‍යක්ෂක වරු , කැමරා කාරයෝ
,ලයිට් අල්ලන අය, තේ හදන අය වගේ අය පස්සෙන් ගිහින් රගපාන්න සුළු චරිත ඉල්ලගන්න
වෙහෙසුනා .
මෙන්න මේ කාලේ
ලංකාවේ තිබුනා ජනප්‍රිය සර්කස් කණ්ඩායමක්. ඒ සර්කස් කණ්ඩායමේ හිටිය තරුණයෙකුටත් මේ
චිත්‍රපට පිස්සුව තදින්ම වැළදිලා තිබුනා. සර්කස් කණ්ඩායමේ නම පැසිපියා වගේ මතකයක් තිබෙන
නිසා මම මේ තරුණයාටත් පැසිපියා කියලම නම තියන්නම් .
ඔන්න ඉතින්
පැසිපියා තරුණයත් කාලේක ඉදලම චිත්‍රපටයක
රගපාන්න අවස්ථාවක් ලබාගන්න වෙහෙසුනා. ඒත් කවදාවත් ඒ වැඩේ හරියන පාටක් තිබුනේ නැහැ වැඩක්
හරි යාගෙන එනකොට මොකක් හරි අලකලංචියක් වෙලා අවස්ථාව ගිලිහිලා යනවා ඒ තරම් නරක කාලයක් ලබලා තිබුනත් අපේ
පැසිපියා තරුණයා නෙමෙයි උත්සාහය අත හැරියේ. දිගටම උත්සහ කළා..
සර්කස් කණ්ඩායමේ
පුහුණුවීම් අතපහුකරගෙන ,සංදර්ශන වලට සහභාගී නොවී චිත්‍රපට වලට නළුනිලියෝ තෝර ගන්නා
සම්මුඛ පරීක්ෂණ වලට ගිහින් රැයක් දවාලක් නැතිව රස්තියාදු වෙන්න ගත්තා ඒත් ප්‍රතිඵලය
අරකම තමයි “නෝ චාන්ස් “ පැසිපියා තරුණයාට
ඒ කාලේ හිටි ප්‍රසිද්ධ නළුවෙකුට සමාන මුහුණුවරක් තිබුනට මොකද රගපෑමේ දක්ෂකම නැති
නිසාමදෝ යන යන තැනින් අසමත් වෙනවා මිසක වෙන දෙයක් වුනේ නම් නැහැ ..
ඒත්
මිනිස්සුන්ගේ අධිෂ්ඨානය කියන්නේ බොහොම බලගතු දෙයක් කෙනෙක්ට යමක් ලබාගන්න ඕනෙමයි කියලා ඒ දෙය
වෙනුවෙන්ම කැපවුනොත් කවදාහරි දවසක ඒ තැනට
ලංවෙන්න පුළුවන් ඒක තමයි ධනවාදී චින්තනය කියන්නේ , පැසිපියා ඔය කියන චින්තනේ
දැනගෙන නොහිටියා වුනත් ඔය රගපෑම මත්තෙම නැහුන නිසා දවසක් ප්‍රසිද්ධ චිත්‍ර පටයක
ජනප්‍රිය නළුනිලියෝ එක්ක රගපෑමේ වරම උදාකරගත්තා .
ඒක උනේ මෙන්න
මෙහෙමයි ...
දවසක් පැසිපියා
චිත්‍රපට ෂූටින් කරන තැනකට ගිහින් චරිත ඉල්ලලා
චාටර් වෙලා ආයෙත් හිස් අතින්ම ඇවිත් නයා මැරිච්ච නයි පනික්කියා වගේ මූනක්
හදාගෙන වාඩි වෙලා උන්නා සර්කස් එක ඉස්සරහා .. ඔහොම ඉන්නකොට පැසිපියාගේ පරණ යාළුවෙක් එනවා
එතැනට..
“ඒයි
පැසිපියා මොකද බං නිකන් දාහට අරන් සීයට දුන්නා වගේ මුණ එල්ලගෙන ඉන්නේ .. තාම බැරි
උනාද පික්චෑර් එකකට මුණ ඔබා ගන්න ..”
“ඒවා
ගැන කතා කරලා වැඩක් නැහැ බං, යන යන හැම තැනින්ම මාව කැපිලා යනවා.. උන්ගේ දෙබස් වලට හරියන විදියට
මගේ මුඩ් එන්නේ නැහැ කියනවා නෙවැ...”
“ඒවා
ඕනේ නැහැ ..මම දන්න මහත්තැන් කෙනෙක් ඉන්නවා මම වැඩේ කරලා දෙන්නම් හැබැයි පැසිපියෝ වැඩේ කෙරුනට පස්සේ මට සලකන්න
වෙයි ඈ...”
“අනේ
මේ මොනවා කතා කරනවද මචෝ පික්චැර් එකකට මුණ දාගන්න චෑන්ස් එකක් අරගෙන දුන්නොත් මම
උබට සලකන්නේ දෙයියෙක්ට වගේ ...”
“එහෙනම්
හෙට උදේම යමු ..”
පැසිපියත් උදේම
නැගිටලා අලුත් ඇදුමක් එහෙම ඇදගෙන නළු බට්ටා වගේ යාළුවත් එක්ක පිටත්වුණා.. යාලුවා
අදුනන චිත්‍රපට මහත්තයා හමුවෙන්න . මේ මහත්තයත් එසේ මෙසේ කෙනෙක් නෙමේ චිත්‍රපට අධ්‍යක්ෂක
කෙනෙක් ...
ඔන්න දැන්
යාළුවා පැසිපියාගේ සියලුම විස්තරයි ආව කාරනෙයි කියලා අධ්‍යක්ෂක තුමාට පැසිපියාව
හදුන්වලා දුන්නා.. අධ්‍යක්ෂක තුමත් පැසිපියා දිහා පරීක්ෂාවෙන් බලාගෙන ඉදලා කතාව
පටන් ගත්තා ..
“හොදයි
මම ගැලපෙන චරිතයක් දෙන්න බලන්නම් ..තමුන් සර්කස් එකක නේද වැඩ කරනවා කිවේ ..
“ඔව්
මහත්තයා මම තමයි අහවල් සර්කස් එකේ ඉන්න හොදම වැඩකාරයා.. මම නැත්නම් සර්කස් එක හබක්
..”
පැසිපියත්
දෙපාරක් නොහිතා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන තමන්ගේම ගුණ වයාගත්තා .
“ඒ
කියන්නේ එහෙනම් ඔහේට හිටි පිනුම් , බඩ පිනුම් එහෙමත් ගහන්ඩ පුළුවන් ඇති ..”
“මහත්තයා
මේ බඩපිනුමක් කතා කරනවා මට ඕනෑම තැනක ඔනෑම බල්ටියක් කරණමක් උඩු කරණමක් ගහන්න
පුළුවන් ආයේ තිතට .”
“එහෙමද
එහෙනම් ආන්න අර මිදුලට ගිහින් මට කරණම් ටිකක් ගහලා පෙන්නනවා ..”
පැසිපියත්
ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන මිදුලට බැහැල දන්න හැම සිල්පයක්ම දාලා
පෙන්නනවා.. පැසිපියාගේ සර්කස් වැඩ කෑලි දකින අධ්‍යක්ෂකගේ ඇස් උඩ යනවා ..
“තමුසේ
මාර වැඩ කාරයෙක්නේ.. මම තමුසේ වගේ කෙනෙක්ව තමයි හොය හොයා හිටියේ මම දිනයක් දෙන්නම්
එදාට නොවරදවාම ඇවිත් මාව හමු වෙනවා ..”
“ඒ
කියන්නේ මහත්තයා මාව තෝර ගන්නවද ..”
“තෝරගෙන
ඉවරයි ඕයි.. නොවරදවාම මේ දිනේට එනවා ..”
දැන් ඉතින්
පැසිපියාගේ ඉහේ මලක් පිපිලා වගේ ඒත් මේ චිත්‍ර පටයේ රගපාන අනෙක් අය කවුද කියලා දැන
ගන්නත් පැසිපියා අමතක කරන්නේ නැහැ ..
“කවුද
මහත්තයා මේකේ මම ඇරෙන්න ඉන්න අනිත් නළු නිලියෝ ..”
“මේකේ
ප්‍රධාන චරිතෙට ඉන්නේ ජීවන් කුමාරතුංග ..”
ඒ නම ඇහෙද්දී පැසිපියාගේ සතුට දෝරේ ගලන්න පටන් ගන්නවා ජීවන් කියන්නේ පැසිපියා ආසම නළුවා . ආසම නළුවත්
එක්ක රගපාන්න ලැබෙන එක කොයිතරම් වාසනාවක්ද
.. අධ්‍යක්ෂක වරයාට අනේක වාරයක් පිං
දුන්නු පැසිපියා දොරේ ගලපු සතුටත්
ලේන්සුවෙන් පිහදාගෙනම නවාතැනට ගියා .. ඒ ගිහින් සර්කස් එකෙන් ලැබුණු පඩියම වියදම්
කරලා යාළුවට සලකන්නත් අමතක කලේ නැහැ ..
අධ්‍යක්ෂක දුන්නු
දිනය වෙනතෙක් ඇගිලි ගනිමින් සිටි පැසිපියා
නියමිත දිනයේ උදේම අවදිවෙලා අලුත්ම
ඇදුමකින් සැරසිලා බුදුන්ට මල් පහන් එහෙමත් පුදලා ගමන පිටත් වෙනවා..
ෂූටින් කරන තැනට
ගිහින් කලින් දවසක ගිහින් මුනුගැහුණු අධ්‍යක්ෂක වරයාව හමුවූනා. අද්‍යක්ෂක වරයත් පැසිපියාව බොහොම උණුසුම්ව පිලිගත්තා. එහෙම පිළිගෙන අධ්‍යක්ෂක වරයා පැසිපියාව බාර දුන්නා වෙන
කෙනෙක්ට ඒ කෙනෙත් පැසිපියාව එක්ක ගිහින් පැසිපියාට ටි ෂර්ට් එකකුත් ඩෙනිම්
කලිසමකුත් ලබා දෙනවා රූ ගත කිරීමේදී අදින්න ..
“දැන්
මොන කොටසද මහත්තයෝ ෂුට් කරන්නේ ..” පැසිපියා අහනවා ..
“අඃ
දැන් තියෙන්නේ සටන් ජවනිකාවක් ගන්න ..යමුකෝ මාත් එක්ක ....”
පැසිපියාව එක්ක
ගිහින් තැනක් පෙන්නනවා ඒක පටු අනාරක්‍ෂිත අඩි තිහ හතළිහකකට වඩා දිගු පාළමක්..
“මෙතැන
තමයි තැන .. ඔහේට තියෙන්නේ මම සිග්නල් එකක් දුන්නම පාළමේ මේ කෙලවරේ ඉදලා එහා
කෙලවරට උපරිම වැඩ දාලා කරනම් ගහගෙන යන්න .. මට අධ්‍යක්ෂක තුමා කීවා තමුසේ
වැඩකාරයෙක් කියලා . ඒත් මේ වැඩේ ටිකක් අවදානම් වැඩක්.. පුළුවන් වෙයිද කරන්න
වැඩේ අවදානම්
කියලා තේරුනත් පැසිපියා වැඩේ සතුටින් භාර ගන්නවා. මොකද තමන්ගේ වැඩ කිඩ පෙන්නන්නත්
හොද අවස්තාවක්නේ මේක..
කොහොමින් හරි
කල් මරලා එහෙම පැසිපියාගේ කොටස පටන් ගන්නවා , කැමරාමන්ලා ලයිට් කාරයෝ මැද්දෙන්
පැසිපියා කරනම් ගහගෙන බල්ටි ගහගෙන පාලම දිගේ කෙළවරටම යනවා . කෙළවරටම ගිහින් අවසන් කරනමත්
ගහලා පාලමෙන් බිමට පනිනකොටම පැසිපියා දකිනවා ජීවන් කුමාරතුංග පැසිපියාගේ වගේම
ඇදුමක් ඇදගෙන පාලම කෙලවරේ අත් දෙකත් ඉහලට උස්සගෙන හිටගෙන ඉන්නවා ..
මේ යකා මෙතැන
අත් උස්සගෙන මොනවා කරනවද කියලා හිතුනත් පැසිපියා ඒ හිතුන දේ හිතේම තියාගෙන තමන්ගේ
කොටස තිතටම කලාය කියන ප්‍රසංසාවත් අධ්‍යක්ෂක වරයාගෙන් ලබාගෙන සත පහක මුදලක්වත්
නොගෙන සතුටින් පිට වෙනවා ..
මාස ගණනකට පස්සේ
පැසිපියා පෙනීසිටි චිත්‍රපටය ප්‍රදර්ශන ශාලා වල ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නවා..
පැසිපියාටත් ඉතින් හරි සතුටුයි . පැසිපියා චිත්‍රපටය බලන්න යන්නේ තනිවම නෙවෙයි
යාළුවන්වයි නෑදෑයන්වයි ගමේ අසල්වැසියන්වයි ඔක්කොවම එකතු කරගෙන ලොරි බාගෙකුත්
කථාකරගෙනයි තමන්ගේ වියදමෙන් චිත්‍රපටය පෙන්වන්න එක්ක යන්නේ.
චිත්‍රපටය පටන්
අරගෙන මැදක් හරියක් යනවා ඒත් පැසිපියා ඉන්න කොටස නැහැ. පැසිපියට හරි අප්සැට් .ඇයි
එක්කන් ආව උදවියත් අහනවනේ කෝ අනේ ඔයාගේ කෑල්ල
තාම නැහැනේ කියලා ..
කොහොමින් හරි
චිත්‍ර පටයේ අවසාන ජවනිකාවේදී සටනකදී අර පාළම පෙනෙන්න තියෙනවා .. ඒක දකින පැසිපියා
කෑ ගහනවා හැමෝටම ඇහෙන්න
“ඔන්න
ඔතන තමයි මගේ එක ගත්තේ දෑන් මාව පෙන්නයි හොදට බලපල්ලා ..”
පාලම ගාවට එනවා
ජීවන් කුමාරතුංග , ජීවන්ගේ කෙල්ලව දුෂ්ඨයා උස්සගෙන ගිහිල්ලා පාලමෙන් එහා පැත්තේ
ගහක ගැටගහලා ජීවන් හතර අතේ ඉන්න උන්ට නෙලාගෙන එනවා පාළම ලගට ඇවිත් පාළම උඩට පනිනවා
බල්ටියක් ගහලා .. පැනල එක දිගටම කරනම් ගහගෙන ගහගෙන යනවා පාලම දිගේ ...
එතකොට පැසිපියා
කෑ ගහනවා ,
“අර
බලපල්ලා අර කරනම් ගහගෙන පාලම දිගේ යන්නේ මම ..”
ඒත් පාළම දිගේ
කරනම් ගහගෙන ගහගෙන ඇවිත් පාලමෙන් බිමට පනින්නෙත් ජීවන් කුමාරතුංගමයි.. පාලමෙන්
බිමට පැනපු ජීවන් නායක දුෂ්ඨයාටත් හතරගාතේ දාලා වැටෙන්න ගහලා කෙල්ලව බේරගන්නවා ඒත්
එක්කම චිත්‍රපටයත් අහවර වෙනවා...
ඒත් අර කරනම්
ගහගෙන ආවේ පැසිපියයි කියලා පැසිපියා දහ අතේ දිව්රලා කීවත් එකෙක්වත් පිළිගන්නේ නැහැ ඒ උන්නේ පසිපියා කියලා .
එදායින් පස්සේ පැසිපියාට රගපෑම් ගැන කලකිරෙනවා චිත්‍රපට පිස්සුව ටිකෙන් ටික හොද වෙනවා . එයින්
පස්සේ කවදාවත් උන්දැ ආයෙමත් චිත්‍රපටවල රගපාන්න උත්සහ කලෙත් නැතිළු පුරුදු රස්සාවම කරගෙන පාඩුවේ හිටියා මිසක .
ප .ලි .:-
පැසිපියාව යොදාගෙන ඇත්තේ එම චිත්‍රපටයේ අසීරු අවදානම් කොටසක් රුගත කිරීම සදහා ආදේශක
නළුවෙක් විදියට පමණි .
මචෝ චමියෝ, උබද ගීක්.lk එකේ හිටිය චමි4යු .? ඒ උබනම් එතන Ban කරපු සෙට් එකක්ම අලුත් සයිට් එකක් පටන් අරන්, කැමතිනම් වරෙන් කුප්පියට
ReplyDeleteඇවිත් බලන්නම්
Deleteඕකට කියන්නේ stuntman කියලා නේද චමී. ඔය සමහර නලුවෝ ආඩම්බරෙන් කියන්නේ "I do my own stunts,"කියලා.
ReplyDeleteඔව්..ඔව්.. සමහර ත්‍රාසජනක චිත්‍රපට වල ඒ නළුවම අසීරු ජවනිකාත් කරනවා..
Deleteස්ටන්ට්මන් කෙනේක්.. හැබැයි මිනිහා ඒක තේරුං අරගෙන කරා නං අද අනිවා ඉහල ඉන්න ස්ටන්ට් කෙනෙක්..
ReplyDeleteමේ මේ ඔය විජේ කුමාරතුංග ට මාත් ආසාවට එක ලියුමක් යැව්වා. හැරෙන තැපැලෙන් එයාගේ අත්සනින්ම මට ලියුමක් එව්වා. සන්තෝසෙ බැරුවා.. මං පොඩි ගැටයා බං එතකොට..
ඒකනේ පැසිපියාගේ අවශ්‍යතාවය වෙන එකක් , මිනිහට ඕනෙවුනේ ජනප්‍රිය නළුවෙක් වෙන්න විතරයි.
Deleteඒ කාලේ නළුවෝ ලියුම් වලට පිළිතුරු එවනවා තමයි , පොඩි සමරු සටහනක් විදියට ..
ජැකී චෑන් කියන්නේ අර උඩ ඩූඩ් අයියා කියලා තියෙනවා වගේ own stunt කෙනෙක්. හැබැයි පව් පැසිපියා
ReplyDelete"සර්කස් පැසිපියා වැටුනොත් ලෙලිගියා "
අපරාදේ අපේ පැසිපියාටත්.. ජැකීචෑන් ට වගේ කලක් යන්න තිබුණා..
Deleteපැසිපියා, මිනිහගෙ නම ගැන හිතන්නෙ නැතුව ඔය ස්ටන්ට්මන් වැඩේ දිගටම කරගෙන ගියානං හොඳ තත්වයක් ගන්න තිබ්බ.
ReplyDeleteමිනිහට ඕනේ වුනේ මල් ගස් වටේ කැරකෙන සුකීරි නළුවෙක් වෙන්න නෙවැ..
Deleteසර්කස් පැසිපියා මාත් බලලා තියෙනෝ. :)
ReplyDeleteඒක නෙමේ අර කොළඹ සන්නිය ගැන කියපු කතාව නං ඇත්ත. මේ ලඟදි පීටර් වන් කියලා චිත්‍රපටියක් බැලුවා. ගූ හැත්තෑවයි.
හිනා යන්නේ නෑ කිතිකවාගත්තත් !
දැන් තියෙන සිංහල ජෝක් ෆිල්ම් බැලුවම හිනහා යන්නේ නැහැ ඇඩෙනවා තමයි බං.
Deleteඔහොම දේවල් ඕනෙ තරම් වෙනව ඇති හි හි....
ReplyDeleteඔව්.. දිලිනි , අර පහල කෙන්ජයියත් කියලා තියෙන්නේ .
Deleteකොහොමටත් අනිත් උන් කරනම් ගහලා වැඩ කරනකොට අත් උස්සගෙන් ඉන්නේ ජිවන්ලා වගේ අය තමයි.
ReplyDeleteහෑ..:O
Deleteමේ කියන්නේ නම් චිත්‍රපට ගැන වෙන්න බැහැ.
සර්කස් පැසිපියා තාම තියෙනවා. මම මේ ළඟදි දැක්කා හලාවත බිංගිරිය කිට්ටුව තැනක මඩුව ගහගෙන ඉන්නවා
ReplyDeleteඔව් .තවම තියෙනවා , දැනට සති කිහිපයකට කලින් අපේ පලාතට කිට්ටුව තැනක තියෙනවා දැක්කා .. ඒකෙන් තමයි මතකය අලුත්වුනේ ,
Deleteමදැයි පසිපියාට වෙච්ච දෙයක්
ReplyDeleteඅහිංසක පැසිපියා.
Deleteපැසිපියා කියන්නෙ එකාලෙ ප්‍රසිද්දම සර්කස් එක නේද?
ReplyDeleteමෙන්න මේ කාලේ ලංකාවේ තිබුනා ජනප්‍රිය සර්කස් කණ්ඩායමක්. ඒ සර්කස් කණ්ඩායමේ හිටිය තරුණයෙකුටත් මේ චිත්‍රපට පිස්සුව තදින්ම වැළදිලා තිබුනා. සර්කස් කණ්ඩායමේ නම පැසිපියා වගේ මතකයක් තිබෙන නිසා මම මේ තරුණයාටත් පැසිපියා කියලම නම තියන්නම්'' හරියට කියවල කමෙන්ට් කරහන්
Delete//ජනප්‍රිය සර්කස් කණ්ඩායමක්.//
Delete//එකාලෙ ප්‍රසිද්දම සර්කස් එක//
දැන් කවුද හරියට කියවල නැත්තෙ.
@Damith Gunawaredane
Deleteඔව් මචං, දැනටත් මම හිතන්නේ ඕක තමයි ප්‍රසිද්ද . ඕකේ නිර්මාතෘවරයා හිටියේ අපේ ගම්පලාතේ,
පව් අෆ්ෆා පැසිපියා ට
ReplyDeleteදුකයි නේද :(
Deleteවදිමි සුගත සෑසි පියා...කියල සිංදුවකුත් තියෙනවා..
ReplyDeleteබුදුහාමුදුරුවන්ට අපහාස කරන්න එපා බූරුවෝ. තේරුම දන්නැද්ද ඒ වචනවල?
Delete@amila chathuranga
Deleteඕක ගාථාවක්ද මචං, ආන්න ඇනෝ කෙනෙක්ට තරහා ගිහින් ..
English film වලනම් නිතරම ඔය දේ තියෙනවනේ...දැන් හැදෙන සිංහල ෆිල්ම් නම් මම බලන්නැති තරම්....
ReplyDelete෴හිතුවක්කාරයෙකුගේ සටහන්෴
ඔව් හොලිවුඩ් වලනම් දැන් ඉන්න නළුවෝ stuntman කෙනෙක් අවශ්‍ය වෙන තැන් වලදීත් තමන්ම ඒ ජවනිකා කරනවලු ..
Deleteඅයියෝ සල්ලි පැසිපියා ගේ. ඉතින් ඒකට ෆිල්ම් පිස්සුව තිබුනට ෆිල්ම් ගැන අවබෝධයක් තියෙන්න නැතුව ඇති. නැත්නම් ඕක දැන ගෙන ඉන්න එපැයි..
ReplyDeleteමචං චමි.. //නයි පනික්කියා// පනික්කියා කියන්නෙ අලි අල්ලන මිනිස්සුන්ට නේද බං. අහිකුන්ටිකයා කියල නෙවෙයි ද එන්න ඕනේ.. නැත්නම් උඹ හිතලම ජෝක් එකට වාගේ දැම්ම ද.. (මටත් ඕනේ නැති ඉටිගෙඩියක් නෑ නේද.. :D )
නොදැන තමයි කරලා තියෙන්නේ , පස්සේ දැනගත්තත් මිනිහා එකට අකමතිවෙන්න ඇති , මොකද stuntman ලා මිනිස්සු අතර නළුවෙක් විදියට ජනප්‍රිය වෙන්නේ නැති නිසා ..
Deleteනයි නටවන උන්ටත් නයි පනික්කියෝ කියනවා මම අහලා තියෙනවා බං, හැබැයි ඒ පනික්කියා කියන වචනේ පොඩි ගතියකුත් තියෙනවා ..හික්..හික්..
ගොඩක් හොලිවුව්ඩ් ෆිල්ම් වලනම් මේ ඳේ ඕන තරම් වෙනවනේ..
ReplyDeleteඔව්.. ඒවායේ තියෙන සුපර්මෑන් වැඩ කරන්න සමහර ප්‍රසිද්ද නළුවන්ට බැහැ නෙවැ
Deleteඅය්යෝ පව්...ඊට පස්සේ එයාගේ රඟපෑමේ ලෙඩේ හොඳ උණාලුද? :)
ReplyDeleteඔව්..පොඩ්ඩි, චිත්‍රපටය පෙන්වන්න එක්කගෙන ගිය අයගේ කයි කතා වලටම රගපෑම් එපාවෙලා ..
Deleteෂාරුක් ඛාන් ජනප්‍රිය වුනේ ඒ කාලේ ජනප්‍රිය නළුවෝ ප්‍රතික්ෂේප කරපු කැරැක්ටර් රඟපාලා කියලා මිනිහම කියලා තියනවා,
ReplyDeleteඅල්ලාගෙන ඉඳල කට්ට කෑවනම් පැසිපියාට ගොඩ යාගන්ඩ තිබුනා
පැසිපිගේ අවශ්‍යතාවය ජනප්‍රියවිමනේ මචං.. අර වැඩෙන් තැන යන්නේ වෙන නළුවෙක්ට නිසා මිනිහට කලකිරිලා ..
Deleteලංකාවේ ස්ටන්ට් වුණානම් ස්ටන්ට්ම තමයි. ඒ වෙන රටවල එහෙම උඩට එන්න පුළුවන්.
ReplyDeleteඅන්න ඒකයි ලංකාවේ තත්වේ ..
Deleteඅයියෝ කුණු සංසාරේ මේකා ෆිල් බැලුවට එඩිට් කිරීම් ගැන මොකුත් දැනන් ඉඳල නැහැ වගේ.
ReplyDeleteහ්ම්ම් මිනිහා සජීවී සංදර්ශන කරන කෙනෙක් නිසා ෆිල්ම් රූ ගත කිරීම් ගැනත් ඒ විදියටම හිතන්න ඇති
Deleteඅපෝ ඔය වගේ පිස්සු හුටන්ලා මම ඇස් දෙකටම දැකල තිය්ටෙනවා.
ReplyDeleteකෙන්ජයියට ඒ ගැන අත්දැකීම් තියෙන පාටයි ..
Deleteස්ටන්ට් කරන අය තමයි බයි නියම වැඩ කාරයො...ඒ අය කවදාවත් ජනප්‍රිය වෙන්නෙ නෑ...
ReplyDeleteශෂී විජේන්ද්‍ර කියන්නෙ මම අකමැතිම නලුවෙක්...මිනිහගෙ ලද බොලද ඇක්ටින් තියෙන්නෙ...ගෑණු ළමයෙක් වගෙයි...
Deleteස්ටන්ට් අයගේ වැඩ වලින් ජනප්‍රිය තරුවල ආලෝකය වැඩි වෙනවා ..
Deleteශෂී ගේ පෙනුම කමල් හසන්ට සමානයි ලු නේද ඒ කාලේ .. පරණම නළුවන්ගෙන් කලන්සුරිය ට කැමැතියි .
ඔව් ශෂී කමල් හසන් ( කමලාසන් ) වගේ තමයි ටිකක්. ඔහොම සීන් එකක් අපී පැත්තෙත් උනා. එක පරක් ෆිල්ම් එහෙක ජීවන් ළමයෙක් වඩාගෙන නටනව පාරෙ. ඒ ළ්මය ඉල්ලගන්නෙ එතන ඉන්න අම්ම කෙනෙක්ගෙන්. ඉතින් ෆිල්ම් එක පෙන්නකොට අර අම්මයි ළමයිනුයි අහල පහල උනුයි ගියා බලන්න. වෙලාවට අම්මගෙන් ළමය් ගන්නකොට පේන්නෙ ළ්මයගෙ මූනයි ජීවන්ගෙ මූනයි විතර්යි. අන්තිමට අම්ම නැතත් ළමය හරි ඉන්නවනෙ කියල ඇන්ටි නෝන්ඩියෙන් බේරුනා.
ReplyDeleteසර්කස් පැසිෆියා හොරණ පෙන්නන කාලේ තමා මම බැලුවේ. ඇත්තටම දක්ෂ කණ්ඩායම. ඒකේ නායකයා පැසිෆියා කියලා ඉංග්‍රීසි අකුරෙන් රත්තරන්වලින් හදලා තියෙන පෙන්ඩන්ට් එකක් දාගෙන ඉන්නවා මට මතකයි :)
ReplyDeleteසර්කස් පැසිපියා ඒ කාලෙ තිබුන හොඳම සර්කස් එකක්. ඩාලි පාරෙ ගිනි නිවන හමුදාව තියන හරියෙ තැනක තමයි ඒ ගොල්ලන්ගෙ කූඩාරම් ලට්ට ලොට්ට ගොඩ ගහල තිබුනෙ
ReplyDeleteඒ වුණාට අපරාදෙ එයා අයින් උණේ. දිගටම හිටියනං තිබ්බ.
ReplyDeleteඅද තම උඹේ බ්ලොග් එක හරියටම කියවන්න ලැබුනේ. නියමයි. තමුන් ගැන වර්ණනා නොකෙරුවට උඹ මාර අසූ පිරූ තැන් තියෙන බුවෙක් කියල මට හිතෙනවා. කාටවත් මඩක් එහෙම නෙවෙයි. ඒත් දැන් බ්ලොග් ලියන එව්වෝ ලියන දේවල් ගොඩක් කියවන්න පට්ට කම්මැලියි. ආත බූත වෙන මහප්පරාන නැතුව කියවන්න පුළුවන් බ්ලොගක් හම්බුනාට ඇත්තටම සන්තෝසයි. මං මෙහෙම කොමෙන්ට් දාන්න වස කම්මැලි එකෙක්. ඒත් මේකට නම් නොදා බැරි උනා. දිගටම ලියන්න ~ රොටියා~
ReplyDeleteko uba
ReplyDeleteinnawa
DeleteRrr
ReplyDelete