14 May 2012

ජනකාන්ත අය්යාගේ වැදී බන සහ මගේ ගණිත ඥානය ...



අපේ ගමේ තියෙනවා පුංචි පුස්තකාලයක් .. ඒ දවස් වල ගමේ සාමාන්‍ය පෙළ , උසස් පෙළ . කරන අය .. පාඩම් කරන්න එහෙම එකතු වෙන්නේ මෙතනට. මමයි මගේ සගයෝ  දෙන්නයි . පාඩම් කරන්න එහෙම සෙට් වෙන්නෙත් මෙතැනට තමයි. .
.මේ කාලයේ අපේ සාමාන්‍ය පෙළ විභාගය අත ලග තිබුන කාලේ...

මෙතන හිටියා අපේ කාලයේ ප්‍රසිද්ධ චරිතයක්..නම ජනකාන්ත.. ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා හිටියේ ඉක්මනින් බයිට් වෙන  චරිතයක් විදියට .. මළ ගෙවල් වල කය්යක් ගහගෙන නිදිමරන්න එහෙම කියාපු බඩුව... කිසිම පාළුවක් නැහැ.

ජනකාන්ත අය්යා කොයි වෙලෙත් හිටියේ මේ පුස්තකාලය ඇතුලේ මේ දවස් වල එයා  උසස් පෙළ කරන්න ගත්ත මුල් කාලය...

දවසක් මම යාලුවෝ දෙන්නත් එක්ක  ගණන් පොතක් ගෙනත් තියාගෙන  ගණන් ටිකක් හදන්න ගත්තා. පුස්තකාලෙට වෙලා..

මේ වෙලාවේ අපේ ප්‍රබල චරිතේ ජනා අය්යා   ආවා අපේ ඉස්සරහට..

මල්ලී උබල මොකද කරන්නේ පාඩම් කරනවද?




නැහැ ජනකාන්ත අය්යේ අපි මේ  ගණන් ටිකක් හදනවා..

හෑ.... ඔහොම ගණන් හදලා ඕලෙවල් පාස් වෙන්න පුලුවන්ද බොලව්.. උබලා දන්නවද මම ඕලෙවල් වලට ගණන් හදපු හැටි...

එහෙම කියලා ජනකාන්ත අය්යා හෙන කයිවාරුවක් ගහන්න ගත්තේ නැතෑ...

මම දවසට ඔය වගේ පොත් තුන හතරක ගණන් එක දිගට හදලා ඉවර කරනවා.. ප්‍රස්තාර පොත් හත අට එක දවසකට හදන්නේ...

පාස් පේපර් පොත් මිටි ගණන් හැදුවේ... කටු සටහන් ලියපු පොත්ම සියකට දෙසීයකට වැඩි....

නෑ..." මට එක පාරම එහෙම කියවුනා..

නෑ නෙමේ.. ඕව් බොලව්... උබලා දන්නවද.. මම ගණන් හදනකොට අපේ අම්ම එනවා තේ එකකුත් හදාගෙන . මට දෙන්න කාමරේට...ඇවිත් මාව හොයාගන්න බැරුව ආයෙත් හැරිලා යනවා...

"ඇයි ජනා අය්යේ අම්මගේ ඇස් පෙනීම.. ඒ තරමටම අඩුයිද...?

එහෙම ඇහුවේ මගේ නුවණක්කාර සගයෙක්...

ඇස් පෙන්නේ නැතුව නෙමෙයි බොලව්.!!! පොත් වලට මාව වැහිලා..ඒ තරම් පොත් ගොඩක් කාමරේ තියාගෙන තමයි මම ගණන් හැදුවේ..

අන්න එහෙමයි අපි ඉගෙන ගත්තේ .. උබලා වගේ ඔහොම සෙල්ලම් කොර කොර  හිටියේ නැහැ...ඕන්...’’
එහෙම කියාගෙන ජනකාන්ත අය්යා යන්න ගියා .

ඒ වෙලාවේ අපිට  පෙනුනේ ජනකාන්ත අය්යා ගණන් ලෝකයේ පතාක යොදයෙක් වගේ...
ඊට පස්සේ අපි තුන්දෙනත් ගණන් හදන එක පැත්තක තියලා කතා උනේම ජනකාන්ත අය්යාගේ දක්‍ෂකම ගැන...

“”අපි ජනකාන්ත අය්ය ගැන හිතුවා වැරදි..  මිනිහා මාර දක්ෂයා...මිනිහා අනිවාර්යයෙන්ම ගණන් වලට “A “ එකක් දාන්න  ඇති.

ඔව්... ඕලෙවල් පේපර් එක සිම්පල් වෙන්න ඇති . අනිවා පේපර් එකට අකුණු සීයෙන් සියම තියෙන්න ඇති.

මේ තරම් ගණන් කාරයෙක් වෙච්චි ජනකාන්ත අය්යා මොකෝ බං එලේවල් වලට ආර්ට් සබ්ජෙක්ට් කරන්නේ.. මිනිහගේ දක්‍ෂකමේ හැටියට මැත්ස්‌  කලානම්.. ඉවරනේ ...
( එහෙම කිව්වේ අපේ දුර දිග  හිතන සගයා...)

නෑ මචං මිනිහා ටිකක් අමුතු කෙනෙක්නෙ.. ගණන් වලට කොයිතරම් දක්ෂ උනත් මිනිහා කැමැති ආර්ට් සබ්ජෙක්ට් වලට වෙන්න ඇති...””

 අපි අයේ ගණන් වලට ක්ලාස් වලට යන්න ඕනේ නැහැ.. ජනකාන්ත අය්යා ගෙන්ම ගණන් අහ ගමු. ක්ලාස් එකේ සර් ට වඩා හොදට ජනකාන්ත අය්යා අපිට ගණන් කියල දෙයි..

ඔන්න ඉතින් අපි තුන්දෙනාම ඒ කතාව අනුමත කරලා. ජනා අය්යගෙන් .. ගණන් ඉගන ගන්නත් තීරණය කරගෙන ඉන්න කොට . කොහේදෝ ඉදලා ආයෙමත් ජනා අය්යා පුස්තකාලෙට ආවා...

අපි තුන් දෙනාම නැගිටලා බය පක්ෂපාතී විදියට ජනකාන්ත අය්යා ඉදිරියේ හිටගත්තා .. ගණන් පංතියක් කථා කරගන්න හිතාගෙන..

ඒ වෙලාවේ මට නිකමට වගේ හිතුනා ජනකාන්ත අය්යාගේ ඕලෙවල් ගණන් ප්‍රථිපලේ  මොකක්ද කියලා අහලා බලන්න... “  A  “ වෙන්න ඇති කියලා හිතාගෙනම මම නිකමට වගේ ඇහුවා ..

"ජනකාන්ත අය්යට ඕලෙවල් ගණන් වලට මොනවද තියෙන්නේ..අය්යේ..



                                                “   S   “  එකක් බං ...



ජනා අය්යා කිසි ගානකට ගන්නේ නැතුව එහෙම කියලා යන්න ගියේ නැතෑ

ඒ වෙලාවේ තමයි අපි තුන්දෙනා තේරුම් ගත්තේ ජනකාන්ත අය්යාගේ ගණිත ඥානයේ තරම... කොහොම උනත් අපි තුන්දෙනාම ඕලෙවල් වල ගණිතයට ” S “ කට වඩා  ගොඩක් ඉහල අගයන් ලබා ගත්තා..
හැබැයි ජනකාන්ත අය්යගෙන් ගණන් ඉගෙන ගන්න නම් අපි ගියේ නැහැ...හිකිස්‌

13 comments:

  1. කටින් බතල හිටවනවා කියන්නෙත් ඕකට තමා මං හිතන්නෙ.. හි හි...

    ReplyDelete
  2. ඔව් ඔව්. මිනිහගේ වැඩ ඔහොම්මමයි....

    ReplyDelete
  3. අයින්ස්ටයින් ටෝකක් දීලා තියෙන්නේ... හික්ස්

    ReplyDelete
  4. මොනා වුනත් බුවා හරි අවංකයි නේ...?

    henryblogwalker the Dude

    ReplyDelete
  5. ආ ඔය හදාගෙන තියෙන්නෙ දිනේ වැටෙන්න.. :) මේ ටෙම්ප්ලේට් එකත් හොඳයි චමී.
    henryblogwalker the Dude

    ReplyDelete
  6. @DUDE
    ඔව් මේක හොදයි වගේ.... මේක දිගටම තියන්න කල්පනා කලේ ...

    ReplyDelete
  7. ජනා අයියා චේතිය රජ්ජුරුවන්ගේ නෑ කෙනෙක්ද :D

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. එයාලගේ දුරින් නෑ වෙන රජකෙනෙක් හිටියලු...

      Delete
  8. Replies
    1. හික්.. මෙන්න බොලේ දන්නා කියන කෙනෙකුත් ඇවිත්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  9. andenawa ape jayakanthaya dakkanam..ela ela

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...