14 February 2013

ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය (අ)සාර්ථකද ?




සිද්ධාර්ථ ගෞතම චිත්‍ර පටය මේ දිනවල අති සාර්ථක ලෙස සිනමා හල්වල ප්‍රදර්ශණයවේ .  එහි සාර්ථකත්වය කොතෙක්ද යත් දර්ශන වාරයක් සදහා ප්‍රවේශ පත්‍ර  කල්තියා මිලදීගෙන ආසන වෙන් කරගැනීමද මාහට අති දුෂ්කර විය.  ඒ තරමටම ජනකායක් මේ දිනවල චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන සිනමා ශාලා වලට ඇදෙමින් පවතී .  එක අතකින් එය හොදය කඩාවැටෙමින් පැවති සිංහල සිනමාව නැවතත් හිස එසවූයේ  ඉතිහාස කථා ඇතුලත් චිත්‍ර පටවලිනි. කාලයක් බලුබල්ලෙක් චිත්‍ර පට ශාලා වෙත නෑවිත් තිබු යුගයක්ද තිබුණි , කෙමෙන් එය අහවරවී මේ අයුරින් සිනමා ශාලා පිරියනු දැකීම සතුටකි.

දැඩි ආයාසයකින් තෙරපෙමින් ශාලාවට ඇතුළුවී අසුන්ගත්තේ බුද්ධ චරිතය නැරබිමේ මහත්වූ ආශාවක් සිත තුල රදවාගෙනය.

චිත්‍රපට කථාව දිවෙන්නේ කොටස් දෙකකටය. මුල් කොටස ආරම්භ වෙන්නේ සිදුහත් කුමරු ගිහිගෙය හැර යන ස්ථානයෙ සිට බුද්ධත්වය ලබාගන්නා තැනට වෙන තුරුය. 

 ඉන් පසුව කථාව එතැනින් නතරවී නැවත මුලට යයි. ඒ සිදුහත් කුමරුගේ ඉපදීමේ සිට ගිහිගෙය හැරයාම වෙන තෙක්ය.

චිත්‍ර පටය නැරබිමේදී මට වැටහුනේ මා බලාපොරොත්තු වූ තරම දෙයක් චිත්‍ර පටය තුල නැති බවයි. සරලවම කිවහොත් බුද්ධ චරිතය ගැන අඩංගු පොතක් කියවා ලබන රසයවත් රූපරාමු නැරබීමෙන් ලැබුනේ නැත. ඍජුවම කිවහොත් මගේ දුෂ්ටිකෝනයෙන් හා රසාඥානතාවයට අනුව ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය අසාර්ථක නිර්මාණයකි. සමහර විට එය මාගේ රසාස්වාදන හැකියාවේ දුර්වල කමක්දැයි නොදනිමී.

චිත්‍ර පටය රූපගත කල ස්ථාන සුන්දරවුවත් ඒ සුන්දරත්වය පෙක්ෂකයාගේ සිතට වදින අයුරින් ඉදිරිපත් කිරීමට කැමරාව අපොහොසත්වේ . එහෙත් සමීප දර්ශන වලින් කැමරාකරු චිත්‍ර පටයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට සමත්වේ.

 එමෙන්ම ප්‍රදීප් රත්නායකගේ දක්‍ෂ සංගීත නිර්මාණ චිත්‍ර පටය පුරාවටම ගොඩක් අඩුපාඩු වැසීමට තරම් සමත්වේ.

මෙහි අද්‍යක්ෂට බුද්ධ චරිතය ගැන කිසිදු වැටහීමක් නැති බවක් පෙනේ. ඒ නිසාමදෝ ඔහු  මෙම චිත්‍ර පටයේ වැඩිම අසාධාරණය කර ඇත්තේ ගෞතම සිද්ධාර්ථ චරිතයටමය. 


සිද්ධාර්ථ චරිතය චිත්‍ර පටය පුරාවටම පෙන්වනනේ අලස සෝමාරි චරිත ලක්‍ෂණය. තැන් කිහිපයක හැරෙන්නට අනිත් බොහෝ තැන්වලදී ඔහුගේ රගපෑම් බලා සිටින පේක්ෂකයාට දැනෙන්නේ හිස් බවකි. විටෙක දුර්වල තිර රචනය මේ නළුවාගේ දක්‍ෂකම් වසා දැමුවාදැයි සැකයක්ද උපදී .


 චිත්‍රපටයේ ලොකුම දුර්වල කම බුදුරජාණන්වහන්සේ වැනි ශේෂ්ථ චරිතයක් ඔතෑනි චර්තයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ කිරීමයි.

එතැනින් ගියහම සෙසු චරිත සමග බලන කල දේවදත්තගේ චරිතය අති සාර්ථකය 
බොහෝවිට එයට හේතුවන්නට ඇත්තේ එය රගදැක්වූ නළුවාගේ දක්ෂකමය.

 විටෙක නවීන හින්දි ච්ත්‍ර පටයක දුෂ්ටයාගේ ලක්ෂණ පෙන්නුම් කලද . ඔහු ච්ත්‍රපටයේ කථාවට රගපෑමෙන් සාධාරණයක්  ඉටුකළ බව මගේ මතයයි . මෙම චිත්‍ර පටයට ඔහුගේ රගපෑම ආලෝකයකි .

චන්න ඇමතිගේ  චරිතය රගපාන සාරංග දිසාසේකර ද  රූපවාහිනියෙන් දකින සුපුරුදු රංගනයම පෙන්වයි.  ඔහුගේ රංගනයද සිද්ධාර්ථ චරිතය නිරූපනය කරන නළුවාගේ රංගනයට සමානය.  එබැවින් දෙදෙනා පමනක් සිටින කොටස් වල අපුරූ ගැලපීමක් ඇත. 

එහි අනෙක් පැත්ත ඇත්තේ නන්ද කුමරුගේ චරිතය රගන රොෂාන් රණවන සහ සිද්ධාර්ථ චරිතය රගන ගගන් මලික් සිටින ජවනිකා වලය.  එතැන මොකක්දෝ නොගැලපීමක් පෙනෙන්නට තිබේ. 
සිංහල සිනමාවේ දගකාර පෙම්වතාගේ චරිතය රගපාන නිසාමදෝ රොෂාන් මේ චිත්‍ර පටයේ පෙන්වන්නේද  ඒ ලක්‍ෂණය .  සිද්ධාර්ථ චරිතය රගන ගගන් මලික් එක්ක බලන විට රොෂාන් පෙනුමෙන් සියයට අනුවක්ම නන්ද කුමරුගේ චරිතයට ගැලපේ .

සුද්ධෝදන රජුගේ චරිතය නිරූපනය කරන රන්ජන් රාමනායක දක්‍ෂ නළුවෙකි.  ඔහුගේ දක්‍ෂකම් පෙනෙන්නේ ක්‍රියාදාම චිත්‍රපට වල සහ විකට චිත්‍රපට වලදීය .  ඔහු මෙම සුද්ධෝදන රජුගේ චරිතයට කොයිතරම් දුරට ගලපුනාදැයි චිත්‍ර පටය බැලු කෙනෙක්ට සිතාගත හැක ඔහුගේ පෙනුමවත් රගපෑමෙවත් මෙහි ඒ තරම් සාර්ථකත්වයක් නැත.

 පෙනුම සම්භන්ධයෙන්නම් වගකිව යුත්තේ වේශ නිරුපන ශිල්පියාය.  එහෙත් රෝගී මිනිසාගේ ජවනිකාවේදී වේශ නිරුපන ශිල්පියාගේ දක්‍ෂකම් පෙනෙන්නට තිබුණි .



ඉන්දියානු මේගා ටෙලිනට්‍ය සිහිපත් කරමින් කොඥඤන්න බමුණා සහ ප්‍රජාපති දේවිය සිද්ධාර්ථ උපතේ සිට බුදුවෙනතුරුමත් වයසට  ගොස් තිබුනේ නැත . 


ගුරු විශ්ව මිත්‍ර ගේ චරිතය නිරූපණය කරන බුද්දදාස විතාන ආරච්චි තවමත් ශ්‍රිලංකාවේ දක්‍ෂ චරිතාංග නළුවන් සිටිනා බව ඔප්පුකර පෙන්වා ඇත ඔහු රගපෑ කොටස් කිහිපය අතිසාර්ථකය රංගනයකි.


මුළු චිත්රපටය පුරාවටම හිතට දැනෙන දර්ශනයක් වේනම් ඒ සිද්ධාර්ථ කුමාරයානන් ගිහිගෙය හැරයාමට ප්‍රථම යසෝදරා දේවිය සහ රාහුල කුමරුන් නිදා සිටිනා ස්ථානයට පැමිණ යෑමේ දර්ශනයය..

 ඒ මොහොතේ සිද්ධාර්ථ කුමරුන් සිතන්නේ යසෝධරා දේවිය නින්දේ බවය එහෙත් ඈ සිටින්නේ අවදියෙනි ඔහුගේ ගමනට බාදාවක් නොවිය යුතු නිසා ඈ බොරුවට නිදාසිටිනවා මෙන් සිටි. එහෙත් ඒ මොහොතේ ඇගේ දෙනෙතින් කඩා හැලෙන කදුළු වලින් ඈගේ දුක මනාවට පෙන්වා ඇත. එහෙත් එය සිද්ධාර්ථ කුමරුන් දකින්නේ නැත .   ඒ මොහොතේ දර්ශනය සිතට කාවදින අයුරින් නිර්මාණයවී තිබුණි. 

එහෙත් චිත්‍ර පටයේ අවසානයත් එයය. කිසිම සිනමාත්මක අවසානයක් එහි නැත. පේක්ෂකයන්ට චිත්‍ර පටය  අවසාන උනාදැයි ගැටළුවක් පැනනගින තැනක චිත්‍ර පටය අවසාන කර ඇත.

නිර්මාණයක අඩු පාඩු සෙවීම වැරැද්දක් ලෙස කෙනෙකුට පෙනෙන්නට පුළුවන . එහෙත්  මෙවැනි ලෝකයේ ගොඩක් මිනිසුන් දන්නා කථාවක් චිත්‍ර පටයකට නැගීමේදී  මෙයිට වඩා ප්‍රවේශම් විය යුතුය. මක් නිසාදයත් මෙවැනි දෙයක පුංචි අඩුපාඩුවක් උවත් පේක්ෂකයන්ට හොදින් දැනෙන බැවිනි.  බෞද්ධයන් මෙහි චරිත සම්භන්ධයෙන් සිතේ ඇතිකරගෙන සිටින ගෞරවයට හානි වෙන විදියට චරිත නිරූපණය වුවහොත් බෞද්ධ පේක්ෂකයන්ට  එය නැරබිමේදී ඇතිවන්නේ පසුතැවිල්ලකි.

මෙම චිත්‍ර පටය රුපියල් කොටි පහලවක් පමණ වියදම් කර  භාෂා පහක උපසිරැස් සහිතව රටවල් හතලිස් අටකට විකිනීමට බලාපොරොත්තුවෙන් නිර්මාණය කල චිත්‍ර පටයකි. මෙම චිත්‍ර පටය නරබන බුද්ධ චරිතය පිලිබදව හසරක් නොදන්නා පෙක්ෂකයන්  බුද්ධ චරිතය පිලිබදව ඇතිකරගන්නා හැගීම මේ චිත්‍ර  පටයෙන් දකිනදේය නොවේද..


08 February 2013

පොලිස් නිලධාරීන්ට වැරදුණු කුරුමාණම නොහොත් නොලැබුනු පගාව.


වැරදුනු පොලිස් කුරුමානමක් පිළිබදව ලියවෙන තවත් එක් කථාවකි,  මෙයටද පගාවක් සම්භන්ධය  .  පගාව හැරුනුකොට වෙනත් පොලිස් කථා ඇත්නම් ඒ අල්ප මාත්‍රයකි ඒ තරමටම පගාව යන වචනය සහ පොලිස් නිළධාරියා යන නාම පදය අතර ඇත්තේ පුදුමාකාර අන්තර් සම්භන්දතාවයකි.

එහෙත් මෙයට කෙලින්ම පගාව යනුවෙන් හැදින්වීමට බැරිය . මක්නිසාද යත් පගාව යනු යම් කිසි කාර්යයක් පහසුවෙන් කරගැනීමට හෝ එහෙමත් නැත්නම්, වැරැද්දක් නිවැරැද්දක් කරගැනීම උදෙසා දෙනු ලබන දොලපිදේනියකි .  එම දොලපිදේනියේ අනිසංසයෙන් ආතුරයා ගේ වැරදි කමා කිරීමේ බලය රාජ්‍ය නිළධාරීන්ට ද පොලිස් නිළධාරීන්ට ද  පත්වීම් ලබාදෙන අවස්ථාවේදීම දෙනු ලබන වරප්ප්‍රසාදයකි.  පගාව යනුවෙන් මා හැදිනගෙන සිටින්නේ එයය ...

එහෙත් එහෙම  කිසිම හේතුවක් නැතිව යමක් අයැද සිටින්නන්ද ඇත ඒ සිගන්නන්ය ඒ ඔවුන්ගේ අසරණ කමටය. එයට පගාව යනුවෙන් හදුන්වන්නේ නැත එය හැදින්වෙන්නේ පිනට දීම යනුවෙනි.  එහෙත් නිල බලය උපයෝගී කරගෙන බලහත්කාරයෙන් යමක් ගැනීමට උත්සහ කිරීමකට යොදන වචනය කුමක්ද ? එය පගාව වත් සිගමන් යැදිමවත් නොව , එබැවිනුයි මෙයට පාගාව යන  ලේබලය ගැසීමට නොහැකි වන්නේ ,

පෙරවදන අවාසනයි යමු කථාවට,

අගනගරයට ආසන්න ස්ථානයක බොහෝ කාලයක සිට පවත්වාගෙන යන ප්‍රදේශයේ නමක් දිනාගත් භෝජනාගාරයකි.  පහත මාලයේ රටබිම හලක්ද  ඉහල මාලයේ චීන අවන්හලක්ද පවත්වාගෙන යන ඩිලාන් මහත්මයා සාමකාමී පුද්ගලයෙකි . එහෙත් ඒ සාමකාමී පෙනුම යටින් සිටින්නේ බොහොම දැඩි මතධාරි ව්‍යාපාරිකයෙකි එය ඉස්මතුවන්නේ එයට සරිලන පසුබිමක් නිර්මාණයවූ විටෙක පමණි .

ප්‍රදේශයේ බොහොම ඉහල තනතුරු දරන උදවිය බොහොමයක් ඩිලාන් මහත්මයාගේ මිතුරෝවුහ.. ඔහු ඇසුරු කලේ සමාජයේ ඉහලම පිරිස මිස පහල ස්ථරය නොවේ,

ගොම්මන් කළුවර වැටී හෝරා කිහිපයක් පසුවූ තැන චීන අවන්හලේ අතුරු සිතුරු නැතිව මිනිසුන්ගෙන් පිරීයයි.. හීන් හඩින් ඇසෙන කැලිප්සෝ සංගීත කණ්ඩායමේ සංගීතය අතරේ කල්ලි ගැසී බීර වීදුරු තොලගාන මිනිසුන් සේම තවත් කොටසක තොර තෝංචියක් නැතිව දොඩමලු වෙමින් ආත්‍රී අහාර ගන්නා පවුල්වල පිරිසගෙන්ද මෙම අවන් හලට අඩුවක් නැත.. (ඇඩ් එකක් නොවේ )

මේ මොහොතේ දෙදෙනෙක් චීන අවන්හලේ ඇනවුම් භාරකාරු වෙතට පැමිණෙමින් සිටි. මේ දෙදෙනා අවන්හලේ සිටි සැමදෙනාගේම වගේ නෙත් වලට හසුවිය . එයට හේතුව මොවුන් රාජකාරි නිළඇදුමින්ම සැරසී සිටීමයි... රචකයා ඒ අසලම අසුන්ගෙන සිටී බැවින් මොවුන්ගේ දෙබස කනවැකිමේ දුර්ලබ අවස්ථාවට හිමිකම් කීවා


“මොනවාද අපිට බොන්න ගන්න තියෙන්නේ “

“බියර් ඕනෑම වර්ගයක් තියෙනවා සර් “

“බියර් වැඩක් නැහැ අයිෂේ... අරක්කු මොනවද ? “

“ දැන්නම් තියෙන්නේ විස්කි බැරැන්ඩි ජින් වර්ග විතරයි “

“හ්ම්ම් අපිට බෝතලේකුයි, බයිට් වලට චෝප්සි එකකුයි වර්ග දෙකකින් ඩෙවල් දෙකකුයි දාලා දෙනවා ඉකමනට මෙතන බොන්න නෙවේ අපිට අරගෙන යන්න “

අදහස පැහැදිලි වේලාව නවය පසුවී අඩහෝරාවක් පමණ ගොස් ඇත , මේ වේලාවේ වයින් ස්ටෝර්ස් වසා ඇති බැවින් මත්පැන් මිලදීගත නොහැක.. මිලදී ගත හැක්කේ වැඩි මුදලකට මෙවැනි අවන්හලකින්ම පමණි . එය බොහෝ දෙනෙක් දන්නා කරුනකි එබැවින් ඔවුන් මෙතැනට පැමිණෙන්නට ඇත.  එහෙත් නිළ ඇදුමකින් පැමිණ මත්පැන් ඇනවුම් කිරීම ඒතරම් සුදුසු නොවේ .  වැඩේ එලෙසවත් නිමවුනානම් කම් නැත ..බලමු ඉතිරිය ,

ඇනවුම සුදානම් කරන තුරු විනාඩි විස්සක තිහක පමණ කාලයක් නිළධාරීන් දෙදෙනා අවන්හලේ කොනක තිබු බිලියඩ් ටේබල් එකට  ගොස් ක්‍රීඩා කරන්නට විය , සාමාන්‍ය කෙනෙකුනම් ක්‍රීඩා කිරීමට මුදලක් ගෙවිය යුතුය එහෙත් මෙම නිළධාරීන් එසේ කලේ නැත.. ඔවුන්ගේ පැමිණීම නිසා එතැන ක්‍රීඩා කරමින් සිටි තරුණයන් දෙදෙනාට එතැනින් ඉවත් වීමටද සිදුවිය ...

අඩහෝරාවකට පමන පසු ..වේටර් ...

“සර් ..ඔයාලගේ ඔඩර් එක ලෑස්ති ...

වේටර්ගේ හඩින් නිළධාරීන් දෙදෙනා එතැනට පැමිණියේ  “ බලනවා අයිෂේ දැන් පැය භාගයකටත් වැඩිය ගියා .. අපි රාජකාරි පිට ඕයි ඉන්නේ ..”  කියමිනි.

“ අද කස්ටමර්ස් ලා වැඩි දවසක් සර් , කැෂියර් බයාදු ලෙස කියයි ..
කමක් නැහැ කෝ දෙනවකො ,, බඩුද රැගෙන දෙදෙනා යෑමට සැරසේ .

“සර්.. සර් , මේ බිල් එක  ගෙවලා යන්න ..
මොන බිලක්ද ඕයි , නිළධාරීන්ගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් ගතියකි .

“සර්ලා ගත්ත බඩු වලට බිල 3100/= යි ,

“තමුසෙලාගේ බොස්ට කියනවා අහවල් පොලිසියටයි මේ ගෙනියන්නේ කියලා.”

“අනේ සර් බොස් දැන් නැහැනේ එයා ඉන්න වෙලාවක එන්න  මට මෙහෙම බඩු දෙන්න බැහැ මම කරන්නෙත් රස්සාවනේ “  කැෂියර් පින්සේන්ඩු වෙයි ..

“හරි බඩු ටික දෙනවකො අපි පස්සේ ඇවිත් බොස්ට කථා කරන්නම් “

“පොඩ්ඩක් ඉන්න සර් මම බොස්ට කෝල් එකක් අරගෙන අහන්නම් ...

දුරකථන ඇමතුම ගෙන විනාඩි දෙකක් යෑමට මත්තෙන් බොස් නොහොත් ඩිලාන් මහත්මා සුහද ශීලි සිනහවෙන් යුතුව  එතැනය...

ආ..කොහොමද පොලිස් මහත්තුරු දෙන්නා මොකෝ මේ අවේලාවේ ..

“අපි මේ බඩු වගයක් ගත්තා ඩිලාන් මහත්තයා ....

“ආ හොදා ..හොදා ඉතින් , මොකක්ද ගැටළුව

“නෑ බොස් මෙයාලා බිල ගෙවන්නේ නැතුවයි යන්න හදන්නේ ..

“හප්පුච්චියේ ඇත්තද .. මෙන්න මේ බිල ගෙවලම ගියානම් අහවරයිනෙ පිසි මහත්තයෝ ,

“ අපි මේ බඩු ගිනියන්නේ ඕ. අයි .සී , මහත්තයට ..

බලාගෙන සිටිද්දී  ඩිලාන් ගේ මුහුණේ ඉරියව් වෙනස් වන්නට විය . ඔහුගේ ගති පැවතුම් දන්නා පුද්ගලයෙක්නම් ඒ මොහොතේදී බියවිය යුතුය.. එහෙත් නිළධාරීන් දෙදෙනා තවමත් එතැනය .

“ එයාටද!!!!   ඔයාලව එවනකොට එතුමා සල්ලි දීලා නෙමේද එව්වේ ...? පොලිස් නිලධාරීන් දෙදෙනා නිශ්ශබ්දය .

“කැෂියර් මෙන්න මේ මහත්තුරුන්ගේ ඇදුමේ තියෙන අංක ලියා ගන්න කොලයක් අරගෙන .. 
කියන පරක්කුවෙන් කැෂියර් අංක සටහන් කරගනී..

“ඇයි ඩිලාන් මහත්තයා මොකක්ද මේ කරන්න හදන්නේ “ එක් නිළධාරීයෙක් අසයි .

“මම ඔය කියන ඕ .අයි.සී . මහත්තයාවනම් අදුරන්නේ නැහැ .. ඒත් ඩි. අයි. ජි , මහත්තයා මගේ යාළුවා.. මම මේ එයාගෙන් අහන්න යන්නේ දැන් වසමේ තියෙන පොලිසි වලට නොමිලේ කන්ඩ බොන්ඩ දෙන්න වෙන විදියේ නීතියකුත් ක්‍රියාත්මක වෙනවද කියලා ...”

එසේ කියමින් ඔහු දුරකථනය අතට ගෙන නම්බර් පිරිස්සයි .. පොලිස් නිළධාරීන් ගේ මුහුණු කරත්තෙට අසුවූ කජු ලෙලි මෙනි ..(කරත්තෙට අසුවූ කජුලේලි ඉතාමත් විරුපිය)

පොලිස් නිළධාරීන් දෙදෙනා ඩිලාන්ගේ අතින් අල්ලාගෙනය.. දැන් පෙර තිබු තේජාන්විත පෙනුම ඔවුන් තුල නැත..

“ඩි. අයි. ජි මහත්තයට කථා කරන්න එපා ඩිලාන් මහත්තයා අපි යනවා අපිට මුකුත් එපා ..”  දෙදෙනා හිස් අතින් යෑමට සැරසේ .. එහෙත් ඩිලාන්ගෙන් එයටද ඉඩක් නැත,

“ පිසි මහත්තුරු ආයේ ලොකු අයට කඩේ යනකොට මතක් කරලා සල්ලිත් අරගෙනම එන්න  මම මේක කරන්නේ ව්‍යාපාරයක් විදියට එහෙම නැතුව පිං තකා නෙමේ ..

යෑමට සැරසෙන නිළධාරීන් දෙදෙනාට උස්හඩින් එසේ කිව් විට තරහවකටත් වඩා ඔවුන් දැඩි ලජ්ජාවකට පත්වුවා නිසැකය.. ලැජ්ජාව නිසාමදෝ එකෙක් කට ඇරියේය ,

“අපි පස්සේ බලමු ,  එයිට වඩා දෙයක් ඔහුට කීමට ලැබුනේ නැත ,

“පස්සේ මොනවා බලන්නද බැහැපියව් වැදගත් විදියට දෙන්නම එලියට .. මම වෙසක් එකට දන්සැලක් දෙනවා ඒදාට වරෙව් නිකන් කන්න ඕනෙනම් ,

පොලිස් නිලධාරීන් දෙදෙනා අතුරු දහන්ය..

එතෙක් වේලාවක් ඒ අවට අසුන්ගෙන සිටිවුන්ට පමනක් දැකගැනීමට හැකිවූ ඒ දුර්ලභ ගනයේ සජීවී නාටකය එලෙසින් නිමාවට පත්විය..

කුමක් හෝ නිලයක් සමග බලයක් ලැබෙන්නේ අවංකව සේවය කිරීමට මිස එය පාවිච්චිකර අයුතු ඵල ප්‍රයෝජන ගැනීමට නොවේ.. එහෙත් බොහොමයක් නිළදාරින් එය හරි හැටි වටහා නොගැනීම කණගාටුවට කරුනකි ..

අවසාන වශයෙන් අවන්හලේ අයිතිකරු එතැනට විත් කියූ කථාව මතක් කිරීමට කැමැත්තෙමි ,

“ඔය බඩු ටික මට දීලා යවන්න තිබුනා.. එක මට ලොකු පාඩුවක් නෙමෙයි , ඔයිට වඩා මම අහිංසක මිනිස්සුන්ට දෙනවා . ඒත් කවදාවත් කාටවත් බයේ කප්පම් වත් පගාව වත් විදියට සත පහක් මම දෙන්නේ නැහැ . ඒක මගේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි .....


තවත් පොලිස් කතා 
පොලිස් නිලධාරියෙකුට දුන්නු දවස
පොලිස් කුඩුවක සිට

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...