එක්තරා පාසලක කුඩා ළමුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයකි . එය නැරබීමට නොයෙක් තරාතිරමේ මිනිසුන් පැමිණ සිටියා .. ආචාර්යවරුන් මහාචාර්යවරු ,දොස්තරලා මනෝ විද්‍යා ආචාර්යවරුන්, වැනි නොයෙකුත් උදවිය...
මේ හැමෝගෙම නෙත් එක විශේෂිත චිත්‍රයක් ලග නතර උනා . ඒ චිත්‍රයේ විශේෂ වෙන්න හේතුව සම්පුර්ණ චිත්‍රයම ඇදලා පාට කරලා තියෙන්නේ රතුපාටින් වීම..
මේ සම්භන්ධව මහාචාර්ය ආචාර්ය විද්‍යා ආචාර්යවරුන් තමුන්ගේ දැනුම් මට්ටම අනුව විවිද අදහස් පල කරන්න උනා .. මොකද සාමාන්‍යයෙන් කුඩා ළමයෙක් චිත්‍රයක් පාට කරද්දී දාහක් පාට ගානවනේ ඒකට.. එත් මේ ළමයා සම්පුර්ණ රතු වර්ණය පමණක් යොදා ගැනීම ඇත්තටම පුදුම සහගතයි ...
ඉතින් මේ චිත්‍රය සම්භන්ධයෙන් බුද්ධිමත් පුද්ගලයන් විවිධ අදහස් පලකරන්න පටන් ගත්තා .
“ මේ ළමයා දරුණු අදහස් ඇති කෙනෙක් අනාගතයේදී අපරාද කාරයෙක් වෙන්න පුළුවන් “ ඒ එක ආචාර්ය වරයෙකුගේ අදහස ..
“මෙයා පොඩි කාලේ ලොකු මානසික ප්රිඩනය කට ලක් වෙලා තියෙනවා ඒකයි තනිකරම රතු වර්ණය යොදාගන්න හේතුව “ ඒ එක මනෝවිද්‍යා උපදේශකයෙකුගේ අදහසක් .
මෙයාට වර්ණ හදුනා ගැනීමට නොහැකි දුර්ලභ රෝගයක් තියෙනවා මෙයාට වඩාත් හොදින් දර්ශනය වන්නේ රතු වර්ණය විතරක් විය හැකියි.. “ ඒ වද්‍යවරයාගේ අදහසක් .
මේ ආකාරයට විවිධ අදහස් පල කරන්න ගත්තා...
“රැඩිකල්වාදී අදහස් ඇත්තෙක් “
“ විප්ලව වාදියෙක් “
“සමාජ විරෝධියෙක් “
මෙවැනි අදහස් සංවාද ගොන්නක් අතරේ එක්තරා ගුරු වරයෙකුට අදහසක් එනවා මේ චිත්‍රය ගැන එය ඇදපු කුඩා දරුවගෙන්ම අහල බැලීමට ..
ඔහු එම අදහස යෝජනා කරනවා “ මේ ගැන හරියටම දැනගන්න අපි දරුවගෙන්ම අහල අදහසක් ගනිමු “
හැමෝම එයට එකග වෙලා මෙම විශේෂිත චිත්‍රය ගැන දැනගැනීමට අර ළමයා හම්බවෙන්න යනවා...
ගිහින් ළමයාගෙන් අහනවා ඇයි ඔයා මේ විදියේ තනි රතු පාටින් චිත්‍රයක් අදින්න හේතුව ...
එතකොටම ආචාර්ය වරයා අහනවා
“ඔයාගේ හිතට දරුණු අදහස් පහල වෙනවා නේද ඔයා ඒ අදහස් නේද මේ චිත්‍රයේ රතුපාට වර්ණයෙන් පෙන්නුවේ “
එතකොටම මනෝවිද්‍යා උපදේශකයා අහනවා ඔයාට විශාල මානසික ප්රිඩනයක් තියෙනවා නේද පුතා ඒක නේද මේකට හේතුව ..
“ඔයාට වර්ණ හදුනා ගැනීමේ අපහසු තාවයක්ද ? , රැඩිකල් අදහස් ඇත්තෙක්ද ? , සමාජයට ෛවර කරනවාද ?
ඔන්න ඔය ආකාරයට ඔවුන් නිගමනය කල අදහස් ඒක දිගට අර ළමයගෙන් අහගෙන යනවා...
නෑ.... නෑ..නෑ ඔය කිසිදෙයක් මම දන්නේ නැහැ . ළමයා කියනවා
එහෙමනම් ඇයි ඔයා මෙහෙම තනි රතු පාටින් චිත්‍රයක් අදින්න හේතුව,, ඔවුන් සියලු දෙනාම එකවර අසා සිටිනවා...
\/
\/
\/
\/
\/
“මගේ පාට පෙට්ටියේ ඉතිරි වෙලා තිබුනේ එකම ඒක රතුපාට පාට කූරක් විතරයි ...!!!
මම නම් මාතෘකාවයි චිත්‍රෙයි දැකපු ගමන් කිව්වා කොල්ලගේ පාට පෙට්ටියෙ තියෙන්න ඇත්තේ රතු පාට විතරයි කියලා... මේකේ ලොකු කතාවක් ඉස්සර ටීවී එකේ ගියා කියලා මට මතකයි....
ReplyDeleteහ්ම්ම්..මිනිස්සු හිතන විදිය ගැන තමයි ඉතින් කතාව ..
Deleteසාමාන්‍යයෙන් අපෙ ්පාට පෙට්ටිවල ඉතිරි වෙන්නෙ අලු පාට දුබුරු පාට වගේ ඒව..රතු ඉතිරි වෙන්නෙ නෑ...
ReplyDeleteහිකිස් එහෙමද ...
Deleteඔන්න චමී මම නම් ලමයා චිත්‍රේ රතු පාටින් ඇන්දා කිව්ව ගමන්ම කිව්වෙ රතු විතරයි තියෙන්න ඇත්තෙ කියලා. හරියට හරි නේ? මොකද මමත් ගුරුවරයනෙ.හෙක් හෙක්.
ReplyDeleteඔහොම කතාවක් තියෙනවා අර පොරක් කොර ගගහ යන එක ගැන දොස්තරලා වගයක් කිව්ව දේවල් ගැන.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හොද ගුරුවරයෙක්නේ බලාගෙන ගියාම ... අර දොස්තර කතාව මමත් ටිකක් අහලා තියෙනවා වාගේ..
Deleteඔය වගේ එව්වා ඇත්තටම වෙනවා.. මේක කියවන්නකො..
ReplyDeletehttp://dreamsofharee.blogspot.com/2011/08/blog-post.html
හප්පේ ..මේ තියෙන්නේ ඒ වගේ හරිට වෙච්ච ඇත්තම සිද්දියක්... ඇහෙන් දැකලා හිතන දේට වඩා යථාර්තය වෙනස්...
Deleteරතු හුන්ඩුවේ අබිරහස :D
ReplyDeleteඒකත් හොද කතාවක් තමයි නේද ? :D
Deleteකලින් මේක සිරසේ ගියා වගේ මතකයි. ඒත් ඔයා අපේ මතකය අලුත් කලා. මේකෙන් ගන්න තියෙන පාඩම තමයි පුර්ව නිගමන වල ඉඳගෙන කිසි දෙයක් දිහා බලන්න එපා කියන එක.
ReplyDeleteහ්ම්ම්..අන්න හරි .
Deleteඇයි පැසිස්ට්වාදියෙක්
ReplyDeleteකොමියුනිස්ට්කාරයෙක්,මාක්ස්වාදියෙක් වෙන්නත් පුලුවන්
හික්..තව ඉන්නවා..
Deleteමතුපිටිං පේනවට වඩා ඕන දේක හැංගිච්ච කතාවක් තීනවලු...
ReplyDeleteඇත්ත
Deleteසමහර දේවල් ගැන ඕනවට වඩා හිතන්න හොද නැහැ
ReplyDeleteයමක් හිතනකොට පැති ගොඩක් තියෙනවා.. ලොකු දේවල් ගැන මුලින්ම හිතන කොට සරලව හිතන්න ඕනේ ඒක මග ඇරෙනවා..
Deleteඉතිරි පාට රතු වෙන්න ඇති කියලා මාතෘකාවෙන් මටත් හිතුණා..
ReplyDeleteසරලව හිතන්න පුළුවන් තැනකදි අපිම අපේ ජීවිත මේ වගේ කොයිතරම් පටල ගන්නවද..
ඔය වගේ දේවල් ඉදල හිටලා වෙන දේවල්...
Deleteචමීත් දැන් නියම යාන්ස් ලියන්නෙක් වෙලා..... :)
ReplyDeleteමේ බ්ලොග් එක මෑතකදි ඉදලා ලෝඩ් වීමේ අවුලක් තිබුණා. එස්කේප් කළාම කී බෝඩ් එකට ප්‍රතිචාර තියෙනවා, හැබැයි මවුස් එකට නෑ. (කොහොම හරි දැන් කියවන්න පුළුවන්)
ලෝඩ් වෙන එකේ අව්ලක් තියෙනවා වගේ මටත් තේරෙනවා..ඒ ගැන හොයල බලන්න ඕනේ..
Deleteස්තුති සුමිත් ..
ඒක නම් ඇත්ත අයියේ.. මවුස් එකෙන් පහලට යන්න බැ..මන් හිතුවා මගේ අවුලක් කියලා.. :)
Deleteඑහෙමනම් තව ටික දවසක් බලලා ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න වෙනවා...
Deletepool එකකුත් දැම්ම ඒ ගැන දැනගන්න..
යම් කිසි දෙයක් උදෙසා විවිද පුද්ගලයන්ගේ අදහස් විවිදා කාරයි. හොඳ පොස්ටුවක්.
ReplyDeleteතැන්ක්ස් කෝරලේ..
Deleteකථාව මැද හරියට එද්දි මටත් හිතුනා කොල්ලාගෙ පෙට්ටියෙ තියෙන්න ඇත්තෙ රතු විතරයි කියලා... ඒ එක්කම මතක් වුනා සාගතය පිළිබද මාතෘකා කර පැවැත්වුනු චිත්‍ර තරගයකින් ජය ගත් අධෝමුඛයේ මකුළු දැල් බැදුනු චිත්‍රය පිළිබදවත්...
ReplyDeleteහික් ..ඒ කථාව මම අහලා තියෙනවා..
Deleteසමහර වෙලාවට එළැබෙන නිගමන සත්‍යයෙන් කොච්චර දුරස්ද.. හ්ම්ම්.. හොඳ කතාවක්..
ReplyDelete"Don't judge me if you don't know my story.. :)"
තැන්ක්ස් ...
Deleteමේ පුංචි කතාව ඇතුලෙ ජීවිතයට ගන්න ලොකු පාඩමක් තියෙනව.
ReplyDeleteඅපිට කවදාවත් නොදැකපු කතා නොකළ අයෙක් ගැන නිවැරදි නිගමනයකට ඒමට අපහසු යි.සරලව කිව්වොත් මිනිසෙක් තේරුම් ගන්න ඕන ඔහුට හෝ ඇයට බොහෝ සමීපව.කිසිම අයෙකු නිවැරදිව හදුනානොගෙන ඔහු ගැන තර්කයන් ගොඩනැගීමට යාම ඇත්තටම සම්ප්‍රපලාපා කීමක්.
අපූරු අරුත්බර ලස්සන කතාවක්..ජය!!
ඔයාගේ කථාව සම්පුර්ණ ඇත්ත ..
Deleteහි හි..මට හිතුනා ෂුවර් ඕක තමා වෙන්න ඇත්තේ කියල :)
ReplyDeleteබොහොම හොදයි
Delete