දුමී කියන්නේ කාලයක් මගෙත් එක්ක එකම ආයථානයක සේවය කල මිතුරෙක්.. එත් මිනිහගේ ඒක දුර්වල කමක් තිබුනා . ඒක දුර්වල කමක් කියන්නමත් බැහැ . අනං මනං කිසි දෙයක් ගැන වැඩිය හිතන්නේ මතන්නේ නැතිව උපරිම කෙළිලොල් ජිවිතයක් ගත කිරීම. මේකටම හරියන යාළුවො සෙට් එකකුත් හිටියා මෙයාට...
යාළුවොත් එක්ක සෙට් වුනු වෙලාවට . මේ කාලයේ පාවිච්චි කරන හැම මත් ද්‍රව්‍යක්ම මේ සෙට් එකත් පාවිච්චි කළා..
වර්ගී කරණයක් තිබිලා නැහැ අතට අහුවෙන දන්නා කියන හැම දෙයක්ම අත්හදා බලන මට්ටමේ හිටිය සෙට් එකක්..
ඉතිං දුමියා ඉරිදා දවසට උදේම ගිහින් යාළුවොත් එක්ක සෙට් උනාම ආයේ ගෙදර එන්නේ හොදටම රැ බෝ උනාට පස්සෙලු.. ගොඩක් දවසට හොද සිහියෙනුත් නෙමේලු. දැන් ටිකෙන් ටික මුගේ මේ අමුතු හැසිරීම ගෙදරටත් චාටර් වගේලු...
ඔන්න ඉතිං තවත් ඒක ඉරිදා දවසක උදේ ඉදලම යාළුවොත් එක්ක සෙට් වෙලා ඉදලා රැ ගෙදර එනකොට ගෙදර කට්ටිය ටිවි බලනවලු. මු ඉක්මනට කාමරේට රිංග ගත්තලු වැඩි වෙලා ගේ ඇතුලේ සක්මන් කර කර හිටියොත් ඉතිං බඩු මාට්ටු වෙන්න පුළුවන්නේ කියල හිතාගෙන..
දුමියලගේ ගෙදර තියෙන්නේ කැලණිය පැත්තේ පන්සලක් කිට්ටුවම . කැළණි පන්සල නෙමේ වෙන එකක් . දුමිගේ කාමරේ ජනේලෙන් හරි අපුරුවට පන්සල් වත්තම පෙනෙනවා..
උදේ ඉදලම ඒක ඒක ජාති අත්හදා බලලා ආව දුමියා දැන් ඉන්නේ ටිකක් වෙනස් තත්වෙකලු දැන්ලු අත්හදාබැලීම් වල පවර් ඒක දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ හරියටම.. ඕන දෙයක් උනාවේ කියලා හිතාගෙන ඇදෙ හන්සිවෙලා එහෙම සිංදුවක් අහන්න පටන් ගත්තලු...
දුමී ඒ කාලේ අහන්න ආසම සිංදුව කසුන් කල්හාරගේ “ අනන්තයට යන පාර දිගේ “ කියන සිංදුව තියෙන සිඩි තැටිය එහෙම හොයාගෙන සිඩි ප්ලේයර් එකට දාලා සිංදුව අහගෙන ඉන්නවලු දැන් ඇදේ හන්සිවෙලා ඉදගෙන..
අනේ කසුන් කල්හාරත් හරිම ලයාන්විතව කියන මේ ගීතය දුමියා අස්දෙකත් පියාගෙන රසවිදිනවලු..
අනන්තයට යන පාර දිගේ.... අනන්තයට යන පාර දිගේ....
ඇය එනවා පාර්ථනා වේ.. මල්. පොකුරු අරන් සිතල පිණී වැස්සේ..
සිංදුවඉවර වෙනකන් අහගෙන හිටිය දුමිට දැන් ඒක පාරක් අහලා මදි වගේ හිතිලා තව පාරක් අහන්න හිතාගෙන සිඩි ප්ලේයර් ඒක ලගට ගියාලු .. ඒ තරමටම සිංදුවට ආස නිසා ආයේ සිංදුව ප්ලේ කරන්න..
එතකොට තමයි දුමී දැකලා තියෙන්නේ සීඩ් ඒක ප්ලෙයර් එකට දැම්මට සීඩ් ඒක ප්ලේ වෙන්න ඔන් කරලා නැති විත්තිය.. මේ වෙනකන් දුමී සිංදුව අහල තියෙන්නේ මනොමයෙන් ඇත්තටම නෙමේ.. හෙක්.. හෙක් .. කොහොමද මතේ පවර් ඒක..
මේ වෙනකන් මනොමයෙන් අහපු සිංදුව ඇත්තටම ප්ලේ වෙන්න දාල දුමී ආයෙමත් ඇදේ හන්සිවෙලා පන්සල දිහා බලාගෙන ඉන්නවලු.. ඒ වෙලාවට ඉතිං පන්සලත් හරි ලස්සනලු හද එලිය වැටිලා එහෙම හරිම ශාන්ත පාටයිලු...
ඔහොම බලාගෙන ඉන්න අතරේ දුමිට පේනවලු.. පන්සලේ ගින්නක් වගේ.. තවත් හොදට ඇස් ලොකු කරලා බලනකොට .. දෙය්යනේ පන්සල ගිනිගන්නවලු.. දුමිට ඒ වෙලාවේ දරාගන්න බැරි ආවේගයක් ඇවිත් උදේ හවහා වදින පුදන පන්සල..මේ විදියට ගිනි අරගෙන විනාශ වෙනවා බලාගෙන ඉන්න පුළුවන් කාටද ...
දුමී ඇදෙන් බිමට පැන්නලු.. එතකොටම දුමිට මතක් උනාලු කව්ද මන්දන්නේ නැහැ රජ කෙනෙක් කියපු කතාවකුත්..” දිවි හිමියෙන් රට ජාතිය ආගම බේරාගත යුතුය..”
දැන් ආවේගය තවත් වැඩිලු.. දිවි හිමියෙන් පන්සල බේරා ගන්න ඕනේ කියලා හිතාගෙන පන්සලපැත්තට දුවන ගමන් දුමියා ..හතර වටේටම ඇහෙන්න බෙරිහන් දීලා කෑගැහුවලු ..
මෙහෙ වරෝ ..පන්සල ගිනි ගන්නවෝ..’’////
කෑගහගෙන දුවන දුමියා පස්සෙන් දැන් හතර වටේ ගෙවල් වල මිනිස්සුයි.. දුමිලගේ ගෙදර ටිවි බල බල හිටිය අයයි ඔක්කොම එනවලු දුවගෙන.. පන්සලේ ගින්න නිවන්න.. දුවන ගමන දුමිගේ කෑගැහිල්ල නතර වෙන්නෙත් නැහැලු
මෙහෙ වරෝ ..පන්සල ගිනි ගන්නවෝ..’’////
දුමී ඒක එල්ලේම ගින්න දිහා බලාගෙන දුවගෙන ගිහින් නතර උනේ .. පංසලේ පහන් වැට ලගලු... අනේ පහන් වැට හරි ලස්සනට සුළගට ඒ මේ අතට ලෙල දිදී පත්තු වෙනවලු...
හෙක්..හෙක්.. කොහොමද පවර් ඒක..
කර කියා ගන්න දෙයක් නැතිව පිටි පස්ස හැරිලා බලපු දුමී දැක්ක දෙයින් සට සට ගාලා වෙව්ලන්න ගත්තලු.. දුමිගේ කෑගැහිල්ලට පස්සෙන් දුවගෙන ආව හත්මුතු පරම්පරාව දත් මිටි කාගෙන දුමිට කිට්ටු වෙන හැටි...
එතනින් එහාට වෙච්ච දේ ලියන්න ඕනේ වෙන එකක් නැහැ .. පහත පින්තුරය බැලුවම ඒ ගැන වැඩි විස්තර හිතා ගන්න පුළුවනි..ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ...( පහත රූපය බලන්න )
එදායින් පසු දුමී සති කිහිපයක් රැකියාවට පැමිණුනේ නැත.. කනේ අභ්‍යන්තරේ ඇතිවී ඇති දරුණු තුවාල වලට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවූ බව දන්වා ඒවා තිබුණි...තවත් එක් ටැබා ඛේදවාචකයක් ඒ ලෙසින් නිමාවට පත්විය..