සිද්ධාර්ථ ගෞතම චිත්‍ර පටය මේ දිනවල අති සාර්ථක
ලෙස සිනමා හල්වල ප්‍රදර්ශණයවේ . එහි
සාර්ථකත්වය කොතෙක්ද යත් දර්ශන වාරයක් සදහා ප්‍රවේශ පත්‍ර කල්තියා මිලදීගෙන ආසන වෙන් කරගැනීමද මාහට අති
දුෂ්කර විය. ඒ තරමටම ජනකායක් මේ දිනවල
චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන සිනමා ශාලා වලට ඇදෙමින් පවතී . එක අතකින් එය හොදය කඩාවැටෙමින් පැවති සිංහල
සිනමාව නැවතත් හිස එසවූයේ ඉතිහාස කථා
ඇතුලත් චිත්‍ර පටවලිනි. කාලයක් බලුබල්ලෙක් චිත්‍ර පට ශාලා වෙත නෑවිත් තිබු යුගයක්ද
තිබුණි , කෙමෙන් එය අහවරවී මේ අයුරින් සිනමා ශාලා පිරියනු දැකීම සතුටකි.
දැඩි ආයාසයකින් තෙරපෙමින් ශාලාවට ඇතුළුවී
අසුන්ගත්තේ බුද්ධ චරිතය නැරබිමේ මහත්වූ ආශාවක් සිත තුල රදවාගෙනය.
චිත්‍රපට කථාව දිවෙන්නේ කොටස් දෙකකටය. මුල් කොටස
ආරම්භ වෙන්නේ සිදුහත් කුමරු ගිහිගෙය හැර යන ස්ථානයෙ සිට බුද්ධත්වය ලබාගන්නා තැනට
වෙන තුරුය.
ඉන් පසුව කථාව එතැනින් නතරවී නැවත මුලට යයි. ඒ සිදුහත් කුමරුගේ ඉපදීමේ සිට ගිහිගෙය හැරයාම වෙන තෙක්ය.
ඉන් පසුව කථාව එතැනින් නතරවී නැවත මුලට යයි. ඒ සිදුහත් කුමරුගේ ඉපදීමේ සිට ගිහිගෙය හැරයාම වෙන තෙක්ය.
චිත්‍ර පටය නැරබිමේදී මට වැටහුනේ මා බලාපොරොත්තු
වූ තරම දෙයක් චිත්‍ර පටය තුල නැති බවයි. සරලවම කිවහොත් බුද්ධ චරිතය ගැන අඩංගු
පොතක් කියවා ලබන රසයවත් රූපරාමු නැරබීමෙන් ලැබුනේ නැත. ඍජුවම කිවහොත් මගේ
දුෂ්ටිකෝනයෙන් හා රසාඥානතාවයට අනුව ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටය අසාර්ථක නිර්මාණයකි. සමහර
විට එය මාගේ රසාස්වාදන හැකියාවේ දුර්වල කමක්දැයි නොදනිමී.
චිත්‍ර පටය රූපගත කල ස්ථාන සුන්දරවුවත් ඒ
සුන්දරත්වය පෙක්ෂකයාගේ සිතට වදින අයුරින් ඉදිරිපත් කිරීමට කැමරාව අපොහොසත්වේ .
එහෙත් සමීප දර්ශන වලින් කැමරාකරු චිත්‍ර පටයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට සමත්වේ.
එමෙන්ම ප්‍රදීප් රත්නායකගේ දක්ෂ සංගීත නිර්මාණ චිත්‍ර පටය පුරාවටම ගොඩක් අඩුපාඩු වැසීමට තරම් සමත්වේ.
එමෙන්ම ප්‍රදීප් රත්නායකගේ දක්ෂ සංගීත නිර්මාණ චිත්‍ර පටය පුරාවටම ගොඩක් අඩුපාඩු වැසීමට තරම් සමත්වේ.
මෙහි අද්යක්ෂට බුද්ධ චරිතය ගැන කිසිදු වැටහීමක් නැති
බවක් පෙනේ. ඒ නිසාමදෝ ඔහු මෙම චිත්‍ර පටයේ
වැඩිම අසාධාරණය කර ඇත්තේ ගෞතම සිද්ධාර්ථ චරිතයටමය.
සිද්ධාර්ථ චරිතය චිත්‍ර පටය පුරාවටම පෙන්වනනේ අලස සෝමාරි චරිත ලක්ෂණය. තැන් කිහිපයක හැරෙන්නට අනිත් බොහෝ තැන්වලදී ඔහුගේ රගපෑම් බලා සිටින පේක්ෂකයාට දැනෙන්නේ හිස් බවකි. විටෙක දුර්වල තිර රචනය මේ නළුවාගේ දක්ෂකම් වසා දැමුවාදැයි සැකයක්ද උපදී .
චිත්‍රපටයේ ලොකුම දුර්වල කම බුදුරජාණන්වහන්සේ වැනි ශේෂ්ථ චරිතයක් ඔතෑනි චර්තයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ කිරීමයි.
එතැනින් ගියහම සෙසු
චරිත සමග බලන කල දේවදත්තගේ චරිතය අති සාර්ථකය
බොහෝවිට එයට හේතුවන්නට ඇත්තේ එය රගදැක්වූ නළුවාගේ දක්ෂකමය.
විටෙක නවීන හින්දි ච්ත්‍ර පටයක දුෂ්ටයාගේ ලක්ෂණ පෙන්නුම් කලද . ඔහු ච්ත්‍රපටයේ කථාවට රගපෑමෙන් සාධාරණයක් ඉටුකළ බව මගේ මතයයි . මෙම චිත්‍ර පටයට ඔහුගේ රගපෑම ආලෝකයකි .
විටෙක නවීන හින්දි ච්ත්‍ර පටයක දුෂ්ටයාගේ ලක්ෂණ පෙන්නුම් කලද . ඔහු ච්ත්‍රපටයේ කථාවට රගපෑමෙන් සාධාරණයක් ඉටුකළ බව මගේ මතයයි . මෙම චිත්‍ර පටයට ඔහුගේ රගපෑම ආලෝකයකි .
චන්න ඇමතිගේ චරිතය රගපාන සාරංග දිසාසේකර ද රූපවාහිනියෙන් දකින සුපුරුදු රංගනයම පෙන්වයි. ඔහුගේ රංගනයද සිද්ධාර්ථ චරිතය නිරූපනය කරන
නළුවාගේ රංගනයට සමානය. එබැවින් දෙදෙනා
පමනක් සිටින කොටස් වල අපුරූ ගැලපීමක් ඇත.
එහි අනෙක් පැත්ත ඇත්තේ නන්ද කුමරුගේ චරිතය රගන
රොෂාන් රණවන සහ සිද්ධාර්ථ චරිතය රගන ගගන් මලික් සිටින ජවනිකා වලය. එතැන මොකක්දෝ නොගැලපීමක් පෙනෙන්නට තිබේ.
සිංහල සිනමාවේ දගකාර පෙම්වතාගේ චරිතය රගපාන නිසාමදෝ රොෂාන් මේ චිත්‍ර පටයේ පෙන්වන්නේද ඒ ලක්ෂණය . සිද්ධාර්ථ චරිතය රගන ගගන් මලික් එක්ක බලන විට රොෂාන් පෙනුමෙන් සියයට අනුවක්ම නන්ද කුමරුගේ චරිතයට ගැලපේ .
සිංහල සිනමාවේ දගකාර පෙම්වතාගේ චරිතය රගපාන නිසාමදෝ රොෂාන් මේ චිත්‍ර පටයේ පෙන්වන්නේද ඒ ලක්ෂණය . සිද්ධාර්ථ චරිතය රගන ගගන් මලික් එක්ක බලන විට රොෂාන් පෙනුමෙන් සියයට අනුවක්ම නන්ද කුමරුගේ චරිතයට ගැලපේ .
සුද්ධෝදන රජුගේ
චරිතය නිරූපනය කරන රන්ජන් රාමනායක දක්ෂ නළුවෙකි. ඔහුගේ දක්ෂකම් පෙනෙන්නේ ක්‍රියාදාම චිත්‍රපට වල
සහ විකට චිත්‍රපට වලදීය . ඔහු මෙම සුද්ධෝදන
රජුගේ චරිතයට කොයිතරම් දුරට ගලපුනාදැයි චිත්‍ර පටය බැලු කෙනෙක්ට සිතාගත හැක ඔහුගේ
පෙනුමවත් රගපෑමෙවත් මෙහි ඒ තරම් සාර්ථකත්වයක් නැත.
පෙනුම සම්භන්ධයෙන්නම් වගකිව යුත්තේ වේශ නිරුපන ශිල්පියාය. එහෙත් රෝගී මිනිසාගේ ජවනිකාවේදී වේශ නිරුපන ශිල්පියාගේ දක්ෂකම් පෙනෙන්නට තිබුණි .
පෙනුම සම්භන්ධයෙන්නම් වගකිව යුත්තේ වේශ නිරුපන ශිල්පියාය. එහෙත් රෝගී මිනිසාගේ ජවනිකාවේදී වේශ නිරුපන ශිල්පියාගේ දක්ෂකම් පෙනෙන්නට තිබුණි .
ඉන්දියානු මේගා ටෙලිනට්ය
සිහිපත් කරමින් කොඥඤන්න බමුණා සහ ප්‍රජාපති දේවිය සිද්ධාර්ථ උපතේ සිට
බුදුවෙනතුරුමත් වයසට ගොස් තිබුනේ නැත .
ගුරු විශ්ව මිත්‍ර
ගේ චරිතය නිරූපණය කරන බුද්දදාස විතාන ආරච්චි තවමත් ශ්‍රිලංකාවේ දක්ෂ චරිතාංග
නළුවන් සිටිනා බව ඔප්පුකර පෙන්වා ඇත ඔහු රගපෑ කොටස් කිහිපය අතිසාර්ථකය රංගනයකි.
මුළු චිත්‍රපටය
පුරාවටම හිතට දැනෙන දර්ශනයක් වේනම් ඒ සිද්ධාර්ථ කුමාරයානන් ගිහිගෙය හැරයාමට ප්‍රථම
යසෝදරා දේවිය සහ රාහුල කුමරුන් නිදා සිටිනා ස්ථානයට පැමිණ යෑමේ දර්ශනයය..
ඒ මොහොතේ
සිද්ධාර්ථ කුමරුන් සිතන්නේ යසෝධරා දේවිය නින්දේ බවය එහෙත් ඈ සිටින්නේ අවදියෙනි
ඔහුගේ ගමනට බාදාවක් නොවිය යුතු නිසා ඈ බොරුවට නිදාසිටිනවා මෙන් සිටි. එහෙත් ඒ
මොහොතේ ඇගේ දෙනෙතින් කඩා හැලෙන කදුළු වලින් ඈගේ දුක මනාවට පෙන්වා ඇත. එහෙත් එය
සිද්ධාර්ථ කුමරුන් දකින්නේ නැත . ඒ මොහොතේ දර්ශනය සිතට කාවදින අයුරින් නිර්මාණයවී
තිබුණි.
එහෙත් චිත්‍ර පටයේ අවසානයත්
එයය. කිසිම සිනමාත්මක අවසානයක් එහි නැත. පේක්ෂකයන්ට චිත්‍ර පටය අවසාන උනාදැයි ගැටළුවක් පැනනගින තැනක චිත්‍ර
පටය අවසාන කර ඇත.
නිර්මාණයක අඩු පාඩු
සෙවීම වැරැද්දක් ලෙස කෙනෙකුට පෙනෙන්නට පුළුවන . එහෙත් මෙවැනි ලෝකයේ ගොඩක් මිනිසුන් දන්නා කථාවක් චිත්‍ර
පටයකට නැගීමේදී මෙයිට වඩා ප්‍රවේශම් විය
යුතුය. මක් නිසාදයත් මෙවැනි දෙයක පුංචි අඩුපාඩුවක් උවත් පේක්ෂකයන්ට හොදින් දැනෙන
බැවිනි. බෞද්ධයන් මෙහි චරිත සම්භන්ධයෙන්
සිතේ ඇතිකරගෙන සිටින ගෞරවයට හානි වෙන විදියට චරිත නිරූපණය වුවහොත් බෞද්ධ
පේක්ෂකයන්ට එය නැරබිමේදී ඇතිවන්නේ
පසුතැවිල්ලකි.

මෙම චිත්‍ර පටය රුපියල්
කොටි පහලවක් පමණ වියදම් කර භාෂා පහක
උපසිරැස් සහිතව රටවල් හතලිස් අටකට විකිනීමට බලාපොරොත්තුවෙන් නිර්මාණය කල චිත්‍ර
පටයකි. මෙම චිත්‍ර පටය නරබන බුද්ධ චරිතය පිලිබදව හසරක් නොදන්නා පෙක්ෂකයන් බුද්ධ චරිතය පිලිබදව ඇතිකරගන්නා හැගීම මේ චිත්‍ර පටයෙන් දකිනදේය නොවේද..