මගේ ජිවිතයේ ගොඩාක්ම
අපහසු තාවයට පත්වූ දවසක් ගැන මතකයක් තමයි මේ ...
සාමාන්‍ය පෙළ පාස් වෙලා
උසස් පෙලට මට වෙනත් පාසලකට යන්න උනා ..
අලුත් පාසලක් අලුත් සිසුන් .. පාසලේ පරණ අය කොහොමත් අලුතින් ආව අය එක්ක
මුලින් වැඩිය කතාවට එන්නේ නැහැනේ .. මටත් එකතු වෙන්න උනේ මම වාගේම වෙනත් පාසල්
වලින් ආව කොල්ලෝ හතර පස් දෙනෙක් එක්ක විතරයි...
ඔය කාලේ වෙනකොට කැම්පස්
වලින් සේන්දු වුන රැග් මේනියාව පාසල් වලත්
පැතිරෙමින් තිබුනා දරුණු වට නෙමේ සුලුවට. බොහොම සුළු ක්‍රියා කාරකම් උනත් සමහර
දේවල් නිසා නවකයන්ට ගොඩක් අපහසු තත්වයන්ට මුහුණ දෙන්න උනා මට වගේ ....
පාසලට ඇවිත් දවස්
කිහිපයක් යනකොටම... මගෙත් එක්ක හිටිය අලුත් එකෙක්ව රැග් කරන සෙට් එක එක්ක ගියා... මමත් බලාගෙන උන්නේ..
එක්ක ගිහින් ඌව ඩේස් එකක් උඩ නංගලා කෙල්ලෙක් ඇවිත් කොස්සකින්
මයික් එකක් හදලා දුන්නා (මේක ම්ශ්‍ර පාසලක් )
දැන් ඉතින් මුට තියෙන්නේ එතන ඉන්න
කෙල්ලොයි කොල්ලොයි ඉල්ලන ගීත ඉල්ලීම් ඉටු කරන එක.. බලාගෙන ඉන්නකොට හිනහ ගියත්
අලුතින් පාසලකට ආව කෙනෙක්ට ඔය වගේ වෙලාවක පොඩි චකිතයක් ඇතිවෙනවා...
ඒ වෙලාවේ ඉදලම මගේ
පපුවත් ගැහෙන්න ගත්තා කොයි වෙලාවක හරි මටත් මේයිට සමාන දෙකට මුහුණ දෙන්න වෙනවා නේද
කියල... ඉතින් එකෙන් බේරෙන්නත් මම පොඩි ප්ලෑනක් ගැහුවා ඒ තමයි .. රැග් කරන සෙට් එකේ උන්ව යාලු කරගන්න එක...
එදා ඉදල මම උන්ව දැක්ක
වෙලේට දත් ඔක්කොම පෙන්නලා ඔලුව පාත් කරලා හිනා වෙන්න ගත්තා . උදේට උන්ව දැක්ක තැන
ගුඩ් මෝර්නින් කියන්න ගත්තා .. මේ ඔක්කොම
ඩේස් උඩ නැගල සින්දු කියන්න වෙයි කියන බයට කරපු වැඩ ...
සින්දු කියා ගැනීම කෙසේ
වෙතත් මට තිබුණු ගැටලුව අදුනන්නේ නැති කෙල්ලෝ කොල්ලෝ දහයක් දොළහක් බලාගෙන ඉන්නකොට
ඉස්සරහට ගිහින් ඉදිරිපත් කිරීමක් කරන්න බැරි එක.. හදිසියෙවත් එහෙම උනොත් දහදිය
දාලා අතපය වෙව්ලලා ගැහෙන්න ගන්නවා .. ඒ
තරම් සබකෝලයද මොකක්ද කියන මෙව්වා එක මට තිබුනා ...
ඉතින් කොහොමින් හරි රැග්
කරන්න අය්යලා ටිකව දන්නා දාන්ගැට දාලා දවසින් දෙකින් යාලු කරගන්න පුළුවන් උනා මට..
වැඩි කාලයක් අරින්නේ නැතුව මම උන්ගේ ලොකු එකාට දවසක් කතා කළා ..
“මේ අය්යේ
ඔය ගොල්ලෝ මට රැග් කරන්න එපා හොදේ...”
ඒක කිව්වා විතරයි ඌට
හිනහා ගියා .. මම වැරදි දෙයක් කිව්වද මන්දා..
“ඇයි උබ
රැග් කරනවට බයද ?”
“නෑ මට ඔය
දහ දොළොස් දෙනක් ඉන්න තැනකට ගිහින් සින්දුවක් තියා කථාවක්වත් කරගන්න බැරි අවුලක්
තියෙනවා එකයි “
“ආ,,,
එහෙමද ... බය වෙන්න එපා අපි උබට එහෙම කරන්නේ නැහැ උබ හොද එකානේ ....
එහෙම කියලා එයා යන්න ගියා
.. දැන් ඉතින් මට බයවෙන්න හේතුවක් නැහැ වැඩේ ගොඩ... එහෙම තමයි මම හිතාගෙන
හිටියේ.....
මේ වෙනකොට මම පාසලට
ඇවිත් සතියයි... සිකුරාදා දවසක්.. සිකුරාදා වේලස්සනින් පන්ති අස් පස් කරලා ළමයි
හරි කලබලෙන් එහෙ මෙහෙ යන්න ගත්තා ..
“අද
මොකක්ද තියෙන්නේ කොහොද මේ කට්ටියම යන්නේ “
“අද
සාහිත්‍ය සමිතියේන් සංගීත වැඩ සටහනක්
සංවිධානය කරලා තියෙනවා .. ඔක්කොම මේන් හෝල් එකට යන්න ඕනේ...”
මමත් යන අයත් එක්ක
එකතුවෙලා හෝල් එකට ගියා .. හෝල් ඒක පිරෙන්නම ළමයි .. මමත් පිටි පස්සටම වෙන්න
ගිහින් හිටගත්තා..
එදා තිබුනේ ගායන තරගයක්
.. පහළොවක් විතර තරගයට නම් ලබා දීලා
තිබුනා වගේම හරිම ලස්සනට ගීතත් ගායනා කාලා .. මමත් ඉදගෙන ඒවා රස වින්දා..
ඔහොම හත් අට දෙනෙක්
කිව්වට පස්සේ . නිවේදකයා ඊළගට කියන කෙනාගේ නම කතා කරලා වේදිකාවට එන්න කිව්වා... ඒ
කිව්වේ මගේ නම වාසගමත් එක්කම..
නම කිව්ව වෙලාවේ මම
බැලුවේ කෙලින්ම රැග් කරන සෙට් ඒක ඉන්න පැත්ත.. උන් මගේ දිහා බලාගෙන උඩ පැන පැන
හිනහා වෙනවා ... මට තේරුනා වැඩේ මුන් ටික මගේ නම සාහිත්‍ය සමීතියට දීලා සින්දු කියන
තරගෙට...
මම කෙලින්ම ගියා උන්
ලගට...
“මට බැහැ
සින්දු කියන්න කවුද මගේ නම දැම්මේ...”
“කවුරු
හරි කෙනෙක් විහිළුවට දාන්න ඇති මල්ලි උබට
සින්දු කියන්න බැරිනම් අර ස්ටේජ් එකේ ඉන්න මිස් ට විස්තරේ කියලා ෂේප් එකක් දාගෙන
වරෙන් ..දැන් පලයන් උබේ නම කතාකරනවා...”
මොනවා කරන්නද මමත් ඉතින්
ස්ටේජ් එකට නැග්ගා හිතට දිරිය අරගෙන ..සින්දු කියන්න නෙමේ අර මිස් ලගට ගිහින් ෂේප්
එකක් දාලා ආයෙත් යන්න හිතාගෙන ...
ස්ටේජ් එකට කකුල
තියනකොටම හතර අතෙන් අත්පුඩි ගහන්න ගත්තා
.. ඔකොම ළමයි හිතාගෙන ඉන්නේ මම සින්දු
කියන්න නැග්ගා කියල්ලා... උන් දන්නේ නැහැනේ මට වෙලා තියෙන අකර තැබ්බ..
මම ස්ටේජ් එකට නැගලා
හිමිට ගියා අර මිස් ලගට .. එයා තමයි සාහිත්‍ය සංගමේ භාරව ඉන්න කෙනා...
“ඔව් පුතා
ඇයි “
“අනේ මිස්
මට සින්දු කියන්න බැහැ “
“මොකක්
එහෙනම් මොකටද තරගෙට නම දැම්මේ “
“ මම නම
දැම්මේ නැහැ කවුරු හරි විහිලුවට මගේ නම දාලා තියෙන්නේ .. මම ඉස්කෝලෙට අලුතින් ආවේ
“
“දැන්
කරන්න දෙයක් නැහැ ළමයෝ ස්ටේජ් එකට නැගල ආයෙ බැහැල යන ඒක ඔයාටමයි හොද නැත්තේ.. ඔන්න
ඔහේ ගිහින් මොකක් හරි කියලා යන්න “
“අනේ මිස්
මම සින්දු කියන්න දන්නේ නැහැ “
“ විකාර
කරන්නේ නැතුව යන්න ළමයෝ ..ගිහින් මොකක් හරි කියලා යන්න “
එහෙම කියලා මිස් මාව
ස්ටේජ් ඒක පැත්තට තල්ලු කලේ නැතෑ... මිස් හදන්නෙත් මාවම ලජ්ජා කරන්නද කොහෙද...
කරන්න දෙයක් නැතිම තැන
මම ගිහින් ස්ටේජ් එකේ මැදින් හිටගෙන ඉස්සරහ බැලුවා... හප්පේ ඉන්න ළමයි ගොඩ ..
ඔකොමගේ ඇස් තියෙන්නේ මගේ දිහාට ..
මගේ සරුවාන්ගෙම දහඩියෙන්
තෙත් වෙලා... ඒ මදිවට අතපය වෙව්ලන්නත් පටන් අරගෙන .. සංගීතය සපයන මැන්ඩලින් කාරයා නැතත් ප්‍රස්නයක්
නැහැ මගේ කකුල් දෙක මැන්ඩලින් තාලේටම වෙව්ලනවා ..තබ්ලාව විතරක් තිබුනනං හොදටම
ඇති...
මම විනාඩි කිහිපයක්
ළමයින් දිහා බලාගෙන හිටියා කර කියාගන්න දෙයක් නැතිව .. සමහර විට උන්ට මාව ජෝකර්
කෙනෙක් විදියට පෙනෙන්න ඇති.. ටිකෙන් ටික ළමයින්ගේ සද්දේ වැඩි වෙලා හිමීට හුවක්
දෙකකුත් ආව... සාහිත්‍ය සංගමේ සභහපති ට
දෙතුන් විඩක් නැගිටලා සභාව නිශ්ශබ්ද කරන්නත් සිදු වුනා ...
මම තවමත් ස්ටේජ් එක
මැද්දේ නිශ්ශබ්දව ..ඒ අතරේ අර මිස් නැවතත්
මගේ ලගට ආව ...
“ඉක්මනට
පටන් ගන්න ළමයෝ වෙලාව යනවා ..අර ළමයි ඔයාට හූ කියනවා ලජ්ජා නැද්ද “
“අනේ මිස්
මම සින්දු දන්නේ නැහැනේ “
ඇත්තටම මට ඒ වෙලාවේ
සින්දු මතක තිබුනේ නැහැ .. මතක තිබුනත් පාසලක කියන්න තරම් සුදුසු සින්දු මතකේ
තිබුනෙම නැහැ .. ඒ කාලේ අහන්නෙම ලව් සින්දු බුට් සින්දු විතරනේ .. මොකද අනිත් උන්
වගේ මම සින්දු කියන්න සුදානම වෙලා ආව කෙනෙක් නෙමේනේ මෙතනට ::
“ සින්දු
මතක නැත්නම් රෝස මලේ නටුවේ කටු ..සින්දුව වත් කියන්න ... එහෙම කියලා මිස් යන්න ගියා...
දැන් ඉතින් කරන්න කිසිම
දෙයක් නැහැ ..වෙව්ල වෙව්ල හරි සින්දු කියන්නම වෙනවා... මම මතක් කාලා සින්දුවක්..
මුකුත් මතකෙට එන්නේ නැහැ බයටම..
ටික වෙලාවකින් මට එකක් යන්තම් මතක් උනා ..දවස් දෙක
තුනක් ටීවී එකෙන් ඇහුනු සිංදුවක් සින්දුව ලස්සන නිසාම මුල් පද ටික මට මතක තිබුනා
... සම්පුර්ණ සින්දුවම මතක් කරලා බලන්න තරම් වෙලාවක් තිබුනේ නැහැ.. මම හිතාගත්තා මුල් ටික කියනවා කියාගෙන යනකොට
අනිත් කොටස් මතක් උනොත් හරි නැත්නම් සොරි කියලා..හිතාගෙන මම පටන් ගත්තා... (මේ
වෙනකොට සභාවම කාල ගෝට්ටියක් වෙලා තිබුනේ )
මම ගීතය පටන් ගත්තා...
බිම බලාගෙනම ..
දෙවැනි
බුදුන් ලෙස ලොව මැවුවම් කල..
ලොවට
පිදුම් ලද ලොවට උතුම් ලද ....
අම්මා
..............///
ඒ ටික තාලෙට කියල්ලා
සංගීතය යන අතරේ මම සභාව දිහා බැලුවා .. සභාව කිසිම සද්දයක් නැහැ මීයාට පිම්බා
වගේ.. ඔක්කොම මගේ හිතය අහගෙන ඉන්නවා.. දැන් මගේ බයත් ටිකක් විතර අඩු උනා ..
දෙය්යන්ගේ පිහිටෙන් ඉතිරි පද ටිකත් මතක් උනා ...
දෙසවන සනසා
මා නැලවූ ඔබ
මියුරු
මියැසියේ අරුත කියා දුනි..
ඒ මියැසිය
අද මා ගයනා දින ..
මා සිප
ගන්නට ඔබ මා ලග නැත ...
අම්මා....///
සින්දුවේ අවසාන කොටස මම
කියනකොට .. සභාහවෙන් හීන් හඩින් ගීතයේ තාලයට අත්පොලසන් ගහන්නත් පටන් ගත්තා...
ඇසට
හඩන්නට කදුලැලි දුන් ඔබ..
ලතැවුල්
දරනා ..දිරිය ලබාදුනි ..
ඒ
දහිරියෙන් ලොව ජය ලබනා දින..
මා සිප
ගන්නට ඔබ මා ලග නැත...
අම්මා
....අම්මා...ආ . ආම්මා..
ගීතය ඉවර උනා විතරයි....
මට ඉස්සෙල්ලා ගායනා කරපු කාටවත් නොලැබුණු තරම්.. විශාල අත්පොලසන් නාදයක් ලැබුනා..
මම සභාවේ පිටිපස්සටම ගිහින් වාඩි වෙනතුරුත් අත්පොලසන් නාදය නතර උනේ නැහැ.
මමත් සතුටින්
හිටියේ..සින්දුව හොදින් කිව්වට නෙවෙයි..ඒ පත් වෙලා උන්නු අපහසු තාවයෙන් මිදුනට..
ලොකු හුස්මක් අරගෙන එහෙම
හිත සැහැල්ලු කරගෙන .. ඉතිරි ගයක ගායිකාවන්ගේ ගීතත් අහලා අවසානයේ ජයග්‍රහණය කරපු
තිදෙනාට තෑගී ලාබදෙන මොහොත උදා උනා ... මම නම් හීනෙකින්වත් තෑගි බලාපොරෝත්තු උනේ
නැහැ ....
තෙවැනි ස්ථානය ..අපේ
පන්තියේම කොල්ලෙක් හිමිකරගෙන තිබුනා ,
දෙවැනි ස්ථානය අපිට වඩා ඉහල පන්තියේ ගැහැණු ළමයෙක්ට..
ප්‍රථම ස්ථානය කියන්න ටික වෙලාවක් ගත්තා ගුරුවරු කිහිප
දෙනෙක් ප්‍රථිපල බලලා සාකච්චා කිරීමෙන් අනතුරුව ... ප්‍රථම ස්ථානය හිමිකරගත්
කෙනාගේ නම කිව්වා...
ප්‍රථම ස්ථානය හිමිකරගෙන
තිබුනේ මම... ඔව් මේ මම තමයි :D
ඒ වෙලාවේ ස්ටේජ් එකට
ගොඩවෙන්න නම් මට බයක් ඇතිවුනේ නැහැ...
මට හිමි තාග්‍යය ලබා
දුන්නෙත් අර මිස් ගේ අතින්මයි.. තාග්‍යය දෙන ගමන් .. මිස් මට විතරක් ඇහෙන්න
හිනහවෙලා මෙහෙම කිව්වා...
“ සින්දු
කියන්න බැහැ කිය කියා මෙතන ඇබරිල දැන්
තෑග්ගත් අරගෙන යනවා නේද ...”
එයින් පස්සේ මට ස්ටේජ්
වලට නගින්න තියෙන බයත් ටිකෙන් ටික අඩුවෙලා ගියා... අදටත් ඔය ගීතය ඇහෙන වාරයක් පාසා
මට ඔය සිද්ධිය මතක් වෙනවා... !!!!!
-------------------------------------------------------------------------------------------