23 March 2012

ගිටාරය ඉගෙනගමු_01

සංගීතය
සංගීත භණ්ඩවල හෝ කට හඩේ සංඛ්‍යාත එකට උස් පහත් විම සංගීතය ලෙස හැදින්විය හැදින්විය හැක..ඕනැම කෙනෙක්ට 256Hz සංඛ්‍යාතයෙන් යුත් හඩක් පහසුවෙන් ගයනය කල හැක. මේ නිසා ස්ංගීතයේ 256Hz සංඛ්‍යාතය සංගීතයේ මූලික ස්වරය ලෙස නම් කොට ඇත...256 Hz = C
ගීටාරයේ කොටස් වලට කියන නම් ඉගෙන ගනිමු..








ස්වර අංකනය කිරිමේ සම්මත ක්‍රමය..
C C# D Eb E F F# G Ab A Bb B C
ඉහතින් දක්වා ඇත්තේ ස්වර නම් කිරිමේ සම්මත ක්‍රමයි..
# = sharp තීවු
b = Flat කෝමල

21 March 2012

ඔබ එන්න සුලගේ දැවටිලා...(2& අවසාන කොටස)

හැමදාමත් වගේ පොත් පත් අතරේ ඔහේ කාලය ගත උනා.පාඩම් කරන අතරතුරේදි ඔහුව මතක් නොවුනමත් නෙවෙයි.
හොදට දැකල පුරුදුයි ඉශා.මම කොහේදි හරි මීට කලින් එයාව දැකල තියෙනවා.
සoසාර පුරුද්ද වෙන්නැති.ඉශා මගේ අතට තට්ටුවක් දාල සරදමට වගේ එහෙම කියල හිනා වුනා.

එන්න එන්නම විභාගෙට කිට්ටු වුනා.නමක් නොදන්න ඔහුත් පන්ති ආවා.හැමදමත් හිනා වුනා.ඒත් වචනයක් වත් කතා කරේ නෑ එක දවසක්වත්.ඉශායි දේදුයි හොරෙන් හිනා වෙන නමක් නැති ඔහුට හොර පූසා කියල නමකුත් දැම්මා.
හොර පූසගෙ ලස්සන හිනාව මගේ හිතට ආදරේ කියන සිතුවිල්ල ගැන හිතන්න පුරුදු කරන්න උත්සාහ කරා.
ඒත් ඒ සිතුවිලි මගේ සුසුම් එක්ක සුළඟට පා කරල යවන්න මම නිතරම උත්සාහ කරා.ඔහුට මගේ සිතේ ඉඩක් නෑ.

02 March 2012

ඔබ එන්න සුලගේ දැවටිලා. (1කොටස)

ඔබ එන්න සුලගේ දැවටිලා...
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා...

එලාම් එක වැදෙන සද්දෙට මට ඇහැරුනා.දැන්ම ඇහැරිලා වැඩක් නෑ තා ටිකක් නිදාගන්න ඕන.අනික මේ දවස් වල සීතලයිනෙ.මම අනිත් පැත්තට හැරිලා ආයිමත් ටිකක් නිදාගත්තා.කම්මැලිකමට එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉදලා හරියට පියවි ලෝකෙට එනකොට 6.15 විතර වෙලා.

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...