අසුනවයේ භිෂණය අදුරු මතකය. මෙය ලිවීමට මුලික උනේ ප්‍රහාරය බ්ලොග සුමිත්ගේ භිෂණය පිළිබද ලිපියයි.. සුමිත් නිරිඇල්ල ට තරම් අත්දැකීම් නැතත් අසුනවයේ වකවානුව ගැන මටත් ඇත්තේ අප්‍රසන්න මතකයකි.. යන්තම් හය හතර තේරෙන වයසේ සිටිමුත් භීෂණයේ භයංකරත්වයේ මුසල මතකය මගේ හිතේ හොදින්ම තැම්පත් වී ඇත..
ඒවකට බස්නාහිර පළාතේ පුංචි ගමක ජීවත්වූ මා මුලින් මුලින් දුටුවේ.. හදිස්සියේ අවි අයුධ රැගෙන පැමිණෙන හමුදා බටයන් සහ පොලිස් නිලධාරින් නිතර නිතර ගම පුරා ඇවිදීමයි.. දහවල් කාලයට වඩා විශේෂයක් රාත්‍රී කාලයට තිබුනා.. එයට හේතුව රාත්‍රී කාලයේ ගම පුරහා සැරි සරුවේ හමුදා සෙබළුන්ම පමණක් නොවීම..
රාත්‍රීයේ දී කණ්ඩායම දෙකම තමුන්ගේ බලපුළුවන්කාර කම් ප්‍රදර්ශනය කරන්න උනා.. දෙපැත්තෙන්ම බැට කන්න උනේ අහිංසක ගැමියන්ට.. ඒක පැත්තකින් රජ්‍ය නීතියට අවනත වීමට සිදුවූ අතර තව පැත්තකින් රාජ්‍ය විරෝධී කණ්ඩායම්වල තර්ජන වලට යටත් වීමට සිදු විය.. එයට විරුද්ධ වූ අහිංසක ජිවිත කියක්නම් මරණයට ගොදුරු වුනිද..
බොහෝ දිනවල දහවල් කාලයේ නගරයේ කඩ සාප්පු වසා දැමීමට සිදුවී තිබුනී.. එයට හේතු වුයේ රාත්‍රි කාලයේ කණ්ඩායම් විසින් එල්ල කල තර්ජන වලට යටත් වීමට කඩ සාප්පු හිමි කරුවන් හට සිදුවීමයි ... “ නැවත දන්වන තුරු වසා දැමිය යුතුය”
එහෙත් පසුදා උදැසන හමුදාව විසින් තර්ජනය කර සිටින්නේ “ සියලුම කඩ සාප්පු විවුර්ත කරන්න සාමාන්‍ය විදියට යන්න” නිතින් දෙකක් අතර අතරමංවූ මිනිසුන් කුමක් කලයුතුද? රටේ නීතියද නිදාගෙන සිටි එම යුගයේ රජ කලේ කෑලෑ නීතියම පමණි..
බොහෝ දිනවල රාත්‍රියට විදුලිය විසන්ධි වීමක් සිදුවන අතර . කුප්පි ලාම්පු එලිත් එක්මනින් නිවා දමා අදුරට ගුලි වන්නේ නිදිමතටම නොව.. බොහෝ දිනවල රාත්‍රී කාලයේදී අසන්නට ලැබෙන පරුෂ වචනයෙන් කෑගසගෙන යන වාහන ශබ්ධය , ඉද හිට ඇසෙන අහසට වෙඩි තියන ශබ්ධය , විලාප. හඩවල් ඇසීමට ඇති අකමැත්ත නිසාමය..
එහෙත් වැඩි කාලය යන්නට මත්තෙන් රාත්‍රියේ නිදාගෙන සිටින නිවෙස් වලටද පැමිණ නිවැසියන්ගේ හැදුනුම්පත් රැගෙන යාමට කණ්ඩායම පුරුදු විය.. එය කුමන අරමුණක් හේතු කරගෙන සිදුකලද මේ වනතුරුත් එම හැදුනුම් පත් නැවත කවදාවත් හිමි කරුවන්ට ලැබූනේනම් නැත..
දිනෙන් දින තත්වය උත්සන්න විය.. ගම පුරා තැනින්තැන තරුණයන් එකා දෙන්නා අතුරු දහන් වන්නට විය.. එම අතුරු දහන් වීම් වල වගකීම ගන්නට කෙනෙක් සිටියේ නැත.. නිෂ්චිතව කළා යැයි වරදක් පෙන්වීමට කෙනෙක් නැත .. මේ දඩුවම් විදින්නේ කුමන වරදටද කියාවත් නොදන්නා වුන්ද දඩුවම් විද මරණයට පත්වී තිබුණි.. වදකාගාරයට ගිය කිසි කෙනෙක් නැවත නිරුප්පදිතව පැමිනුනේනම් නැත.. රුධිරයම ඉල්ලා වැටෙන භූමියක මනුස්ස කමට කිසිසේත් ඉඩක් නැත..
අතුරු දහන්වූ දරුවන් සොයා ගිය දෙමාපියන්ට කිසිදාක ඔවුන්ගේ විස්තරයක් පොලිසියකින් හෝ හමුදා කාර්යාලයකින් ලබාගත හැකි වුනේ නැත.. යන්තමින් හෝ බලයක් තිබු පුද්ගලයන් එම බලය යොදාගෙන තම පුද්ගලික අරමුණු හෝ පෞද්ගලික එදිරිවාදී කම් වලට දඩුවම් කිරීමට යොදාගත්හ.. නමුත් එම ගිනුම්ද බැර වුයේ භිෂනයටමය ..
වැඩි දිනක් යාමට මත්තෙන් තරුණයන් එකා දෙන්නා ගමේ කිහිප පොලක මරා ටයර් දමා පුළුස්සා තිබුණි.. එහෙත් ඒ සිටින්නේ අපගේ ග්‍රාමයේ තරුණයන්ම දැයි හරි හැටි වටහා ගැනීමට හැකියාවක් තිබුනේ නැත.. ඒ තරමටම ඒම සිරුරු පිලිස්සී විකුර්තිවී තිබුණි .. ඒම චිතකයන් දකින විට දරුවන් අතුරුදහන් වූ මව් වරුන් නගන අදෝනා හදවතක් ඇත්තෙක්ට අසා සිටිය නොහැක.
බොහෝ විට ඒම ටයර් සැයවල් තිබුනේ ගමේ සිට ප්‍රධාන පාරට වැටෙන තුන්මං හන්දිය අසලය.. ඒ තුන්මං හංදිය වටේටම තිබුනේ කුබුරු යායකි.. නිවාස බොහෝ දුරින් තියෙන බැවින් .මිනිමරුවන්ගේ තෝරාගැනීම සාර්ථකය . කුමන හෙතුවකට හෝ ඒම යුගයේ කිසිම මිනිසෙක් රාත්‍රියේ මෙතනින් ගමන කලේ නැත. එතැන් රාත්‍රියේ භිෂණය රජ කරන්නන්ගේ තෝතැන්නක් වී තිබුණි.. උදැසන ඉද හිට මිනී පිච්චෙන ගද දැනෙන විට සියලුම මිනිසුන් මෙතනට රොක්වෙති..
ඒ දවස ඉබාගාතේ ඇවිදින බල්ලන්ට බළලුන්ට කෑම හිගයක් තිබුනේද නැත.. ඇති තරමට පිළිස්සුනු මිනී මස් තිබුණි.. ටයර් සැයක් නිවෙන විට ඒ අවටට රොක්වන බල්ලන්ගේ පොරකෑම් හඩද සාමාන්‍ය දෙයක් බවට පත්විය.. ඉන්පසු නිවැසියන් හැකි තරම් බල්ලන්ව කොටුකර තැබීමට උත්සහ කලේ බල්ලන් රැගෙන ඇවිත් බුදින්නේ තම අසල්වැසියන්ගේම මාංශ නොවේදැයි සිතෙන නිසාය..
ඉන් නොබෝ දිනකින්ම බිෂණයේ බයන්කරත්වය දෑසින්ම දැක ගැනීමට මටද ලැබුණි. ඒ අවදියේ මාගේ නැන්දනිය විවාහ ගිවිසගෙන සිටි තරුණයා රාත්‍රියේ ඇගේ නිවසට පැමිණ සිටියේය..
ඒ පැමිණ සිටියේ කුමන කරුනකටදැයි මා දන සිටියේ නැත එහෙත් එදින ඔහුගේ මුහුණේ අමුත්තක් දුටිමි. එදින මාද සිටියේ ඒම නිවසේය.. රාත්‍රී නවය පමණ වන විට ජීප් රථ දෙකක් නිවස ඉදිරි පිට නවත්වා හමුදා නිල ඇදුම ඇදී පිරිසක් නිවසේ දොරට තට්ටු කරමින් කථාකර තරුණයාව නිවසින් එලියට ගත්හ ..
ඒ පැමිණ සිටියේ කුමන කරුනකටදැයි මා දන සිටියේ නැත එහෙත් එදින ඔහුගේ මුහුණේ අමුත්තක් දුටිමි. එදින මාද සිටියේ ඒම නිවසේය.. රාත්‍රී නවය පමණ වන විට ජීප් රථ දෙකක් නිවස ඉදිරි පිට නවත්වා හමුදා නිල ඇදුම ඇදී පිරිසක් නිවසේ දොරට තට්ටු කරමින් කථාකර තරුණයාව නිවසින් එලියට ගත්හ ..
ඒ පිලිබදව විමසු නැන්දනියගේ පියාට ඔවුන් දුන් පිළිතුර වුයේ . කට උත්තරයක් ගැනීමට රැගෙන යන බව සහ පසුවදා උදේම නැවත එවන බවය.. එහෙත් නැවත කවදාවත් ඔහු පැමිණුනේ නැත . අද වන තුර ආරංචියකුත් නැත..
එදායින් පසු මගේ එක මාමා කෙනෙකු ජීවිතය බේරා ගැනීමට දරන උත්සාහය මම දුටිමි.. ඔහු නිවසට ආවේ ඉද හිටය.. බොහෝ රාත්‍රීන් ගතකර තිබුනේ ගස් උඩ.. පාරවල්වල බෝක්කු අස්සේ මඩ වගුරු වලය.. කුස ගින්න ඉවසගැනීමට බැරිම විටදී පමණක් ඔහු මධ්‍යම රාත්‍රියේ නිවෙසට පැමිණ කෑමට යමක් රැගෙන නැවත දුවයි.. කිහිප විටක් ඔහුව කොටු කර ගැනීමට සන්නද්ධ කණ්ඩායම් පැමිණුනත් ඔහු කොටු කරගැනීමට අපොහොසත් විය. ඔහුට ජීවත්වීමේ වාසනාව තිබුණි..
මා සිටි නිවසට ඉදිරි පස නිවසේ සිටියේ පුංචි පවුලකි . කලක් හමුදා සේවයේ සිටි තරුණයෙක් ඔහුගේ බිරිද හා වසරක් වයසැති ගැහැණු දරුවා පමණි.. මේ අහිංසක ජිවිත වලටද භීෂණයේ අදුරු සෙවනැල්ල වැටී තිබුණි. ඔහුව රැගෙන යාමට ගෝනි බිල්ලෙකුත් සමග නිළදාරින් පැමිනෙන විට ඔහු හිද ඇත්තේ වසරක් වයසැති දියනියවද වඩාගෙනය . දියණියව බිරිදට දී පාරට ගිය ඔහුට අන ලැබුනේ ජීප් රියට නගින ලෙසය.
. ඒ වන විට සරමකින් පමණක් සැරසී සිටි ඔහුට වෙන ඇදුමක් ඇදගෙන එමටවත් නැවත නිවාස තුලට යෑමට අවසර දී තිබුනේ නැත . ඔහුත් නැවත පැමිණුනේ නැත.. එදවසේ පටන් වසරක් වයසැති දියණියක් සමග තනිවූ මවක් කොයි තරම්නම් දුකක් වින්දදැයි දුටිමී. අදටත් ඔවුන් දුක් විදිති එහෙත් ඒවාට වගකිව යුත්තන්ට.. එය නොපෙනෙති.. ඔවුන් ඒවාට නිරයේ සිට දඩුවම් විදුනු ඇතැයි සිතමී..
කාගේත් සිත් සසල කල දුක්බරම සිදුවීම සිදුවුයේ ගමේ වැදගත්ම පවුලටය ඒ වේද මහත්මයාගේ ගෙදරටය එය කාගේත් නෙත් කදුලින් තෙත් කිරීමට සමත්වූ ඛේදවාචකයකි .. වේද මහතාට සිටියේ එක පුතෙක් පමණි . ඔහු කා සමගත් සුහදව සිටි තරුණයෙකි . ඔහු දේශපාලන පක්ෂයකට සම්බන්දව වැඩ කල බවක්නම් කිසිවෙකු නොදනිති. ඔහුගේ ඝාතනය භිෂණය මුවාවෙන් සිදුකල පෞද්ගලික එදිරිවාදිකමක් පිරිමසා ගැනිමක් යැයි ද සිතේ..
ඔහුව රැගෙන යාමට පැමිණි පිරිසේ සියල්ලම මුහුණු ආවරණය කරගෙන සිට තිබුණි .. අයුධ සන්නද්දව සිටි පිරිස කළහ කාරී ලෙස හැසිරෙමින් නිවස තුලදීම ඔහුට දෙමාපියන් ඉදිරි පිටදී තුවක්කු බදෙන් හිසට පහර කිහිපයක් ගසා තිබුණි .. දරුවෙක්ට මා පියන්ගේ දෑස් ඉදිරියේ අමානුෂික ලෙස දඩුවම් දීම කොයි තරම් නම් නින්දිතද .. දෙමා පියන්ගේ විලාප ඔවුන් ගනන් ගෙන තිබුනේ නැත.. අසල්වැසියන්ට ජනෙල් කවුළු තුලින් සිදුවීම බලාගෙන කම්පාවීම හැර වෙන කිරීමට යමක්ද නොමැත .
අවසානයේ ඔවුන් පැමිණි ඩබල් කැබ් රථයේ ලණුවකින් ඒක කොනක් තරුණයාගේ සිරුරේ ගැට ගසා අනිත් කොන රථයේ පිටු පස බාර් එකේ ගැටගසා පාර දියේ රථය පැදගෙන ඔවුන් පිට විය.. පාර දිගේ මුනින් අතට ගල් මුල් වල වැදෙමින් ඇදී යන පුතා පස්සෙන් අවසිහියෙන් මෙන් ටික දුරක් දිවගිය වේද මහතා සිහිසුන් විය.
පසුව බලන විට ඔහුත් ඒ මොහොතේම හෘර්ධාබාද යෙන් මිය ගොස් තිබුණි .. පසුදා උදැසන තරුණයාගේ සිරුර බෝක්කුවක් අසල ටයර් දමා ගිනිතබා තිබුණි.. ඒම පවුලම භීෂණයෙන් විනාශවිය..
පසුව බලන විට ඔහුත් ඒ මොහොතේම හෘර්ධාබාද යෙන් මිය ගොස් තිබුණි .. පසුදා උදැසන තරුණයාගේ සිරුර බෝක්කුවක් අසල ටයර් දමා ගිනිතබා තිබුණි.. ඒම පවුලම භීෂණයෙන් විනාශවිය..
බොහෝ දෙමා පියන්ට දරුවන් අහිමි වෙද්දී , බිරින්දෑ වරුන්ට සැමියන් අහිමි වෙද්දී ළමුන්ට පියවරුන් අහිමි වෙද්දී .. මේ කූර පාලනයට විරුද්ධව දෙවියන්ගෙන් ශාප ඉල්ලනවා හැරෙන්න වෙන කරන්නට යමක් මිනිසුන්ට තිබුනේ නැත.
. අවසානයේ දිට්ඨ ධම්මවේදය පල දුන්නේය.. භිෂණය පටන් ගත් අය සේම භිෂණය පැතිරු මුලිකයන්ගේ අවසානයන්ද ඒ අයුරින්ම සිදුවිය.. භිෂණය වැපිරූ පාලනයේ අවසානයේදී පක්ෂ බේදයකින් තොරව ගම පුරා රතිඤ්ඤා පත්තුවිය.. ගම්මුන් දෙවියන්ට පිං දුන්හ.. එහෙත් භීෂණ සමයේ විදි දඩුවම් වල විපාක විදින මිනිසුන් අදටත් සිටි.. අදටත් එහි සලකුණු ඉතිරිව ඇත..
. අවසානයේ දිට්ඨ ධම්මවේදය පල දුන්නේය.. භිෂණය පටන් ගත් අය සේම භිෂණය පැතිරු මුලිකයන්ගේ අවසානයන්ද ඒ අයුරින්ම සිදුවිය.. භිෂණය වැපිරූ පාලනයේ අවසානයේදී පක්ෂ බේදයකින් තොරව ගම පුරා රතිඤ්ඤා පත්තුවිය.. ගම්මුන් දෙවියන්ට පිං දුන්හ.. එහෙත් භීෂණ සමයේ විදි දඩුවම් වල විපාක විදින මිනිසුන් අදටත් සිටි.. අදටත් එහි සලකුණු ඉතිරිව ඇත..
අලුත් සමාජ ක්‍රමයක් උදෙසා දිවි පිදු කණ්ඩායම සම්පුර්ණයෙන්ම විනාශ වුවා යයි මට සිතේ.. අද එහි ශේෂයක් ඉතිරි වී ඇතත් මෙහි ඇත්තේ එදා ජිවිත කැප කල තරුණයක් අපේක්ෂා කල දෙය නොව .. අද ඒ නමින් පෙනී සිටින්නේ වෙනත් අරමුණු සහිත පිරිසකි , එදා අලුත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් හඩනගා දළුලමින් තිබු වෘක්ෂය වියැකී හමාරය අද ඇත්තේ ඒ පෙනුම සහිත ආකෘතියක් පමණි . එහි ඇතුලත තිබු ගුණාංග ප්‍රතිපත්ති කිසිත් නැත ඇතුලතින් හිස් අවකාශයක් සහිත භාහිරෙන් පෙන්වන මවා පෑමක් පමණි.. රෝ.වීජෙවිර සහෝදරයත් සමගම ඒම පක්ෂයද මිය ගොස් ඇත..
භීෂණ අවධිය සිහිවෙන විට මෙම ගීතයද මට නිතැකින්ම සිහිවේ.. භීෂණයේ අතුරුදහන්වූ පුතෙක් ගැන මවක විසින් කියවෙන ගීතය.. පසු කලක මෙම ගීතය මාධ්‍ය ප්‍රචාරණය තහනම් කරද තිබුණි...
යමින් බැද විලංගු ලා ... මගේ පුතා රැගෙන යයි
ඉදිකටු ඇන ඇගිලි තුඩේ .. දෙතිස් වදය පමුණුවා..
අළුත් ලොවක් ගැන සිතීම ... දඩුවම් දෙන වරද නම්..
කුමට මෙරට අධිකරණය ..නිතිය සහ විනිසුරන් ....
ප.ලි.
කිසිදා ලිවීමට සිතු කථාවක් නොව . එහෙත් සුමිත් ගේ ලිපියෙන් මගේ පරන මතකයන් නැවතත් අලුත් විය. මෙහි ඇත්තේ භිෂණය සමයේ මුළු රටේම වාතාවරණය නොව මා සිටි ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිද්දීන් කිහිපයක් පමණි..
මෙයින් පසු භිෂණය ගැන කිසිත් නොලියමි . සුමිත් ගේ කථාවට නිදහසේ ගලායාමට ඉඩදී බලා සිටිනවා පමණි.!!!
හොද පෝස්ටුවක්.. අමතකව යන මතක නැවත සිහිගැන්වීම ඉතාම යහපත්
ReplyDeleteස්තුති ..
Deleteඋඹ ඔය දාගෙන ඉන්නෙ අපෙ කිරියෙ බුවෙක්ගෙ අවතාරෙ.
Deleteනයිස් පෝස්ට් එනිවෙ. ජේවීපී සුනඛයොත් යූඇන්පී සුනඛයොත් අද නැත්තට නැතිවෙලා තියෙන හැටි පේනවනෙ.
භීෂණය අත් දැක ඇති එහෙත් එහි පාර්ෂව කරුවකු නොවන අයෙකුට කිව හැකි උපරිමය තමයි මේ පෝස්ටුවේ ලියැවිලා තියෙන්නෙ.
ReplyDeleteඑදා හැඳුනුම්පත් එකතු කිරීම සිදු නොවුනානම් නාම ලේඛන වලට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් බොහෝ සේ වැඩි වීමට ඉඩ තිබුණා. අහිංසකයින් විශාල පිරිසක් මියයාමට තිබූ අවස්ථාව මේ ක්‍රියාව නිසා වැළකුනා.
රෝහණ විජේවීරයන්ගේ මරණයත් සමගම ජ වි පෙ එහි හරයෙන්ම විනාශ වී යැයි යන අදහස දැන් මමත් පිළිගන්නවා.
විශ්‍රාමික ත්‍රස්තවාදියකු හැමවිටම තමන් වරෙක නිරත වූ ත්‍රස්තවාදය සාධාරණීකරණය කරයි. එතැනින් එපිට යමක් එවැන්නකුගෙන් බලපොරොත්තු විය නොහැකිය. ජේ.වී. පී. මැරයන් විසින් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කරන ලද හැඳුනුම්පත් පැහැර ගැනීමේ ක්‍රියාවලියෙන් දැඩි කරදර වලට මුහුණ දුන් පිරිස බොහෝය. ඇත්තටම සිදුවූයේ රටේ පොදු ජනතාව හමුදාවේ රාජ්‍ය ත්‍රස්තවාදය හා ජේ.වී. පියේ ත්‍රස්තවාදය අතර දණ්ණ්ඩු අඬුවක් අතර මෙන් සිර වීමයි. මේ ඇත්ත සැඟවිය නොහැකිය.
Deleteඇනෝ, හොඳ ප්‍රතිප්‍රහාරයක්. ඒ කාලෙ මගේ අත්දැකීම් දැන් විවරණය කලොත්, කියන්න වෙන්නෙ එන දෙයයි.
Deleteයුද්ධයේදී සාධාරණත්වය, මානව හිමිකම්, ප්රජතාන්ත්රවාදය...... වලපල්ලට යනඑක වලක්වන්න බෑ. ඇත්ත ඒකයි. අන්න ඒකයි අපි "යුද්ධයට" විරුද්ධ වෙන්න ඕන. උදාහරණයක් ගනිමු.
ජේවීපීය රජයට එරෙහි යුද්ධයක් කලේ. රජය ජේවීපී මර්ධනයක් කලේ. ජනසතු ආයතනයක් වෙච්ච "ඩිපෝවෙ" බස්වලින් හමුදාව ඇවිල්ල ජේවීපී කාරයන් මරණව. ඒ නිසා ජේවීපී කාරයන් බස් පිච්චුව. ගම්වලට ඇතුල්වෙන පාලම් බෝක්කු-පාරවල් කඩල දැම්ම. උතුරෙත් දකුණෙත් සිද්ධවුනේ එකමදේ. යුද්ධයේදීත් ආදරය කරද්දිත් නීති රීති පිලිපදින්න බෑ.
හ්ම්ම් ඒ හේතුව උඩද හැදුනුම්පත් එකතු කලේ..එහෙමනම් එක හොද වැඩක් අදයි දැනගත්තේ ඇත්තම හේතුව , තවම වයසක උදවිය ඉන්නවා එයින් පස්සේ හැදුනුම්පත් හදාගත්තෙත් නැති ..
ReplyDeleteමේ විශ්‍රාමික ත්‍රස්තවාදියකු විසින් වැරද්දක් වසා ගැනීම පිණිස දරණ අසාර්ථක උත්සාහයක් පමණෙකි. හැඳුනුම්පත් සොරකම් කිරීම ආරම්භ වූයේ "භීෂණය" ඇති වීමට බොහෝ පෙරය. හැඳුනුම්පත් සොරකම් කිරීම ආරම්භවූයේ ඉන්දීය හමුදා ආ අළුතය. මතක හැටිටය රෝහණ විජේවීර නැමැත්තා එය සාධාරණීකරණය කලේ රටක් යටත් විජිතයක් බවට පත් වද්දී හැඳුනුම් පතෙන් ඇති ඵලය කුමක්ද යන ප්රශ්නය නඟමිනි.
Deleteහැදුනුම්පත් එකතු කලේ කුමන අරමුණක් මතද කියන ගැටලුව තිබුනා . තවම හරියට ඒ ගැන හිතාගන්න අමාරුයි... කොහොම උනත් රාත්‍රියේ හැදුනුම්පත් එකතු කිරීමට පැමිනුන එකනම් හරිම භයානක අත්දැකීමක් උනා .
Deleteඅන්තිම භයානක අත්දැකීමක්. මන්ද එන්නේ මොකටද නොදන්නා නිසා. හැඳුනුම්පත් පැහැර ගන්නත් පුළුවන්. ඒ වගේම ගෙදර ප්‍රධානියා මරන්න වෙන්නත් පුළුවන්. (මෙසේ දූ දරුවන් ඉදිරිපිටම පියවරුන් මරා දැමීම ගැන ජවිපෙ චිර ප්‍රසිද්ධියක් ඉසුළුවා.) අද සිදු වී තියෙන්නේ ප්‍රේමදාස ආණ්ඩුවේ මැරකම් ගැන ලියැවුණාට ජවිපෙ මැරකම් ගැන වත්මන් පරපුර නොදැනීමයි. කවදා හෝ මේ කටයුත්ත කවුරුන් හෝ අතින් ඉටුවිය යුතුයි.
Deleteඔව් ඒක හරි භයානක සිදිධියක් අපට කෙසේ උනත් .. ගෙදර හිටිය වැඩිහිටියන්ට ඒ මොහොතේ මරණ බය දැනිලා තිබුනා..
Deleteමමත් චමී අගේම බස්නාහිර පලාතේ කුඩා නොවුනත් ගමකින් (දැන්නම් ගමක්මද කියන්න බැරි වුනත්). ඒ කාලෙ අපි වැඩ කලේ නැගෙනහිර.
ReplyDeleteකැලෑ නීතිය රජකරපු, හෙටක් ගැන බලාපොරොත්තුවක් නොතිබුනු, අලුගෝසුවො රජකරපු ඒ කාලෙ කොහොම අමතක කරන්නද?
ඒවගෙ කාලයක් අපේ දරුවන්ට අත් විඳින්නට නොවේවා.
උඹ හරි චමී. මාත් මේක කියෙව්වෙ උම ලියපු නිසා. නමුත් ආසාවකින් නෙවෙයි. කෝපයෙන් දැවි දැවී.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඒ තරම් බයෙන් ජිවත්වුනු කාලයක්නම් තවත් නැහැ.. ඒ කාලේ අපේ වයස අඩු නිසා ජිවිතේ ගැන බයක් තිබුනේ නැහැ .. එත් ඒ කාලේ තරුණ වයසේ හිටිය කොල්ලන්ගෙන් බාගෙට බාගයක් අතුරුදහන් උනා..
Deleteචමී,
ReplyDeleteවිශ්‍රාමික ත්‍රස්තවාදියකු "අනේ අපි තොත්ත බබ්බු, යූ. එන්. පී. කාරයෝ අපි කිරි බිබී ඉඳිද්දි ඇවිලා ගෑව්වා" කියා ලියන කතා අතර ඔබේ පෝස්ට් එකේ මැදහත් භාවය අගය කරමි. ජවිපෙ යනු අපකීර්තිමත් ඉතිහාසයක් ඇති දේශපාලන ව්‍යාපාරයකි. එවැනි දේශපාලන ව්‍යාපාරයකින් කවදාවත් දේශපාලන පවිත්‍රතාවයක් බලාපොරොත්තු විය නොහැකිය. අනෙකුත් සියළුම දේශපාලන ව්‍යාපාර සේම ජවිපෙද හැමදාම කළේ මෙරට පොදු ජනතාව රැවටීමය.
ඵ්දා ඵ් වීරෝදාර තරුනයන් මියගියේ මේ කමෙන්ට්ඵක දාපු අoකල් වගේ කිනිතුල්ලන් ඉතුරුකරලයි.
Deleteචමී ඔබගේ බ්ලොගයේ සිට අනවශ්‍ය විවාදවලට පෑටලෙන්න අකමෑති නිසා මුකුත් නොලියමි.නෑත්නම් මේ රාජ්යත්රස්තවාදීන් ව සිටි අවස්තාවදීන්ගේ බබා පාට් දකිනකොට අපෙත් කට කසනවා.
අද ඊයේ උපන් දරුවන් මෙන් නොව ඒ යුගයේ ජීවත් වූ කෙනෙකු හැටියට චමී ඇත්ත දනිතැයි මම සිතමි. මා හැමදාම කී ලෙසට එදා වූයේ රාජ්‍ය ත්‍රස්තවාදය හා ජවිපෙ ත්‍රස්තවාදය අතර පොදු ජනතාව දඬු අඬුවකට ලක් වූවාක් මෙන් සිරවීමයි. (යුද්ධ සමයේ උතුරේ වූයේද මෙයයි.) මේ පාර්ශ්ව දෙකම ඉතාම තුච්ඡ ආකාරයෙන් ත්‍රස්තවාදය ආයුධයක් සේ භාවිතා කළහ. ඒ සත්‍යය සැඟවිය නොහැකිය.
Delete@AnonymousAugust 3, 2012 11:56 AM,
Deleteමහත්තයෝ මම 1989දී රජයට හෝ එජාපයට සම්බන්ධව සිටි කෙනෙක් නොවෙමි. මම මේ ත්රස්තවාදයන් දෙකින්ම බැටකෑ රටේ පොදු ජනතාවගේ දරුවෙක්මි. ජවිපෙ මිනීමරුවන් විසින් මගේ ඥෑතීන්ද ඝාතනය කරන ලදී. ඒ වේදනාව මට අදත් තිබේ.
ජවිපෙට රටේ පොදු ජනතාව හැමදාම පෙණුනේ කිනිතුල්ලන් ලෙසට බවද මම දනිමි. එයද සැඟවිය යුතු නැත.
ඇත්ත. එදා මා මරා දමන්නට ඹැරිවීම ගැන සුමිත් නිරිඇල්ල අද දුක්වේය සිතමි. එයද සැඟවිය යුතු නැත.
මම කිසිම දේශපාලන පක්ෂයකට නැති වුනත්. එම කාලයේ ජන්ද අයිතිය නොතිබුනත් ඒ සිද්ධීන් නිසා ඒ කාලයේ තිබුණු පාලන පක්ෂය ගැන ඇතිවුනේ පිළිකුලක්..පක්ෂයටත් වඩා පක්ෂ නායකත්වයට .
Delete[මහත්තයෝ මම 1989දී රජයට හෝ එජාපයට සම්බන්ධව සිටි කෙනෙක් නොවෙමි]
Deleteඔබතුමා ඵ් දවස්වල තිබුනු ත්‍රස්තවාදී රෙජීමයට කටපුරා ඵජාප ආණ්ඩුව කියලා ආමන්ත්රනය කරන ඵකෙන්ම පේනවා ඔයා නියෝජනය කරන්නේ මොන පාර්ශවයද කියලා.
මහත්මයෝ ආණ්ඩුවක් කියන්නේ මහජන වරමින් බලයට පත් උන ඵ්කක්.නමුත් ලා ප්‍රේමදාසලා අරන්ගියේ මොනවගේ පාලනයක්ද?
ප්‍රදාන විපක්ශයේ සිරිමවෝ මෑතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා,ඵ්ක ඵහෙන්පිටින්ම තහනම් කරලා මෑතිවරන සිතියම අකුලලා නිතිවිරෝදීව පාලන කාලය දික්කරගත් පාතාල පාලනයක් නෙ තිබුනෙ.ඵහෙම ඵකකට ආන්ඩුවක් කියන්න පුලුවන්ද?
ඔය ත්‍රස්තවාදී රෙජීමයට ආණ්ඩුවය කියා කටපුරා ලෝබනෑතුව කිවීමෙන්ම ඔයා කොයි සාමන්‍ය මිනිසෙක්ද ඵහෙමත් නෑත්නම් රජ්යත්රස්තවාදයේ අනුගාමිකයෙක්ද කියනඵක අපිට පෑහෑදිලි වෙනවා.
[ජවිපෙට රටේ පොදු ජනතාව හැමදාම පෙණුනේ කිනිතුල්ලන් ලෙසට බවද මම දනිමි]
ජවිපෙ මට අදාල නෑත.අපිනම් කිනිතුල්ලන් කියන්නේ සරුසාර තෑනකට හේත්තු වී ලේ උරබොන උන්ටය.ඔයාගේ අදහස් වලින්ම ඔයා කවුදෑයි පෙන්වා දී ඈත.
සුනාමි ආපදවේදී අවoකව වෑඩකලේත්,බෙදුම්වාදයට විරුද්දව තනිවම ඵදාසිටම හඩනෑගුවේත් අදටත් අවoකව දේසපාලනය කරන්නේත් JVPබව කියමි.අදටත් ජවිපෙ මන්ත්‍රීවරු රටේ දේපල හොරකන්නේ නෑති අතර පොඩි ලමයි දූශනය කරන්නේද,කුඩු විකුනන්නේද නෑත.ජනතාවට ච්න්දේ කලයේදී පනදෙන්න කතාකරන UNP,SLFP දෙකනම් චන්ද්යෙන් පස්සේ ජනතාවට සලකන්නේ කිනිතුල්ලන්ටත් වඩා අන්ත විදියකටය.
(මා කිසිමවිටක jvpකාරයෙක් නොවේ.ම තුන් වතාවක් චන්දය දිඈති අතර ඉන් ජවිපෙට ජන්දය දුන්නේ ඵක් වරකි )
[එදා මා මරා දමන්නට ඹැරිවීම ගැන සුමිත් නිරිඇල්ල අද දුක්වේය සිතමි. එයද සැඟවිය යුතු නැත]
ඔයානම් නියම පoපෝරි කාරයෙක්.මෙයා සාමන්‍ය මිනිහෙක්ද නෑත්නම් දේසපාලන න්යායපත්රයකට නටන කෝලo කාරයෙක්ද කියලා අපිට හොදටම පෑහෑදිලී.
ච්මීගේ බ්ලොගයේ අනවශ්‍ය වාදයකට පෑටලුනාට සමාව ඉල්ලමි.
@AnonymousAugust 3, 2012 12:38 PM,
Deleteමට මෙතැන දේශපාලනය කතාකිරීමට අවශ්‍ය නොවේ. ජවිපෙ ගැන අමුතුවෙන් කියාදීමට මේ බ්ලොග් එක කියවන්නේ කොණ්ඩෙ බැඳපු චීන්නු යැයි නොසිතමි.
අනෙක මහත්තයෝ, මම කිසිම දවසක එජාපයට ඡන්දය භාවිතා කර හෝ අඩු වශයෙන් එජාපය ගෑවුණු තැනකටවත් යන කෙනෙක් නොවේ. එක්සත් ජාතික පක්ෂය සමඟ අද එක වේදිකාවට නඟින්නේ තමුන්නාසෙලාගේම ජවිපෙ නායකයෝය. මම නොවේ. මේ බලන්න. http://www.flickr.com/photos/sarathfonseka/4284351460/in/photostream
ඔය බටලන්ද වධ කඳවුර පවත්වාගෙන ගියැයි කියන රනිල් වික්‍රමසිංහ සමඟ එක වේදිකාවට නැඟ ඉන්නේ තමුන්නාසේගෙම නායකයා නේද?
දිඨ්ටදම්මවේදනීය කර්මය පලිසන් දෙමින් රාජ්යත්රස්තවාදයේ මස් වෑද්න් වූ ප්‍රේමදාස හා රන්ජන් විජේරත්න යන දෙදනාම පනපිටින් අලු දුවිලි වී ගියා.
ReplyDeleteනමුත් ඔවුගේ පාලනයේ නින්දිත කම නිසා කෑලයට තල්ලු වී අවසානයේ විනාශවී ගිය උතුරේත් දකුනේත් වටිනා තරුණ පරම්පරා දෙකට කරපු අපරාදයට ඔය මස්වෑද්දන්ට ආත්ම ගානක් පව් ගෙවන්න වේවී.
-නුවන් චාමර
දිට්ඨ ධම්ම වේදනීය කර්මය රෝහණ විජේවීරටත් උපතිස්ස ගමනායකටත් පළ දුන්නා. ඔය සුමිත් නිරිඇල්ලටත් ඵලදීලා තියෙන්නේ. :-)
Deleteකොහොම උනත් ප්‍රේමදාස සහ රන්ජන් විජේරත්න මිය ගිය දිනයේ .. රට පුරා පත්තුවූ රතිඤ්ඤා ශබ්දයෙන්ම ඔවුන් කෙරෙහි මිනිසුන්ගේ තිබුණු ආකල්පය තේරුම් ගත හැකි උනා ..
DeleteJRසීයා විජේවීරගේ ගමනායකගේ හිසට ලක්ශ 10ක් දෙනවා කිව්වෙ 1983දී.
Deleteසිවිල් යුද්දය ඈරබුනේ අවමවශයෙන් 1987දී.
ජ.වි.පෙ ඉතාම සාමකාමීව දේසපාලනය කරද්දීසිවිල් යුද්දය ඈරබෙන්නත් අවුරුදු 4කට කලින් ඉදන් තමා මිනීමරුවෝ විජේවීරව මරන්න ප්ලෑන් කලේ.
ප්‍රජාත්‍රන්ත්‍රවාදීව තිබ්බ පක්ශයක් තහනම් කරලා ඵහි නායකයාටත් ලේකම්ගේත් බෙල්ල කපලා ගෙනත් දෙන ඵකෙකුට සල්ලි දෙනවා කියනඵ්කෙන්ම මස් වෑද්දන් කවුද කියලා හිතාගන්න පුලුවන්.
ඔව්. තමන්ගේ ඥාතියකු ආණ්ඩුව අතින් ඝාතනය වුනාම කෙනෙකුගේ හිතට අමාරුයි. ඒ වගේම තමයි තමන්ගේ ඥාතියකු ජේ.වී. පී. මැරයන් අතින් කිසිම සාධාරණ හේතුවක් නැතුව ඝාතන වුනාම. මා ඉන්නේ ඒ දෙවන කොටසේ. විජේවීර මළ දවසේ මාත් වින්දනයක් ලැබුවා. ඇත්තටම සුමිත් නිරිඇල්ලලාගේ පෝස්ට් කියැවීම්නුත් මම "කාලකණ්නි වින්දනයක්" ලබනවා රටට මේ තරම් හානියක් කළ මොවුන්ට කෙලෙස හෝ ඔවුන් කළ වරදට දඬුවම් ලැබිලානේද කියලා.
Deleteමතුකරන කරුනු වලට උත්තර දෙන්වා නම් සතුටුයි.
Delete[. තමන්ගේ ඥාතියකු ආණ්ඩුව අතින් ඝාතනය වුනාම කෙනෙකුගේ හිතට අමාරුයි. ඒ වගේම තමයි තමන්ගේ ඥාතියකු ජේ.වී. පී. මැරයන් අතින් කිසිම සාධාරණ හේතුවක් නැතුව ඝාතන වුනාම. මා ඉන්නේ ඒ දෙවන කොටසේ. විජේවීර මළ දවසේ මාත් වින්දනයක් ලැබුවා.]
Deleteප්‍රේමදාස මෑරුනාම ජය ගෝශා පෑවෑත්වුවේ රටේ සාමාන්‍ය ජනතාව.ප්‍රබාකරන් මෑරුව වෙලාවෙත් ඵහෙමයි.නමුත් විජේවීර මෑරුන වෙලාවේ ඔයා වගේ දේසපාලන කුහකයන් හෑර වෙන කිසිම කෙනෙක් සතුටූ වූ බවනම් අපි අහල නෑ.
ජේ.වී. පී. කාරයො අහල නෑ තම්යි. නමුත් එදා මුළු රටම සතුටු වෙච්චි දවසක්. අඳුරු යුගයක් නිමාවූ දවසක්.
Deleteරටම සතුටු උනා කියන්නේ ඔයා විතරනේ.විජේවීරගේ මරනයෙන් ඔයා තනියම ආතල්ඵකක් ගන්න ඈති.ඵ්ක අපිට අදාල නෑනේ.
Deleteජනතාව සතුටු උනානම් ඵ් සතුට ජනතාවගෙන් ප්‍රකාශ වෙන්න ඵපෑයි.ඵහෙම දෙයක් උනේ නෑනේ.හෑබෑයි ප්‍රේමදාස මිනීමරුවා මෑරුන වෙලේ කොහොමද?
බට්ටො පත්තුකරලා රබන් ගහලා සෙල්බ්රේට් කලේ.
හොදට මතකයි රට පුරා රතිඤ්ඤා පත්තු උන හැටි.. ඒක දෙවෙනි වෙන්නේ ප්රභාකරන්ගේ මළ දවසේ පත්තුවූ රතිඤ්ඤා සද්දෙට විතරයි..
Deleteභීෂණ සමයේදී ජවිපෙ මිනීමරුවන් (ඔව් සුමිත් නිරිඇල්ලගේ ගෞරවාන්විත සගයින්!) විසින් අමු අමුවේ ඝාතනය කරන ලද ග්‍රාම සේවක රාළහාමි කෙනකුගේ පුතකු ලියූ සිංහල බ්ලොග් එකක් තිබුණා වගේ මතකය. (ඔහු ලීවේ දේශපාලනය නොවේ. මේ සිද්ධියද ඔහු සඳහන් කළේ වරක් පමණයි.) සොයා ගත හැකි වුවහොත් ලින්ක් එක පළ කරමි. ඔහු මෙය දුටුවොත් ලින්ක් එක දමනු ඇත.
ReplyDeleteතමන්ගේ සගයන් විසින් මෙවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු කරවන ලද මිනිසුන්ගේ දරුවන්ට සුමිත් නිරිඇල්ලලා අද දෙන පිළිතුර කුමක්ද? "සොරි, අනේ" කීමද?
ඒ කාලේ සුන්දර වගේම අසුන්දර දේවලිනුත් පිරිච්ච කාලයක්...ආයි ඒවගේ කාලයක් හීනෙකින්වත් නොන්නයි එකම ප්‍රාර්ථනාව..
ReplyDeleteසුන්දර කෙසේ වෙතත් අසුන්දර දේවල්නම් ගොඩයි.. අදටත් ඒ කාලේ දේශපාලන නායකයාගේ පින්තූර දකිනවිට මතක් වෙන්නෙම අසුනවයේ සිද්දීන් ..
Deleteඇත්ත. ප්‍රේමදාස කෲර පාලකයෙකි. එහෙත් 1988-89 සිද්ධි වලට ඔහු හා ආණ්ඩුව තනි වගකීම ගත යුතු යැයි විශ්‍රාමික ත්රස්තවාදියකුට මිස වෙනත් කෙනෙකුට කිව නොහැකිය. ජ.වි.පෙ. කළ මිනීමැරුම්, බෙළි කැපීම් යනාදිය කෙළවක් නොවේ. මිනියෙනුත් පළි ගන්නා තිරිසන් මානසිකත්වයකින් සිටි මේ පිරිස් ඔවුන් විසින් ඝාතනය කළ කෙනෙකුගේ මිනිස් සොහොන් පිටියට ගෙන යන්නට දුන්නේත් කර මතින් නොව එල්ලාගෙනය. එසේ නොකළ අවස්ථාවක ඒ මිනිය ගොඩ ගෙන නැවත වළලූ කෙනෙකු මරනවා යයි තිරිසන් වැඩ කළ කණ්ඩායමි ජවිපෙ. අද සුදුපාට සිල් රෙදි ඇඳගෙන "අනේ අපි බබාලා, අපිය යූ. එන්. පී. ආණ්ඩුව ගෑවා" කිය බබා උක්කුං පාට් දාන්නේද ඔවුන්ය.
Deleteසන්නද්ධ ත්‍රස්තවාදී කල්ලියක් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි හැසිරෙන විට රටේ ආණ්ඩුව පොල් ගාන්නේ නැත. ජ.වි.පෙ. වේවා එල්.ටී.ටී.ඊ. වේවා ආණ්ඩුව එම ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කරයි. එය ඉතාම පිරිසිදු ආකාරයෙන් නොවේ. සමහරවිට ඉතාම කෲර ආකාරයෙන් විය හැකිය. නමුත් ජ.වි.පෙ. හෝ එල්.ටී.ටී. ඊ. ත්රස්තවාදීන්ට කැමැති දෙයක් කරගන්නට කියා බකං නිලාගෙන ඉන්නට නම් ආණ්ඩුවක් මොකටද?
ReplyDeleteඉතා ප්‍රජාත්‍රන්තවාදී පක්ශ තහනම් කර නායකයින් මරා දමයි.
Deleteසමාකමීවසිටි දෙමළ මිනිසුන් පාගා යාපනය පුස්තකාලය පවා පුච්චා දෙමල මිනිසුන් පනපිටින් පුච්චයි.
මේවා කල පසු පීඩාවට පත්වන සමාජ කොටස් දෙක ආයුද මිස නවගුණවෑල අතට ගන්නේ නෑත.
ප්‍රේමදාස රටේ සාදාරන සමාජයක් හෑදුවානම් කවුරුත් පස්සේ යන්නේ නෑත.
සොතිති උපාලිලාට සජන් රෑන්ක් දී ශ්‍රී දූශක ගෝනවල සුනිල්ලාට සමාදාන විනිසුරු කම් දී යකා නටන්නට ගත පසු සමාජය පත්වනේ කුමන අඩියකටද අය්න්න මොලේ කලදක් වත් ඈති කෙනෙකුට තේරේ.
අනික සෑර් ආන්ඩුවක් තියෙන්නේ ත්‍රස්තවාදය ඈති නොවෙන තෑනට වෑඩකරන්න.
රටේ ප්‍රශ්න විසදාගන්න බෑරි වූ කල තරුණයන්ව ත්රස්තවාදයට තල්ලුකර හමුදා ලව්වා උන්ව මරා පුච්චා ප්‍රශ්න නෑති කරන්නටනම් ආණ්ඩුවක් ඔනෑ නෑත.ඵහෙම කරපු රෙජීමයක් ආණ්ඩුවක් වන්නේද නෑත.
තල්ලුකර? දැන් එතකොට ත්රස්තවාදයට තල්ලු කරන්න ප්‍රභාකරන්ලා, විජේවීරලා, ඔසාමා බින් ලාඩන්ලා කිරිබොන බබ්බු වෙන්න ඇති නේද?
Deleteබින් ලාඩන් උනත් තනියම යුද්දකලේ නෑනේ.ඔවුන් වටා පිරිස්බලයක් ගොනූඋනේ කොහොමද?
Deleteතරුණ පරපුර, මෑරෙනවා කියලා දෑනදෑනම මහා හමුදාවකට ඵරෙහිව පුන්චි ආයුද කිහිපයක් අරන් පාරට බහින්නේ ඈයි?
ජොලියට කියලද හිතන්නේ?
අoකල්, කොයි කොල්ලත් කෑමති පාඩුවේ රස්සාවක් කරගෙන කීයක් හරි අතට අරගෙන ඉදලහිටලා ෆන් ඵකක් දගෙන ඉන්න.
නමුත් සීමාවක් නෑති විදියට ඔවුන් පාලක පන්තිය අතින් පීඩාවට පත්වෙනවානම්,ඔවුන්ට ලෑබියයුතු දේ බලවත් පන්තිය පෑහෑරගන්නවානම් කොයි තරුනයාත් (කොන්ද පන නෑති උන ඈර ) පීඩනයට විරුද්දව කෑරලිගහන්න පෙලඹ්වෙනවා තමයි.ඵ්ක 1988-89 විතරක් නෙවෙයි ඉතිහාසය පුරාම වෙච්ච දෙයක්.
ඵ් නිසා ඔයා බබා වෙන්න හදන්න ඵපා
තරුණ කාලෙ මෝඩ වැඩ කිරීම සාධාරණයි. නමුත් මැදිවියට ඇවිල්ලත් ඒ මොඩ වැඩ සධාරණීකරණය කරනව නම් අන්න රජ ගොන්නු.
Deleteජවිපෙ මහත්වරුන්ටත් ප්‍රශ්නයක්.
ReplyDeleteඑක්සත් ජාතික පක්ෂය ඔබ කියන තරමට ඔය තරමටම කෲර නම්, ඔය තරමටම දූෂිත නම් කොහොමද තමුන්නාසෙලාගෙ නායකයො ඒ වරේ දූෂිතයන් පිරිසක් එක්ක එක වේදිකාවට රෙදි ඇඳගෙන නඟින්නෙ? (මෙන්න උදාහරණයක්. http://www.flickr.com/photos/sarathfonseka/4284351460/in/photostream)
රට බේරගත් රණවිරු සරත් ෆොන්සේකා වෙනුවෙන් නම්, නෑගපුඵක සාදාරනයි.(මා JVPකාරයෙක් නම් නොවේ. මේ මගේ මතයයි )
Deleteඑතකොට,
Deleteහමුදාව දෙමළ තරුණයන් මැරීම = රට බේරා ගැනීම
ඒ හමුදාවම සිංහල තරුණයන් මැරීම = වධ දීම
එහෙමද?
දෙමල තරුණයින්ව ත්රස්තවාදයට තල්ලුකලේ අදූරදර්ශී UNPපාලකයො තමයි.ඵ්කේ වගකීමෙන් UNPමිනීමරුවො ගෑලවෙන්නේ කොහොමද?
Deleteතල්ලු කරන්න සුමිත් නිරිඇල්ලලා කිරි බොන බබ්බුද?
Deleteපාලක පංතිය විසින් දිගටම තලා පෙලන්න ගත්තහම එයින් ප්ඩා විදින ඕනෑම කොට්ටාසයක් සටන් කරන්න පෙලබෙනවා ඒක ඕනෑම තැනක වෙන දෙයක් නේද.. උදාහරණයකට අරගෙන බලන්න පුංචි කොම්පැනියක් උනත්..
Delete@චමී4යූ~chami4u,
Deleteඔබට මේ කාල සීමාව මතක ඇතැයි සිතනවා.
ජේ, ආර්. ජයවර්ධන ජවිපෙ තහනම් කළ බව ඇත්ත. වාමාංශික පක්ෂ වලට එරෙහිව යම් මර්ධනයක් කළ බවත් ඇත්ත. මුලින්ම මේ එකක් වත් සාධාරණීකරණය කරන්න යන්නේ නැහැ. මේ සියල්ල වැරදියි. නමුත් පහත සඳහන් දේවල් කෙළින්ම පෙනෙන්න තිබුණු ඒවා. (ඔබට මතක ඇති අනිවාර්යයෙන්ම)
1. යූ. එන්. පී. ආණ්ඩුව තහනම් කළේ ජවිපෙ පමණක් නෙවෙයි. කොමියුනිස්ට් පක්ෂය හා නව සමසමාජ පක්ෂයද තහනම් කළා. විජේවීරට පමණක් නෙවෙයි වාසුදේව හා වික්‍රමබාහු අල්ලා දෙන්නකුටත් රුපියල් දසලක්ෂයක තෑගි නිවේදනය කළා. නමුත් මේ පක්ෂ කිසිවක් ඒ නිසා ආයුධ අතට ගත්තේ නැහැ. වාසුදේව හා වික්‍රමබාහු සෑහෙන කාලයක් සැඟව සිට පොලිසියට භාරවුණා. ඇයි ජවිපෙ විතරක් වෙනස්?
2. ජවිපෙ තහනම් කිරීමෙන් පසුව ආණ්ඩුව එහි වරද වටහා ගත්තා. මේ නිසා නැවත ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක් වන්නට ඕනෑ තරම් අවකාශ දුන්නා. පක්ෂ තහනම 1986දී ඉවත් කළා. නමුත් ඔවුන් එක් වූයේ නැහැ. දැන් කාගෙද වැරද්ද? (ඔබට මතක ඇති මුලින් තහනම් කිරීමෙන් පසුව දීර්ඝ ලෙස ආණ්ඩුව ජවිපෙට පන්න පන්නා පහර නොදුන් බව.)
3. ජවිපෙ 1983දි තහනම් කිරීමෙන් පසු එහි සිටි ප්රමුඛ නායකයින් වැඩි දෙනකු ස්වේච්ඡාවෙන් ඉන් ඉවත් වුණා. (උදා; ලයනල් බෝපගේ, කෙලී සේනානායක.) 1989 විට ජවිපෙ ඉහළ ස්ථරයේ 1983දී හිටි නායකයින්ගෙන් ඉතිරිව හිටියේ රෝහණ විජේවීර හා උපතිස්ස ගමනායක පමණයි. ඉතිරි සියළු දෙනා පසුව ජවිපෙට එක්වූ පිරිස. ඉතින් ඔවුන් ආයුධ අතට ගැනීම හා 1983 පක්ෂ තහනම අතර සම්බන්ධයක් නෑ.
4. ඔය මර්ධනය කතාව ජවිපෙ තමන් ආයුධ අතට ගැනීම සාධාරණීකරණය කරන්නට දෙන දුර්වල නිදහසට කාරණාවක්. අපේ රටේ හමදාම ආණ්ඩු පක්ෂය විසින් විරුද්ධ පක්ෂය මර්ධනය කෙරුණා. අදත් කෙරෙනවා. අදත් ආණ්ඩුව ජවිපෙ මර්ධනය කරනවා. ආණ්ඩු හිතවත් මැරයන් අදත් ජවිපෙ සාමාජිකයින් මරනවා. නමුත් මේ කිසිවක් ඉතාම අමානුෂික කැරැල්ලක් සාධාරණීකරණය කරන්නේ නැහැ.
පලමුවෙන්ම කියන්න ඔනෙ මම ජවිපෙ සාමජිකයෙන් නෙවෙයි.
Deleteඔයා ගෙනල්ලා තියන තර්ක 3ම බොරු.
ඔයා කියනවා UNPඵක තහනම් කලේ ජවිපෙ විතරක් නෙවෙයි කියලා.නව සමසමජ පක්ශය හා කො.පක්ශයත් තහනම් කලා කියලා කියනවා.
ඈත්තටම මේ ප්‍රකාශය හෙලුවෙන් ඉදලා අල්ලෙන් වහගන්න යනවා වගේ වෑඩක්.
JRගේ ඵකම අරමුන තිබ්බේ ජ්විපෙ තහනම් කරන්න.
ඵක 1980විතර ඉදන් ප්‍රසිද්ද රෑස්වීම් වලදී ඔහු කල කතාවලින් පෑහෑදිලි උනා.(අවශයනම් ඉදිරිපත්කල හෑක )
රටේ ප්‍රශ්න විසදන්න බෑරිතෑන JR හදනවා යෑයි කිව්ව 'දර්මිශ්ඨ සමාජය' 'අමන සමාජයක්' කියලා ඔප්පුවන තෑන මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනතක හරවන්න රටේ ජාතිවාදය ඈතිකරලා සිoහල මිනිස්සුන්ගේ ඵකම නියෝජීතයා වශයෙන් පෙනී ඉදලා මහජාතික ජන්ද ටික රෑකගන්න ගමන් ජවිපෙ තහනම් කරගන්න තමා කලුජූලිය ඈති කලේ.ඵ් කියන්නේ ඵකගලෙන් කුරුල්ලො දෙන්නෙක්.
අනික 1982 ජනමත විචාරන ප්රෝඩවට ඵරෙහිව ජවිපෙ ශ්රෙශ්ඨාදිකරණයේ ගොනුකර තිබූ පෙත්සම ජයග්‍රහනය කිරීමට ආසන්නව තිබූ නිසා ජවිපෙ ක්‍රීඩාපිටියෙන් ඉවත්කරන්න JRලොක්කාට උවන්මන උනා.
ජවිපෙ විතරක් තහනම් කිරීම බෑලූබෑල්මටම විහිලුසහගත වන නිසා කලුජූලියට වාමා0ශික පක්ශ සමබන්ද බවත් ඵ් නිසා ජවිපෙ,නව සමසමාජ හා කො.ප තුනම තහනම් කරන බවටත් ලොකු බේගලයක් කිව්වා.
නමුත් ඈත්තම අරමුණ උනේ ජවිපෙ තහනම් කිරීම.නමුත් නිරුවතින්ම ඉදන් වෑඩේ කරන්න අමාරු නිසා ජ්විපේ ඵක්කම නව සමසමාජ කො.ප තහනම් කරමින් පුන්චි අමුඩයක් ඈදගන්න ඵක තමා JRගෙ අරමුණ උනේ.
ඉතා ටිකකලෙකින් නවසමසමාජ හා කො.ප හි තහනම ඉවත් උනත් ජවිපේ තහනම දිගටම පවත්වගෙන ගියා.
මේ අතර අත්ඩ0ගුවට ගත් ජවිපේ සාමාජිකයන්ට පහරදීම් මරාදෑමීම් වර්තා උනා.පලමු මරාදෑමීම උනේ මහර බන්දනාගාරයේදී.නව සමසමාජ හ කො.ප වල තහනම නොබෝ කලකින් ඉවත් උනේත් ජවිපෙ තහනම දිගටම අරන්ගියේත් JRගේ නියම අරමුණ කුමක්දෑයි අපට පසක්කරමින්.
ඇනොලා දෙන්නගේ කමෙන්ට් වලින් ගොඩක් දේවල් ගැන අවබෝධයක් ගත්තා..ස්තුති .
Deleteමිනිස්සු දහස් ගණනක් මරපු කොටි නායකයෝ ජනාධිපති උපදේශකලා සහ ලොකු ලොකු පුටුවල ඉන්න එක ඔබට පෙනෙනු යේ නැති ද?
Deleteමේ වගේ කාලයක් රටට තිබ්බා කියලා අමතක කරන්ඩ හොද නෑ.. :)
ReplyDeleteඇත්තෙන්ම ... එත් සිංහලයන්ට ඕනෑම දේක මතකය තියෙන්නේ ටික දවසයිලුනේ..
Deleteඒත් මේක නම් ගොඩක් දෙනෙක්ට අමතක වෙයි කියලා හිතන්න අමාරුයි.
Deleteඅපේ කාලයේ හිටිය අයට අමතක වෙන්නේ නම නැහැ... එත් මේ සීද්ධිය අමතක කරන එකක් නැහැ..අනාගතයත් , ලංකාවේ සිදුවූ සිදුවූ විශාල ඛේදවාචකයක්නේ.
Deleteමම ඒ කාලෙ හෙන පොඩියි.නමුත් මට අදටත් හිතා ගන්න බැරි දෙයක් තියනව.ඒ තමා මිනිස්සු ගස් වල බැඳල වෙඩි තියල මැරුවෙ,ටයර් දාල පිච්චුවෙ,ගෙවල් වලට පැනල හොරකම් කෙරුවෙ ආණ්ඩුවෙ හමුදාවෙ අයද? JVP අයද?,නැත්තන් වෙනමම කට්ටියක්ද කියන එක.දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?එතකොට කොල කොටි කියල සෙට් එකකුත් ඔය කාලෙ හිටිය නේද?ආ...තව "බටලන්ද වධකාගාරය" ඇති උනෙත් ඔය කාලයට සමගාමීව නේද?
ReplyDeleteගස් වල බැඳ වෙඩි තැබීම = ආණ්ඩුව හා ජේ.වී.පී. දෙගොල්ලම කළා
Deleteගෙවල් වලට පැණ හොරකම් කිරීම = ප්‍රධාන වශයෙන් ජවිපෙ. (මෙසේ මහ ජනතාවගෙන් හොරකම් කර ගෙන විජේවීරගේ මරණයෙන් පසු රජය සතුවූ රන් ආභරණ තොගයක් අදත් මහ බැංකුවේ වෙයි.)
ටයර් දාල පිච්චීම = ආණ්ඩුව විතරයි කළේ දන්නා තරමින්. ජේ.වී. පී. කාරයො ටයර් මතක් කරනවාටත් බයයි.
මීට අමතරව "ප්‍රා", "කොළ කොටි", "රතු කොටි" ආදී රජයේ සහයෝගය ලද ඝාතන කණ්ඩායම් ක්‍රියාත්මක වුණා.
මිනි මැරීම වෙඩි තැබීම මේ දෙගොල්ලොම කළා.. ටයර් සම්බන්දයෙන් සහා වදකාගාර සම්බන්දයෙන්නම් පාලක පක්ෂය තමයි ක්‍රියා කලේ... තව මේ කොටස් දෙකටම අයිති නැති කට්ටියකුත් පෞද්ගලික තරහ මරහ පිරිමහා ගත්තා භීෂණයේ මුවාවෙන්.. එහෙම කලෙත් බොහෝ දුරට දේශපාලන පක්ෂ වල උදව් ඇතිවම තමයි.. පාතාල කල්ලිත් තමන්ගේ මිනීමැරීම් වල වගකීම භිෂනයටම බැර කළා.. ගොඩක් දුරට තැලුනේ අහිංසක මිනිස්සුම තමයි..
Deleteමේ ලිපිය ලියල චමී බලාපොරොත්තු වුනේ මොනවා වුනත්, ලැබිල තියෙන උත්තර පිළිබඳ සෑහිඉමකට පත් වෙන්න පුලුවන්ද ? අපි කැමති වුනත් අකමැති වුනත් ඒ අපේ ඉතිහාසයේ ඒක අඳුරු යුගයක්. දැන් මේ කුමන පාර්ශවය සාධාරනීකරනය කලත් ඇර ඉතිහාසය නිවැරදි වෙන්නේ නෑ නේද ? ඒ කාලේ අපිට ජීවිත තර්ජන හෝ හානි නොතිබුනත්, අපටත් අහිමි වූ දේවල් තියෙනවා උසස් අධ්‍යාපනය වගේ. එත් මම මේ දෙගොල්ලන්ටම සාප කරන්නේ නෑ. ඒ මම නිව්ටන්ගේ තුන්වෙනි නියමය විශ්වාස කරන නිසා. මුලදී අරගලය සහ මර්දනය පිළිවෙලකට වුනත් පසුව එය තරගයට මිණි මැරීම් බවට පත් වුනා. 89/90 දී ත්‍රස්තවාදය විතරක්ම නෙවෙයි මර්ධනය කලේ. තරුණයාත් මර්දනය කලා. ඒ කාලේ එ.ජ.ප. නිවෙස් වල තරුනයිනුත් මැරූ අවස්ථා තිබුණා. එත් ඊළාම් යුද්ධයේදී අපි අහිංසක දෙමල තරුණයන් හොයා හොයා මැරුවේ නෑ. බොහෝ විට මුහුණට-මුහුණ සටන් සිදු වුනේ. අහිංසක අය මැරුණ අවස්ථාත් ඇති භෝහොම කලාතුරකින්. එහෙම නොකලානම් අපිට මේ යුද්දය වැඩි කාලයක් කරන්න ලැබෙන්නේ නෑ. මගේ විශ්වාසය කරන එක දෙඉයක් තියෙනවා "මොනවා වුනත් ඕනෑම දෙයක් සිද්ද වෙන්නේ එක සිද්ද වෙන්න අවශ්‍ය පරිසරය සකසුනහම". මගේ බ්ලොග් එකෙත් මේ අඳුරු යුගය ගැන පොස්ට් දෙකක්ම තියෙනවා. ඇවිත් බලන්න.
ReplyDelete/* එත් ඊළාම් යුද්ධයේදී අපි අහිංසක දෙමල තරුණයන් හොයා හොයා මැරුවේ නෑ. */
Deleteසභාවෙන් සිනා!
දැන් කොහොමද ඔය අහිංසක බව හොයන්නේ?
අයිඩෙන්ටිටි එකේ ගහලා තියෙනවාද අහිංසකයි කියලා.
නිකං තමන්ව රවට්ටාගන්න යන්න එපා.
සත්‍යය කටුකයි, ඒත් සත්‍යය සත්‍යයමයි.
ඔයාටයි මේක බලන කිහිප දෙනෙකුටයි යන හිනාව සභාවේ සිහනහ විදියට සලකන්න ඕනද ?
Deleteමම කියන්නේ සාපේක්ෂව 89/90 දී 2007-2009 දී වගේ Monitory Missions ලංකාවේ කිරියාත්මක වුනේ නෑ. අද පතරේක දැන්වීමක් දැම්මොත් භාෂා තුනෙන්ම අතුරුදහන් වීම් පිළිබඳව කාල වකවානු ගැන නොසලකා කොයි කාලෙ සම්බන්ධවද වැඩියෙන්ම පැමිණිලි ලැබෙන්නේ?
එත් මම දන්නා දෙයක් කියන්නම් 89/90 ටයර් වල දන්නා මිනිස්සු අවශ්‍ය වුනාම අතට අහු වෙන ඕනෑම කෙනෙක් අරන් ගියා හිඟන්නෝ,මන්ද බුද්දිකයෝ මේ ටයර් සෑයවල් වල මැරුණා. අඩුම ගානේ ඔවුන් අහිංසකයි නේද ?
මේ කතාවෙනුත් කියල තියෙනවා අනිවාරතේ මරුන අය ගැන. මට දෙන්න පුලුවන් උදාහරණ, ඔයා දන්නා ඒවත් ඇති, රෝහිත මුණසිංහගේ පොතෙත් තිබුනා නේද, සුමිත් දන්නා ඒවත් ඇති බලන්න ප්‍රතිශතයක් වශයෙන්. ඔයා හිතනවද ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන දෙමල ඩයස්පෝරාව නිකන් ඉඳි කියල අහිංසක මරණ වුනා නම්?
හැම ජීවිතයක්ම එක සමාන බව මම පිලි ගන්නවා. මම කියන්නේ හමුදාවේ විනය ගැන. 89/90 වඩා 1% කින් හරි ඊළාම් යුද්දෙදි විනයකින් ක්‍රියාත්මක වුනා. අසරණයන්ට සරණ වුනා. එතකොට රැවටුනේ කවුද ?
@සුදික
Deleteඅසුනවය අමතක කල නොහැකි කාලයක්.. දැන් අමතක කරලා හිටියත් ඉද හිට මතකෙට එන එකනම් වලක්වන්න බැහැ.. මට ඕනේ උනේ ඒ අත්දැකීම් ටිකක් කියන්න නොදන්නා අයටත් අදහසක් ගන්න,
මම නම් එක පාර්ශවයක් ගැනවත් සාධාරණිය කරන්නේ නැහැ.. ඒ දවස් වල මට හිතුනු විදියටම තමයි අදත් හිතෙන්නේ ඒතකොට මට දේශපාලනික දැනුමක් නැහැ.. මානුෂික පැත්තෙන් විතරයි හිතුවේ. දැන් ජන්ද අයිතිය තිබුනත් ජන්දය දාලා තියෙන්නේ 1 වරයි..
කුමන හේතුවක් උඩ හෝ පාලකයන් භිෂණයක් පටන් ගත්තා , ඒකට සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන් , එත් එකෙන් විනාශ උනේ රටේ බුද්ධිමත් තරුණ පරම්පරාව...සම්පුර්ණ වැරැද්ද ආණ්ඩුවට දානවා නෙමේ එත් පාලකයන් වශයෙන් තව ටිකක් සානුකම්පිත උනානම්..
කවුද කියන්නෙ දෙමළ ඩයස්පෝරාව නිකම් හිටිය කියල. දෙමළ ඩයස්පෝරාව උතුරේදී වෙච්චි, තමන්ට සාක්ෂි සොයා ගන්න පුළුවන් හැම මානව හිමිකම් කඩවීමක් ගැනම ලෝකය දැනුවත් කළා. කොච්චර සංවිධානාත්මක වැඩ පිළිවෙළක් ගෙන ගියාද කියනව නම් රාජපක්ෂ රජය හා හමුදාව ලෝකය ඉදිරියේ උපරිම ලෙස කිච කළා. අද වර්තමාන රජයට හා හමුදාවට පිළිගැනීමක් තියෙන්නෙ ලංකාව තුළ හා ඇමෙරිකානු විරෝධී රටවල් කිහිපයක පමණයි. වෙන ඕනැ රටකට ගිහින් බලන්න අපි කොයිතරම් දුරට පහත් තත්ත්වයකට වැටිලාද ඉන්නෙ කියලා.
Deleteහමුදාවේ විනය 1989ට වඩා 2009 දි 1% කින් හරි හොඳ වුණා නම් ඒ වුණේ 2009දි ජාත්‍යන්තර අවධානයක් යුද්ධයට හිමි වූ නිසා හා රාජ්‍ය නොවන සංවිධාන් ගෙන ගිය වැඩ පිළිවෙල නිසා. හැමෝම බලාගෙන හිටි නිසා පිස්සු කෙළීම අඩුවුණා. නැතුව හමුදාවට අමුතු දෙයක් වුණු නිසා නෙවෙයි. එකම හමුදාව තමයි උතුරෙදිත් දකුණෙදිත් සටන් කළේ. දෙමළ තරුණයන් නිරුවත් කර ඔළුවට වෙඩි තබන හැටි වීඩියෝ වලිනුත් දැක ඇති අපට තව කොළ කඩා පාන්නේ මන්ද?
Delete@චමී4යූ~chami4u,
Deleteඔබ වැරදියි. 1988-89 යුගයේ භීෂණය පටන් ගත්තේ ජවිපෙ මිස රජය නෙවෙයි. මේ යුගයේ මුල්ම මිනීමැරුම තංගල්ලේ ජිනදාස වීරසිංහ ඝාතනය ජවිපෙ වැඩක්. රජය කළේ ජවිපෙ ත්රස්තවාදයට කෲර ලෙස ප්‍රතික්‍රියා දැක්වීම.
අපි මුලින්ම මේ ජවිපෙ අහිංසහක්යින්, මර්ධනය නිසා ත්රස්තවාදයට යොමුවුණා කියන මිථාය වෙනස් කරලා ඉඳිමු.
මේ ටික කියෙව්වාම මට මගේ රට ගැන දුකක් හිතුනා. මගේ රටේ අපේ කොල්ලෝ යුද්ධ කලේ අපේ පොදු සතුරාට විරුද්ධව. 89 දී අවුරුදු 5 පොඩි එකෙක් වෙච්ච මම භීෂණය හොඳින්ම අත්දැක්කා. ඊට පස්සේ 99 ඉඳලා 2009 වෙනකම්ම (2007 ඉඳන් උපරිමව) මම යුද්ධයේ අතුරුඵල භුක්ති වින්දා. මරණයෙන් තුන් වතාවක් ගැලවුනා.
Deleteභීෂණ කාලේ ගැන කියනවනම්, සුමිත් ගේ ප්‍රහාරයේ දෙවැනි පෝස්ට් ඒකෙ කමෙන්ට් එක මම ලිව්වේ ඒ වෙනුවෙන්. ඒත් යුද්ධේ ගැන කියද්දී සුධීක කියල තියෙන්නේ මෙහෙම දෙයක් වෙන්න ඇති ය කියලා මම උපකල්පනය කරනවා. හමුදාව යාපනේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් බයේ ගුලිවෙලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ මැරුවේ නෑ කියලා තමයි ඔහු කියන්න උත්සහ ගත්තේ මම හිතන්නේ.
රාජපක්ෂ ආණ්ඩුව එක්ක මමත් තරහයි. ඒත් මගේ රටට මම ආදරෙයි. දේශපාලනේ නිසා රට කුජීත වෙද්දී ඒ දිහා බලාගෙන ඉන්නවත් සන්තෝස වෙන්නවත් මටනම් බැහැ. මෙතන ඇනෝ කමෙන්ට් කරලා තියන අදහස් එක්ක මම කල්පනා කලේ දේශපාලනේ හින්දා මිනිස්සු මොනතරම් පහලට වැටිලද කියලයි.
ඇනොගේ කථාව හරි.. මුලින්ම අයුධ අතට ගත්තේනම් ජ.වී.පෙ. තමයි.. එත් ආණ්ඩුව ඒකට ප්‍රතික්‍රිය දක්වපු විදිය දරුණු වැඩි .
Delete@ක්සන්ඩර්
Deleteරාජපක්ෂ ආණ්ඩුවෙන් යුද්ධය ඉවර කරපු ඒකට අපි ඔක්කොම නය ගැති.. වෙන ආණ්ඩු යුද්ධය වවාගෙන කෑව..
ඒ හැරෙන්න වෙන පැහැදිමක්නම් ආණ්ඩුව ගැන නැහැ.. ජනපති කෙසේ වෙතත් වටේ ඉන්න අය හැදෙන්න බලනවා රට හැදීම කෙසේ වෙතත්.
කාගේ කාගේත් කිල්ලෝටවල හුණු නිසා මීනීවලවල් හාරා බලයට ආ පොදු පෙරමුණ රජයත්, එයට සහය දුන් ජවිපෙකාරයනුත් මේ කිසිවක් ගැන විධිමත් පරීක්ෂණයක් හෝ අර දකුුණ අප්‍රිකාවේ වගේ truth commission එකක්වත් දැම්මේ නෑ.
ReplyDeleteබටලන්ද, සූරියකන්ද, හෝකන්දර, විජය කුමාරතුංග වගේ කොමිසන් තිබුණාට කරපු බඩ කඩුත්තුවකුත් නෑ. එකෙක් වරදකරු වුණාද?
ඉන් පස්සේ 2009 සිට අද දක්වාම වෙන්නේත් ඒකයි. කරපු මීනී මැරුම් ගැන කිසිම පරීක්ෂණයක් නෑ. කටකතා විතරයි. උගත් පාඩම් කොමිසමට මොකද වුනේ?
reconciliation කියන එක අපිට ගෝචර නෑ වගේ!
මේ ලින්ක් එක නොදා ඉන්න බෑ.
Deletehttp://kathandara.blogspot.com/2010/06/blog-post_21.html
.
එකගයි...
Deleteකොහොමද දන්නෙ හරියටම දෙමළ තරුණයින් හොය හොයා මැරුවෙ නෑ කියලා? අපි කවුරුත් එතැන හිටියෙ නෑ. අපි දන්නෙ අපට කියපු සිද්ධීන්. එකම යුද්ධ හමුදාවක හැසිරීම ඇයි උතුරෙදියි දකුණේදියි වෙනස් වෙන්නේ? ඇයි යුද්ධ හමුදාව සිංහල තරුණයින් එක්ක, දෙමළ තරුණයින් කෙරෙහි නැති විශේෂ තරහක්?
ReplyDeleteමේවා අපි හිත හදා ගන්න කියන කතා විතරයි. යථාර්ථයට මුහුණ දෙමු.
මේ මොන පිස්සු කතාවක්ද? එහෙම නෝටි වැඩ කරනවද අනේ? ඔන්න ආයුධ පෙන්නන්න ගිහිල්ලා පොඩි ක්‍රොස් ෆයර් එකක් උනොත් මිස.
Deleteඋතුරේ තිබුනේ ජාතිවාදී හැගීමක් ඒ වගේම දකුණේදී උනේ දේශපාලනික පලිගැනීමක් ක්‍රියාවට නන්වපු එක. කැරැල්ලක් සම්පුර්ණයෙන්ම විනාශ කිරීමට බලය, ආයුද සහ නිදහස දීලා තිබුනේ ඒ වෙලාවේ නිලධාරීන් ක්‍රියා කලේ ඉහලින් ආව නියෝගය කරන්න , ඒ වෙලාවේදී මේ මැරෙන්නේ අපේම ජාතිය කියලා හිතෙන්න නැතිව ඇති..
Deleteඋතුරේ සේම දකුණෙත් තිබුණේ ත්රස්තවාදයක්. ඒ දෙකම එකම විදියට මර්ධනය කෙරුණා. රන්ජන් විජේරත්න හා ගෝඨාභය රාජපක්ෂගේ භූමිකා සමානයි.
Deleteඋතුරේ සටන් කලේ රට ජාතිය බේරා ගන්න.. එතකොට භිෂණය ඇති කලේ.. ?????(සාධාරණ උත්තරනම් ඇත එහෙත් මානුෂික නැත.)
Deleteතව පුංචි කාරණාවක්. 1989දි තමන් දැවැන්ත මර්ධනයකට යටත් වුණා කියන ජවිපෙ 2007දි ඒ වගේම මර්ධනයක් උතුරේ ගෙනයන ආණ්ඩුවකට පූර්ණ සහයෝගය දක්වනවා. උතුරේ මානව හිමිකම් කඩ වීම් ගැන ජවිපෙට කිසිම විවේචනයක් නෑ. (ඒ විවේචන පටන් ගන්නේ ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව.) ඒ ඇයි?
ReplyDeleteදෙවනුව ජවිපෙ මොනම අවස්ථාවකවත් තමන්ගේ සහෝදරයින්ට මුහුණ දෙන්න වුණාය කියන මර්ධනය පිළිබඳ පරීක්ෂණ පවත්වන්න කොමිසමක් ඉල්ලලා නැහැ. බටලන්ද කොමිසම වගේ දෙවල් දාන්නේ චන්ද්‍රිකාගෙ අවශ්‍යතාවයට. ඒ ඇයි?
බටලන්ද කොමිසම දාන්නේ ජියෝ-පොලිටිකල් හේතු නිසයි. මොකද එලියකන්ද කොමිසමක් දැම්මාද, නෑනේ?
Deletehttp://kathandara.blogspot.com/2012/05/eliyakanda-torture-camp.html
සුමිත් නිරිඇල්ල ඉඳලා තියෙන්නේ එලියකන්ද වධකාගාරයේ.
ජ.වි.පේ තමන්ට පාඩු දායක උනත් ඵ්වෙලවේ කරපු දේ හරි.බලයට ආ පසු දේසපාලන ප්‍රතිප්‍රහාර ඉදිරියට ගෙන නොයාමෙන් ඔවුන් උතුම් මහත්මාගතියක් පෙන්නුම්කලා කියලයි මම නම් හිතන්නේ.කරුමෙට ඔයාලා වගේ මෝඩයන්ට ඵ් මහත්මාගති තේරුම්ගන්න තරම් මොලයක් නෑ.කොහොමත අරටු බෑහෑපු UNP,SLFP පොරවල්වලට පලිගෑනීම ඈර වෙන හොද ගුණයක් පුරුදු නෑනේ.
Deleteජවිපෙ ආන්ඩුවට ආවට පස්සේ පරීක්ශනයක් ඉල්ලුවනම් රාජ්‍ය බලයට ඈවිත් විරුද්දවාදීන් මර්දනයකරනවා කියලා ඔයාලාම කෑගහාවී.
අනික UNPදඩබල්ලෝ මේරටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය නෑතිනොකලා නම් 88-89ක් ඈතිවෙන්නෑනේ.
@කතන්දර
Deleteපොඩි නිවැරදි කිරීමක්......
මම හිටියෙ එළියකන්දෙ නෙවෙයි බූස්ස රැදවුම් කදවුරේ.
අනේ මාර මහත්මා ගතිනෙ ජවිපෙටත් තියෙන්නෙ. මේ කඩේ යාම් වලට ලැබිච්චි දීමනා ගැනත් කතා කරමුද?
Deleteකෝ ප්රතිතර්ක?
Deleteඔය කාලේනම් මට වයස අවු අඩු ඇති. මගේ අම්මා කියලා තියෙනවා. මේවගේ කතා. අපේ ගමේ හන්දි වල මිනිස්සු මරලා දාලා තියෙන හැටි. බොක්කු යටවල් වල. උදේට වැඩඩ යන්න බැලු හන්දි වල මිනි මරපුවා. රෑට වෙඩි සද්ද.
ReplyDeleteමගේ තාත්තා ග්‍රාමසේවක කෙනෙක් එයා ජි.වි.පෙ කාරයෝ මරලා 1989. ඔය පාහරයන්ටනම් හෙනම ගහන්න ඕනේ.
නඳුන්, බොහොම ස්තුතියි ඔබේ මැදිහත්වීමට. ඔබේ බ්ලොග් එක තමයි මට මතක තියෙන්න ඇත්තේ. දැන් මේ "අනේ අපි තොත්ත බබ්බු. අපට යූ ඇන්. පී. ආණ්ඩුව ගෑව්වා" කියන බබා උක්කුංලාට කියා දෙන්න අධම ජේ. වී.පී. ත්රස්තවාදීන් ඔබේ පියා මැරූ හැටි. මේවාට සුමිත් නිරිඇල්ල කියන විශ්‍රාමික ත්‍රස්තවාදියාගේ කටේ පිට්ටුද? ඔහු කියන්නේ "අනේ සොරි මල්ලි" කියලාද?
Deleteසුමිත් නිරිඇල්ල, මේ අහිංසකයාගේ දෙපා වැඳ සමාව ගනු.
Deleteමගේ ජීවිතේට මම කිසිම මිනිහෙක් මරලා නෑ. (මරලා තියෙන ලොකුම සතාත් කබරගොයෙක්.....)
Deleteඔය ළමයගෙන් සමාව ගන්න ඕන මම නෙවෙයි සෝමවංශ අමරසිංහ.
සටේජ් එකට නැගලා රනිල්ව බදාගත්ත සෝමවංශ අමරසිංහ.
කන්තලේ වධ කදවුර පවත්වාගෙන ගිය සරත් ෆොන්සේකාව ජනාධිපති කරන්න රෙදිත් ඇඳගෙනම මහන්සිවුන සෝමවංශ අමරසිංහ.....
ඒ වගේම ෆොන්සේකට වැඳලා පණ බේරගත්තයි කියන කුමාර් ගුණරත්නම් ටත් කියන්න පුළුවන් මේ ළමයගෙන් සමාව ගන්නයි කියලා.
මගේ තාත්තා අකාලයේ මැරුණෙ ඔහුට කළ පහරදීම් හින්දා. (මම තාම කතාව කියලා ඉවර නෑ)
ඇනෝ,ඒ අපරාධයට ඔහේ ඇවිල්ලා මගෙන් සමාව ගන්න ඕන, මොකද ඔහේ මගේ තාත්තව මැරුව විතරක් නෙවෙයි මාවත් ආබාධිතයෙක් කළා.
මම ඔහේ වගේ බොරු"තපස්"රකින පොන්නයෙක් නෙවෙයි. මම මෙතන පෙනී ඉන්නෙ මගේ නියම නමින්මයි. ප්‍රොෆයිල් පික් එකේ තියෙන්නෙ මගේ නියම රූපයමයි. දැනට ඉන්නෙ අවිස්සාවේල්ලට නුදුරු ගමක,(අවිස්සාවේල්ල පොලීසියෙන් අවශ්‍යනම් විස්තර දැනගන්න පුළුවන්)හොයාගන්න එක පහසුවෙන් කළහැකි,
ඉතින් ඇවිත් මගෙන් සමාව ගනු....නැත්නම් මගේ කැවුත්තත් කනු....!!!
සමහරවිට මේ මිනීමරු ඇනෝ හිතනව ඇති මෙතන කමෙන්ට් කරන අනිත් ඇනෝ හරි/ඇනෝලා හරි මමයි කියලා.
Deleteමම ඇනෝ කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි. දිගටම පෙනී හිටියෙ නමින්මයි. අනිත් අය ඇනෝ කමෙන්ට් දාන්න ඇත්තෙ මිනීමරු ඇනොට බයේ විය හැකියි. ඒත් මට එහෙම ප්‍රශ්නයක් නෑ. තමන්ගෙ නමින් ඇවිත් කමෙන්ට් එකක් දාන්නවත් පණ නැති පොන්නයෙකුට මොකට බය වෙනවද ..?
මම ජවිපෙ ත්රස්තවාදයට හෝ රාජ්‍ය ත්රස්තවාදයට හෝ වෙනත් කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ නූවෙක්මි. මෙනිසා මට කාගෙන් හෝ සමාව ගත යුතු නොවේ. සමාව ගත යුත්තේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට සම්බන්ධ වූ අයයි.
Deleteඅසභ්‍ය වචන භාවිතා කොට පෞද්ගලික පහරදීම් කිරීම වාදයෙන් තමන් පැරදුණු බව හොඳින්ම දැන ගත් පසු කෙනකු භාවිතා කරන දුර්වල උපක්රමයකි. මම මෙහි අසභ්‍ය වචන භාවිතා කර මේ බ්ලොග් එක අපවිත්‍ර නොකරමි. ඒ මෙය මගේ බ්ලොග් එකක් නොවන නිසාය.
සුමිත් නිරිඇල්ල, ශිෂ්ට ලෙස හැසිරෙන්නට හා කතා කරන්නට ඉගෙන ගනු.
@සුමිත් නිරිඇල්ල,
Deleteඔබට අප්‍රසන්න සිදුවීම් සමුදායක් නැවත ආවර්ජනය කරමින්, ඊට සම්බන්ධ වෙනත් සිදුවීම් අපගේ මතකයට ගෙනෙමින් මේ අප්‍රසන්න කුණු ඇවිස්සිල්ල පටන් ගත්තේ ඔබමය. දැන් එය ඔබට වේදනාවක් වීම ගැන අපට කරන්නට දෙයක් නොවේ. ඔබට ඔබේ පියා ගැන වන වේදනාව මට ජවිපෙ විසින් ඝාතනය කළ මගේ ඥාතීන් ගැනද නඳුන්ට ඔහුගේ පියා ගැනද තිබේ. මේ සියළු අප්‍රසන්න සිදුවීම් හෑරීම පටන් ගත්තේ ඔබයි. දැන් ඉතින් මෙහෙම යමු.
මෙතන කිසිම වාදයක් හෝ සංවාදයක් තිබුණෙ නෑ. තිබුණෙ මාව මරාගෙන කෑමේ වුවමනාවක් විතරයි. ඒ හින්ද මෙතන ජයක් හෝ පරාජයක් කියා දෙයක් නෑ.
Deleteතාත්තව මරපු මිනී මරුවා මේන්න කියලා අර කුඩා දරුවට මාව පෙන්නපු ඔහේද මට ශිෂ්ටත්වය ගැන උගන්නන්න එන්නෙ.... ;)
සුමිත් ගැන එහෙම කියන එකට විරුද්ධයි , සුමිත් කිව්වේ භිෂණය සමයේ ඔහු ලද අත්දැකීම් පමණයි.. භිෂණය ඇති කළේවත් එය ඉදිරියට ගෙන ගියේවත් ඔවුන් නොවේ., ඒකට වගකිව යුත්තෝ වෙනමම පිරිසක්.. එයින් බැටකෑ පිරිස තමයි වැඩි .. පටන් ගත් අය අනිත් අයව මෙහෙයවූවා පාලකයෝ දුර්වල තැන් වලින් ප්‍රයෝජනය ගත්තා..
Deleteකෙසේ උනත් එක රාමුවකට කොටුවෙලා ප්ඩා විදිනවිට ඒ රාමුව කඩාගෙන යන්න උත්සහ කරන එක සාමාන්‍ය දෙයක් එක තමයි වෙන්න ඕනේ එකට තමයි නිර්භීත කම කියන්නේ..අන්න එතැනදී එක වලක්වන්න ගත්ත ක්රියාවේ බරපතල කම තමයි භිෂණයක් ඇති වීමට හේතු උනේ.. කොහොම උනත් වගකිව යුත්තෝ දැන් ජිවතුන් අතර නැත..තවම සිටින්නේ භීෂණයෙන් දුක් විදි අය කාටවත් කෙලින්ම ඇගිල්ල දික් කිරීම අසාධාරණය..
මම කිසිම කුණු ඇවිස්සිල්ලක් කළේ නෑ. මම කළේ මගේ බ්ලොග් එකේ මගේ කතාව ලියපු එකයි. ඒ කතාවෙ "තමුන්" හිටියෙ නෑයි කියලා හොදටම විශ්වාසනම්, මොකටද ඊට මැදිහත් වුනේ...?
Deleteතමුන් දිගටම මාව හැදින්නුවේ ත්‍රස්තවාදියෙක් කියලා, එතෙකින් නොනැවතී ජ වි පෙ පාර්ශවයෙන් කළ මිනී මැරුම්වල පූර්ණ වගකීමත් මා පිට පැටෙව්වා. රනිල්ට ෆොන්සේකට දෙක දුන්නු නිසා සෝමවංශලා, අනුර දිසානායකලා, පද්මනාදන්ලා නිදොස්....!? සියල්ලටම වැරදිකාරයා සුමිත් නිරිඇල්ල....!!?
සුමිත් නිරිඇල්ල කියලා ජ වි පෙ නායකයෙක් ගැන ඔහේ අහලවත් තියෙනව ද ?
ඒත් ඔහේ මේ කතාවෙ කැරැක්ටර් එකක් බලෙන්ම බදාගත්තා, ඒ අනුව 60 000 ක් තරුණ ජීවිත නසා දැමීමේ හා මා ඇතුළු විශාල පිරිසක් ආබාධිතයින් කිරීමේ වගකීමෙන් තමුන්ට නිදහස් වෙන්න බෑ. නියත වශයෙන්ම විශාල පිරිසක් ඔහේගෙ අතින් මරණයට පත්වෙලා තියෙනවා. අඥේ මඥ්ඤං මැලුවෙ ඤෑ කියලා දැන් නාහෙන් ඇඩුවට වැඩක් නෑ. ඔහේ මිනීමරුවෙක් බව ඔප්පු වෙලා ඉවරයි....
තමුන්ට මේ තරම් වේදනා ජ වි පෙ ත්රස්තවාදීන් තමන්ගෙ ඥාතියෙක් මරා දැම්ම හින්ද ලු නේ....? එහෙමනම් මගේ ඥාතීනුත් දේශප්රේමින්ගෙ තුවක්කුවට බිලිවුනා. ලංකාව පුංචි රටක්, මේකෙ එකිනෙකාට නෑදෑකම් නැති කවුද ඉන්නෙ...? ඔහේගෙ මැරුණයි කියන ඥාතියා මගෙත් ඥාතියෙක් විය හැකියි.
දැන් ට්කකට කලින් මෙතනට ඇවිත් හෙට තියෙන ශ්‍රමදානයක් ගැන කතා කරලා ගියේ මෙහේ ප්‍රදේශිය සභාවෙ විපක්ෂ නායක(UNP). මම දැන් ඉන්න මේ ගුරු නිවාසෙ මීට කලින් හිටිය ගුරුවරයාගෙ එක්කුසේ උපන් සහෝදරයා දේශප්‍රේමී තුවක්කුවට බිලිවෙච්ච කෙනෙක්, ඒත් මේ ගුරුවරයා මට කියා තිබෙන විදියට ඔහුට හමුවුන හොදම මිනිහෙක් ලු මම. දවල් මගෙන් ප්ලෑනක් ඇඳගන්න ආවෙ හිටපු පොලිස් නිලධාරියෙක්....මේ කිසිවෙකුටත් මා කෙරෙහි නැති වෛරයක් ඔහේට ඇතිවුනෙ කොහොම ද ?
නියත වශයෙන්ම ඔහේ ඉවර කරගන්න බැරිවෙච්ච ගේම් එකක ඇරියස් තියෙන මිනීමරුවෙක්.
තව මට අසභ්‍ය වචන පාවිච්චි කරන්නත් එපාලු. ඔහේ මට නිතර කියපු "බබා උකුං" සභ්‍ය වචනයක් වෙන්නෙ ඔහේගෙ ශබ්ද කෝෂයේ විතරයි,
ඔහේට තව දුරටත් මේ විකාරය කරගෙන යන්න ඕන නම් කරගෙන යන්න පුළුවන්.....
හැබැයි මතක තියා ගන්නවා.... සුමිත් නිරිඇල්ල කියන්නෙ තර්ජනයෙන් හෝ මර්දනයෙන් බියගන්වන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි.
චමී,
Deleteමට මේ විදියෙ කමෙන්ට් දාන්න වුනේ මේ මිනීමරු ඇනෝ මගේ නම 20 - 30 ස් පොළකම ලියලා මට අනියමින් තර්ජනය කරපු නිසයි. ඊට පිළිතුරු දීමේ සදාචාරාත්මක අයිතියක් මට තියෙනවා.
ඔබට මෙයින් කරදරයක් වුනානම් ඒ ගැන මා කණගාටු වෙනවා.
@චමී4යූ~chami4u,
Deleteඔබට ඇත්තේ 1988-89 කාලෙ සිද්ධීන් ගැන වැරදි අවබෝධයක්. මේ කාලෙ ජීවත් වූ පුද්ගලයකු හැටියට ඔබට මේ වැරදි අවබෝධය කොතැනකින් ලැබුණද කියන්න බැහැ.
ඔබ හිතන විදියට මේ සුමිත් නිරිඇල්ල කියන පුද්ගලයා මර්ධනයට ලක් වූ පුද්ගලයෙක්. අන්න එතැනයි ඔබ වරද්දා ගත්තෙ. ජේ. වී. පී. එක මේ තත්ත්වයට පත්වුණේ මර්ධනය තුළින් කියන එක හුඟාක් දෙනෙක් විශ්වාස කරන වැරදි අදහසක්. නැහැ. ඒ මර්ධනය ජේ.වී. පී. එකේ ඉලාගෙන කෑමක්. මේ ගැන මා ඔබට ඉහළින් විස්තරාත්මකව පැහැදිළි කොට ඇති.
සුමිත් නිරිඇල්ල කියන මේ සංවර ලෙස බ්ලොග් එකක කමෙන්ට් එකක් වත් දාන්න නොදන්න පුද්ගලයා මේ ප්‍රශ්නයෙන් පීඩා විඳි කෙනෙක් හැටියට වරදවා තේරුම් ගන්න එපා. ප්රශ්නයේන් පීඩා වින්දේ ඔහු නොවේ අපයි. ඔහු ගැටළුවේ කොටසක්.
@චමී4යූ,
Deleteසුමිත් නිරිඇල්ල මට අපහාසාත්මකව පළ කොට ඇති කුණුහරුප කමෙන්ට් ඉවත් කර ගන්නා මෙන් ඉල්ලමි. අසභ්‍ය වචන භාවිතය ඔහුගේ සාමාන්‍ය සිරිතක් විය හැකි වුවද එය මෙවන් සංවාදයකට නොගැළපේ.
@සුමිත් නිරිඇල්ල,
Deleteමට පුද්ගලයින්ගේ ඇති වැදගත්කමක් නැත. මගේ උත්සාහය වූයේ ඔබ කපටි ලෙස සඟවන ජ.වි.පෙ. කෲර ඉතිහාසය පාඨකයා ඉදිරියේ හෙළිදරව් කිරීමයි.
දැන් මගේ උත්සාහය සාර්ථකව ඇත. මේ ත්‍රස්තවාදී මැරක්‍රියා සිදුවූ බව ඔබ අනියමින් පිළිගන්නවා පමණක් නොව ඒ වරද සෝමවංශ අමරසිංහ, අනුර කුමාර දිසානායක, කුමාරන් ගුණරත්නම් වැන්නන් මත පටවමින් ඔබ අත සෝදා ගැනීමේ උත්සාහයක යෙදෙයි. සත්‍යය පිළි ගැනීම ගැන ස්තූතියි.
නැවත කියන පරිදි මට පුද්ගලයින්ගෙන් ඇති වැදගත්කමක් නැත. සමස්තයක් ලෙස ජවිපෙ මැරක්‍රියා සිදුවූ බවටත් ඔවුන් ඒ වරද පිළිගෙන සමාව අයැදිය යුතු බවටත් ඔබ පිළි ගනී. මට ඒ ඇති. බොහොම ස්තූතියි.
පොඩ්ඩක් ඔයිට වැඩිය සංවරව වාදයක නියැළෙන හැටි ඉදිරියේදීවත් ඉගෙන ගනිමු. පරිණතභාවය කියන්නේ එකටයි. නැතුව නිකම් වයස ගියාට කෙස් පැහුණාට කෙනෙක් පරිණත වන්නේ නැත.
ආයුබෝවන්!
@ පිස්සු ඈනෝ
Delete[ජ.වි.පේ සමාව ගතයුතුයි.]
සමාව ඈයදියයුත්තේ මේරට කාපු කාලකන්න UNP,SLFP පාලකයොයි.
අදටත් රට කන්නේ මුන් දෙගොල්ලොයි.
රටේ තරුණපරම්පර තුනක් ත්රස්තවාදයට ඈදලා දාපු,
1948 ඉදන් ජනතාව රවට්ටපු අදටත් රවට්ටමින් සිටින UNP,SLFPහමුලා මේ රටේ ජනතවගෙන් සමාව ගනිල්ලා.
@Anonymous
Delete[දැන් මගේ උත්සාහය සාර්ථකව ඇත. මේ ත්‍රස්තවාදී මැරක්‍රියා සිදුවූ බව ඔබ අනියමින් පිළිගන්නවා පමණක් නොව ඒ වරද සෝමවංශ අමරසිංහ, අනුර කුමාර දිසානායක, කුමාරන් ගුණරත්නම් වැන්නන් මත පටවමින් ඔබ අත සෝදා ගැනීමේ උත්සාහයක යෙදෙයි. සත්‍යය පිළි ගැනීම ගැන ස්තූතියි.]
දෑන් රටේ සියලු ප්‍රශ්න විසදී ඈත.කාලයේ වෑලිතලාවෙන් වෑසීගිය මහා අබිරහස වූ 88-89 දී මිනීමෑරුවේ කවුද කියන ඵ්ක මේ ඈනෝ අoකල් මහා ප්‍රයත්නයකින් පසුව සොයගෙන ඈත.
මිනී මරා ඈත්තේ සෝමවoශ සහ සුමිත්ය.
රනිල්ලා බටලන්දේ සිට ඈත්තේ ක්‍රිකට් ගසමින්ය.බෝල දමා ඈත්තේ උඩුගොoපොලය.
සුසන්ත පුන්චිනිලමේලා මහින්ද රත්නතිලකලා ඵකතු වී 'ත්රීමා විතාරන' සිසුවාගේ ඔලුවට පරාල ඈණ ගසා නෑත.කර ඈත්තේ ඉසකුඩිච්චියක් දමා කොල්ලාගේ ඔලුවට මසාජ්ඵකක් දීමය.
'ප්‍රා සවිදානය' යනු ඵක්සත් ජාතීන්ගේ සව්දානය වගේ ඵකකි.
කලු බලල්ලු,කොල බලල්ලු යනු අහින්සක නව බල්ල් විශේශ දෙකකි.
අනික '83 කලු ජූලිය' යනු වෑඩක් නොවන අතර දෙමල්ලුන්ම ගිනිතියගෙන ආණඩුව අපහසුතාවයට පත්කරන්න කල නරක වෑඩකි.
බටලන්දේ සිට ඵ්ලියකන්ද දක්වා වදකාගාර දගෙන සිටියේ JVPවියයුතුය.
'රටේ කොල්ලන් 10ක් අල්ලන්ගොස් මරා දෑමුවිට ඉන් 9ක් නොවී ඵකෙක් උනොත් ඈති' කීවේ 'රන්ජන් විජේරත්න' නොවේ, සුමිත් වියයුතුය.
අපි අහුවෙයි ඔවාට.නෝටි සුමිත්ල.
ඈත්තටම මේ රාජ්‍ය ත්‍රස්තවාදී අoකල් වගේ හීනමාන රෝගියෝ සිටියයුත්තේ බ්ලොග් අවකාශයේ නොව අoගොඩය.
කරුමේට මේ අoකල් ඵදා88-89 යුගයේදී රටේ මුල් පුටුවලත් ඉන්නට ඈත.
මේ වගේ අoගොඩ සිටිය යුත්තන් මුල්පුටුවල හෝ මුල්පුටුවල හිටි උන්ගේ සාක්කුවල හිටපු කාලයේ සුමිත්ලා නියෝජනය කල උගත් නිර්බීත තරුණ පරපුර ටයර් උඩ දමා පුච්චාදෑමීම ගෑන් අප පුදුම වියයුතු නෑත.
රාජ්‍ය ත්‍රස්තවදියා තමන්ගේ ගොo තර්ක ඔප්පුකිරීමට නොහෑකි වු තෑන,මම් සියලු තර්ක ඔප්පුකලා මම දෑන් දිනුම් යෑයි තනියෙන් කියවමින් ස්ව්ය්o වින්දනයක් ලබන හෑටි හරීම ගුජුප්සාජනකය.හරියට රාජ්ය් මාද්‍ය වගේය.
හරියට මේ ප්‍රකාශය, 88-89 අහින්සක ගමේ කොල්ලන් මරා පුච්චා 'මම ඵ්ක ඉවරකරලා මීනී පෙට්ටියේ අන්තිම ඈනෙත් ගහලා දෑම්මා' යෑයි 'රන්ජන් විජේරත්න' මස්වෑද්දා කල නපුන්සක ප්‍රකශය වගේ ඵකකි.
ඵ් ප්‍රකාශයෙන් වසර කීපයක් ගියතෑන රන්ජන් විජේරත්න සිටියේ මිනී පෙට්ටියේය. මිනී පෙට්ටියේ දෑම්මා යෑයි කී ජවිපෙ පාර්ලිමේන්තුවේය.UNPකාරයෝ ශ්‍රී ල0කා කාරයන්ගේ කුස්සිවල හා කක්කුස්සිවලය.
මේ අතුරු කතාවකි.
අපේ ගමේ පරන ඵ් කාලයේ ආරක්ශක අoශයක සිටි අයෙකු කෙනෙක් සිටී.
උපන් ගෙයි UNPය.(හොද UNPකරයෝ සමාවන්න )
88-89 කාලයේ හිසේ කෙස් ගානට කොල්ලන් කෙල්ලන් මර ඈත.
දෑන් මෑදි වයසේ ය.රෑට නින්ද නොයයි.තත්පරයක් ඈහෑ පියවූවොත් මරා දෑමූ කොල්ලන් මෙයට පෙනේලු.දෑන් මාර දුකක් විදී.මේ ලොක්කාට හවසට කසිප්පු බාගයක් නෑත්නම් නින්දක් තියා විසුමක් නෑත.පනපිටින් අපායේය.කලකම් පලදීම යනු ඔවාය.
මේ ඈනෝ අoකල්ද ඵහෙම පිස්සු වෑටුනු කෙනෙක්බව වතුර ගෑවුනු පිස්සු බල්ලා සේ යකා නටන විදියෙන්ම අපිට පෙනේ.
තවටිකකලකින් ඔය පිස්සුව වෑඩිවෙනු ඈත,සුමිතෝ පරිස්සමින්.කොළ බලල්ලු තාමත් සෑරිසරයි.
මම සමාන්‍යන් දේශපාලනය ගැන උනන්දුවක් නැති බැවින් දේශපාලනික පක්ෂ වල මුලික අරමුණු සම්භන්දයෙන් ස්ථිරව පිළිතුරු දීමට නොහැක.. ඒ බැවින් සමහර ඒවාට පිළිතුරු දීමට නොයමි..පොදුවේ ගත් විට පක්ෂ සියල්ලේම හොද සහ නරක තිබේ, ඒ ඒ සම්භන්දයෙන් උනන්දු වන්නන්ට ඒ අදහස් සාධාරණිය කිරීමට හැකි වන්නේ ඒ නිසාය. ඒ ක්රමයේ වරදක් නැත..
ReplyDeleteසමහර කමෙන්ට් සදහා ඒ සම්භන්ධයෙන් දැනුම ඇති අයට පිළිතුරු දීමේ නිදහස ඇත..
සංවාද සම්භන්දයෙන් කිසිම ගැටළුවක් නැත ...
(දින 2 ක් බ්ලොගය බැලීමට ඒමට නොහැකිවේ , පසුව සියල්ලම කියව උත්තර දීමට සිතමි. )
@චමී4යූ~chami4u,
Deleteදින දෙකකට ඔබට වෙබ් ප්‍රවේශය නැතිනම් ඒ කාලය තුළ කමෙන්ට් ඩිස්-ඒබල් කරන මෙන් ඉල්ලමි. මේ ඉල්ලීම දැනට ස්වාධීන මත දැක්වීමකට ඉඩ ලැබී ඇති (හා තරුණ පරපුරට කියවා ඉගෙනීමට යමක් ඇති) මේ අවකාශය කවුරුන් විසින් හෝ "අල" කරනු ලැබීමට වැළක්වීමටයි.
නිදහස්, පක්ෂග්රාහී නොවන මත දැක්වීමකට ගරු කරමින් මේ අවකාශය අපට ආරක්ෂා කර දෙන්න.
අහනකොටත් පපුව පත්තු වෙන අතීතයක් ඒක
ReplyDeleteඇත්තටම ඔව්...
Deleteඅනේ ඉතින් අපි ඒ කාලේ ඉපදිලත් නැහැ නොවැ.. :)
ReplyDeleteහ්ම්ම් එක හොදයි හිරු.. ඒත් එහෙම කාලයක් ගැන දැනගන්න එක හොදයි.
Deleteවෙලාවට හිටියේ නෑ ඔය කාලේ..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හොද වෙලාවට උබ හිටියේ නැත්තේ..
Deleteගොඩක් බයානක කාලයක් කියලා හිතෙනවා මම ඒ දවස් වල ඉපදිලත් නැහැ
ReplyDeleteභයානකයි කියන්නේ ඉතිං, ආයේ මොන කතාද..
Deleteආයේ එහෙම යුගයක් නොඑවා !!!
පොස්ට් එකත කමෙන්ට් සියල්ල කියෙවුවා මේ දේ හැම දෙනාම කතා කරන්න පක්ෂක්ග්‍රහිව. එක ඇනෝ කෙනෙක් සුමිත්ට කතා කරලා තියෙන්නේ ඉතාමත් පහත විදියට තමන්ගේ තියෙන මතේ වෙනුවෙන් තව කෙනෙක්ව අපහස කිරීමක් කරලා තියෙන්නේ. ඔහුට අනිවාර්යෙන්ම ප්‍රොෆයිල් එකක් තියෙනවා ඒත් සුමිත්ට තරම් කොන්දක් නැහැ.ඒ ගැන මගේ කණගාටුව..
ReplyDeleteඅසභ්‍ය වචන භාවිතා කර සංයමයකින් තොර පිස්සකු ලෙස හැසිරී ඇත්තේ සුමිත් නිරිඇල්ල මිස මා නොවේ. :-)
Deleteඵක ඈත්ත මචන් අසරණයෝ.
Deleteදෑන් ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගෑන මහප්‍රාන දාන මේ ඈනෝ අ0කල්, බ්ලොග් අවකශයේ මෙච්චර පහත් විදියට සුමිත්ලාට විරුද්දව හෑසිරනවා නම් ඵ් කාලේ(88-89කාලේ)මොනතරන් නින්දිත විදියට විරුද්දවාදීන්ට ඵරෙහිව කටයුතුකරන්න ඈතිද කියලා හිතාගන්න පුලුවන්.
සමහරවිට මෙයා උඩුගම්පොල ද දන්නෑ.ඵ් තරම් හොදයි.හරීම ප්‍රිය වචන කතාකරන්නේ.
මයිල් ඉස්මයිල් වෙනවා ටෝක්ස් ඈහෙනකොට.කොළ බලල්ලු මචන් කොළ බලල්ලු.
ඇනොගේ කමෙන්ට් ඒකෙන අමතක වෙලා තිබුණු නමක් මතක් කළා.. උඩුගම්පොල.. කව්ද මේයා ගැන දන්නේ.. උඩුගම්පොල කියන්නේ අමානුෂික විදියට දඩුවම් දුන්නු කෙනෙක්..
Deleteමේ ඈනෝ මහත්තයා ආවේශවෙලා වගේ සුමිත් නිරිඈල්ලට බෑනගෙන බෑනගෙන යනවා විතරයි.අපි මතුකරන කරුනු වලට උත්තර දෙන්නේ නෑ.හරවත් සoවාදයක් දන්නෙම නෑ!!!!!!!!.
ReplyDeleteකොහොමත් අරටු බෑහෑපු අලි පුටු මමලා සවාඩ්ග ගෑන දන්නේ නෑනේ.අනික මෙයා කොච්චරදුරට ප්රජාත්රන්ත්රවාදියෙක්ද කියනඵක මෙයා සුමිත් සමග වාදකරන විලාශයෙන්ම ඔප්පුකරනවා.
ඔක තමයි UNPකාරයන්ගේ නිරුවත.
මුන්නෑහේ මවු කුසින් මෙලව බිහිවෙලා ළදරු අවදීයේදී නිදාගෙන තියනවා.
ඵ් නිදාගත්තපාර නෑගිටලා තියෙන්නේ 1988දී.
ආයෙමත් පාරක් 1989 නිදාගේන.
ඊටපස්සේ නෑගිටලා තියෙන්නේ 2012දී.
1988-89 සිදුවුනු සිදුවීම මාලාව ඈර මෙයා වෙන මුකුත් දන්නෑ.
ඵ්වට හේතුසාදක උන සමාජ දේසපාලන හා අර්තික සිදුවීම් මේය මුකුත් අහලත් නෑ දෑකලත් නෑ.
මාර බබෙක්.
මේයා හිතන්නේ කෑරලි කෝලහාල කියන්නේ ලoකවේ 1988-89ඈති උන ජාතියක් විතරයි කියලා.
අද ලෝකෙ ටියුනීසියවේ බෑලුවත්,ඊජීප්තුවෙත්,සිරියවේත්,ලිබියාවෙක් තරුන පරපුර ඵ්කාදිපති පාලනයට විරුද්දව පාරට බෑස්සා.
ඉත දියුනු ප්රජාත්රන්ත්රවදී යෑයි කියන ලන්ඩනයත්,පෑරීසියත් ඈතෑන්ස්සුත් ගිනිගත්තා.
ඈමරිකවේ වෝල් ස්ට්‍රීට් වලත්ඵ්හෙම උනා.මෙයා කියන්නේ ඵ්වත් JVPඵකේ වෑඩ කියලද?
ලෝකෙ ඔනම රටක පාලක පන්තිය පොදුජනයා පීඩාවට පත්කරන වාරයක් වරයක් පාසා පොදුජනතාව තමන්ගේ අයිතීන් රෑකගන්න සටන්වදිනවා.1988-89දීත් උනේ.අද ඵ0ගලන්තයේත්,සිරියවේත් වෙන්නේ ඵ්ක.
කරුමෙට මේ ලිoමෑඩි මනසිකත්වයේ ඉන්න්න් UNP ගෙබි මමාට ඔවා තේරෙන්නෑ.
උන්නෑහේ සියරට බෝතල් පත්තරේ කියවලා මොලය කුරුවල් කරගත්ත පොරක්දකොහෙද.
අනේ අoකල් ඔය ඔවා කියන්න අර කලු කොට ඈස් දිග කොන්ඩෙ බෑදපු ජාතියට
බොහොම ස්තූතියි විස්තර කියල දුන්නට. මොකද ඔය කාලේ වෙනකොට අපි ඉපදිලත් නැතුව ඇති හරි ඉපදුන අවුරුද්දෙම හරි වෙන්න ඕනේ කලබල තිබ්බේ. ඕවගේ මතකයන් අත්දැකීම අපිට නැති නිසා කියල දුන්නට ස්තූතියි.
ReplyDeleteහ්ම්ම්
Deleteඔය කියන කාලයේ සිරාට වයස අවු 7.. ඒ නිසා වැඩි වයසක් නෑ වගේම දෙමාපියන්ට භයක් ඇතිවෙන්න හේතුවක් තිබුනෙත් නෑ... වැඩේ කියන්නෙ අපේ ගමේ එක්කෙනෙක්වත් ඔය කියන කාලෙ පැහැර ගැනීමකට ලක් වෙලා නෑනෙ...
ReplyDeleteඔයත් මම හිටපු ප්‍රදෙසේ හිටියනම් , ඔය වයසට උනත් දකින සිදුවීම් අමතක වෙන්නේ නැහැ.. වාසනාවකට ඔයා හිටිය ප්‍රදෙසේ භිෂණය අඩුවෙන් තිබිලා තියෙන්නේ..
Deleteදෙයියන්ගෙ පිහිටෙන් අපේ පැත්තෙ මේ කලබල කාලෙ මොකුත් උනේ නෑ.
ReplyDeleteහැබැයි එකක් රටම බය කරපු කළු බලල්ලු කියන සංවිධානය බිහි උනේ අපේ ප්‍රදේශය හරහා බව හැමෝම දන්නා රහසක්. පළාත කියන්න අවශ්‍ය නෑ. කවුරු හරි දන්න කෙනෙක් ඒ ගැන කියයිද බලාගෙන ඉමු.
කළු බළල්ලු කොළ බළල්ලු සහ එස් ටී එෆ් .. එයාලට ඒ කාලේ වැඩ වැඩි..
Deleteඅර වෙදමහත්තයට හර්දයාබාධය හැදුනෙ නැත්තං හැදෙන්නෙ මහ භයානක පිස්සුවක්. එහෙම උන එක නිසා ජීවිත කාලයක් විඳව විඳවා ඉන්නෙ නැතිව මරුණ. හරිම කණගාටුදායක තත්වයක් තමා තමංගෙ දරුවන් වෙනුවෙන් සටන්කරන්ට, පෙනීහිටින්ට බැරිවීම. එහෙම අසරණ වෙනවට වඩා හොඳයි මැරිලයන එක.
ReplyDeleteඒක හරිම දුක්බර සිදුවීමක්...
Deleteඔබතුමාගේ ලිපිය අයත් කාලය පිළිබඳ මට අත්දැකීම් නැහැ.මොකද එතකොට මට යන්තම් අවුරුද්දක් විතර ඇති. නමුත් මගේ සහෝදරයෙක් වෙන අහිංසකයෙක් ඔය කියන අඳුරු කාලයෙදි මිලේච්ඡ ලෙස ඝාතනය වුනා. ඒ ගැන අසා දැනගත් තොරතුරු මට ඒ යුගය පිළිබඳ [බිහිසුණු] චිත්‍රනයක් මවා ගැනීමට උපකාරි වී තිබූ අතර, ඔබතුමාගේ ලිපියත් ඒ සඳහා තවත් කරුණු එකතු කලා.
ReplyDeleteබලනකොට හැමෝටම වගේ එකම විදියට බලපාලා තියෙනවා නේද..
Deleteචමී මේ කොමෙන්ට්ටුව දමන මම ඔය අවදියේ වයස අවු 14 ක් වයස කෙනෙක් (89)ඔය භීශනයට මම ඉගෙනගත් පාසල කෙලින්ම අහු උනා මෙයට කොමෙන්ට් දමන සමහර මහත් වරු දෙපෑත්තට ගල් ගහ ගත්තා විතරයි.මගේ පාසලේ උසස් පෙල කරපු සහොදර සහොදරියන්ට ස්ට්‍රයික් කරන්න විරොදතා කරන්න උපදෙස් දුන්නෙ ජ වි පෙ සහොදර වරු.උන් තමයි අපේ උන්ට රතිඣ්ඣා ගෙනත් දීල උන්ව උසි ගෑන්නුවෙ. මගෙ පාසල් බිමේම හමුදා කදවුරක් පිහිටලා තිබුන. දවල්ට ස්ට්‍රියික් කරපු සිසු නයක නායිකවන් 4 දෙන්ක් එදාම රෑ මරල කොලබ නුවර පාරෙ පාලම උඩ ගිනි තියල තිබුන.මගේ පියා උපදිදාරී විද්‍යා ගුරුවරයෙක් හෑම සෙනසුරදකම ගමෙ පන්සලේ තාත්තා පන්තියක් කලා ඕ ලෙවල් කරන ලමයින්ට සත පහක් වත් අය නොකර. ඔය පන්තිය නවත්වන්න කියල මහ රෑ අපෙ ගෙදරට කලු අදුම් අදගත් උන් අවිත් තාත්තට තර්ජනය කලා.එහෙත් ඕ ලෙවල් විබගයට තිබුනෙ මසයකටත් අඩු කාලයක්.මගෙ ඣාති සහොදරියක් 89 අවුරුද්දෙ ඕ ලෙවල් කල නිසා ඈයට සහ ඈගෙයහලුවන්ටයි පන්ත්ය කලෙ.89.11.03 රෑ අපෙ ගෙදරට ආපු කලකන්නි මගෙ තාත්තව එලියට ඈදල අරගෙන ජීප් එකක පිටිපස්සෙ ගෑට ගහල අපේ ගෙදර ඉදල පාරට යනකල් ඈදගෙන ගියා ඊට පසුවදා මගෙ තාත්තගෙ වඩිමහල් සහොදරය(ඔහු වයිද්ය වරයෙක් දනට ජීවතුන් අතර නෑත.)එයාගෙ හිතවතුන් මාර්ගයෙන් මෝදර රොක් හවුස් කියල කදවුරක ඉදල බේරගෙන ආව.ඉන් පස්සෙ තත්තා මිය යන තුරුම සිරුරෙ දකුනු පෑත්ත 50% පමන අප්‍රානිකව ඉදල 2001 අවුරුද්දෙ මියගියා. හෑබෑයි ඒ සිද්දිය වෙලා අවුරුද්දකට පමන පසුව අපි දනගත්ත කවුද මෙ තිරිසන් වඩෙ කලෙ කියල ඒක වෙන කවුරුවත් නෙමේ අපේ ගමට ලගම හිටපු සරත් චන්ද්‍ර රාජ කරුන කියන පාහර යු.එන්.පී ඈමතිගෙ ටියුශන් මුදලාලි කෙනෙක් වෙච්ච සම්බන්දී කරන ලේකම් තිලක රත්න කියන පාහරය. එදා ඈත්තටම වෑඩි හරියක් උනේ තමන්ගෙ පුද්ගලික දේවල් ඉටු කර ගනීමයි.
ReplyDeleteඉන්දික රත්නායක සෞදි අරබියේ සිට
ගොඩක් දුකයි කියවගෙන යනකොට... ගොඩක් මිනිස්සු පෞද්ගලික එදිරිවාදී කම පිරිමසා ගත්තා ඒවත් වෙන වෙන හිනිම් වලට ගියේ.. ආයෙත් එහෙම කාලයක් ලංකාවේ ඇති නොවේවා!!
Deleteස්තුතී ඉන්දික අදහස් දැක්වූවාට..
ඔය ඇනෝ ලියන මහත්තයා සුමිත් ගෙ ලිපිය කියවලා කාලකන්නි සතුටක් ලබන ඌ අපරාදෙ අද ජීවත් වෙන්නෙ අහම්බෙකින් හරි ඕකගෙ පව්ලත් එක්කම හැදිගෑවිලා යන්න තිබ්බ්බෙ
ReplyDeleteඋබ මහ අපතයෙක් බං අවංකවම මම කියනවට කක්කුස්සියට ගිහින් රෙන ගමන් කල්පනා කරපන් උබයි උබගෙ බෙට්ටෙයි ඇති සමාන කම් මොනවද කියලා
දයල් බතී එකේ ඇනෝ කෙනෙක් දාපු ලින්කුවකින් ආවේ.මම මේ සබ්ජෙක්ට් එක ගැන ලියවුන තැනක් හොය හොය හිටියේ.ස්තූතියි චමී,සුමිත්ට වගේම ඇනෝලටත්...ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා.
ReplyDeleteවෙන බ්ලොග් එකක තිබ්බ ලින්ක් එකකින් පාර හොයා ගත්තේ.
ReplyDeleteඔය කාලේ මගේ වයස අවුරුදු 9 ක් වගේ, ඒත් මට ඔය සිද්ධි හොඳට මතකයි. අපේ පැත්තේ භීෂණය කියන එක උපරිමයෙන්ම තිබ්බා. අපේ ගෙදර දේශපාලන පක්ෂ බදා නොගත්තු ගෙයක් නිසා අපිට පෞද්ගලිකව හිරිහැර උනේ නැහැ.
නමුත් ඒ අවට දැකපු සිද්ධි මතක් වෙද්දී අදටත් ඔය දෙගොල්ලෝ ගැනම හිතේ ලොකු වෛරයක් ඇති වෙනවා.
අපේ ලොකු තාත්ත කෙනෙකුට වෙඩි තියලා, වෙඩි වැදිලා බිම වැටුනම පණ පිටින් ඉඳිද්දී බෙල්ල කපාගෙන අරගෙන ගිහින් හන්දියේ වැට ඉන්නක අමුණලා "ද්‍රෝහීන්ට දඬුවම" කියල ගහල තිබ්බා.
මිනිය දනිස්සට උඩින් උස්සන්න එපා, පෙට්ටි වල දාල වළලන්න බැහැ, නිකන් පෝර උරයක ඔතල වළලන්න කියලත් කියල තිබ්බා.
පස්සේ ආමි එකෙන් ඇවිත් ගමේ මිනිස්සුන්වත් බලෙන් මළගෙදර අරගෙන ගිහින් පෙට්ටියක දාල වතාවත් වලට මරණේ කටයුතු ටික කලා.
එයා කරලා තිබ්බ වරද තමයි තමන් ප්‍රින්සිපල් වෙලා හිටපු ඉස්කෝලේ ගේට්ටුවේ ගහල තිබ්බ jvp බැනර් එකක් ළමයි දම්මලා අහක් කරවපු එක.
තව අපේ ඥාති වෙන පවුලක අම්මයි තාත්තවයි කපල මරල ගෙට දාල ගිනි තිබ්බා එක පුතෙක් පොලිසියේ නිසා සහ අනිත් පුතා ගෝනි බිල්ලෙක් වෙලා jvp කොල්ලෝ කෙල්ලෝ අල්ලලා දෙනවා කියලා.
එදා රෑ එළි වෙනකල් අපි ඇහැරිලා, අර ගේ කළු දුමක් දාගෙන ගිනි ඇවිලෙනවා මට තාම මතකයි.
අර පොලිස් පුතානම් බේරුනා, ඇත්තටම බිල්ලෙක් විදිහට jvp කාරයොයි තමන් තරහ අහිංසක මිනිස්සුයි අල්ලලා දීපු අනිත් එකා නම් jvp එකෙන් මැරුම් කෑවා පොලිසියක් ඉස්සරහදිම.
ඊට පස්සේ ආපහු අපේ ගෙදරට පොඩ්ඩක් එහායින් හිටපු අපේ ලොකු අක්කගේ වයසේ වගේ කෙල්ලෝ දෙන්නෙක් ආමි එකෙන් අරගෙන ගිහින් තිබ්බා ඒ ළමයින්ගේ තාත්තව වෙඩි තියල මරල දාල.
ඒ දෙන්නව ගෙනියද්දි අර තාත්ත ඇහුවලු "ඇයි සර් මාව අනුරන්න බැරිද" කියලා.
ඊට පස්සෙලු ඒ මනුස්සයව මරල දැම්මේ.
ඒ මනුස්සය ආමි කෑම්ප් එක ඇතුලට මොන මොනවද වැඩ වලට යන එන වාහනේක රියදුරු.
එහෙම වෙලත් උන් අර කෙල්ලෝ දෙන්නව අරගෙන ගියේ jvp කමක් නිසා නෙමෙයි. උන්ගේ ආසාවල් ඉෂ්ඨ කර ගන්න. ඒ දෙන්නව පුච්චපු තැනක්වත් හොයා ගන්න ලැබුනේ නැහැ කියල ඒ දවස් වල කියනවා මතකයි.
අපේ පැත්තේ පොලිසියේ ලොක්ක මිනී මස් කනවා කියලත් රාවයක් තිබ්බා, ඌට මිනිස්සු කිව්වේ ඉඩි අමීන් කියල.
අපේ හරියේ තියෙන ප්‍රසිද්ධ වංගුවක තමයි ඒ කාලේ මිණී පිච්චුවේ. ඔය සිද්ධි වලින් අවුරුදු හතර පහක් ගියත් මිනිස්සු එතනින් යන්න බයේ හිටියා.
මගේ බ්ලොගයේ දාපු ලින්ක් එකකට ආවේ. ලියමන අපුරුයි. මම එවකට පවතී රජයේ ක්‍රියාදාමය ජවිපෙ ක්රියාදාමයහා ස්වාධින ශිෂ්‍ය සංගමයේ ක්රියාදාමයද 1987 සිටම හෙළ දැකි අයෙක්මි.ප්රභාකරන් සේම ජවිපෙ කලේද අරගලය තුවක්කු ගෙන පාවා දීමය. මගේ ජවිපෙ යාලුවන්ගේ කුණු බැනුම් මැද අදද මේ ස්ථාවරයේ සිටිමි.
ReplyDelete