02 July 2012

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා (සුපිරි තරුවකගේ කථාවක්)

 මා සිත් ගත් අග්‍රගණ්‍යයේ පුද්ගලයෙකුගේ  ජිවිතයේ  එක් පැතිකඩක් සම්බන්දයෙන් මා සෙවූ සහ ඇසු තොරතුරු සමගින් සකස්  කල ලිපියකි.


සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත ..  කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය .  එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ  පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...

ඔහුගේ  දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු  සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේය.. ඒ මෙන්ම  තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත්  ගියේ නැත 

පැදුරු සජ්ජයක්‌ පැවැත්වෙන දිනක ඇය ..  උඩුමහලේ බැල්කනියට වී හුදකලාව  සිටි අතර   නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක්  ව්සින් ගායනා කල  මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්‍රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය තවත් මියුරු හින්දි ගීත කිහිපයක් ඒක දිගටම ගයනා කලේය  .. ඔහුගේ මියුරු හඩ ඇගේ සිත් ගත් අතර ඇය එම හඩට ප්‍රිය කලාය..

එදා සිට ඇය එම හඩ ඇසෙන දින වලට . සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවී සිටියේය . එහෙත් තවම ඇය ඔහුගේ රුව දැක නැත.. දිනක් ඇයට මේම ලයාන්විත කටහඩක් හිමි පුද්ගලයා කව්දැයි බැලීමට ආශාවක් ඇතිවිය..  ඔහු ගීතයක් ගයන විට උඩු මහලේ සිට සාජ්ජය දෙස බැලුවේ ඔහු කව්දැයි දැක ගැනීමේ ආශාවෙනි...

දෑස් පියාගෙන දැහැනට සමවැදුනු  අයුරින් ගයනා කරන . කොණ්ඩය පොකුටු සුදු උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි විය . ඔහුගේ රුවද ඇයගේ සිත් ගත්තේය .. එදා සිට ඇය එම හඩටද හඩ හිමි තරුණයාටද සිතින් පෙම්  කිරීම්ට පෙලබුනි .. ඔහු ගී ගයන සැම දිනකම උඩු මහලේ සිට ඔහු දෙස බලාගෙන සිටීම ඇයගේ පුරුද්දක් වී තිබුණි .

දිනක් ගයනා කරන විට අහම්බෙකින් ඔහුට ඇයව දැක ගැනීමට හැකිවිය .  තමන් දෙස දැඩි උවමනාවෙන් බලා සිටින රුවැත්තිය දෙස ඔහුත් බැලුවේය . දෙදෙනාගේම සිව් නෙත් එකට යාවුනි . ඇය සිනාසුනි ඔහුත් පෙරලා ඇයට සිනාසුනි ඒ නෙත් වල සංසාරගත බැදීමක් ඔහු දකින්නට ඇත .. එත් ඈ කාගේ කව්දැයි ඔහු නොදනී...

“ මේ වගේ දිනක් නෑ එන්නේ - ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ...
පෑ රිදී සිනා කැන් ඒ දෑසේ - මා සිතින් මැකිලා යා නොවේ ....”

එදා සිට පැදුරු සාජ්ජ පැවැත්වෙන සැම දිනකම  ඔවුන් දෙදෙනා නෙත් වලින් කථා කලෙය .සිතින් දෙදෙනාම දෙදෙනාට ආදරය කළේය . තවත් මෙය සිත තුල සිරකරගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දැන්වූයේය.. එහෙත් තරුණයා එය පිළිගැනීමට බිය විය  . එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය .  තමා වැනි දුප්පත් තරුණයෙක්ට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.

එහෙත් අවසානයේ ඇය ජය ගත්තාය .. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට ඔහුට සිදු විය . කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු විය.. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු විය..

“දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් ....
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ......................”

දෙදෙනාගේ ප්‍රේමය කාටත් රහසේ බොහෝ කාලයක් දළුලා වැඩුනි.. එහෙත් වැඩි කාලයක් ලොවට රහසේ මෙම පෙම් පලහිලව්ව පවත්වාගෙන යාමට දෙදෙනාට හැකියාවක් ලැබුනේ නැත.. ආදරයත්  කැස්සත්  වසන් කල නොහැකියි යන  කියමන සනාථ කරමින් ඔවුන්ගේ රහස පියාට  දැනගැනීමට ලැබුණි ..
මෙය දැනගත් විට මුදලාලි යක්‍ෂාවේශ විය.. ඔහු දෙදෙනාටම නවත්වන ලෙස තදින් අවවාද කළේය.. මෙය නතර කිරීමට ඔහු නොගත් උත්සහයක් නැත.. ඔහු දියණියට නිවසින් එලියට යාම පවා තහනම් කළේය.. එහෙත් ඔවුන් දෙදෙනාගේ සිත් වල ඇති ප්‍රේමය තහනම් කිරීමට පියා  අපොහොසත්ය..

“මගේ පාලු ලෝකයේ තනිවූ මේම ... සක්විති රජුන් හමුවේ නැත හිසනම ..
සිතුවිලි මගේ හසුරා ගතහැක නමා .. මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ..”

මේ සම්බන්දයෙන් මුදලාලි ගත් සියළු පියවර අසාර්ථක විය . තරුණයාට කොයි තරම් අවවාද කලත් තර්ජනය කලත් පලක් නොවුනි .. අවසානයේ දියණිය කාමරයේ සිරකළ අතර ..  පැදුරු සාජ්ජ කණ්ඩායම සමග නිවසට එන මේම තරුණයාට නැවත නිවසට ඒම තහනම් විය.. එදා සිට ඔහුට සුවිසල් මැදුරේ දොර වැසුනි..

“ මැදුරේ දොරගුළු ලු නියා ... අදුරේ මා තනිවූ නියා...
මට සිහිවෙනවා .. මේ දැන් වාගේ නෑ මා  හැඩුවේ එදා...
රන්මසු නැහැ කියා මා දිලිදුයි කියා  කිවා....මට තව මතකයි ඒවා ...”

තමන්ගේ දුප්පත් කම නිසා මුදලාලි මෙම සම්බන්දයට කැමැති නොවන බව ඔහුට වැටහුනි.. එහෙත් කිසි දිනෙක ඇයව අමතක කිරීමේ හැකියාවක් ඔහුට නැත..

මේ අතර පියා ඔහුට හැකි උපරිමයෙන් ක්‍රියා කලත් දෙදෙනාගේ සිත් වෙනස් කිරීමට ඔහුට නොහැකි වීය.. සියලු වෑයම් අසාර්ථකවී හෙම්බත්වී සිටි මොහුට .. අමුතුම උපායක් කල්පනාවිය. එතැන් පටන්  ඔහු ක්‍රියා කලේ වෙනස් ආකාරයකටය . මෙතුවක් ක්‍රියා කල ආකාරය සහමුලින්ම කණපිට පෙරලුනා වැනිය.. නැවතත් සංගීත කණ්ඩායම සමග තරුණයාට නිවසට ඒමට අවසර ලැබුණි .. මෙතෙක් නිවාස අඩස්සියේ සිටි තරුණියට ද ක්‍රම ක්‍රමයෙන් තම සුපුරුදු නිදහස බුක්ති විදිමටද අවකාශය ලැබුණි..

මෙයින් උපරිම ප්‍රයෝජන ගත් පෙම්වතුන් නැවතත් ප්‍රේමයෙන් වෙලුනි මෙතෙක්  ඔවුන්ට තිබු එකම බාදකයත් තුරන්වී ඇති බැවින් දැන් ඔවුන්ට බිය වීමට කිසිම හේතුවක් නැත ..  මේ අතර පියා මොවුන් දෙපලට ගේ එක්වීමට තමන්ගේ අකමැත්තක් නැති බව ප්‍රකාශ කලේය ..

 එහෙත් තරුණයාට පියාගේ පොරොන්දුවකට යටත් වීමට සිදුවිය . තරුණයත් ඔවුන්ගේ මට්ටමට සමාන තරමක පොහොසතෙකු වීය යුතු බවත් පැවසූ පියා එතෙර රටක රැකියාවක් ඔහුට සොයාදී එහි පිටත් කළේය ..  නැවතත් වසර කිහිපයකින් සිය රටට පැමිණි පසු විවාහය සිදු කර දෙන බව පැවසුවේය  .. දෙමාපිය අසිර්වාදය ඇතිව එක් වීමට ලැබීම බග්‍යක් ලෙස සිතු දෙදෙනා එයට කැමැති වීය .. නැවත සිය රටට පැමිණ ඇයගේ අත ගැනීමේ බලාපොරොත්තුව ඔහු වෙනත් රටකට යාමට ගුවන්තොටුපොළ බලා පිටත්විය ...

“ඒදා රැ ගුවන්තොටු පොලේදි මා ...
වෙන්වී ගියේ..... සිතකින් නොවේ ......’

දුරු රටක තනිවී සිටියත් ඔහු එය සතුටින් විද ගත්තේ . සියලු දුක් දොම්නස් විදින්නේ ඇය නිසා බව සිතමිනි.. එම කාලයේ පණිවිඩ යැවීමේ  ප්‍රධානම ක්‍රමය වුයේ ලිපි මාර්ගයෙනි ඔහු ඉඩ ලැබෙන සැම විටම ඇයට ලිපි ලීවේය .. ඇයගෙන් ලිපි එනතුරු මග බැලුවේය ..  එහිදී ඔහුගේ එකම සතුට වුයේ ඇය සිහි කරමින් ලිපි ලිවීමයි..

“ මධු මල ලෙස මුදු මගේ ප්‍රියදර මිහිරාවිය වෙතටයි ...
ඔබ සිහි කර කර ..ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි ....


එහෙත් වැඩි කාලයක් දෙදෙනාට ලිපි ගනුදෙනුව කිරීමට ඉඩ ලැබුනේ නැත . පියා ඒ වන විට ඔහුගේ සැලැස්ම ක්‍රියාවට නංවමින් සිටියේය .. ඔහු දියණියගේ නමට  එන  ලිපි ඇයට ලැබෙන ඒක වැළකුවේය.. එමෙන්ම ඇය විසින් තැපැල් කරන ලිපි ඔහුට නොයන ලෙස ඔහුගේ බලපුලුවන් කාරකම් ප්‍රයෝජනයට ගනිමින් වැළකුවේය..


කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව අසරණව සිටින දියණියගේ සිතට විසබීජ දැමීමට පියා පටන් ගත්තේ එතැන් සිටය.. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය .දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්‍රයෝජන ගන්න සිතු . පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය .. දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින තරුණිය එම යෝජනාවට කැමැති වීය... බලන්න පිවිතුරු ආදරයක් දෙකඩ කරමින් මුලාව ජයගත් අපුරුව...


මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි  විවාහවීමට යන බවයි .. මෙයින් දැඩි දුකට පත්  තරුණයාට කල හැකි කිසි දෙයක් නැත .. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බල යාමටද ඔහුට හැකියාවක් නොමැත .. ඉතාමත් දුක්බිත වූ තරුණයාට කළහැකි එකමදේ සිතින් ඇයට සුභ පැතීම පමණි....

“අදහෙට ඔබ මා අතහැර යනබව දැනගන්නට ලැබුනා  -  රහසින් මට ඇසුණා..
ඔබ රවටා නැත .. ඔබ හඩවා නැත ...
දැන දැන මා නම් වැරදිකරේ නැත ...
ඔබ ගැන මට පුදුමයි .....
වෙනසක තතු නොහැගෙයි....


එයිට කාලයකට පසු ඔහු නැවත මව් රටට පැමිණියත් ඒ වනවිට ඔහුගේ පෙම්වතිය විවාහවී අවසානය...  එහෙත් දිනක් දෙදෙනා අහම්බෙන් මුණ ගැසී කතා කරනවිට තමයි ඔවුන් දෙදෙනාටම වැටහෙන්නේ පියා තමන්ව මුලා කර ඔහුගේ අදහස ඉටු කරගත් වහ... එහෙත් දැන් ඔවුන්ට කල හැකි යමක් නැත දුක දරාගෙන වෙන්වීම හැරෙන්නට ඇය දැන් විවාහකය ..

“අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැද ඇත ලොව සතර දෙසින් ...
එනමුදු උපදින හැම බවයකදිම මම ඔබ හිමිකර ගනිමි ලදේ ...

පසුව ඔහු ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙනවා .. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා .. එහෙත්  ප්‍රථම ප්‍රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත්   එම නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා... ඒ මෙන්ම  ඔහු ගයනා කල ගීතවල ඔහු විදි විරහව කැටිවී තිබෙනවා හරිම අපුරුවට..

අවසානයේ මේ අග්‍රගණයේ පුද්ගයා අසනීපවී මිය යනවා.. එයත් හරි අපුරු සිදුවීමක් විදියට  මක්නිසාදයත්  ඔහු මියයන්නේ ඔහු පනමෙන් ආදරය කර ඔහුට හිමිකර ගැනීමට නොහැකිවූ පෙම්වතියට අයිති නවලෝක රෝහලේ රෝහල් කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීම වීමයි ..


මරු කතරේ මිනිස්‌ පුරේ
කොතැනක වේවා
මෙතේ බුදුන් පාමුල ඔබ
නෙළුමක්‌ වේවා
.....

94 comments:

  1. me kiyanne milton mallawarachchi gana neda.mamath oya siddiya ahala thibunata mechchara wisthara dana gaththe ada.nawaloka mudalali karala thiyenne waraddak thamange atheethaya gana wath hithuwanam miltonge anagathaya dakinna thibuna.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හිටිය දක්ෂයම ගායකයන් කිහිප දෙනාගෙන් කෙනෙක්..

      Delete
  2. මාත් ඕක අහලා තිබ්බා ඔය පෝසත් මුදලාලි නවලෝක මුදලාලි නේද?

    ReplyDelete
  3. කියලා වැඩක් නැහැ යාළුවා, නියම හෙලිදරවි කිරිම. මොකද කියනවානමි ඔය ඇත්ත කතාව කවදාහරි මිනිස්සු දැනගන්න ඔනෙයි කියන එකයි මගේ හැගීම. වෙන මොනවත් නිසා නෙමෙයි මිල්ටන් මල්ලවාරචිචී කියන අසාහය ගයකයා ගයපු ගීතවල මුසු වෙලා තිබුනේ එයාගේ ආත්මීය දුකයි. ඒ දුක අපිව අවුරුදු කීයක්නමි සතුටු කලාද? තව අවුරුදු කීයක් අනාගතයේදිත් අපිව සතුටු කරයි. මිල්ටන් මල්ලවාරචිචී කියන ගායකයාට නවලෝක මුදලාලී තරමි සල්ලිකාරයෙක් වෙන්න බැරි වෙන්න ඇතියි. ඒත් මිල්ටන් මල්ලවාරචිචී තරමි මිනිස්සු ලක්ෂ සංඛ්‍යාවකගේ හිත් දිනාගන්න නවලෝක මුදලාලීටත් බැරිවුනා. නවලෝක මුදලාලී අමතක කලත් ගොඩක් මිනිස්සු මිල්ටන් මල්ලවාරචිචී කියන ඒ අසාහය ගායකයාව අමතක කරන්නේ නැහැ. ස්තුතියි යාළුවා මෙි ලිපියට..!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මේ කථාව දන්නා අයත් ඇති..
      ඔහු ගැයූ ගීත ගොඩක් ඔහුගේ ජිවිතේට සම්බන්දයි ..කොහොම උනත් ඔහු මියයන තුරුම එම පවුලට (ධර්---- පවුලට ) ලොකු ගෞරවයක් දැක්වූ බව කියනවා. ඔහුගේ හිතේ කවුරු ගැනවත් තරහක් තිබිල නැහැ .

      Delete
  4. අදමයි ඇහුවේ... පව් නේ බං...

    චමීට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අදද දැනගත්තේ.. පරණ උදවියනම් ඔය ගැන ටිකක් දන්නවා .. උබ අලුතෙන් ඉපදුනු රජෙක්නේ.

      Delete
  5. මෙම කතාව ඇත්තක් නම් . නවලෝක අනුග්‍රහය ලබන, සියලු කලාකරුවන්ගේ ගැලවීමේ මගය කියන ඔස්කා කියන සංවිධානයේ නිල වලින් ධර්මදාස ඉවත් කලයුතුය නැතහොත් ගායක ගායිකාවන් ඉන් ඉවත් විය යුතුය. සල්ලි තිබුනත් ඔලුව හිස් පුස්සන්ට කොතරම් ගී ගැයුවත් පලක් නැති බවත් උන්ගේ පය පාමුල දීන වීමේ සීමාවක් තිබියයුතු බවත් අපේ ගායක ගායිකාවන් නොදන්නා නිසාම දර්මදසලා අදත් කලාවේ මුරදේවතාවෝ වී සිටිති

    ReplyDelete
    Replies
    1. ඇනොගේ අදහසනම් ටිකක් දරුණුයි වගේ.. මටත් බය හිතෙනවා

      Delete
    2. මේ චමී කියනකල් මම ඔය බවක් දැනගෙන හිටියෙ නෑනෙ. මේක ලස්සනට ගොතපු ප්‍රබන්ධයක් නෙවෙයි කියලා ෂුවර්ද?
      henryblogwalker the Dude

      Delete
    3. මේක සාරාංශය ඇත්ත කථාවක් .. මම නම දාන්නේ නැතුව ලිව්වේ හරි නැහැනේ කියලා හිතලා.. ඒත් කමෙන්ට් වලින් නම එළිවෙලා..

      Delete
    4. Milton kaaraya oya takkadi paulata sambanda nowuna eka uge loku vaasanawak.. Nawaloka mudalaliya asarana leddungen mudal soorankaapu lokayek.

      Delete
  6. මේ කතාව මමත් කලින් අහලා තිබුනා..හීන් සැරයෙන් පරිස්සම් වෙන්ඩ ඕනා කියලා මුනිදාස කුමාරතුංග මහත්තයා කිව්වෙ කට කහනවටයැ..

    උඹ ලස්සනට වැඩේ දීලා තියනවා. එළස්..

    ReplyDelete
  7. එක තමයි කොහොමද හිමිට ගේම දුන්නු ලස්සන..

    ReplyDelete
  8. ඔහුගේ ඉතිහාසයම දනිමි...

    සැදී රන් අභරනින් - රිදී සළු පිලි දරා
    නැගී රිය පෙරහරින් - පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලදේ - ගියත් ඔබ ඔහු කරා
    ඔබේ හදවත මගේ - මගේ දිවි ඇති තුරා

    ReplyDelete
  9. මම ඔය කතාවක් දැනගෙන හිටියෙම නෑ. ඩුඩ් කිව්වා වගේ හීං සැරෙන් වැඩේ දීලා තියන විදියනම් අපුරුයි.

    ReplyDelete
  10. හ්ම්ම් .. අදයි මමත් දන්නෙ.. අනේ ඇත්තට අපි නොදන්න මොන තරම් දේවල් තියනවද!

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිරු.. නොදන්නා දේවල් කොතරම්නම් තියේද

      Delete
  11. මමත් මේ කථාව සම්පූර්ණයෙන්ම නොවුනත් තැනින් තැනින් අහළ තියෙනවා.... ඔක්කොම පිළිවෙලට කියවන්න ලැබුනෙ අදයි. නියමයි සහෝ.......
    අන්තිමට ඒ ගැහැණු ළමයව බැන්ඳෙ කවුද කියල දන්නවද?
    මට නම් සුවර් නෑ... හැබැයි රටේ හිටපු ප්‍රභල ක්‍රීඩකයෙක් කියලා රට්ටු කියනවා මට ඇහිලා තියෙනවා. ඇත්තද දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ම්ම් එහෙමනම් හරියට දන්නේ නැහැ . ඒ කාලයේ ධනවත් පවුලක කෙනෙක්ව කියලා තමයි දන්නේ

      Delete
    2. Gampaha Patte Doctor kenekwalu bande machan. me mulu kathawama atta. mamath ahala thiyanawa. mama Miltonge sindu ahanna patan gatteth me kathawa ahuwata passe.

      Porage Sindu okkoma liyawila thiyenne porage jeewithe gana.
      Paw ban ahinsakaya.

      Delete
    3. ඔව් හොඩක්..සින්දු වෙනත් රචකයන් ලියා දීලා තියෙන්නේ සහ ලියවගෙන තියෙන්නේ ජිවිත කථාව ඇසුරින් ..ජිවිත කථාවට සම්බන්ද විස්තර ඇසුරින්

      Delete
  12. මම කවුද කියා සොයන්න එපා...July 4, 2012 at 10:07 AM

    මෙහි එන කතා නායිකාව දැනට ඇමරිකාවේ වාසය කරනවා... මම මේ සිදුවීම දැන ගත්තේ මෙහි සදහන් අසාහය ගායකයාගේ ගීතයක් මාගේ යහලුවකු විසින් උත්සව අවස්ථාවකදී සාමූහිකව ගායනා කිරීමට යාමෙන් අනතුරුවයි... එතැන සිටි මෙම සිද්ධිය දන්නා කෙනෙකු මෙම ගීත සියල්ල ගයා ඇත්තේ අප අතරම සිටින කෙනෙකුට බව කී විට නැවතත් මෙම ගී උත්සවයන් වලදී සාමූහිකව ගායනා කිරීම දෙවරක් සිතියයුතු කරුනක් බව අප කවුරුත් මතක තබා ගත්තා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාළුවා ගොඩාක් වටිනවා ඔයා ඔය සිදුවීම මේ ලිප්යේ කමෙන්ට් එකක් විදියට දාපු එක ගැන . ගොඩක් ගීත ලියාගෙන තියෙන්නේ කතානායිකාව සහ ඔවුන්ගේ ප්‍රේම කථාව, වෙන්වීම වගේ දේවල් පදනම් කරගෙන .. ඔහු ගැයූ ගොඩක් ගීත වලින් ඔවුන් ගැන දැනගත හැකි .. ගීත වලින් කියන්නේ ඔවුන්ගේම කතාවයි .

      Delete
    2. To our knowledge she is Priyany Dharmadasa

      Delete
  13. මිල්ටන්ට සිදු වූ දේ ගැන මටත් හරි දුකයි. ඒත් ඒ දේ සිදු නොවූවානම් අද මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ ව්‍යාපාරිකයෙක් විතරයි. එහෙනම් සියළු ප්‍රේම විරහා විඳින අයට අහන්න ගීත ගොඩක් අහිමි වෙනවා. දුවක් ඉන්න පියෙක් වෙච්ච මට මේකේ ධර්මදාස මුදලාලි ගැනත් පොඩි හැඟීමක් ඇති වෙනවා. ඔහුගේ පැත්තෙන් හිතුවොත් කොහොමද? හොඳයි කවුරුහරි මෙතන ඉන්නවද දුවෙක් ඉන්න පියෙක් තමන්ට සේවය කරන කෙනෙක් එක්ක තමන්ගේ දුව ප්‍රේම සම්බන්දයක් ඇති කර ගත්ත්තොත් තනි පයින් කැමති වෙන ?

    ReplyDelete
    Replies
    1. වෙනත් පැත්තකින් හිතලා තියෙනවා ... ඒ කතාවෙත් ඇත්තක් නැත්තේම නැහැ .. එහෙත් ප්‍රේම සම්බන්දයකදී ටිකක් සාධාරණව සිතිය යුතුයි.. ලොකු වරදක් නැත්නම් තව කෙනෙක්ගේ ආශාවට අයිතියට බලපෑම කරන එක වරදක් , විවාහය වගේ දේකදී වැඩුණු මනුෂයෙකුට තමන්ට කැමැති තීරණයක්‌ ගැනීමේ නිදහස අහිමි කිරීම නොහොබිනා ක්‍රියාවක් විදියට තමයි මම නම් දකින්නේ... (නොවලක්වියම හැකි හේතුවක් හැර )

      Delete
  14. As far as I know there is a truth in the story. But sending him abroad is wrong. They stopped the affair, but both families were close friends afterwords. There was a Rupawahini Program to commemorate him, and this lady was also there along with the family members. They told there was a close relationship between those two families. The hospitals bills were never paid by Miltons family, they were looked after by the Dharmadasa family. She may have been beautiful when she was young, but at the interview, she was more like her father from the appearance.

    ReplyDelete
    Replies
    1. thanks for your comment.. but i think sending him abroad.

      Delete
    2. මම දන්න තරමින්, මිල්ටන්ට ගුවන්යානා වල යෑමට නොහැකි භීතිකාවක් තිබුණා. ඒක මනෝ රෝගයක්. ඒක හින්දා ඔහු කවදාවත් පිටරටකට ගිහිං නෑ. මේ කතාව සිංදුත් එක ගැලපුවට එහෙම කෑල්ලක් එකතු කරන්න පුළුවන් උනත් ඇත්ත කතාව ඊට වඩා වෙනස් මං දන්න විදිහට.

      Delete
    3. Sira Sira. Mamath ahala thiyana kathawa nam Pitaratakata yana scene ekak na.

      Delete
    4. පිළිතුරු පහත කමෙන්ට්ස් වල ඇත ...

      Delete
  15. My favourite singer.I love him.I badly miss him. I love Milton. He is my hero. He saved my life. No words to appreciate him.

    ReplyDelete
    Replies
    1. He is best singer & good man i know about this... thanks your comment ano.

      Delete
  16. අදමයි අයියො කතාව ඇහුවෙ.........

    දැනුයි තේරෙන්නෙ ඇයි ඒ සින්දු ඇහෙනකොට ඇත්තටම ඇස්වලට කඳුළු එන්නෙ කියල....

    ReplyDelete
    Replies
    1. ඒකනේ අග්නි ඒ තරම් ඒ සිංදු හිතට දැනෙන්නේ ...

      Delete
  17. මල්ලි මෙ ආදර කථාවේ එක චරිතයක් තවම ජිවත් වෙනවා නෙද?
    එ ගීත වලට ආදරය කරන පිරිස මෙ කතාව දන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගැහැණු ළමයා තවම ඉන්නවා

      "මම කවුද කියා සොයන්න එපා" කියන කෙනාගේ කමෙන්ට් එක බලන්නකෝ .

      Delete
  18. Darshana WanigasekaraJuly 5, 2012 at 12:55 PM

    harima sanweddi

    ReplyDelete
  19. Mama kiyanne me milton nemei
    mokada milton plane wala yanna bayak thibba. eka nisa kawadawath pita rata shows walata giye na.
    ehenam kohomada rata gihin job ekak karanne??????

    Meka Gothamu kathawak witharai....

    ReplyDelete
    Replies
    1. රට ගිය බවනම් දනිමි එහෙත් ගියේ අහස යානයේද නැවේද කියා නොදනිමී... ලිපිය පෙළ ගැස්වීමේ පහසුව තකා " එදා රෑ " ගීතයට ගැලපෙන පරිදි " වෙනත් රටකට යෑමට ගුවන් තොටුපල වෙත පියනැගුවේය කියන කොටස එකතුකර ඇත...

      මෙය කෙටි කථාවක් ආකාරයෙන් ලියු එකකි එබැවින් ඊට උචිත පරිදි මා කතාව රචනය කර ඇත
      එහිදී ඔබ දකින සුළු වෙනස්කම් ඇත්තේ එබැවිනි.. මෙහි සාරාංශය සත්‍යයකි. ඒ හැරුණු විට මම ලියු වචනෙන් වචනයේ ඇති සත්‍ය සෙවීම පලක් නැත . මක් නිසාදයත් එය රචනයේ අලංකාරය උදෙසා කල දේ බැවිනි..

      මා මේම කමෙන්ට් එක දමන්නේ පේස්බුක් එකේ මේපිලිබදව ගොඩක් කමෙන්ට් දුටු බැවිනි. එම ප්‍රශ්නවලට මේම පිළිතුර ප්‍රමාණවත් යැයි සිතමී..ඒම ලින්කුවද පහත ඇත ..
      http://www.facebook.com/photo.php?fbid=359832680753051&set=a.272443249491995.59124.272350709501249&type=1&theater

      ඒම ගායකයා සම්බන්දව මා ලියුවේ මා දන්නා සත්‍ය තොරතුරුය එය ලිවේ කෙටි කතාවකට උචිත ලෙස මිස ප්‍රවෘත්තියක් ලෙස නොව එය මම නැවතත් කියමී...

      ඒම කෙටිකතාවෙන් කිසියම් කෙනෙක්ට දුකක් හෝ තරහක් ඇතිවුණානම් දහස්වාරයක් සමාව ඉල්ලමි.

      Delete
  20. තව දෙයක් කියන්න අමතක උනා මෙම ගීත ගායකයා ඒ.. ඒ සිද්දි වෙන වෙලාවේ එතන ඉදලා කියපුව නෙමේ.. මේ ගීත ඔක්කොම ලියවුනේ ගොඩාක් කාලෙකට පස්සේ .. වෙනත් වෙනත් රචකයන් අතින්..
    එහෙත් මෙම ගොඩක් ගීත ලියවී ඇත්තේ සබැ සිද්දියක් පදනම් කරගෙනය ..

    ReplyDelete
  21. පරක්කු වුනාට සමාව භජනය කරමි... මේ කියන මුදලාලි මගේ මෑණියන්ගේ පාර්ශවයේ ළගම හිතවතෙක් ලෙස හිටපු කෙනෙක්... ඔහුගේ වාසගම මගේ මවටත් එසේම තිබේ...ධනවත් වීමට පෙර නිතර නිතර සීයාගේ ගෙදර ආගිය වගත්, ආහාර පවා ලබා ගත් බවත් මගේ මිත්තණිය මා හට පවසා ඇත...එහෙත් ධනවතකු වීමෙන් අනතුරැව ඔහු එම බැදීම් අමතක කර දමා ඇත... ඔබේ පෝස්ටුවේ පෙම්වතිය විවාහ වී ඇත්තේ වෛද්‍යවරයෙකු සමගය... ඒ දෙපලම මාද වෙසෙන පුරවරයේ වෙසෙත්... මේ කියන ගායක තුමාගේ ලගම මිතුරෙකු මා හට හමු වි දෙඩු වදන් ඔබ පුදුම එළවන සුලුය... ඒ කථාව ඉදිරි දිනයක මගේ කාමරෙන්....

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි..ඉදිරියේදී බලන්න පුළුවන් එහෙනම් සිරාගෙන්... තව විස්තර

      Delete
    2. අන්න ඒ බ්ලොග් එකේ ලින්ක් එක මට එවන්නකො අප්පා.........

      Delete
    3. ඔය උඩ තියෙන සිරාගේ කාමරේ කියන එක ක්ලික් කරන්න බන්ජු

      Delete
  22. බොහොම ස්තුතියි මචෝ...!! සුපිරි විස්තරයක්.. නමුත් කඳුලු කතාවක්..

    ReplyDelete
  23. " Issara wage ath wal badagena....
    yannada katha kale...
    dedeneku dathin alla ganata
    ekawara nohaka lowe..."

    "Oba dan keewath kadulu sala...
    mata adarei kiya....
    hitha giya thanakata thurulu wela...
    manike nowenu mula...."

    ReplyDelete
  24. " Issara wage ath wal badagena....
    yannada katha kale...
    dedeneku dathin alla ganata
    ekawara nohaka lowe..."

    "Oba dan keewath kadulu sala...
    mata adarei kiya....
    hitha giya thanakata thurulu wela.
    manike nowenu mula..."

    ReplyDelete
  25. මචන් මම මෙතෙන්ට කොමෙන්ට් කරන්න ගියෙ නැහැ . මේ ගෲප් එක උඹෙන් අහලද නැද්ද ගත්තෙ කියලා දන්නෙ නැති හින්දා. අනිත් එක මේක මුලින්ම ලිව්වෙ උබද අනිත් එවුන්ද ?
    https://www.facebook.com/photo.php?fbid=353740171364789&set=a.353129121425894.77845.353076138097859&type=1&theater

    ReplyDelete
    Replies
    1. මේක සියයට සියයකම අයිතිය මගේ.. කොහෙන්වත් කොහෙන්වත් උපුටා ගත්ත කොටස් ගෑවිලාවත් නැහැ .. මගේ උත්සාහයෙන් මිනිස්සුන්ගේ කටින් අහ ගත්ත තොරතුරු විතරයි තියෙන්නේ...

      මේක මගෙන් අහන්නෙවත් නැතුව ගෲප් එකක් කොපි කරගෙන තිබුනා එත් එකේ මගේ බ්ලොග් එකේ ලින්ක් එක තිබුනා .. දැන් මේ ලිපිය ඊ මේල් වලින් හැමතැනම යනවා දැක්ක එත් එවාවලනම් මගේ බ්ලොග් එකේ ලින්ක් එක නැහැ...

      Delete
    2. මචන් මේ ලිපිය මිල්ටන් මැරුන දවස් වල දිවයින ඉරිදා පත්තරේ එක්ක දෙන අර පොඩි පත්තර කෑල්ලෙ මේ විදියටම ගියා. ඒක ලියුවෙත් එතකොට උඹද?

      Delete
    3. මම ලිව්වේ බ්ලොග් එකේ විතරයි. සම්පුර්නයෙන්ම අදුනන අයගෙන් විස්තර අහලා ලියපු ලිපියක් මේක. ඊට පස්සේ මම ලියපු එක ඊ මේල් වලින් මුණු පොතෙන් ප්‍රචාරය වෙනවා දැක්කා, පත්තරේක කතාවක්නම් මම දන්නේ නැහැ. එක පිළිගන්න අමාරුයි පත්තරේක ඒ කාලේ මෙහෙම ගියානම් ප්‍රශ්නයක් ඇතිවෙනවා , අනික මම මේක ලිව්වේ ගායකයාගේ නමක් නොදා, කමෙන්ට් වලින් අනිත් අය ගායකයා හෙළි කලාට. මම ලියපු එක ඇරෙන්න මේක මෙ විදියට තියෙන්න විදියක් කොහෙත්ම නැහැ . සියට දෙසීයක් විස්වාසයි .

      Delete
  26. ඇ නොවෙ මා සොයා,
    පැමිනියෙ කිසිදිනෙ ....
    මෙ ගිතයත් ඔහුගෙ.. :)
    අහල බලන්න , ප්‍රේමයෙ වේදනාව..
    -නිලූ-

    ReplyDelete
    Replies
    1. මේකනම් වැඩිය අහල පුරුදු නැති සිංදුවක්

      Delete
  27. ඉන්දියාවේ මැතිණියන්ලා එක්කත් අපේ කලා-කරුවෝ පෙම් හබ වල පැටලිලා තියනව.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..ලංකාවේ අය වැඩකාරයෝනේ

      Delete
  28. නියම කතාව චමී ...
    මිල්ටන් මල්ලවාරච්චි ඔච්චරටම හැගීම් බර විදිහට සින්දු කියන එකේ රහස මේකයි එහෙනම්..
    දැන් නවලෝක මුදලාලිගෙ දුව කෝ ?
    එයගේ නම මොකක්ද..?

    ReplyDelete
    Replies
    1. ඔව් ..මේ කථාව ඒ කාලේ හිටිය එයාගේ සමකාලින ගීත රචකයෝ දන්නවා.. ඒ නිසා මිල්ටන් ගායනා කරන ගොඩක් ගීත ලියවිලා තියෙන්නේ එයාගේ ජිවිත කථාවට සම්භන්ධ විදියටයි ..
      එයාගේ නම නම් හරියටම දන්නේ නැහැ එත් මධු කියලා කියනවා කියලා තමයි දන්නේ,, එයා තවම විදේශ රටක ඉන්නවා.. රෝහල අයිති එයාට ..

      Delete
  29. මම අහල තියෙන කතාවක්, මිල්ටන් මල්ලවාරච්චි පසු කලෙක ජනප්‍රිය ප්‍රසිද්ධ ගායකයෙක් උනාට පස්සෙ නවලෝක මුදලාලි එක දවසක් කීවාලු, "මිල්ටන් මෙච්චර ජනප්‍රිය ගායකයෙක් වෙන බව කලින් දැනගෙන හිටියනම්, කිසි කතාවක් නැතුව මගේ දුවව බන්දල දෙනව" කියල.
    ඒත් ඉතින් ඒ දෙන්නගෙ නරක වෙලාවට මුදලාලි හීනෙකින්වත් හිතන්ඩ නැතුව ඇති මේ "පැදුරු පාටිවල සින්දු කියන කොල්ලා" රටක් නලවන ජනකාන්ත ගායකයෙක් වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... චිත්‍ර පටයක් වගේ දුක්බර සත්‍යය කථාවක්..

      Delete
  30. niyamai...chami...hoda uthsahayak..me wage Minissu godaak innawa api athara..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ..ඔව් ,ස්තුති නුවන්

      Delete
  31. මං මෙච්චරකල් මේක දැනගෙන හිටියේ නෑ... ඔයා හොදට කතාව ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති , ඒත් ගොඩක් අය මේ ගැන යන්තමින් හරි දන්නවා,

      Delete
  32. සුපිරියට ලියලා තියෙනවා මචං.. කියන්න වචන නෑ..

    ReplyDelete
  33. milton mallawaarachchi kiyanne mage asama gayakaya.
    man godak issara idala oya kathawa ahala thiyanawa.
    eya marry karala inne doctor kenek thama. bt hospital 1 eyage vitharak neme. eyalage shearz thiyanawa vitharai. gm5 pradeshaye prasidda privet school 1k thiyanawa eyalata.
    oya kathawe thiyana puduma de oka neme. oya kiyana doctor godak dawaswalata eyage yaluwo ekke set wenawa. e kiwwe podi drink 1k gannawa.thn eyala sindu kiya kiya innawa. e welawata kiyanne wedipurama milton mahathmayage githa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති විස්තර එකතු කලට, ඔය වගේ දන්නා අයගේ කමන්ට් වලින් මේ කතාවට තවත් කොටස් එකතු වෙලා වටිනාකම වැඩි වෙනවා ..ස්තුති ,

      Delete
  34. woooww woooow kiyala vadak neee.mee sindu vala niyama rasaya danennee mee kathavath akka thama.athtama keevoth adenava..........it s nice.matanam vachana nee aa gana kiyanna

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අගය කිරීමට චන්දිම

      Delete
  35. Everyone loves what you guys are usually up too. This kind of clever work
    and reporting! Keep up the wonderful works guys I've included you guys to blogroll.

    Also visit my webpage; league of legends hack

    ReplyDelete
  36. Thank you for some other fantastic article. Where else may anyone get that type of info in such a perfect way of writing?
    I've a presentation subsequent week, and I am at the look for such information.

    Have a look at my blog post - unknown

    ReplyDelete
  37. Hmm is anyone else experiencing problems with the pictures on
    this blog loading? I'm trying to figure out if its a problem on my end or if it's the blog.
    Any suggestions would be greatly appreciated.


    Feel free to surf to my web blog: The Interlace ()

    ReplyDelete
  38. adai me post 1 kiyawanna labune milton mallawaracchi kawadawath guwan gaman ghin ne kiyanawa neda [fly karala]

    ReplyDelete
  39. It is perfect time to make some plans for the future and it's time to be happy. I've read this post
    and if I could I want to suggest you few interesting things or suggestions.
    Perhaps you could write next articles referring to this article.

    I want to read more things about it!

    Look at my blog post: how to lose 10 pounds in 2 weeks

    ReplyDelete
  40. Fantastic goods from you, man. I've understand your stuff previous to and you're
    just too wonderful. I actually like what you've acquired here, really like what
    you are saying and the way in which you say it. You make it enjoyable and you still care for to keep
    it smart. I can not wait to read far more from you.
    This is really a tremendous web site.

    My homepage: Lesbian Matures

    ReplyDelete
  41. ඔය කතානායිකාව විවාහ කරලා දුන්නේ වෛද්‍යවරයෙකුට ගම්පහ දිස්ත්‍රික්කයේ , වර්තමානයේ ඔහු ගම්පහ සුමේධ ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘවරයා. දහස්ගණන් දරුවන් ඔහුට හරිම ඇලුම් කරනවා ,මන්ද ඔහු ඉතා හොඳ හදවතක් ඇති පුද්ගලයෙක්. මා දන්නා පරිදි අදටත් ඔහු සහ ඇය වෙන්වෙන්ව ජීවත්වෙනවා. ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඇයගේ විවාහය අසාර්ථකයි කියන එක නේද ,

      Delete
  42. http://www.ydc.lk/pages/YDCStaff.htm
    මෙම ලින්ක් එකෙන් ඔබට ඔහුව දැකගන්න පුළුවන් (Anonymous January 18, 2014 at 11:21 PM )නමින් මීට පෙර අදහස් පලකලේ මමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට තොරතුරු සහ අදහස් දැක්වීම ගැන .

      Delete
  43. thank you for sharing this story with us. I heard little bit of it long time ago. But now I know meaning of most of his songs. Unfortunately we never got a chance to see her picture which he memorised all his life.

    ReplyDelete
  44. I also have heard about this story. But to my knowledge Milton married to Swarna in early 1970, and therefore I cannot see any reason for singing songs about this girl after marriage. He never went abroad and part of the story therefore is a fake. But still his songs gave the impression that hr has something in his mind about love

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...