අහක යන තොප්පියක් ඔලුවට වැටිලා වැරදීමකින් මරණෙට තීන්දු වෙලා.. පුරුවේ කරපු පිනකින් දිවි ගලවා ගත්ත චමිගේ ත්‍රාසජනක අද්දැකීමක් තමයි මේක....
මේක උනේ හරියටම නත්තල් දවසක රැක...
මේ කාලේ අපි පුංචි ළමයි... පුංචියි කිව්වට පුන්චිමත්ම නැහැ.. ඔන්න අපේ යාලුවෝ සෙට් එකේ එකෙක්ගේ ගෙදර කව්රුත්ම නැහැ කියලා අපිට පණිවිඩයක් එවලා තිබුනා..අම්මලා තාත්තලා සේරෝම නැදැ ගෙදරක ගිහිල්ලා මුව ගෙදර තියලා...ඉතිං අපි කට්ටියම නත්තල් පාටිය මෙහෙ තියන්න තිරණය කළා......
මේ කාලේ වෙනකොට අපි සැර බිම ජාති මුකුත් බොන්නේ නැහැ...අපි අල් වතුරත් නිවලා බොන තරමට අහිංසකව හිටිය කාලෙනේ...
ඔන්න ඉතිං පාර්ට් එකට ඕනේ කරන බඩු එහෙම ගෙනල්ලා... කෑම ජාති.. සහ බොන්න කුල් ඩ්න්ක්‌ස්...ජාති ගෙනත්.. අපිම කෑම හදලා ..රැ නාමය විතර වෙනකොට අපේ අහිංසක පාර්ටි එක පටන් ගත්තා...
මේ දවස් වල ඉතිං අපි පාර්ටි වලට කලේ.. ගිටාර් ගහලා සිංදු කියලා.. හය්යෙන් සෙටප් එක දාලා නටල.. කාව හරි බයිට් කරලා හිනා වෙලා..පිස්සුවක් කෙලලා යන එක තමයි...
ඔන්න මේ කියන දවසෙත් පාර්ටි එක ජයටම සුදානම් කරලා තිබුනා අපි... පොඩි ඩ්ජේ එකක් එහෙම ගෙනල්ලා.. ඩාන්සින් ප්ලො එකට ඩිස්කෝ ලයිට් එහෙම දාලා...ලස්සනට පාර්ටි එක ඇරෙන්ජ් කළා...
ඔන්න රැ දහය එහොළහ විතර වෙනකොට පාර්ටි එකේ උච්චතම අවස්ථාවට ඇවිත් හිටියේ.. කට්ටිය එක පොදියට නටනවා... බල්ටි ගහනවා විසිල් ගහනවා... කැ ගහනවා හූ.. කියනවා එක විකරයයි...
දන්නවනේ ඉතිං එකම වයසේ කොල්ලො දහයක් දොළහක්.. වැඩිහිටියෝ කව්රුත් නැති තැනක නිදහසේ ෆන් එකකට සෙට් උනාම කොහොමද කියල..
ඒත්.. වැඩි වෙලාවක් අපිට එහෙම ඉන්න ලැබුනේ නැහැ...
“ අඩෝ ... කව්ද යකෝ අපිට හූ කියන්නේ... වරෙව් එලියට.. තොපි එක එකාව භාවනාව...
අපි ඔක්කොම එක පාරම සද්දේ ආව පැත්ත බැලුවා....
අපේ ගමේ ඉන්න පාතාල කල්ලිය..
ගමේ ඉන්න ලොකුම චන්ඩි අය්යලා ටික..
උන් ඔක්කොම අට දෙනෙක් හිටියා.. තුන් හතර දෙනක්ගේම අතේ පොලු තිබුනා.. අනිත් උන්ගේ අතේ පිහි ,කිනිසි ,දැලි පිහි තිබුනා... ඔක්කොම හිටියේ ආයුධ සන්නද්ධව.....ඒ වගේම කෙලින් ඉන්න බැරි තරමට උන් බීලා හිටියේ...
මෙහෙම චන්ඩි ටිකක් අපිට ගේමට කථා කරන කොට අපි මොකක් කරන්න ඇද්ද ......????
අපි රොත්තම එක පාර ගේ ඇතුලට දුවලා දොර ලොක් කර ගත්තා...
දැන් මුන් අපිට විරුද්දව නගන චෝදනාව.. අපි මුන්ට හූ .. කිව්වා කියන එක..අපි හූ කියන්න ඇති.. ඒත් අපි කාටවත් හූ කිව්වේ නැහැ... අපි අපිටම හූ කියාගත්තා මිසක්...
ඒත් කොහොමද දැන් මේක මුන්ට තේරුම කරන්නේ... මේක තේරුම් කරන්න මුන් ලගට ගියොත් දැන් වෙන්නේ ... මේක තේරුම් කරලා කියන්න ඉස්සර පිහි පාරක් කාලා...අපා ගතවෙන්න..
විසදගන්න බැරි උගතෝකෝටික ප්‍රශ්නයක අපි ඔක්කොම හිර වෙලා … මේ වෙලාවේ වැඩිහිටියෙක් වත් හිටියනම්.. මොකක් හරි කරලා අපිව බේරගන්න තිබුනා.. ඒත් මොනවා කරන්නද අපි ඔක්කොම පොඩි හිටියො වෙච්චි...
චන්ඩි ටික එළියේ ඉදගෙන කෑගහනවා.. එලියට වරෙල්ලා.. නැත්නම් දොරවල් කඩාගෙන ඇතුලට එනවා කියල.. කිව්වත් වගේ මුන්ට එහෙම කරන්න බැරි කමකුත් නැහැ.. මුන් ගමේ නම ගිය දාමරිකයෝ ඔය වගේ ගෙවල් වලට පැනලා කපන කොටන වැඩත් මෙයාලා කරලා තිබුනා..
මේ අතර මගේ නිර්භීත යාලුවෝ හතර පස් දෙනෙකුත්... “උන් ගැහුවොත් අපිත් ගහමු ..” කියලා නිර්බිතව සටනට අවශ්ෂ්‍ය කරන අවි අයුධ සුදානම් කරමින් සිටියා...
එකෙක් කුස්සියේ තිබුන ලිපට පිබින දුම් බටයක් අරගත්තා.. එත් එකේ තියෙන දැලි අතේ ගැවෙයි කියලා පත්තර කොලයක්න් ඔතලා තමයි අල්ල ගත්තේ...
තව එකෙක් ඉනේ තිබුන බෙල්ට් එකක් ගලවා ගත්තා.. එකෙන් ගහමු කියලා.. එත් ඊට පස්සේ කලිසම බහිනවා කියල එක අතකින් කලිසම අල්ලාගෙන අනිත් අතින් බෙල්ට් එක අල්ලගෙන තමයි හිටියේ..
අනිත් එකා කුස්සියේ තිබුන මොල්ගහක් උස්සගෙන අවා.. එත් වැඩි වෙලාවක් යන්න ඉස්සර එක බරයි කියලා.. පැත්තකට දාලා. උගේ සයිස් එකට ගැලපෙන විදියේ පොඩි කොටු කැල්ලක් හොයාගත්තා..
ඔන්න ඔය විදියේ දරුණු අයුධ වලින් අපිත් සන්නද්ධ උනා..
එත් මම දැනගෙන හිටියා .. අපි මුන් එක්ක හැප්පෙන්න යනවා කියන එක නිකන් විහිළුවක් විතරයි කියන එක.. නිකන් තෝරු මෝරු එක්ක හල් මැස්සෝ හැප්පෙන්න යනවා වගේ වැඩක්.. ඉල්ලගෙන කෑමක්..
විසදුමක් තියෙනවනම්.. සාම ගිවිසුමකින් විතරමයි..
එහෙම හිතාගෙන මම පුටුවක් තියලා උඩට නැගල දොරේ උඩ කව්ලුවෙන් බැලුවා මුන් මොකද කරන්නේ කියලා .. මුන් ටික පොලු කරක කරක .. ශුද්ධ සිංහල , පාලි සංස්කෘතික ... වලින් අපේ ගුණ වයමින් හිටියා.. සාම ගිවිසුමකට කැමැති පාටක් උන්ගේ මුණු වලින් පෙනුනේ නැහැ...
“ උබලට තව විනාඩි පහයි දෙන්නේ එලියට නාවොත් දොර ජනෙල් කඩාගෙන අපි ඇතුලට එනවා..””
එහෙම කියල විනාඩි පහක් ගියේ නැහැ.. “ සලාං”””” ගාලා ජනෙල් වීදුරුවක් කඩාගෙන ගලක් ගේ ඇතුලට අවා..
එත් එක්කම ගෙදර අයිති එකා අඩන්න ගත්තා බය වෙලා ගෙවල් කුඩු කරයි කියල...
අපි තීරණයක් ගත්තා.. හෙදරට හානියක් කරන්න ඉස්සර අපි එලියට යමු.. මොනවා උනත් කමක් නැහැ කියලා...
එහෙම තීරණය කරලා අපි දොර අය්නට ගිහින් උන්ට කතා කලා..
අය්යේ අපි එලියට එන්නම්.. ගෙදරට මුකුත් අලාභ හානි කරන්න නම එපා ...!!!
“ ආ..න්න.. හොදයි එලියට වරෙල්ලා... අපි උබලාට ගහන්නේ නැහැ අපිට ඕනේ උබලගෙන් එකක් විතරයි..ඌ තමයි අපිට හූ කිව්වේ.. අනිත් උන් එක්ක අපිට ප්‍රස්නයක් නැහැ...”
දැන් අපේ උන් කල්පනා කරනවා කාවද මුන් හොයන්නේ කියලා... හූ කියපු කොල්ලෝ දෙතුන් දෙනා ඊටත් වඩා බයවෙලා...
“ උන් හොයන එකා මොකා උනත් කමක් නැහැ බහිමු එලියට.. ගෙදරට මුකුත් කරන්න ඉස්සර...
එහෙම කියලා අපි එලියට ආවා...
ඊට පස්සේ චන්ඩි ටික අපිට එකා පිටි පස්සේ එකා පෝලිමට එන්න කිව්වා.. මම හිටියේ පෝලිමේ හය වෙනියට වගේ ..
ඔන්න දැන් අපි පෝලිමේ ඉස්සරහට යනවා.. පාතාල කල්ලිය .. යුද්ධෙ තිබුන කාලේ හමුදාවට අහුවුන.. ත්රස්තවාදී කට්ටියක්ව පරික්ෂා කරනවා වගේ අත් උඩට උස්සන්න කියලා.. මුළු ඇගම පරික්ෂා කරනවා..
මම හිතන්නේ හමුදාවෙන්වත් මේතරම් සීරුවට පරික්ෂා කාලේ නැහැ..
අපිට දැන් හරි ප්‍රෙහෙලිකාවක් මොකක්ද මේ කරන්නේ කියලා... මුන් අපි බෝම්බ හංගගෙන ඉන්නවා කියලවත් හිතලද දන්නේ නැහැනේ...
ඔන්න දැන් එක එකාව පරික්ෂා කර කර නිදහස් කරනවා.. ටිකෙන් ටික මමත් පෝලිමේ ඉස්සරහට ඇදෙනවා..
එතකොට මට ඇහුනා චන්ඩි අය්යෙක් කියනවා..
“ කෝ බං තවම කන්නාඩි කාරයා .. අහු උනේ නැහැනේ.. ඕකා තමයි මට ඕනේ.. අම්මපා බස්සනවා ඕකට අගල් හයක්”
එතකොට තමයි මට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තේ .... මුන් හොයන්නේ කන්නාඩි කුට්ටමක් තියෙන එකාව... මෙතන ඉන්න එකම කන්නාඩි කාරයා මම.. කන්නාඩියත් සාක්කුවේ ඇති..
එත් මම ” හු”..... කිව්වේ නම් නැහැ.. කව්රු හරි හු කියන වෙලාවක මුන් බලනකොට මාව දකින්න ඇති කන්නාඩි දාගෙන ඉන්නවා.. එත් මුන්ට මුණ වත් ඇදුම්වත් මතක නැහැ .. ඩිස්කෝ ලයිට් අස්සේ අපි එක ගොඩේ හිටපු නිසාත් ..චන්ඩි ටික සිහි විකල් වෙන්න බිලා ඉන්න නිසාත් එහෙම වෙන්න ඇති...
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මම දන්නවා තව ටිකකින් මට අත්වෙන ඉරණම....
මගේ වාරය ලන්වේගෙන එනවා.. සාක්කුවේ කන්නාඩියත් ඇති.. මම ඕන දෙයක් වෙත්දෙන් කියලා හිතාගෙන.. සාක්කුවට අත දැම්ම..
පුදුමයක් .....සාක්කුවේ කන්නාඩිය නැහැ.. අනිත් එකේ බැලුවා .. එකෙත් නැහැ..
කන්නාඩිය අතුරු දහන්....
කණ්ණාඩියට මොකද උනේ.. මම කන්නාඩිය හරියට පරිස්සම් කරන කෙනෙක් ..අස් දෙකේ දාගෙන උන්නේ නැත්නම් .. අනිවාර්යෙන්ම සාක්කුවක තියෙන්න ඕනේ... එත් දැන් කන්නාඩිය මගේ ලග නැහැ..
කොහොමද මේක අතුරු දහන් උනේ.. අද වගේ නත්තල් දවසක නිරපරාදේ මට අත් වෙන්න යන ඉරණම දැකලා දෙවියන් වහන්සේවත් කන්නාඩිය අතුරු දහන් කලාද? ....එහෙම නැත්නම් මට වෙන්න යන නස්පැත්තිය දැකල සක්කර දෙය්යන්ගේ පඩුපුල් අස්නේ රත් වෙලා..මාව ගලව ගන්න උන්වහන්සේ කණ්නාඩිය අන්තරස්දාන කල වත්ද/..
කොහොම උනත් දැන් කණ්නාඩිය නැහැනේ .. ඉතිං මට බයවෙන්න දේකුත් නැහැ.
ඔහොම කල්පනා කර කර ඉදිරියට යනකොට මගේ වාරෙත් ආවා...
එකෙක් ඇවිත් මගේ බෙල්ලට පිහියක් තියලා..තද කරගත්තා.. මම දෙවියන් සිහි කරගෙන ඇස් පියාගත්තා..
තව එකෙක් මුළු ඇගම පරීක්‍ෂා කළා... (මුන් හරියන්නේ පාතාලෙට නෙමේ සිකුරිටි එකකට.. ඒ තරම් හොදට පරීක්‍ෂා කළා )එත් උන් හොයන එක මගේ ලගත් නැහැ...
පාතාලය :- උබද අපිට හු.... කිව්වේ ?
මම :- නැහැ...
පාතාලයා :- එහෙනම් පලයන්.....
මම නිදහස් ... දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ... දැන් මම දන්නවා අපේ උන් කව්රු ලගවත් කන්නාඩියක් නැහැ කියල...
කොහොම හරි අපේ ඔක්කොම උන්ව චෙක් කරලා ඉවර උනා.. එත් කන්නාඩි කාරයෙක් හොයාගන්න බැරි උනා...
අන්තිමට උන් අපිට තර්ජනය කරලා නිදහස් කළා.. අපෙන් කවුරු හරි එකෙක් කන්නාඩි දාගෙන යනවා පාරේදී දැක්කොත් එදාට බලාගමු කියල...
අපි දෙය්යන්ට පින් දිදී ගෙවල් වලට ගියා......
ඊට පස්සේ දවසක කන්නාඩියත් හම්බ උනා පාර්ට් එක තිබුන ගෙදර පුටුවක් උඩ තිබිලා.. කොහොම හරි ජරමර අස්සේ මම ගලවලා පුටුවක් උඩින් තිබ්බා වෙන්නත් පුළුවන්.. ඊට පස්සේ මම කාලයක් යනකන් කන්නාඩි දැම්මේ නැහැ..
එදා මගේ ලග තිබිලා කන්නාඩියක් අහු උනානම්.. පිහිපාරක් වදින එක නියතයි...
ඔන්න ඔහොමයි මම එක මාරකයකින් ගැලවුනේ...!!!!