16 January 2014

මුරකරුගේ රාත්‍රිය..!!!

මුරකරුගේ රාත්‍රිය



හමා යන සීත සුළග
රැහැයියන්ගේ ගීත නාදය
ඇගේ හැපෙන සිත පිනි බිදු
කියා දේවි රැයක අරුමය

කොළ සෙවිලි කල පුංචි ගෙපැලේ
මැටි ඇතිරූ බිම පැදුරකට වි
නිදනු ඇත මගේ මහළු බිරිදත්
කිසි වෙකුත් නැති පාලු යාමයේ

පුරා තිස් වසරකුත් කාලය
ලය හොවා මා දැඩි කෙරූ පුතු
රජේකු වූ දා අපව මදිවී
හැර ගියා මෙහි අපව තනිකර

මහලු අම්මත් මමත් තනිකර
ගියත් පුතුනේ තරහා නෑ මම
පුරවා ලන්නට ඇයගේ කුසවත්
ගියෙමි රැකුමට මහල් නිවෙසක්

නිවෙස ඉදිරියේ ගේට්ටුව ලග
කාකි ඇදුමින් ඇග වසාගෙන
රැය පහන් වන තුරුම හිටගෙන
හිදිමි මම අපේ දිවි රකින්නට

විසල් නිවසක සියලු දේපල
රකින මම වෙමී මහලු මුරකරු
පලවා හැරුමට සොර සතුරු කැල
පමණි ඇත්තේ විදුලි පන්දම

සිත වැහි බිදු ගත තෙමන විට
වාරු නැති අත පය ගැහෙන විට
ඇසට නැගෙනා  කදුළු බිදුවක්
දකින්නෙත් සද එලිය පමනයි

දුකක් නැහැ මගේ සිතේ කොතැනක
එහෙත් එක් පැතුමක් පමණි ඇත
මා මැරුන පසු මගේ ගැහැණිය
රැකබලා ගන්නේ කවරහුද

සියලු නොපෙනෙන දේවතාවුනි
එක දෙයක් ඇත ඉල්ලුමට මට
මා මියෙන දින මාත් සමගින්
ඇයව කැදවන් යන්න අවසර .


ප.ලි .

දිනක් විශේෂිත පුද්ගලයෙක් හමුවීමට අපට යෑමට සිදුවිය.  රාත්‍රී කාලයේ ඔහුගේ නිවසේ ගේට්ටුව ලග ඔහු පැමිණෙන තුරු රැදී  සිටි සුළු කාලය තුල එතැන සිටි මහලු මුරකරු හා දොඩමළු වූ දෙබස් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.

“ මගේ පුතාට හොදට ඉගැන්නුවා මහත්තයෝ ඒයා දැන් ඉංජිනේරුවෙක් කසාදයක් කරගෙන ගාල්ල පැත්තේ ගෙයක් අරගෙන පදිංචි වුනා. දැන් අවුරුදු පහකින්වත් අපිව බලන්න ආවෙත් නැහැ එයා ඉන්න තැනක් අපි හරියට දන්නෙත් නැහැ කොහොම හරි කමක් නැහැ මහත්තයෝ පුතා සතුටින් ඉන්නවානම් අපිට ඒ ඇති “

“මගේ  හිතේ තියෙන්නේ එක දුකයි ...ඒ කවදාහරි මම මරුන දවසක මගේ ගෑනිට යන කලදවස ගැන.. ඒ වෙනුවෙන් මම මේ පඩියෙන් කීය.කීය.. හරි ඉතුරු කරනවා මම නැති කාලේක උන්දැට ජිවත් වෙන්න .. එත් මම කැමති කවදාහරි මම මැරෙන දවසෙම උන්දැත් මියදෙනවනම් .. එතකොට දුකක් නැහැ මහත්තයෝ ...!!!





36 comments:

  1. පලියෙන් ගොඩ ගියා. නැත්නං මට හිතුනෙම මේ ප්ලොට් එක කතාවකට ඉතා සුදුසුයි කියල තමා... හැක්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කෙටි කතාවක් හදන්නත් හොදා ..

      Delete
  2. පලිය කියෙව්වහම ලොකු දුකක් හිතට දැනුනා.
    කාලෙකට පස්සේ චන්දන ඇවිත් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව්... චන්දනව ඒලියන්ස්ලා උස්සලා ..බ්ලොග් රහස් දැනගන්න ..

      Delete
    2. එහෙනං අපිත් ඉවරයි..
      අපේ රෙදිත් චන්දනය ගලවලා ඇති ! මං හෙට ඉදං ලියන්නේ නෑ ඕං :)

      Delete
    3. //චන්දනව ඒලියන්ස්ලා උස්සලා// ඒ මම වෙමි.. (අත ඔසවමින්..) මධුරංග සඳහන් කලෙත් මං චන්දන ද.. නැත්නම් වෙන එකෙක් ද.. :)

      Delete
    4. ඔවු ඔවු ඒ චන්දන තමා....

      Delete
  3. මෙහෙමත් දරුවෝ

    ReplyDelete
  4. චමී... ඔය හැමෝම කියන කතා විශ්වාස කර්න්නත් බෑ.. නොකරත් බෑ.... සමහරු දෙයක් නොකර කියවනවා.. සමහරු කරල කියවනවා.. සමහරු කරල නොකිය ඉන්නවා.. සමහරු නොකර නොකිය ඉන්නවා... ඔය මනුස්සය මේ වර්ග වලින් මොන කෙනදා කියල දන්නෙ නෑ...

    මේක බැලුවහම ඔබට තේරේවි...

    ReplyDelete
    Replies
    1. සමහරු හිතේ තියෙන දුක තව කෙනෙක්ට කියලා හිත සැහැල්ලු කරගන්න උත්සහ කරනවා එහෙම නැත්නම් ගැටලුවට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා .. මේ මනුස්සයා වැටෙන්නේ අන්න ඒ ඝනයට..

      (ඔබේ කතාව කියෙව්වා ..)

      Delete
  5. හොඳ පියෙක් වගේම හොඳ සැමියෙක්. දුක හිතුණා චමී...:(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ වගේම හිත ශක්තිමත් මිනිසෙක් ..

      Delete
  6. ලස්සන කවිපෙල චමියෝ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ..තැන්කූ. රාජ්

      Delete
  7. Replies
    1. ඔව්.. ඒ වගේම දුක්බර සිද්දියක්

      Delete
  8. කවි ටික එල.. දුක් සින් එකක්.. ඇත්තටම ඉතින් ජිවිතේ අන්තිම කාලෙත් සැනසිල්ලක් නෑ ඒ අයට..

    ReplyDelete
    Replies
    1. අර පින්තුරෙත් සිරා බං. පෝස්ට් එක කියවන්න කලින් සෑහෙන වෙලාවක් බලා හිටියේ ඒක දිහා.. :)

      Delete
    2. ඔව්..ජීවිතේම ළමයි වෙනුවෙන් කැපවෙලා අන්තිමේ ළමයි වෙනස්කම් කරද්දී කොහොමද දැනෙන දුක ..

      අර පින්තුරේ ගත්තේ ගූගල් දෙයියන්ගෙන්.. මටත් ඔය පින්තුරේ දැක්ක ගමන් හිතගියා .

      Delete
  9. හ්ම්ම්ම්...අපොයි දෙයියනේ කියලා හිතුණා.ඇත්තටම ඔහොම කරන්න පුළුවන් දරුවනුත් ඉන්නවා නේ...:(
    ලස්සන නිර්මාණයක්. ඒත් පලිය කියෙව්වම ගොඩක් දුක හිතුණා....

    ReplyDelete
    Replies
    1. ඔව් රන්දු, ඔය මහළු නිවාස වල වැඩිහරියක් ඉන්නේ ඔයවගේ දරුවන්ගේ අම්මලා තාත්තලා තමයි ..

      Delete
  10. ඔයවගෙ පුතාල දැන් අඩුයි.එත් නැත්තෙම නැ වගෙ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් දුරට අඩුයි තමයි ..

      Delete
  11. කාලෙකට පස්සෙ ඇඬෙන කතාවක් අරන් ඇවිත් තියෙන්නෙ චමී.... මෙහෙම දරුවන්ටත් දවසක ඔය කලදවසම යාවි නේද?:

    ReplyDelete
    Replies
    1. ඔව්..කර්මය පස්සෙන් එනවා කියනවනේ ..

      Delete
  12. කවියට වැඩිය හිත ගියේ ඇත්තටම පල්ලෙහා තිබුන කතාවට..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. උන්දැ කියපු වචනව සාරාංශයක්

      Delete
  13. "මා මියෙන දින මාත් සමගින්
    ඇයව කැදවන් යන්න අවසර ."
    නොකිව්වට ඔය කතාව ජීවිත කතාව වෙච්ච බොහෝ දෙනෙක් අපි අතර ඉන්නවා චමියෝ

    ReplyDelete
    Replies
    1. ඔව් බං, බොහොමයක් උදවියගේ කතාවක්

      Delete
  14. චන්දන වගේම බොලාත් ආයෙමත් ලියන්න පටන් ගත්ත එක ගැන බොහොම සන්තෝෂයි....මේ කවිපෙළ ගැන නම් කියන්න දෙයක් නෑ මචං...සුපිරියි....මම කවි ගැන මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ ඇත්තටම ඒ රස මට දැනුනොත් විතරමයි. ප.ලි යත් කියෙව්වට පස්සෙ හිත අමුතුම ලෝකෙක තනිඋනා...ඒ මහලු මිනිසා කෙතරම් අසරණදැයි මට සිතුනා....දෙමාපියන් අමතක කර පුතෙකුට මෙලෙස ජීවත්වන්නට පුලුවන්ද කියා සිතුනා...

    ReplyDelete
    Replies
    1. මේ කාලේ උපරිම කාර්යබහුලයි දන්නවනේ හේතුව :Dදෙමා පියන් අමතක කරලා ජිවත් වෙන දරුවෝ ඉන්නවා බං, ඒත් සමාජය ඒ වගේ දරුවන්ව පිළිකුල් කරනවා ..ඒක තමයි වෙන්න ඕනෙත් .

      Delete
  15. කොහෙද ඔයි ගිහින් හිටියේ අපිව අමතක කරලා

    ReplyDelete
    Replies
    1. අම්බානකට වැඩ බං.., පෙබරවාරියෙන් පස්සේ තමයි ආයේ පුරුදු ට්‍රැක් එකට එන්න වෙන්නේ . :(

      Delete
  16. මේ මුරකරු ගැන දුකයි. ඒත් ඒ තත්වයට එයා පත්වුණු එකට එයාගේ වුණත් වැරැද්දක් තිබුණාද කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම තමන්ගේ දරුවාට එයා ගුණ ධර්ම ඉගැන්නුවාද කියන එක. අනික් කාරණේ තමා එයාගේ තාත්තට අම්මට එයා කොහොමද සැලකුවේ කියන එකත් මේ වගේ තත්වයක් ඇතිවෙන්න බලපාන්න පුලුවන්

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...