ජනකාන්ත අය්යා යනු අපේ ගමට සම්පතකි , ඒ
මක්නිසාදයත් එවැනි තියුණු බුද්ධිමතෙක් අහල
ගම් හතකවත් මා දැක නැත ..
ඔහුගේ බුද්ධිමත් බාවය මා වර්ණනා කරන්නේ නිකමට
නොව බොහෝ හේතු කාරනා පෙරදැරි කරගෙන . ජනකාන්ත අය්යාගේ බුද්ධි මට්ටමේ දිග පළල
කොතෙක්දැයි සාමාන්‍ය බුද්ධි මට්ටමක් සහිත අපට තේරුම් ගැනීමට අසීරුය , ඔබටද අසීරුය
මා ජනකාන්ත අය්යා ගේ කතාන්දර දිගින් දිගටම ලිවහොත් ඔබ මා ඉහත පැවසූ කරුන හා එකග
වෙනවා නොඅනුමානය,
ඔහුගේ බුද්ධිමත් භාවයට සමකල හැක්කෙක් මිහිපිට සිටියානම්
ඒ මහදැනමුත්තාම පමණි . ජනකාන්ත අය්යා යනු මහදැන මුත්තාගේ පුනර්භාවයක්ම දැයි විටෙක
මට සිතේ .
ජනකාන්ත අය්යා විවිද හැකියාවන් සහිත වගේම විවිද විනෝදාංශ වලටද
දැඩි ඇල්මක් දැක්වූ අයෙකි . ඒ අතරින් මාළු බෑම ද
ඔහුගේ එක විනෝදාංශයකි .
ඔහු එයට කොයිතරම් ප්‍රියද කිවහොත් රැයක් දවාලක්
නැතිව අව්වක් වැස්සක් නැතිව හිතෙන ඕනෑම වෙලාවක බිලිපිත්ත කිහිලි ගහගෙන උදලු
කෙටියත් අතින් අරගෙන ඇලක් ,දොලක්,වේලක් ,වලක් සොයාගෙන ගොස් කණ්ඩියක් උඩ ඇන තියාන
බිලිපිත්ත මානගෙන සිටීම ඔහුගේ ජීවිතයේම එක් කොටසකි .
බොහෝවිට මාළු බෑමෙන් පසු ජනකාන්ත අය්යා ගෙදර
යන්නේද උදේ ආ හැටියටමය ඒ බිලිපිත්ත කිහිලි ගහගෙන උදලු කෙටිය අතින් අරගෙනය. අල්ලපු මාලුවෙක් නම් පෙනෙන්ට නැත ,
“කෝ ජනකාන්ත අද මාළු අහුවුනේ නැතෙයි . , යනුවෙන්
කිසිවෙකු ඔහුගෙන් ඇසුවහොත් ඔහු හැමදාමත් දෙන්නේ එකම පිලිතුරය,
“අදනම් අහුවුනේ නෑග්, ඒකටත් එක්ක මම ඊයේ
ඇල්ලුවනේ බරටම බාගවිට දැන් ඇලේ මාළු ඉවරත් ඇති මයේ හිතේ ,
ජනකාන්ත අය්යා ඊයේ යැයි කියන අතීත කාලය කවදාවත්
තිබු එකක් නොව , ඔහු ඇල්ලු මාලුවෙක් නැත . මාළුන් අසුවන්නේ පව් කාරයන්ටැයි මම අසා
ඇත එසේනම් ජනකාන්ත අය්යා පිං කාරයෙකි .
ගිනි කාෂ්ටකෙට පායන කාලේ ඇල දොල වෙල වල හිදිලා
ගියත් ජනකාන්ත අය්යා නෙමේ බිලිබෑමේ පුරුද්ද ටිකකටවත් නතර කලේ , එහෙව් කාලෙට උන්දැ බස් එකේ නැගලා මුහුදු වෙරලාට යන එක
තමයි කරන්නේ.
එහෙම යන දවස් වලට උදේ ඉදන් ගිනි අව්වේ ගලක් උඩ ඉදගෙන
ඉදලා ඉස්සෝ කිලෝ එකක් විතර ඇමට ගහලා අවසානයේ හාල් මැස්සෙක්වත් අල්ල ගන්ට බැරුව
ගෙදර ගාටන ජනකාන්ත අය්යාව අපි ඇති පදං දැකලා තියෙනවා. මිනිහා බිලි බෑම කලේ විනොදෙට
මිසක එයින් වෙනත් පල ප්‍රයෝජනයක් බලාපොරොත්තුව නෙවේ ඒකත් එක්තරා ආසාවක් .
වෙසක් මහා පොහොය දින යනු බෞද්ධ ජනතාවගේ උතුන්ම
දිනයයි වෙනත් ජාති ආගම් භේදයක් නැතුව සියලුම ජනයා එදින තෙමගුල සිහිකරති , දාන මාන
දෙති , පිංකම් වැඩියෙන්ම සිදුවෙන දිනය මා දැක ඇති සැටියට මෙදාය.. එහෙව් දිනකදී වත්
පුරුද්ද දිනකට අතහැරීමට ජනකාන්ත අය්යා සුදානම් නැත . ජම්මෙට වඩා පුරුද්ද ලොකු යැයි
කතාවක් ගොතා ඇත්තේ නිකමට නොවේ .
වෙසක් පොහෝ දින උදැසන පන්සල් යන පාරේ උදලු
කොටයක් සහ බිලිපිත්තක් රැගෙන යන ජනකාන්ත අය්යා දකින සැදැහැවතුන්ගෙ නෙත් උඩ ඉන්දවිම අරුමයක් නොවේ.
එහෙව් පොහෝ දිනෙක අහම්බෙන් මුණගැසුණු ජනකාන්ත
අය්යා සහ මා අතර ඇතිවූ දෙබසකි මේ ,
දිනක් මා දොළපාර අසලින් ගමන් කරන විට කිසියම්
සබ්දයක් සහ ජායාවක් දැක තිගැස්සුනේ දොලපාර අයිනේ පාලු මණ්ඩිය හොල්මන් අවතාර වලට
යම් තරමකින් ප්‍රසිද්දියක් ඉසිලු ස්ථානයක් වීම නිසාය එහෙත් ඒ අවතාරයක් නොව ජනකාන්ත අය්යාය.
දොලපාරේ පස් පිඩැල්ලක වාඩිවී බිලිපිත්ත
සාමාන්තරව දොලපාරට දික්කරගෙන නිසොල්මන්ව සිටින ජනකාන්ත අය්යා අසලා අඩක් කෑ පාන්
ගෙඩියකි. සමහර විට ඔහු මාළුන්ට පාන් කෑමට දුන්නා විය හැක එසේත් නැත්නම් එය කා
ඇත්තේද ජනකාන්ත අය්යාමය .
“අඃ ..ජනකාන්ත අය්යා පෝයට මාළු බානවා වගේ ...
“ඔව් බං... අද පෝය හින්දනේ මේ එක මාළුවෙක්වත්
බාගන්ට බැරිවුනේ ..
“ඒ මොකෝ ..
“ඒ මොකෝ කියන්නේ ... කොහොමද බං පෝය දවසක මම එහෙම
පව් අතේ වැඩක් කොරන්නේ ..
“ආ ..ඒ කියන්නේ ජනකාන්ත අය්යා මේ මාළු බානවා
නෙවේ නිකන් පුරුද්දට බිලිපිත්ත වතුරට දාගෙන ඉන්නවා, එහෙම නේද මට දැනුයි තේරුනේ ..
“නෑ බොල මේ බලපන් ,
ජනකාන්ත අය්යා වතුරේ දමාගෙන සිටි බිලිපිත්ත
එසවුයේය එහි අග තංගුස් නූලේ කෙලවර බිලි කොක්කට අමුණා ඇත්තේ පාන් කැබැල්ලකි.
“මම අද බිලිකොක්කට ඇමුනුවේ පාන් , මේකේ මාළු
හුරුවෙලා ඉන්නේ පණුවන්ට , වෙනදට මම මාළු අල්ලන්නේ පනුවෝ අමුණලා එතකොට අහුවෙනවා අද
මම ඇමුනුවේ පාන් ,.. ඒකයි මේ .. පාන් වලට මාළු අහුවෙනවා හොරයි ..
“ඉතින් ඇයි පණුවෙක් ඇමිනුවේ නැත්තේ ,
මේ ප්‍රෙහෙලිකාව නෙතෙරුන කමටමයි මම එහෙම ඇහුවේ
..
“ඇයි යකෝ ..උබට තේරෙන්නේ නැද්ද , අද වගේ පෝය
දවසක මම කොහොමද බොල පණුවෙක් බිලිකොක්කේ අමුණන්නේ ... පව් නැද්ද , හා ..?
//පණුවා ගැන ජනකාන්ත අය්යාට පහලවූ කරුණාව මාළුවා ගැන පහල නොවුනේ මන්දැයි....//
ReplyDeleteබොහෝ දෙනෙක්ට ඔහොම තමයි, බත් පතේ තියෙන හාල් මැස්සට කරුණාව, නමුත් සිනි බෝතලේට එක කුබියාට ඒ කරුණාව නැහැ.
ඒකනේ කියන්නේ .... ඔන්න මිනිස්සු ලංකාවේ .
Deleteයකෝ මහදැනමුත්ත තව හොඳයිනේ :D
ReplyDeleteමෙයා මහදැනමුත්තාගේ පරපුරේ කෙනෙක් .
Deleteuta kohamat malu ahuwena nati nisa kamak naha.
ReplyDeleteJayawewa
ඒකත් හැබෑව ,
Deleteඑළ බුවෙක්නේ..........
ReplyDeleteඑළදත් අහනවා ...
Deleteහඃ හඃ හඃ හඃ
ReplyDeleteමරු කතාව !
ජනකාන්ත අය්යාගේ කතානේ ,
Deleteඅන්තිම ඡේදය ඕනෙ නෑ බං.
ReplyDeleteහෑ..එහෙමද , ඔන්න මම අන්තිම ජේදය අන්තරස්දාන කළා ,
Deleteසහතික ඇත්ත....!!! මොන හිතකින්ද පෝය දවසෙ පණුවෙක් මරන්නෙ... ;)
ReplyDeleteඅනේ පව් පණුවා ..නේද සුමිත් අය්යේ ..
Deleteඅර අන්තරස්දාන කරපු ඡේදය select කරලා කියවන්න පුළුවන්. චමී අයියටත් ජනකාන්ත අයියා එක්ක නෑකමක් එහෙම තියෙනව ද දන්නේ නැහැ :P
ReplyDeleteහික් ..ඇත්තම කිව්වොත් එයා අපේ දුරින් නෑයෝ වෙන කෙනෙක් තමයි ..
Deleteඒ මාළු කාන්දම ගිය ආත්මෙ කොකෙද්ද කොහෙද?
ReplyDeleteනෑ කොකටුවෙක් අනේ ..
Deleteඋඹ තාමත් කරගහගෙන යනවා නේද ?
ReplyDeleteනැතුව නැතුව
Deleteමෙන්න කරගැසිමේ කතාව
ඇත්තටම චමියො ජනකාන්ත අයියා පණුවා නාවනවා වෙන්න ඇති බන්.....ඒකයි මාලු අහුවෙන්නෙ නැත්තෙ...
ReplyDeleteඑහෙම වෙන්ටත් බැරි නැහැ ..එහෙව් ජාතියේ එකා ..
Deleteතණකොළ කපන්න කිතුලට ගිය කෙනා ගෙ කතාව මතක් වුණා.
ReplyDeleteහ්ම්ම් මේකත් එහෙම තමයි .
Deleteමචෝ මේකනං මහදැනමුත්තගේ ම වත්මන් රූපකය තමා.
ReplyDeleteඅන්න මට හිතුන එකම හිතිලා .
Deleteපෝය දවසේ පින් කරගන්ඩ වෙන්ඩැති මාලුන්ට පාන් කන්ඩ දීල තියෙන්නෙ :පී
ReplyDeleteඅදහස පව්කාර උනාට නොදෑනිම පිනක් වෙන්නේ .
Deleteවීර්වංශ එහෙම දැනගත්ත නම් අරූට හතර වෙනි තට්ටුවට යන්න වෙනවා. පාන් කියන්නේ බටහිර කුමන්ත්‍රණ කාරයන්ගේ කෑමක් නේ...
ReplyDeleteඅප්පට සිරි , වීරේ එහෙම කථාවකුත් කිව්වලු නේද ..
Deleteඅල්ලපු මාලුවෙකුත් නැත්නම්, ඉස්සොත් ඇමට දානවනම් මට නම් හිතෙන්නෙ මෑන් මාලු අල්ලනවා නෙමේ..මාලුවන්ට පනුවෝ/ඉස්සෝ/පාන් කන්ඩ දෙනවා....
ReplyDeleteහික්..හික්.. අපිට නොදැනෙන්න එහෙම කරනවද කවුද දන්නේ නේද ,
Deleteජනකාන්ත අයියා දේශද්‍රෝහියෙක්, අධිරාජ්‍යවාදී පාන් මාලුන්ටත් හුරු කරලා' උන්වත් දියවැඩියා රෝගීන් බවට පත්කරවනවා. බූරුවංශ දන්නවනම් රෑට බිස්කට් කකා ඔය ඇල ළඟ උපවාසයක් පටන්ගන්නවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ජනකාන්තව උල තියා ඝාතනය කල යුතුයි ..හික්..
Deleteඅනේ අපි නොදන්නා විරේ අය්යාගේ උපවාසේ ... මාමා වතුර වීදුරුවක් ගෙනාවම ඔය ඔක්කොම උපවාස අහවරයි ශෝක් එකට බොනවා ..
පාන් අමුණන එක පට්ට වියදම් නේ බං ?
ReplyDeleteඒත් මොකො පව් නැහැනෙ..
මිනිහා පිං සලකා වැඩ කරන්නේ,
Deleteබකස්...:v අනිච්චාවත සංකාරා...
ReplyDeleteThis clearly suggests that connection speeds are inadequate with this protocol.
ReplyDeleteThe cost of this product is extremely rational.
Check out my web site ... obd2 code reader ()
මේ කතාවෙන් මතක් වුණේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අපේ ගම පොතේ ඉන්න කිරිබබාව. මාළු බාන්න ඔරුවෙන් යන කිරි බබා දිමියෙක් මරන්න ගිය පොඩි ළමයෙක්ට අවවාද කරපු කතාව මතක් වුණා :)
ReplyDeleteමහදැන මුත්තට ගහනන් බුද්ධිමතෙක් පහල වීමත් වාසනාවක්, කොහොම උනත් මලුවෙක්වත් හම්බ උනානම් එයගේ මොලේ ටිකක් පැදිලා එවි
ReplyDeleteheehee.. maara pudgalayek.. :D
ReplyDelete