මේ උත්සව සමයේ නත්තල ගැන දන්නා කරුණු වගේම
නොදන්නා කරුණු කිහිපයක් හුදී ජනයාගේ දැනගැනීම පිණිස මෙලෙස ලියා තබන වගයි ...
හැම අවුරුද්දකම දෙසැම්බර් 25 ලෝක ජනගහනයෙන් කෝටි 200 ක් විතර නත්තල් උත්සවය පවත්වනවා . තව කොටි 20ක් විතර ජේසු උපත ජනවාරි 7 සමරනවා
.
එත් නත්තල කොහොමත්ම සමරන්නේ නැති තවත් ලක්ෂ
ගණනකුත් ඉන්නවා . ඒ වෙනත් ආගමිකයන් සහ
ජේසුගේ උපත ප්‍රබන්ධ කතාවක් කියලා හිතන අය..
කොහොම උනත් ජේසුව විස්වාස කලත් නත්තල සමරන්නේ
නැති ක්‍රිස්තියානි ආගමිකයන් විශාල පිරිසකුත් ඉන්නවා .. ඒ අය නත්තල සමරන්නේ නැත්තේ ඇයි කියන එකට තියෙන ප්‍රධාන
හේතු කිහිපය දැන් බලමු ....
ජේසුස්
දෙසැම්බර් හෝ ජනවාරි මාසයේ ඉපදුනු බව ඔවුන් විස්වාස නොකිරීම ..එයට හේතුව ජේසු උපත
සිදුවූ මාසයක් හෝ දිනයක් බයිබලයේ සදහන් නොවීම..
ඒ සම්භන්ධයෙන් බයිබලයේ සදහන් වන්නේ මෙලෙසයි
“එඩේරු රාත්‍රියේ එළිමහනේ මාරුවෙන් මාරුවට තම
බැටළු රැලවල් රැකබලා ගනිමින් සිටියහ එවිට දුතයෙක් පැමිණ ඔවුන්ට මෙසේ කිවේය ..
අද ඔබට ගැලවුම් කරුවෙක් ඉපදී සිටිනවා
ස්වාමින් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි ( ලුක් 2:8 -11 )
ඒ විස්තරේ හැටියට ජේසුස් දෙසැම්බරයේ හෝ ජනවාරියේ
ඉපදුනු බව සිතන්නට අපහසුයි . මොකද ඒ මාස වල බෙත්ලෙහෙම හා ඒ අවට ප්‍රදේශ වල
තියෙන්නේ හරිම සීතල දේශගුණයක් . ඒ කාල වලදී එඩේරුන් බැටළුවන් තියාගෙන රාත්‍රියේදී
එළිමහනේ ඉන්නේ නැහැ . සාක්‍ෂි අනුව ඔක්තෝම්බර් මාසයේ නම් එඩේරු බැටළුවන් සමග රාත්‍රියේ
එළිමහනේ ඉන්නවා .. ඒ කාලයේ සිටම මේ දක්වාත් ඒම ප්‍රදේශයේ දේශගුණයේ ඒ හැටි වෙනසක්
සිදුවී නැතිලු .
ජේසුගේ මුල් අනුගාමිකයන් නත්තල සැමරු බවට කිසිම
ඉතිහාස වාර්තාවක සදහන් වී නැහැ ඔවුන් ජේසුගේ මරණය පමණක් සිහිකළා (1 කොරින්ති 11:23-26 )
දෙසැම්බර් 25 නත්තල සැමරීමට පටන්ගෙන ඇත්තේ ජේසු
ඉපදිලා අවුරුදු 300 කට විතර පසුවයි . එක පොතක නත්තල ගැන මෙවැනි දෙයක් සදහන් වී
තියෙනවා “ ජේසුස් දෙසැම්බර් 25 ඉපදුනා කියලා ඔප්පු කරන්න බයිබලයෙන්වත් ඉතිහාසයේ න්වත් කිසිම සාක්‍ෂියක් හොයාගන්න නැහැ
. නත්තල කියන්නේ ක්‍රිස්තියානි මුහුණුවරක් ගත්තු
අන්‍යාගමික උත්සවයක් ඒම පොත THE BATTLE FOR CHRISTMAS..
ජේසු උපන් ස්ථානය වර්තමානයේ තිබෙන ආකාරය
(අතිතයේ ගව මඩුව තිබු ස්ථානය -බෙත්ලෙහෙම )
(අතිතයේ ගව මඩුව තිබු ස්ථානය -බෙත්ලෙහෙම )
එවැනි හේතු නිසා 17 වැනි සියවසේ මැද භාගයේදී
එංගලන්තයේ පාර්ලිමේන්තුව ඒ රටේ නත්තලසමරන එක තහනම් කර තිබුනා .
නත්තල පිලිබදව ඇති අනිත් කතාව වන්නේ ..පුරාණයේ
රෝමවරුන් හිරු දෙවියන් ලෙස සැලකු මිත්‍රා වෙනුවෙන් උත්සව පැවැත්වුවා . දෙසැම්බර්
මාසයේ දිනයක. පසු කලෙක ඔවුන් ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමේන් පසු ඔවුන් උත්සව
පැවැත්වූ දිනය කිතු උපත ලෙස සැමරීමට පටන්ගෙන තිබෙනවා ඒ දෙසැම්බර් 25 කියලා තමයි සැලකෙන්නේ ... මේ හේතුන් නිසා සමහර ක්‍රිස්තියානුවන් දෙසැම්බර් 25 නත්තල සැමරීම ප්‍රතික්ෂේප කරනවා.. (ලංකාවේනම් එහෙම පිරිස් අඩුයි එත් අතලොස්සක් ඉන්නවා ඒ කතෝලික නොවන වෙනත් ක්‍රිස්තියානි කණ්ඩායම් )
දිනය කෙසේ උවත් මෙලොවට පහලවූ ඇති ශේෂ්ට
උත්තමයානන්ගේ උපත ආගමානුකුලව සමරා එතුමන් කෙරෙහි අප හදවත් තුල ඇති භක්ති ආදරය
පුදකර සිටිමු ...
සුභ නත්තලක් !!!


.jpg)