නත්තල් මාසය
පටන් ගන්නා විටම ආගම් බේදයක් නැතිව සියලු ජනයාගේ සිතේ මැවෙන සිත්ගත් චරිතයක් ඇත ඒ කව්රුත් දාන්නා නත්තල් සියයා .. නත්තල් සීයා ගැන පුරාවෘත්ත රැසක් ඉතිහාසයට
එක් වී තිබේ. නත්තල් සීයා ලොව වටා යන්නේ පිනිමුවන් නවයක් බැඳි හිම කරත්තයකිනි. ඔහුගේ පිනිමුවන්ට අහසෙන් ගමන් කිරීමටද
හැකියි ඔහු පුංචි ළමුන් සොයා සොයා ඔවුන්ට තෑගී බෝග පිරි නමයි බොහෝ විට එහි ඇත්තේ
සෙල්ලම් බඩු සහ රස කැවිලිය . අහසේ පියාඹන පිනිමුවන් විසින් අදින
ලබන කරත්තයකින් පැමිණෙන නත්තල් සීයා එය වහළය මත නවතා චිමිනිය දිගේ පහළට බැස ළමයි තබා
තිබෙන මේස් කකුල් තුළට තෑගි දමා යන බවත් , ඇතැම් අය නත්තල් ගස යට තෑගි
තබා යන බවත් විශ්වාස කරති.
ඔබත් ක්‍රිස්තියානි දරුවෙක්නම් පුංචි කාලයේ
නත්තල් සීයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින්නට ඇත.. කුඩා ළමුන්ගේ ආදරය දිනා ගත් මේ සුවිශේෂි චරිතය නිර්මාණය වූ
ආකාරය පිළිබඳ විවිධ අදහස් පළ වෙයි.
එයින් වඩාත්ම පචලිත කරුණ වන්නේ .හතරවන ශතවර්ෂයේ පමණ තුර්කියේ
විසු ග්‍රීක ජාතික නිකලස් පියතුමයි
දෙව් මැදුරක ඇති නිකලස් තුමාගේ පිළිරුවක්
දෙව් මැදුරක ඇති නිකලස් තුමාගේ පිළිරුවක්
ඉතාමත්ම
කරුණාවන්ත පුද්ගලයෙකු වූ එතුමා . එම අවදියේ ඒ ප්‍රදේශයේ සිටි දිළින්දන්ට බොහෝ
සෙයින් උදව් උපකාර කල තැනැත්තෙක් . එයිනුත් වඩාත්ම ප්‍රසිද්ද වූ කරුනනම් . එම ප්‍රදේශයේ විසු තරුණ දියණියන් තිදෙනෙක් සිටින
දිලිදු පියාගේ කතාවයි . එම තරුණ දූ වරුන් දීග දීමට ඔහුට විශාල දෑවැද්දක් සෙවිය
යුතුව තිබුනා , එහෙත් ඉතාමත් දිළින්දන් වූ මෙම පවුලට මුදල් නොමැති කමින් දියණියන්
දීග දීමට නොහැකිව බොහොම කනස්සල්ලෙන් ජිවත් උනා ..
මේ
පිලිබදව දැනගත් නිකලස් පියතුමා කෙසේ හෝ මෙම පවුලට උදවු කලයුතු බව සිතාගත්තා .
පසුව
මේ නිවස අසලින් යනෙන වාරයක් පාසා විවුර්තව ඇති කවුළු තුලින් නිවස තුලට රන්කාසි
පිරවූ මල්ලක් බැගින් විසිකරගෙන යෑමට පටන් ගත්තා . (වර්තමානයේ පවා කුඩා ළමුන්
නත්තල් කාලයේ රාත්‍රී වල නින්දට යද්දී
නත්තල් සියා ගෙන් තෑගී බලපොරොත්තුවෙන් නිවසේ ජනෙල් ඇර තමන්නේ මෙන්න මේ කරුන
මුල් කරගෙන නිර්මාණයවූ කතාව නිසයි )
දින
කිහිපයක් තමන්ගේ නිවස තුලට ජනේලයකින් වැටෙන රන්කාසි මලු ගැන පුදුමයට පත්වී සිටින
මේ දිලිදු මිනිසා මෙය ලැබෙන්නේ කෙසේදැයි පිලිබදව සෙවීමට පටන් ගත්තා . දින කිහිපයක්
සැගවී බලා සිටිද්දී ඔහුට දැකගන්නට ලැබුනා මේ රන්කාසි මලු තබා යන්නේ අන් කවරෙකුවත්
නොව නිකලස් පියතුමා බව . රහස එලිවූ පසු පියතුමා ඔහුගෙන් පොරොන්දුවක් ගන්නවා ඔහුට
උදව් කලේ පියතුමා බව රහසක් හැටියටම ටියගන්නා ලෙස එහෙත් පසු කලකදී රහස එලි වෙනවා
වගේම ඔහුගේ දීග දීමට නොහැකිව සිටි දියනියන්වද ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන් දීග
දීමට හැකියාව ලැබෙනවා නිකලස් තුමාගේ උදව්වෙන් ..
එතැන් පටන් ඔහුගේ පරිත්‍යාගශිලි බව දස අතර පැතිර යනවා ඉන් පසුව
නිකුලස්තුමාගේ ත්‍යාගශීලිත්වය පිළිබඳ කතා නෙදර්ලන්ත ජාතිකයින් වෙතද පැතිරී
යන්න පටන් ගන්නවා ඔවුන් එතුමාව
හැඳින්වූයේ ‘සින්ටර් ක්ලාස් ‘ යනුවෙනි.
ඕලන්ද ජාතිකයින් ඇමරිකාවට සංක‍්‍රමණය වූ පසු එරටට ද සින්ටර්ක්ලාස් චරිතය දැන
ගැනීමට අවස්ථාව ලැබෙනවා පසුව ඒ නම ‘සැන්ටර් ක්ලෝස් ‘වී ඉන්පසු එරටින් බි‍්‍රතාන්‍යයටද
මේ සංකල්පය පැතිරී යන්න පටන් ගන්නවා
මෙම නම සැදීමට හේතුවූ අනෙක් කරුන වන්නේ නිකුලස් තුමාට ඉමහත් ආදරයක් දැක්‌වූ ඕලන්ද ජාතිකයෝ නිකලස්
මුණිතුමාගේ නම ඉංග්‍රීසි බසින් SINT
NIKOLAAS නමින් ලියූ අතර පසුකලකදී SINTERKLASS ලෙස විත් . අවසානයේ SANTA CLUSE සෙන්ටා ක්‌ලෝස්
ලෙස ඉංග්‍රීසි ව්‍යවහාරයට පරිවර්තනය වෙමින් අද දක්‌වාම පැමිණ ඇති බවයි
එහෙත් යුරෝපයේ බොහෝ රටවල නත්තල් සීයා ව ‘සැන්ටා ක්ලෝස්’ යන නමින් හැඳින්වූයේ නැත. යුරෝපීයයන් ඔහුව පොදුවේ හැඳින්වූයේ ‘ෆාදර් කි‍්‍රස්මස්’ හෙවත් ‘නත්තල් පප්පා’ ලෙසය
ශාන්ත නිකොලාස් මුනිතුමන් ඇසුරින්
නත්තල් සීයාගේ චරිතය ලොව දස දෙස පැතිර යන්නේ මෙන්න මේ අයුරිනි.
ශාන්ත නිකුලස්තුමා ස්වර්ගස්ථ වූ දෙසැම්බර් 06 දිනය ළමයින්ට
තෑගි ලබාදෙන විශේෂ දිනයක් බවට පත්වෙනවා වගේම එතුමා වෙනුවෙන් වෙන් කරන ලද දිනය බවටද
පත් කර තිබෙනවා .
නිකුලස්‌තුමාගේ අෂ්ටධාතු ඉතාලියේ "බාරි" නගරයේ ශුද්ධ ස්‌වාමීන්තුමාගේ දෙව්මැඳුරේ තැන්පත් කර තිබෙනවා.
ශාන්ත නිකුලස්තුමා අද අප දකින තරබාරු ප්‍රීතිමත් සිනහ මුහුනක් තිබෙන නත්තල් සීයාගෙ පෙනුමට වඩා වෙනස් ස්වරුපක් ගන්නේ එහෙත් සුළු සමාන කමක් නැතුවමත්ම නෙමෙයි . අද අප දකින නත්තල් පප්පට මේ පෙනුම ලැබුණු ආකාරයත් හරි අපුරු කතාවක් .
අප අද දකින මේ නත්තල් සියා ගෙ පෙනුම
ආවේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඒ 19 වැනි ශතවර්ෂයේදී පමණය
.
නත්තල් සියාගේ මෙම රූපය ඔහුට ලබාදීමට මුල් වූයේ තෝමස් නෙස්ට් නමැති විකට කාටූන් ශිල්පියා නිසායි මෙම කාටූන් ශිල්පියා 1863 දී ‘හාපර්ස් වික්ලි’ සඟරාවේ පළ වූ ඔහුගේ කාටූන්වලට ඇන්දේ අද අපි දකින ආකාරයේ නත්තල් සීයා කෙනෙකි. මේම පෙනුම ගන්නට ඔහු ජර්මානු මිථ්‍යාදෘෂ්ඨික දෙවියකු වූ තෝර්ගේ රූපය අනුකරණය කළා යැයි ද මතයක් පවතී . පසුව මෙම රූපය පොත්පත් සඟරා, රූපවාහිනියට හා චිත‍්‍රපටවලට ද යොදා ගත්තා .
නත්තල් සියාගේ මෙම රූපය ඔහුට ලබාදීමට මුල් වූයේ තෝමස් නෙස්ට් නමැති විකට කාටූන් ශිල්පියා නිසායි මෙම කාටූන් ශිල්පියා 1863 දී ‘හාපර්ස් වික්ලි’ සඟරාවේ පළ වූ ඔහුගේ කාටූන්වලට ඇන්දේ අද අපි දකින ආකාරයේ නත්තල් සීයා කෙනෙකි. මේම පෙනුම ගන්නට ඔහු ජර්මානු මිථ්‍යාදෘෂ්ඨික දෙවියකු වූ තෝර්ගේ රූපය අනුකරණය කළා යැයි ද මතයක් පවතී . පසුව මෙම රූපය පොත්පත් සඟරා, රූපවාහිනියට හා චිත‍්‍රපටවලට ද යොදා ගත්තා .
ඒ අකාරයෙනුයි අද අප දකින විශාල උදරයක් සහිත දිගු රැවුලක් ඇති
රතු සුදු ම්ශ්‍ර ඇදුමක් අදින යෂ්ටියක් සහිත ප්‍රීතිමත් නත්තල් සියා කෙනෙක්
බිහිවෙන්නේ .
කෝලා දැන්වීමක සිටින
නත්තල් සියෙක්
කෝලා දැන්වීමක සිටින
නත්තල් සියෙක්
වර්තමානයේ නත්තල් සියා චරිතය ගැන සිතා බලන විට පෙනී යන්නේ වාණිජකරණයට නතුවූ ලෝකය තුල ශාන්ත නිකලස් තුමා
එහෙමත් නැත්තන් නත්තල් සියා වෙළෙද භාණ්ඩයක් බවට පත්වී ඇති බවයි . මෙම කාලයේ බොහෝ
කඩ සාප්පු වල නත්තල් ඇදුමින් සැරසුණු නත්තල් සීයලා වෙළද භාණ්ඩ විකිණීමේ කාර්යයේ
නිරතවී සිටින අයුරු ඔබට දැක ගැනීමට හැකියාව ඇත . තමන්ගේ ධනය අසරණයන් වෙනුවෙන්
පරිත්‍යාග කල නත්තල් සියා චරිතය අද වෙන විට වෙළද සමාගම් වල භාණ්ඩ විකුණා ගැනීමේ
මෙවලමක් බවට පත්වී ඇති අයුරු නම් හරිම කණගාටු දායකය .
බියර් පානය කරන නත්තල් සියෙක්
බියර් පානය කරන නත්තල් සියෙක්
එතුමාගේ
කරුණාව, ත්‍යාගශීලී බව අමතක කර එතුමාගේනන් බිහිවූ නත්තල් සියා රුව යොදාගෙන කපටි
කමත් බොරුවත් වංචාවත් සමග එතුමාවත් විකුණන වෙළදුන් ශාන්ත නිකලස් තුමා කියන්නේ
කවුරුන්ද යන වගවත් නොදන්නවා විය හැකියි . වාණිජමය පරමාර්තයෙන්ම නැතිව එතුමාගේ රූපය
එතුමාගේ කරුණාව, ත්‍යාගශීලීබව ඉස්මතු වෙන ආකාරයට යොදා ගත
හැකි දවසකට නත්තලේ
අසිරියද මෙයිට වඩා වැඩිවනු ඇත..
කෙසේ
නමුත් උදුවප් මහේ සීතලත් සමගම ප්‍රීතිමත් නත්තල් පප්පෙකුගේ රූපයක් දකින විට නත්තල්
අසිරිය සමග සිතට දැනෙන හැගීම නම් වචනයෙන් විස්තර කල නොහැක.. මෙම නත්තල් මාසයේ නත්තල් සීයාත් එක්ක ප්‍රීති වීමට
ඔබ සැමටද වාසනාව ලැබේවා !!!
.jpg)
.jpg)
.jpg)



