කාලෙකට පස්සේ
අතීත කතාවක් ලියලා දාන්න හිතුවා .. සිදුවීම වෙලා වසර ගණනාවක් උනත් තාමත්
මතක් වෙද්දී හිනහා යන සිදුවීමක් නිසා ඔන්න
ඔහේ ලියලා දානවා ..
මේකටත් සම්භන්ද පොලිස් උන්දෑ කෙනෙක් . මේ කාලේ වෙනකොට ලංකාවේ පාරේ මීටර් සීයෙන් සියට
වගේ ග්‍රාම ආරක්ෂකයෝ තුවක්කු තියාගෙන හිටියා ඒ තරමටම ලංකාවේ ආරක්ෂක ප්‍රශ්න
තිබුනනේ දැන්නම් ගොඩ දෙනෙක්ට ඒවා අමතකයි .. මෙන්න එහෙනම් කතාව ,
මීගමුවට ලග ගමක හිටි මිතුරෙකුගේ ආරාධනයෙන් මට එහි
යෑමට සිදුවිය බොහෝ වෙලාවක් සතුටු සමිච්චියේ යෙදීමෙන් පසුව ඔහුත් සමග ලගම ඇති වෙළද සංකීර්ණය වෙත යෑමට සිදු විය ..
ඒ සදහා ප්‍රධාන
පාරට අවතීර්ණවී මීටර දෙසීයක් යෑමට ලැබුනේ නැත .
පාර හරහා පැන්න ග්‍රාම ආරක්ෂකයෙක්
අප නතර කළේය .
ඒ සදහා ඔහු නැවැත්වීම් පුවරුවක් හෝ හස්ත සංඥවක් බාවිතා කලේ නැත ඒ සදහා බාවිතා කලේ කටය .. “ එයි
නවත්තනවා ..නවත්වනවා ..” යැයි මහා හඩින් ඔහු මොරදෙන විට මා මිතුරා එකවරම තිරිංග පාගා මෝටර් බයිසිකලය
නැවැත්වීමට තරම් හපනෙක් විය...
ග්‍රාම ආරක්ෂකයා ජයග්‍රාහී ලීලාවෙන් අපදෙස බලා
සිටි .
ග්‍රාම ආරක්ෂකයෙක්ට මෙලෙස අප නතර කිරීමට උවමනාවක්
නැත.. සමහර විට ඔහුට අප ත්‍රස්තයන් ලෙස පෙනුනා විය හැක ..එහෙමත් නැතිනම් අපේ
සුන්දර අහිංසක මුහුණු වලින් ඔහු සැක සහිත මැරයෙක් දුටුවා විය හැක ඒ වැනි දාහක් ප්‍රශ්න
සිත තුල තෙරපෙද්දී මිතුරා සමග මා හැදුනුම්පත් ද රැගෙන ඔහු සිටි
දෙසට ගාටන්නට විය ..
දුටුවේ එවිටය .. ග්‍රාම ආරක්ෂකයා ගෝලයෙකු පමණි
ලොක්කා පැත්තක සිටි .. ඔහු ග්‍රාමආරක්ෂක ලොක්කෙකු නොව පොලිස් නිළදාරියෙකි..
(කොස්තාපල් වරයෙක්
ඔහු දුටු විටම මට සිහිවුයේ කලක් සිංහල සිනමාවේ
පෙරළිකාර රංගනයක් කල ජනප්‍රිය නළුවෙකි.. මොහු සියයට සියයක් ඔහුට සාමන නොවුවත්
සියයට අසුවක්වත් ඒ පෙනුමට සමානය . ඒම නළුවාද බොහෝවිට රගපෑවේ පොලිස් චරිතය.. ඔහු
අන් කවරෙකුවත් නොව ප්‍රේඩි සිල්වාගේ පුත්‍ර රත්නයවූ නළුවය.. මෙම පොලිස්
නිලදාරියාගේ පෙනුම එයිට සමානය ..
අප ඔහු ඉදිරියට ගොස් හැදුනුම් පත් දිගු කළෙමු ..
“මේ මොනවාද ....
“ජාතික හැදුනුම්පත රාළහාමි...
“මේවා වැඩක් නැහැ ඔහෙලා දන්නවද කරලා තියෙන වරදේ
බරපතල කම ... “ ඔහු බැරෑරුම් මුහුනක්
මවාගෙන ඇත ..
මා දැනුවත්වනම් වරදක් නැත. ලගදි මේ අවට බෝම්බයක්
අටවා රාජ්‍ය නිලධාරින් ඝාතනය කිරීමට සැලසුම් කල සිදුවීමක් රූපවාහිනියෙන් දුටුවා
මතකය ... මොහු එයට අප සැක කරනවා වත්ද ..
“පෙර වැරදිනම් මුකුත් නැහැ රාළහාමි ...
“ගිහින් බලනවා බයිසිකලේ පිටිපස්සේ මොනවාද නැත්තේ
කියලා ....
මා ගොස් මිතුරාගේ මෝටර් බයිසිකලයේ පිටුපස පරික්ෂා කලෙමි .. පිටුපස ලයිට් සියල්ලමත් ඇත ..
ටයරයද ඔබා බැලීමි හුලන්ද ඇත...
“ඔක්කොම තියෙනවා රාළහාමි මුකුත් අඩු නැහැ ...
“කෝ ඔයි එතකොට මේකේ නම්බර් ප්ලේට් ....
හත් දෙය්යනේ මේකේ නම්බර් ප්ලේට් නැහැ නේන්නම් ..
මා මිතුරා දෙස බැලුවෙමි . ඔහු බයාදු ලෙස සිනහසෙයි ..
“කෝ යකෝ උබේ බයිසිකලේ නම්බර් ප්ලේට් “ මම
මිතුරාගෙන් සංවරව ඇසුවෙමි..
“මේක අය්යා ගත්තේ ගිය සුමානේ යකෝ .තාම රෙජිස්ටර්
කරලා නැහැ “
බයිසිකලය රෙජිස්ටර් කර නැත , අදායම් බලපත්‍ර නැත,
ඉන්ෂුවරන්ස් නැත .. නොදැන උවත් අප කර ඇති වරද සුළු පටු නොවේ ..
දැන් අප නිතිය ඉදිරියේ වරද කරුවෝය .. නීති ගරුක
නිලදාරිය මහා පවුරක් සේ අප ඉදිරියේ බලාසිටි එයින් පැනයා නොහැක . එහෙත් අප උත්සහ කල
යුතුය .
“දැන් මොකක්ද රාළහාමි මේකට කරන්නේ “
“මේවට දඩ කොළ නැහැ කෙලින්ම උසාවි බයිසිකලේ
දෙන්නෙත් එයිට පස්සේ “
“එහෙම කරන්න එපා රාළහාමි ... මා කීවෙමි
“එහෙනම් කොහොමද කරන්න ඕනේ ...
“අපි රාළහාමිට මොනවා හරි කරන්නම් රාළහාමි ... මා
මිතුරා රාළහාමිට ලංවී ඇසුවේය...
“මොකක් කිව්වා ..මට කරන්න . උබලා දෙන්නා මට මොකක් කරන්නද @#**#@%.... ඈ
රාළහාමිට නැග ඇත .. සමාවන්න යකා නැග ඇත .. එහෙමත්
නැත්නම් මල පැන ඇත ... සමහර විට මිතුරා පැවසූ වදන් ඔහු වැරදියට තේරුම් ගන්නට ඇත ..
මේ කාලයේ සෑම තැනම සබ්ජෙට් කාරයෝ ඉන්නා බැවින් ඔහුගේ බියවීම සාධාරණය ..
“නැහැ රාළහාමි අපි කිව්වේ එහෙම දෙයක් ගැන නෙමේ ..
මා මිතුරා හස්ත මුද්‍රාවෙන් මහපොට ඇගිල්ල සහ දබරැගිල්ල එකට අතුල්ලා පෙන්වයි . ඔහු
එලෙස සංඥ කර කියා සිටින්නේ පගාවක් දිය හැකි බවයි .. එම සංඥ භාෂාව අපට වඩා හොදින්
පොලිස් නිළදාරින් දනී ..
“ආන්න එහෙම තේරෙන භාෂාවෙන් කියනවලකෝ ..අරවා මේවා
කරන්නම් කියන්නේ නැතුව වැදගත් විදියට ... ”
මද සිනාවක් පෑ නිලදාරියා ග්‍රාම ආරක්ෂකයා සමග මදක්
එපිටට ගොස් සාකච්චා කර නැවත හැරුණි .. දැන් පෙර සේ වස පාටක් නැත මුහුණේ ඇත්තේ සුකුමාල සුන්දර
සිනහවකි .
“ මේවා උසාවි ලැගල කරගන්න ගියොත් හත් අට දාහකට
වැඩිය යන වැඩක්.. මොකද කරන්නේ දැන් මෙතන අපි දෙන්නෙක්ම ඉන්නවනේ .. ඕගොල්ලෝ
දෙන්නෙකුත් ඉන්නවා ඒ ගානට වඩා ටිකක්
අඩුවෙන් බලමු .. එහෙම හොදා නේද “
නිලදාරියා සහ ග්‍රාමයා බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය
ගැනීමටය ..
“අනික උසාවි ගානේ රස්තියාදු නොවෙන එකත් ඔයාලට අපි
කරන ලොකු උදව්වක්නේ “..ඒ ග්‍රාම ආරක්ෂකයාය
එන පොට හොද නැත නිලධාරීන් දෙදෙනා හදන්නේ අප
දෙදෙනාගේ රදනක පුරස්චාර්වක දන්ත ධාතුන් මුලින්ම අල්ලා ගැලවීමටය .. එයට ඉඩ දිය
නොහැක මම අන්තිම තුරුම්පුව ගැසුවෙමි..
“රාළහාමි අදුනනවද හලාවත පොලිසියේ ඉන්න රණසිංහ මහත්තයාව ..
“ම්ම්ම් ඔය කියන්නේ ප්‍රියන්ත රණසිංහ මහත්තයා
ගැනද ...?
“ඔව් ඔව් ඒ අපේ අය්යනේ ... අය්යා කිව්වේ මාමගේ
පුතා ..
“ රණසිංහ මහත්තයා කියන්නේ අපේ ලොකු මහත්තයෙක්නේ
මල්ලි ඇයි කලින් නොකීවේ ....”
රණසිංහ කියලා හලාවත පොලිසියේ කෙනෙක් ගමේ ඇත ..
එහෙත් ඔහුගේ නිලයවත් ඔහුවවත් මා අදුනන්නේ නැත . මෙය එල්ලයක් නොමැතිව විද්ද හියකි
එහෙත් හරි තැනටම වැදී ඇති ලකුණු පැහැදිලිවම පෙනෙන්නට ඇත
“අපේ අතේ වැරද්දනේ අය්යේ කොහොමද ඉතින් අය්යලාගේ
නම් කියන්නේ .. මා කීවෙමි,
දැන් ඔහු රාළහාමි නොව අය්යා ය මම මල්ලිය.. අවස්ථානුකුලව මම කටින් පිට කරන වචන බලවත්වන
අවස්ථාද ඇත .. දැන් රාළහාමිගෙන් ගැටළුවක් නැත එහෙත් ග්‍රාම අරක්ෂකගේ මුහුණ හොද නැත
අය්යෝ සල්ලි (පගාව ) යැයි ඔහුට සිතෙන්නට ඇත..
“එහෙම මෙයාලට යන්න දෙන්න එපා රාළහාමි .. අය්යා පොලිසියේ
උනාට මෙයාලා කරලා තියෙන වැඩේ වැරදිනේ ... “ ග්‍රාම ආරක්ෂකයා පැත්තක සිට කෑගසයි.
“එහෙම කරන්නේ කොහොමද මනුස්සයෝ අපේ ලොකු
මහත්තයෙක්ගේ මල්ලි කෙනෙක්ට “ ඒවර ග්‍රාමයා සහ රාළහාමි අතර උණුසුම් වචන හුවමාරුවක්
ඇතිවෙන්නට විය..
වැඩි වෙලාවක් මෙතන රැදෙන එක නුවණට හුරු නැත.. අපේ
බොරුව අසුවුනොත් ඉවරය... අපි රාළහාමිට පැත්තකට අඩගැසුවෙමු..
“එහෙනම් අපි යන්නම් රාළහාමි ..අරයට මොකද තරහා
ගිහින් ඉන්නේ .”
“ ඔන්න ඔය මනුස්සයට තේ එකක් බොන්න කියක් හරි දීලා
යන්න මල්ලි ..මටනම් සත පහක් එපා. රණසිංහ මහත්තයාගේ මල්ලිගෙන් කොහොමද මම සල්ලි
ගන්නේ ...”
මම ග්‍රාමයාට සියයේ කොළ දෙකක් දිගු කලෙමි ....
“ඒපා ..ඒපා .. ග්‍රාම ආරක්ෂක ඇබරෙන්නට විය ..
“ඇයි සල්ලි එපාද ..
“නෑ..නෑ .. ඔහොම දෙන්න එපා . අර බලන්න අතන හෝල්ට්
එකේ කෙල්ලෝ වගයකුත් බලාගෙන ඉන්නවා ..”
අප දැක්කේ එවිටය බස් හෝල්ට් එකේ පංති යන කෙල්ලෝ
රංචුවක් අපගේ ජවනිකාව නරබමින් සිටි...
“ඔහොම ඉන්නකෝ ටිකක්” .. ග්‍රාම ආරක්ෂක දිව ගොස්
ෆයිල් කවරයක් රැගෙන විත් මා අත තබයි...
“කාටවත් නොපෙනෙන්න ඕක ඇතුලට දාලා මට දෙන්න ..
කවුරුත් දැක්කොත් හොද නැහැනේ ..”
සියල්ල හොද විදියට සිදුවිය දැන් ග්‍රාම අරක්ෂකත්
ෂේප්ය ..
“එහෙනම් රාළහාමි අය්යේ අපි දැන් ගිහින් එන්නම් “
“හොදයි මල්ලිලා පරිස්සමින් යන්න .. රණසිංහ මහත්තයාට කියන්නකෝ අහවල් පොලිසියේ
බණ්ඩාර රාළහාමි උදව්වක් කළා කියලා ..”
සියල්ල සතුටින් විසදුනේ එලෙසෙනි .. උසස්
නිළදාරියෙකුගේ සහෝදරයෙකුට උපකාරයක් කල සතුට බණ්ඩාර රාළහාමිට ඇත .. නිකන්ම ඉන්න එකේ
අතට කියක් හරි ලැබ්මේ සතුට ග්‍රාම ආරක්ෂකට ඇත .. එහෙත් අප දන්නා රණසිංහ මහත්තයෙක් නම්
නැත...
තවත් පොලිස් කථාවක් මෙතැනින්...