Showing posts with label පිස්සු වැඩ. Show all posts
Showing posts with label පිස්සු වැඩ. Show all posts

26 August 2013

මහ රෑ චාටර් වී භූතයෙක් වූ චමි...


මා උසස් පෙල පංතියේ අසුන්ගෙන වැඩි කාලයක් යෑමට මත්තෙන්  අප ප්‍රදේසේ සිටි රැය පහන් වනතුරු පාඩම් කිරීමේ භාරදුර ක්‍රියාදාම කණ්ඩායමේ  සාමාජිකයෙක් වීමි .  ඒ මා තුල ඇති අධ්‍යාපන උනන්දුව නිසා යැයි ඔබට සිතුනිනම්  ඔබ වැරදිය .  වහාම එය නිවැරදි කර ගත යුතුය .  මගේ අරමුණ වෙන එකකි.  ඒ දහවල් කාලයේ වත් අල්ලා ගන්නට නොලැබෙන මිතුරන් හා සතියකට දෙතුන් වරක් හෝ රාත්‍රියේ සෙට් වී කයියක් ගැසීමටය.. ඕපාදුපයක් කියවිමටය .. සරලව කිවහොත් ෆන් එකටය ..

එවකට මා උසස් පෙළ පංතියට ඇතුළුවී මසකට වැඩි කාලයක් ගෙවී ගොස් තිබුනේ නැත. රැයක් පහන් වනතුරු තබා පැයක්  දෙකක් පාඩම් කිරීමට  තරම්වත් මාගේ උසස් පෙල පොත් හි  සටහන් නැත. ඒ මා සටහන් කර නොගන්නා නිසා නොවේ.. අප තවම විෂය නිර්දේශයට අවතීර්ණව නොමැති බැවිනි. එහෙත් මා සමග පාඩම් කල අනෙකුන් එසේ නොවේ උන් මට වඩා වසර දෙකකින් වැඩිමහලුන්ය . උසස් පෙල විභාගය අත ලග බැවින් උන්ට පාඩම් කිරීමට ඇති පදම් දෑ තිබේ .. එහෙව් උන් සමග උසස් පෙල පිටු තුනක් පිරි ඇති මගේ සටහන් පොතත් සමග මට කරන්නට ඇති ලබ්බක් නැත එහෙත් මා උන් සමග හරි හරියට පාඩම් කලෙමි. සටහන් පොතේ පිටු තුන කටපාඩම් වෙන තුරු පාඩම් කලෙමි ..ඒ  මා තුල ඇති අද්‍යාපන උනන්දුව නිසාම  නොව.. උක්ත කරුණ නිසාම පමනි.

අපට පාඩම් කිරීමට ස්ථිර   ස්ථානයක් කියා තිබුනේ නැත. බොහෝවිට රාත්‍රී පාඩම් කිරීම් වලදී ඒකරාශී වුයේ  එක් එක් සාමාජිකයන්ගේ නිවෙස් වලය.  නිවසේ ප්‍රධාන දොරෙන් පිටත කාමරයක් තිබීමත් කාමරය තුල සිදුවන කතාබස් වලට අවහිරයක් නොවීමත් යන  ප්‍රධාන කාරණා දෙක සම්පුර්න වීම මත එතැන අපට රාත්‍රියක් ගෙවෙන තුරාවට පාඩම් කිරීමට සුදුසුකම් සපුරනාවායයි අප සැලකුහ.

මෙවැනි ස්ථාන කිහිපයක් අතරින් අප වඩාත් ඇලුම්කල ස්ථානයක්ද විය ඒ ජනකාන්ත නිවෙසයි. ජනකාන්ත අයියා ද එකල උසස්පෙළ කඩයිම පැනීමට ඔන්න මෙන්න කියා සිටි එකෙකි.. එබැවින් ඔහුගේ ආරාධනය පිට අප බොහෝවිට රාත්‍රී පාඩම් සදහා යොදාගත්තේ ජනකාන්ත නිවසේ ඉදිරිපස කාමරයයි .

එක් දිනෙක රාත්‍රියේ නිලංක, ප්‍රියා සහ මා ජනකාන්ත නිවෙස කරා ගියෙමු ඒ පාඩම් කිරීමට අවශ්‍ය ආම්පන්නද රැගෙනය . ජනකාන්ත නිවසේ අපට පාඩම් කිරීම සදහා ලබා දී තිබුනේ නිවෙස ඉදිරිපස ඇති කන්තෝරු කාමරයක ප්‍රමාණයේ පුංචි කාමරයකි මෙහි ඇත්තේ පුංචි පොත් මේසයක් සහ ඇදක් පමනි .

පොත් මේසය ජනකාන්ත අයියා නිරන්තරයෙන්ම අයිති කරගෙන සිටි බැවින් අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇද උඩ සිට පාඩම් කටයුතු කිරීමට සිදුවිය . එක අතකින් එය අපට වාසි විය .. ඒ පාඩම් අතර තුර නිදිමතක් ආවොත් එහෙම්මම ඇස් පියාගත හැකි බැවිනි... බොහෝ දිනවල අපි තිදෙනා කලේද එයමය .. එහෙත් ජනකාන්ත අයියාට එසේ බැරිය . අප එසේ නිදාගත් දිනවල එලිවෙනතෙක් නින්දක් නැතිව  ජනකාන්ත අයියා අපා දුක් විදි බව පසුදා අපට පවසයි එහෙත් අපට එයින් වැඩක් නැත. ඇද අයිති අපටය.. ජනකාන්ත අයියාට අයිති මේසයයි එබැවින් ඌ මේසය උඩ නැටුවත් අපට කම් නැත . අප පාඩම් කල ස්ථානයේ අප නිදාගන්නා සේම ඌ පාඩම් කරන ස්ථානයේ නිදාගැනීම උගේ යුතුකමකි .

මෙදිනද මධ්‍යම රාත්‍රී කිට්ටු වෙනතෙක් අප නිහඩව පාඩම් කලෙමු..  නිහඩව පාඩම් කිරීමෙන්ම කම්මැලි සිතුන නිසාදෝ මන්දා ජනකාන්ත අයියා අලුත් යෝජනාවක් ගෙනාවේය .

“මම උබලගෙන් ආර්ථික විද්‍යාවෙන් ප්‍රශ්න අහන්නම් උබලා උත්තර දියල්ලා ....

නිදි මතේ සිටි බැවින් අප තිදෙනාද එයට අකමැති වුයේ නැත ..

“ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න ... හොදයි නිර්වචනය කරහල්ලා බලන්න ..”

අප ප්‍රශ්නයට පිළිතුරු ගොනු කරන අතරේ ... එකෙක් මහා හඩින් ලියන භාෂාවෙන්ම  උත්තරය කිවේය ..  ඒ එකෙක් නොව එකියෙකි... ඒ ගෑනු කටහඩ අපගේ නොවේ ..

අප තිදෙනා එකිනෙකාගේ මුණු දෙස බැලුවේ නිදි මරගාතේ ඇසුණු ගෑනු කටහඩ  අප තිදෙනාගෙන්ම කෙනෙක්ගේ දැයි  සැක හැර දැනගැනීමටය...  එහෙත් තිදෙනාගේම මුහුණුවල ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.. දැන්නම් ඒ කටහඩ අපේ කාමරයේ නොමැති අයෙකුගේ හඩක්  වැව් ස්ථිරය ..

ජනකාන්ත අයියා ට එය ගැටලුවක් නොවන සේය ඔහු  සුන්දර සිනාහවකින් සැරසී අප දෙස බලා සිටි..

“කවුද බං ඒ ...

අප තිදෙනා විශ්මයට පත් කල ඒ පිළිතුරු කාරිය කවුදැයි අප සෙවිය යුතුය..

“ ඒ අපේ අම්මා ...”

ජනකාන්ත අයියාගේ ඒ පිළිතුර අපව තවත් විශ්මයට පත් කලේය .  ජනකාන්තගේ අම්මා වැනි අයෙක් ආර්ථික විද්‍යාවේ මුලික දැනුමින් සන්නද්ද වුයේ කෙසේද?.. ගෘහ විද්‍යාව ගැන ප්‍රශ්නයකදී ඈ පිළිතුරු දුන්නා නම් අප පුදුම  විය යුතු නැත. මන්ද ඈ ගෘහණියකි . එහෙත් ඈ දැන් පිළිතුරු සපයන්නේ අපට අමාරු විශයක්වූ ආර්ථික විද්‍යාවටය.. ඉතින් අප පුදුම විය යුතු නොවේද ...

“ඒයි ජනකාන්ත අයියේ උබලගේ අම්මා කොහොමද බං ආර්ථික විද්‍යාව දන්නේ ..”

“ මෙහෙමනේ බං .. මම තනියම පාඩම් කරද්දී  හයියෙන් කෑගහලා පාඩම් කරන්නේ.. එතකොට ප්‍රශ්න උත්තර පොතේ ලියලා තියෙන ප්‍රශ්නයි උත්තරයි දෙකම කියනවා .. අම්මට දැන් ඒවා ඇහිලා ඇහිලම  කටපාඩම් ...”

මෙතෙක් වෙලා අප පුදුමයට පත්කල පැනයට පිළිතුරු ලැබුනේ ජනකාන්ත අයියා අම්මට නොඇසෙන සේ හීන් හඩින් එසේ කියූ පසුවයි ..

ඉන් පසුවද ජනකාන්ත අයියා  ආර්ථික විද්‍යාවෙන්   ප්‍රශ්න කිහිපයක්  ඇසු අතර අප පිළිතුරු දීමට පෙර උන්ගේ අම්මා ඒ සැමටම පොතේ හැටියටම පිළිතුරු දුන්නේය..  

ඈ ඉන්නේ අප සිටින කාමරයට එහා පැත්තේ කාමරයේ බැව් එයින් අපට පසක් විය.. කාමර දෙක වෙන්වී ඇත්තේ එක බිත්තියකිනි... සමහර විට අප හිමින් මුමුනන  නොහොබිනා දෑ වුවද උන්ගේ අම්මාට කනේ තිබ්බා සේ ඇසීමට ඉඩ ඇත .. ඒ බව මට කල්පනා වුයේ පසුවය එවිට  අප පමා වැඩිවී තිබුණි ..

ජනකාන්ත අයියයි උන්ගේ අම්මයි අතරේ ප්‍රශ්න උත්තර වැඩසටහන දිගින් දිගටම යන අතරේ අප තිදෙනා පොත් පත් අකුලා තබා ඇදට  ගොඩවූයේ නිදාගන්නා අදහසිනි ..  එහෙත් කරුමයකි . මෙතෙක් වෙලා නිදි මත පෙරෙමින් තිබුනද ඇදට නැග කොට්ටයට ඔලුව තිබු මොහොතේ සිට නිදි මත කොහෙන් ගියාද නැත .. අන්තරස්ද්දාන වූ නිදිමත නැවත අප කරා එනතෙක් අප කතාවට වැටුණි..

අපේ කතා බහ එක් එක් මතෘකා ඔස්සේ ගොස් අවසානයේ වැදගත්ම මාතෘකාවේ නතර විය .. අප වැනි අද්‍යාපනය ලබන වයසේ සිටින්නන්ගේ වැදගත්ම මාතෘකාව කුමක්දැයි වචනයෙන් කිවයුතු නැත එය ඔබ දනි..  මේ වයස පසු කල සියල්ලෝමද දනී.. නොදන්නෙක් වී නම් ඔහු ජිවිතයේ එක් කාලපරිච්ඡේදයක් මගහැර පැමිණියෙකි...

ආධ්‍යාපනය ...!!,

අධ්‍යාපනය යැයි ඔබ සිතුවානම් ඔබට වැරදි ඇත ..මා කිවේ ආදරය ගැනය .  මේ කාලයේ අපගේ සිත් ගත් යුවතියන් රාශියක් සිටියේය .., එබැවින් උන් ගැන අපට කියවීමට ඇති පදම් දෑ තිබේ. මේ මොහොත අප ඒ සදහා යොදාගත්තේය..

අපටත් නොදැනීම මාතෘකාව දික් ගැහුනි එත් කම් නැත වරද වුයේ මාතෘකාව අතුරු මාතෘකා ඔස්සේද දිව යෑමයි... අප දන්නා යුවතියන්ගේ රුව ගුණ නැනැ පමණක් නොව..හැඩ ගැනද අප කතාවිය.. එතැනින් ගොස් එක්  එක්  සරීර ස්ථානයන් හී හැඩ ගැනද කතා විය අවසානයේ අපගේ කතිකාව උච්චතම අවස්ථාවට පැමිණෙමින් සිටින මොහොතේ ..

“බරාස් “  ගා අප සිටි කාමරයේ දොර ඇරී ගියේය.. ඒ දොර එසේ නිකන්ම ඇරෙන්නේ නැත. කිසියම් කෙනෙක් එළියේ සිට වැරෙන් දොර තල්ලු කර ඇත...

ඒ ශබ්දයෙන් අප සිව් දෙනාම ගැස්සී ගියමුත්  බිය යටපත් කරගෙන දොර දෙසම බලා සිටියෙමු... දෙරෙන් එපිට  කට්ට කලුවරය.. අපට නොඇසුනාට පොද වැස්සකුත් වැටෙන බව යාන්තමින් ඇති හද එළියෙන් පෙනෙන්නට විය

එහෙත් සමගම දොර ඉදිරියෙන් දිස්වූයේ  සුදු දිග ගවුමක් ඇදගත් කාන්තා රුවකි ..  එක වරම හැමු සුළගින් ඈගේ කෙහෙරැලි අවුල්වී මුහුනට වැටුණි.. ඒත් සමගම කාමරය තුලට එබුනු ඈගේ මුහුන ලයිට් එළියෙන් අපට පැහැදිලිවම දිස්වුනි... ඔව් ඒ මෝහිනී ..

“බැහැපියව් තුන් දෙනාම එලියට ....” මෝහිනී කෑගැසුවේය....  

මෝහිනී ඇන්ටි යනු වෙන කවරෙකුවත් නොව ජනකාන්ත අයියාගේ මව්තුමියයි ..

මෙතන රෑ තිස්සේ පාඩම් කරන්න කියල ඇවිත් කරන පාඩමක් නැහැ මගුල් කතා කරනවා ... අපේ එකාට පාඩමක් කරගන්නත් නැහැ .. නිලංග ,ප්‍රියාන් , චමි ...තුන් දෙනාම දැන්ම බහින්නයි කිව්වේ එලියට ..”

දැන් ඉතින් කරන්නට දෙයක් නැත තව දුරටත් මෙතැන රැදී සිටියහොත් ජනකාන්තගේ අම්මා අපව බෙල්ලෙන් අල්ලා බල්ලන් සේ එලියට විසික්කා කරන්නට වුවත් ඉඩ ඇත ..එබැවින් අපි   අප සතු ආම්පන්නද කොට්ට මෙට්ටද අකුලාගෙන එලියට බැස්සෙමු ..

“අපි යනවා ජනකාන්ත අයියේ ...”

එත් ජනකාන්ත අයියා අපට නතර වෙන්නැයි කිවේ නැත එසේ විනම් ඌටද අප සමග එලියට බැසීමට සිදුවන බැව් ඌ දනී...

අප පොද වැස්සේම එලියට බසින අතර මේසා විපතක් වීමට අප පෙර කල අකුසල කර්මයක්  තිබේදැයි මනසින් සොයා බැලීමට මට සිත්විය ...

යටගිය දවසක අප මෙලෙසම ජයකාන්තයාණන් ගේ කුටියේ  පාඩම් කටයුතු සදහා ආහ.. මෙදා මෙන්ම එදාද අප සිටියේ ඇද උඩය ජනකාන්තයාණන් මේසය උඩය.. එදාද මෙදා මෙන්ම මැදියම් රැයේ අප තිදෙනා ඇද උඩම නින්දට වැටුණි.. අප නින්දට වැටී මද වේලාවක් යෑමට මත්තෙන් ගිගුරුම් සහිත මහා වර්ෂාවක් පතිත විය.. ජනකාන්ත නිවසේ සිංහල උළු අතරින් පවා වැහි බිදුද හිරිකඩද කුටියට පතිත විය .. තද වර්ෂාවත් සීතලත් බැවින් ජනකාන්තයාණන්ට නිදා ගැනීමට උවමනාවිය.. එහෙත් මේසය උඩ නිදාගැනීමට බැරිය , ඇදේද  අප තිදෙනා ඇති බැවින් නිදාගැනීමට ඉඩක් නැත .. අසරණවූ ජනකාන්තයාණන් පැදුරු කඩමල්ලක්වත් නැතිව සීතලේම සිමෙන්ති පොලවේ වකුටුවී වැදහොත්තේය ...

වර්ෂාව එන්න එන්නම දරුණු විය .. ගිගුරුම් ඇතිවිය එබැවින් ජනකන්තයාණන්ගේ මෑණියන්වහන්සේට අප ගැන සොයා බැලීමට සිත් විය ඈ ඇවිත් කුටියේ කවුළුවකින් එබී බැලුවිට ඈ දුටුවේ.. සීතලේ බිම වැතිරී සිටින ජනකාන්තයාණන් සහ ඇදේ සැපට නිදන අප තිදෙනාවය..

එදවස පටන් ජනකාන්ත මෑණියන්දෝ අපට වයිර කරන්නට විය.. ඉඩ ලද විගස අපෙන් පලි ගැනීමට සිතාගත්තේය... අද අපට මෙලෙස මහා රාත්‍රියේ එලියට බැසීමට කරුණු කාරනා සැලසුනේ එසේය ..

පව නම් පවමය ගොනුන් පසුපස යන රියසක සේ පව පවුකාරයන් පසුපස ලුහුබදි එය වැලැක්විය නොහැක මෙදා මේ සා විපතක් පැමිණුනේ එදවස අප කල ඒ පාප කර්මය නිසා බැව් සිහිපත් කර  ගත් අප තිදෙනා පොද වැස්සට තෙමේමින් මහා රාත්‍රියේම පල්ලම් බැස්සේය.. ඒ යන ගමන් ජනකාන්ත අය්යාවත් උන්ගේ මෑණියන්දාවත්. මෑණියන්දාගේ මෑණියන්වත් සිහිපත් කරන්නට අමතක නොකලේමු..

මේ මහා රාත්‍රියේ කෙසේවත් අපට නැවත නිවෙස් වලට යෑමට නොහැක... කරන්නට දෙයක් සිතා ගැනීමට නොහැකිව අරමුණකින් තොරව ඇවිදගෙන ගිය අප අවසානයේ ගමේ හන්දිය ලගින් හැරී හොල්මන් කන්ද  පාමුල ලයිට් කණුව යට බෝක්කුවේ අසුන් ගත්හ ..

අසුන්ගෙන වැඩි වෙලාවක් යෑමට මත්තෙන් ..ටක් ..ටක් ..ටක් ..යන ශබ්දයෙන් කෙනෙකුගේ පා ගැටෙන හඩක් ඇසෙන්නට විය.. පුදුමයකි .. මෙවන් වේලාවක මේ පාරේ කෙනෙක් තනිවම නම් යන්නේ නැත මෙය පාලු පාරකි  හොල්මන් කතා  දෙක තුනකටම මග පෑදු ස්ථානයකි..එසේනම් මේ එන්නේ හොල්මනක් වත්ද ..

බෝක්කුව එහා පැත්තේ ඇති කෙහෙල් පදුර අස්සට රිංගු අප තිදෙනා ..ටක් ටෝක් ..හඩින් එන හොල්මන හැදින ගන්නට උත්සහ කලේමු...

ඒත් සමගම හොල්මන ලැසි ගමනින් අප සිටි ස්ථානයද පසුකර ගියේය .. ඒ හොල්මනක් නොව අපගේ නැටුම් ගුරුවරයායි ..

ඔහු අප ප්‍රදේශයේ නැටුම් පංතියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.. මා මුලින්ම ඔහුගේ නැටුම් පංතියට ගියේ ඔහු මයිකල් ජැක්සන් වැනි පොරක් යැයි සිතාගෙනය.. එහෙත් ඔහුගේ සුන්දර සුකුමල මුහුණත් , කාන්තාවකගේ බදු ලැසි ගමනත් දැකීමෙන් මගේ මයිකල් ජැක්සන් සිහිනය බොද විය .. එහෙත් මා නැටුම්  පංති යෑම දිගටම කරගෙන ගියේය... අද වන විට මේ නැටුම් ගුරුවරයා රුපවාහිනි නාට්‍ය වල පවා සුළු වශයෙන් ප්‍රසිද්ද නාමයක් සාදාගෙන ඇත..

අද ඔහු මේ එන්නේ කොහේ හෝ නැටුම්  සංදර්ශනයකට සහබාගීවි එන ගමන්ය... කෙහෙල් පදුරක් අස්සේ රිංගා සිටි බැවින් ඔහු අපව දුටුවේ නැත ...

“ඒයි මොකද කරන්නේ සර් කාරයට පොඩි ජෝක් එකක් කරමුද ...’
එකෙක් යෝජනා කලේය..

දැන් ඔහු අප පසුකර මීටර් සියයක් පමණ දුර ගොස්  පාළු කන්ද අසලට ලංවී ඇත මේ කදු පාර දෙපස ඇත්තේ පොල් ඉඩම් කිහිපයකි පාරට පෙනෙන මානෙක නිවෙස් නැත ඇතත් අතරින් පතරය.. කන්ද අවසානයේ පාර අසලම ඇත්තේ සුසාන භූමියයි.. නැටුම් ගුරුවරයාගේ නිවෙසට සුසාන භූමියද පසුකර සැතපුමක පමන දුරක් තිබේ..

දැන් නැටුම් ගුරුවරයා කන්ද නැගීම ආරම්භ කර ඇත අපද ඔහුට මීටර් සියයක් පමණ පිටු පසින් ඔහුව ලුහුබදි.. කන්ද මැදක් හරියේ සිට අප මෙහෙයුම ආරම්භ කලෙමු... ඒ සියුම් හඩින් භූත ශබ්ද දැමීමෙනි .. අසල ඇති පොඩි ගස් පදුරු එක වරම හයියෙන් අල්ලා සෙලවිමෙනි .. පුංචි පුංචි ගල් කැට විසි කිරීමෙනි ..


අපේ වෑයම සාර්ථක විය .. ගුරුවරයා පොඩ්ඩක් නතරවී පසු පස බැලුවේය ඉන් පසු කරේ එල්ලාගෙන සිටි බෑග් එක ගලවා වමතේ හිරකර ගත්තේය.. දැන් ඔහුගේ ගමන වේගවත්ය.. අප නැවතත් ශබ්ද කල විට ඔහු නැවත පසුපස හැරි බලා පහත්වී පයේ ලා සිටි සෙරෙප්පු දෙක ගලවා දකුණතට ගත්තේය.. දැන් ඔහුගේ ගමන ඉතා වේගවත්ය එය දිවිමකට සමානය එහෙත් අඩි පහ හයකට වරක් පිටු පස හැරී බැලීමට ඔහු අමතක කලේ නැත...

සුසාන භුමිය පෙනෙන මානයේදී ඔහු පසු පස හැරී බැලු විටම.. මා හයියෙන් හූවක් කියාගෙන පාර මැද්දට පැන ඔහු වෙතට දිව ගියෙමි.. ඒ අතරම අනෙක් වුන් දෙදෙනාගේ ගල් ගැසීමත් දිගටම සිදුවිය ...


හු ..කියාගෙන දෑත් දිගුකරගෙන එන මා දුටු නැටුම් ගුරුවරයා මටත් වඩා හයියෙන් හු.. තියමින්.. පාර දිගේ දුවන්නට පටන් ගත්තේය.. අපට ඔහුට ලංවිමටවත් ලැබුනේ නැත ඒ තරමටම ඔහු වේගවත්ය .. එදා ඔහුගේ දිවීම සමකල හැක්කේ ඔලිම්පික් මීටර් සියය කප් ගැසූ පොරගේ දිවීමට පමණි .

පසුවදා සවස අපට නැටුම් පංති පැවැත්වෙන දිනයකි.. එහෙත් වෙනදා වේලාසනින්ම ඇවිත් ශාලාව විවුර්ත කරන නැටුම් ගුරුවරයා අද පෙනෙන්නට නැත ...  අනෙක් ශිෂ්‍යයෝද දොර අසලට වී බලාසිටි පංති වේලාවද ගෙවී ගොස්ය එහෙත් ගුරුවරයා පෙනෙන මානේක නැත.. පෙරදා රාත්‍රියේ සිදුවූ දේ මා දන්නා  බැවින් ගුරුවරයාගේ ප්‍රමාදය මටද ඇති කලේ බියකි ..

මද  වෙලාවකින් කොලුවෙකු පාපැදියකින් ඇවිත් නැටුම් ශාලාව ඉදිරියේ නතර විය ..

“ නැටුම් සර් මේ ලියුම දෙන්න කිව්වා ..”

එසේ කියා කොල්ලා එතැන සිටියෙක් අත ලියුම තැබුවේය....

// උන ගැනී අසනීපව ඇති බැවින් අද දින නැටුම් පංති පවත් වීමට නොහැකි බව කරුණාවෙන් දන්වා සිටිමි
මෙයට ,
නැටුම් සර් ,  //

භූත නාටකය එතැකින් නිමා විය.. සර්ට උන ගැනීමේ උප්පත්ති කතාව දැන සිටියේ අප තිදෙනා පමනි.. අද වන තුරුද එය එසේය...!!!

---------------------------------------------------------------------------------------------
ජනකාන්ත අයියාගේ පාරම්පරික ජන නැටුමක් පහතින් ...













25 July 2013

කෙල්ලන් අතර වීරයෙක් ....





මිනිස්සුන්ට හිටි ගමන් හරි පුදුම වැඩ වෙනවා  අපේ ජනකාන්ත අයියත් නොසිතු නොපැතූ වෙලාවක අහම්බයකින් කෙල්ලෝ ගොඩක් අතර වීරයෙක් වීමේ අවාසනාවන්ත කතාවයි මේ .

 ජනකාන්ත අයියා  ගැන මගේ  කතාන්දර කිහිපයක ලියවිලා තියෙන නිසා ආයෙත් උන්දැගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය  වෙන්නේ නැහැ  මම අර කතාවක කිවා වගේම උන්දැ  මහදැන මුත්තාගේ පුනර්භවයක්. . ඉතිං එහෙව් උත්තමයෙක් ගැන බ්ලොග් ලිපි ලියන එකත් මට ආඩම්බරයක්. තව ඉදිරියටත් මගේ බ්ලොගයේ උන්දැ ගැන පුංචි රසකතා රාශියක් ලියවෙන්න ගොඩ ගැහිලා තියෙනවා .. උන්දැ ඒ තරමටම පිංවත්.

මේ කාලේ වෙන කොට අපි   පුංචි කොලු කුරුට්ටෝ.  ඒත් වැඩි ඈත කාලේකමත් නෙවෙයි  උසස් පෙළ අහවර කරපු සංදියේම වගේ . මේ කාලේ වෙනකොට අපි පිහිටුවා ගත්ත තරුණ සමිතියක් තිබුනා. ජනකාන්ත අයියත් ඒකේ යාව ජීව සාමාජිකයෙක්  මතකේ හැටියට භාණ්ඩාගාරික වගේ තනතුරකුත්  දෑරුවා ..

දවසක් ප්‍රදේශයේ සියලුම සමිති සමාගම් වල තරුණ තරුණියන් ඒකරාශී කරගෙන විනෝද චාරිකාවක් යන්න සුදානම් කර තිබුනා  පියතුමාගේ මුලිකත්වයෙන් .

උදේ පාන්දරින්ම චාරිකාව ආරම්භ කරලා රටේ ප්‍රධාන ස්ථාන කිහිපයකම අපි  කරක් ගැහුවා ඒ අතර සිදුවූ සිදුවීම් එමටයි  එවා පස්සට .මේ චාරිකාවේ අපේ කතානායකයා නිහඩ චරිතයක් වුනා   ඒ කියන්නේ  අපි අදුනන්නේ නැති විශාල පිරිසක් ඉදිරියේ ඔහු කැපී පෙනෙන චරිතයක් වුනේ නැහැයි කියන ඒක .. මේ වගේ චාරිකාවක කැපී පෙනෙන චරිත වුනේ මහා හයියෙන් බෙරිහන් දීලා සිංදු කියන උන් සහ උවමනාවෙන් කැපී පෙනෙන්න විකාර වැඩ කරපු කිහිපදෙනෙකුයි විතරයි . ජනකාන්තා අයියා කලේ උන්දැ දන්නා අදුනන පුංචි කොලු කුරුට්ටෝ කිහිප දෙනෙක් ලංකරගෙන  ගජබින්නයක් ඇදබාපු ඒක විතරයි .

අවසානයේ අපි පැමිණුනා අම්පිටිය ප්‍රදේශයේ ඇති දෙව් සත්හලට , දෙව් සත්හලක් කියන්නේ කතෝලික ආගමික පූජකවරුන් බිහි කිරීමට ළමුන් සුදානම් කරන පුහුණු කරන ස්ථානයක් ..

මෙතැනට ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් අපි  දැක්කා වත්තේ කෙලවරේ තියෙන විශාල පිහිණුම් තටාකේ. වැඩි වෙලාවක් යන්න කලින් එකා දෙන්නා මෙතැනට එකතු වෙන්න ගත්තා .

හැබැයි මේ තටාකේ අවුරුද්ද කින්වත්  පාවිච්චි කරපු එකක්නම් නෙමේ.. තටාකේ වතුර පල් වෙලා හරියට නිකම් බේරේ වැව වගේ වතුර කොළ පාටයි කොළ පාට පාසි වලින් ටයිල් වැහිලා ඒ මදිවට ගෙම්බෝ පිරිලා ... අපිරිසිදු එකේ උපරිම කිව්වොත් හරි ..

ඔන්න ඉතින් පිහිණුම් තටාකේ ලග තැනිතලාවේ කට්ටිය කල්ලි ගැහුනා , මොකද එක බස් එකේ ආවට කණ්ඩායම් කිහිපයක් නිසා බැස්ස ගමන් කල්ලි ගැහෙන එක සාමාන්‍යයි, සමහරුන් සෙල්ලම් කරන්න ගත්තා ඔහොම කාලේ ගෙවීගෙන යද්දී ,  ඒක පොෂ් තරුණියක් බෙරිහන් දෙන්න ගත්තා , එයාගේ සපත්තුව නැතිවෙලාලු  ..


කෙල්ලත් හැඩට වැඩට ඉන්න නිසා කොල්ලෝ ඔක්කොම තමන්ගේ වැඩ නවත්තලා සෙරෙප්පු සෙවීමේ මහා මෙහෙයුමක් දියත් කළා .. සෙරෙප්පුව හොයලා දෙන එකාට ඉතින් පොෂ් නංගිගෙන් ලකුණු ටිකකුත් ලැබෙනවා  ඉතින් වැඩේ පාඩුත් නැහැ .

ගස් ගල් මුල් පීරලා හෙව්වත් එකෙක්ටවත් සෙරෙප්පුව හොයාගන්න ලැබුනේ නැහැ  මේ අතරේ  කවුදෝ කෙනෙක් දැකලා තිබුනා සෙරෙප්පුව තියෙනවා ,

පිහිණුම් තටාකේ ,

පිහිණුම තටාකේ කෙලෙවරක නෙමේ හරි මැද්ද හරියේ උඩ පාවෙවිත් නෙවේ අඩියක් විතර වතුර යටට ගිහින් පාවෙනවා .. හරියට නිකන් සෙරෙප්පුව හොයපු කොල්ලන්ට කොලොප්පන් කරනවා වගේ පුලුවන්නම් මාව උඩට ගනින් කියලා ..හෙක්..හෙක්..,

සෙරෙප්පුව ගන්න එකනම් ලේසි උනේ නැහැ ,  තටාකේ විශාලයි ඒ තරමට දිග ලියක් නැති කමෙන් සමහරු පුන්චි කෝටු කෑලි දික් කරමින් අසාර්ථක වෑයමක යෙදුනා.. සමහරුන් උඩ ඉදන් ගල් ගැහුවා ඒත් ඒ එකක්වත් සාර්ථක වුනේ නම්  නැහැ .. ඒ අතරේ අඩන්න ඔන්න මෙන්න ඉන්න සෙරෙප්පු අයිති කාර නංගියේ ස්වීට් මුණ සෙරෙප්පුව ගන්න වෙහෙසෙන අපේ කොල්ලන්ගේ මොරාල් අප් කළා , මේකත් පුංචි තරගයක් වගේ .. සෙරෙප්පුව ගන්න එකා දිනුම්.


මෙන්න මේ අවස්ථාවේදී තමයි කොහේදෝ හිටි අපේ කතා නායකයා මේ ස්ථානයට අවතීර්ණ වෙන්නේ.. උන්දැට එතැනට එන්න ලේසි වුනෙත් නැහැ සියයක් විතර පිරිසක් තටාකේ  වට කරගෙන ඉන්නකොට අස්සෙන් මුල්ලෙන් රිංගලා ජනකාන්ත අයියා පිහිණුම් තටාකේ ගැට්ට උඩටම ඇවිත් බෙල්ල දික් කර කර සෙරෙප්පුව දිහා බලනවා අපිත් දැක්කා ..

වෙලාවත් ගෙවීගෙන යද්දී සෙරෙප්පුව ගන්න මෙහෙයුමත් අසාර්ථක වෙන්න ගත්ත මොහොතේ සෙරෙප්පු මෙහෙයුමට සම්බන්ද තරුණයන්ගෙන් විවිධ යෝජනාත් ආවා .. අපි මෙයාට මේ වගේම සෙරෙප්පු දෙකක් අරගෙන දෙමු වගේ..ඒවා ,

මේ අතරේ කවුරුත් බලාපොරොත්තු නොවූ දෙයක් වුනා..
“ජබොක් “ ගාලා සබ්දෙකුත් එක්ක ජනකාන්ත අයියා ස්වීම් ෆුල් ඒක මැද්දේ,

නිකන්මත් නෙමේ  ඇදගෙන ආව ඇදුම් පිටින්ම .. ඒ මදිවට සේරෙප්පුත් පිටින්ම,


ජනකාන්ත අයියා වතුරට පනිද්දී විසිවෙච්ච වතුරෙන් නැවිච්ච උන් හතර අතේ දුවන්න ගත්තා වතුරේ ගද උහුලන්න බැරුව.. ඒ අතරේ අහක හිටි උන් තටාකේ වටේ තවත් රොක් වෙන්න ගත්තා මේ වෙන දේ අදහාගන්න බැරුව.. ඒත් ජනකාන්ත අයියගේ අරුම පුදුම වැඩ ගැන දන්නා කියන  අපි කිහිප දෙනෙක් විතරක් උපේක්ෂාවෙන් මේ සිදුවීම නැරබුවා ..

පැන්න ගමන් දෙපාරක් විතර වතුර යට ගිහින් උඩ ආව ජනකාන්ත අයියා අන්තිමේදී අත පය ගහලා වතුර උඩට පිනගෙන ඇවිත් කට පුරෝගෙන හිටි වතුර ටික පැත්තකට විදලා එහෙම පළපුරුදු පිහිණුම් ක්‍රීඩකයෙක් වගේ තටාකේ වටේ වටයක් පිනගෙන ගියා .. උන්දැට බය වෙච්ච වතුරේ හිටි ගෙම්බෝ රංචුව හතර අතේ පනින්න ගත්තා. 

අන්තිමේදී කිමිදිලා අර ගැහැණු දැරිවිගේ සෙරෙප්පුව අරගෙන අන්තිමේදී වැටුනු උන්දැගේ සෙරෙප්පු දෙකත් අරගෙන ගොඩට එනකොට.. කෙල්ලෝ ඔක්කොම  අත්පුඩි තැලුවා .. විසිල් ගහන්න පුළුවන් කොල්ලෝ විසිල් ගැහුවා ... එකෙක් දෙන්නෙක් “හු” ත් තිබ්බා ..


අන්තිමේදී ජරාව නාගත්තු ජනකාන්ත අයියා විසින් සෙරෙප්පුව අයිතිකාර නංගිට පිළිගන්වන මොහොත හරිම හැගීම්බර වුනා.. කෙල්ල නොසෑහෙන්න ජනකාන්ත අයියට ස්තූති කළා .. වටේ පිටේ තව උන් බලාගෙන නොහිටියානම් කෙල්ල ජරාව නාගෙන උන්නු ජනකාන්තට තොත්තුවක් උනත් දෙන්න ඉඩ තිබුනා ..ඒත් ජනකාන්ත අය්යාගේ කරුමෙට එතන  අපි හිටියා ..  ඒ නැතත් ඒ ගැහැනු ළමයා ගැන උනන්දුවෙන් හිටි කොල්ලන්ගේ ඉරිසියාකාර දෑස් ජනකාන්ත දිහාටම එල්ල වෙලා තිබුනා ..


අන්තිමේදී කට්ටිය එතැනින් පිටවෙද්දී කෙල්ලෝ අතර ජනකාන්ත අයියා වීරයෙක් වෙලා ඉවරයි... ඒත් පරහකට තිබුනේ  ජරා වතුරෙන් තෙත බරිත වෙලා තිබුණු වීරයාගේ  ඇදුම් වලින් එන දුගදයි .. එකටත් කෙල්ලෝ පිලියමක් හෙව්වා , උන් ලග තිබුණු සෙන්ට් කුප්පි ටික මල්ලක දාල ගෙනත් ජනකාන්තට දුන්නා..

පස්සේ දෙව්සත්හලේ  නාන කාමරයෙන් ජනකාන්තව නාවලා,  ඇදුම් ටිකත් හෝදලා දීලා එහෙම පස්සේ සෙන්ට් වලිනුත් නාවලා අපි උන්දැව එතැන  තියලා (ඇදුම් නැතිව එක්ක යන්න බැහැ ) වෙන වැඩකට ගිහින් ආයෙත් ඇවිත් බලනකොට ජනකාන්ත අයියා එතැන නැහැ ..


පස්සේ හොයද්දි දැක්ක දෙයින් පපුව හෝස් ගාලා ගියා .. කාගෙන්දෝ සරුන් කඩමල්ලක් ඉල්ලගෙන ඇදගෙන උන්නු ජනකාන්ත අයියා වත්තේ කෙළවරකට වෙලා අව්ව තියෙන තැන් වලට දම දමා තෙත ඇදුම් වේලනවා .. අපිත් එතනට කිට්ටු කළා ..

“අපරාදෙනේ ජනකාන්ත අය්යා උබ ඇදුම් පිටින්ම වතුරට පැන්නේ..  අඩු තරමේ ෂර්ට් එකවත් ගලවන්න තිබුනනේ...

“ඔව් ගලවන්න තිබුනා “

“එහෙනම් ඇයි එහෙම නොකලේ...”

අපි දිහා ටිකක් බලාගෙන උන්නු ජනකාන්ත අයියා

“ඒවායින් වැඩක් නැහැ මට යන්න ඉස්සෙල්ලා තව වැඩක් තියෙනවා කරන්න “

ඒ කියපු විදියත් මිනිහගේ ස්වරුපෙත් අපිට එච්චර ඇල්ලුවේ නැහැ ..

“ඒ මොකක්ද  “

“මම ස්වීම් ෆුල් ඒක දිහා බලාගෙන ඉන්නකොට පිටි පස්සේ ඉදන් මාව තල්ලු කරපු එකාව හොයාගෙන උගේ අ#@(*7^%$  වන්න ...


------------------------------------------------------------------
***
*#@(*7^%$ = අසභ්‍ය වචන බැවින් පලකල නොහැක :D











13 June 2013

මල කෙලියක් වූ අවුරුදු කෙලිය (16+)


සිංහල අවුරුද්ද ලැබුවා කෑම පිගන් ගෙයින් ගෙට හුවමාරු වෙන අතරේ  හතර වටින් රතිඤඤා පිපිරෙන සද්දෙන් කන්දෙක බීරි කරගෙන “අපිට ඉතින් මොන අවුරුදුද “ කියලා හිතින් කියාගෙන මම එලියට බැස්සේ අනිත් උන් අවුරුදු සමරනවා බලාගෙන ඉන්න බැරි තරමටම  හිතේ හටගත් ඉරිසියාව නිසාමත්ම නොවේ  මගේ ජාතියේම එකෙක් වන ජෝනා ගේ ගෙදරට ගිහින් පොඩි ෆන් එකක් ගන්න හිතාගෙන.

අපි ක්‍රිස්තියානින් බැවින් අවුරුද්ද ඒ හැටියෙන් සැමරුවේ නැහැ නත්තලත් ජනවාරි පළමුදාටත් මුල් තැන දෙන අප සිංහල අවුරුදු චාරිත්‍ර සමරුවේම නැති තරම්  . එහෙත් බෞද්ධයන් එදින කරන දෑ බලා සතුටක් ලැබුවා ඒ හැරෙන්න එදින අපට වැඩි විශේෂ දවසක් නෙමේ.  ඉතිං විශේෂ නෑයි කියල නිකන්ම හිටියැකි යෑ...

මම දුරදීම දැක්කා  ජෝනා  ලට්ට පට්ට ටිකකුත් සෙට් කරගෙන මොකක් හරි ගේමකට ලෑස්ති වෙන පාටක් ,

“හේයි.. චමි , මම අද පට්ට ආතල් එකක් ගන්න හදන්නේ කැමතිනම් මට හෙල්ප් එකක් දියන්..

අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ජෝනා විසින් මටද කොටහක් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින අකුසල කර්මයේ ආනිසංස ලබා ගැනීමට ඇති ලෝබකමෙන් මමත් හා හා පුරා කියලා වැඩේට ඇත ගැහුවා .

“මෙන්න මේකෙන් හොද නම්බරයක් තෝරලා දියන්”

ජෝනා මගේ අතේ තිබ්බේ තඩි ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් , මගේ අනුමානය නිවැරදි . අදත් ලංකාවේ කොයි කොනකහෝ වාසනාවන්තයෙක් අප සමග දෙබස් හුවමාරු කරගෙන මල අතට ගැනීමේ  භාග්‍ය හිමි කරගන්නවා නිසැකයි .

“ අද කාවද ?’

“අද අවුරුදුනේ අපටත් අවුරුදු කියලා විශේෂයක් නැති එකේ මම හදන්නේ අවුරුදු සැමරීම ගැන අද සමීක්ෂණයක් කරන්න ...”

“ඇත්තටම ????

“ඔව් එහෙම තමයි හිතන් ඉන්නේ ..

මම ඩිරෙක්ටරිය අරගෙන පෙරලගෙන යන අතරේ අතරින් පතර හම්බවෙන ලස්සන කාන්තා නාමයන් ලග නෙත් නතර නොවුනමත් නෙමේ එත් මේ වගේ සමීක්ෂණයකට වඩාත් ගැලපෙන්නේ හොද සිංහල ගැමි පෙළපත් නාමයක් සහිත නමක් . මම හිතුවේ එහෙම ඇයි වැරදිද ...?

ධර්මරතන ආරච්චිලාගේ සිරිමසිරි ,

ඒ තමයි අහබුලෙස මම සොයාගත් නාමය , ඒ නාමය අයිති ග්‍රාමය වුනේ මාතර උයන්වත්ත . ගමත් නරකම නැහැ මම හිතන හැටියට අවුරුදු චාරිත්‍ර අකුරටම පිළිපදින්නේ උඩරට උදවියටත් වඩා පහත රට උදවිය . ඉතින් මේ සිරිමසිරි ධර්මේ අය්යා එහෙම නොවෙන්න හැටියක් නැහැනේ .. අනික පළාතත් හොදා මාතර , මේ පළාතේ අයට දිය යටින් ගින්දර ටිකක් වුනත්  සුටුස් ගාලා අරගෙන යන්ට ඇහැකිලු.. එහෙව් දක්ෂයෝ .

මම නොම්බරේ තෝරලා දුන්නා ජෝනා අතට .

සුළු විස්තර ඇසිමකින් පසුව ජෝනා වැඩේ පටන් ගත්තා .

“බීප් .බීප්.......බීප් ..බ්ප්"

“හෙලෝ “

එහා පැත්තෙන් ඇහුනේ සුකුමල සුලලිත කටහඩක් .ඒ සිරිමසිරි උන්නැහේ වෙන්න බැහැ..

“හෙලෝ සිරිමසිරි මහත්තයා ඉන්.....

ජෝනා ඒ වාක්‍ය ඉවර කරන්නත් ඉස්සර එහා පැත්තේ දැරිවි මොර දුන්නා ..

“තාත්ති කෝල් ..ඒ කා....ක් “

මද වේලාවකට පසුව දුරකථනයට කෙනෙක් පිළිතුරු දුන්නා .. බොහොම සැර පරුෂ ප්‍රතාපවත් ගැබුරු කටහඩක්.. ඒ තමයි සිරිමසිරි.

“හෙලෝ ... (ෆෝන් එකේ ඔන් කර ඇති ස්පිකර් පවා දෙදුරුම් කන සබ්දයක් ..

“හෙලෝ සිරිමසිරි මහත්තයද ?’

“ඔව් ඔයා කවුද ?

“අපි ඉර එෆ් .එම් එකෙන් , අද අපි පොඩි සමීක්ෂණයක් කරනවා අවුරුදු චාරිත්‍ර සමහර හැටි ගැන. එතකොට ගත්ත නම්බර් වලින් අහබු ලෙස තෝරගත්ත කෙනෙක් තමයි සිරිමසිරි මහත්තයා. කැමතිද අපිත් එක්ක ටිකක් කතා කරන්න ..

“අපොයි පුළුවනි ඉතින් මොනවද දැන ගන්න ඕනේ මහත්තයාලට ..?

“ සිරිමසිරි මහත්මයා අපි මේ සාකච්චා පටිගත කරනවා . නොනගතය වේලාවට තමයි විකාශනය කරන්නේ එතකොට  පුළුවන් මහත්මයාටත් අහන්න .. එහෙනම් අපි පටන් ගමුද ?

“හොදයි පටන්ගමු ..

ජෝනා නිවේදකයෙකුටත් වඩා හොදින් වැඩසටහන ගැන මුලින්ම හැදින්වීමක් එහෙම කරලා වැඩේ පටන් ගත්තා .

“හොදයි දැන් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා අවුරුදු චාරිත්‍ර ගැන කියන්න මාතර උයන්වත්තෙන් සිරිමසිරි මහත්මය .. ඉතින් සිරිමසිරි මහත්මයා කරන්න බලන්න ඔයාලගේ පැත්තේ චාරිත්‍ර ගැන පොඩි විස්තරයක්.

පොඩි විස්තරයක් නෙමේ එයින් පස්සේ සිරිමසිරි කියාගෙන කියාගෙන ගියේ නැද්ද පතරංග ජාතකයක්ම  අවුරුදු චාරිත්‍ර ගැන , අපිට තිබුනේ හූ මිටි තියන්න විතරමයි (ඒ අටුවා ටීකා අතහැරලා අපි යමු උච්චතම දෙබස් ඛාණ්ඩ කිහිපයට සවන් දෙන්න ..)

“හොදයි අපිට සිරිමසිරි මහත්මයා දීර්ග විස්තරයක් කලා චාරිත්‍ර ගැන , සිරිමසිරි මහත්මයා දැන් කියන්න බලන්න අවුරුදු කෑම මෙසේ ගැන ටිකක් , මත්මයාගේ ගෙදරත් දැන් කෑම මේසය සුදානම්ද ?

“ඔව් මහත්වරුනි. අපේ ගෙදරත් සරු අවුරුදු කෑම මේසයක් සුදානම් මේ වෙලාවේ ..

“මෙසේ තියෙන කෑම ගැනත් ටිකක් කියමුද සිරිමසිරි මහත්මය ..

“ඔව් කියමු , කැවුම් ,කිරිබත් ,අස්මී, මුන්කැවුම් ,අලුවා ,කෙසෙල් කොකිස් ..තව ගොඩක් ජාති තියෙනවා

“හොදයි සිරිමසිරි මහත්මයාලගේ පළාතේ තියෙන අවුරුදු ක්‍රීඩා මොනවාද ?

ඔලිද කෙලිය , පංච දැමීම ,ඔන්චිලි වාරම් ..ඒ හැරෙන්න තව මෙහෙටම ආවේනික ක්‍රීඩා තියෙනවා මහත්තයෝ ..

සිරිමසිරි මහත්තයත් ඒ ක්‍රීඩා කරනවද ?

“අපොයි ඔව් මොකද නැත්තේ ...

“හොදයි මම සිරිමසිරි මහත්තයට වෙනස් විදියක අලුත් ක්‍රීඩාවක් කියදුන්නොත් කැමතිද “

“අපි කැමතියි මොකක්ද මහත්තයෝ ඒ ක්‍රීඩාව “

“මුලින් කියන්නකෝ බලන්න අද මොකක්ද ඔයා ඇදලා ඉන්න ඇදුම කියලා ...

“මම කවදත් සරම තමයි මහත්තයෝ අදින්නේ .. අද ජාතික ඇදුම තමයි ඇදලා ඉන්නේ ..

“ඒක හොදයි .. මේ ක්‍රීඩාවට සරම තමයි ලේසි “

“හක්.. හක් ..එහෙමද ..

දැන් දැන් කථාව යන විදිය ගැන මටත් ගැටළු තිබුනත් අතින් පයින් ඇහුවට ජෝනා නෙමේ මට උත්තර දෙන්නේ ..

“මෙහෙමයි මහත්තයෝ කෑම මෙසේ කෙසෙල් තියෙනවා කිව්වා නේද ?

“ඔව් “

“මොනවද ජාතිය ..

“ඇබුල් කෙහෙලුත් තියෙනවා ආනමලුත් තියෙනවා “

“ඇබුල් හරියන්නේ නැහැ ගන්න බලන්න හොද ආනමාලු ගෙඩියක්..”

“හරි මහත්තයෝ ගත්තා ,

“මම මේ ක්‍රීඩාව කියලා දුන්නට පස්සේ තනියම කරන්නේ නැතුව ගමේ අයටත් කියලා දෙන්න ඕනේ හොදද...

“නැතුව..නැතුව , ඉතින් මොකක්ද දැන් කරන්න ඕනේ ..

“ඔන්න ඔය ගෙඩිය අරගෙන ගහ ගන්න ..#@$%කේ

“ඈ ග් ..මොකක්..මොකක්ද ?

“මම හිතන්නේ සිරිමසිරි මහත්තයට හරියට ඇහුනේ නැහැ වගේ ..”

“ඔව් හරියට තේරුනේ නැහැ ..මොකක්ද කිවේ ..(ටිකක් සැරෙන් වගේ )

‘මේකයි මහත්තයෝ ඔය කෙසෙල් ගෙඩිය ලෙලි ඇරලා .....සරම උස්සලා ... ගහ ගන්න   #@$%p කේ .....,,, ඒක තමයි ක්‍රීඩාව හොදේ ...

ජෝනා බොහොම සැහැල්ලුවෙන් පැහැදිලිව ඇදලා ..පැදලා කිවේ ඒ ගමනනම්..

“මොකක් ... ඒක ගහ ගනින් තොගේ අප්@#%67 **&&*p කේ ....@##$$ etc….

 (එතනින් එහාට සිරිමසිරි කියූ භාෂාව ටයිප් කිරීමට කී බෝඩය එබීමට මගේ අතැගිලි එසවෙන්නේ නැත ... ඔහුගේ  නොනවතින  වාග් මාලාවට  බාදාවක් නොවන පරිදි  අප ඔහුට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!  යැයි උස් හඩින් පවසා  දුර කථනය විසන්දි කර දැමුවෙමු ....






You might also like:

Related Posts Plugin for WordPress, Blogger...