31 August 2012

මැඩම් ගේ අලුත් ව්‍යාපාරය ...



උදැසනම කාර්යාලයට ගොස් මේස පුටුවේ වැඩි වුවා පමණි .. උස් හින්දෑුවේ වැඩි වුවා පමණි .. උස් හින්දරී මැදිවියේ මුත් සුන්දර කාන්තාවක් සිනහවෙමින් පැමිණ මා ඉදිරියේ අසුන් ගත්හ .. මට ඇගේ මුහුණුවර හොදින් හුරු පුරුදු මුත් කවුදැයි හැරී හැටි මතකයක් නැත..

“එක්ස් කියුස්‌ මී.. මේ ලෝන් සෙන්ටර් ඒක නේද ? මම ලෝන් එකක් ගැන විස්තර දැනගන්නයි ආවේ.. “
ඈ නැළවෙමින් කථා කරයි ඇගේ කටහඩ මිහිරිය එහි වයස පාටක් නැත..

“ඔව් මැඩම් ඒත් මම මේ බැලුවේ මට ටිකක් මඩම්ව දැකලා පුරුදුයි වගේ ...”

“ඇත්තටම මල්ලි මාව අදුනුවේ නැද්ද ?   ඈ මොහොතක් මා දෙස පුදුමයෙන් මෙන් බල සිටි..
මාව නොදන්නා කෙනෙක් ලංකාවේ නැහැනේ මල්ලි . හොදට කල්පනා කරලා බලන්න ..

ලංකාවේම දන්නා කෙනෙක්නම් එක්කෝ ඈ නිලියක් හෝ ගායිකාවක් විය යුතුය එසේත් නැතිනම් දේශපාලකයෙක් විය යුතුය..
එහෙත් දේශපාලකයන්ට තිබෙන මුස්පේන්තු මුහුණ ඇයට නැත..එසේනම් ඇය ගායිකාවක් හෝ නිලියක් විය යුතුය ..

“ මැඩම් චිත්‍රපට  වල රගපානවද... “  මා නිකමට මෙන් ඇසුවෙමි

“ආන්න හරි ..ඔය මතක් උනේ .යස අගේට  ..ඔයා බොරුවට නේද දන්නේ නැහැ වගේ උන්නේ හොරා...
ඒ ගමන  ඈ හුරතල් වනවාය.. මම අහක බලාගෙන ගැසූ ගල හරිය ඇය නිළියකි .

ඒත් මැඩම් අපි නළු නිලියන්ට නම් මෙතනින් ලෝන් දෙන්නේ නැහැ .. විශාල ව්‍යාපාර  වලට විතරයි දෙන්නේ..

“මමත් ලොකු ව්‍යාපාරයක් තමයි පටන් අරගෙන තියෙන්නේ මල්ලි..``  ඒවර ඇගේ මුහුණේ ඇත්තේ බැරෑරුම් පෙනුමකි .

“එහෙනම් රගපානවා කිවේ..

මේකනේ මල්ලි මේ ව්‍යාපාරේට නිළිකම ත් ඒක සුදුසු  කමක් එකයි මම මුලින්ම රගපාන්න ගියේ .

දැන් එතකොට ඔය ව්‍යාපාරේ ගොඩක් කට්ටිය ඉන්නවද ?

මෙහෙමනේ මල්ලි මුලින්ම මම මේක තනියම කරගෙන ගියේ .. ඒත් කාලයක් ඒක දිගටම කරගෙන යනකොට කස්ටමර්ස්ලා අඩු වෙන්න ගත්තා . අන්තිමේදී මාව දෙකේ කොලේටම වැටුනා. මල්ලි  , ඒවර ඇගේ මුනුන දුක් බරය ඈ සාරි පොටෙන් හොටු පිහදමන ගමන් කථා කරයි..

ඇයි මැඩම් එහෙම උනේ ?

මේකනේ  මල්ලි ඕනෑම භාණ්ඩයක් දීර්ග කාලයක් පරිහරණය වෙනකොට ඒක ක්‍ෂය වෙනවා .. එතකොට අපේ ගැනුම්කරුවන් ඒ වෙනුවෙන් වැය කරන මුදලට නිසි ප්‍රතිලාභයක් නොලැබීම හේතු කරගෙන ඔවුන් වෙනත් ස්ථාන වලට සංක්‍රමණය වෙනවා...

ඒවර ඇය හර බර දීර්ග කථාවකට මුල පිරුවාය.. මට එය බර වැඩිය එබැවින් මට තේරුනේ ඈ සේල්ස් සම්භන්ධ දෙයක් කරන බවය .. ඇය මාර්කටින් කරනවා යැයි මා තේරුම්  ගතිමි .

ඉතිං මල්ලි මම ඒ කටත්  පිලියමක් හොයාගත්තා .. මම මේ ව්‍යාපාරේ  පටන්ගත්තේ එකයි..  මේකෙන් ඔය අනුරාධපුරය පොලොන්නරුව වගේ ගොඩක් පළාත්වල වේලි වේලි ඉන්න තරුණියන්ට රැකියා ලැබෙනවා.. එයාලගේ සැගවී ඇති කුසලතා එලි දක්වලා අදායම් මාර්ගය පෙන්නලා දුන්නම එයාලටම උනත් පස්සේ කාලෙක ස්වයං රැකියාවක් විදියට මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන ගියහැකි.. ඒකත් ලොකු පිනක්නේ මල්ලි.``

“එතකොට  මැඩම් මේ ව්‍යාපාරෙයි නිළි වුර්තියයි    අතර තියෙන සම්හන්දේ මොකක්ද ? මට තවමත් නොවැටහුණු පැනය මම ඇයට යොමු කලෙමි ..

මේකනේ මල්ලි නිලිකමයි මේ ව්‍යාපාරේ යි  හරියට ගහට පොත්ත වගේ නැතුවම බැරි දෙයක් නෙමේ..  ඒත් චිත්‍ර පටයකට ටෙලි නට්‍යකට හරි එහෙමත් නැත්නම් වෙළද දැන්වීමකට හරි මුණ දාගෙන නිලි ලේබලේ ගහ ගත්තොත් ඒක  මේ වුර්තියෙන් ඉහලට යන්න ලොකු සුදුසු කමක් වෙනවා..

“ඒ කියන්නේ මැඩම් සාමාන්‍ය රස්සාවක් කරන එකෙක්ට ඩිග්රියක් තිබුනොත් වගේද ?  මම ඇගේ කථාවේ මැද්දට පැන්නෙමි ...
ආ..න්න හරි ඔය තේරුනේ ....

ඉතිං මල්ලි මමත් මගේ ලග ඉන්න කෙල්ලන්ව පුළු පුළුවන් විදියට ටෙලිවිෂන් එකට මුහුණ දම්මගෙන නිලි ලේබලේ ගහ ගන්නවා... අනික මේක විදේශ විනිමය ගෙන්න ගන්න පුළුවන් ව්‍යාපාරයක්නේ ...

එහෙනම් මැඩම් මේක රජයේ ලියාපදිංචි කරලා රාජ්‍ය ආයථනයක් විදියට රජයේ ආධාරත්  අරගෙන මහා පරිමාණයෙන් ඉදිරියට ගෙන ගියොත් නරකද ?  මා  ඈ පවසන ව්‍යාපාරයේ වටිනාකම ගැන සිතා ඇයට යෝජනා කලෙමි ..

ඒ කතාවනම් ඇත්ත මල්ලි මේවා විදේශ සංචාරකයන්  ගෙන්නලා  විදේශ මුදල් සට සට ගාලා ලංකාවට ගෙන්න ගන්න පුළුවන් ව්‍යාපාර නේ  .. එහෙම කලොත් ඔය වැටිලා තියෙන රාජ්‍ය භාණ්ඩාගාරේ උනත් සුටුස්‌ ගාල කෙලින් කළහැකි.. නෙවෑ..

මටත් හිතෙනවා මල්ලි .. පස්සේ කාලේක මේවා රාජ්‍ය ආයතන බවට පත් කරයි කියලා .  එහෙනම් මම ගිහින් එන්නම්...

ඈ යෑමට පිටත් විය.. එහෙත් මට ඇගේ නම අසා දැනගැනීමට අමතකවිය ... මෙවැනි  ව්‍යාපාරයක්  කරන දිරිය කාන්තාවකගේ නම අසා දැනගත යුතුමය .. මා අසුනින් නැගිට දිව ගොස් කථා කලෙමි..

මැඩම් .. මැඩම්ගේ නම  ?

අහ්හ් .. මම හිතුවේ දන්නවා ඇති කියලා .. මගේ නම ජිනා ...

හොදයි  ජිනා මැඩම් ... පරිස්සමින් ගිහින් එන්න ...

එහෙත් මට තව පසුතැවිල්ලක් ඇත ඇගේ ව්‍යපාරයේ අලෙවි කරන භාණ්ඩ මොනවාදැයි මට අසා දැන ගැනීමට නොහැකි විය...

23 August 2012

නිලියට ලැබුණු ළමයා කාගේද ? (18 ++)



දවසක් බබෙක් ලැබීමට ආසන්න  ගැහැණු කෙනෙක් රෝහල්  ගතවී ළමයා ලැබුණු පසු නර්ස් කෙනෙක් ඇවිත් මෙයාගෙන්  අහනවා

“ ඔයාගේ හස්බන්ඩ් ආවද ?” කියලා.

එතකොට මේ කෙල්ල කියනවා “ මම තවම මැරී කරලා නැහැ “ කියලා

“ හා ඒකට කමක් නැහැ ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ආවද ?

එතකොට කෙල්ල කියනවා

“මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ , මම  වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක රගපෑවා ඒක නිසා තමයි මට බබෙක් ලැබුනේ කියලා “

එතකොට අර නර්ස් මෙහෙම කියනවා “ සොරි මැඩම් මම දන්නේ නැතුවයි ඇහුවේ “

ආ .. එකට කමක් නැහැ මට ළමයා බලන්න පුලුවන්ද ? , එයා සනීපෙන් ඉන්නවද ?

‘’බබා නම් සනීපෙන් ඉන්නවා එත් ඔයාට මේක කොහොම කියන්නද මන්දා බබා ගොඩාක්ම කළු පාටයි “

ආ ..ඇත්තද ඒක වෙන්න පුළුවන්  මම රගපාපු චිත්‍රපටයේ කළු ජාතිකයෙක් හිටියා “ කෙල්ල කිව්වා

‘’තව පොඩි ප්‍රස්නයක් තියෙනවා බබාගේ කොන්ඩේ නම් තබ පාටයි “

ඒකත් වෙන්න පුළුවන් ඒ චිත්‍ර පටයේ ස්වීඩන් කාරයෙකුත් හිටියා.. කොන්ඩේ තබ පාට” කෙල්ල කිව්වා

“ ආ.. එහෙමද තවත් පොඩි ප්‍රස්නයක් තියෙනවා බබාගේ ඇස් ගොඩක්ම හීනියි “

ආ ඒ  චිත්‍රපටයේ ජපන් කාරයෙකුත් හිටියා . කෙල්ල කිව්වා

“ ආ .. එහෙනම් ප්‍රස්නයක් නැහැ එහෙම කිව්ව නර්ස් ළමයව ගෙනත් අර කෙල්ලට දුන්නා “

බබා දිහා හොදට බලපු කෙල්ල ඒක සැරේම ළමයට හය්යෙන් පාරක් ගැහුවා
ළමයා මහා හය්යෙන් අඩන්න පටන් ගත්තා ..

නර්ස්ට හරි පුලුමයි මේ වැඩේට...

“ඇයි ඔයා එහෙම කලේ “ නර්ස් ඇහුවා

එතකොට කෙල්ල මෙහෙම උත්තර දෙනවා..

“දෙවියන්ට ස්තුතී වෙන්න මම බයේ හිටියේ මෙයා අඩනවා වෙනුවට බුරයිද දන්නේ නැහැ කියලා...

22 August 2012

ගිටාරය ඉගෙනගමු _06


දැන් Major minor & 7th chords ඉගෙන ගෙන තිබෙන නිසා. ගීතයක් වාදනයේදී මෙම chords යොදාගත හැකී ආකරය බලමු.

Major chord එකක සංරචක.

ගීතයක් සදහා chord එක පමනක් වාදනය වන විට මුළු ගීතයටම එකම chord එකක් වාදනය කිරිමෙන් ගීතයේ මීයුරු බවක් ඇති නොවෙයි. ගීතයෙ ඇතී අනෙක් ස්වර සදහා වෙනත් chord අවශ්‍යවේ.

major chord එකක් සදහා අවම වශයෙන් තවත් සංරචක chord 2 ක් අවශ්‍ය වේ. මෙම ප්‍රධාන සංරචක දෙකDOMINANT සහ SUB DOMINANT ලෙස හදුන්වයී.
අප යම් කිසි ගීතයක් Major chord එකක වාදනය කිරීමේදී බොහෝ විට ගීතයේ pitch ඒක පහල යන විට Dominant chord එකද ඉහල යන විට sub Dominant chord එකද භාවිතා කල හැක..

*(නමුත් ඉහත න්‍යාය සෑම අවස්ථාවකටම ගැලපෙන්නේ නැත.)


යම් කිසි ගීතයක් major chord එකකින් තෝරාගත් විට එය Tonic එක ලෙස පොදුවේ අංකනය කරයි.(ඉහත රූපයේ පරිදී) ගීතයේ හඩ ( pitch )එක ඉහල යන විට sub dominant එකද පහල යනවිට Dominant එකද යෙදෙන්නට පුළුවන.Dominant එක සදහා හදුන්වා දී ඇත්තේ 7 th Chord එකකී.





මුලින්ම ගීතයක් වාදනය කිරිමෙදී chords book බලාගෙන වාදනය කිරිම තමයි වඩත්ම සුදුසු වන්නෙ..ඒ වගෙම වාදනයට පහසු ගීත තෝරා ගත යුතුයි..පහතීන් ඇතී ගීතය. තරමක් වාදනයට පහසු ගීතයකි. 3/4 (1.2.3) beat එකෙන් වාදනය කල යුතුයි..

03 August 2012

අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින් (භිෂණයේ අදුරු මතකය)


අසුනවයේ භිෂණය අදුරු මතකය. මෙය ලිවීමට මුලික උනේ ප්‍රහාරය  බ්ලොග  සුමිත්ගේ භිෂණය  පිළිබද ලිපියයි..  සුමිත් නිරිඇල්ල  ට තරම් අත්දැකීම් නැතත් අසුනවයේ වකවානුව ගැන මටත් ඇත්තේ අප්‍රසන්න මතකයකි.. යන්තම් හය හතර තේරෙන වයසේ සිටිමුත් භීෂණයේ භයංකරත්වයේ මුසල මතකය මගේ හිතේ හොදින්ම තැම්පත් වී ඇත..

ඒවකට බස්නාහිර පළාතේ  පුංචි ගමක ජීවත්වූ මා මුලින් මුලින් දුටුවේ.. හදිස්සියේ අවි අයුධ රැගෙන පැමිණෙන හමුදා බටයන් සහ  පොලිස් නිලධාරින් නිතර නිතර ගම පුරා  ඇවිදීමයි.. දහවල් කාලයට වඩා විශේෂයක් රාත්‍රී කාලයට තිබුනා.. එයට හේතුව රාත්‍රී කාලයේ ගම පුරහා සැරි සරුවේ හමුදා සෙබළුන්ම පමණක් නොවීම..

රාත්‍රීයේ දී කණ්ඩායම දෙකම තමුන්ගේ බලපුළුවන්කාර කම් ප්‍රදර්ශනය කරන්න උනා.. දෙපැත්තෙන්ම බැට කන්න උනේ අහිංසක ගැමියන්ට.. ඒක පැත්තකින් රජ්‍ය නීතියට අවනත වීමට සිදුවූ අතර තව පැත්තකින් රාජ්‍ය විරෝධී කණ්ඩායම්වල තර්ජන වලට යටත් වීමට සිදු විය.. එයට විරුද්ධ වූ අහිංසක ජිවිත කියක්නම් මරණයට ගොදුරු වුනිද..

බොහෝ දිනවල දහවල් කාලයේ නගරයේ කඩ සාප්පු වසා දැමීමට සිදුවී තිබුනී.. එයට හේතු වුයේ රාත්‍රි කාලයේ කණ්ඩායම්  විසින් එල්ල කල තර්ජන වලට යටත් වීමට කඩ සාප්පු හිමි කරුවන් හට සිදුවීමයි ... “ නැවත දන්වන තුරු වසා දැමිය යුතුය”

එහෙත් පසුදා උදැසන හමුදාව විසින් තර්ජනය කර සිටින්නේ “ සියලුම කඩ සාප්පු විවුර්ත කරන්න සාමාන්‍ය විදියට යන්න”  නිතින් දෙකක් අතර අතරමංවූ මිනිසුන් කුමක් කලයුතුද?  රටේ නීතියද නිදාගෙන සිටි එම යුගයේ රජ කලේ කෑලෑ නීතියම පමණි..

බොහෝ දිනවල රාත්‍රියට විදුලිය විසන්ධි වීමක් සිදුවන අතර . කුප්පි ලාම්පු එලිත් එක්මනින් නිවා දමා අදුරට ගුලි වන්නේ නිදිමතටම නොව.. බොහෝ දිනවල රාත්‍රී කාලයේදී අසන්නට ලැබෙන පරුෂ වචනයෙන් කෑගසගෙන යන වාහන ශබ්ධය , ඉද හිට ඇසෙන අහසට වෙඩි තියන  ශබ්ධය , විලාප. හඩවල් ඇසීමට ඇති අකමැත්ත නිසාමය..

එහෙත් වැඩි කාලය යන්නට මත්තෙන් රාත්‍රියේ නිදාගෙන සිටින නිවෙස් වලටද පැමිණ නිවැසියන්ගේ හැදුනුම්පත් රැගෙන යාමට  කණ්ඩායම පුරුදු විය.. එය කුමන  අරමුණක් හේතු කරගෙන සිදුකලද මේ වනතුරුත් එම හැදුනුම් පත් නැවත කවදාවත් හිමි  කරුවන්ට ලැබූනේනම් නැත..

දිනෙන් දින තත්වය උත්සන්න විය.. ගම පුරා තැනින්තැන තරුණයන් එකා දෙන්නා අතුරු දහන් වන්නට විය.. එම අතුරු දහන් වීම් වල වගකීම ගන්නට කෙනෙක් සිටියේ නැත.. නිෂ්චිතව කළා යැයි වරදක් පෙන්වීමට කෙනෙක් නැත .. මේ දඩුවම් විදින්නේ කුමන වරදටද කියාවත් නොදන්නා වුන්ද දඩුවම් විද මරණයට පත්වී තිබුණි.. වදකාගාරයට ගිය කිසි කෙනෙක් නැවත නිරුප්පදිතව පැමිනුනේනම් නැත.. රුධිරයම ඉල්ලා වැටෙන භූමියක මනුස්ස කමට  කිසිසේත් ඉඩක් නැත.. 

අතුරු දහන්වූ දරුවන් සොයා ගිය දෙමාපියන්ට කිසිදාක ඔවුන්ගේ විස්තරයක් පොලිසියකින් හෝ හමුදා කාර්යාලයකින් ලබාගත හැකි වුනේ නැත.. යන්තමින් හෝ බලයක් තිබු පුද්ගලයන් එම බලය යොදාගෙන තම පුද්ගලික අරමුණු හෝ පෞද්ගලික එදිරිවාදී කම් වලට දඩුවම් කිරීමට යොදාගත්හ.. නමුත් එම ගිනුම්ද බැර වුයේ භිෂනයටමය ..

වැඩි දිනක් යාමට මත්තෙන්  තරුණයන් එකා දෙන්නා ගමේ කිහිප පොලක මරා ටයර් දමා පුළුස්සා තිබුණි.. එහෙත් ඒ සිටින්නේ අපගේ ග්‍රාමයේ තරුණයන්ම දැයි හරි හැටි වටහා ගැනීමට හැකියාවක් තිබුනේ නැත.. ඒ තරමටම ඒම සිරුරු පිලිස්සී විකුර්තිවී තිබුණි .. ඒම චිතකයන් දකින විට දරුවන් අතුරුදහන් වූ මව් වරුන් නගන අදෝනා හදවතක් ඇත්තෙක්ට අසා සිටිය නොහැක.

බොහෝ විට ඒම ටයර් සැයවල් තිබුනේ ගමේ සිට ප්‍රධාන පාරට වැටෙන තුන්මං හන්දිය අසලය.. ඒ තුන්මං හංදිය වටේටම තිබුනේ කුබුරු යායකි.. නිවාස බොහෝ දුරින් තියෙන බැවින් .මිනිමරුවන්ගේ  තෝරාගැනීම සාර්ථකය . කුමන හෙතුවකට හෝ  ඒම යුගයේ කිසිම මිනිසෙක් රාත්‍රියේ මෙතනින් ගමන කලේ නැත. එතැන් රාත්‍රියේ භිෂණය රජ කරන්නන්ගේ තෝතැන්නක් වී තිබුණි.. උදැසන ඉද හිට මිනී පිච්චෙන ගද දැනෙන විට  සියලුම මිනිසුන් මෙතනට රොක්වෙති..

ඒ දවස ඉබාගාතේ ඇවිදින බල්ලන්ට බළලුන්ට කෑම හිගයක් තිබුනේද නැත.. ඇති තරමට පිළිස්සුනු මිනී මස් තිබුණි.. ටයර් සැයක් නිවෙන විට ඒ අවටට රොක්වන බල්ලන්ගේ පොරකෑම් හඩද සාමාන්‍ය දෙයක් බවට පත්විය.. ඉන්පසු නිවැසියන් හැකි තරම් බල්ලන්ව කොටුකර තැබීමට උත්සහ කලේ බල්ලන් රැගෙන ඇවිත් බුදින්නේ තම අසල්වැසියන්ගේම මාංශ නොවේදැයි සිතෙන නිසාය..


ඉන් නොබෝ දිනකින්ම බිෂණයේ බයන්කරත්වය දෑසින්ම දැක  ගැනීමට මටද ලැබුණි. ඒ අවදියේ මාගේ නැන්දනිය විවාහ ගිවිසගෙන සිටි තරුණයා රාත්‍රියේ ඇගේ නිවසට පැමිණ සිටියේය.. 


 ඒ පැමිණ සිටියේ කුමන කරුනකටදැයි මා දන සිටියේ නැත එහෙත් එදින  ඔහුගේ මුහුණේ  අමුත්තක් දුටිමි. එදින මාද සිටියේ ඒම නිවසේය.. රාත්‍රී නවය පමණ වන විට ජීප් රථ දෙකක් නිවස ඉදිරි පිට නවත්වා හමුදා නිල ඇදුම ඇදී පිරිසක්‌ නිවසේ දොරට තට්ටු කරමින් කථාකර තරුණයාව නිවසින් එලියට ගත්හ .. 

ඒ පිලිබදව විමසු නැන්දනියගේ පියාට  ඔවුන් දුන් පිළිතුර වුයේ . කට උත්තරයක්‌ ගැනීමට රැගෙන යන බව සහ පසුවදා උදේම නැවත එවන බවය.. එහෙත් නැවත කවදාවත් ඔහු පැමිණුනේ නැත . අද වන තුර ආරංචියකුත් නැත..

එදායින් පසු මගේ එක මාමා කෙනෙකු  ජීවිතය බේරා ගැනීමට දරන උත්සාහය මම දුටිමි.. ඔහු නිවසට ආවේ ඉද හිටය.. බොහෝ රාත්‍රීන් ගතකර තිබුනේ ගස් උඩ.. පාරවල්වල බෝක්කු අස්සේ මඩ වගුරු වලය.. කුස ගින්න ඉවසගැනීමට බැරිම විටදී පමණක් ඔහු මධ්‍යම රාත්‍රියේ නිවෙසට පැමිණ කෑමට යමක් රැගෙන නැවත දුවයි.. කිහිප විටක් ඔහුව කොටු කර ගැනීමට සන්නද්ධ කණ්ඩායම් පැමිණුනත් ඔහු කොටු කරගැනීමට අපොහොසත් විය. ඔහුට ජීවත්වීමේ වාසනාව තිබුණි..

මා සිටි  නිවසට ඉදිරි පස නිවසේ සිටියේ පුංචි පවුලකි . කලක් හමුදා සේවයේ සිටි තරුණයෙක් ඔහුගේ බිරිද හා වසරක් වයසැති ගැහැණු දරුවා පමණි.. මේ අහිංසක  ජිවිත වලටද භීෂණයේ අදුරු සෙවනැල්ල වැටී තිබුණි. ඔහුව රැගෙන යාමට ගෝනි බිල්ලෙකුත් සමග නිළදාරින් පැමිනෙන විට ඔහු හිද ඇත්තේ වසරක් වයසැති දියනියවද වඩාගෙනය . දියණියව බිරිදට දී පාරට ගිය ඔහුට අන ලැබුනේ ජීප් රියට නගින ලෙසය.

. ඒ වන විට සරමකින් පමණක් සැරසී සිටි ඔහුට වෙන ඇදුමක් ඇදගෙන එමටවත් නැවත නිවාස තුලට යෑමට අවසර දී තිබුනේ නැත . ඔහුත් නැවත පැමිණුනේ නැත.. එදවසේ පටන් වසරක් වයසැති දියණියක් සමග තනිවූ මවක් කොයි තරම්නම් දුකක් වින්දදැයි දුටිමී.  අදටත් ඔවුන් දුක් විදිති එහෙත් ඒවාට වගකිව යුත්තන්ට.. එය නොපෙනෙති.. ඔවුන් ඒවාට නිරයේ සිට දඩුවම් විදුනු ඇතැයි සිතමී..

කාගේත් සිත් සසල කල දුක්බරම සිදුවීම සිදුවුයේ ගමේ වැදගත්ම පවුලටය ඒ වේද මහත්මයාගේ ගෙදරටය එය කාගේත් නෙත් කදුලින් තෙත් කිරීමට සමත්වූ ඛේදවාචකයකි .. වේද මහතාට සිටියේ එක පුතෙක් පමණි . ඔහු කා සමගත් සුහදව සිටි තරුණයෙකි . ඔහු දේශපාලන පක්‍ෂයකට සම්බන්දව වැඩ කල බවක්නම් කිසිවෙකු නොදනිති. ඔහුගේ ඝාතනය භිෂණය මුවාවෙන් සිදුකල පෞද්ගලික  එදිරිවාදිකමක් පිරිමසා ගැනිමක් යැයි ද  සිතේ..

ඔහුව රැගෙන යාමට පැමිණි පිරිසේ  සියල්ලම මුහුණු ආවරණය කරගෙන සිට තිබුණි .. අයුධ  සන්නද්දව සිටි පිරිස කළහ කාරී ලෙස හැසිරෙමින් නිවස තුලදීම ඔහුට දෙමාපියන් ඉදිරි පිටදී තුවක්කු බදෙන්  හිසට පහර කිහිපයක් ගසා තිබුණි .. දරුවෙක්ට මා පියන්ගේ දෑස් ඉදිරියේ අමානුෂික ලෙස දඩුවම් දීම කොයි තරම් නම් නින්දිතද ..  දෙමා පියන්ගේ විලාප ඔවුන් ගනන් ගෙන තිබුනේ නැත.. අසල්වැසියන්ට ජනෙල් කවුළු තුලින් සිදුවීම බලාගෙන කම්පාවීම හැර වෙන කිරීමට යමක්ද නොමැත .

අවසානයේ ඔවුන් පැමිණි ඩබල් කැබ් රථයේ ලණුවකින් ඒක කොනක් තරුණයාගේ සිරුරේ ගැට ගසා අනිත් කොන රථයේ පිටු පස බාර් එකේ ගැටගසා පාර  දියේ  රථය පැදගෙන ඔවුන් පිට  විය.. පාර දිගේ මුනින් අතට ගල් මුල් වල වැදෙමින් ඇදී යන පුතා පස්සෙන්  අවසිහියෙන් මෙන් ටික දුරක් දිවගිය වේද මහතා සිහිසුන් විය.
 පසුව බලන විට ඔහුත් ඒ මොහොතේම හෘර්ධාබාද යෙන්   මිය ගොස් තිබුණි .. පසුදා උදැසන තරුණයාගේ සිරුර බෝක්කුවක් අසල ටයර් දමා ගිනිතබා තිබුණි.. ඒම පවුලම භීෂණයෙන් විනාශවිය..

බොහෝ දෙමා පියන්ට දරුවන් අහිමි වෙද්දී , බිරින්දෑ වරුන්ට සැමියන් අහිමි වෙද්දී  ළමුන්ට පියවරුන් අහිමි වෙද්දී .. මේ කූර පාලනයට විරුද්ධව  දෙවියන්ගෙන් ශාප ඉල්ලනවා හැරෙන්න වෙන කරන්නට යමක් මිනිසුන්ට තිබුනේ නැත.


. අවසානයේ දිට්ඨ ධම්මවේදය පල දුන්නේය.. භිෂණය පටන් ගත් අය සේම භිෂණය පැතිරු මුලිකයන්ගේ අවසානයන්ද ඒ අයුරින්ම සිදුවිය.. භිෂණය වැපිරූ පාලනයේ  අවසානයේදී පක්‍ෂ බේදයකින් තොරව ගම පුරා රතිඤ්ඤා පත්තුවිය.. ගම්මුන් දෙවියන්ට පිං දුන්හ.. එහෙත් භීෂණ සමයේ විදි දඩුවම් වල විපාක විදින මිනිසුන් අදටත් සිටි.. අදටත් එහි සලකුණු ඉතිරිව ඇත..

අලුත් සමාජ ක්‍රමයක් උදෙසා දිවි පිදු කණ්ඩායම සම්පුර්ණයෙන්ම විනාශ වුවා යයි මට සිතේ.. අද එහි ශේෂයක් ඉතිරි වී ඇතත් මෙහි ඇත්තේ එදා ජිවිත කැප කල තරුණයක් අපේක්ෂා කල දෙය නොව .. අද ඒ නමින් පෙනී සිටින්නේ වෙනත් අරමුණු සහිත පිරිසකි , එදා අලුත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් හඩනගා දළුලමින් තිබු වෘක්ෂය   වියැකී හමාරය අද ඇත්තේ ඒ පෙනුම සහිත ආකෘතියක් පමණි . එහි ඇතුලත තිබු ගුණාංග ප්‍රතිපත්ති කිසිත් නැත ඇතුලතින් හිස්‌ අවකාශයක් සහිත භාහිරෙන් පෙන්වන මවා පෑමක් පමණි.. රෝ.වීජෙවිර සහෝදරයත් සමගම ඒම පක්ෂයද මිය ගොස් ඇත..

භීෂණ අවධිය සිහිවෙන විට මෙම ගීතයද මට නිතැකින්ම සිහිවේ.. භීෂණයේ අතුරුදහන්වූ පුතෙක් ගැන මවක විසින් කියවෙන ගීතය.. පසු කලක මෙම ගීතය මාධ්‍ය ප්‍රචාරණය තහනම් කරද තිබුණි...

යමින් බැද විලංගු ලා ... මගේ පුතා රැගෙන යයි
ඉදිකටු ඇන  ඇගිලි තුඩේ .. දෙතිස් වදය පමුණුවා..
අළුත් ලොවක් ගැන සිතීම ... දඩුවම් දෙන වරද නම්..
කුමට මෙරට අධිකරණය ..නිතිය  සහ විනිසුරන් ....

ප.ලි.
කිසිදා ලිවීමට සිතු කථාවක් නොව . එහෙත් සුමිත් ගේ ලිපියෙන් මගේ පරන මතකයන් නැවතත් අලුත් විය. මෙහි ඇත්තේ භිෂණය සමයේ මුළු රටේම වාතාවරණය නොව මා සිටි ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිද්දීන් කිහිපයක් පමණි..
මෙයින් පසු භිෂණය ගැන කිසිත් නොලියමි .  සුමිත් ගේ කථාවට නිදහසේ ගලායාමට ඉඩදී බලා සිටිනවා පමණි.!!!

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...