Showing posts with label මට හිතෙන හැටි. Show all posts
Showing posts with label මට හිතෙන හැටි. Show all posts

26 May 2013

ඉන්ද්‍ර රතන හිමිගේ ගිනි පූජාව.. ගව ඝාතනය සහ සත්ව ඝාතනය




ගව ඝාතනයට විරුද්ධව  දළදා මාලිගාව ඉදිරි පිටදී  ශරීරයට හිනි තබාගෙන අපවත්වූ ඉන්ද්‍ර රතන  හිමියන්ට ප්‍රථමයෙන්ම නිවන් සුව ප්‍රර්ථනා කරන අතර එම සිදුවීම සැලසුම් ගතව පටිගත කර මාධ්‍යාට ලබාදුන් සුවර්ණවාහිනි නාලිකාවටද එකසේ ස්තුතිය පුදකළ යුතුයි .

බෞද්ධ ආගමිකයන් අන්‍යාගම් වලට හැරවීම නැවැත්විමටත් සව ඝාතනය නැවැත්වීමත් යන කාරණා දෙක මුලික කරගෙන ඒ වෙනුවෙන් ජීවිතය දානය කල ඉන්ද්‍රසාර ගිමියන් මෙයින් බලාපොරොත්තු වන දෙය කොයිතරම් දුරට සාර්ථකද සාධාරණද යන්නෙහි ගැටලුවක් පැනනැගී ඇත .

ඉන්ද්‍ර රතන  හිමියන් පවසන ප්‍රථම කාරණය ගෙන බැලුවහොත් අන්‍යාගම් අවලට හැරවීම කියන කාරණය , එතැනදී මනුෂ්‍යන්ට තමන් කැමති ආගමක් වැලද ගැනීමට හෝ ඇදහීමට නිදහස තිබිය යුතුයි ලංකාව තුල ඒ නිදහස තිබෙන බැවින් ඒ සදහා බලකිරීමක් කරනවායයි කීම පිළිගත හැකි කාරණයක් නොවේ . බෞද්ධ යෙක් හෝ කුමන ආගමිකයෙක් වේවා ඔහු කැමතිනම් වෙනත් ආගමක් වැලද ගැනීම ඔහුගේ කැමැත්තයි එකට විරුද්ධ වෙන එක නිෂ්පලයි.


දෙවැනි මෙන්ම ප්‍රධාන කාරණය වන ගව ඝාතනය, මෙතැනදී දකින ප්‍රධාන වරදනම් ඇයි ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ . විරුද්ධ විය යුතුනම් විරුද්ධ විය යුත්තේ සියලුම සත්ව ඝාතනයන්ටය,  ගව ඝාතනයට පමණක් විරුද්ධවන බෞධ්දයන් දකින විට ඇතිවන්නේ හාස්‍යක්.

සිංහල බොදුනුවන් බොහෝ විට තර්ක කරන්නේ ගව ඝාතනය හෝ සත්ව ඝාතනය සිදු කිරීමට අන්‍ය ආගම් වලින් අනුබල දෙනාවායයි කියන කාරණය. මා දන්නා අන්දමින් කිසිම ආගමකින් සත්ව ඝාතන වලට අනුබල දීම් සිදුකර නැහැ පසුකලකදී ඇතිවූ වෙනස්වීම් හැරෙන්නට . එහෙත් සමහර ආගම් වලින් සත්ව ඝාතන නොකරන්න කියා ද  සදහන් කර නැහැ.  එයටද හේතුවන කරුණු තිබේ.

බෞද්ධ ධර්මය හැරුනුවිට අනෙක් බොහොමයක් ආගම්වල මුලාරම්භය ඇතිවී තිබෙන්නේ යුරෝපය ,පලස්තීනය ,අරාබිය, වැනි රටවලින් අතීතයේ එවැනි බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ග වුයේ සතුන්, ලෝකයේ සියලුම ප්‍රදේශ කෘෂිකර්මාන්තයට සාර්ථක වුයේ නැහැ , එබැවින් ඒ රටවල මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවයන් වලට සරිලන අන්දමින් ඵළ බෝග වගාකරගැනීම සාර්ථක නොවන බැවින් සත්ව මාංශ ප්‍රධාන ආහාරයක් බවට පත්වී තිබෙනවා . ඒ බැවින් එවැනි පසුබිමක් සහිතව නිර්මාණයවූ ආගම්වලට සත්ව මාංශ අනුභව කිරීම වරදක් විදියට දක්වා නැත . වරද ඇත්තේ නොයෙක් නොයෙක් ආගම් අදහන්නක් එකම රටක් තුල ජීවත්වීමේදී  අනෙකාගේ චර්යාවන් වලට සංවේදී නොවීමයි...

තත්වය එසේ තිබේදී ඉන්ද්‍ර රතන  හිමියන් දිවි පුදකිරීම කොයිතරම් දුරට සාධාරනදැයි නොදනිමි . නියපිට රැදී පස් පිඩක්මෙන් බොහෝ කලාතුරකින් ලබන මනුෂ්‍ය ආත්මය විනාශ කරගැනීම එයිටත් වඩා පාපයක් බව චීවර දාරීන් නොසැලකීම එයිටත් වඩා කනගාටුවට කරුණකි.

ලංකාව තුල මනුෂ්‍යන්ට ආහාර සදහා ධාන්‍යාගාරය ප්‍රමානවත්නම් ගව ඝාතනය පමණක්ම නොව සියලු සතුන් ඝාතනය ද තහනම් කලාට වරදක් නැත . මක්නිසාදයත් ජීවත්වීමේ අයිතිය ගවයාට පමණක්ම නොව අනෙක් සතුන්ටද ලැබිය යුතුය . පව් සිදුවන්නේ ගව ඝාතනය නිසා පමණක්ම නොව කුමන සත්වයෙකුගේ හෝ   ජීවත්වීමේ අයිතිය උදුරා ගැනිම පාපයකි . එහෙත් ඇයි තවමත් ගවයන්ට පමණක් විශේෂයක් ????

18 May 2013

සිරස සුපර් ස්ටාර් , //සිතුදේ නොම වෙයි නොසිතු දේම වෙයි ....//





සිරස සුපර් ස්ටාර් පස්වැනි අදියරේ අවසාන භාගයකරා යමින් සිටින මොහොතේ ඒ තරගය පිලිබදව යමක් ලියන්න හිතුනා. ඒකට හේතුව නම් බොහෝදෙනා දැනට ඉතිරිව සිටින තරු අතලොස්සෙන් ජයග්‍රාහකයා අනුමාන කිරීමයි. පටන් ගත් මුල් කාලයේ තරමටම ජනප්‍රිය නැතත් තවමත් මේ තරගය යම් කිසි මට්ටමකට ජනප්‍රියත්වය රදවාගෙන ඉන්නවා . ඒ එම නාලිකාවේ සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ දක්ෂ කම නිසයි.

කොහොම උනත් තරගයේ ඒ කාලයේ ඉදලම මම දැකපු විශේෂ දෙයක් තිබුනා. ඒ මෙතුවක් කාලෙකට ජනතා ප්‍රසාධය වැඩියෙන් දිනාගත්තේය යනුවෙන් හදුනාගෙන ඉන්න කෙනා අවසාන තරග වටයෙන් කැපී ගිහින් අනිත් තරග කරුවා ජයග්‍රහණය කිරීම. ඒ කියන්නේ අවසානයේ වැඩි ජන්ද ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කරන්නේ නරබන්නන් අතර වැඩියෙන්ම ජනප්‍රියත්වය දිනාගෙන ඉන්න කෙනා නෙවෙයි අනෙකා . ටිකක් පුදුම සිදුවීමක් .

සිරස සුපර් ස්ටාර් පළවැනි අදියරේ සිටම මේ සිදුවීම සිදුවුනා  උනා . ප්‍රථමයෙන්ම ශිහාන් මිහිරංග , ඔහුටනම් ටිකක් වේලාසනින්ම තරගයෙන් ඉවත් වෙන්න සිදුවුනා. සුපර් ස්ටාර් තරගයේ පළවෙනි අදියරත් එක්කම අති විශාල ජනප්‍රියත්වයක් තරගය ලබා ගත්තා ලංකාවේ නාලිකා වල නොදුටු තරගයක් වූ නිසා තරගය අතිශයෙන්ම ජනප්‍රියවුනා. ඒ තරගයේ ජනප්‍රියත්වය දෙගුන කරන්න තරම් හේතුවූ තරග කරුවා වුයේ ශිහාන් මිහිරංග,


ඔහුට වඩා දක්ෂයන් තරගයේ නොසිටියාම නොවේ . ඔහුට වඩා දක්ෂයන් අවසන් විසි හතරේ වගේම අවසන් දහදෙනා අතරත් සිටියා , එහෙත් ඒ කිසි කෙනෙක්ට ශිහන්ගේ ජනප්‍රියත්වයේ අහලකටවත් ලංවෙන්න ඒ කාලයේ නොහැකිවුනා කිවහොත් එහි වැරැද්දක් නැහැ. එහෙත් ඔහුට කිසිවෙක් නොසිතු ලෙස පස්වැනි තරග කරුවා වශයෙන් තරගයෙන් ඉවත්වෙන්න සිදුවුණා.

 ඒ පරාජයේ වේදනාව තරග කරුට වැඩියෙන් වින්දේ පෙක්ෂකයන් බව නොරහසක්, එදිනට පසුද පාසල් සහ ගාමන්ට් පැක්ටරි බොහොමයක දකින්න ලැබී ඇත්තේ අවමංගල්‍යක ලක්ෂණ ඒ තරමටම මිනිස්සු කනගාටු වී තිබුනා විශේෂයෙන්ම තරුණ ගැහැණු ළමුන් . එහෙව් ජනප්‍රියත්වයක් හිමිකර ගත්ත කෙනෙක් එතරම් ඉක්මනින් කෙටි පණිවුඩ ක්‍රමයේ ජන්ද අඩුවී පරාජය වීම ගැන ඒ කාලයේ බොහෝ කටකථා ඇතිවී තිබුනා , ශිහාන් මිහිරංග ට ඉරිසියා කිරීමේ කලාව ගැන ටැබූ සබ්ජෙට් බ්ලොග් එකේ ලිපිය  මෙතැනින්.

ඒ කොහොම වෙතත් දිනුම පැරදුම කෙසේ වෙතත් වැඩි ජනතා ආකර්ශනයක් හිමිකරගත් තරග කරු තමයි වැඩි කාලයක් මිනිසුන්ගේ මතකයේ රැදෙන්නේ

මේ පුදුම තරගයේ ජයග්‍රහණය කිරීමට නම්  ගායන හැකියාව හෝ ජනතා ප්‍රසාධය පමණක්ම තිබීම ප්‍රමාණවත් නැත  එයිට පිටින් අති සුළු සුළු සිදුවීම්ද තරගය වෙනස් කිරීමට තරම් සමත්කම් දැක්වූ අවස්ථාද තිබේ. ප්‍රථම අදියරේ නැතිබැරි කම මාකට් කරමින් අජිත් බණ්ඩාර කරලියට ආ අතර මලිත්ව අවසන් මහා තරගය දක්වාම ගෙන ඒමට තරම් ඔහු මුහුණ දුන් රිය  අනතුර ප්‍රමාණවත් වුනා .

ප්‍රථම තරගය එසේ වෙද්දී එයින් පසු හතරවන අදියර දක්වාම ජනතා ප්‍රසාදය වැඩියෙන් ලත් තරග කරුවා දෙවැනි තැනට වැටීම දිගින් දිගටම සිදු වුනා. ශිහාන්ට වගේම , සුරේන්ද්‍ර පෙරේරාටත් , අර්ජුන රූකාන්තටත් .....

ඒයින් තරග කරුන්වන්ට කෙසේ වෙතත් තරගයටනම් එක් වාසියක් වුනා. ඒ මේ තීරණ ගැන බොහෝ දවසක් මිනිසුන්ට මතකයේ තිබීම සහ ඒ සදහා කථා කරන්න අවසන් තරගය ප්‍රබල මාතෘකාවක් නිර්මාණය කර  තිබීම.

අතීත කථාවන් එසේ වෙද්දී වර්තමාන තරගයද ඒ මාර්ගයටම අවතීර්ණව අති බවට සලකුණු දැනටම පෙන්වමින් තිබෙනවා .

දක්ෂ ජනප්‍රිය තරග කරුවන් එකින් එකා අවම ජන්ද ලැබී තරගයෙන් ඉවත් වෙද්දී . විනිෂ්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ඒ කියන්නේ අනෙක් ප්‍රතිවාදී තරග කරුවන් සමග සැසදීමේදී ගායනයෙන් දෙවැනි වීම මත තරගයෙන් ඉවත්කළ තරග කාරිය. නැවතත් අද්‍යක්ෂක මණ්ඩලයේ තේරීමක් මත තරගයට ඇතුළුවීමට තරම් වසනාවන්තවී දිගින් දිගටම අනෙක් තරග කරුවන් අභිබවමින් ඉදිරියට යෑම. බොහෝවිට විනිශ්යමණ්ඩලය කෙසේ වෙතත් අවසන් තරගයට ගැහැණු පුළුටක් හෝ ඉතිරිකර ගැනීම තරගයේ ජනප්‍රියත්වයට වගේම නරබන්නන්ගේ ප්‍රමෝදයට හේතුවේ යැයි අද්‍යක්ෂක මණ්ඩලය සිතු නිසා වන්නට පුළුවන  .

 නැත්නම් පවිත්‍ර , නිරෝෂන් වැනි ජනතාව අතර ජනප්‍රියත්වය ලබාගත්තවුන් අභිබවමින් ඈ යන ගමන පුදුමය . මාගේ නිගමනය නිවැරදිනම් ඇය අවසන් තිදෙනා අතරද සිටිය යුතුය. නැතිනම් අද දිනයේ තරගයෙන්  තරගය හැර යා යුත්තේ ඇයයි.

ශිහාන්ට , සුරේන්ද්‍ර ට ,අර්ජුනට මෙන්ම වැඩි ජනප්‍රියත්වයක් ලබාගෙන තරගයෙන් ජයග්‍රහණය නොකිරීමේ සම්මතය ඒ ආකාරයෙන්ම දසුන් මදුශන්කටත් උරුමවේ යැයි සැකයක් පවතී. 


එය එසේ නොවුනහොත් මෙවර දසුන් ජයග්‍රහණය ලබන එක නිසැකය. එහෙත් පෙන්වන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයකින් බොහොමයක් දේ අවසන් කරන සිරස නාලිකාවේ සුපිරි තරු තරගයේ  මෙවර අවසානයද පෙර මෙන්ම අලුත් කතාබහකට ඉඩ පරස්තාව සපයමින් නිමාවේදොයි සැකයක් සහිතව බලා සිටිය යුතුය ..

30 March 2013

ඒ කාලෙත් මේ වාගේ මිතුරෝ ලෝකේ හිටියා ..




තම හිසට තම අතමය සෙවනැල්ල කියලා පැරණි කථාවක් තිබුනට මමනම් ඕක විස්වාස කළෙම නැහැ ලගක් වෙනකන් . කොහොම විස්වාස කොරන්ඩද  අයිබෝවන්ඩ  හදවත ගලවලා  කමිස සාක්කුවට දාල යවන තරමේ හිතවත් යාළුවො පිරිසක් ඉන්නැද්දි.  ඒත් ඒ උඩින් පෙන්නන තරම්  දෙයක් ඇත්තටම නැති බව තේරෙන්නේ ඒ වගේ  අවස්ථාවකට මුහුණ දෙන්න වුන වෙලාවකදීම තමයි . 

පල ඇති රුකක වවුල්ලු එල්ලිල්ලා ඉදලා පල නැතිදා ගහ හැරලා  වෙන ගහක එල්ලෙනවා වගේ  පල ප්‍රයෝජනෙට  විතරක් ලංවෙලා  ඉන්න ඈයෝ පලක් නැති දාට  ඉගිල්ලිලා යනවා ඒක තමයි ලෝක ස්වභාවේ එක මේ යාළු මිත්‍ර කමටත් පොදුයි මම හිතන්නේ  ආන්න ඒ වගේ අවස්ථාවකදී තේරුම් ගන්ට පුලුවන් මේ වටේ ඉන්න පිරිසෙන් කියෙන් කි දෙනාද හැබෑ යාළුවො කියලා  බොහෝ විට තනි අතක ඇගිලි ගනනටත් අඩුයි .  එහෙම නැත්නම් තම හිසට තම අතමය කියන කියමන වගේම තමන්ට තමන් විතරක් ඉතිරි වෙන්නත් බැරි නැහැ , කවුරු නැතත් වදාපු මවයි පියයි ඉදි , විවාහකයන්ට සහකාරයයි  දරු මල්ලෝයි ඉදි ,  ඔය  අතලොස්ස තමයි අන්තිමට ඉතිරි වෙන්නේ ඕං...  ඕවා තේරෙන්ට ඉතින් පාඩමක් ඉගෙන ගන්ටම ඕනේ .  

ඉගෙන ගත්තු පාඩම ගැන  නොලියා එලියට පෙනෙන්ට තියෙන දේට වඩා ඇතුලතින් වෙනස් මිනිසුන් පිරිසක් ගැන පුංචි රස කථාවක් ලියන්නම්කො .

  ඕන්න එකෝමත් එක කාලෙක බොහොම ධාර්මික පියතුමෙක්  වාසය කළා .  මෙතුමා බොහොම ධාර්මිකයි ඒ වගේම හරිම ගුණවත් පියතුමෙක් . ප්‍රදේශයේ ජනතාවත් මෙතුමාට  දැක්වුයේ පුදුමාකාර ආදරයක්  සෙනෙහසක් කොටින්ම කිව්වොත් පියතුමන්  වෙනුවෙන් ප්‍රාණය පරිත්‍යාගය කරන්න උනත් කැමැත්තෙන් තමයි මිනිසුන් සිටියේ , එහෙම මිනිස්සු නැති වග දැන් අපි දන්නවා උනාට  ඒ පියතුමා  ඒ බව දැනගෙන උන්නේ නැහැ  ඒ කාලේ . ඉතින් එතුමත් මිනිසුන්ට උදව් උපකාර කරගෙන බොහොම දැහැමින් සෙමින් කාලය ගතකරගෙන සිටියා .

ඔහොම කාලයක් යනකොට පියතුමා ටිකෙන් ටික රෝගාතුර වුනා  . ෛවද්‍යවරු පරික්ෂා  කරලා කියනවා මෙතුමාට බොහොම දරුණු  වකුගඩු රෝගයක් වැලදී තිබෙන බව , රෝගය නිසා මෙතුමාගේ වකුගඩු දෙකම අක්‍රිය වෙමින් පවතින බව . තව බොහොම ටික කාලයකින් පියතුමාට   මියයෑමට වෙන බවත් මෙයන් ගැලවීමට නම් වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් සොයාගත යුතු බවත් ෛවද්‍යවරු කියා සිටිනවා .

තමන්ට වකුගඩුවක් පරිත්‍යාග කරන්න ඕනේ තරම් ජනතාව සිටින බව දන්නා පියතුමාත්  සතුටින්  පිටව යනවා , 

පස්සේ තමන්ගේ හිතෙෂි ජනතාවට පණිවිඩයක් යවනවා මට මෙහෙම රෝගයක් වැලදී තිබෙනවා එබැවින් මරණයෙන් බේරෙන්ට වකුගඩුවක් පරිත්‍යගය කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් දෙව් මැදුර ඉදිරියට පැමිණෙන්නය  කියලා ,

පණිවිඩය යවලා  ටික වෙලාවකින් එතුමා දෙව්මැදුරේ උඩුමහලේ ජනේලය අසලට ඇවිත් පහත බලනවා ... එතුමා මොකක්ද දකින්නේ පින්වතුනේ ? බලුබල්ලෙක්වත් නැති දේවස්ථාන භූමියක්ද ? එහෙමයි නේද හිතෙන්නේ ,  නැහැ මුළු දේවස්ථාන භූමියම පිරිලා ඉතිරිලා යන තරමේ සෙනගක් , පොදිකන ජන ගංගාවක් ,  මේ තරම් තමන්ට ආදරේ කරන ජනතාවක් ඇස්පනාපිටම ඉන්නවා දකින පියතුමා ට ඇතිවෙන්නේ පුදුමාකාර සතුටක් .

පියතුමා උඩුමහලේ ජනේලයෙන් හිස පිටතට දාල ජනතාවගෙන් අහනවා “ මේ අය අතරින් මට වකුගඩුවක් පරිත්‍යග කරන්න කැමති අය අත ඔසවන්නය  කියලා ,  

කිසිකෙනෙක් අත ඔසවන්නේ නැහැ නෙමෙයි  හැමෝම අත ඔසවනවා . සමහරු අත් දෙකම උස්සනවා . හරියට වකුගඩු දෙකම ගලව ගන්ට කියනවා වගේ ..

දැන් පියතුමාට   තවත් සතුටුයි දස දහස් සංක්‍යාවක් මිනිසුන් තමන්ට වකුගඩු පරිත්‍යාග කරන්න සුදානමින්නේ ඉන්නේ .  එත් ස්වාමීන්වහන්සේ කල්පනා කරනවා මට මොකටද මේ තරම් වකුගඩු ගොඩක් මට ඕනේ එක වකුගඩුවයිනේ ඉතින් මම කොහොමද මෙතනින් එකක් තොර ගන්නේ .  එහෙම හිතපු පියතුමා ආයෙත් ජනේලයෙන් ඔලුව එලියට දාල පරිත්‍යාග කරන්න පොරකමින් සිටින හැමෝටම ස්තුති කරලා එහෙම මෙහෙම කියනවා .

“ මට ඕනේ එක වකුගඩුවයි  එක්කෙනෙක් තොර ගන්න ඕනේ නිසා මම දැන් මෙතන ඉදලා මේ කුරුළු පිහාටුව පහලට දානවා ඒක පාවෙලා ඇවිත් කාගේ හරි ඇගකට වැටෙයි  ඒ වැටෙන කෙනා මට වකුගඩුවක් දෙන්න “

එහෙම කියලා පියතුමා කුරුළු පිහාටුව පහතට දානවා .. බොහෝ වෙලාවක් සුළගේ පාවුන පිහාටුව අන්තිමේදී කාගේ හරි ඇගකට වැටෙනවද , නැහැ පිහාටුව උඩමයි තියෙන්නේ දිගටම පාවෙනවා ඇගකට වැටෙන්නේ නැහැ , ඇයි එහෙම වෙන්නේ , දේව හාස්කමක්ද එහෙමත් නැත්නම් අදුශ්‍යමාන බලවේගයක්ද ...????

අපට වගේම පියතුමා මේක ගැටලුවක් උන්වහන්සේත් උපැස් යුවල එහෙම පිහදාගෙන හොදින් පහත බලනවා මොකක්ද මෙතන සිද්ද වෙන්නේ කියලා ,

එතකොට තමයි  උන්වහන්සේත් දකින්නේ කුරුළු පිහාටුව නොවැටී පාවෙන්න හේතුව , පිහාටුව ඇගට වැටෙන්න එනකොට ඒ කෙනා ඒකට කටින් පිබිනවා එතකොට ආයෙමත් පිහාටුව උඩගිහින් වෙන කෙනෙක් ලගට යනවා  එතකොට එයත් පිබිනවා එහෙම එහෙම පිහාටුව කාගේවත් ඇගට නොවැටී උඩම තියෙනවා . මිනිසුන්ගේ ඇතුලාන්තය තේරුම් ගන්න පියතුමාට  ඇතිවෙන්නේ දැඩි කණගාටුවක්.

අන්තිමේදී  පාවෙවී තිබුනු කුරුළු පිහාටුව කාගෙවත් ඇගකට නොවැටී බිමට වැටෙනවා, එයිට ටික කාලෙකට පස්සේ අර පියතුමා වකුගඩු රෝගයෙන් මියයනවා ,
ඔන්න ඕකයි කතන්දරේ ,

දැන් බලමු අර මිනිස්සු ඇයි වකුගඩුවක් දෙන්න අකමැතිනම්  අර පණිවිඩය ලැබුණු හැටියේම දෙව්මැදුර  ඉදිරියේ රැස් වුනේ කියලා , ඒ වගේම  ඇයි අත් ඔසවමින් කැමැත්ත  ප්‍රකාශ කලේ කියලා .. එහෙම තමයි බහුතරයක් මිනිස්සු අනිත් මිනිස්සු ඉදිරියේ තමන්ගේ සැබෑ මුණ එලියට දාන්න කැමති නැහැ පුළුවන් තරම් කාලයක් සුන්දර වෙස් මුහුණෙන් පෙනී ඉදලා අවශ්‍යම  මොහොතේදී සැබෑ මුහුණ පෙන්වලා පලා යනවා .

කිස්තු ධර්මයේ හැටියට ජේසුස් වහන්ස්සේ  මෙවැනි මනුෂ්‍ය කොටසකට මෙහෙම කියනවා  “නුබලා සුදු හුණු ගෑ සොහොන් කොත් වලට සමානය කියලා ,  එකේ තේරුම පිටතින් සුදු හුණු ගා අලංකාර කර තිබුනත් සොහොන් කොත්වල ඇතුලේ ඇත්තේ මළකුණු බැවිනි . බොහෝ මිනිසුන් සමාජයට සුදු චරිතයක් පෙන්වාගෙන හිටියද  සමහර අවස්ථාවන්හිදී ඔවුන්ගේ වෙස්මුහුණු ගැලවී සබැ චරිතය දිස්වේ ...



ප .ලි :-පැරණි කථාවක් සමග මිශ්‍ර කල උගත් පාඩමක් ඇසුරිණි..

14 February 2013

ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය (අ)සාර්ථකද ?




සිද්ධාර්ථ ගෞතම චිත්‍ර පටය මේ දිනවල අති සාර්ථක ලෙස සිනමා හල්වල ප්‍රදර්ශණයවේ .  එහි සාර්ථකත්වය කොතෙක්ද යත් දර්ශන වාරයක් සදහා ප්‍රවේශ පත්‍ර  කල්තියා මිලදීගෙන ආසන වෙන් කරගැනීමද මාහට අති දුෂ්කර විය.  ඒ තරමටම ජනකායක් මේ දිනවල චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන සිනමා ශාලා වලට ඇදෙමින් පවතී .  එක අතකින් එය හොදය කඩාවැටෙමින් පැවති සිංහල සිනමාව නැවතත් හිස එසවූයේ  ඉතිහාස කථා ඇතුලත් චිත්‍ර පටවලිනි. කාලයක් බලුබල්ලෙක් චිත්‍ර පට ශාලා වෙත නෑවිත් තිබු යුගයක්ද තිබුණි , කෙමෙන් එය අහවරවී මේ අයුරින් සිනමා ශාලා පිරියනු දැකීම සතුටකි.

දැඩි ආයාසයකින් තෙරපෙමින් ශාලාවට ඇතුළුවී අසුන්ගත්තේ බුද්ධ චරිතය නැරබිමේ මහත්වූ ආශාවක් සිත තුල රදවාගෙනය.

චිත්‍රපට කථාව දිවෙන්නේ කොටස් දෙකකටය. මුල් කොටස ආරම්භ වෙන්නේ සිදුහත් කුමරු ගිහිගෙය හැර යන ස්ථානයෙ සිට බුද්ධත්වය ලබාගන්නා තැනට වෙන තුරුය. 

 ඉන් පසුව කථාව එතැනින් නතරවී නැවත මුලට යයි. ඒ සිදුහත් කුමරුගේ ඉපදීමේ සිට ගිහිගෙය හැරයාම වෙන තෙක්ය.

චිත්‍ර පටය නැරබිමේදී මට වැටහුනේ මා බලාපොරොත්තු වූ තරම දෙයක් චිත්‍ර පටය තුල නැති බවයි. සරලවම කිවහොත් බුද්ධ චරිතය ගැන අඩංගු පොතක් කියවා ලබන රසයවත් රූපරාමු නැරබීමෙන් ලැබුනේ නැත. ඍජුවම කිවහොත් මගේ දුෂ්ටිකෝනයෙන් හා රසාඥානතාවයට අනුව ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය අසාර්ථක නිර්මාණයකි. සමහර විට එය මාගේ රසාස්වාදන හැකියාවේ දුර්වල කමක්දැයි නොදනිමී.

චිත්‍ර පටය රූපගත කල ස්ථාන සුන්දරවුවත් ඒ සුන්දරත්වය පෙක්ෂකයාගේ සිතට වදින අයුරින් ඉදිරිපත් කිරීමට කැමරාව අපොහොසත්වේ . එහෙත් සමීප දර්ශන වලින් කැමරාකරු චිත්‍ර පටයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට සමත්වේ.

 එමෙන්ම ප්‍රදීප් රත්නායකගේ දක්‍ෂ සංගීත නිර්මාණ චිත්‍ර පටය පුරාවටම ගොඩක් අඩුපාඩු වැසීමට තරම් සමත්වේ.

මෙහි අද්‍යක්ෂට බුද්ධ චරිතය ගැන කිසිදු වැටහීමක් නැති බවක් පෙනේ. ඒ නිසාමදෝ ඔහු  මෙම චිත්‍ර පටයේ වැඩිම අසාධාරණය කර ඇත්තේ ගෞතම සිද්ධාර්ථ චරිතයටමය. 


සිද්ධාර්ථ චරිතය චිත්‍ර පටය පුරාවටම පෙන්වනනේ අලස සෝමාරි චරිත ලක්‍ෂණය. තැන් කිහිපයක හැරෙන්නට අනිත් බොහෝ තැන්වලදී ඔහුගේ රගපෑම් බලා සිටින පේක්ෂකයාට දැනෙන්නේ හිස් බවකි. විටෙක දුර්වල තිර රචනය මේ නළුවාගේ දක්‍ෂකම් වසා දැමුවාදැයි සැකයක්ද උපදී .


 චිත්‍රපටයේ ලොකුම දුර්වල කම බුදුරජාණන්වහන්සේ වැනි ශේෂ්ථ චරිතයක් ඔතෑනි චර්තයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ කිරීමයි.

එතැනින් ගියහම සෙසු චරිත සමග බලන කල දේවදත්තගේ චරිතය අති සාර්ථකය 
බොහෝවිට එයට හේතුවන්නට ඇත්තේ එය රගදැක්වූ නළුවාගේ දක්ෂකමය.

 විටෙක නවීන හින්දි ච්ත්‍ර පටයක දුෂ්ටයාගේ ලක්ෂණ පෙන්නුම් කලද . ඔහු ච්ත්‍රපටයේ කථාවට රගපෑමෙන් සාධාරණයක්  ඉටුකළ බව මගේ මතයයි . මෙම චිත්‍ර පටයට ඔහුගේ රගපෑම ආලෝකයකි .

චන්න ඇමතිගේ  චරිතය රගපාන සාරංග දිසාසේකර ද  රූපවාහිනියෙන් දකින සුපුරුදු රංගනයම පෙන්වයි.  ඔහුගේ රංගනයද සිද්ධාර්ථ චරිතය නිරූපනය කරන නළුවාගේ රංගනයට සමානය.  එබැවින් දෙදෙනා පමනක් සිටින කොටස් වල අපුරූ ගැලපීමක් ඇත. 

එහි අනෙක් පැත්ත ඇත්තේ නන්ද කුමරුගේ චරිතය රගන රොෂාන් රණවන සහ සිද්ධාර්ථ චරිතය රගන ගගන් මලික් සිටින ජවනිකා වලය.  එතැන මොකක්දෝ නොගැලපීමක් පෙනෙන්නට තිබේ. 
සිංහල සිනමාවේ දගකාර පෙම්වතාගේ චරිතය රගපාන නිසාමදෝ රොෂාන් මේ චිත්‍ර පටයේ පෙන්වන්නේද  ඒ ලක්‍ෂණය .  සිද්ධාර්ථ චරිතය රගන ගගන් මලික් එක්ක බලන විට රොෂාන් පෙනුමෙන් සියයට අනුවක්ම නන්ද කුමරුගේ චරිතයට ගැලපේ .

සුද්ධෝදන රජුගේ චරිතය නිරූපනය කරන රන්ජන් රාමනායක දක්‍ෂ නළුවෙකි.  ඔහුගේ දක්‍ෂකම් පෙනෙන්නේ ක්‍රියාදාම චිත්‍රපට වල සහ විකට චිත්‍රපට වලදීය .  ඔහු මෙම සුද්ධෝදන රජුගේ චරිතයට කොයිතරම් දුරට ගලපුනාදැයි චිත්‍ර පටය බැලු කෙනෙක්ට සිතාගත හැක ඔහුගේ පෙනුමවත් රගපෑමෙවත් මෙහි ඒ තරම් සාර්ථකත්වයක් නැත.

 පෙනුම සම්භන්ධයෙන්නම් වගකිව යුත්තේ වේශ නිරුපන ශිල්පියාය.  එහෙත් රෝගී මිනිසාගේ ජවනිකාවේදී වේශ නිරුපන ශිල්පියාගේ දක්‍ෂකම් පෙනෙන්නට තිබුණි .



ඉන්දියානු මේගා ටෙලිනට්‍ය සිහිපත් කරමින් කොඥඤන්න බමුණා සහ ප්‍රජාපති දේවිය සිද්ධාර්ථ උපතේ සිට බුදුවෙනතුරුමත් වයසට  ගොස් තිබුනේ නැත . 


ගුරු විශ්ව මිත්‍ර ගේ චරිතය නිරූපණය කරන බුද්දදාස විතාන ආරච්චි තවමත් ශ්‍රිලංකාවේ දක්‍ෂ චරිතාංග නළුවන් සිටිනා බව ඔප්පුකර පෙන්වා ඇත ඔහු රගපෑ කොටස් කිහිපය අතිසාර්ථකය රංගනයකි.


මුළු චිත්රපටය පුරාවටම හිතට දැනෙන දර්ශනයක් වේනම් ඒ සිද්ධාර්ථ කුමාරයානන් ගිහිගෙය හැරයාමට ප්‍රථම යසෝදරා දේවිය සහ රාහුල කුමරුන් නිදා සිටිනා ස්ථානයට පැමිණ යෑමේ දර්ශනයය..

 ඒ මොහොතේ සිද්ධාර්ථ කුමරුන් සිතන්නේ යසෝධරා දේවිය නින්දේ බවය එහෙත් ඈ සිටින්නේ අවදියෙනි ඔහුගේ ගමනට බාදාවක් නොවිය යුතු නිසා ඈ බොරුවට නිදාසිටිනවා මෙන් සිටි. එහෙත් ඒ මොහොතේ ඇගේ දෙනෙතින් කඩා හැලෙන කදුළු වලින් ඈගේ දුක මනාවට පෙන්වා ඇත. එහෙත් එය සිද්ධාර්ථ කුමරුන් දකින්නේ නැත .   ඒ මොහොතේ දර්ශනය සිතට කාවදින අයුරින් නිර්මාණයවී තිබුණි. 

එහෙත් චිත්‍ර පටයේ අවසානයත් එයය. කිසිම සිනමාත්මක අවසානයක් එහි නැත. පේක්ෂකයන්ට චිත්‍ර පටය  අවසාන උනාදැයි ගැටළුවක් පැනනගින තැනක චිත්‍ර පටය අවසාන කර ඇත.

නිර්මාණයක අඩු පාඩු සෙවීම වැරැද්දක් ලෙස කෙනෙකුට පෙනෙන්නට පුළුවන . එහෙත්  මෙවැනි ලෝකයේ ගොඩක් මිනිසුන් දන්නා කථාවක් චිත්‍ර පටයකට නැගීමේදී  මෙයිට වඩා ප්‍රවේශම් විය යුතුය. මක් නිසාදයත් මෙවැනි දෙයක පුංචි අඩුපාඩුවක් උවත් පේක්ෂකයන්ට හොදින් දැනෙන බැවිනි.  බෞද්ධයන් මෙහි චරිත සම්භන්ධයෙන් සිතේ ඇතිකරගෙන සිටින ගෞරවයට හානි වෙන විදියට චරිත නිරූපණය වුවහොත් බෞද්ධ පේක්ෂකයන්ට  එය නැරබිමේදී ඇතිවන්නේ පසුතැවිල්ලකි.

මෙම චිත්‍ර පටය රුපියල් කොටි පහලවක් පමණ වියදම් කර  භාෂා පහක උපසිරැස් සහිතව රටවල් හතලිස් අටකට විකිනීමට බලාපොරොත්තුවෙන් නිර්මාණය කල චිත්‍ර පටයකි. මෙම චිත්‍ර පටය නරබන බුද්ධ චරිතය පිලිබදව හසරක් නොදන්නා පෙක්ෂකයන්  බුද්ධ චරිතය පිලිබදව ඇතිකරගන්නා හැගීම මේ චිත්‍ර  පටයෙන් දකිනදේය නොවේද..


23 January 2013

නිදා සිටිනා සිංහයනි මේ අවදි වියයුතු කාලයයි ඔබේ ජාතිය අනතුරේ .



න්දා මාලනියන් විසින් ගයන “තුන් හෙළේ කැලෑ  තුල සිංහ පැටව් “ ගීතය ඇහෙන විටම මට මතක් උනේ  ලංකාවේ කොහෙද සිංහයෝ කියාය . ඇත්තෙන්ම ලංකාවේ කැලෑ තුල සිංහයෝ දැන් නැත . හිටියත් ඒ අතේ ඇගිලි තරමටත් අඩු ප්‍රමාණයකි .  ලංකාවේ සිංහයෝ දැන් ඇත්තේ සතුන් වතුවල පමණි . අතීතයේ කෑලෑ වල රජකම් කල උන්ට අත්වූ ඉරණම ඒයය... සිංහයෝ වදවී ගියාක් මෙන් අනාගතයේදී ලංකාව තුල සිංහල ජාතිය ද  නැතිවී යා හැකි ලකුණු මේ වන විට හොදින්ම පෙනෙමින් පවතී , දැනෙමින් පවතී . ඒ පිලිබදව සිතිය යුතු කාලයයි මේ .

කෙසේවුවත් සිංහයන් සහ සිංහලයන් අතර ද ඇත්තේ දැඩි සම්භන්ධ තාවයකි .  ශ්‍රීලංකා  ජාතික කොඩියේ සිටින්නේද  කඩුවක් අතින්ගත් අභිමානවත් සිංහයෙකි .  මෙහි සිංහ රූපය යොදාගෙන  ඇත්තේ සිංහලයන් පැවතෙන්නේ  සිංහයන්ගෙන් බවට මතයක් තිබෙන නිසාය .

ඇත්තෙන්ම කිවහොත් සත්වයෙකුගෙන් ජාතියක ආරම්භය සිදුවීම පිළිගත නොහැක .  මහා වංශයේ සදහන් පරිදි  සිංහල ජාතියේ වර්තමාන පැවැත්ම විජය කුවේණි යුගය දක්වා දිවෙයි .. ආදී මව්පියන්  එසේනම් . විජය යනු කව්දැයි  දළ වශයෙන් බලමු .  අතීත වගු රටේ රජු කාලිංග දේශයෙන් කුමරියක් විවහා කරගත් අතර ඔවුන්ට ලැබුණු දු කුමරියගේ නම සුප්පා දේවියයි ..  ඇයට සිංහයෙකුට දාව දරුවන් දෙදෙනෙකු ලැබේ ..
මෙතැන ගැටලුවක් ඇත ඔහු සිංහයෙක් ද එසේත් නැත්නම් සිංහයෙක් වැනි  මිනිසෙක්ද යනුවෙන්.. බොහෝ තැන්වල සදහන් පරිදි ඔහු කැරළිකාර සිංහ වංශිකයෙකි .එසේත් නැතිනම් සිංහයෙක් මෙන් නිර්භීත මනුෂ්‍යකි. එහෙත් සමහරුන්ගේ මතයනම් ඔහු සිංහයෙකුම බවයි. කෙසේ වෙතත්   සිංහයාට දාව ඉපදුනු දරුවන් දෙදෙනා එහෙමත් නැත්නම් සිංහබාහු සහ සිංහ සීවලී දෙදෙනා ගේ පළමු දරුවා තමයි විජය කුමරු වෙන්නේ ..  සිංහලයන්ගේ මුලාරම්භය එය බව සැලකේ .

ඒ සම්භන්ධයෙන් මා වැඩි තොරතුරු සොයා පලකිරීමට උත්සහ කරන්නේ නැත මක්නිසාදයත් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න සැරසෙන අරමුණ වෙනත් එකක් බැවිනි ..

එවැනි අභිමානවත්  සිංහල  ජාතියේ වර්ථමානයේ ඇතිවෙමින් පවතින තත්වය  සලකා බලන විට  සිංහල ජාතියේ අනාගතය සුභ නොවේ..  එය නොතේරෙන සිංහලයෙකු ඇත්නම් එතැන ඇත්තේද ජාතිය පිළිබද ගැටලුවකි.

එවැනි  ඉතිහාසයක් ඇති සිංහල ජාතිය විනාශයට ඇද දමා දේශය ගිල ගැනීමට මාන බලන විජාතික බලවේගයන්ගේ කූට උපක්‍රම වලට රැවටී ජාතිය විනාශ මුඛයට ඇද වැටෙන තෙක් ඇස් කන් පියාගෙන සිටීම යුතුනොවේ . එසේ උවහොත් සිදුවන්නේ  අපේ අනාගත දරු පරපුරට  අන්‍යජාතියකට අයිතිවූ අපේම දේශයේ සුළුජාතීන් වී අනුනට හිස නැමිමටය . අපේ මුතුන් මිත්තන්ගේ ලෙයින් ලියවුන ඉතිහාසය  විනාශ කිරීමට ඉඩදී එඩිතර සිංහල ජාතියක් විදියට තවත්  දෙනෙත් පියාගෙන සිටිය යුතු නැත..  

මම එයින් අදහස් කරන්නේ කඩු පොලු රැගෙන යුද්ධ ප්‍රකාශ කලයුතු යැයි නොව . අප එවැනි  මිලේජ්ජ ජාතියක් නොවේ . එහෙත් දේශය ජාතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපට කළහැකි බොහොමයක් දේ ඇත .. එහෙත් තවමත් නිදාසිටින සිංහයන්ට එය නොපෙනීම කනගාටුවට කරුනකි.

වෙනත් සුළු ජාතියක් විසින් බොහෝ කාලයක සිට සිංහලයන්ට වින කටිමින් සිටියි ,   එහෙත් බොහොමයක් අයට තවමත් එය නොතේරෙන්නේ ඇයිදැයි නොදනිමි වරද ඇත්තේ අප තුලමද ,

එයින් ප්‍රධාන වෙන්නේ  සිංහලයන් අතර  සමගිය නැති කොට අප අතරම ප්‍රශ්න ඇති කිරීමයි .  

කුල වාදය හරහා සිංහල පැවිද්දන් අතර මෙන්ම ගිහියන් අතරද භේද ඇති කිරීම දැනටමත් වෙමින් පවතී .  මෙතැනදී  එකම ජාතිය අතර ගැටුමක් තිබෙන බැවින්  ගැටුම ඇති කල සතුරා කිසිවෙකුට නොපෙනේ . එයින් ප්‍රයෝජන ගන්නේ වෙනත් පිරිසකි .  විනාශ වන්නේ  සිංහල ජාතියේ බුද්ධිමතුන් පිරිසයි .

සිංහල ජාතියේ වර්ධනය සීග්‍රයෙන් පහත බැසීම .

දැනට සිංහල ජාතිය රටේ බහුතරය වුවත් , වර්තමානයේ  සංක්‍යා ලේඛන පරික්ෂා කිරීමේදී  ජනගහනයේ පහත වැටීමක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ එයිට සාපේක්‍ෂව  වෙනත් ජාතියකගේ වර්ධනය වීමේ වේගය අධිකය .  එසේ බලන කල නුදුරේදීම සිංහලයන් සුළුතරය නොවේයැයි කිව හැක්කේ කාටද ..

බොහොමයක් සිංහල  පවුල්වල දරුවන් එකෙකුට හෝ දෙදෙනෙකුට සිමාවේ , ඒයට ලංකාවේ ආර්ථිකය ගොඩනැගී තිබෙන ආකාරය ද වක්‍රාකාරයෙන් බලපෑම් කරයි ,  අතීතයේ එසේ නොවේ අතීතයේ පවුලක් සමග සසදා බලන විට වර්තමානයේ  වර්ධන වේගය සැලකිය යුතුලෙස පහත වැටී ඇත . එසේ බලන කල රට ගමන්කරන්නේ ඉදිරියටද පසුපසටද යන සැකයක් උපදී .. ජාතිය හීන කරගෙන ලබන දියුණුව පලක්වේද ඒ ලබන දියුණුව භුක්ති විදින්න තරම්  ජාතියක් ඉදිරියේදී ඉතිරි නොවේනම් .  මේ ප්‍රශ්නයට පිළිතුරක් නැත එහෙත් ඉක්මන් පිළිතුරක් සෙවිය යුතු  ගැටළුවකි...

අනෙක් කරුනනම් සිංහල දරුවන්ගේ හා තරුණයන්ගේ මනස විකෘති කිරීම ඒ මගින්  සිංහල ළමුන් මත් ලෝලීන් ,කාමාතුරයන් , සුදු කරුවන් කිරීම තුලින්  අනාගත සිංහලයන් වැනසීම.  මෙය පිළිගත නොහැකිනම් ඇස්  හැර බලන්න ලංකාවට මත්ද්‍රව්‍ය හා අනෙකුත් විනාශකාරී දෑ ගෙන්වන බහුතරය  කුමන ජාතිකයන්ද කියා සහ ඒවා බෙදාහරින්නන් අයත් වන්නේ කුමන ජතියටද කියා  .. මෙය කොයි ආකාරයෙන් අනාගතයේදී සිංහලයන්ට බලපාවිදැයි සිතාබැලිය යුතුය .

එක්තරා ලාංජනයක් සහිත භාණ්ඩ  ලංකාව තුල සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී . එම ලාංජනය ලබාගැනීම වෙනුවෙන් සිංහල වෙළදුන්ද විශාල මුදලක් ගෙවිය යුතු අතර වාර්ෂිකවද ඔවුන්ට ගෙවිය යුතුයි . ඒ වෙනුවෙන් ගෙවන මුදල අය වෙන්නේද සිංහල පරිභෝගිකයන්ගේන්මය .එය කෙසේ වෙතත් එම මුදලම කවදා හෝ  එරේහි වන්නේ සිංහලයන්ටමය .  ඒ පිලිබදව ගැබුරින් සිතා බැලීමට කාලය එලබ ඇත ..  එම ලාංජනය සහිත භාණ්ඩ මිලදී ගැනීම වර්ජනය කිරීමෙන් කවදා හෝ දිනක ඔබට සිංහලයන්ට  විරුද්ධව ගොඩනැගෙන සංවිධානයකට  ලැබෙන ආදායම්  මාර්ග සුළුවෙන් හෝ  අඩාල කාලයැයි සතුටු විය හැක .


මෙම අසාධාරණයන්ට විරුද්ධව හඩනැගු පිරිසක් ලංකාවේ මෑත කාලයේද සිටියේය .. එහෙත් ඔවුනට සිදූවුනේ අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගැනිමටය. එසේ නැත්නම් රැකියාවන් අහිමි කර  ගැනීමටය ..

එහෙත් තවමත් සිංහලයන්  නිදාගෙන සිටිය  යුතු නැත .. රට  ජාතිය ආගම ගිලගැනීමට  සැරසෙන වෘකයන්ට එරෙහිව නැගිසිටිය යුතු කාලය දැන් පැමිණ ඇත . එසේ නොවුනහොත් මතු දිනක ඔබේ දරුවාට සිදුවන්නේ  ලංකාව තුලම සුළු ජාතිකයෙකු වී  වෙනත් ගෝත්‍රික අදහස් ඇති ජාතියකට බැලමෙහෙවර කිරීමටය ...  මේ සිතන්නට කාලයයි .


සැලකිය යුතුයි :-  රට දැය ගැන සිතීම යනු ජාතිවාදය නොවේ ...

(මේ අපේ ශ්‍රී ලංකාව  - ජයාරූපය : කොල්ලුපිටිය )

01 November 2012

බලු කිරියේ එළ වැඩ නොහොත් බ්ලොග් ලිපි හොරකම



පෙරවදන :- බඩුත් සමග හොරු ඔබේ බ්ලොග් ලිපියත් මෙතන ඇත්දැයි බලන්න ( උදාහරණ සහිතයි )
පුටා ගැනීම් වැළැක්විය නොහැක්කෙමය තමන්ට නිර්මාණ හැකියාව නොමැතිනම් අනුන්ගේ එකක් හෝ රැගෙන තමන්ගේ කර ගැනීම කොයි ජාතියේ මනුෂ්‍යයාටත් පොදුය එය මනුෂ්‍ය ගතිය යැයි හැදින්විය හැකි උවත් එය මනුෂ්‍යකම නම් නොවේ ..  

වර්තමානයේ අන්තර්ජාලය තුල නිර්මාණ කොපි කිරීම සීග්‍රයෙන් වෙමින් පවතී ..  එහි වැරැද්දක් නැතයි කීමටද බැරිය . එහි වැරැද්දක් ඇත  වඩාත්ම දරුණු වන්නේ එම නිර්මාණ කරුවාගේ අඩවියේ ලිපිනයවත් නොමැතිව එය තමන්ගේම කරගෙන පල කිරීමයි.

මම කොපි කිරීම යනුවෙන් හැදින්වුයේ යමක් ගෙඩිය පිටින් ඔසවාගෙන ගොස් වෙනත් තැනක ඉන්දවිමය .. එසේ නොමැතිව යම් කිසි දෙයක් උදාහරණයක් විදියට එක ප්‍රවුර්තියක් සිය දෙනෙක්ට සිය ආකාරයකට ලිවිය හැක . එක එකාගේ ලිවීමේ ෛශලිය අනුව  එය විවිධාකාර වේ . නමුත්  එහි අන්තර්ගතය එකකි. එවැනි දෙයක් කොපියක් ලෙස හැදින්විය නොහැක.. 

එහෙම නැත්නම් කෙනෙක්ගේ නිර්මාණයකින් අදහස් ගෙන එයිට සමාන වෙනත් නිර්මාණයක් කිරීමේත් වරදක් නැත . වරද ඇත්තේ අකුරක වත් වෙනසක් නොමැතිව ගෙඩිය පිටින්ම කොපි කර තමන්ගේ ස්ථානයේ පේස්ට් කර ගැනිමේය .. එවිට එය නිර්මාණ මංකොල්ලයක් වේ ..

යම් කිසි දෙයක් රැගෙන යන්නේ එහි කුමක් හෝ වටිනාකමක් විශේෂත්වයක්  ඇති බැවිනි..එය සත්‍යකි . එහෙත් නිර්මාණ කරුවා එම නිර්මාණය වෙනුවෙන් (තොරතුරු සෙවීම් සදහා හො වෙනත් දෑ සදහා  ) වැය කරන කාලය , මහන්සිය . කුසලතාවය. සහ එම නිර්මාණ වලට අදාළ දුර්ලභ චායාරූප ඒ වටිනා කමවත් නොසලකා නිකන්ම නිකන් පුද්ගලයෙක් එය රැගෙන් ගොස් තමන්ගේ මෙන් එය සමාජ ජාලයක පලකර කිසිම වටිනාකමක් නොමැති  රෙපියුටේෂන් සිස්ටම් එකකින් රේප්  ඉල්ලා සිටීම කොයි තරම්නම් අසාධාරනදැයි සිතා බැලීමට වටි

උදාහරණයක් ලෙස ගත් විට අසමි දකිමි සොයමි බ්ලොගය ලියන විචාරක ගේ බ්ලොගයේ ලිපි සියල්ලම වගේ එළකිරි අඩවියේ ඇත . තහනම් අඩවියේ , අටම්පහුරේ ,සිරාගේ කාමරේ , අන්තිම පේලියේ , හා මෙකි නොකී බොහෝ බ්ලොග් වල ලිපි එහි මෙලෙසම ඇත එහෙත් බ්ලොගයේ ලින්කුනම් නැත . මා මෑතකදී දුටු එවැනි බ්ලොග් ලිපි සහ එහි හොර කොපි කිහිපයක් පහතින් දමමි ...

එම අඩවි වල (සමාජ ජාලා) නීති රීති පද්දතියක් ඇතත්  මෙම ලිපි රැගෙන විත් පළකිරීම සම්භන්ධයෙන් තැකීමක් නොකරන්නේ මන්දැයි සිතාගත නොහැක (එම අඩවියේ නීති රීති පත්‍රයද මම ලිපිය අවසානයේ දමමි ) ඒ අතින් බැලූ කල  අන්තිම පේලිය   සිටින්නේත්  එයිට ඉහළින්ය එහි වෙනත් තැන්වල පලවූ ලිපි රැගෙන විත් පලකිරීමට ඇඩ්මින් ඉඩ නොදේ .


එහෙත් මෙම අඩවියේ එහෙම ගැටළුවක් නැත ගැටලුව ඇත්තේ කොපි පේස්ට් කල ලිපිය ඇති මුල් බ්ලොගයේ ලිපිනය (සක්‍රිය ලින්ක් එක ) දැමු විටය . සමහර මොඩරේටර් වරු එම ලිපි එඩිට් කොට එම ලින්කු මකා දමන අවස්ථාද ඇත එසේ නොමැතිනම් එම ලින්කුව ක්ලික් කල විට බ්ලොගයට යැම අවහිර කොට දමති .  බොහෝවිට සිදුවන්නේ එයය . එයට හේතුව එම ලින්ක් ඔස්සේ එළ  අඩවියේ සාමාජිකයන් එම බ්ලොගයට යාමයි . එය ඔවුන් (ස්පෑම් ) ලෙස හදුන්වයි .. බ්ලොග් ලිපි කොපි කර ඔවුන්ගේ අඩවියේ පලකල හැක එහෙත් එම ලිපියනය ඔස්සේ මුල් පිටපත ඇති බ්ලොගයට යෑමට නොහැකිය ..  හනේද කියන්නේ...


මේ සම්භන්ධයෙන් දිගින් දිගටම ලිවිය හැකි මුත් තේරුමක් නැත .. කොපි කරන්නා කොහොමත් කොප්ප ගසති මේ සම්මත්ජාතියේ එය වැලෑක්විමටනම් නොහැකිය. මක් නිසාදයත් කොප්පක් ගැසීමට නොහැකි වූ කල ඔවුන්ට පැවැත්මක් නැත . ඔවුන් රැදී සිටින සමාජ ජාලයට අත්වන ඉරණමත් එසේමය.. එබැවින් අනුන්ගෙන් යැපෙන්නන් පිලිබදව අනුකම්පා කර බලාසිටිනු  හැර වෙන කල හැකි යමක් නොමැත.. 

බොහෝ සමාජ ජාලා අඩවි වල සියයට හැටක් පමණ ඇත්තේ   කොපි පේස්ට් කල බ්ලොග් ලිපිය , සියයට විස්සක් තාක්ෂණික ලිපි සහ සියයට විස්සක් එහි සාමාජිකයන්ගේ ලිපිය .. ඒ අතින් බැලූ කල ඔවුන් ද පව්ය 

මම පහතින් දමා ඇත්තේ මා විසින් මෑතකදී දකින ලද (ඊයේ රාත්‍රියේ ) එළුකිරිය විසින් කොප්ප ගැසූ අපේ සහෝදර බ්ලොග් කරුවන්ගේ ලිපි කිහිපයකි (මා දන්නා කියන බ්ලොග් වල ලිපි )... මේ උදාහරණයක් පමණි තවත් මෙවැනි ලිපි බොහොමයක් එහි ඇත..

----------------------------------------------------------------------------------------------------






























මේ මා දුටු කිහිපයක් පමණි ....


එම අඩවියේ නීති රීති පද්දතියෙන් කොටසක්ද මා පහත දමමි .. එහෙත් එය ක්‍රියාත්මක වන ආකරය ගැනනම් විස්වාසයක් නැත 

එම නීති රීති 
_________________________________________________________________________________
වෙබ් අඩවිය ශ්‍රි ලංකා නීතිය ප්‍රමුඛව ජාත්‍යන්තර නීතියටද අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණයි යන තේමා‍වෙන් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවිවල සම්මත සම්ප්‍රදායන්ටද අනුකූලව පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. මෙහි දැක්වෙන නීති රීති මෙන්ම, මෙහි නොදැක්වෙන්නා වූද ඒ සියළු රීතීන් උල්ලංඝණය නොකිරීමට සාමාජිකයන් වගබලාගත යුතුබව දැනුම්දී තිබේ. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවන බව පිළිගත් කරුණකි. 

1.
වෙනත් ශ්‍රී ලාංකික වෙබ් අඩවිවලින් බාගත කළ ඔවුන්ගේ දෑ මෙහි පලකිරීමෙන් වලකින්න. එමෙන්ම ඔවුන්ගේ හැඳුනුම් සංකේත සටහන් කළ වීඩියෝ පට, ඕඩියෝ පට, සංකේත සටහන්කළ ඡායා රූප ආදිය පල කිරීමෙන් වලකින්න. උදාහරණයක්ලෙස යූටියුබ් වීඩියෝ පටයක වෙනත් වෙබ් අඩවියක සංකේතය සටහන් කර ඇත්නම් එය පල නොකළ යුතුය. 

2.
කතෘ අයිතීන් ලබාගත් දෑ (copyrighted stuff) අනවසරව එම හිමිකම් උල්ලංඝණය කරමින් මෙහි පලකිරීමෙන් වලකින්න. 

3.
වෙබ් අඩවියක් හෝ ඕනෑම ව්‍යාපාරයක් මෙහි ප්‍රචාරය කිරීමේ අරමුණින් දිගින් දිගට ක්‍රියා කිරීම හා ඔබගේ වෙබ් අඩවිය මෙහි ප්‍රචාරය කිරීමෙන් වළකින්න.  ඔබේ වෙබ් අඩවිය ඇතුළු කළ හැකි නමුදු සාමාජිකයන් එය පරික්ෂා කිරීමට පෙළඹවීම හෝ අයැද සිටීම නොකළයුතු වේ. 

4.
අන්‍යයන්ගේ පෞද්ගලික තොරතුරු සහ සංවේදී දත්ත/ඡායාරූප ආදිය අවසරයකින් තොරව පලකිරීමෙන් වලකින්න. පුද්ගලික තොරතුරු,ඡායාරූප,දුරකතන අංක,ලිපින ආදිය ඔවුන්ගේ අවසරයක් නැතිව මෙහි පලකිරීමෙන් වලකින්න

5.
ෆෝරම තුලදී අන්‍යයන්ට හිරිහැරයක් වන ආකාරයෙන් එක දිගට නව තෙඩ් සීමාව ඉක්මවා ආරම්භ කර (spam), ඒ මගින් ඔබේ අදහස් සීමාව ඉක්මවා ප්‍රචාරය කිරීමට තුලින් දේශපාලනික හෝ කිසියම් කණ්ඩායමකට ආධාරකරුවෙකු ලෙස කටයුතු කිරීමට මෙම වෙබ් අඩවිය භාවිත කළ නොහැක.

6.
ත්‍රෙඩ් තුළදී ඔබට මාතෘකාවෙන් බැහැර, බැනර සහ ටෙක්ස්ට් ඒ මධ්‍යයේ පළ කිරීමටද, අනවශ්‍ය ලෙස දිගින් දිගට බම්ප්* කිරීමටද නොහැක. අන්‍යයන්ට හිරිහැර වන අයුරින් එසේ කටයුතු කිරීමට ඔබට හිමිකමක් නොමැත.
7.දේශපාලනිකමය හෝ යම් කිසි ප්‍රචාරක කටයුත්තක් සඳහාම ඔබ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිව ඇති බව වැටහී ගියොත් හා එක් වරම සජීවී වී දේශපාලනිකමය, ප්‍රචාරකමය හෝ අපහාස කිරීමකට සැරසීමට සූදානම් වුව හොත් ප්‍රථමව ඔබ වෙබ් අඩවියෙන් නෙරපාහැරෙනු ඇත.

8.
දඬුවමකට ලක්වූ තැනැත්තා නිර්දෝශී හෝ සාධාරණීකරණය කරමින් ඔවුනට සහයෝගය දීම ඔබටද හානිකර ප්‍රථිඵල ඇති වීමට හේතුවක් විය හැකිය. මන්ද යත් එසේ සාධාරණීකරණය කිරීමෙන් සහ ඔහු නිර්දෝශී කිරීමට උත්සහා ගැනීමෙන් ඔහු/ඇය තව තවත් නීති උල්ලංඝණය කිරීමට ධෛර්යමත් වන බැවිනි. එමෙන්ම එමගින් අන්‍ය සාමාජිකයන්ද එයට පෙළඹේ.

9.
දඬුවමකට ලක්වූ පසු තාවකාලිකව හෝ වෙනත් ගිණුමක් තනා භාවිත කිරීම දඬුවම් කාලය හෝ එහි ස්වභාවය තව තවත් උග්‍ර කරවීමට හේතු විය හැකිය.


10.
කළහයක් ඇරඹීමට හෝ එයට සම්බන්ධ වීමට ඔබට හිමිකමක් නොමැත. මෙහිදී කවරුන් තර්කයෙන් නිවැරදි වූවද වැරදි වූවද දෙපාර්ශවයටම නීතීන් උල්ලංඝණය කර ඇත්නම් එයට අදාල දඬුවම හිමි වේ. යමෙකු ඔබට අපහාස කරමින් එවැන්නක් අරඹා තිබුනහොත් ඔබට එම ගැටුම්කාරීත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාමට හිමිකමක් නොමැත. වහා ඒ සම්බන්ධව අදාල අංශ දැනුවත් කිරීම කළ යුතුය.

11.
නීති උල්ලංඝණය කරමින් පල කර ඇති ලිපියක් දුටුවහොත් එවිට එය වාර්තා කරන්නට ඔබට පුළුවන. ඊට අමතරව එය බම්ප්* කිරීම හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔබගේ ක්‍රියාවෙන් පසු ඇතිවිය හැකි ක්‍රියා දාමය පිළිඹඳ සිතාබලන්න. මෙය තරමක් අවධානම් සහගත වන්නේ එසේ නොවුවහොත් කූට ලෙස තමා බේරී කමියුනිටි ප්‍රොබ්ලම්ස් ඇති කිරීම නිසා ඔබට එරෙහිව පියවර ගැනීමට සිදුවිය හැකි නිසාය. 

මතකයේ තබාගත යුතු විශේෂ කරුණු,

වෙබ් අඩවියේ නීතීන් උල්ලංඝණය කිරීම නිසා අවවාද කිරීමකට, කෙටිකාලීන නෙරපාහැරීමකට හෝ ස්ථීර තහනම් කිරීමකට හෝ ලක්වූ පසු නැවත ඒ පිළිඹඳ කරුණු විමසමින්, හා පැමිණිලි කිරීමේ ඇති ඵලයක් නොමැත. ඔබට දඬුවමකට යටත්වීමට සිදුවූයේ ඔබ නීතීන් උල්ලංඝණය කිරීම නිසාය. එමෙන්ම මෙම වෙබ් අඩවිය කිසිවෙකුගෙන් කිසිඳු මුදලක් අය නොකර පෞද්ගලික ධනය වැය කරමින් නොමිලයේ පවත්වාගෙන යන්නකි. මෙහි කිසිඳු අය කිරීමක් නොකර සහයෝගයෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලය නොමිලයේ කරන මේ සේවාවන් අගය කළ යුතුය.
අන්‍යයන් නීති උල්ලංඝණය කරමින් වැරදි කටයුත්ත්තක නියැලීම, ඔබටද එයට සහභාගී වීමට හෝ එය සිදුකිරීමට දෙන අවසරයක් නොවේ. එවන් නීති උල්ලංඝණය කිරීමක් දුටු විට වහා ඒ බව දැනුම් දෙන්න. 





!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!






You might also like:

Related Posts Plugin for WordPress, Blogger...