13 August 2013

අත්භූත නවාතැන්පොල - (සත්‍ය කතාව )


දැඩි වර්ෂාව  කපාගෙන වාහනය වේගයෙන් ඉදිරියට ඇදුනි . මද්දහන ගෙවී සුළු වෙලාවක් වුවද මිදුමත්  වැහි අන්ධකාරයත්   නිසා පරිසරයේ  තිබුනෙ අදුරු මුසල ගතියකී ..  අමිත්ට  නැවත වරක්  කන්නාඩියෙන් පසුපස අසුන දෙස බැලුණි. තේහැවිරිදි පුංච් පුතු පසුපස අසුනේ තවම නිදිය  .  මේ හදිසි ගමනත්  දැඩි වර්ෂාවත් නිසා වාහනයේම පැය ගනනක්  ගතකල පුංචි පුතුගෙන් දිස් වුයේ විඩාබර පෙනුමකී  . එය අමිත්ගේ සිතේද  ඇතිකළේ කනස්සල්ලකී

මම කීවානේ අමිත් සීසන් එකේ නුවරඑළියේ ගෙස්ට් හවුස්  හොයන එක ලේසි නැහැ කියලා කෝ ඔයා ඇහුවේ නැහැනේ ..”

මෙතෙක් වෙලා නිහඩව සිටි අනෝමාද  මැසිවිලි නගන්නට විය.  ඇයට උවමනවුයේ මෙම නිවාඩුව ගාලු ප්‍රදේශයේ ගතකිරිමටය , එහෙත් නුවර එළියේ ශිත දේශගුනයට ඇලුම්කල අමිත්ගේ කැමැත්තට පිටු පෑමට ඇයට නොහැකිවිය. එබැවින්  අකමැත්තෙන් වුවද  නුවර එළියේ යෑමට ඈ එකගවිය .

“තව ටිකක් බලමු අනෝමා අපිට පොඩි ගෙස්ට් හවුස්  එකක් හරි හොයාගන්න බැරි වෙන්නේ නැහැ  හවස් වෙන්න තව වෙලාව තියෙනවා ..එහෙම බැරි උනොත් මම බිස්නස් වැඩ වලට ආවාම නතර වෙන තැනක් තියෙනවා එතන හරි අද රෑ ඉමු  ”

පාරම්පරික ව්‍යාපාරික පවුලක් වූ අමිත්ට මුදලින් කිසි අඩුවක් නොවුහ . එබැවින් මාස දෙක තුනකට වරක් හෝ නිවැසියන් සමග මෙවැනි දුර පලාත් වලට ගොස් විවේක ගැනීම ඔහුගේ සිරිතකි..  ඔවුන් මෙවැනි ගමන් කොතෙකුත් ගොස් ඇත.. තවමත් තරුණ වියේ සිටින අනෝමා සහ අම්ත්ටත්  තෙහැවිරිදි  පුතුටත් මෙවැනි ගමන් ගෙන ආවේ සතුටකි එහෙත් අද ගමන් ආරම්භයේ සිටම සොබාදහම පවා ඔවුන්ට බාදා කරන්නට පටන්ගෙන තිබුණි .

නුවරඑළිය නගරය පුරාම ඇවිද්දත්  අමිත්ට නවාතැනක් සොයාගැනීමට අපහසුවිය සියලු ප්‍රධාන සංචාරක නිකේතන සංචාරකයන්ගෙන් පිරි ගොසිනි . නොනවතින වර්ෂාව හා දැඩි සිතල ., ඔවුන්ව තවත් අපහසුතාවයට පත්කලේය..

“කරන්න දෙයක් නැහැ අනෝමා මම බිස්නස් වැඩ වලට ආවාම නතර වෙන ගෙස්ට් හවුස්  එකටවත් යමු.. ටවුන් එකෙන් ටිකක් දුරට වෙන්න තියෙන්නේ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නැහැ “

අවසානයේ  අමිත් නැවතත් තමන් දන්නා නවාතැන්පල වෙත රථය පැදවුයේය.. නගරයේ සිට කිලෝමීටර් හත අටක් පමන දුරට වෙන්නට තිබු නවාතැනට ලංවනවිට  හාත්පසම අදුර ගිලගනිමින් තිබුණි නවාතැන් පොලෙහි වාහනය නවතා වාහනයෙන් බැසීමටත් ප්‍රථම  මැදිවයසේ පසුවන නවාතැන් භාර කරු රියදුරු අසුන පැත්තේ ඇති කවුළුවෙන් හිස පෙව්වේය ...

“සමාවෙන්න සර් රුම්ස් නම් ඔක්කොම ඉවරයි ..”

සුපුරුදු නවාතැන් සේවකයාගේ රුව අමිත් ඇදින ගත් නමුත් සේවකයා අමිත්  හදින ගත්තේ නැත.  අදුරත් වාහනය තුල සිටීමත් නිසා තමුන්ව හරිහැටි නොපෙනුන බව තේරුම්ගත් අමිත් හිතවත් සේවකයා සමග  කතා කළේය ..

“ඒයි සැම්සන් මේ මම අමිත්...”

“ඔහ් මේ අපේ අමිත් මහතයානේ..  “

“අපිට අද රෑට කාමරයක් ගන්න නැද්ද සැම්සන් “

“අමිත් මහත්තයා මට කෝල් එකක් දුන්නනම් මම තැනක් ලෑස්ති  කරලම තියනවනේ.. මේ දවස් දෙක තුනේ නුවරඑළිය හොටෙල් රෙස්ටුරන්ට් ඔක්කොම මිනිස්සුන්ගෙන් පිරිලා..”

“සැම්සන් දන්න කියන තැනක් නැද්ද අපිට අද රෑට විතරක් ඉන්න ...”

ටවුන් එකට ලගින්නම් හොයලා වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ  අන්න අර පාර දිගේ උඩහට ගිහින් ගම ඇතුල පැත්තට යන්න  ඒ හරියේ ගෙස්ට් හවුස්  දෙක තුනක් තිබුනා ...”

නවාතැන් පලෙහි සේවකයාට සමුදුන් යුවල කදු පාර දිගේ රථය පැදවුහ.. කලින් පැවති තද වර්ෂාව දැන් පොද වැස්සක් බවට පරිවර්තනය වී තිබුනද  දැඩි මීදුමත් මාර්ගයේ දුෂ්කර තාවත් නිසා අමිත්ට වැඩි වේගයකින් වාහනය ධාවනය කිරීමට නොහැකිවිය එබැවින් ඔවුන් කදු ප්‍රදේශය තරණය කිරීමේදී තරමකට රෑ බෝවී තිබුණි . රාත්‍රියේ නොදන්නා ප්‍රදේශයක නවාතැන් නොමැතිව අතරමංවූ තරුණ යුවලගේ ආත්මවිස්වාසයද හිනාවෙමින් තිබුණි . මගදී  නවාතැන් පොළවල් කිහිපයක් දුටුවද ඒ සියල්ලම රාත්‍රියක් ගතකිරීමට අමිත් වැන්නවුන්ට සුදුසු නැති බැව් දුටු බැවින් අමිත් තවත් ඉදිරියටම ධාවනය කලේය.

“ අමිත් අර බලන්න ....

අනෝමා  පෙන්වා සිටියේ  අතුරු පාරකට ඊතලයකින් පෙන්වා ඇති රෙස්ටුරන්ට් එකක නමක් සහිත පුවරුවකි .. විශාල පුවරුවක්වූ එය අපවිත්‍රවී  ඇති බැවින්දෝ පැරණි බවක් පෙන්වූයේය ..

“ඒකත් හරියන එකක් නෙමේ වගේ අනෝමා බලන්නකෝ බෝර්ඩ් එකේ හැටි .. වහලා දාපු ගෙස්ට් හවුස්   එකක් වෙන්න ඇති .. නැත්නම් මේ වගේ කාලේක මෙහෙම තියන්නේ නැතුව මිනිස්සුන්ට පෙනෙන්න ලයිට් එහෙම දාලා තියනවනේ ..”

“කමක් නැහැ අපි මේකත් බලාගෙනම යමු ..

අමිත් බෝර්ඩ් එකෙන් පෙන්වා ඇති අතුරු මාර්ගය දිගේ වාහනය ගෙන ගියේය..  මාර්ගය දෙපස විශාලව වැවී ඇති  ෆයිනස්  ගස්  යාය නිසා මාර්ගය තවත් අදුරු බවක් පෙන්වූයේය..  

මද දුරක් ගිය තැන ඇති විශාල ගේට්ටුවට  පසුකර ගිය  අමිත් දුටුවේ පැරණි නමුත් තරමක් විශාල දෙමහල් නිවාඩු නිකේතනයකි.  පහත මාලයේ අලින්දයක් සහ කාමර කිහිපයක් ද ඉහත මාලයේ  පාර පැත්තට මුහුනලා විශාල කොරිඩෝවක් ඒත් සමග විශාල කාමරයක්ද  කොරිඩෝව දිගට පුංචි කාමර පේළියක දොරවල්ද පහතට හොදින් පෙන්නෙන්න තිබුණි . එහෙත් මද ආලෝකයත් නවාතැන්පලේ පැරණි පෙනුමත් නිසා එයින් දිස්වුයේ ගුප්ත බවකි .

“අනෝමා මේකේ කවුරුත් ඉන්න පාටක්නම් පෙන්න නැහැ අපි වෙන තැනක් බලමු ..”

“අපි ටිකක් කතා කරලා බලමු අමිත් දැන් ගොඩක් රෑ වෙලානේ ..අපිට වෙන තැනක් හොයාගන්නත් නැති වෙයි මේ වෙලාවේ ..”

“එත්  මේකේ කවුරුවත් ඉන්න පාටක්නම් නැහැ ...

“ටවුන් එකෙන් දුර නිසා ගෙස්ට්ලා අඩු ඇති අමිත් .. අපි ටිකක් කතා කරලා බලමු ..”

වාහනයේ නලා නාදයත් සමගම පඩිපෙළ බැසගෙන දිව ආවේ මහලු මිනිසෙකි නුවර එලිය දේශගුනයට ගැලපෙන ලෙස ජර්සියක් හැද  හිසේ ජටාවක් ගැටගසා සිටි  මහල්ලාගෙන් දිස්වුයේ වැදගත් වංශවත් පෙනුමකි ..

“අපිට මෙහෙන් කාමරයක් ගන්න පුලුවන්ද අද රෑට ..”

“පුළුවන් සර් එන්න ඇතුලට ..., හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ”
ඒ මොකක්ද ?

“අද මේකේ වැඩ කරන අය කවුරුත් නැහැ  ඔක්කොම නිවාඩු ගිහින් කෑම නම් සර්ලට පිටින් ගන්න වෙන්නේ .. අනිත් පහසුකම් විතරයි දෙන්න පුළුවන් ..”

“ඇයි මේ වගේ සීසන් එකක නිවාඩු යන්නේ ..”

“අද පෝය දවසනේ සර් පෝය ලංවෙලා ඔක්කොම නිවාඩු යනවා ආයේ හෙට රෑට  තමයි එන්නේ පෝයට මම තනියම ඉන්නේ... උදෙත් ආව ගෙස්ට්ලා දෙන්නෙක් ආයේ හැරිලා ගියා කෑම පිටින් ගන්න වෙන නිසා ..

“කමක් නැහැ අපි හෙට උදේට යනවනේ අද රෑට පිටින් කෑම ගන්නම් “

“අඃ එහෙනම් ගැටලුවක් නැහැනේ සර් එන්න මම හොදම රුම් එකක් ලෑස්ති කරන්නම් ..”

මහල්ලා සමග යුවල පඩිපෙළ නගිමින් ආලින්දයට ඇතුළුවිය... මෙතෙක්වෙලා කාරය තුල නිදමින් සිටි පුතු වඩාගැනීමෙන් අවදිවී ඇහි මෑලි කඩමින් අනෝමාගේ තුරුලට ගුලිවුයේ  දැඩි සීතලෙන් මිදීමට මෙනි.. අමිත් ඒ දෙස බලාසිටියේ දැඩි අනුකම්පාවෙනි ...

පැරණි බඩු භාණ්ඩ වලින් පිරීගිය පහත මාලයේ මද වෙලාවක් සක්මන් කල අමිත්ට මෙය එළියෙන් දුටුවාටත් වඩා ගුප්ත  බවක් හැගුනද ඔහු එය ගනන් නොගත්තේ මෙය හැර වෙන විකල්පයක් ඔවුන්ට නැති බැවිනි .


“සර් එන්න උඩට මම උඩ බැල්කනිය අයිනේම රුම් එක ලැස්ති කළා ..” ඉහත මාලයේ සිට ගාරදී වැටෙන් එබී බැලු මහල්ලා යුවලට ආරාධනා කලේය .

මහල්ලා පෙන්වූ විශාල කාමරය දෙසට බැල්කනිය පසු කරමින් යනවිට තවමත් නිදි මතෙන් සිටින පුතු එක වරම බැල්කනියේ ඇති හාන්සි පුටු පේලියේ එක් පුටුවක් දෙසට සිගිත් අතැගිලි දිගු කරමින් මුමුණන්නට පටන්ගත්තේය

“ අම්මි ආ..අර ආන්ටි ..අර..අර ..අතන ..”

අමිතුත් අනෝමාත් එකවරම නතරවී පුතු පෙන්වන පුටුව දෙස බැලුවද ඔවුන් දැක්කේ අදුරේ තබා ඇති හාන්සි පුටු පේළියම පමනි.. කාලෙකින් එහි කෙනෙක් වාඩිවී නැති බවට එහි ඇති මකුළුදැල් ද කියා පෑවේය ..

“මේයා තාම නිදි මතේ හීනයක් දැකලද කොහෙද අමිත් ...අපි රුම් එකට යමු ..”

නිදන ඇදන් දෙකක් සහ විශාල නාන කාමරයක් සහිත විශාල කාමරය ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා සැපපහසු එකක් විම ගැන ඔවුන් පසුවූයේ සතුටිනි...

“අනෝමා ඔයා පුතත් එක්ක ඉන්න මම රෑට කන්න මොනවා හරි එලියට ගිහින් ගේන්නම් ..

“අනේ එපා අමිත් යන තැනක අපි තුන්දෙනාම යමු .. මෙතන හරි පාලු පාටයි මගේ හිතට හරි නැහැ ..”

මෙතෙක් වෙලා අමිත්ට දැනෙමින් තිබු හැගීම අනෝමාටද දැනී තිබෙන බව ඇසීමෙන්  අමිත් පුදුම වුයේ නැත.. තිදෙනාම පිටතට ගොස් ආහාර රැගෙන නැවත එනවිට රාත්‍රී දහයේ  කනිසමට ලංවී තිබුණි . එත් සමගම පොද ගසමින් තිබු වැස්ස නැවතත් ගිගුරුම් සහිත මහා වැස්සක් බවට පරිවර්තය වුයේ ක්ෂනිකයෙනි .  රාත්‍රී ආහාරය ගෙන තිදෙනාම නින්දට වැටුණු  විගසම ගමන් තෙහෙට්ටුව නිසාමදෝ ඔවුන්ට ඉක්මනින්ම නින්ද ගියේය.
විශාල සයනයේ අනෝමා සහ පුතුද එයින් මදක් එපිටින් ඇති සයනයේ අමිත්ද  නිදාගෙන තිබුණි.

මධ්‍යම රාත්‍රියේ කිසියම් සබ්දයකින් අමිත් අවදිවිය . එවිටත් වර්ෂාව අඩුවී නැත අකුණු ගසමින් වසින වැස්සේ සබ්දය හැර වෙන යමක් අමිත්ට නැවත අසුනේ නැත.  නැවතත් ඇස පියවිගෙන එන විටම නාන කාමරය දෙසින් අඩි සබ්දයක් ඇසි ඔහු සයනයේ සිටම ඒ දෙසට හැරුනි..

අදුර නිසා හරි හැටි පැහැදිලි නැතත් විටින් විට විදුලි කෙටීමේ ආලෝකයෙන් නාන කාමරයේ දොර අසල කෙනෙක් සිටගෙන සිටින ජායාවක් දැකගත හැකිවිය .  වාඩාත් විමසිලිමත්වූ අමිත්ට දැක ගැනීමට ලැබුනේ නාන කාමරය අසල සිට තමා දෙස බලාගෙන සිටින තම බිරිදවය..

බිරිද නාන කාමරයට යන්නට ඇතැයි සිතා නැවත ඇස් පියාගැනීමට සැරසුනත්  තවමත් එකම ආකාරයකට නොසෙල්වී සිටින බිරිද ගේ ඉරියව්වල වෙනසක් දුටු අමිත් නිකමට මෙන් බිරිදත් දරුවත් නිදාගෙන සිටි සයනය දෙස බැලුවේය.. දුටු දසුනින් ඔහුට ඇස්  අදහා ගැනීමට නොහැකි විය ..

තම බිරිද  දරුවාද තුරුලු කරගෙන සයනයේ තද නින්දේය ..
එහෙත් සමගම පිපිරූ අකුනේ ආලෝකයෙන් නාන කාමරය අසල සිටින අත්භූත ගැහැනියගේ වියරු මුහුණ අමිත්ට පැහැදිලිවම දර්ශනය විය ...


ජිවිතයේ ප්‍රථම වතාවට මුහුණ දෙන අසාමාන්‍ය අත්දැකීමෙන් බියපත්වූ අමිත් කෑගැසීමට තැත් කලත්  කිසිම ශබ්දයක් පිට නොවෙන තරමට ඔහුගේ උගුර හිරවී තිබුණි ,  සයනයෙන් නැගිටිමටවත් නොහැකි ලෙස ශරීරය පනනැතිවී තිබුනේ දැඩි බිය නිසාද නැතිනම් අදුශ්‍යමන බලවේගයේ ක්‍රියාවක් නිසාදැයි ඔහුට වටහා ගැනීමට නොහැකි විය.. 


කළහැකි එකම දෙය වුයේ හැකි වැර යොදා අතින් ඇදට ගැසිම පමනි . එහෙත් බිරිදත් දරුවත් සිටින්නේ ඒ ශබ්දයෙන් අවදි වන තරමේ සුළු නින්දක නොවේ .

ටිකෙන් ටික තමන්  වෙතට ලංවෙන අත්භූත ගැහැනියගේ මුහුන අමිත්ට දැන් පැහැදිලිවම පෙනේ.. ඒ මුහුණේ ඇත්තේ බියකරු පෙනුමකි .. මද ආලෝකයෙන් රුදුරු ඇස්  දිලිසෙන්නට විය ..

ඉතිපිසෝ ගාථාව  තොල් මැතිරීමට උත්සහ කලත් එහි වචන දෙක තුනකට වඩා අම්ත්ගේ මතකයට ආවේ නැත.. අත්භූත ගැහැණු රුවත් අමිත්ගේ සයනයත් අතර පරතරය අඩි කිහිපයක් තරමට ලංවෙද්දි අමිත්ට මතක්වුයේ.. දසසිල් මෑණි කෙනෙක්වූ තම මව දිනක් කියූ දෙයකි ..

“පුතේ මොකක්හරි කරදරයක් උපද්ද්‍රවයක් වෙන්න යනකොට බුදු ගුණ සිහි කරන්න.. ඒ ඇති . හැම කරදරෙකින්ම පුතාව බේරයි .. බුදු ගුණ බලේ අනන්තයි..”

අමිත් තදින් දෑස් පියාගෙන ආරක්ෂාවට ගෙලේ පැළද ඇති යන්තරය තදින් අල්ලාගෙන බුදුගුන සිහිකරන්නට විය..

ක්ෂණිකයෙන් මෙතෙක්වෙලා හිරවී තිබුණු උගුර නිදහස්වීය. ඒ අවසරයෙන් අමිත් හඩනගා බිරිදට කැගැසුවේය ඒ ශබ්දය කොතෙක්දයත් බිරිද පමණක් නොව නිදාගෙන සිටි දරුවාද අවදිවී බියවී හඩන්න පටන් ගත්තේය.. බිරිද විදුලි බුබුල දල්වා අමිත් අසලට ආවේය ..

“අමිත් ඇයි.. ඔයා හීනෙන් බයවුනාද...

තමන් මුහුණ දුන් බියකරු අත්දැකීම බිරිදට පැවසීම මේ වෙලාවේ සුදුසු නැතිබැව් සිතු අමිත් එය සැගවුයේය..

“මම නපුරු හීනයක් දැක්කා අනෝමා...”

“ඔයා හොදටම බයවෙලා ඉන්නේ අමිත්.. මේ සිතලෙත් ඔයාට හොදටම දාඩිය දාලා .. අපි හෙට උදෙන්ම මෙහෙන් යමු අමිත් මෙතන ඒ තරම් හොද තැනක් නෙමේ..හරිම අමුතුයි.”

ඉන්පසු තිදෙනාම එක සායනයකට  වී විදුලි බුබුළු දල්වාම නිදාගත්තද  නින්ද නැවතත් අමිත්ගේ අහලකටවත් ආවේ නැත. එහෙත් අනෝමා නැවතත් නින්දට වැටුනි.. නිදි වර්ජිතවම සිටි අමිත් පාන්දර ජාමේම අනෝමාවත් අවදි කරගෙන පිටත් වීමට  බඩු භාණ්ඩ සුදානම් කර පසුව තවමත් නින්දේ සිටින පුතුවද කරපින්නාගෙන පහත මාලයට පඩි පෙළ බසිනවිට ඒ අසල බිත්තියේ එල්ලා තිබු මංගල ජයරුපය ඇස ගැටුණි.. ඒ ජයාරුපයේ සිටින කාන්තාවත් පෙරදා රැයේ තමන් දුටු අත්භූත කාන්තාවත් එක් අයෙකුම බව හදුනා ගැනීමට අමිත්ට අපහසුවුයේ නැත .

මද වෙලාවක් ඇතුලත ඔවුන්ගේ ඇමතුමෙන් නවාතැන් පොලේ භාරකරු ඔවුන් ඉදිරියට ආවේය..

“සර් ලා උදේම පිටත් වෙන්නද ... මම හිතුවේ ටිකක් දවල් වෙනකන් ඉදිවී කියලා ..”

“අපිට තව ගමන් ගොඩක් තියෙනවා යන්න ඒකයි .. ඒක නෙමේ අර ෆොටෝ එකේ ඉන්නේ කවුද ?..”

“ ඒ මේ ගෙස්ට් හවුස් එක  අයිති මහත්තයි නෝනයි...”

“එයාලා දැන් කොහෙද ඉන්නේ “

“නෝනාව  කවුද මේ කාමරයක්  ඇතුලෙම මරලා දාලා තිබුනා.. ගොඩක් අය සැක කලේ ඒක කලේ මහත්තයාමයි කියලා.. පස්සේ මහත්තයාට කලකිරිලා  මේ ගෙස්ට් හවුස්  එක  මට භාර දීලා රටගියා..දැන් අවුරුදු ගානක් වෙනවා ආයේ ආවේ නැහැ.. ඉස්සර මේක ගොඩක් සරුවට තිබුන එකක්.. “

“ ඒ කියන්නේ ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා මැරිලා ...”

“ඔව් ඇයි සර් මෙච්චර උනන්දුවෙන් මේ ගැන අහන්නේ ...

“අඃ නෑ නිකන් ෆොටෝ එක දැක්ක නිසා අහන්න හිතුනා ..”

“හ්ම්ම් ඒක මිසක් මම හිතුවා ඒත්..

භාරකරු කියන්න හැදු වචනය ගිලගත්තේය

“මොකක්ද හිතුවා කිව්වේ ..??

“නෑ මහත්තයෝ දන්නේ නැද්ද  මේ වටේ තියෙන ගෙස්ට් හවුස්   කාරයොයි මිනිස්සුයි එකතුවෙලා මේ හෝටලේ නම සවුත්තු කරන්න එක එක කතා ගොතනවනේ ..

“ඒ කිව්වේ ...“

“මේ ගෙස්ට් හවුස්  එකේ  අවතාර තියෙනවා ගෙස්ට්ලා බයවෙනවා කියලා කතාවක් පතුරනවනේ ඔය එක එක උදවිය.. ඒකෙන් දැන් මේකට ගෙස්ට්ලා එන්නේ නැහැ .. ඉදලා හිටලා නොදන්නා කෙනෙක් ආවොත් මිසක මහත්තයාලා වගේ .. හෙක්.. හෙක්.. ,  මේකේ ඇති හොල්මන් අවතාරයක් නැහැ මහත්තයෝ මම මේ තනියම ඉන්නේ ඕනේ තරම් මම නම් ඔය කිසි දෙයක් දැකලා නැහැ ඕවා බොරු කතා.. හොල්මන් අවතාර කියලා දෙයක් නැහැ මහත්තයෝ ...’

කිසිත් නොකියූ යුවල නවාතැන්පොළ  භාරකරුට සමුදී පිටත් වීමට වාහනය වෙතට පැමිණුනි... තවමත් හිරු එලිය වැටී නොමැති බැවින් පරිසරයේ ඇත්තේ දැඩි අදුරු බවකි කාරය නවතා ඇති තැන සිට ඔවුන් නතර වී සිටි කාමරයත් බැල්කනියත් ලයිට් එළියෙන් පැහැදිලිවම පෙනෙන්න තිබුණි ..

කාරයට නගින්නට හදද්දිම අනෝමාගේ ඇකයේ සිටි පුතු බැල්කනියේ හාන්සි පුටු දෙසට අත දික්කරමින් යමක් මුමුණන්නට විය ...

“අම්මී.. අර ඇන්ටි ඉන්නවා ..අර ..අර ..අතන ..”

කෝ පුතේ ඔයා කාවද පෙන්නන්නේ එතන කවුරුත් නැහැනේ ..”

“අපි යමු ...!!!”

අනෝමා පුතුට පිළිතුරු දෙන අතර ඒ දෙස නොබලාම රියදුරු අසුනේ අසුන්ගත් අමිත් රිය පනගැන්වුවේය...


____________________________________________________
ප . ලි ;- සත්‍ය සිදුවීමක් ඇසුරිනි , රසවත් කිරීමට ලුනු  ඇබුල් ස්වල්පයක් එකතුකර ඇත .

















60 comments:

  1. නියම කතාව...මේ වගේ කතාවක් තියනව ''මීදුම''කියල මීටවඩා ලොකු සිද්දියක්...පුලුවන් නම් හොයගෙන කියවන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතී පොත හොයාගන්න ලැබුනොත් හොදා ...බලමුකෝ

      Delete
  2. නියම කතාවක් මටත් හොල්මන් කතා කිව්වොත් ඉතින් වෙන මොකුත් ඕනේ නෑ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. හක්..එහෙමද . එහෙනම් මගේ ජාතියේම කෙනෙක් ..
      ජයවේවා !!!

      Delete
  3. යකෝ මේක අහල මගේ ඇගේ මයිල් කෙලින් උනා....

    ReplyDelete
    Replies
    1. හෑ.. කෙලින් උනා ..ඒ මොකෑ බං :D

      Delete
  4. හම්බෝ .............වෙලාවට දැන් කියෙව්වෙ....රෑ කියවන්න තිබ්බෙ හික්...

    මටත් ආසයි ඔය වගේ තැනකට ගිහිං බලන්ඩ ..හැක්

    ReplyDelete
    Replies
    1. මම ඒකනේ යක්කු ගස් නගින වෙලාවෙම පබ්ලිෂ් කලේ ..

      මමත් ආසයි හැබැයි තනියම නම් නෙමේ හතර පස් දෙනෙක් එක්කලා ..

      Delete
  5. නියමෙටම දැනෙන්න ලියලා තියනවා. පට්ටයි

    ReplyDelete
    Replies
    1. තැන්කු ..තැන්කු ..මචං

      Delete
  6. ලුණු අබුල් ටිකක් දාලා මෙහෙමනම් හොදට දැන්මොත් කොහොමට තියෙයිද

    ReplyDelete
    Replies
    1. වැඩිය දැම්මේ නැහැ ටිකයි දැම්මේ ඔය මදෑ නේද ..

      Delete
  7. Replies
    1. අනේ බය වෙන්න එපා අයියෝ ..:D

      Delete
  8. හොඳයි,තව ටිකක් ඇදගෙන ගියානම් හොඳයි කියලත් හිතෙනව

    ReplyDelete
    Replies
    1. තව අදින්න තිබ්බා.. මට මොකක් හරි දිගට ලියවෙද්දී හිතෙනවා ඒක කියවන එකාට දිග වැඩි වෙලා නිරස වෙයි කියලා .. ඒක නිසා දිග වැඩි වෙද්දී හැකි තරමින් කෙටි කරන්න උත්සහ කරනවා ..

      ස්තුතීයි ..

      Delete
  9. ඇයි යකෝ උඹ අපිව මරන්නද හදන්නේ...?

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ මචෝ ...හික්..හික්..

      Delete
  10. කථාව ලස්සනයි. නමුත් රෙස්ටොරන්ට් කියන වචනය මෙතනට ගැලපෙන්නෙ නෑ නේද? රෙස්ටොරන්ට් කියන්නෙ කෑම බීම ගන්න තැනක් මිස නවාතැන් දෙන තැනක් නෙවෙයි "ගෙස්ට් හවුස්' හෝ 'මොටෙල්' ( අමෙරිකාවේ නවාතැන් දෙන තැන් හදුන්වන්නෙ මෙහෙමයි ) කියල දැම්මොත් වඩා සුදුසුයි කියල හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. නිවැරදි කලා, වැරදි පෙන්වන එක මට ගොඩක් වටිනවා ..

      Delete
  11. චමි ඔය කියන තැන මට කියන්නකෝ ,මම ආසයි එතෙනට් ගිහින් ඔය ගැන සොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ හොල්මන් බලන්න යන්නවත් හිතුනද..., පුළුවන් උනොත් හොයලා කියන්නම් හොදේ ., අපිත් දවසක් ඔය වගේ හොල්මන් තියෙනවා කියන කන්දක් උඩ රැයක් හිටියා නකල්ස් පැත්තේ ..එත් මොකෙක්වත් දැක්කේ නැහැ ..
      (10 ක් විතර හිටි නිසා වෙන්න ඇති :D)

      Delete
  12. මට සින්දුවක නිධාන කතාවක් මතක් උනා.සින්දුව මතක නෑ

    ReplyDelete
    Replies
    1. සිංහල සින්දුවක්ද ?, හොටෙල් කල්ෆෝනියා සිංදුවේත් කියන්නේ අත්භූත හොටෙල් එකක් ගැන..

      Delete
  13. කොහොමත් රෙස්ට් හවුස් වගේ තැන්වල ඔය වගේ භූත කතා වැහි වැහැලා..... ඒවයෙනුත් නුවර, බදුල්ල-බණ්ඩාරවෙල, නුවර එළිය වගේ පැතිවල ඔය වගේ සීන් වැඩී. සමහර විට මීදුම් සහිත වැහිබර සීතල වටපිටාව, ඔය වගේ හොල්මන් කතා වලට හොද උත්තේජනයක් සපයන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි.. ඒ වගේ පැත්තක ගෙස්ට් එකක තනියම ඉන්නකොට බූත හැගීම් හිතට එනවා වැඩි...

      ලගදි බණ්ඩාරවෙල ගෙස්ට් එකකදී මටත් ඒ හැගීම තදින්ම ආවා..හික්..හික්..

      Delete
  14. හම්මෝ... මං නම් රෑට කොහොමත් පොඩි ලයිට් එකක් දාගෙන නිදාගන්නේ...

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා බං, ලයිට් නිවපන් දැන් කරන්ට් බිල වැඩි ..:D

      Delete
  15. නියම කතාව.. ඒත් මං කියවපු වෙලාව තමයි ප්‍රශ්නේ.... හපොයි

    ReplyDelete
    Replies
    1. ස්තුතී මචං,
      වෙලාව අවුලක් නැහැ ... ඔය වෙලාවට තමයි හොල්මන් ෆිල්ම් කතා බලන්න හොදම .. එතකොට තමයි අර මොකක්ද මෙව්වා එක දැනෙන්නේ ..:D

      Delete
  16. දැං ලංකාවේ බය හිතෙන හොල්මං කතා හරි අඩුයි බං..
    ඇති යන්තං මෙහෙමවත් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. දැන් හොල්මන් අවතාර කියන්නේ සීග්‍රයෙන් වදවිගෙන යන කොට්ටාසයක්.. හොල්මන් කතාවක් දෙකක් ලියලා අපි උන්ව දිරිමත් කරන්න ඕනේ..:D

      Delete
  17. මෙව්වා කියල රෑ රාත්තිරියෙ ගමන් බිමන් තියන අපිව බය කරන්න එපා යකෝව්ව්ව්... :D

    ReplyDelete
    Replies
    1. හපොයි දෙය්යනේ උබත් බයද ...

      Delete
  18. කාර් එක ස්ටාට් වුනාද? ඔය වෙලාවට සාමාන්‍යයෙන් එන්ජින් ස්ටාට් වෙන්නෙත් නෑ.:D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ ෆිල්ම් වලනේ අනේ ..එහෙම වෙලා නැහැ ..

      Delete
  19. මෙයා දැන් ඒ සැරේ අපිව බය කරන්න කතා ලියනවා :(

    ReplyDelete
    Replies
    1. ඔව්..බය වෙන්න ඕනේ හරිය ..

      Delete
  20. අත්භූත ජනකයි...කතාව පුරාම තියන ගුප්ත ගතිය හොඳට හිතට දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තද බං ..එහෙනම් එළ

      Delete
  21. කතාව ඉක්මනින්ම ඉවර වුණානෙ.. තව ටිකක් තිබ්බනම් කියලා හිතුණා.

    ReplyDelete
    Replies
    1. මේ දිග වැඩි කියල මම හිතුවේ..ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් වලට ගොඩක් අය කැමැතියි කියන අදහසෙනේ බං මම හිටියේ..

      Delete
  22. සුපිරියි මචං, නියමෙට ලියලා තියෙනවා.මම රෙඩ් වයින් කියල ඔය නුවර එලියේ බංගලාවක හොල්මන් කතාවක් කියවලා තියෙනවා.ඊට වඩා රසයක් මේක කියවීමෙන් ලැබුවා.

    එදා උබ මගේ ලිපියට දාපු කමෙන්ට් එකට මං දාපු රිප්ලයි වලින් හිත් රිදීමක් වුනා නම් සමාව අයදිනවා බං.

    එහෙනම් ඇවිල්ල පලයන් හොඳේ...

    ReplyDelete
    Replies
    1. තැන්කු ..
      පිස්සුද බං ඕවා මතකත් නැහැ දැන්.. එතන වැරැද්දක් උනේ නැහැ වැරදි වැටහීමක් උනා විතරයි දැන් ඒක ඉවරයි ..
      මම කොහොමත් උබේ බ්ලොග් එකට එනවා ..
      ජයවේවා...

      Delete
  23. උදේ පාන්දර වට පිට බල බලා කියෙව්වේ...රෑක බලපු නැති එක හොඳයි කියලා හිතුනා.
    හොල්මන් කතා නම් කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ චමී...:)

    ReplyDelete
    Replies
    1. දැන් මක්කෙටැයි බය වෙන්නේ ආරක්ෂාවට කෙනෙක් ඉන්නේ ලගම..
      මම දන්නවා පොඩ්ඩි භූත කතන්දර වලට කැමති විත්තිය ..

      Delete
  24. හනේ චමියො මක්කැයි මේ කොලේ!! දැන් ඉතින් අද රෑට නිදාගෙන හමාරයි නොවැ

    ReplyDelete
    Replies
    1. අනේ ඔන්න ඔහේ බය නැතිව නිදාගන්න අනේ .. හොල්මනක් ආවත් බයවෙන්ට එපා ..

      Delete
  25. හොදයි හොදයි ගොඩdක් හොදයි ආ. ඔන්න චමියට මම පබ්ලිෂිටියකුත් fb එක හරහා දුන්නා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙයි... කෝ ඉතින් ලින්ක් එකක් දාන්ට එපැයි බලන්න..

      Delete
  26. ලියපු විදියනම් නියමයි....ලුණු ඇඹුල් සාර්තකයි

    ReplyDelete
    Replies
    1. එහෙනම් එළ , තැන්කු ඈ

      Delete
  27. පට්ට චමිය. මම ආසම දෙයක් තාම හොල්මන් කතා. හොයා ගනින් ඔය කියන තැන ගිහින් බලන්න ඇත්තටම එහෙම තියෙනවද කියල.

    ReplyDelete
    Replies
    1. එහෙනම් වේලාවක සෙට් වෙලා හොල්මන් බලමුකෝ ..

      Delete
  28. එළ මචං..ඇගේ මයිල් කෙලින් වෙන ගානට ලියලා තියෙනවා...රෑක කියෙව්වා නම් මීට වඩා දැනේවි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හැක් ..හැක් .., එහෙමද .. කොහෙද මෙච්චර කාලයක් වහන් වෙලා උන්නේ ..

      Delete
    2. නෝ ජොබ් කොම්පැණියෙ හිටියෙ බන්....

      Delete
  29. මචෝ චමී, උබේ අවතාරයකුත් මේ දවස්වල සැරිසරනවා. ඌ පෙනී හිටින්නේ Chamiforyou කියලා. උබ දැක්කද බං. ඌනම් කුණුහබ්බ පප්පා.
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. ඔව් බං දැක්කා... මම මේ උදේම මල් බුලත් තට්ටුවක් සුදානම් කරගෙන මතුරනවා ඌට පිල්ලියක් ජිවාන් කරලා අරින්න...

      Delete
  30. ඇඟේ හිරිගඩු පිපිලා මේ උෂ්ණ කාලේ. මොකද මන්දා අෆ්ෆා.. මමනම් භය උනේ නැහැ ඔන්න.. :D

    Bora Diyaka Induwara

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...