18 June 2013

මම අපාගත උනෙමි..!!!



"දඩස්"

ඇදෙන් විසිවෙලා බිමට වැටුනා .. හරියට නිකන් උස්සලා පොලවේ ගැහුවා වගේ.. හනිකට දනී පනී ගාලා නැගිටලා කළුවරේම කැඩිලා විලුබ ආසන්නයේ  රවුම් ගැසී තිබු සරම් කොටෙත් උස්සගෙන ආයෙත් ඇදට නගින්න හැදුවට කෝ ඇද ???? ඇද නෑ,...!!!  ඒ තියා ඇද උඩ දපනේ දාලා උන්නු ගෑනිත් නෑ... ගෑනි නැතත් ඇද හරි තිබුනානම් . හැබැටම මොකක්ද මේ වෙලා තියෙන්නේ ..????

අදුරට ඇස් හුරු වේගෙන එනකොට වට පිටාව සිසාරා බැල්මක් දැමු මම දුටු දෙයින් ගල් ගැසී වෙව්ලා ගියා , බෝර්ඩ් එකක් ,

 එක පැත්තකට අපාය අනෙත් පැත්තට දිව්‍ය ලෝකය මම මැද්දේ .. ඒ කියන්නේ මම මැරිලද ,

ආයෙත් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ මම මැරිලා තමයි.. පපුවේ අමාරුව තියෙද්දීම ඊයෙත් කාලක් ක්‍රියා කිරීමේ වරදින් ඊයේ රාත්‍රියේම මට ස්වීප් එක ඇදී ඇත.. දැන් ඉතින් දුක් වෙලා පලක් නැත යන්න මාර්ග දෙකකුත් ඇති එකේ මම හැරුනා දිව්‍යලෝක මර්ගෙට ..

වැඩි දුරක් යන්න හම්බ උනෙත් නැහැ මෙන්න තියෙනවා පත ගේට්ටුවක්.. ඒ මදිවට ඒකට තඩි ඉබ්බෙකුත් දාල..

ගේට්ටුව ඇරගන්න ෆුල් ට්‍රයි කලත් වැඩේ හරි නොගිය තැන මම ගියා අවසානම විකල්පයට .. බඩගෑවා ගේට්ටුවේ මුදුනටම  මොකෑ මට මේවා නුපුරුදු වැඩ යෑ...  ගේට්ටුවෙන් පනින්න ඔන්න මෙන්න තියෙද්දී .. එක පාරම ඉගිල්ලිගෙන ආවේ නැද්ද තඩි කුරුල්ලෙක් . කුරුල්ලා මගේ ඔලුව වටෙත් රවුම් දෙකක් ගහලා වැහුවා ගේට්ටුව මුදුනේ ...

ඔහ්..! සමාවන්න ඒ කුරුල්ලෙක් නොව දේව දුතයෙක්..

“මොකද මේ ගේට්ටුව මුදුනට නැගගෙන? කියනවා බලන්න නම වාසගමත් එක්ක...

ඊට පස්සේ කුරුල්ලා  දේවදුතයා ඇදලා ගත්තා සාක්කුවෙන් පොඩි පොතක්...

“ඔහේගේ නම මේ පොතේ නැහැ ..යනවා අපායට එහෙ පොතේ ඇති ..”

“අනේ මට අපායට යන්න බැහැ මම මෙහෙ ඉන්නම් ..”

“වද  නොදී යනවා ඕයි යන්න ...

“පටාස් “  

කන හරහා වැදුන පාරෙන් ගේට්ටුවෙන් බිමට හතර ගාතේ දාලා ඇද වැටුන මම නැගිටලා අපාය පැත්තට ඇවිදගෙන ගියා ... නෙද්දකින් මේ දිව්‍යලෝකේ උන්ගේ හැසිරීම අන්තිමයි  නෙවැ..

අපායෙත් ගේට්ටුවක්..!!! ඒත් අපරාදේ කියන්න බැහැ මම ලගට යනකොටම ගේට්ටුව ඉබේම ඇරුනා.. හරියට මම එනවා කියලා දැනගෙන උන්නා වගේ...

ඒත් එක්කම ආවේ නැද්ද පැද්දී පැද්දී යමපල්ලියෝ දෙන්නෙක්..ඔලුව උඩ පොඩි අන් දෙකකුයි වලිගෙකුයි නොතිබුනානම් හොලිවුඩ් නිලියෝ පරාදයි..

එහෙම ආව උන් දෙන්නා එහෙට මෙහෙට ඇබරිලා දත් විලිස්සලා මුකුළු පාලා එහෙම

“ආයුබෝවන් “ කියලා කිවේ නැතෑ මට .අත් දෙකත් වැදලම.

“ආ ආ ..ආයුබෝවන් “ හැබෑටම මෙහෙ පිළිගන්නෙත් ලංකාවේ විදියටමනේ ..

“එන්නකෝ  ඇතුලට තාම එලියෙනේ ඇතුලෙදි දැනගන්න පුළුවන් ඒ ගැන වැඩි දුරට “

අපායේ ආගන්තුක සත්කාර හරි ඉහල බව මට වැටහුනා .. අපායත් එක්ක බලද්දී දිව්‍යලෝකේ කැලේ ...තුක් නොදකින් ...!

තවමත් මගේ අත්දෙක අත නොහැර දෙපසින් අල්ලාගෙන ආව යමපල්ලියෝ දෙන්නා දිග පෝලිමක් කෙළවරටම මාව එක්ක ගිහින් නතර උනා .. ආණ්ඩුවේ කන්තෝරුවකවත් මම දැකලා නැහැ එහෙව් දිග පෝලිමක්.. මම ඔලුව දාලා බැලුවා පෝලිමේ ඉස්සරහා මොකද වෙන්නේ කියලා .. පෝලිමේ එහා අන්තයේ ලස්සන යමපල්ලියෝ දෙන්නෙක් පෝලිමේ එන උන්ගේ විස්තර පොතේ ලියාගෙන පොඩි තුන්ඩු කෑල්ලක් දීලා යමපල්ලන්ට බාර දෙනවා ඒ යමපල්ලෝ නම්  ටිකක් භයානක පාටයි වගේ ... යමපල්ලියෝ නම් ස්වීට් ..

“ මේ පෝලිමේ ගිහින් අන්න අර මිස්ලා ගාව රෙජිස්ටර් වෙලා... එතැනින් දඩුවම් කොලේ අරගෙන ඇතුලට යන්න.

එහෙම කිව්ව යමපල්ලියෝ දෙන්නා ආයෙත් ගියා ගේට්ටුව පැත්තට. මම හිතන්නේ මම වගේ අලුතින් එන අයව ආයුබෝවන් කියලා පිළිගන්න වෙන්න ඇති...

ඇයි මුන් අයුබෝවන්ම කියන්නේ .. එහෙම හිත හිතාම මම ගියා පෝලිමේ මුල්ම හරියට.. ජිවත්ව ඉන්න කාලේදී උනත් මට පෝලිම්වල ඉදලා පුරුද්දක් නැහැ පෝලිම් පනිනවා මිසක.. පෝලිමේ මුල හරියේ හිටියේ ඔක්කොම සුද්දෝ.. උන්ට බයාදු හිනාවක් එහෙම  දාලා මම පැන්නා පෝලිමේ මුල් හරියටම.

“ෂූ ..ෂු ..”

“මල කෙලියයි රෙජිස්ටර් කරන යමපල්ලියක්  සු ..සු .. ගගා මට අතින් කතා කරනවා ..මම පෝලිමෙන් පනිනවා දැකලා වත්ද ..ශික් ලැජ්ජාවේ බැහැ ..

“ඔහේ ලංකාවෙන් නේද “ ඈ අසයි ,

“ඔව් කොහොමද දන්නේ “

“පෝලිම පැන්න හැටියෙන් දැනගත්තා ...”

“අනේ සමාවෙන්න ..”
“නෑ ...නෑ .. ලංකාවේ හින්දා කමක් නෑ.. ලංකාවේ අයට අපි විශේෂත්වයක් දක්වනවනේ .. ලංකාවේ අයට විශේෂ පැකේජ් එකක් තියෙන්නේ . ඔහොම ඉන්නකෝ ටිකක් .

එහෙම කියූ ඈ දුරකථනයෙන් කාටදෝ කථා කලා .. ඒ සමගම ආවේ බොහොම දැකුම්කළු ෆන්කි පෙනුමක් ඇති යමපල්ලෙක් ...

“මෙන්න මෙයාව අපාය වටේ රවුමක් එක්ක ගිහින්  එයා කැමති විදියේ දඩුවමක් තෝරලා දෙන්න ..” යමපල්ලි කිව්වා .

“යමු “

යමපල්ලා මගේ අතකින් අල්ල ගත්තා ...

“අනේ කොහෙද මාව එක්ක යන්නේ , මට දඩුවම් කරන්නද හදන්නේ ..

“හක් ..හක් , ඉස්සෙල්ලම එනවකො යන්න රවුමක් . පස්සේ බැරියැ දඩුවම් ගැන කතා කරගන්න .. අනික අපි ලංකාවේ අයට දඩුවම් නියම කරන්නේ නැහැ තමුන්ට කැමති දඩුවමක් බාර ගත්තැකි..”

“ඇඃ  ඒ මොකද ?

“ඇයි ඕයි..ලංකාවේ ජීවත්වෙනවා කියන්නෙත් මේකාලේ අපා දුක් විදිනවා වගේ නෙමේද ... තමුසෙලා එහෙත් දුක් විදලා , දුක් විදලා මැරිලා මෙහෙට ආවම මෙහෙත් දැඩි දඩුවම් දෙන එක  සදාචාර සම්පන්න නැහැනේ ඒ හින්දා අපේ යමරජතුමා කියලා තියෙන්නේ ලංකාවෙන් එන අයට එයාලා කැමති දඩුවමක් තෝරාගන්න ඉඩ දෙන්න කියලා ..

“ඒකත් ඇත්ත තමයි , අහස උසට බඩුගණන් යනකොට , විදුලි බිල ,වතුර බිල , හාල් පොල් සීනි තේකොළ විතරක්නම් මදෑ ජිවන බර ඇදලා හෙම්බත්වෙලා ගෙදර ඇවිත් කාලක් ගහන්න හදනකොට ඒකෙත් ගනන් හැමදාමත් වැඩි වෙනවා නෙවැ.. ඔව් ඇත්ත තමයි අපි ජිවිතේ ගැට ගහ ගන්න අපාදුක් වින්දා ..”

“ඒකනේ අයිෂේ කියන්නේ.. එහෙම දුක් විදලා මැරිලා එන තමුෂේලාට අපි මෙහෙදී සහනයක් දෙනවා .. අපි දන්නවා ඒහෙ වෙන හැමදේම ..

“ඒ කොහොමද ?’

“හැක් ..හැක්.. දැන් මෙහෙ යමරජ පොස්ට් එකේ ඉන්නේ තමුෂේලාගේ රටේ හිටිය ප්‍රසිද්ධ කෙනෙක් තමයි.. ඒක නිසා අපෙයි ලංකාවෙයි සම්භන්ධතා වැඩියි දැන්.. ලංකාවත් නිකන් ආපයේම කොටසක් වගේ .ඕයි..

“යමරජ ලංකාවේ කෙනෙක් ..අනේ මට එතුමාව බලන්න ඕනේ ..මට පෙන්නනවකෝ ..”

“එහෙම එතුමාව මුණගැහෙන්න බැහැ ඕයි... තමුෂේට බලන්න ඕනෙම නම් ඔන්න ඔය දොර අස්සෙන් බලනවා ...”

දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ මේ අපේ ලංකාවේ හිටි පාලකයෙක් නෙවැ... උන්දැ ජිවත්ව හිටි කාලේ වගේමයි  කිසි වෙනසක් නැහැ තවමත්. කොන්ඩේ කෙස් ගහක්වත් එහා මෙහා නොවෙන්න හාකබෝන්ඩ්  ගාලා පිටිපස්සට ඇදලා පීරලාවගේම තියෙනවා, එදා වගේම අදත් හිනාවෙනකොට කට කන්දෙක ලගටම යනවා.. වෙනසකට තියෙන්නේ ඒ කාලේ ඇදපු ජාතික ඇදුම ගලවලා අපායේ ජාතික ඇදුම ඇදගෙන ඉන්න එක විතරමයි..

මම දොර අස්සෙන් බලාගෙන ඉන්නකොටම යමරජතුමා සරම ගලවලා පැත්තකින් තියලා අමුඩ කෙටිය පිටින් බැස්සා ලොකු බේසමකට ... ඒත් එක්කම කොහේදෝ හිටිය සුරූපී යමපල්ලියෝ රංචුවක් ආව එතැනට කල ගෙඩි ටිකකුත් උකුලේ ගහගෙන...

“ අර මොකටයි  කලගෙඩි .. කලගෙඩි නැටුමක්වත්ද ...

“නෑ..නෑ.. යමරජ තුමා දැන් ස්නානය කරන්නයි සැරසෙන්නේ... ඔය කලගෙඩි අතේ තියාගෙන ඉන්නේ කන්‍යාවෝ.. කල වල තියෙන්නේ කිරී... එතුමා හැමදාම කන්‍යාවන්ට කියලා කිරි වලින් නාව ගන්නවා ඕයි..”

හැබෑම තමයි ! එතුමා එහෙ ඉන්න කාලෙත් කන්‍යාවන්ව ගෙන්නගෙන කිරි වලින් නාගත්තා.. දැන් අපායේ ඇවිත් කිරි නාන්නෙත් ඒ පුරුද්දටම තමයි . හොද වෙලාවට අපායේ තාමත් කන්‍යාවෝ ඉන්නවා . මෙතුමා තාමත් ලංකාවේ හිටිය නම් කිරි නාවගන්න කන්‍යාවෝ කොහෙන් කියලා හොයන්නද. .නොනා .තමයි ඉන්ට වෙන්නේ..

“දැන් මදෑ නාන දිහා බලාගෙන  හිටියා එනවා යන්න ...”

යමපල්ලා මගේ අතින් ඇදගෙන යනකොට කිරි නාන යමරජුගේ කන්‍යාවන්ගේ නාභිය  වෙත රදවා තබාගෙන සිටි මගේ දෑස කෙමෙන් ඈත්වුනා.

ඊගාවට මගේ ඇස් නතර උනේ බෝල්පොයින්ට් පෑන් ගොඩක් මැද්දට වෙලා ඉන්න ටිකක් දැකලා හුරු පුරුදු පෙනුමක් සහිත කෙනෙක් ගාව ..

“කවුද ඒ පෑන් ගොඩක් තියාගෙන ඉන්නේ.. අපායේ ලියන මහත්තයද ?

“හක් ..හක්.!! නෑ.නෑ ඒකත් දඩුවම් ක්‍රමයක් තමයි.. එයත් ලංකාවේ ඉන්ස්පැක්ටර් කෙනෙක්.

එවිටම යමපල්ලෝ දෙන්නෙක් නරයෙක්ව ඇදගෙන ආව පෑන් මහත්තයා ලගට . පෑන් මහත්තයා බෝල්පොයින්ට් පෑන් දෙකක් අරගෙන බැස්සුවා නරයාගේ කන්දෙකට.. නරයා මර ලතෝනි දුන්නා .. පෑන් මහත්තයා මහා හය්යෙන් හිනා උනා .. (මම බයෙන් වෙව්ලුවා )

“මොකෝ කියන්නේ පෑනක් ගහගෙනම යමුද , “ බයේ වෙව්ල වෙව්ල හිටිය මගේ දිහා බලලා යමපල්ලා නිකන් කෝචෝක් එකට වගේ ඇහුවා ..

“නෑ..නෑ.. ඕනේ නැහැ , ඒ පෑන් මහත්තයා ලංකාවේ ඉන්ස්පැක්ටර් වෙලා හිටිය කාලෙත් ඔහොම්මයි .. ගොඩක් මිනිස්සුන්ගේ කන් වලට බෝල්පොයින්ට් පෑන් බැස්සුවා “ මම යමපල්ලව දැනුවත් කලා.

ඊට පස්සේ අපි ගියේ ලොකු ටයර් කදු දෙකක් මැද්දෙන්.. ඒ ටයර්නම් ලංකාවෙන්ම ගෙන්නපුවා කැළණි ටයර් .
“මෙච්චර ටයර් මොකටද ? වාහන වලටද ?

“පිස්සුද ඕයි.. අපි වාහන පාවිච්චි කරන්නේ නැහැ තෙල් ගණන් , ඔය ටයර් නරයන්ට දඩුවම් දෙන්න.ගෙනාපුවා . නරයන්ගේ කරට ටයර් දාලා ගිනිතියනවා.. ඕකත්  අපේ යමරජතුමා හදුන්වා දුන්න දඩුවම් ක්‍රමයක්.

“ඇත්තද ,!.. ඒ කාලේ ලංකාවටත් ඒක හදුන්වා දුන්නේ මේතුමාම තමයි..


යමපල්ලත් එක්ක කතාව දාගෙන ඔහොම එකින් එක තියෙන දඩුවම් ක්‍රම දිහා බල බල යනකොට.. මගේ ඇස් ඊගාවට නතර උනේ ලොකු ස්වීම්ෆුල් එකක් වගේ එකක බැහැලා පින පිනා ෆන් ගන්න යමපල්ලෝ සෙට් එකක් ලගට..

“අර මොකද කරන්නේ ...

“ආග්.. ඒ තමයි ඉස්සර ලෝදිය ගංගාව.. දැන් එකේ තියෙන ලෝදිය ගිනියම් කරන  හීටර් ටික ගලවලා තියෙන්නේ.. යමරජතුමාගේ නියෝගයක් අනුව අපායට ඕනේ කරන හැම දෙයක්ම අපි ගෙන්නන්නේ ලංකාවෙන්නේ ඉතින් කරන්ට් බිල වැඩි කලාට පස්සේ හීටර් ටික ගලවලා දැම්මා.. දැන් මේක අපේ කොල්ලෝ ස්වීම්ෆුල් එකක් විදියට පාවිච්චි කරනවා ...

“එහෙමද ,

“ඔව් ලෝදිය ගංගාව වෙනුවට දැන් අපි අඩු වියදම් දඩුවම් ක්‍රමයක් පාවිච්චි කරනවා , යමුද බලන්න “

“යමු “

මගෙත් එක්ක ආව යමපල්ලා ස්විමින් කරන යමපල්ලන්ට  සැලියුට් එකක් එහෙම දාලා මාවත් ඇදගෙන ගියා අලුත් දඩුවම් ක්‍රමය පෙන්නන්න ..

ටිකක් දුර යනකොට දරාගන්න බැරි දුගදක් ආව බැවින් මම එක අතකින් වහගත්තා නහය.. අනිත් අතෙන් වහ ගත්තා කට වමනේ යයි කියලා ..

“හක්..හක්.. ඇයි ගදද..!! ටිකක් ගද උනාට මේක තමයි අමාරු අඩුම දඩුවම් ක්‍රමේ. එනවකො පෙන්නන්න..

ලොකු අසුචි වලකට බැහැ ගත්ත නරයන්  දෙන්නෙක් පොඩි කතාවකුත් දාගෙන සිගරැට් එකක් බොනවා..

“මොකද කියන්නේ බහිනවද වලට..”

යමපල්ලාගේ ට්‍රයි එක දැන් මාව අසුචි වලට බස්සන්න , ඒත් මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඔය අසුචි වලේ කථව අහලා තියෙනවා.. ඒ කතාවේ හැටියටනම් වලේ ඉන්න ඕනේ ඔලුවෙන් හිටගෙන ඉන්ටර්වල් එකට විතරයි කෙලින් හිටගෙන සිගරට් එකක් ගහන්න චෑන්ස් එකක් හම්බ වෙන්නේ ..

මම අහල බැලුවා යමපල්ලගෙන් .

“මේකෙත් ඉන්න ඕනේ ඔලුවෙන් හිටගෙනද ?

“හක් ..හක්.. තමුසෙත් මෝඩයා වගේ උන්නට යමක් කමක් දන්නවා නේද ? ඔව්..ඔව්.. ඔලුවෙන් හිටගෙන තමයි ඉන්න ඕනේ ඒත් වැඩි අමාරුවක් නැහැ. වැඩිම උනොත් අසුචි නහය කටේ හිරවෙලා හුස්ම ගන්න බැරිවෙලා මැරෙයි .. ඒත් බයවෙන්ට දෙයක් නැහැනේ මැරුනත් තප්පර ගානකින් ආයෙත් අසුචි වලේම උපදිනවා ...

“මොකද කියන්නේ බහිමුද වලට ..?

බලපු අනිත් දඩුවම් එක්ක බලනකොට අසුචි නහය කටේ ගියත් මේක තමයි තියෙන ලේසිම දඩුවම.. මම තීරණයක් ගත්තා. සිගරට් එකකුත් පත්තු කරගෙන සරම ගලවලා පැත්තකට විසි කරලා නිර්වස්තරෙන්ම බැස්සා අසුචි වලට ..

බැහැලා සිගරට් එකෙන් දුම්ගුලි දෙකක් අදින්න ලැබුනේ නැහැ .. වැදුනා බෙල් එක ..

“ට්‍රිර්න්....ට්‍රින්....///

සිගරට් බිබී හිටිය උන් දෙන්න  එක පාරටම පැනලා හිටගත්තා ඔලුවෙන්, මමත් උන් කරපු විදියටම සිගරට් එක පැත්තකට විසි කරලා හිටගත්තා ඔලුවෙන්..

මාව අසුචි වලේ පතුලටම ගියා .. ටිකෙන් ටික අසූචියෙන් නහය කට පිරුනා.. ටිකෙන් ටික හුස්ම හිරවෙගෙන එනවා තේරුනා . දරාගන්න බැරි වේදනාවෙන් මම යටි ගිරියෙන් කෑ ගැහුවා .

“මට ඔලුවෙන් හිටන් ඉන්න බැරියෝ ... බේරගන්න කවුරුත් නැද්දෝ .../////

“ ..චටාස් ....පටාස්"..

“රැ තිස්සේ බීගෙන එනවා මදිවට මෙතන තව බෙරිහන් දෙන්නත් පටන් ගත්තද..!! , ඒ මදිවට සරමත් ගලෝගෙන ඇදඋඩ ඔලුවෙනුත්  හිටගෙන ... අපිට රෑටවත් නිදහසේ නිදාගන්න දෙන්නේ නැද්ද මනුස්සයෝ ...”

“චටාස් ....















13 June 2013

මල කෙලියක් වූ අවුරුදු කෙලිය (16+)


සිංහල අවුරුද්ද ලැබුවා කෑම පිගන් ගෙයින් ගෙට හුවමාරු වෙන අතරේ  හතර වටින් රතිඤඤා පිපිරෙන සද්දෙන් කන්දෙක බීරි කරගෙන “අපිට ඉතින් මොන අවුරුදුද “ කියලා හිතින් කියාගෙන මම එලියට බැස්සේ අනිත් උන් අවුරුදු සමරනවා බලාගෙන ඉන්න බැරි තරමටම  හිතේ හටගත් ඉරිසියාව නිසාමත්ම නොවේ  මගේ ජාතියේම එකෙක් වන ජෝනා ගේ ගෙදරට ගිහින් පොඩි ෆන් එකක් ගන්න හිතාගෙන.

අපි ක්‍රිස්තියානින් බැවින් අවුරුද්ද ඒ හැටියෙන් සැමරුවේ නැහැ නත්තලත් ජනවාරි පළමුදාටත් මුල් තැන දෙන අප සිංහල අවුරුදු චාරිත්‍ර සමරුවේම නැති තරම්  . එහෙත් බෞද්ධයන් එදින කරන දෑ බලා සතුටක් ලැබුවා ඒ හැරෙන්න එදින අපට වැඩි විශේෂ දවසක් නෙමේ.  ඉතිං විශේෂ නෑයි කියල නිකන්ම හිටියැකි යෑ...

මම දුරදීම දැක්කා  ජෝනා  ලට්ට පට්ට ටිකකුත් සෙට් කරගෙන මොකක් හරි ගේමකට ලෑස්ති වෙන පාටක් ,

“හේයි.. චමි , මම අද පට්ට ආතල් එකක් ගන්න හදන්නේ කැමතිනම් මට හෙල්ප් එකක් දියන්..

අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ජෝනා විසින් මටද කොටහක් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින අකුසල කර්මයේ ආනිසංස ලබා ගැනීමට ඇති ලෝබකමෙන් මමත් හා හා පුරා කියලා වැඩේට ඇත ගැහුවා .

“මෙන්න මේකෙන් හොද නම්බරයක් තෝරලා දියන්”

ජෝනා මගේ අතේ තිබ්බේ තඩි ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් , මගේ අනුමානය නිවැරදි . අදත් ලංකාවේ කොයි කොනකහෝ වාසනාවන්තයෙක් අප සමග දෙබස් හුවමාරු කරගෙන මල අතට ගැනීමේ  භාග්‍ය හිමි කරගන්නවා නිසැකයි .

“ අද කාවද ?’

“අද අවුරුදුනේ අපටත් අවුරුදු කියලා විශේෂයක් නැති එකේ මම හදන්නේ අවුරුදු සැමරීම ගැන අද සමීක්ෂණයක් කරන්න ...”

“ඇත්තටම ????

“ඔව් එහෙම තමයි හිතන් ඉන්නේ ..

මම ඩිරෙක්ටරිය අරගෙන පෙරලගෙන යන අතරේ අතරින් පතර හම්බවෙන ලස්සන කාන්තා නාමයන් ලග නෙත් නතර නොවුනමත් නෙමේ එත් මේ වගේ සමීක්ෂණයකට වඩාත් ගැලපෙන්නේ හොද සිංහල ගැමි පෙළපත් නාමයක් සහිත නමක් . මම හිතුවේ එහෙම ඇයි වැරදිද ...?

ධර්මරතන ආරච්චිලාගේ සිරිමසිරි ,

ඒ තමයි අහබුලෙස මම සොයාගත් නාමය , ඒ නාමය අයිති ග්‍රාමය වුනේ මාතර උයන්වත්ත . ගමත් නරකම නැහැ මම හිතන හැටියට අවුරුදු චාරිත්‍ර අකුරටම පිළිපදින්නේ උඩරට උදවියටත් වඩා පහත රට උදවිය . ඉතින් මේ සිරිමසිරි ධර්මේ අය්යා එහෙම නොවෙන්න හැටියක් නැහැනේ .. අනික පළාතත් හොදා මාතර , මේ පළාතේ අයට දිය යටින් ගින්දර ටිකක් වුනත්  සුටුස් ගාලා අරගෙන යන්ට ඇහැකිලු.. එහෙව් දක්ෂයෝ .

මම නොම්බරේ තෝරලා දුන්නා ජෝනා අතට .

සුළු විස්තර ඇසිමකින් පසුව ජෝනා වැඩේ පටන් ගත්තා .

“බීප් .බීප්.......බීප් ..බ්ප්"

“හෙලෝ “

එහා පැත්තෙන් ඇහුනේ සුකුමල සුලලිත කටහඩක් .ඒ සිරිමසිරි උන්නැහේ වෙන්න බැහැ..

“හෙලෝ සිරිමසිරි මහත්තයා ඉන්.....

ජෝනා ඒ වාක්‍ය ඉවර කරන්නත් ඉස්සර එහා පැත්තේ දැරිවි මොර දුන්නා ..

“තාත්ති කෝල් ..ඒ කා....ක් “

මද වේලාවකට පසුව දුරකථනයට කෙනෙක් පිළිතුරු දුන්නා .. බොහොම සැර පරුෂ ප්‍රතාපවත් ගැබුරු කටහඩක්.. ඒ තමයි සිරිමසිරි.

“හෙලෝ ... (ෆෝන් එකේ ඔන් කර ඇති ස්පිකර් පවා දෙදුරුම් කන සබ්දයක් ..

“හෙලෝ සිරිමසිරි මහත්තයද ?’

“ඔව් ඔයා කවුද ?

“අපි ඉර එෆ් .එම් එකෙන් , අද අපි පොඩි සමීක්ෂණයක් කරනවා අවුරුදු චාරිත්‍ර සමහර හැටි ගැන. එතකොට ගත්ත නම්බර් වලින් අහබු ලෙස තෝරගත්ත කෙනෙක් තමයි සිරිමසිරි මහත්තයා. කැමතිද අපිත් එක්ක ටිකක් කතා කරන්න ..

“අපොයි පුළුවනි ඉතින් මොනවද දැන ගන්න ඕනේ මහත්තයාලට ..?

“ සිරිමසිරි මහත්මයා අපි මේ සාකච්චා පටිගත කරනවා . නොනගතය වේලාවට තමයි විකාශනය කරන්නේ එතකොට  පුළුවන් මහත්මයාටත් අහන්න .. එහෙනම් අපි පටන් ගමුද ?

“හොදයි පටන්ගමු ..

ජෝනා නිවේදකයෙකුටත් වඩා හොදින් වැඩසටහන ගැන මුලින්ම හැදින්වීමක් එහෙම කරලා වැඩේ පටන් ගත්තා .

“හොදයි දැන් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා අවුරුදු චාරිත්‍ර ගැන කියන්න මාතර උයන්වත්තෙන් සිරිමසිරි මහත්මය .. ඉතින් සිරිමසිරි මහත්මයා කරන්න බලන්න ඔයාලගේ පැත්තේ චාරිත්‍ර ගැන පොඩි විස්තරයක්.

පොඩි විස්තරයක් නෙමේ එයින් පස්සේ සිරිමසිරි කියාගෙන කියාගෙන ගියේ නැද්ද පතරංග ජාතකයක්ම  අවුරුදු චාරිත්‍ර ගැන , අපිට තිබුනේ හූ මිටි තියන්න විතරමයි (ඒ අටුවා ටීකා අතහැරලා අපි යමු උච්චතම දෙබස් ඛාණ්ඩ කිහිපයට සවන් දෙන්න ..)

“හොදයි අපිට සිරිමසිරි මහත්මයා දීර්ග විස්තරයක් කලා චාරිත්‍ර ගැන , සිරිමසිරි මහත්මයා දැන් කියන්න බලන්න අවුරුදු කෑම මෙසේ ගැන ටිකක් , මත්මයාගේ ගෙදරත් දැන් කෑම මේසය සුදානම්ද ?

“ඔව් මහත්වරුනි. අපේ ගෙදරත් සරු අවුරුදු කෑම මේසයක් සුදානම් මේ වෙලාවේ ..

“මෙසේ තියෙන කෑම ගැනත් ටිකක් කියමුද සිරිමසිරි මහත්මය ..

“ඔව් කියමු , කැවුම් ,කිරිබත් ,අස්මී, මුන්කැවුම් ,අලුවා ,කෙසෙල් කොකිස් ..තව ගොඩක් ජාති තියෙනවා

“හොදයි සිරිමසිරි මහත්මයාලගේ පළාතේ තියෙන අවුරුදු ක්‍රීඩා මොනවාද ?

ඔලිද කෙලිය , පංච දැමීම ,ඔන්චිලි වාරම් ..ඒ හැරෙන්න තව මෙහෙටම ආවේනික ක්‍රීඩා තියෙනවා මහත්තයෝ ..

සිරිමසිරි මහත්තයත් ඒ ක්‍රීඩා කරනවද ?

“අපොයි ඔව් මොකද නැත්තේ ...

“හොදයි මම සිරිමසිරි මහත්තයට වෙනස් විදියක අලුත් ක්‍රීඩාවක් කියදුන්නොත් කැමතිද “

“අපි කැමතියි මොකක්ද මහත්තයෝ ඒ ක්‍රීඩාව “

“මුලින් කියන්නකෝ බලන්න අද මොකක්ද ඔයා ඇදලා ඉන්න ඇදුම කියලා ...

“මම කවදත් සරම තමයි මහත්තයෝ අදින්නේ .. අද ජාතික ඇදුම තමයි ඇදලා ඉන්නේ ..

“ඒක හොදයි .. මේ ක්‍රීඩාවට සරම තමයි ලේසි “

“හක්.. හක් ..එහෙමද ..

දැන් දැන් කථාව යන විදිය ගැන මටත් ගැටළු තිබුනත් අතින් පයින් ඇහුවට ජෝනා නෙමේ මට උත්තර දෙන්නේ ..

“මෙහෙමයි මහත්තයෝ කෑම මෙසේ කෙසෙල් තියෙනවා කිව්වා නේද ?

“ඔව් “

“මොනවද ජාතිය ..

“ඇබුල් කෙහෙලුත් තියෙනවා ආනමලුත් තියෙනවා “

“ඇබුල් හරියන්නේ නැහැ ගන්න බලන්න හොද ආනමාලු ගෙඩියක්..”

“හරි මහත්තයෝ ගත්තා ,

“මම මේ ක්‍රීඩාව කියලා දුන්නට පස්සේ තනියම කරන්නේ නැතුව ගමේ අයටත් කියලා දෙන්න ඕනේ හොදද...

“නැතුව..නැතුව , ඉතින් මොකක්ද දැන් කරන්න ඕනේ ..

“ඔන්න ඔය ගෙඩිය අරගෙන ගහ ගන්න ..#@$%කේ

“ඈ ග් ..මොකක්..මොකක්ද ?

“මම හිතන්නේ සිරිමසිරි මහත්තයට හරියට ඇහුනේ නැහැ වගේ ..”

“ඔව් හරියට තේරුනේ නැහැ ..මොකක්ද කිවේ ..(ටිකක් සැරෙන් වගේ )

‘මේකයි මහත්තයෝ ඔය කෙසෙල් ගෙඩිය ලෙලි ඇරලා .....සරම උස්සලා ... ගහ ගන්න   #@$%p කේ .....,,, ඒක තමයි ක්‍රීඩාව හොදේ ...

ජෝනා බොහොම සැහැල්ලුවෙන් පැහැදිලිව ඇදලා ..පැදලා කිවේ ඒ ගමනනම්..

“මොකක් ... ඒක ගහ ගනින් තොගේ අප්@#%67 **&&*p කේ ....@##$$ etc….

 (එතනින් එහාට සිරිමසිරි කියූ භාෂාව ටයිප් කිරීමට කී බෝඩය එබීමට මගේ අතැගිලි එසවෙන්නේ නැත ... ඔහුගේ  නොනවතින  වාග් මාලාවට  බාදාවක් නොවන පරිදි  අප ඔහුට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!  යැයි උස් හඩින් පවසා  දුර කථනය විසන්දි කර දැමුවෙමු ....






10 June 2013

පෝය දින මාළු බෑමේ කලාව



 ජනකාන්ත අය්යා  යනු අපේ ගමට සම්පතකි , ඒ මක්නිසාදයත්  එවැනි තියුණු බුද්ධිමතෙක් අහල ගම් හතකවත් මා දැක නැත ..

ඔහුගේ බුද්ධිමත් බාවය මා වර්ණනා කරන්නේ නිකමට නොව බොහෝ හේතු කාරනා පෙරදැරි කරගෙන . ජනකාන්ත අය්යාගේ බුද්ධි මට්ටමේ දිග පළල කොතෙක්දැයි සාමාන්‍ය බුද්ධි මට්ටමක් සහිත අපට තේරුම් ගැනීමට අසීරුය , ඔබටද අසීරුය මා ජනකාන්ත අය්යා ගේ කතාන්දර දිගින් දිගටම ලිවහොත් ඔබ මා ඉහත පැවසූ කරුන හා එකග වෙනවා නොඅනුමානය,

ඔහුගේ බුද්ධිමත් භාවයට සමකල හැක්කෙක් මිහිපිට සිටියානම් ඒ මහදැනමුත්තාම පමණි . ජනකාන්ත අය්යා යනු මහදැන මුත්තාගේ පුනර්භාවයක්ම දැයි විටෙක මට සිතේ .


ජනකාන්ත අය්යා  විවිද හැකියාවන් සහිත වගේම විවිද විනෝදාංශ වලටද දැඩි ඇල්මක් දැක්වූ අයෙකි . ඒ අතරින් මාළු බෑම ද  ඔහුගේ එක විනෝදාංශයකි .

ඔහු එයට කොයිතරම් ප්‍රියද කිවහොත් රැයක් දවාලක් නැතිව අව්වක් වැස්සක් නැතිව හිතෙන ඕනෑම වෙලාවක බිලිපිත්ත කිහිලි ගහගෙන උදලු කෙටියත් අතින් අරගෙන ඇලක් ,දොලක්,වේලක් ,වලක් සොයාගෙන ගොස් කණ්ඩියක් උඩ ඇන තියාන බිලිපිත්ත මානගෙන සිටීම ඔහුගේ ජීවිතයේම එක් කොටසකි .

බොහෝවිට මාළු බෑමෙන් පසු ජනකාන්ත අය්යා ගෙදර යන්නේද උදේ ආ හැටියටමය ඒ බිලිපිත්ත කිහිලි ගහගෙන උදලු කෙටිය අතින් අරගෙනය.  අල්ලපු මාලුවෙක් නම් පෙනෙන්ට නැත ,

“කෝ ජනකාන්ත අද මාළු අහුවුනේ නැතෙයි . , යනුවෙන් කිසිවෙකු ඔහුගෙන් ඇසුවහොත් ඔහු හැමදාමත් දෙන්නේ එකම පිලිතුරය,

“අදනම් අහුවුනේ නෑග්, ඒකටත් එක්ක මම ඊයේ ඇල්ලුවනේ බරටම බාගවිට දැන් ඇලේ මාළු ඉවරත් ඇති මයේ හිතේ ,

ජනකාන්ත අය්යා ඊයේ යැයි කියන අතීත කාලය කවදාවත් තිබු එකක් නොව , ඔහු ඇල්ලු මාලුවෙක් නැත . මාළුන් අසුවන්නේ පව් කාරයන්ටැයි මම අසා ඇත එසේනම් ජනකාන්ත අය්යා පිං කාරයෙකි .
ගිනි කාෂ්ටකෙට පායන කාලේ ඇල දොල වෙල වල හිදිලා ගියත් ජනකාන්ත අය්යා නෙමේ බිලිබෑමේ පුරුද්ද ටිකකටවත් නතර කලේ , එහෙව්  කාලෙට උන්දැ බස් එකේ නැගලා මුහුදු වෙරලාට යන එක තමයි කරන්නේ.

එහෙම යන දවස් වලට උදේ ඉදන් ගිනි අව්වේ ගලක් උඩ ඉදගෙන ඉදලා ඉස්සෝ කිලෝ එකක් විතර ඇමට ගහලා අවසානයේ හාල් මැස්සෙක්වත් අල්ල ගන්ට බැරුව ගෙදර ගාටන ජනකාන්ත අය්යාව අපි ඇති පදං දැකලා තියෙනවා. මිනිහා බිලි බෑම කලේ විනොදෙට මිසක එයින් වෙනත් පල ප්‍රයෝජනයක් බලාපොරොත්තුව නෙවේ ඒකත් එක්තරා ආසාවක් .

වෙසක් මහා පොහොය දින යනු බෞද්ධ ජනතාවගේ උතුන්ම දිනයයි වෙනත් ජාති ආගම් භේදයක් නැතුව සියලුම ජනයා එදින තෙමගුල සිහිකරති , දාන මාන දෙති , පිංකම් වැඩියෙන්ම සිදුවෙන දිනය මා දැක ඇති සැටියට මෙදාය.. එහෙව් දිනකදී වත් පුරුද්ද දිනකට අතහැරීමට ජනකාන්ත අය්යා සුදානම් නැත . ජම්මෙට වඩා පුරුද්ද ලොකු යැයි කතාවක් ගොතා ඇත්තේ නිකමට නොවේ .

වෙසක් පොහෝ දින උදැසන පන්සල් යන පාරේ උදලු කොටයක් සහ බිලිපිත්තක් රැගෙන යන ජනකාන්ත අය්යා දකින  සැදැහැවතුන්ගෙ නෙත් උඩ ඉන්දවිම අරුමයක් නොවේ.

එහෙව් පොහෝ දිනෙක අහම්බෙන් මුණගැසුණු ජනකාන්ත අය්යා සහ මා අතර ඇතිවූ දෙබසකි මේ ,

දිනක් මා දොළපාර අසලින් ගමන් කරන විට කිසියම් සබ්දයක් සහ ජායාවක් දැක තිගැස්සුනේ දොලපාර අයිනේ පාලු මණ්ඩිය හොල්මන් අවතාර  වලට යම් තරමකින් ප්‍රසිද්දියක් ඉසිලු ස්ථානයක් වීම  නිසාය එහෙත් ඒ අවතාරයක් නොව ජනකාන්ත අය්යාය.

දොලපාරේ පස් පිඩැල්ලක වාඩිවී බිලිපිත්ත සාමාන්තරව දොලපාරට දික්කරගෙන නිසොල්මන්ව සිටින ජනකාන්ත අය්යා අසලා අඩක් කෑ පාන් ගෙඩියකි. සමහර විට ඔහු මාළුන්ට පාන් කෑමට දුන්නා විය හැක එසේත් නැත්නම් එය කා ඇත්තේද  ජනකාන්ත අය්යාමය .

“අඃ ..ජනකාන්ත අය්යා පෝයට මාළු බානවා වගේ ...

“ඔව් බං... අද පෝය හින්දනේ මේ එක මාළුවෙක්වත් බාගන්ට බැරිවුනේ ..

“ඒ මොකෝ ..
“ඒ මොකෝ කියන්නේ ... කොහොමද බං පෝය දවසක මම එහෙම පව් අතේ වැඩක් කොරන්නේ ..

“ආ ..ඒ කියන්නේ ජනකාන්ත අය්යා මේ මාළු බානවා නෙවේ නිකන් පුරුද්දට බිලිපිත්ත වතුරට දාගෙන ඉන්නවා, එහෙම නේද  මට දැනුයි තේරුනේ ..

“නෑ බොල මේ බලපන් ,

ජනකාන්ත අය්යා වතුරේ දමාගෙන සිටි බිලිපිත්ත එසවුයේය එහි අග තංගුස් නූලේ කෙලවර බිලි කොක්කට අමුණා ඇත්තේ පාන් කැබැල්ලකි.

“මම අද බිලිකොක්කට ඇමුනුවේ පාන් , මේකේ මාළු හුරුවෙලා ඉන්නේ පණුවන්ට , වෙනදට මම මාළු අල්ලන්නේ පනුවෝ අමුණලා එතකොට අහුවෙනවා අද මම ඇමුනුවේ පාන් ,.. ඒකයි මේ .. පාන් වලට මාළු අහුවෙනවා හොරයි ..

“ඉතින් ඇයි පණුවෙක් ඇමිනුවේ නැත්තේ ,

මේ ප්‍රෙහෙලිකාව නෙතෙරුන කමටමයි මම එහෙම ඇහුවේ ..

“ඇයි යකෝ ..උබට තේරෙන්නේ නැද්ද , අද වගේ පෝය දවසක මම කොහොමද බොල පණුවෙක් බිලිකොක්කේ අමුණන්නේ ... පව් නැද්ද , හා ..?

එතැනින් එහාට මා ජනකාන්ත අය්යා සමග වාදයට ගියේ නැත, පණුවා ගැන ජනකාන්ත අය්යාට පහලවූ කරුණාව මාළුවා ගැන  පහල නොවුනේ මන්දැයි මා ඔහුගෙන් නොවිමසුවේ කිතුලට නැග්ග එකාටත් දීමට උත්තරයක් තිබුනානම් මේ ගැටළුවට ජනකාන්ත අය්යා ලග උත්තර දාහක් ඇති බැවිනි

05 June 2013

මම නපුංසකයෙක් සර්. (16+)




අපේ සහෘද බ්ලොග් කරු ඩුඩ් නොහොත් හෙන්රි ලියන මගේ ඩෙනිම  බ්ලොගයේ  පසුගිය දිනෙක පලවූ 
" BEAT THE BOMB "  සිංහලානුවාදය කියවන විට මතක්වු පාසල් කාලයේ අප අතර ජනප්‍රියවූ  දුරකථන ඇමතුම් විහිළු අතරින් එකක් මෙසේ ලිවීමට සිත්වූ  වගයි .

මේ සිදුවීම වෙන කාලේ දැන් වගේ අතින් අතට ජංගම දුරකථන තිබුනේ නැහැ බොහොමයක් උදවිය පාවිච්චි කලේ ස්ථාවර දුරකථනය  CLI  කියන්නේ මොකක්ද කියලවත් හරි හැටි නොදැන හිටපු කාලේ . ඒ කියන්නේ අපේ පාසල් කාලේ .

මෙන්න මේ කාලේ අපේ පංතියේ යාළුවෙක්ගේ නිවසේ හවස් වරුවේ නිතර නිතර ඒකරාශි වෙන පුරුද්දක් අපට තිබුනා ඒ වැඩි දේකට නෙමේ බොහෝවිට හෝරාවක් හමාරක් කයියක් ගහගෙන ඉදලා විසිරයාමක් පමනයි. එයිට වැඩි දෙයක් ඒ හමුවීම් තුල තිබුනේ නැහැ .. ඒත් කාලයක් යනකොට අපගේ සුපුරුදු හමුවීම  එයිට වඩා විනෝදවත් කිරීමට දෙයක් ඒ නිවස තුලට පැමිනුනා ඒ තමයි .

මිතුරාගේ නිවසට අලුතින් ස්ථාවර දුරකථනයක් පැමිණීම .

මිතුරාගේ දෙමාපියන් හිටියේ විදේශ ගතව , ඔහුගේ තනියට සිටියේ මිත්තනිය පමනයි එහෙව් පරිසරයක් තුල කොළු ගැටව් ටිකකට රිසිසේ ඒ නිවසේ විනෝද වීමට කාගෙන් බාදවක්ද , ඒ නිදහස අප උපරිමෙන්ම බුක්ති වින්දා

ඉස්සර නිකන් නිස්කාරනේ කයියක් ගහලා පිටවෙලා යමින් තිබු අප පස්සෙන් පහු  දුරකථනය මාර්ගයෙන් දන්න අදුනන කෙනෙක්ගේ අංකයක් කරකවලා හඩ වෙනස් කරලා එහා අන්තයෙන් පිළිතුරු දෙන්නව බයිට් එකට අරගෙන පජාතකරලා මංඥන් කරලා මොංගල් සතුටක් ලබන තත්වෙට පත්වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.

ඒ කාලයේ අපේ ඒ දුරකථනයෙන් බයිට්වු දුරකථන හිමියෝ අනන්තයි අප්‍රමානයි .. මේ ඒ අතරින් එක් කථාවක්.

වේලාව රාත්‍රී දහයට ආසන්නයි , දුරකතනයක් වටා එක්වූ කොලුගැටව් පිරිසක්  මේ සැරසෙන්නේ තවත් එක් වීර කමක්යැයි සිතාගනිමින් සැමදාම කරන්නාවූ මෝඩ ක්‍රියාවේ තවත් එක් ආරම්භයකට මුල පිරිමටයි 


අද වෙනදට වැඩිය විශේෂ මෙහෙයුමක් තමයි යෙදිලා තිබුනේ ඒ කියන්නේ අද අපේ එකෙක් අපේ පාසලේ ඉන්න එපාම කරපු එකාගේ ටෙලිෆෝන් නොම්බරය හොයාගෙන ඇවිත් තිබුනා .. ඒ අවාසනාවන්ත චරිතේ වෙන කවුරුත් නෙමේ අපේ පාසලේ ගණිත ගුරුවරයා ඇලෙක්සැන්ඩර් ,

ඇලෙක්සැන්ඩර් සරුත් අපිත් අතර තිබුනේ පුදුමාකාර ගැටුමක් ඒක කවදා  කොහොම ඇතිවුනාද කියලා නිච්චියක් නැතිවුනත් ඇලෙක්සැන්ඩර් සරුත් අපේ පංතියේ කොල්ලොත් කියන්නේ ඉතිං නයයි පොලගයි වගේම තමයි. අපිට පුළුවන් තැනදී අපි ඇලෙක්සැන්ඩර් සර්ට  අංචියක් අදිනවා වගේම ඒක මාට්ටු වුන වහාම ඇලෙක්සැන්ඩර් සර් ගෙන් අපිට ලැබෙන ප්‍රතිපහාර ගැනත් ඉතින් කියලා වැඩක් නැහැ ඒ තරම්ම නින්දිතයි ,කුජීතයි .

ඇලෙක්සැන්ඩර් සර් වෛර කලේ අපිට පමනක්ම නොවේ ඒ උදහසට ලක්වුනු තවත් කොල්ලෝ හිටියා වගේම  ඇලෙක්සැන්ඩර් සර් ගේ අසීමිත ආදරයට ලක්වුනු කොල්ලන් පිරිසකුත් සිටියා ඒක වෙනමම කථාවක්. කෙටියෙන් කිව්වොත් සමහර කොල්ලන්ට විශේෂ කැමැත්තක් වගේ එකක් දැක්වුවා(ලු) .

ඒ කොහොම වෙතත් ඇලෙක්සැන්ඩර් සර්ට අමතක නොවන බයිට් පාරක් දෙන්න තමයි අපි මේ සැරසෙන්නේ.

මේ බයිට් කිරීමේ ක්‍රියාවන්හි මුලිකත්වය ගන්න කිහිප දෙනෙක්ම අපි අතරේ ඉන්නවා , එත් ජෝනා තමයි වැඩකාරයා මිනිහට ෆෝන් එකෙන් ඔනෑම එකෙක්ව බයිට් එකට අහුකරගන්නවා කියන්නේ හරිම සිම්පල් වැඩක් බයිට් වෙන ඒකාට විහිළුවටවත් හිතෙන්නේ නැහැ ඌ බයිට් වෙනවා කියලා ඒ තරමටම ජෝනාගේ කථාව තාත්විකයි වැදගත් , අවස්තානුකුලව මාතෘකාව වෙනස් කරලා ඕනෑම් දේකට පැටලිල්ලක් නැතිව උත්තර දෙන්න තරම් ඌ දක්ෂයි , ඕන උනොත් කට හඩ වෙනස් කරලා ගෑනු කෙනෙක්ගේ ස්වරේ ගන්න උනත් පොර දක්ෂයි ,
 ඔය හැකියාවන් ඇති මම ඇතුළු තව උන් හිටියත් වැඩේ උච්චතම අවස්ථාවන්හි බකස් ගාලා හිනහා ගිහින් අපි බොහෝවිට වැඩේ අනාගත්තා.. ඒත් ජෝනාට ඒ අඩුපාඩු නැහැ ඒ නිසා අද වැඩේට බැස්සේ ජෝනා ...

ක්‍රින්..ක්‍රින්....ක්‍රින්..!!!!

ඇලෙක්සැන්ඩර් සර් ගේ නොම්බරේ ඔබලා ස්පිකර් ඔන් කරගෙන අපි වටවෙලා අහගෙන ඉන්නේ උන්දැ දුරකථනෙට උත්තර දෙනකන්...

“හෙලෝව්ව්ව්.....”

එහා පැත්තෙන් සර්ගේ ගාම්බිර කට හඩ ඇහෙන කොටම අපේ උන් අතින් කට තද කරගෙන හිනාව වලක්වා ගන්න අසීරු උත්සාහයක යෙදෙන අතරේ ජෝනා අභිතව වැඩේට  මුලපිරුවා..

“හෙලෝ සර් ...

“ඔව් කියන්ට  කවුද මේ කතාකරන්නේ “

“සර් මම ගිය අවුරුද්දේ ඕලෙවල් ගණන් ෆේල් වෙච්ච ළමයෙක් ..

“ඉතිං මොකක්ද දැන් වෙන්ට ඕනේ මගෙන් ...

“මට සර්ගෙන් ගණිත පාඩම් ටිකක් අහගන්න ඕනේ ..

“එහෙනම් ඔය ළමයාට පුළුවන්නේ  අපේ ගෙදර ගණිත පන්තියට එන්ට ලබන සතියේ ඉදලා ..

“කීයටද සර් ..

“හවස හතරට පමන..

“අපෝ ඒ වෙලාවට බැහැ සර්  මට ටිකක් රෑ වෙලා තමයි සර්ගෙන් කරගන්න ඕනේ ..

“ඇඃ... ඒ මොකද ?

“රෑට හොදයි සර් මම කැමති රෑට ,   (දැන් ජෝනාගේ කට හඩ ටිකෙන් ටික නොතෙරේන්නම ස්ත්‍රී ලිංග වෙලා ..)

“හ්ම්ම් ඒකත් එහෙමද හොදයි බලමුකෝ එහෙනම් නයිට් ක්ලාස් එකක් දාගන්න ..

“හැබැයි සර් ඔන්න අපි දෙන්නා විතරයි පංතියේ ඉන්න ඕනේ වෙන ළමයි ඉන්න බැහැ හොදේ ...

“මේක මාර වැඩක්නේ ඇයි ළමයෝ ඔහෙට බෝවෙන ලෙඩක්වත් තියෙනවද ?  

(ඒ ගමන නම් පොරට මල පැනලා වගේ , අපේ උන් බඩ අල්ලගෙන හිනා වෙනවා .. ජෝනා දිගටම ගෑනු හඩින් සංවාදේ ගෙනියනවා)

“නෑ සර් මම නපුංසකයෙක් ------------ *(මෙතැනදී ජෝනා පවිච්චිකලේ නපුංසක යන අදහස ඇති සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වන වචනය බව සලකන්න )

“අඃ..ඈග්,

“ඒකයි සර් මම රෑවෙලා තනියම පංතිය කරමුයි කිව්වේ ...

අපි බලාපොරොත්තු වුනේ සර්ගෙන් සුද්ද සිංහල වචන කිහිපයක් සහ දඩස් හඩින් දුරකථනය විසන්දි වීමක් එහෙත් තවම සර්ගෙන් කිසිම ශබ්දයක් නැත ,

“සර්ට තෙරේනවනේ  අනිත් කොල්ලො ඉන්න පංතියකට මම ආවොත් මට උන්ගෙන් බේරිල්ලක් නැහැ ... ඒකයි මම කිව්වේ ,

තවමත් සර්ගෙන් කිසිදු ශබ්දයක් නැත ,

“සර් ..සර් ..කතා කරන්නකෝ සර්ට ඇහෙන්නේ නැද්ද ,

“ඔය ළමයා අර ඉස්සෙල්ලා කීව කථාව ඇත්තක්ද ?

“මොකක්ද සර් ..?

“නපුංසකයැයි කිවේ ..

“ඔව් සර් ..

(මද නිහැඩියාවකට පසු )

“එහෙනම් කොල්ලෝ දැන් බැරිද අපේ ගෙදරට ටිකකට ඇවිත් යන්ට ,

“ඒ මොකටද සර් ,

“අද අපේ ගෑනියි ළමයයි දෙන්නම ගෙදර නැහැ ...කොල්ලෝ ,

වෙනදට ජෝනාගෙන් බයිට් වෙලා අවසානයේ සුද්ද සිංහල වාග් මාලාවකුත් එක්ක දුරකථනය “දඩස් “ ගාලා තියන එහා පැත්තේ හඩ වෙනුවට අද අපිට ඇහුනේ මෙහා පැත්තෙන් රිසිවරය දඩස් ගාලා තියලා සංවාදය විසන්දි කරපු ජෝනාගේ හඩ.. එදා ඉදලා “අද අපේ ගෑනියි ළමයයි ගෙදර නැහැ කොල්ලෝ” කියන වාක්‍ය ජෝනාටම රෙජිස්ටර් කලා..



 මෙන්න තවත් දුරකථන කතාවක්





You might also like:

Related Posts Plugin for WordPress, Blogger...