21 May 2012

මහ රෑ මිතුරියන් සොයා පැමිණි මියගිය මිතුරිය




කැම්පස් හොස්ටල් වල සාමාන්‍යයෙන් 3-4 ක් විතර එක රූම් එකක ඉන්නවා (ඕක කොයි හොස්ටල් එකෙත් එකයි මයෙ හිතේ ). ඉතින් මේ කියන හොස්ටල් රූම් එකෙත් හිටියා 3න් දෙනෙක්. කිව්වම කෙල්ලො තුන් දෙනෙක් තමා හිටියේ. තුන් දෙනාම කොලඹින් දුර බැහැර පදිංචි කට්ටිය. දැනට අපි මේ තුන් දෙනාට ගයනි, සඳුනි, අරුණි කියමු. සති අග දිග නිවාඩුවක් ලැබුනොත් කවුරුත් ආස ගෙදර දුවලා එන්න කොච්චර දුර උනත්. කොහොමත් කොහෙ උනත් හොස්ටල් ලයිෆ් එක ඒ හැටි රසවත් එකකුත් නෙමෙයිනෙ.   ඒ නිසා නිවාඩුවක් ලැබුනොත් ටුක් ගාල ගෙදර දුවන එක ඒකෙ හැටි.

මේ කියන දවස් වෙනකොට කැලැන්ඩර් නිවාඩුවකුත් එක්ක ටිකක් සති අග දිග නිවාඩුවක් වැටිලා තිබ්බා. ගයනිට ගමේ යන්න හිතුනත් මුදල් ප්‍රශ්න නිසා අනිත් දෙන්න නිවාඩුව තිබ්බත් ගෙදර නොයා ඉන්න හිතුවා. යාලුවො දෙන්නත් නොයන නිසා ගයනි සිකුරාදා රෑම ගමේ යන්න පිටත් වුනා. රෑ 12ට පිටකොටුවෙන් පිටත් වෙන දුර ගමන් සේවා බස් රථයක් අල්ලගන්න බලාපොරොත්තුවෙන් ගයනි පිටත් වුනේ. අනිත් දෙන්න ගයනිව පිටකොටුවට යන්න බස් එකකට ඇරලවලා ආයෙත් හොස්ටල් රූම් එකට ගිහින් පාඩම් කටයුතු වල යෙදුනා.

14 May 2012

ජනකාන්ත අය්යාගේ වැදී බන සහ මගේ ගණිත ඥානය ...



අපේ ගමේ තියෙනවා පුංචි පුස්තකාලයක් .. ඒ දවස් වල ගමේ සාමාන්‍ය පෙළ , උසස් පෙළ . කරන අය .. පාඩම් කරන්න එහෙම එකතු වෙන්නේ මෙතනට. මමයි මගේ සගයෝ  දෙන්නයි . පාඩම් කරන්න එහෙම සෙට් වෙන්නෙත් මෙතැනට තමයි. .
.මේ කාලයේ අපේ සාමාන්‍ය පෙළ විභාගය අත ලග තිබුන කාලේ...

මෙතන හිටියා අපේ කාලයේ ප්‍රසිද්ධ චරිතයක්..නම ජනකාන්ත.. ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා හිටියේ ඉක්මනින් බයිට් වෙන  චරිතයක් විදියට .. මළ ගෙවල් වල කය්යක් ගහගෙන නිදිමරන්න එහෙම කියාපු බඩුව... කිසිම පාළුවක් නැහැ.

ජනකාන්ත අය්යා කොයි වෙලෙත් හිටියේ මේ පුස්තකාලය ඇතුලේ මේ දවස් වල එයා  උසස් පෙළ කරන්න ගත්ත මුල් කාලය...

දවසක් මම යාලුවෝ දෙන්නත් එක්ක  ගණන් පොතක් ගෙනත් තියාගෙන  ගණන් ටිකක් හදන්න ගත්තා. පුස්තකාලෙට වෙලා..

මේ වෙලාවේ අපේ ප්‍රබල චරිතේ ජනා අය්යා   ආවා අපේ ඉස්සරහට..

මල්ලී උබල මොකද කරන්නේ පාඩම් කරනවද?




නැහැ ජනකාන්ත අය්යේ අපි මේ  ගණන් ටිකක් හදනවා..

හෑ.... ඔහොම ගණන් හදලා ඕලෙවල් පාස් වෙන්න පුලුවන්ද බොලව්.. උබලා දන්නවද මම ඕලෙවල් වලට ගණන් හදපු හැටි...

එහෙම කියලා ජනකාන්ත අය්යා හෙන කයිවාරුවක් ගහන්න ගත්තේ නැතෑ...

මම දවසට ඔය වගේ පොත් තුන හතරක ගණන් එක දිගට හදලා ඉවර කරනවා.. ප්‍රස්තාර පොත් හත අට එක දවසකට හදන්නේ...

පාස් පේපර් පොත් මිටි ගණන් හැදුවේ... කටු සටහන් ලියපු පොත්ම සියකට දෙසීයකට වැඩි....

නෑ..." මට එක පාරම එහෙම කියවුනා..

නෑ නෙමේ.. ඕව් බොලව්... උබලා දන්නවද.. මම ගණන් හදනකොට අපේ අම්ම එනවා තේ එකකුත් හදාගෙන . මට දෙන්න කාමරේට...ඇවිත් මාව හොයාගන්න බැරුව ආයෙත් හැරිලා යනවා...

"ඇයි ජනා අය්යේ අම්මගේ ඇස් පෙනීම.. ඒ තරමටම අඩුයිද...?

එහෙම ඇහුවේ මගේ නුවණක්කාර සගයෙක්...

ඇස් පෙන්නේ නැතුව නෙමෙයි බොලව්.!!! පොත් වලට මාව වැහිලා..ඒ තරම් පොත් ගොඩක් කාමරේ තියාගෙන තමයි මම ගණන් හැදුවේ..

අන්න එහෙමයි අපි ඉගෙන ගත්තේ .. උබලා වගේ ඔහොම සෙල්ලම් කොර කොර  හිටියේ නැහැ...ඕන්...’’
එහෙම කියාගෙන ජනකාන්ත අය්යා යන්න ගියා .

ඒ වෙලාවේ අපිට  පෙනුනේ ජනකාන්ත අය්යා ගණන් ලෝකයේ පතාක යොදයෙක් වගේ...
ඊට පස්සේ අපි තුන්දෙනත් ගණන් හදන එක පැත්තක තියලා කතා උනේම ජනකාන්ත අය්යාගේ දක්‍ෂකම ගැන...

“”අපි ජනකාන්ත අය්ය ගැන හිතුවා වැරදි..  මිනිහා මාර දක්ෂයා...මිනිහා අනිවාර්යයෙන්ම ගණන් වලට “A “ එකක් දාන්න  ඇති.

ඔව්... ඕලෙවල් පේපර් එක සිම්පල් වෙන්න ඇති . අනිවා පේපර් එකට අකුණු සීයෙන් සියම තියෙන්න ඇති.

මේ තරම් ගණන් කාරයෙක් වෙච්චි ජනකාන්ත අය්යා මොකෝ බං එලේවල් වලට ආර්ට් සබ්ජෙක්ට් කරන්නේ.. මිනිහගේ දක්‍ෂකමේ හැටියට මැත්ස්‌  කලානම්.. ඉවරනේ ...
( එහෙම කිව්වේ අපේ දුර දිග  හිතන සගයා...)

නෑ මචං මිනිහා ටිකක් අමුතු කෙනෙක්නෙ.. ගණන් වලට කොයිතරම් දක්ෂ උනත් මිනිහා කැමැති ආර්ට් සබ්ජෙක්ට් වලට වෙන්න ඇති...””

 අපි අයේ ගණන් වලට ක්ලාස් වලට යන්න ඕනේ නැහැ.. ජනකාන්ත අය්යා ගෙන්ම ගණන් අහ ගමු. ක්ලාස් එකේ සර් ට වඩා හොදට ජනකාන්ත අය්යා අපිට ගණන් කියල දෙයි..

ඔන්න ඉතින් අපි තුන්දෙනාම ඒ කතාව අනුමත කරලා. ජනා අය්යගෙන් .. ගණන් ඉගන ගන්නත් තීරණය කරගෙන ඉන්න කොට . කොහේදෝ ඉදලා ආයෙමත් ජනා අය්යා පුස්තකාලෙට ආවා...

අපි තුන් දෙනාම නැගිටලා බය පක්ෂපාතී විදියට ජනකාන්ත අය්යා ඉදිරියේ හිටගත්තා .. ගණන් පංතියක් කථා කරගන්න හිතාගෙන..

ඒ වෙලාවේ මට නිකමට වගේ හිතුනා ජනකාන්ත අය්යාගේ ඕලෙවල් ගණන් ප්‍රථිපලේ  මොකක්ද කියලා අහලා බලන්න... “  A  “ වෙන්න ඇති කියලා හිතාගෙනම මම නිකමට වගේ ඇහුවා ..

"ජනකාන්ත අය්යට ඕලෙවල් ගණන් වලට මොනවද තියෙන්නේ..අය්යේ..



                                                “   S   “  එකක් බං ...



ජනා අය්යා කිසි ගානකට ගන්නේ නැතුව එහෙම කියලා යන්න ගියේ නැතෑ

ඒ වෙලාවේ තමයි අපි තුන්දෙනා තේරුම් ගත්තේ ජනකාන්ත අය්යාගේ ගණිත ඥානයේ තරම... කොහොම උනත් අපි තුන්දෙනාම ඕලෙවල් වල ගණිතයට ” S “ කට වඩා  ගොඩක් ඉහල අගයන් ලබා ගත්තා..
හැබැයි ජනකාන්ත අය්යගෙන් ගණන් ඉගෙන ගන්න නම් අපි ගියේ නැහැ...හිකිස්‌

08 May 2012

බයිට් එකට කැටපිලර් එකක් කෑව හැටි

මේ දවස්වල ටිකක් වහිනවත් එක්කනේ. නිකන් ඉන්න එකේ පොඩි චැට් එකක් දාන්නත් එක්ක යාලුවෙක්වත් සෙට් කරගෙන ගියා පොඩි රෙස්ටුරන්ට්  එකකට පොඩි ඩ්‍රින්ක් එකකුත් අරගෙන ඩිනර් එකත්  අරගෙනම එන්න හිතාගෙන..

මේ ගමනට යාළුවගේ ටිකක් දුරින් නැදැ වෙන මල්ලි කෙනෙකුත් සෙට් උනා..

ඔන්න අපි ඉතින් රේස්ටුරන්ට් එකට ගිහින්.. අපිට ඕන කරන කළමනා ටික එහෙම ඔඩර්  කරලා ... බඩු ටික ටේබල් එකට එනකල් තුන්දෙනාත් එක්ක පොඩි චැට් එකකුත් දාගෙන හිටිය..

ඔන්න ඔය අතරේ වේටර් කොලුවා ආයෙමත් අපි ලගට ඇවිත් ඇහුවා...

සර්.... සර්ලට බයිට් වලට මොනවාද ඕන කරන්නේ කියලා ..

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...