කාලෙකට පස්සේ
අතීත කතාවක් ලියලා දාන්න හිතුවා .. සිදුවීම වෙලා වසර ගණනාවක් උනත් තාමත්
මතක් වෙද්දී හිනහා යන සිදුවීමක් නිසා ඔන්න
ඔහේ ලියලා දානවා ..
මේකටත් සම්භන්ද පොලිස් උන්දෑ කෙනෙක් . මේ කාලේ වෙනකොට ලංකාවේ පාරේ මීටර් සීයෙන් සියට
වගේ ග්‍රාම ආරක්ෂකයෝ තුවක්කු තියාගෙන හිටියා ඒ තරමටම ලංකාවේ ආරක්ෂක ප්‍රශ්න
තිබුනනේ දැන්නම් ගොඩ දෙනෙක්ට ඒවා අමතකයි .. මෙන්න එහෙනම් කතාව ,
මීගමුවට ලග ගමක හිටි මිතුරෙකුගේ ආරාධනයෙන් මට එහි
යෑමට සිදුවිය බොහෝ වෙලාවක් සතුටු සමිච්චියේ යෙදීමෙන් පසුව ඔහුත් සමග ලගම ඇති වෙළද සංකීර්ණය වෙත යෑමට සිදු විය ..
ඒ සදහා ප්‍රධාන පාරට අවතීර්ණවී මීටර දෙසීයක් යෑමට ලැබුනේ නැත . පාර හරහා පැන්න ග්‍රාම ආරක්ෂකයෙක් අප නතර කළේය .
ඒ සදහා ඔහු නැවැත්වීම් පුවරුවක් හෝ හස්ත සංඥවක් බාවිතා කලේ නැත ඒ සදහා බාවිතා කලේ කටය .. “ එයි
නවත්තනවා ..නවත්වනවා ..” යැයි මහා හඩින් ඔහු මොරදෙන විට මා මිතුරා එකවරම තිරිංග පාගා මෝටර් බයිසිකලය
නැවැත්වීමට තරම් හපනෙක් විය...
ග්‍රාම ආරක්ෂකයා ජයග්‍රාහී ලීලාවෙන් අපදෙස බලා
සිටි .
ග්‍රාම ආරක්ෂකයෙක්ට මෙලෙස අප නතර කිරීමට උවමනාවක්
නැත.. සමහර විට ඔහුට අප ත්‍රස්තයන් ලෙස පෙනුනා විය හැක ..එහෙමත් නැතිනම් අපේ
සුන්දර අහිංසක මුහුණු වලින් ඔහු සැක සහිත මැරයෙක් දුටුවා විය හැක ඒ වැනි දාහක් ප්‍රශ්න
සිත තුල තෙරපෙද්දී මිතුරා සමග මා හැදුනුම්පත් ද රැගෙන ඔහු සිටි
දෙසට ගාටන්නට විය ..
දුටුවේ එවිටය .. ග්‍රාම ආරක්ෂකයා ගෝලයෙකු පමණි
ලොක්කා පැත්තක සිටි .. ඔහු ග්‍රාමආරක්ෂක ලොක්කෙකු නොව පොලිස් නිළදාරියෙකි..
(කොස්තාපල් වරයෙක්
ඔහු දුටු විටම මට සිහිවුයේ කලක් සිංහල සිනමාවේ
පෙරළිකාර රංගනයක් කල ජනප්‍රිය නළුවෙකි.. මොහු සියයට සියයක් ඔහුට සාමන නොවුවත්
සියයට අසුවක්වත් ඒ පෙනුමට සමානය . ඒම නළුවාද බොහෝවිට රගපෑවේ පොලිස් චරිතය.. ඔහු
අන් කවරෙකුවත් නොව ප්‍රේඩි සිල්වාගේ පුත්‍ර රත්නයවූ නළුවය.. මෙම පොලිස්
නිලදාරියාගේ පෙනුම එයිට සමානය ..
අප ඔහු ඉදිරියට ගොස් හැදුනුම් පත් දිගු කළෙමු ..
“මේ මොනවාද ....
“ජාතික හැදුනුම්පත රාළහාමි...
“මේවා වැඩක් නැහැ ඔහෙලා දන්නවද කරලා තියෙන වරදේ
බරපතල කම ... “ ඔහු බැරෑරුම් මුහුනක්
මවාගෙන ඇත ..
මා දැනුවත්වනම් වරදක් නැත. ලගදි මේ අවට බෝම්බයක්
අටවා රාජ්‍ය නිලධාරින් ඝාතනය කිරීමට සැලසුම් කල සිදුවීමක් රූපවාහිනියෙන් දුටුවා
මතකය ... මොහු එයට අප සැක කරනවා වත්ද ..
“පෙර වැරදිනම් මුකුත් නැහැ රාළහාමි ...
“ගිහින් බලනවා බයිසිකලේ පිටිපස්සේ මොනවාද නැත්තේ
කියලා ....
මා ගොස් මිතුරාගේ මෝටර් බයිසිකලයේ පිටුපස පරික්ෂා කලෙමි .. පිටුපස ලයිට් සියල්ලමත් ඇත ..
ටයරයද ඔබා බැලීමි හුලන්ද ඇත...
“ඔක්කොම තියෙනවා රාළහාමි මුකුත් අඩු නැහැ ...
“කෝ ඔයි එතකොට මේකේ නම්බර් ප්ලේට් ....
හත් දෙය්යනේ මේකේ නම්බර් ප්ලේට් නැහැ නේන්නම් ..
මා මිතුරා දෙස බැලුවෙමි . ඔහු බයාදු ලෙස සිනහසෙයි ..
“කෝ යකෝ උබේ බයිසිකලේ නම්බර් ප්ලේට් “ මම
මිතුරාගෙන් සංවරව ඇසුවෙමි..
“මේක අය්යා ගත්තේ ගිය සුමානේ යකෝ .තාම රෙජිස්ටර්
කරලා නැහැ “
බයිසිකලය රෙජිස්ටර් කර නැත , අදායම් බලපත්‍ර නැත,
ඉන්ෂුවරන්ස් නැත .. නොදැන උවත් අප කර ඇති වරද සුළු පටු නොවේ ..
දැන් අප නිතිය ඉදිරියේ වරද කරුවෝය .. නීති ගරුක
නිලදාරිය මහා පවුරක් සේ අප ඉදිරියේ බලාසිටි එයින් පැනයා නොහැක . එහෙත් අප උත්සහ කල
යුතුය .
“දැන් මොකක්ද රාළහාමි මේකට කරන්නේ “
“මේවට දඩ කොළ නැහැ කෙලින්ම උසාවි බයිසිකලේ
දෙන්නෙත් එයිට පස්සේ “
“එහෙම කරන්න එපා රාළහාමි ... මා කීවෙමි
“එහෙනම් කොහොමද කරන්න ඕනේ ...
“අපි රාළහාමිට මොනවා හරි කරන්නම් රාළහාමි ... මා
මිතුරා රාළහාමිට ලංවී ඇසුවේය...
“මොකක් කිව්වා ..මට කරන්න . උබලා දෙන්නා මට මොකක් කරන්නද @#**#@%.... ඈ
රාළහාමිට නැග ඇත .. සමාවන්න යකා නැග ඇත .. එහෙමත්
නැත්නම් මල පැන ඇත ... සමහර විට මිතුරා පැවසූ වදන් ඔහු වැරදියට තේරුම් ගන්නට ඇත ..
මේ කාලයේ සෑම තැනම සබ්ජෙට් කාරයෝ ඉන්නා බැවින් ඔහුගේ බියවීම සාධාරණය ..
“නැහැ රාළහාමි අපි කිව්වේ එහෙම දෙයක් ගැන නෙමේ ..
මා මිතුරා හස්ත මුද්‍රාවෙන් මහපොට ඇගිල්ල සහ දබරැගිල්ල එකට අතුල්ලා පෙන්වයි . ඔහු
එලෙස සංඥ කර කියා සිටින්නේ පගාවක් දිය හැකි බවයි .. එම සංඥ භාෂාව අපට වඩා හොදින්
පොලිස් නිළදාරින් දනී ..
“ආන්න එහෙම තේරෙන භාෂාවෙන් කියනවලකෝ ..අරවා මේවා
කරන්නම් කියන්නේ නැතුව වැදගත් විදියට ... ”
මද සිනාවක් පෑ නිලදාරියා ග්‍රාම ආරක්ෂකයා සමග මදක්
එපිටට ගොස් සාකච්චා කර නැවත හැරුණි .. දැන් පෙර සේ වස පාටක් නැත මුහුණේ ඇත්තේ සුකුමාල සුන්දර
සිනහවකි .
“ මේවා උසාවි ලැගල කරගන්න ගියොත් හත් අට දාහකට
වැඩිය යන වැඩක්.. මොකද කරන්නේ දැන් මෙතන අපි දෙන්නෙක්ම ඉන්නවනේ .. ඕගොල්ලෝ
දෙන්නෙකුත් ඉන්නවා ඒ ගානට වඩා ටිකක්
අඩුවෙන් බලමු .. එහෙම හොදා නේද “
නිලදාරියා සහ ග්‍රාමයා බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය
ගැනීමටය ..
“අනික උසාවි ගානේ රස්තියාදු නොවෙන එකත් ඔයාලට අපි
කරන ලොකු උදව්වක්නේ “..ඒ ග්‍රාම ආරක්ෂකයාය
එන පොට හොද නැත නිලධාරීන් දෙදෙනා හදන්නේ අප
දෙදෙනාගේ රදනක පුරස්චාර්වක දන්ත ධාතුන් මුලින්ම අල්ලා ගැලවීමටය .. එයට ඉඩ දිය
නොහැක මම අන්තිම තුරුම්පුව ගැසුවෙමි..
“රාළහාමි අදුනනවද හලාවත පොලිසියේ ඉන්න රණසිංහ මහත්තයාව ..
“ම්ම්ම් ඔය කියන්නේ ප්‍රියන්ත රණසිංහ මහත්තයා
ගැනද ...?
“ඔව් ඔව් ඒ අපේ අය්යනේ ... අය්යා කිව්වේ මාමගේ
පුතා ..
“ රණසිංහ මහත්තයා කියන්නේ අපේ ලොකු මහත්තයෙක්නේ
මල්ලි ඇයි කලින් නොකීවේ ....”
රණසිංහ කියලා හලාවත පොලිසියේ කෙනෙක් ගමේ ඇත ..
එහෙත් ඔහුගේ නිලයවත් ඔහුවවත් මා අදුනන්නේ නැත . මෙය එල්ලයක් නොමැතිව විද්ද හියකි
එහෙත් හරි තැනටම වැදී ඇති ලකුණු පැහැදිලිවම පෙනෙන්නට ඇත
“අපේ අතේ වැරද්දනේ අය්යේ කොහොමද ඉතින් අය්යලාගේ
නම් කියන්නේ .. මා කීවෙමි,
දැන් ඔහු රාළහාමි නොව අය්යා ය මම මල්ලිය.. අවස්ථානුකුලව මම කටින් පිට කරන වචන බලවත්වන
අවස්ථාද ඇත .. දැන් රාළහාමිගෙන් ගැටළුවක් නැත එහෙත් ග්‍රාම අරක්ෂකගේ මුහුණ හොද නැත
අය්යෝ සල්ලි (පගාව ) යැයි ඔහුට සිතෙන්නට ඇත..
“එහෙම මෙයාලට යන්න දෙන්න එපා රාළහාමි .. අය්යා පොලිසියේ
උනාට මෙයාලා කරලා තියෙන වැඩේ වැරදිනේ ... “ ග්‍රාම ආරක්ෂකයා පැත්තක සිට කෑගසයි.
“එහෙම කරන්නේ කොහොමද මනුස්සයෝ අපේ ලොකු
මහත්තයෙක්ගේ මල්ලි කෙනෙක්ට “ ඒවර ග්‍රාමයා සහ රාළහාමි අතර උණුසුම් වචන හුවමාරුවක්
ඇතිවෙන්නට විය..
වැඩි වෙලාවක් මෙතන රැදෙන එක නුවණට හුරු නැත.. අපේ
බොරුව අසුවුනොත් ඉවරය... අපි රාළහාමිට පැත්තකට අඩගැසුවෙමු..
“එහෙනම් අපි යන්නම් රාළහාමි ..අරයට මොකද තරහා
ගිහින් ඉන්නේ .”
“ ඔන්න ඔය මනුස්සයට තේ එකක් බොන්න කියක් හරි දීලා
යන්න මල්ලි ..මටනම් සත පහක් එපා. රණසිංහ මහත්තයාගේ මල්ලිගෙන් කොහොමද මම සල්ලි
ගන්නේ ...”
මම ග්‍රාමයාට සියයේ කොළ දෙකක් දිගු කලෙමි ....
“ඒපා ..ඒපා .. ග්‍රාම ආරක්ෂක ඇබරෙන්නට විය ..
“ඇයි සල්ලි එපාද ..
“නෑ..නෑ .. ඔහොම දෙන්න එපා . අර බලන්න අතන හෝල්ට්
එකේ කෙල්ලෝ වගයකුත් බලාගෙන ඉන්නවා ..”
අප දැක්කේ එවිටය බස් හෝල්ට් එකේ පංති යන කෙල්ලෝ
රංචුවක් අපගේ ජවනිකාව නරබමින් සිටි...
“ඔහොම ඉන්නකෝ ටිකක්” .. ග්‍රාම ආරක්ෂක දිව ගොස්
ෆයිල් කවරයක් රැගෙන විත් මා අත තබයි...
“කාටවත් නොපෙනෙන්න ඕක ඇතුලට දාලා මට දෙන්න ..
කවුරුත් දැක්කොත් හොද නැහැනේ ..”
සියල්ල හොද විදියට සිදුවිය දැන් ග්‍රාම අරක්ෂකත්
ෂේප්ය ..
“එහෙනම් රාළහාමි අය්යේ අපි දැන් ගිහින් එන්නම් “
“හොදයි මල්ලිලා පරිස්සමින් යන්න .. රණසිංහ මහත්තයාට කියන්නකෝ අහවල් පොලිසියේ
බණ්ඩාර රාළහාමි උදව්වක් කළා කියලා ..”
සියල්ල සතුටින් විසදුනේ එලෙසෙනි .. උසස්
නිළදාරියෙකුගේ සහෝදරයෙකුට උපකාරයක් කල සතුට බණ්ඩාර රාළහාමිට ඇත .. නිකන්ම ඉන්න එකේ
අතට කියක් හරි ලැබ්මේ සතුට ග්‍රාම ආරක්ෂකට ඇත .. එහෙත් අප දන්නා රණසිංහ මහත්තයෙක් නම්
නැත...
තවත් පොලිස් කථාවක් මෙතැනින්...
තවත් පොලිස් කථාවක් මෙතැනින්...
ඒ උනාට අපායේ යෑමෙන් ගැලවුමක් නැත.
ReplyDeleteඒ මොකෝ රැවට්ටුවාටද...හික් , පොලිස් කාරයෙක් රවටන්න ලැබෙන්නේ කලාතුරකින් නෙවැ..
Deleteමචං අපරාදේ රුපියල් දෙසීය. ගම්බට්ටට චූ යන්න දෙකක් කියන්න තිබුනේ..
ReplyDeleteගම්බට්ටා තමයි බං එතැන චන්ඩියා.. පොලිස් කොස්තාපල් ෂේප්..
Deleteපොලිස් නිලදරුවා උත්සාහ කර ඇත්තේ නීතිය ආරක්ෂා කිරීමටය. මහජනතාව රස්තියාදු නොකරන මොවුන් වියදම් වීමට ඇති සුවිසාල මුදල් සම්භාරයෙන් බාගයක් පමණ අඩු කර දීමට තරම් කාරුණික වන්නේය. ඒවන් උසස් ගතිගුණයන්ගෙන් පිරි පොලිස් නිලදරුවා බොරුකියා රැවටීම නොහොබිනා ක්‍රියාවකි. පොලිස් නිලදරුවා පව්ය.
ReplyDeleteරටේ නීතිය ආරක්ෂා කිරීමට එකසිතින් බැදී සිටින එවන් අවංක වූත් එඩිතර වූත් නිලදරුවන් නොමග යැවීම තරයේ හෙලා දකිමි. :D
හික්..හික්..ඒක ඇත්ත අපිව රස්තියාදු නොකර ලාබෙට වැඩේ කරලා දෙන්න හැදුවේ... බොරුවක් කලත් මෙවැනි පොලිෂ් නිලධාරීන්ට මාගේ ප්‍රණාමය ..:D
Deleteඅයියෝ අයියෝ.... අර මනුස්සයව ඇන්දුවා නේද.... පව් අප්පා....
ReplyDeleteපොලිස් අය අපිව අන්දන හැටියට ඉදලා හිටලා අපි එයාලව ඇන්දුවම මොකෑ වෙන්නේ අනේ..
Deleteමටත් පහුගිය දොහක පන්සීයක් පුදන්න උනා.
ReplyDeleteමමත් ලගදි පන්සීයක පැට්‍රල් ගහලා දුන්නා පොලිස් බයික් එකකට
Deleteඅයියෝ මල්ලි මම එක පාරක් රුපුයල් 40/- දීල බේරුනා. මේ ගැන පොස්ට් එකක් දාන්නම්.
ReplyDeleteඑළනේ පොස්ට් එකක් දාන්නකෝ එහෙනම්
Deleteඑච්චර අඩු ගාණක්..? වාර්තාවක් වෙන්න ඕනේ :)
Deleteඑක පාරක් කිව්වේ දැන් අවුරුදු දහයකට විතර කලින්ද දන්නේ නැහැ. :-P
Deleteඒ කාලේ නම් රුපියල් 40 කියන්නෙත් නිධානයක්. මාළු පාන් ගෙඩියක් කාල ප්ලේන්ටියක් බීලා බස් එකේ ගෙදර එන්නත් පුළුවන්!
මාට්ටු වුනා නම් උඹට හම්බෙන්නේ නැව් ගුටි.
ReplyDeleteනැතුව නැතුව එහෙනම් තාම කනවා
Deleteමරු ගේම
ReplyDeleteමෙව්වට තමයි කියන්නෙ ගැලවිජ්ජාව
ඔව් මේ තියරිය නිතරම යොදාගත්තට මේදා තමයි හරියටම වැඩ කලේ ..
Deleteඅනේ යකෝ පජාත කරලානේ පොලිසියේ එවුන්ව
ReplyDeleteහික්..හික්.. නැතුව නැතුව.. තවමත් හිනහා යනවා මතක් වෙද්දී,
Deleteප්‍රියන්ත අයියා රාළහාමිගේ අයියා උනා නම් තමා වැඩේ... පොලීසිය කිව්වොත් ඉතින් ජරාවත් එතැනනේ..පුදුම වෙන්න දෙයක් නෑ..
ReplyDeleteඔව් ඉස්සර පොලිස් කාරයෝ ලෙසියකට දඩකොලයක් ලියන්නේ නැහැ කියක් හරි කඩාගන්නමයි බලන්නේ .. එත් මොන හේතුවක් හින්දා හරි දැන් ඒ ක්‍රමය ටිකක් වෙනස් වෙලා..
Deleteපව් අලේ.... මාට්ටු වුනා නම් එහෙම ඉවරයි..
ReplyDeleteහික් ...මාට්ටු උනානම් ඉවරෙටම ඉවරයි ..
Deleteඔය ගම්බට්ටො තමයි ඩී අයි ජී ලත් වැඩිය පොර ටෝක් දෙන්නෙ. හොඳ වැඩේ.. අරූටත් කීයක්වත් නොදී එන්න තිබ්බේ..
ReplyDeleteඔව්..බං ගම්බට්ටා තමයි සැර, බලන්ට එපායැ උගේ තිබුණු ගනන් කාරකම් ..
Deleteඋඹේ වෙලාව හොඳයි.. බැරි වෙලා හරි එහෙම එකෙක් නොහිටියා නම්... හි හි
ReplyDeleteඑහෙම එකෙක් ඉන්නවා කියලා දන්නවා ඒ පොලිසියේ එත් එයාගේ තනතුරවත් එයාවවත් මම අදුනන්නේ නැහැ .. බලනකොට එයා ඒ පොලිසියේ ලොක්කෙක් .
Deleteරණසිංහ මහත්තයා කරුමෙට වගේ එතනින් යන්න ආවා නම් තමා වැඩේ :D
ReplyDeleteඑහෙම උනානම් සොරිම තමයි ..
Deleteඋඹ නම් නියම ගැටයක් ගහල තියන්නේ. පව් අප්පා බණ්ඩාර මහත්තයා..:)
ReplyDeleteහික්..පව් අහිංසකයාගේ පගා සිහිනය මම බොදකලා ..
Deleteහයි යයියෝ. උඹ දන්නවද චමී මේ පාර මට ලියන්න එකම පොලිස් කතාවක් වත් නැති බව. යහපත් රිය පැදවීම.
ReplyDeleteපොර උඹලා පහු වුනාට පස්සෙ වෙන්නැති කෑ ගහන්න ඇත්තෙ. මොකද පිටිපස්සෙ ප්ලේට් එක නැති බව දකින්න
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එළ මචං ..ලංකාවේ පාරවල් ගැන මොනවද උබට හිතෙන්නේ දැන් හොදයි නේද...
Deleteඔව් බං පහුකරන් යනකොට කෑ ගැහුවේ උන් කෑගැහුවේ අපි මිනිහෙක් මරලා පැනලා යනවා වගේ..
නියම වැඩේ ඔය අපතයන්ටනම්...අපරාදේ අර ගම්බට්ටට සල්ලි දුන්නේ.....
ReplyDeleteහික්..හික්.. ඔව්. නැත්නම් උන්දෙන්නා ඔතන කචල් එකක් දාගන්නවා
Deleteනියම වැඩේ කොරලා තියෙන්නේ.....
ReplyDeleteනැතුව නැතුව ..
Deleteඔය කාලෙමනෙ රාළහාමිලාට "අරග්ගූ" ත් බාලා දුන්නෙ....
ReplyDeleteහික්..ඔව්.ඔව් උන්ට ඉතින් මොනවා දුන්නත් දෑත බදලා ගන්නවා.. පගාවටම හුරු වෙච්ච එකා එහෙම තමයි..
Deleteඑලාස් ඈ..
ReplyDeleteමට නං ඔහොම සිද්දි තාම වෙලා නෑ..
දැං වුනත් බයත් නෑ..
සිස්ටම් එක කට පාඩම් ඈ
www.katumatige.blogspot.com
හික්..එළ, පොඩි තියරියයි තියෙන්නේ. පොලිස් කාරයෝ කිහිප දෙනෙකුගේ නම් මතක තියාගනින්, මේ වැඩේ හරියන්නේ පොඩි පොලිස් කාරයෙක් ඇල්ලුවොත් තමයි .
Deleteගහමුද පොතක් පොලිසියෙන් ගැලවෙන උපක්‍රම කියලා චමියෝ
ReplyDeleteහික් ..හික්.. ගහමු ගහමු ..
Deleteඋඹට පොලෝසියෙන් අපල පාටයි...බයිසිකල් වල එහෙ මෙහෙ යන්න එපා බන්... පදින එකා පව්...උඹව දැක්කොත් දඩ කොළයක් දෙන්නෙ...පෙර වැරදි හින්දද මන්දා...
ReplyDeleteපෙර වැරදි හින්දද මන්දා තමයි බං ...
Deleteපොලීසියත් පව්.
ReplyDeleteඅපිත් පව් :D
Deleteමුලු කතාවම කියෙව්ව.... ඒත් හිනා යන කෑල්ල තිබුනෙ නෑනෙ චමියො.... අනිත් සැරේ මතක ඇතුව, වරහන් ඇතුලෙ හිනා කියල ලියපන් හොදෙය්. ....හිකිස්.....
ReplyDeleteහික්..හරි හරි බං , උබටත් හිනා වෙන්නම තමයි ඕනේ නේද ...මේක හිනා කතාවක් නෙමේ බොල අපි කරදරේක වැටුණු කථාවක්
Delete//.....රදනක පුරස්චාර්වක දන්ත ධාතුන් මුලින්ම අල්ලා ගැලවීමටය...//
ReplyDeleteතව පොඩ්ඩෙන් එකකි දෙකක් නෙවේ, මුලු හනුවක්ම ගලව ගන්න තමා වෙන්නේ.:D
ඔව්... හමුදාවෙ, පොලීසියෙ කට්ටිය උසස් නිලධාරීන්ට පුදුම බයක් තියෙන්නෙ.
ඔව්..ඔව්.. අර නම තමයි පිහිටට හිටියේ , කොස්තාපල් පුදුම විදියටනේ ඒ නමට ගරු කලේ..
Delete27 enawa neda?
ReplyDeleteJayawewa
හම්බෙමු එහෙදි ..ජයවේවා !!!
Deleteඔන්න මම ර 40/- දීලා බේරුනා පොස්ට් එක දැම්මා. ලින්ක් දන්නේ නැහැ, කැමති උන් ගිහින් බලාගනින්. අකමැති උන්නුත් ගිහින් බලාගත්තොත් හොඳයි.
ReplyDelete