19 September 2012

කර ගසේ සහ කර ගැසීමේ වෙනස ...



මේකත් අර මුලින් කතාවට සම්භන්ධ (සද කඩා කෑ මිනිසුන් සිටි ) ප්‍රදෙසේටම ඈදිච්ච කතාවක් තමයි .. මේ කථාවත් බොහෝ ඇත අතීතයට අයිති කථාවක් ..

ඒ කාලේ ගම්වල ගම්මුලාදෑනි කියලා තනතුරක් තිබුනනේ .. ගම්මුලාදෑනියා තමයි ගමක ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ ...  ඔය තනතුර දරන්නාට ගමේ අනිත් කොයි මනුස්සයත් යටයි .. මිනිහගේ වචනෙකට පිටින් යන්න ආයේ කාටවත් බැහැ..

ඉතින් මේ කියන ප්‍රදේශයේ හිටිය ගම් මුලදැනියා ගෙ ගෙදර වත්තේ තිබිලා තියෙනවා විශාල  තේක්ක ගස් කිහිපයක් ..  

ගම් මුලාදෑනියා දවසක් ගස් කපන්නෝ කණ්ඩායමකට එන්න කියලා මේ ගස් ටික කපන්න බාර දෙනවා..  ගස් කපන මිනිස්සු ගස් කපන අතරේ ..මුලාදැනියා ගෝලයෝ රොත්තත් එක්ක වත්තේ එහෙට මෙහෙට ඇවිදිමින් ගස් කැපීම නිරීක්ෂණය කරනවා ..

ගස් ඒක දෙක බිමට පතිත වෙන අතරේ මුලාදැනියා දකිනවා කපලා බිම වැටෙන්න ඔන්න මෙන්න තියෙන තේක්ක ගහක් ආසන්නයේ හොදට සරුවට වැඩුණු කර ගහක් තියෙනවා .. කර ගහක් කියන්නේ කරාබුනැටි ගහක්..

මේ ගහ දැකපු මුලාදෑනියට ගහ ගැන ආශාවක් ඇති වෙනවා .. ඒ වගේම තව ටිකකින් තේක්ක ගහ මේ ගහ උඩට කඩා වැටුනම කර ගහට වෙන වින්නැහිය ගැනත් හිතෙනවා...

එත් එක්කම කපමින් සිටි තේක්ක ගස වැටෙනවා ඒක වැටෙන්නෙත් කර ගහ තියෙන පැත්තටම තමයි.. ඒ ක දැක්ක මුලාදනියට කර ගස ගැන ඇතිවෙච්ච ආශාව නිසා ඉබේටම කෑ ගැහෙනවා...

“අයියෝ ..කර ගහ ... කර ගහ’’  කියල .....

ඒ ක බලාගෙන හිටිය මුලදනියගේ ගෝලයෝ රොත්ත හිතන්නේ මුලාදෑනියා මේ වැටෙන තේක්ක ගහට කර ගහන්න කියනවා කියලා... මුලාදෑනියා කියන ඕනෑම දෙයක් කරන අනුවණ ගෝලයෝ ටික දෙපාරක් නොහිතා වැටෙන තේක්ක ගහට දුවලා ගිහින් කර අල්ලනවා...

ඉතිං එතනින් එහාට ගෝලයන්ගේ ඉරණම හිතාගන්න පුළුවන්නේ...

15 September 2012

සද කඩා කෑ මිනිසුන් ....



මේක ඇවිල්ලා අපේ ගමේ පාරම්පරික ජන කතාවක් . දැන්  කවුරුත් අහන්න එපා ගම කොහෙද කියලා එහෙම.. මේ කතාවේ පුර්ණ අයිතිය තියෙන්නේ අපේ ගමේ මිනිසුන්ට .. මොකද මේ අපේ ගම්මානේ පාරම්පරික උරුමය ...
 කථාව දන්නා කියන අයත් ඇති මයේ හිතේ ... හැබැයි මේ මගේ වර්ෂන් එක.

බොහොම ඉස්සර කාලේ නොදියුණු ජන කොටසක් ජිවත් වෙච්ච ප්‍රදේසෙක ... හබ්බ මෝඩ කොල්ලෝ දෙන්නේ වටා තමයි කතාව ගෙතෙන්නෙ..

ඒ කාලේ ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන මිනිස්සු හිටියා මිසක් . ඔය රට තොට ගැන හොයන්න උවමනාවක් නැහැ ඉතින් සාමාන්‍ය දැනුම බිංදුවයි.. එහෙනම් කථාවට යමු..

ඉතිං ඔන්න ඔය ප්‍රදේසේ හිටිය කොල්ලෝ දෙන්නෙකුට අමුතුම අදහසක් පහල වෙලා .. මොකක්ද දන්නවද අදහස අහසේ එල්ලලා තියෙන හද කඩාගන්ට .. ගහකට පොල්ලක් ගහලා අබයක් කඩ ගන්නවා වගේ අහසට පොලු ගහලා හද කඩා ගන්න තමයි දැන් දෙන්නගේ අදහස..

ඉතින් දෙන්නත් එක්ක මේ ගැන සාකච්චා කරලා හොදට හද පෙනෙන දවසක . අවශ්‍ය කළමනා කාරිය ලෑස්ති කරගෙන ඒ කිව්වේ කරත්තයක් පුරවලා පොලු කෑලි එහෙම ගෙනත් තියාගෙන දෙන්න හොද නැකතකින් වැඩේ ආරම්භ කලාලු ...

හවස් ජාමේ ඉදලා රෑ දෙගොඩ හරියක් වෙනකන් දහඩිය මුගුරු පෙරාගෙන පොලු වලින් හදට පහර දුන්නත් කිසිම පලක් ප්‍රයෝජනයක් වෙලා නැහැ ..

හද වෙනදා වගේම අහසේ දිලිසි දිලිසි පාඩුවේ ඉන්නවා..

ඒත් අපේ මිනිස්සු දෙන්නත් ගේම අත අරින්න කල්පනාවක් නැහැ ..අද කොහොම හරි හද කඩා ගන්නවාමයි කියන අදිෂ්ඨානයෙන් ඉන්නේ.. (එහෙම තමයි අපේ ප්‍රදේසේ මිනිස්සු හරිම උත්සහ වන්තයි )

ඉතිං ඔහොම තවත් හොරා කිහිපයක් හදත් එක්ක ඔට්ටු වෙනකොට ලොකු කළු වලාකුලක් ඇවිත් හද වසා ගත්තා...
ඒත් කොල්ලෝ දෙන්නා හිතුවේ ගහපු පොලු පාරක් වැදිලා හද කඩාගෙන වැටුනා කියලා...

දෙන්නා ගමටම ඇහෙන්න කෑ ගහලා බොහොම වෙලාවක් සතුට සමරලා ඒහෙම වට පිට බලන්න ගත්තා . හද කඩාගෙන වැටුනා මිසක් වැටුණු තැනක් නැහැනේ .. දැන් කරුවල හින්දා මුකුත් පෙනවත් අඩුයි..

කරුවලේම හැම අස්සක් මුල්ලකම අත ගගා හද හොයාගෙන යනකොට එකෙක්ට හම්බ උනා ...

හදේ ප්‍රමාණයටම වටකුරු කහපාට දෙයක්...

අනිත් එකාටත් අඩගහුවා හද හොයාගත්තා කියලා...

දෙන්නම ඇවිත් බලලා ස්ථිර කරගත්තා මේ පොලු ගහලා කඩාගත්ත හදම තමයි තියෙන්නේ කියලා... ඒත් කට්ට කළුවර නිසා උන්ට තේරුනේ නැහැ ඒ තියෙන්නේ බල්ලෙක්ගෙ අසුචී ගොඩක් කියලා ..

එකෙක් ටිකක් කාලා බලලා කියනවා
“ එයි  හද හරි ඇබුල් රහයිනේ බං....

එතකොට අනිත් එකා කියනවා  “ ගණන් ගන්න එපා බං ගොරකා පොල්ලෙන් ගහපු පාරකටනේ හද කඩාගෙන වැටුනේ ඒක හින්දා වෙන්නැති ඇබුල්;;

ඉතිං දෙන්නම දුක් මහන්සියෙන් කඩා ගත්තු හද ඉවර වෙනකන්ම කාලා සතුටින් විසිර යනවා...

14 September 2012

රතු සිතුවමේ අභිරහස ...



එක්තරා පාසලක  කුඩා ළමුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයකි . එය නැරබීමට නොයෙක් තරාතිරමේ මිනිසුන් පැමිණ සිටියා .. ආචාර්යවරුන් මහාචාර්යවරු ,දොස්තරලා මනෝ විද්‍යා ආචාර්යවරුන්, වැනි නොයෙකුත් උදවිය...

මේ හැමෝගෙම නෙත් එක විශේෂිත චිත්‍රයක් ලග නතර උනා . ඒ චිත්‍රයේ විශේෂ වෙන්න හේතුව සම්පුර්ණ චිත්‍රයම ඇදලා පාට කරලා තියෙන්නේ රතුපාටින් වීම..

මේ සම්භන්ධව මහාචාර්ය ආචාර්ය  විද්‍යා ආචාර්යවරුන්  තමුන්ගේ දැනුම් මට්ටම අනුව  විවිද අදහස් පල කරන්න උනා .. මොකද සාමාන්‍යයෙන් කුඩා ළමයෙක් චිත්‍රයක් පාට කරද්දී දාහක් පාට ගානවනේ ඒකට.. එත් මේ ළමයා සම්පුර්ණ රතු වර්ණය පමණක් යොදා ගැනීම ඇත්තටම පුදුම සහගතයි ...

ඉතින් මේ චිත්‍රය සම්භන්ධයෙන්  බුද්ධිමත් පුද්ගලයන් විවිධ අදහස් පලකරන්න පටන් ගත්තා .

“ මේ ළමයා දරුණු අදහස් ඇති කෙනෙක් අනාගතයේදී අපරාද කාරයෙක් වෙන්න පුළුවන් “ ඒ එක ආචාර්ය වරයෙකුගේ අදහස ..

මෙයා පොඩි කාලේ ලොකු මානසික  ප්රිඩනය කට ලක් වෙලා තියෙනවා ඒකයි  තනිකරම රතු වර්ණය යොදාගන්න හේතුව “ ඒ එක මනෝවිද්‍යා උපදේශකයෙකුගේ අදහසක් .

මෙයාට  වර්ණ  හදුනා ගැනීමට නොහැකි දුර්ලභ රෝගයක් තියෙනවා මෙයාට වඩාත් හොදින් දර්ශනය වන්නේ රතු වර්ණය විතරක් විය හැකියි.. “ ඒ වද්‍යවරයාගේ අදහසක් .

මේ ආකාරයට විවිධ අදහස් පල කරන්න ගත්තා...

“රැඩිකල්වාදී අදහස් ඇත්තෙක් “

“ විප්ලව වාදියෙක් “

“සමාජ විරෝධියෙක් “

මෙවැනි  අදහස් සංවාද ගොන්නක් අතරේ එක්තරා ගුරු වරයෙකුට අදහසක් එනවා මේ චිත්‍රය ගැන එය ඇදපු කුඩා දරුවගෙන්ම අහල බැලීමට ..

ඔහු එම අදහස යෝජනා කරනවා “ මේ ගැන හරියටම දැනගන්න අපි දරුවගෙන්ම අහල අදහසක් ගනිමු “

හැමෝම එයට එකග වෙලා මෙම විශේෂිත චිත්‍රය ගැන දැනගැනීමට අර ළමයා හම්බවෙන්න යනවා...

ගිහින් ළමයාගෙන් අහනවා ඇයි ඔයා මේ විදියේ තනි රතු පාටින් චිත්‍රයක් අදින්න හේතුව ...

එතකොටම ආචාර්ය  වරයා අහනවා

ඔයාගේ හිතට දරුණු අදහස් පහල වෙනවා නේද ඔයා ඒ අදහස් නේද මේ චිත්‍රයේ රතුපාට වර්ණයෙන් පෙන්නුවේ “

එතකොටම මනෝවිද්‍යා උපදේශකයා අහනවා ඔයාට විශාල මානසික ප්රිඩනයක්  තියෙනවා නේද පුතා ඒක නේද මේකට හේතුව ..

ඔයාට වර්ණ හදුනා ගැනීමේ අපහසු තාවයක්ද ? , රැඩිකල් අදහස් ඇත්තෙක්ද ? , සමාජයට  ෛවර කරනවාද ?

ඔන්න ඔය ආකාරයට ඔවුන් නිගමනය කල අදහස් ඒක දිගට අර ළමයගෙන් අහගෙන යනවා...

නෑ.... නෑ..නෑ ඔය කිසිදෙයක් මම දන්නේ නැහැ . ළමයා කියනවා

එහෙමනම් ඇයි ඔයා මෙහෙම තනි රතු පාටින් චිත්‍රයක් අදින්න හේතුව,, ඔවුන් සියලු දෙනාම එකවර අසා සිටිනවා...

\/
\/

\/
\/

\/

“මගේ පාට පෙට්ටියේ ඉතිරි වෙලා තිබුනේ එකම ඒක රතුපාට පාට කූරක් විතරයි ...!!!

13 September 2012

මැදපු කමිස තුන....



මේක කලකට ඉහත ප්‍රභූ පවුලක වෙච්ච සිද්දියක් .. මේ පවුලත් ගොඩාක් ධනවත් සල්ලි කාර පවුලක් ඒ වගේම මේ පවුලේ පුරුෂයාට ඒක පුරුද්දක් තිබුනා ඒ කියන්නේ හැමදාම උදේ අවදි උන ගමන් එයාගේ ලගට  හොදට මැදපු කමිස තුනක් ගෙනත් තියන්න ඕනේ . හොදට මැදලා කියන්නේ ඒක ඉරක් වත් නැතුව සම්පුර්ණ ක්ලින් එකටම තියෙන්නත් ඕනෙලු එහෙම නැති දවසට ඉතිං සේවකයෝ ඉදලත් ඉවරලු .. ඒ තරම් හරි සැර පරුෂ මනුස්සයා..

සේවකයෝත්  ඉතිං නොවරදවාම ඔය වැඩේ කරගෙන යනවලු.. මේ මනුස්සයා ඉතිං දවස තිස්සේ තමන්ගේ කටයුතු කාරනා වලට ඇදගෙන යන කමිස තුනනේ ...

ඔන්න ඉතිං දවසක් කවුරුත් නොහිතපු විදියට මේ ප්‍රභූ පවුලේ මිනිසා ලොකු රිය අනතුරකට මුහුන පානවා .. බොහෝ කාලයක් ජීවිතයත් මරණයත් අතර දෝලනය වුන ජීවිතය යන්තමින් පෙර කල කුසල කර්මයක් පල දීලා ජිවිතේ රැකෙන තත්වෙට පත් වීගෙන එනවා..

ඒත් ඒකටත් ගැටළුවක් තියෙනවා . මොකද මේ පුද්ගලයාගේ ඉනෙන් පහල දැඩි ලෙස අනතුරේන් තුවාල වෙලා ඉතිං ශල්‍යකර්මය කලාට පස්සේ තමයි ජීවිතය ගැන හරියට තීරණය කරන්න වෙන්නේ .. ඩොක්ටර්ස්ලා කියනවා ..

කොහොමින් හරි ශල්‍යකර්ම යත් හොදින් ගැටළුවක් නැතිව සිදු වෙනවා . මේ පුද්ගලයාටත් යන්තම් පියවි සිහිය ලැබෙමින් පවතිනවා... සිහිය ආව ගමන්ම මිනිසා කරන්නේ ... හැමදාම උදේට තමන් ලගට රැගෙන එන මැදපු කමිස තුන තියෙනවද කියලා බලන ඒක..
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ .. මිනිහා ඉතිං ඇදෙ ඒ මේ අත කමිස තුන හොයනවා.. ඒත් කමිස තුනක් තියා එකක් වත් නැහැ ..

ලෙඩ ඇදෙ මැරෙන්න වැටිලා හිටියත් දැන් කමිස තුන එවලා නැති එකට මිනිහට හරි තරහයි ඒ වගේම දුකයි.. හැමදාම පුරුද්දක් විදියට කරගෙන ආව වැඩේ සේවකයෝ අතපසු කරපු නිසා...

සේවකයන්ට කථා කරලා බනින්නත් බැහැ මොකද නහයේ කටේ වයර් ගහලා නිසා... ඉතිං මිනිහා කරන වැඩේ ලග තියෙන පැන්සලකුයි කොළ කැල්ලකුයි අරගෙන එකේ පොඩි සටහනක් දාලා “ මැදපු කමිස තුනම නැත කියලා “ ඒ කොළ කැබැල්ල සේවකයා අතේ යවනවා බිරිදට ..

ඒ කොළ කැබැල්ල සේවකයා අරගෙන ගිහින් මේ ප්‍රභූ මිනිසාගේ භාර්යාවගේ අතට දෙනවා...
ඒක කියවන භාර්යාව අතිශය බියට පත්වෙලා...ඒ වෙලාවේම අඩාගෙන දුවගෙන එනවා රෝහලට ...
ඇයි එහෙම වෙන්නේ ???  
මැදපු කමිස තුනම නැත කියලනේ මිනිසා ලියලා එව්වේ ?

                                                     \/
                                             \/

        
                                             \/
                                             \/


                                             \/
                                             \/
                                                      \/
                                            
හිතුවද මොකද වෙන්නේ කියල ...

මෙහෙමයි වෙන්නේ මේ පුද්ගලයා අපහසුවෙන් ලියනකොට අකුරු පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තමයි ලියවිලා තියෙන්නේ .. ඉතිං බිරිද අදහස වෙනස්  ම විදියකට තේරුම් අරගෙන තියෙන්නේ .. අනික ඉනෙන් පහල කොටස ශල්‍යකර්මය කුත් කරපු ගමන්ම නිසා ඒ බය දෙගුණ තෙගුණ වෙලා...

මැදපු කමිස තුනම නැත කියන ඒක කොහොමද දන්නවද අපහසුවෙන් ලියනකොට මේ පුද්ගලයාට ලියවිලා තියෙන්නේ..

මැද පුක මිස තුන ම නැත ...

ඉතිං ඒ අදහස වෙන විදියකට තේරුම් ගත්ත බිරිද බයවෙන ඒක අහන්නත් දෙයක්ද ... නේද ..


09 September 2012

වේටර්ගේ කාර්යක්ෂමතාවය ...


අපි කවුරුත් ඉඳලා හිටලා හරි රෙස්ටොරන්ට් එකකට ගිහින් ආහාර වේලක් ගන්න කැමතියිනේ. නමුත්, ඒ ගියාම වේටර්වරුන්ගේ සේවය ප‍්‍රමාදයි කියලා පැමිණිලිත් කරනවා.

ඔන්න ගිය සතියේ අපි යාළුවෝ සෙට් එකක් කෑම කන්න කියලා ගියා අලූත්ම රෙස්ටොරන්ට් එකකට. වාඩිවෙලා කෑම ඕඩර් කරන අතර මම දැක්කා අපේ ඕඩර් එක ගත්ත වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. මේක ටිකක් අමුතු නිසා වටපිට බලන කොට මම දැක්කා හැම වේටර් කෙනෙකුගේම උඩ සාක්කුවේ ඒ විදිහට හැන්දක් තියෙන බව. අපේ වේටර් ආපහු මේසය ළගට ආවම මම ඔහුගෙන් මෙහෙම ඇහුවා.
”මල්ලි, මොකද මේ හැන්දක් සාක්කුවේ දාගෙන ඉන්නේ”.

”මේකයි මහත්තයා, මේ රෙස්ටොරන්ට් එක අයිතිකාර කොම්පැනිය අපේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕන කියලා කල්පනා කරලා පීටර් කියලා කන්සල්ටන්ට් කෙනෙකුට ඒ වැඬේ බාර දුන්නා. එයා මාස හතරක් විතර කාලයක් ලොකු පර්යේෂණයක් කරලා නිගමනය කළා දළ වශයෙන් පැයක් තුළ එක මේසයකින් හැදි තුනක් ගානේ බිම වැටෙනවා කියලා. ඉතින් අපේ වේටර්ලා හොද සූදානමකින් හැන්දක් ළග තියාගෙන හිටියොත් අලූත් හැන්දක් අරගෙන එන්න කුස්සියට යන ගමන් වාර ගණන අඩු කරලා එක ෂිෆ්ට් එකකින් මිනිස් පැය 15 ක් අඩු කරගන්න පුළුවන් කියලා මිස්ට පීටර් හොයා ගත්තා.

කතාව යන අතරේ මගේ අතේ තිබුණ හැන්ද බිම වැටුණා. වේටර් ටක් ගාලා තමන්ගේ උඩ සාක්කුවේ තිබුණ හැන්ද මගේ මේසෙ උඩින් තියලා කිව්වා,

”මම ආයෙත් කුස්සියට ගියාම අලූත් හැන්දක් අරගෙන සාක්කුවට දාගන්නවා. සාක්කුවේ හැන්ද තිබුණේ නැත්නම් මම තකහනියෙන් ආයෙ කුස්සියට ගිහින් හැන්දක් අරගෙන එන්න වෙනවා. හොද වෙලාවට කන්සල්ටන්ට් මහත්තයා මේ ප්ලෑන් එක ගැහුවේ” කියලා. බලාගෙන යනකොට කතාව ඇත්ත තමයි කියලා මටත් තේරුණා.

කෑම කාලා ඉවරවෙලා, ඩෙසට් එක ගන්න අතරේ මම දැක්කා අපේ වේටර් මල්ලිගෙ කලිසමේ සිප් එක ළග පොඩි නයිලෝන් නූලක් එල්ලෙනවා. වටපිට බැලූවාම මම දැක්කා අනිත් වේටර්ලාගෙත් කලිසමේ සිප් එක ළග නූල් එල්ලෙන බව. වේටර් බිල ගෙනා වෙලාවේ මම හිමින් සැරේ ඇහුවා.

”මල්ලි, තරහ නැතිව කියනවද මොකද මේ සිප් එක ළගින් නූලක් එල්ලෙන්නේ කියල”

”ආ ඒකද?” වේටර් සද්දේ අඩු කරලා මට පැහැදිලි කළා.

”දැන් අපි බාත්රූම් එකට ගිහින් මුත‍්‍රා කරලා ඉවර වෙලා, අත හෝදලා වේලන්න ගියාම කාලයක් ගතවෙනවානේ. අර කන්සල්ටන්ට් මහත්තයා යෝජනා කළා ඒ වෙනුවට පොඩි නයිලෝන් නූලක් පාව්ව්චි කළොත් ඒකෙන් ඇදලා අතින් අල්ලන්නේ නැතුව ඒ කටයුත්ත කරන්න පුළුවන් නිසා අත හෝදන්නයි වේලන්නයි යන වේලාව අඩු කරගන්න පුළුවන් කියලා. එහෙම කළාම අපි බාත්රූම් එකේ ගත කරන කාලය සියයට 76.39 කින් අඩු කරගන්න පුළුවන්”

”හරි, නූලෙන් ඇදලා එළියට ගත්තා කියමුකො. කොහොමද ඉතින් ආපහු ඇතුළට දාගන්නේ” මම ඇහුවා.

”අනේ මන්දා සර්, අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. මම නම් මේ උඩ සාක්කුවේ තියෙන හැන්ද තමයි ඒකට පාවිච්චි කරන්නේ.”
වේටර් කොදුරා කිව්වා.

07 September 2012

මට මතක්වු පෙර අත් භවය....



මෙකල  ප්‍රවෘත්ති ඇත්තේ වැඩි පුරම  පෙර අත් භවයන්  කථා කරන්නන් ගැනය ඒවා දැකිමෙන්ම දෝ  මටද පෙර ආත්මය ගැන යම් තරමක මතකයක් වැනි යමක් හැගෙන්නට විය..

මා එය බිරින්දෑට පැවසුවේ නිකමට මෙනි.. ඒත් ඒ මොහොතේ සිට මට නිදහසක් නැත ඇයට  උවමනා වී ඇත්තේ මා මෝහනය කරවා පෙර ආත්ම  කථනය මුල සිට අගටම දැන ගැනීමටය..

“ මේ යමුකෝ හලෝ අපි මෝහනය කරන තැනකට . ඔයා පෙර ආත්මේ කියනකොට අපි මීඩියා වලට එහෙම දෙමු .. එතකොට අපේ ෆොටෝ එහෙමත් පත්තර වල යයි.. දැන් නයි පැටව් ඉපදිලා පෙර ආත්මේ කියන එකේ ඔයාටත් හොද පබ්ලිසිටි එකක් තියෙයි “

ඒ ඇගේ අදහසය.. ඇයට  උවමනා වී ඇත්තේ මගේ පෙර ජම්මය ගැන දැන ගැනීමටත් වඩා මීඩියා වලට මුහුණ ඔබා ගැනීමටය..  මා කොතෙක් මග හැරීමට උත්සහ කලද  මා මෝහන කරුවෙකු වෙත රැගෙන යෑමේ අදහස ඈ අත්  හරියේ නැත ..  අවසානයේ අකමැත්තෙන් උවද මෝහන කරුවෙකු වෙත යෑමට මම එකග විය..

මෝහන කරුගේ කුටියට මමද මාගේ බිරිද සහ මවද ඇතුළු විය.. එය අමුතුම ස්ථානයකි තනිකරම සුදු ආලේප කර ඇති කුටියේ පලිගු වලින් විහිදුනු නිලට හුරු ආලෝකයකින් පිරි තිබුණි..

එහි ඇදක මා හාන්සි කල මෝහන කරු .. කුඩා පලිගුවක් දෙස බලාගෙන ඔහු පවසන දෙයට සිත යොමු කර සිටින ලෙසට මට උපදෙස් දී කාර්යය පටන් ගත්තේය..

මා පලිගුව දෙස බලා සිටින අතර බැලුවේ බිරිද දෙසය.. ඈ ඒක එල්ලේම පලිගුව දෙස නෙත් යොමා සිටි.. එවිට සිදුවුයේ මා කිසි සේත් බලාපොරොත්තු වූ දෙයක් නොව මටද පෙර මෝහනය වී ඇද වැටුනේ පලිගුව දෙස එක එල්ලේ බලා සිටි බිරිදය...

මෝහනය විය යුත්තේ  බිරිද නොව මා බැවින් දෙවැනි වර මා මෝහන කරුගේ උපදෙස් අකුරටම පිලිපැද්දෙමි .. වැඩි වෙලාවක් යෑමට මත්තෙන් මාගේ දෙනෙත් පියවි යනු මතකය . මා මෝහනය වී ඇත..

එහෙත් නැවත සිහිය එන විට මට කිසිත් මතක නැත .. නිවසට ආ පසු බිරිදත් මවත් මාගේ පෙර ආත්මය ගැන මා මෝහනයෙන් පැවසූ දෑ කියන්නට විය..

ඔවුන්ගේ මුහුණු ප්‍රීතිමත්ව ආඩම්බරයෙන් පිරි  ඇත එයින් හැගෙන්නේ මාගේ පෙර භවය හොද බවය.. ඔවුන් පෙර අත් බවය ගැන මා පැවසූ දෑ කීමට සැරසෙන විට
කොහෙදෝ සිට පියාද එතැනට ආවේය  මව ඔහු සමග මගේ පෙර භවය ගැන කියන්නට ගත්තේ එවිටය

“ මේ ඒය් දන්නවද.. අපේ පුතා ගිය ආත්මේ ඉදලා තියෙන්නේ දිව්‍ය ලෝකෙක.. එයා හිටියේ ලස්සන තැනකලු හතර වටෙන්ම කදු වලින් වට වෙච්ච තැනකලු... මුළු පළාතම මීදුමින් වැහිච්ච ලස්සන තණකොළ වලින් පිරිච්ච පිට්ටනියක උදේ ඉදලා හවස් වෙනකන්ම දුව පැනලා සෙල්ලම් කරනවලු... ඒ කියන්නේ අපේ පුතා දිව්‍ය ලෝකෙක දෙවිකෙනෙක් ... මගේ වාසනාවට තමයි ඒය් දෙය්යෙක්  ඉපදුනේ..

එවිට මම පියාගේ මුනුන දෙස බැලුවෙමි එහි ඇත්තේ මම නැත්නම් දෙය්යෙක් හදයි වැනි හැගීමකි .. එහෙත් ඔහු මුවින් කිවිවක්‌ පැවසුවේ නැත...

“මටනම් ඉරිසියාවේ බැහැ .. “ එවිට කථාව පටන් ගන්නේ මාගේ බිරිදය..

“මෙයා දිව්‍ය ලෝකේ ඉන්නකොට මෙයාට ගැහැණු උදවිය ගොඩාක් හිටියලු .. මෙයාගේ වැඩේ උදේ ඉදලම එයාලත් එක්ක විනෝද වෙන එකයි කන එකයි බොන එකයි සෙල්ලම් කරන එකයිලු.. ඇය දිගටම මගේ පෙර ආත්මයේ ජීවිතය ගැන පවසයි...

ඔවුන් කියනා අයුරින් මා පෙර ආත්ම  භවයේ දෙවියෙකි .. සිට ඇත්තේ දිව්‍ය ලෝකයේය... මට ද සියුම් ආඩම්බරයක් ඇතිවී ඇත . එබැවින් මා මෝහනයේදී මා කියූ දේවල් ගැන වැඩි තොරතුරු ඇසුවෙමි..

“ඇත්තටම මම කෙලින්ම කිව්වද මම දෙය්යෙක් කියල “

 නැහැ ඒයි.. ඔයා ලස්සන තණකොළ පිට්ටනියක හිටියා කිව්වා ගැහැණු උදවිය ගොඩාක් එක්ක. හතර වටෙන්ම පෙනෙන්නේ ලස්සන කදුයි අහසයි විතරයි කිව්වා .. ඔයාලා කලේ උදේ ඉදලම කන එකයි සෙල්ලම් කරන එකයි කිව්වා... ඉතින් දිව්‍ය ලෝකෙක ඇරෙන්න එහෙම තැනක් කොහෙද එහෙම ඉන්න පුළුවන් කාටද ..තව ලස්සන ගංගාවක් තිබුනා කිව්වා . මම හිතන්නේ ඔයා ඒ කිව්වේ අමුර්තය තියෙන විලට වෙන්න ඕනේ.. ඔයාලා වතුර බොන්නේ ඒකෙන් කියලත් කිව්වා..ඔයා දෙය්යෙක් .

මා මෝහනයේදී කියූ දේ අනුව ඔවුන් නිගමනය කර සිටින්නේ මා දෙය්යෙකු බවය.. එහෙත් ඒ විස්තර අසා සිටි මට හැගුනේ වෙනත් අදහසකි .එහෙත් මගේ අදහස මා ඔවුන්ට පැවසුවේ නැත . එය කාටවත් පැවසීමට හැකි අදහසක් නොවේ මක්නිසාද යත් මටද ලැජ්ජාවක් ඇත ඒ බැවින්  එය කෙලින්ම පැවසිමටවත් ලිවීමටවත් බැරිය.. එබැවින් මා මගේ අදහස පින්තූරයකින් පහත දමමි ...

                                                                                    \/
                                                                                    \/

                                                                                    \/
                                                                                    \/

                                                                                    \/
                                                                                    \/



04 September 2012

මම ඉපදුනෙමි __ Happy Birthday to me !!!



අද මාගේ උපන් දිනයයි / මම ඉපදුනෙමි ... මේ විශ්වය තුල මනුෂ්‍ය  ආත්ම භාවයක් ලැබීමට තරම් මා පින් කර තිබුණි.. බොහෝ කළල පිළිසිද ගත් විට කුස තුලදීම විනාශ කරන මිනිසුන් සිටින සමාජයක නිරුප්පදිතව බිහිවීමට තරම් මා  වාසනා වන්තයෙකු විය.. ඒ වෙනුවෙන් දෙමාපියන්ට මා සදා ණයගැති වෙමී.

ඉපදී වසරක් දෙකක් ගතවන තුරු මට කිසිම දෙයක් ගැන මතකයක් නැත.. සමහර විට මා සුරතල් ළදරුවෙක්ව සිටින්නට ඇත... ජිවිතයේ සතුටින්ම ගතකල  කාලය ඒ කාලය විය යුතුය..

නිදහස අහිමි වන්නේ ඉන් පසුවය .  ජිවිතයේ අරමුණු කරා ගමන් කරද්දී සිතේ සැහැල්ලුව නිදහස ඒ වෙනුවෙන් කැප කිරීමට සිදු වේ... එය  කොයි කාහටත් පොදු දෙයකි...

කෙනෙක් පවසන්නේ ජිවිතයේ බරක් පතලක් දැනෙන්න ගන්නේ පාසල් ගමනෙන් පසුව බවයි , එවිට තව කෙනෙකුට කිව හැකියි .. විවාහයෙන් පසුව බව..  එහෙත් මා සිතන්නේ පාසල් ගමන පටන් ගන්නා දින සිට නිදහස නැති කරගන්නා බවය..

මුලින්ම ධාවන තීරුවට යන්නේ එදාය. එදා සිට දුවන්න ගන්නා ගමන ආයේ  කවදාවත් නැවතීමක් නැත කෙළවරක් නැත ජීවිතය ඇතිතෙක් අවසානයක් ද  නැත.

කෙනෙක් දුවන මාර්ගය පහසු  විය හැක මහන්සි අඩු විය හැක නමුත් තවකෙකුට  ලැබෙන මාර්ගය ඇති දුෂ්කර විය හැක.  පෙර පව් පින් අනුව එය තීරණය වේ.. ඒ මාර්ගයේ අනිවාර්ය කඩුලු කිහිපයක් ඇත සියල්ලම  හෝ කිහිපයක් අනිවාර්යයෙන්ම පැනිය  යුතුය . එය අතහැර යා හැකි වුවත් එවිට එය සාර්ථක ගමනක් වන්නේ නැත .

මුල්ම කඩුල්ල වන්නේ පහේ ශිෂ්‍යත්ව විභාහගයයි . එය ළමුන්ගේ විභහගය කටත් වඩා මව් වරුන්ගේ තරගයකි .
එහිදී මා හට අසුන් දුවන තරගයක් සිහිවේ .. මා එහි දුවන අශ්වයා නම් .. මව එහි ජෝකියාය මා පදවන්නේ ඇයට උවමනා අයුරිනි  එය මා ජයග්‍රහණය කලද එහි අයිතිය ඇත්තේ ඇයටය.. මක්නිසාද යත් එම තරගය වෙනුවෙන් මුල සිට සුදානම් වුයේ ඇයය..

එතැන් පටන් අපෝස සා/පෙ වෙනුවෙන් වෙහෙසීමට සිදු විය . එය අනිවාර්යයෙන්ම ගොඩ දා ගතයුතුය නැතිනම් අපොයි පොත් වලට ගිය සල්ලි (අ .පො.ස. = අපොයි පොත් වලට ගිය සල්ලි ) කියමින් නිතරම මවගේ ඇනුම් පද වලට ලක්වීමට සිදු වීමටත් වඩා . ජිවිත කාලෙම පසුතැවිලි වීමට හේතු කාරනා සිදුවන නිසාය .

එයිට පසු අපොස උ/පේ ට මුහුණ දිය යුතුය  එය අරුම පුදුම විභාග ක්‍රමයක් යැයි මට සිතුනු වාර අනන්තය වසර දොළහක් තිස්සේ ඉගෙනගත් දේ සංශිප්ත කොට වසර දෙකක් ඇතුලත ලොකු ප්‍රමාණයක් ඉගෙනගෙන ලියනා මේ විභාගය අවසානයේ ලැබෙනා ප්‍රථිපල ලයිස්තුව සමහරුන්ට ජීවිතයත් මරණයත් තීරණය කරන්නක්  බවටද පත්ව ඇත ..

  මෙහි අවසානයේ  දක්ෂයන්ට සරසවි වරම් හිමිවේ නමුත් දැන්  එයටද කඩුල්ලක් ඇත එය ඉසෙඩ් අකුරය .. ඔය ඉසෙඩ් අකුර ගැන මම වැඩි යමක්  දන්නේ නැත දන්නේ එය ඉංගිරිසි හෝඩියේ අවසාන අකුර බව පමණි . එයිට වැඩිය ඔය අකුර ගැන දැන ගැනීමට මට උවමනාවක්ද නැත .

ඉන් අනතුරුව ඇත්තේ රැකියාවක් සොයා ගැනීමේ දුෂ්කර ක්‍රියාවය . රැකියාවක් සොයා ගැනීම අපහසුය එහෙත් හොද රැකියාවක් සොයා ගැනීම ඉතාමත්ම අපහසුය .

මා මුලින් හොද රැකියාවන් යැයි සිතා සිටි බොහෝ දේ හොද රැකියාවන් නොවන බව පසුව වැටහුණි ..  ටයි පොලු පැළද  බිෆ් කේස් එල්ලාගෙන පාරේ අවිදින්නන් දැක මා මුලින් සිතුවේ එය හොද රැකියාවක් කියාය . ඒ ඔවුන්ගේ ඇදුම පැලදුම් දෙස බැලීමෙනි .

එහෙත් දිනක් අසල නිවෙසකට පැමිණි එවැනි තරුණයෙක් පච වී යන අයුරු දැක ඒ රැකියා සිහිනය අතහැරියෙමි .. එය මාකටින්ය .  එයට ඉතා දක්ෂයන්ද ඇත කටත් කපටි කමත් ඇත්නම් ඕනෑම දෙයක් මාකටින් කිරීමට ඔවුහු දක්ෂයෝය .

හොද රැකියාවක් යනු  අඩුවෙන් කය වෙහෙසා වැඩියෙන් මනස වෙහෙසා වැඩි වැටුපක් ලබාගත හැකි රැකියාවන්   බව   මා පසුව තේරුම ගත්තේය .  

රැකියා මට්ටම අනුව බොහෝ දේ තීරණය වේ . සමාජ තත්වය පිළිගැනිම වගේම  විවාහයේදීද රැකියාවේ ස්වභාවය වැදගත් සාදකයක් වේ .. එබැවින් එතැන්  පටන් ලද රැකියාවෙන් ඉහලට යෑම වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ ..

ඉන්  පසු විවාහය . මා වඩාත්ම කැමති විවාහය කසාද බැදීම යන වචනයෙන් හැදින්විමටය .මක් නිසාද යත් බොහෝ යුවතියන්ගේ අදහසනම් කසාද බැදීම යනු . ලණුවකින් පුරුෂයාව බැද අනිත් කෙළවර අතින් අල්ලාගෙන සිටිනවා වැනි අදහසක්ය . පුරුෂයාට නිදහස ඇත්තේ ඈ ලණුවේ නිදහස් කර තිබෙන දුර ප්‍රමාණයට පමණි..

ඒ කෙසේද යත් ලණුවකින් ගසක ගැට ගසා සිටින වසු පැටවෙක් ට  දුව පැන සෙල්ලම් කිරීමට හැක්කේ ලණුවේ දිග ඇති තෙක් පමණි . බොහෝ ගැහැණුන් සිතා සිටින්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කසාද බැදීම යනු පිරිමියාව බැද තබා ගැනීම බවය .. පිරිමින්ට එයට මුහුණ දීමට සිදුවේ .  එයද දුෂ්කර ක්‍රියාවකි ඛේදනියය ..

ඉන් පසුව දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ . දරුවන් ලැබීමට පෙර සිටම ඔවුන්ට පාසැල් සෙවීමේ දුෂ්කර කර්තව්‍යට අත ගැසීය යුතුය . එතැන් පටන් දරුවන්ගේ ඉගෙනීම වෙනුවෙනුත් ඔවුන් උස් මහත් කිරීම වෙනුවෙනුත් අනේක දුක් කන්දරාවක් විදීමට සිදුවේ ..

අවසානයේ නිදහසක් බලාපොරොත්තු විය හැක්කේ ජිවිතයේ අවසාන කාලයේදී පමණි.. එවිට ලබන නිදහසෙන් පලක් ඇත්ද? එතෙක් කාලයක් අප ජීවිතය විද ඇත්ද?  විදවා ඇත්ද ? .. 

ජිවිතයේ අවසාන භාගයේ මම හැරී බැලු විට මටත් නොදැනීම.. මගේ දරුවනුත් මා ආ මාර්ගයේම කඩයිම් පසු කරමින් දුවමින් සිටි  කිසිදින නොනවතින ජිවන චක්‍රයේ .  ජීවිතය යනු මෙයද .....?

ප.ලි :-  අද මාගේ උපන්දිනයයි !!!   උපන්දිනය දවසේ හිතට ආ විකාර අදහස් කිහිපයකි..
සියළු දෙනාටම කේක් පහත ඇත .....

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...