ඊයේ සිදුවූ දෙයින්
ඇතිවූ සිත් තැවුල තවමත් පහව ගොස් නැත .. මා ආයාසයෙන් එය මගහැර සිටීමට උත්සහ කලද
දිය යට එබූ රබර් බෝලයක් සේ නැවතත් උඩට මතුවී සිත් තැවුල් ඇති කිරීමට තරම් එය
සමත්වේ.. එයට හේතුව මා විසින්ම මා නිවැරදි කාරයෙකු කලද යටි සිත එය පිළිගනිම ප්‍රතික්ෂේප
කරන නියාවෙනි.. ඔව් මා වැරදි කරුවෙකි ..
මාගේ පියාණන්ගේ
වියෝවෙන් දෙවැනි වසර ඊයේට යෙදී තිබිණි ... ඔහු වෙනුවෙන් පිලියෙලවූ දානය පිරිනැමීමට
නගරය පුරා සිටින යාචකයන් සොයමින් ගියේ මා කුඩා පුතු සහ බිරිය සමගය...
“සුනෙත් තව කෑම
ටිකක් ඉතුරුයි මේ ටික අපි යන ගමන් බැසිලිකාව ලග ඉන්න හිගන්නන්ට දීගෙන යමු...
බැසිලිකා නාමය ඇසෙන
විටම මා තිගැස්සී ගියෙමි .. මා වසර දෙකකින් බැසිලිකා දෙව්මැදුර වෙතද නොපැමිනුනේ.. මා
දැකීමට අකමැති දසුනක් නෙත ගැටෙවී යැයි
බියෙනි..
“ කමක් නැහැ සුනෙත්
අපි පල්ලියට යන්න ඕනේ නැහැ පල්ලිය ගාව පාරේ ඉන්න අයට දීගෙන ඉක්මනින් යමු “
මගේ බිරිද එලෙස
පැවසුවේ මාගේ යටිසිත කියවීමට තරම් ඈ දක්ෂවූ නිසාවෙනි .. එය මට මහත් අස්වැසිල්ලක්
විය
දෙව්මැදුර අසල පාරේ
වාහනය නැවතු මා අවට සිසාරා නෙත් දිවෙව්වේ අසුභ යමක් ඇතිදෝයි බියෙනි .. එහෙත් එවැනි
කිසිවක් පෙනෙන මානෙක නැත .. සැනසුම් සුසුමකින් ලය සැහැල්ලු කරගත් මා වාහනයෙන් බිමට බැස්සෙමි .. සමහර විට ඇය මියයන්නට ඇත..
යාචකයන්ට කෑම
පාර්සල් බෙදමින් අඩහෝරාවක් පමණ ගතවන විට ..ඈතින් සෙල්ලම් කරමින් සිටි පුතුගේ කෑගැසීම් හඩින් මාගේ
අවදානය ඒ දෙසට යොමුවිය ..
“තාත්ති ...අර
බලන්න “
“ඇයි පුතා “
“අර-----
පුතු අතින් පෙන්වූ
දිසාවට මාද නෙත් යොමුකලෙමි... එවිට මා කිසිසේත් නැවත දැකීමට අකමැතිවූ දර්ශනය මගේ
නෙතට හසුවුණි....
පාරේ කෙලවරින්
මතුවූ අන්ධ මැහැල්ල ගාටමින් ඉදිරියට පැමිණෙමින් තිබුනි .. වැරහැලි වූ සුදු සැට්ටය
සහ චිත්තය කුණු දුහුවිලි වැදී අළු පැහැයට හැරී ඇත .. සම්පුර්ණයෙන්ම සුදුවී ඇති ඇගේ කෙහෙරැලි මුනුන
පුරා විසිරි ඇත.. එයද මාස කිහිපයකින් පිරු බවක් පෙනෙන්නට නැත... ඇවිදින ඇටසැකිල්ලක් බදු ඇය සුදු සැරයටිය වනමින්
විසිවෙමින් ඉදිරියට ඇදෙමින් සිටියේ දින ගනනකින් කුසට ආහාරයක් නොලද්දෙකු
පරිද්දෙනි.. ඈ විදින දුක් ගැහැට ඇගේ මුහුණේ හොදින්ම සටහන් වී ඇත.. ඒ වෙන කිසිවෙකු
නොවේ මාගේ මවය ..
“තාත්ති ඒ අපේ
ආච්චි ... තවමත් ඒ දෙසෙට නෙතු යොමා සිටින පුතු නැවත කෑගැසුවේය ...
“අපි යමු ඉක්මනට “
මා පුතුගේ අතින් ඇදගෙන වාහනය වෙත දිව ආවෙමි .
“අනේ තාත්ති අපි
ආච්චිව එක්ක යමු ....
“මොන අච්චියෙක්ද ඒ
ආච්චි නෙමේ වෙන ගෑනියෙක් ... දගකරන්නේ නැතුව ගිහින් වාඩිවෙනවා “ මා ප්‍රථම වතාවට
පුතුට සැරවුනෙමි..
පුතුව වාහනයේ ආසනය
වෙත බලෙන් වාඩිකරවූ මා .. ඉතිරිව තිබු කෑම
පාර්සල් කිහිපය වාහනය තුලට විසිකරන ගමන් රියදුරු අසුනට ගොඩවිය...
“අපි ඉක්මනින් යමු
සුනෙත් ඉතිරි ටික ටවුන් එකේ හිගන්නන්ට බෙදමු ..” ඒ වන විට මහළු සිගන්නිය බිරිදගේද
නෙතට හසුවී තිබුනි .. බිරිදද ඇයව හදුනාගෙන
ඇත..
“ අනේ තාත්ති
ආච්චිව එක්ක යන්න බැරිනම් අපි එයාට කෑම එකක්වත් දෙමුකො..” පුතු නැවත නැවතත් ඇවටිලි
කරන්නට විය ..
“ දැන් එක පාරක්
කිව්වා නේද මම කටවහගන්න කියලා ඒ ආච්චි නෙමේ ..එච්චරයි ....
එතැන් සිට නගරයට
පැමිණෙන තුරාවටම අප තිදෙනාගෙන් කිසිවෙක් කතා කලේ නැත ...
කුඩා පුතු තවමත්
කනස්සලු ස්වභාවයෙන් වාහනයේ මුල්ලක ගුලිවී සිටි... මා සාප්පුවක් අභියස නතර කලේ
කුමක් හෝ රැගෙන දී ඔහුගේ සිත සැනසිමටය....
“පුතා පුතාට මොනවද මගෙන් නත්තලට ඕනේ ...
“මට මුකුත් එපා
තාත්ති මට ආච්චිව ගෙනත් දෙන්න .....
ඔහු පැවසූ දෙයින්
මා නැවත්තත් ගොළු විය ___________
.............................................................................................................
ඊයේ දහවල් වරුවේ
සිදුවූ ඒ සිදුවීම් සමුහය හිතින් බැහැර කිරීමට අසාර්ථක උත්සාහයක මා යෙදෙමින්
සිටියෙමි .. එහෙත් එයින් සිදුවුගේ වීඩියෝ පටයක අග සිට මුලට යන්නාක්මෙන් අතීතය කරා
මාගේ මනස දිවයාමය ...
මට මතක ඇති කාලයේ සිටම
මම මගේ මවට වයිර කළේය .. එයට හේතුව ඈ අන්ධ වීම නිසා මට ගොඩක් ගැහැට විදීමට
සිදුවීමය... එහෙත් මා පියාට අතිශයෙන්ම ආදරය කළේය ..
දැනුම් තේරුම් ඇති
කාලයේ සිටම මා ඇයට මාවෙත ලංවීමට ඉඩ නොදුන්නෙමි... ඈ මාවෙත ලංවීමට උත්සහ කරන සෑම
අවස්ථාවකදීම මා ඇයට බැන වැදුණි... පියා ඈ සමග සිටිනාවාටද මම අකමැති විය .. එය
තේරුම්ගෙන සිටි ඈ බොහෝවිට සිටියේ හුදකලාවය... ඈගේ දෙනෙත් නොමැතිකමෙන් වල ගැසී
විරූපී වී ඇති මුහුණ දකින විට මට ඇති වුනේ පිළිකුල් සහගත හැගීමකි.. ඈ ව කොන්
කරමින් ඇයට වෙනස්කම් කරමින් මම සතුටක් ලැබුවේය ..
වෙනත් මව් වරුන්
දරුවන් අතින් අල්ලාගෙන පාසල වෙත එනවිට මා පාසල් ගියේ තනිවමය... වෙනත් මව් වරු
දරුවන්ට සලකන අයුරු බලමින් මාගේ අන්ධ මව ඔවුන්හා සංසන්දනය කරමින් මා ඇයට තව තවත්
වයිර කළේය...
එබැවින් මා වැඩිපුර
හිතවත් වුයේ පියාටය ..සෑමදේම පැවසුවෙත් ඔහුටය ...
“ඇයි තාත්තේ ඔයා අන්ධ
කෙනෙක් මගේ අම්මා කරගත්තේ .. එයාට මගේ ඉස්කෝලේ වැඩ කියාදෙන්නත් බැහැ මාව බලාගන්නත්
බැහැ .. මට එයාව එපා ...”
එදවස මා කුඩා කාලයේ
පියා සමග නිතරම පැවසුවේ එවැනි වදන්ය ..
“එහෙම කියන්න එපා
පුතේ .. ඔයාට ලැබිලා තියෙන්නේ ලෝකේ ඉන්න හොදම අම්මා... ඔයාට කවදාහරි දවසක තේරේවි
එයා ඔයාට කොයිතරම් ආදරේද කියලා ..”. ඒ සෑම
අවස්ථාවකදීම පියා එලෙස පවසා නිහඩ විය .. එහෙත් මව පිලිබදව මාගේ සිතේ හටගෙන තිබු
තරහා නැති කිරීමට ඒ වචන ප්‍රමාණවත් නොවුනි...
ටිකෙන් ටික මා
වැඩෙන විට ඒ හැගීමද එලෙසම වැඩෙන්නට විය ...
මා විවහා වී පුතු
ලැබී වසර හතරකින් පමණ පසු පියා මියගියේය .. ඔහුගේ අවමංගල්‍යන් පසු ක්‍රමයෙන් මවට
මා දක්වන වෙනස් කම් වැඩි විය එයට තවත් එක් හේතුවක් වුයේ මාගේ බිරිදද ඇයට අකමැති
වීමය...
හරියටම මෙයිට වසරකට
පෙර නත්තල් දිනට නුදුරු දිනයක ...
“සුනෙත් නත්තල්
පාර්ට් යට අපේ ඔෆිස් එකේ ලොක්කෝ ඔක්කොමත් එනවා ..ඒ වෙලාවට අම්මව මෙතන තියාගන්නේ
කොහොමද ... එයාව කොහෙට හරි යවන්න බැරිද “
“ඔව් එයානම් කරදරයක්
තමයි අපි ඉක්මනින් මොකක්හරි කරන්න බලමු අන්ධ හින්දා කොහේටවත් ගිහින් දාන්නත් බැහැ
“
“අන්ධයි කියලා
හැමදාම මෙහෙම පුලුවන්ද සුනෙත් .. ඔය මහලු මඩම් වල ඕනේ තරම් අන්ධයෝ ඉන්නේ “
අවසානයේ මා තීරණය
කලේ ඇයව මහලු නිවාසයකට ගෙන ගොස් දැමීමටය.. ඈ සතුව තිබු ඇදුම් කඩමලු කිහිපය කුඩා
මල්ලකට දැමු මා එය ඇය අත තැබුවෙමි ..
“අම්මා මේකත් අරගෙන
ගිහින් වාහනේට ගොඩවෙන්න “
“මාව කොහෙද එක්ක
යන්නේ පුතේ “
“ඔයාට දැන් මෙහෙ
ඉන්න බැහැ මම හොද තැනක නතර කරන්නම් ගිහින් නගින්න “
එයින් පසු කිසිත්
නොදෙඩු ඇය සැරයටියේ ආදාරයෙන් අපහසුවෙන්
ඇවිද ගොස් රියට ගොඩවිය ...
මා රිය පනගන්වා ප්‍රධාන
මාර්ගයට අවතීර්ණ වන විට ඈ නැවත හඩ අවදි කළේය ..
“මාව මහලු මඩමකටද
ගෙනියන්නේ පුතේ ..
“හ්ම්ම් “
“මම පුතාගෙන් එක
ඉල්ලීමක් කරන්නම් මාව පල්ලියක් ලගින් දාලා යන්න .. මම ආයේ පුතාට කරදර කරන්න එන්නේ
නැහැ ... මම තව ටික දවසක් ජිවත් වෙයි ඒ ටිකේ මට පල්ලියකට වෙලා ඉන්න පුළුවනි ...
ඈගේ ඉල්ලීම මත මා ඇයව
බැසිලිකා දෙව් මැදුර අසල තනිකර නැවත නිවස වෙත පිටත් උනෙමි ... ඈ කොහේ සිටියත් මට
ගැටලුවක් නැත මට ඕනෑ උනේ ඈගෙන් ගැලවීමට පමණි ....
“තාත්තේ මේ තරුව නත්තල් ගහේ උඩින්ම එල්ලන්නකෝ ... “
නත්තල් ගස සරසමින් සිටි පුතුගේ හඩින් මා කල්පනා ලෝකයෙන් මිදුණි ..
“මොනවාද සුනෙත් මම
මේ හෙට නත්තල් පර්ටියට මෙතන තනියම ලෑස්ති කරනවා ඔයා කල්පනා කර කර ඉන්නවා ඇවිත් මට
උදව් වෙන්නකෝ ...”
මෙවර නත්තල් දිනට අප නිවසේ සාදයට බොහෝ පිරිසක් ඒමට
නියමිතව තිබුනා ..
නත්තල් දින ප්‍රීති
ගෝෂා මැද හිතවතුන් සමග සතුටින් කාලය ගතවෙමින් තිබුනා ...
එහෙත් දහවල් වන විට
අනාරාධිත අමුත්තෙක් පැමිණ තිබුනා ...
“හෙලෝ සුනෙත් මම
ලෝයර් කහවත්ත .... ඔයාට නත්තල් තෑග්ගක් දෙන්න තමයි මම ආවේ...
“වාඩි වෙන්න ලෝයර්
... මොකක්ද තෑග්ග .. කව්ද මට තෑගී එවන්න ඉන්නේ ..
“ඒක දීග කතාවක්
සුනෙත් ..
“ ඔයාගේ අම්මයි
තාත්තයි දෙන්නා මෙයිට ..අවුරුදු හතකට
ඉස්සෙල්ලා අපේ කාර්යාලයට ආව ..ඇවිත් එයාලා සතු දේපොළ ඔක්කොම ඔයාගේ නමට හරෝලා මේ
වසරේ නත්තල් දිනේට ඔයාට තෑග්ගක් විදියට ලැබෙන්න සලස්වලා තියෙනවා ...අද තමයි ඒ දවස
.. මෙතන ලියකියවිලි ඔක්කොම තියෙනවා.. භාර ගන්න සුනෙත් මහත්මයා ..”
තව එකක් සුනෙත්
මහත්මයා ඔයාලගේ දෙමාපියන් හිතුවා මේ වසර වෙනකන් ඒ දෙන්න ජිවත් වෙන එකක් නැහැ කියලා
..එකයි මෙහෙම දෙයක් කලේ .. අනික එයාලා නැති කාලෙක ඔයාට විශාලා තෑග්ගක් දෙන්න එයාලා
ආසා උනා ...”
පියාට අයිති පැරණි
නිවසක් සහ මවට අයිති ඉඩකඩම් අක්කර ගණනක ලියවිලි මා භාරගත්තා ....
“තව දෙයක් ඔයාගේ
තත්තා මියගියා කියලා දැනගත්තා කෝ ඔයාගේ අන්ධ අම්මා ....
ඔහු ඇසු පැනයට මට
පිළිතුරු දීමට අසීරු විය ... එබැවින් මා බොරුවක් කීවෙමි ..
‘’අම්මත් මියගියා
ගිය අවුරුද්දේ “
“හනේ.. ඇත්තද ඔයාගේ
අම්මා හරිම කරුණාවන්ත කෙනෙක් .. ඔයා නොදන්නා තව දෙයක් තියෙනවා දැන් දෙමාපියන්
මියගිහින් නිසා මේකත් තව දුරටත් රහසක්
වෙන්න ඕනේ නැහැ..
“ඒ මොකක්ද ලෝයර් ...
“ඔයා ඉපදෙනකොටම
වෙච්ච අතපසුවීමක් නිසා ඔයා ඉපදෙන කොටම අන්ධ උනා .. ඔයාව අන්ධයෙක් විදියට ජිවත් කරවන්න
එයා කැමති උනේ නැහැ .. ඔයාගේ තාත්තාගේ අකමැත්තවත් තකන්නේ නැතිව එයාගේ තනි කැමැත්තට
එයාගේ ඇස් දෙක ඔයාට පරිත්‍යාග කරලා ඒයා අන්ධ උනා .. ඔයා තවමත් මේ ලෝකය දකින්නේ
ඔයාගේ අම්මගේ ඇස් දෙකෙන් ..”
ඒ වදන් ඇසෙත්ම මාගේ
හිස බ්‍රමනය වන්නට විය .. මා ඉක්මනින් අසල තිබු අසුනට බරවිය .. මෙතෙක් කාලයක් මා
වෙනස් කම් කලේ ඈගේ අන්ධ දෙනෙත් නිසාය ..
එහෙත් මා ලෝකය දැක තිබෙන්නේ ඇයගේ දෙනෙත් වලිනි .. මට ආලෝකය දී ඈ සදාකාලිකවම අදුරේ
ඉන්න තරම් කොයිතරම් සෙනෙහසක්ද ...
මට පියා නිතර කියූ
වදන් සිහිවේ ...
“ඔයාට ලැබිලා
තියෙන්නේ ලෝකේ ඉන්න හොදම අම්මා... ඔයාට කවදාහරි දවසක තේරේවි එයා ඔයාට කොයිතරම්
ආදරේද කියලා ... “
ඔව් මම අද තේරුම්
ගත්තා මට ලැබිලා ඉන්නේ ලෝකේ ඉන්න හොදම අම්මා ..එත් මම එයාට කොයිතරම් වෙනස්කම් කලාද
... මම දැන්මම අම්මා ව රැගෙන ඈ යුතුයි ..
මා දුවගොස් රථයට
ගොඩවූයේ අම්මා රැගෙන ඒමටයි....
“තාත්ති කොහෙද
යන්නේ ... සෙල්ලම් කරමින් සිටින පුතුගේ හඩ ඈතින් ඇසෙ ..
“මම පුතා ඉල්ලපු
නත්තල් තෑග්ග අරගෙන එන්නම් ..පුතේ ..
උපරිම වේගයෙන් මා
බැසිලිකා දෙව් මදුර වෙත ඉගිලුනා ... පාලු රබර් වත්ත අසලින් දෙව් මැදුර පැත්තට රථය
ඇදෙන විට මා ඇයට කල වෙනස්කම් නැවත්තත් මැවී..මැවී පෙනෙන්නට විය ...
දෙව් මදුර ඉදිරිපස
පාරේ හැම තැනම බැලුවත් මට ඈගේ රුව නෙත නොගැටුනි ...
“මෙතන හිගාකන ගොඩක්
වයසක ගැහැණු කෙනාව එහෙම දැක්කද ?... මා එසේ ඇසුවේ
පාරේ යමින් සිටි මගියෙකුගෙනි ..
“ඔය අහන්නේ අර අන්ධ
ගැහැණු කෙනා ගැන නේද ..?
“ඔව් කෝ එයා ..
“මෙයිට දවස් දෙකකට
ඉස්සෙල්ලා කව්ද මහත්තයෙක් මෙතන කෑම පාර්සල් වගයක් බෙදලා හිගන්නන්ට .. අර අන්ධ
අම්මට ලැබිලා නැහැ ... එයා ගොඩක් බඩගින්නේ ඉදලා තියෙන්නේ .. අන්න අර කුණු බක්කිය
ලග අනිත් අය කාලා ඉතිරි වුනු ඒවා කකා ඉන්නකොට ... පාරේ යන වාහනේක වැදිලා උන්දා
මැරුණා .... අයිතිකාරයෙක් නැති නිසා ආණ්ඩුවේ කනත්තේ භුමධානය කළා ..පව් කාගේ හරි
අම්මෙක්නේ ..
එදා කෑම බෙදු දවසේ ඈගේ අසරණ දුක්බර මුහුණ මට
නැවතත් මැවී පෙනෙන්නට විය ..
මා ඉක්මනින්ම
ආණ්ඩුවේ සුසාන භුමිය වෙත ගියෙමි .. සුසාන භුමියේ හුදකලා තැනක ඈ වලදමා තිබුණි .. මට ලෝකය බැලීමට දෙනෙත් දුන් ඈ ඒ වෙනුවට අනන්ත දුක්විද
හව්හරණක් නැතිව මියගොස් ඇත... ප්‍රථම වතාවට ඈගේ දෙනෙතින් ඈ වෙනුවෙන් ඉනූ මගේ
කදුලක් ඈගේ සොහොනේ පස් වලට මුසුවුණි...
මට නැවතත් පියා
කියූ වදන් සිහිවේ ...
“ඔයාට කවදාහරි දවසක
තේරේවි එයා ඔයාට කොයිතරම් ආදරේද කියලා ... “
එහෙත් දැන් මා ප්‍රමාද
වැඩිය ....
_______නිමී_________
:පලි:- මනංකල්පිත කතාවකි
_______නිමී_________
:පලි:- මනංකල්පිත කතාවකි