08 June 2012

ගිටාරය ඉගෙනගමු _04


මුලින්ම major chord වලින් ගීත වදනයට ඉගන ගත යුතුයි. chord අල්ලන අකාරය දැක්වෙන රූප සටහන් වල කම්බි ඇල්ලිය යුතු නිවැරදී ඇගිල්ල පෙන්වීමට වම් අතේ ඇගිලී පහත ලෙස අංකනය කොට ඇත.

ඒ වගේම chord වල රූප සටහන් වල chord අල්ලන අකාරය හරියටම..බලා ගැනිම සදහා chord එක සමගම එය අල්ලන අකාරය දැක්වෙන photos දමාඇත. ඒ මගින් ඔබට වඩත් පැහැදිලිව chord එක සහ chord අල්ලන අකාරය ගැන අදහසක් ලබා ගැනිමට හැකි වේ යැයී මම සිතමි..(ගැටළු තිබේ නම් දන්වන්න comment කරන අතරම.)
___major chord පහළ රූප සටහන් වලින් බලන්න.. හොදින් පුහුනු වන්න___






 
Chords 7 ම හොදින් බලාගන්න & පුහුණු වන්න
F chord එක ටිකක් අමාරූ chord එකක් කියල හිතෙන්න පුලුවන් එක නිසා මම හිතුවා F එක ගැන ටිකක් කියන්න..F එකේ පළමු වන ඇගිල්ලෙන් 1 st . Fret ඒකේ තියෙන කම්බී4ම ඇල්ලිය යුතුයි. F chord එකේ රූප සටහනින් ඔයාලට ඒක බලාගන්න පුලුවන්. 1ඇගීල්ලෙන් මෙහෙම Fret එකේ කම්බී 4ම තද කිරිම bar ඒකක් යෙදීම කියලා හදුන්වනවා. එහෙම bar chordඑක අල්ලන්න අමාරුනම් පහල කම්බී2ක පමනක් ඇල්ලිය හැකී. පහත රූප සටහනේ ලකුනු කර ඇතී ආකරයට. මේ 2කම නීවැරදී

දැන් ඔයාලා major chord 7 දන්නව. මෙම chord 7 හොදටම Practice කළ යුතුයි.
ඒ වගෙම chord change එකත් Practice කළ යුතුයි. එහෙම නැතිව song එකක් play කරන්න කොහොමටවත් බැහැ.

ගීත වාදනය කරනකොට chords ගොඩක් changeකරන්න වෙනවනෙ..මම ඔයාලට පොඩි ex. එකක් කියලා දෙන්නම් chord change කරන්න පුහුනු වෙන්න.


මුලින්ම C එක නිවැරදිව අල්ලා විනාඩ් 3ක් පමන වදනය කරන්න. ප්‍රථමයෙන් වාදනය සදහා 3/4 රීද්මය යොදා ගැනිම සුදුසුයි. දෙවනුව F වාදනය කරන්න..ඊට පසු Gඑකට මරු කරන්න..එහෙම එහෙම chords 3 change කර කර දීගටම පුහුනු වන්න.. 3/4 Beat එකෙන්ම...ඊට පසු D A & G ඊට පසු E ,B &A ඊට පසු F ,C& B ඊට පසු G ,D &C ඊට පසු A ,E D ඊට පසු B , F & E ඔහෝම පුහුනු වන්න.. මෙම මාරුව ඉතාමත් අඩු කාල අන්තරයකදි කලහැකි වන සේ පුහුණු විය යුතුය.. මෙය ඉවසිමෙන් යුතුව බොහෝ කාලයක් තිස්සේ කැපවිමෙන් කළ යුතු කර්යයකි. Minor chords & 7th chords ද මේ අකාරයට පුහුනු විය යුතුයි(එම chords පසුව මම දෙනව..)ඒ තෙක් මේම major chord 7 හොදටම පුහුනු වෙන්න...
 (පුහුණු වීමට ගත කරන කලයේ තරමට ඉක්මනින් හැකියාව ලබාගත හැකි බව මගේ අදහසයි )

20 comments:

  1. එල එල තවත් ඉදිරියට යමු ....

    ReplyDelete
  2. මාත් ගොදාක් ආසාවෙන් ඉගෙනගන්න හිටපු ඩෙයක් ස්ටූටී අයයෝ.....^_^

    ReplyDelete
  3. @රොබින්
    ස්තුතී ටිකක් දුරට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා

    @අග්නි ධාරා..
    අහ්හ් ඇත්තද අග්නි එක හොදයි

    ReplyDelete
  4. //3/4 රීද්මය යොදා ගැනිම//

    මට කෝඩ් කිහිපයක් පුලුවන් සහෝ.. ඒත් පික් කරන හැටි. කෝඩ් මාරු කරන හැටි බැහැනේ.. ක්ලාස් මගදි නැවැත්තුවා අපරාදේ

    පෝස්ට් බලාපොරෙත්තුවෙන් සිටිමි. අවංකව ස්තුති සහෝ..

    ReplyDelete
  5. @sAm (සෑම්).
    කෝර්ඩ් මාරු කරන එක තමයි හොදටම පුහුණු වෙන්න ඕනේ සෑම්..
    පික් කරන එක ගැන වැඩිය හිතන්න එපා..ඒක කාලයක් යනකොට හුරු වෙයි ..අනික බීට් වලට නියතයක් නැහැ අපි නිකන් සින්දුවක් කියන්නේ මොකකට හරි තාලෙට තට්ටුවක් දදා..අන්න එහෙම ගිටාර් එකටත් පික් කරන්න සිංදුවේ තලේට බීට් ඒක සෙට් වෙන්නයි ඕනේ. හැබැයි නිවැරදි කොර්ඩ්ස් සහ කෝර්ඩ් මාරු කිරීම හරියටම වෙන්න ඕනේ.. මුලින්ම 1,2,3 කියන බීට් එකේ කෝර්ඩ් පුරුදු වෙන ඒක ලේසි...

    ReplyDelete
  6. ගිටාර් එක හොඳට පුරුදු වෙන්නනම් නිතරම කොඩ් රිලේෂන් චෙන්ජ් කරන්න පුරුදු වෙන්න ඔන, එතකොට ටික කාලයක් පුරුදු වුනහම අත ඉබෙම කොඩ් චෙන්ජ් වලට යනව.....

    ReplyDelete
  7. මචං උබ ගාව නැද්ද වැඩිපුර ගිටාර් එකක්? :)

    ReplyDelete
  8. මට ඕක බැරියෝ.........................

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. මට නම් අමාරුම වැඩේ බාර් කරන එක. ඇඟිල්ල කොරවෙන්න ඇල්ලුවත් ඒත් සද්දෙ එන්නෙ නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  10. වටිනා ලිපියක් .ලියන්න අපි ඉගෙන ගන්නම්.

    ReplyDelete
  11. @Kushi
    අන්න හරි

    @මඩිස්සලේ නිශාන්
    නැහැ මචං එකක් තිබුනා ඒක යාලුවෙක්ට දුන්නා..

    @අඩවි රජ
    රජ වරුන්ට ඉතින් මේවා ඕනේ නැහැ..

    @Dude
    එත් සමහර අයටනම් F බාර් සිස්ටම් එකට අල්ලන ඒක ලෙසිලු. පුරුදු උනාම ගානක් නැහැ.. කොහොමත් F කෝර්ඩ් ඒක ටිකක් අල්ලන්න අමාරු එකක්.. මුලින් පුරුදු වෙනකොට

    ReplyDelete
  12. මටනම් F කොඩ් එක ලෙසියි, එත් F7th කොඩ් එකතමා පුරුදු වෙන මුල් කාලෙදි අමාරුවුනේ

    ReplyDelete
  13. මමත් ආසම වැඩක් ඔය. බලමු ට්‍රයි එකක් දීල

    ReplyDelete
  14. @Kushi
    D7th කෝර්ඩ් ඒක අල්ලන පැටන් එකට F7th ඒක අල්ලන්න . එත් F chord එකෙන්ම 7th ඒක අල්ලන ඒක කෝර්ඩ්change එකේදී ලේසියි

    @ක්සැන්ඩර්
    එල

    ReplyDelete
  15. හොද වැඩක් උබ මේ කරගෙන යන්නේ,දිගටම කරගෙන යන්න ඕන.
    මේ දවස් වල ගිටාර් ගැන ඉගෙන්න ගනිමින් ඉන්නේ, internet එකෙන්.
    ලගදීම ගිටාර් එකක් ගන්න ඉන්නේ. මට 10000 අඩුවෙන් ගන්න පුළුවන් වෙයිද මචෝ.

    ReplyDelete
  16. @praneeth
    පුළුවන් YAMAHA එකක් ගන්න tray කරපන් මචෝ එක පාරම..
    නැත්නම් ඉන්දියන් ජම්බෝ බොක්ස් එක තියෙනවා..7500/= 8000 ක් විතර වෙයි.. යමහා එකක් ගන්නවානම් අයේ හොයන්න බලන්න කිසිම දෙයක් නැහැ සුපිරි 12000 -15000 අතර වෙයි..

    ReplyDelete
  17. ලොකු ගනනක් වියදම් කරන්න බෑ සහෝ...
    01. අලුතින් පුරුදුවෙන කෙනෙක්ට හොද YAMAHA BOX Guitar එකක්ද? classical Guitar එකක්ද?
    02. classical Guitar එකකින් වැඩියෙන්ම කරන්නේ fingering කරන එකනේ,classical Guitar එකක පික් කරන්නත් පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. පුරුදු වෙන්න යමහා එකක් ඕනේ නැහැ .. ඉන්දියන් එකක් ගන්න ගානත් අඩුයි..
      ඔයාට නිකන් සිංදු ගහන්න පුරුදු වෙන්න බොක්ස් එකක් හොදයි..
      classical කියන්නේ වෙනමම පැත්තක්..classical කරන්න අදහසක් තියෙනවානම් ඒක පාරම classical ගහන්න පුළුවන් ගිටරයක්ම ගන්න..classical කියන්නේ ගොඩාක් මහන්සි වෙලා කැපවීමෙන් ප්‍රගුණ කලයුතු දෙයක්..classical කරනවානම් අමරනාත් රණතුංග වගේ සර් කෙනෙක් ලගට යන්නම වෙයි ඉගෙන ගන්න. නැතුව තේරුමක් නැහැ.

      Delete
    2. ඉන්දියන් එකක් ගන්නවා,ගානත් අඩුයිනේ.
      චයිනිස් එවත් හොදයිද මචං?

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...