10 June 2012

එදා මගේ පෙම්වතියේ අද ඔබ .....


තර වටින්ම කළුවර කරලා තව ටිකකින් ..අනෝරා වැස්සක් කඩා හැලෙන ලකුණු .. මේ වගේ දවස්වලට කරන්න තියෙන හොදම දේ .ඔලුවේ ඉදලම රෙද්දකින් පොරවාගෙන ඇදේ ගුලිවෙන එක කියලා අත්දැකීමෙන්ම දන්නා මම ඇදට ගොඩ වෙලා ඇස් පියාගත්තා...ඒත් වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුනේ නැහැ ..කොහෙද ඉතිං අපේ පාප මිත්‍රයෝ එක්ක ....

ටක්...ටක්.

කව්ද එකෙක් දොරට තඩි බානවා...

කව්ද?

චමින් මේ මම බං .. සමිත්.

සමිත් කියන්නේ ..පුංචි කාලේ ඉදලා මගේ හොදම මිතුරෙක් .. ඒත් ඔහුගේ  තාත්තගේ රැකියාව නිසා ඔවුන්ට නුවරඑළියේ පදිංචියට යාමට සිදු උනා..  පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙනුමෙන් පසුව සමිත් නැවතත් අපේ නිවස අසල ඔවුන්ගේ මහා ගෙදර පදිංචියට ආවේ මෑතකදී ...

සමිත් වරෙන් මචං දොර ඇරලා තියෙන්නේ..

මොකද මේ මහා දවාලේ නිදාගන්නේ .. උබට කම්මැලිනම්  වරෙන් මාත් එක්ක ගමනක් යන්න...
කොහේ යන්නද? අනික මේ මහා වැස්සේ ... 

මගේ කෙල්ලව හම්බ වෙන්න යන්නේ . මම උබට දවසක් කිව්වේ කැම්පස් එකේදී  මිට් උන කෙල්ලෙක් ගැන . අද එයාට ලෝ ක්ලාස් එකක් තියෙනවා ගම්පහ.. වරෙන් උබට එයාව හදුන්වලා දෙන්නත් ඕනේ.. මට ඉතිං පොඩි කාලේ ඉදලම උන්නු හොදම යාළුවා උබනේ .. ඔන්න අපේ වෙඩින් එකට උබව තමයි යාලුවට ගන්න ඉන්නෙත්...
.
............................................................................................................................................................


ගම්පහ ටවුමෙන් බැහැල  සමිත්ගේ ගිර්ල් සිටින  ගන්න පංතිය පැත්තට අපි දෙන්නා පියමන් කළා  මම පාසල් කාලයේ උසස් පෙළ කරන අවදියේ පංති ආවෙත් ගම්පහ. ඒ කාලේ පංති ඇවිත් ගතකල සොදුරු මතකයන් අනුස්මරණය කරමින් ඉන්න අතර  සමිත්ගේ යුවතියගේ පන්තිය ඉවරවී . යුවතියන් එකා දෙන්නා පාරට අවතීර්ණ වෙමින් සිටියා..  සමිත්ගේ කෙල්ලත් මගේ වයසේමලු . දැන් සමිත් ටත්  වඩා  එයාව දකින්න උනන්දුව තියෙන්නේ මට...
කෝ බං තවම නැද්ද...

දැන් මගේ කෙල්ලව බලන්න උබටද හදිස්සිය ... ටිකක් හිටපන් උන්  ක්ලාස් ඉවර උන ගමන්  පාරට දුවගෙන එන්නේ නැහැ.. අනිත් කෙල්ලොත් එක්ක වල් පල් දොඩවලා අන්තිමටම තමයි එන්නේ..

මේ.. උබලගේ මගුල් හින්දා මමයි කටු කන්නේ බලපන් වැහැගෙනත් එනවා...

මම එහෙම කිව්වේ පොද වැටෙන අහස දිහා බලාගෙන.. තව ඩිංගකින්  හොද අනෝරා වැස්සක් කඩා හැලෙන ලකුණු අහසේ තිබුනා..
චමින් ,, අන්න එයා එනවා..

පාර කෙළවරෙන් එක කුඩයක් යටින් එන යුවතියන් දෙදෙනෙක්ව මට සමිත් පෙන්නුවා..  

චමින් අර මල් මල්  ගව්මක් ඇදගෙන එන්නේ..  එයා තමයි මගේ ගිර්ල්  ඉදපන් මම ආවම උබට අදුන්වලා දෙන්නම්..

එහෙම කියලා සමිත් එයාට අත වැනුවා .. ඇයත් අපිව දැකලා යාළුවට සමුදීලා අපි දෙන්නා ඉන්න පැත්තට ආවා...
දෙවියනේ ..ශානි!!!!

පාසල් සමයේ මගේ ආදරය නොවේද මේ...
දෛවයය කොයි තරම් නම් නපුරු විදියට මට සරදම් කරනවද....

මොහොතකට අපි දෙදෙනාගේ නෙත් එකට ගැටුනා... හරියට තප්පර කිහිපයකට ලෝකයම නතර උනා වගේ හැගීමක් ...

ශානි මගේ පාසලට අවේ අතර මගදී.. ඒ වගේම එයා අතර මගදී පාසලෙන් වෙන් වෙලා ගියා.. එයා පිළිබද දුක්බර මතකයක් විතරක් ඉතිරි කරලා..

ශානිව දැකපු මුල්ම දවසේ ඉදලා මගේ හිතේ එයා ගැන විශේෂ හැගීමක් තිබුනා ..  ශානිත් අනිත් අයට වඩා ගොඩාක් මට ලංවුනා ..  අනිත් අයට වඩා මට විශේෂයක් දක්වන වග මට තේරුනා ..නමුත් ඒ  සහෝදර කමද මිතුරු කමද ආදරේද කියලා තේරුම් ගන්න බැරුව  මම කොයි තරම්නම් ලතවුනාද ....

කෙලි කවට කම් සිනහා මැදින් ගෙවීගිය පාසල් සමය කොයි තරම්නම් සුන්දරද.. එක බත් පත බෙදාගෙන කාලා.
හිතේ සැහැල්ලුවෙන්   කුරුළු පිහාටුවක් වගේ පාවෙලා ගිය සොදුරු පාසල් මතකයේ හැම සිදුවීමක් තුලම ශානි මගේ ලගින්ම හිටියා...

කවදාවත් අමතක නොවෙන ඒ දුක්බර දවස....මට අද වගේ මතකයි ...

අපේ සාමාන්‍ය පෙළ විභාහගයේ අන්තිම දවස... විභාහග ශාලාවෙන් එලියට ආව ගමන්ම ශානි මගේ ලගට ආවා...

චමින් අපි මෙහෙන් යන්න හදන්නේ... අද තමයි ඔයා මාව දකින්න අන්තිම දවස..

මට ඒ වෙලාවේ දරාගන්න බැරි දුකක් ඇති උනා . මාව දාලා යන්න එපා ශානි කියන්න හිතුනත් . ඒවා  කටින් පිට කරන්න තරම් ශක්තියක් මට තිබුනේ නැහැ...

අපේ තාත්ති රට යනවා චමින් ... අම්මිටයි මටයි විතරක් තනියම මෙහෙ ඉන්න බැරි නිසා අපි බදුල්ලේ ඉන්න මාමලාගේ ගෙදර නතර වෙනවා.. අම්මී කිව්වා මාව එහේ ඉස්කෝලෙකට දාන්නම් කියලා උසස් පෙලට ..
අපි හෙට උදෙන්ම මෙහෙන් යනවා චමින් 

ඔයාට අපිව දාලා යන්න දුක නැද්ද ශානි .. 

ඔයාට මව දාලා යන්න දුක නැද්ද කියලා අහන්න බැරි කමට මම එහෙම ඇහුව.

මම එහෙම අහපුවම ශානි මගේ අත තදින් අල්ල ගත්තා.. ඒ ලස්සන ඇස් වල කදුළු බිදු දෙකක් දිලිසෙනවා...

දුකයි චමින් .. හැම දේටම වඩා මට දුක ඔයාව දාලා යන්න වෙන එකට..

එයා එහෙම කියනකොට මගේ ඇසුත් තෙත් වීගෙන එනබව මට තේරුනා..

ඒ අතර එයා එයාගේ පොත් ගොඩින් එක පොතක් අරගෙන ..එකේ අන්තිම පිටුවේ මොනවද ලියලා මගේ බෑග් එකට දැම්මා...

චමින් ඔයා ඔය පොත තියාගන්න මාව මතක් වෙන්න. මාව මතක් වෙන්න වෙන දෙන්න දෙයක් මගේ ගාව නැහැ මේ වෙලාවේ.. මේ පොතේ අන්තිම පිටුව ඔයා ගෙදර ගිහින් බලන්න දැන් බලන්න එපා...


මේ පුංචි රටේ අපි ආයේ කවදා හරි හමුවෙයි චමින් .  සමහර විට අපි හමු නොවෙන්නත් පුළුවන් .. ඒත් මට විස්වාසයි අපි දෙන්නා ආයේ නොවැරදීම හමුවෙනවා...
මම යනවා..චමින්.


එදා මට නින්ද ගියේම  නැහැ . නින්දත් නොනින්දත් අතර ගෙවුණු රාත්‍රිය පුරාවටම ශානි මගේ හිතේ 
 හොල්මන් කාලා.. 
දෙවියනේ ශානි යන්න හදන්නේ මගේ හිතත් අරගෙනම නේද...


උදේ තමයි සිහියට  ආවේ.. ශානි මොනවද ලියලා පොතක් දුන්න වග ..
මම ඉක්මනට ගිහින් පොතේ අන්තිම පිටුව පෙරලුව......

I love you chamin…
Don’t  forget  me…..
Your shani,

දෙවියනේ ශානිත් මට ආදරේ කරලා නේද.. පාසලේදී මට වටහාගන්න නොහැකි උන ශානිගෙ හැසිරීම ආදරය නේද... මට හැමදේම ආයෙමත් මැවී මැවී පෙනෙන්න ගත්තා..


මම ඒ වෙලාවේම ශානිගෙ ගෙදර හොයාගෙන ගියා ... ශානිලා කුලියට හිටිය ඇනෙක්ස් එක  හොයාගත්තත් ඒ වෙන කොට මම පරක්කු වැඩි.
 මම එයාට ආදරෙයි කියලා කියන්නත් ඉස්සර ඇය ගිහින්.. මගේ ආදරේ නොදැනම ඇය ගිහින්...

ඒත් එයා කිව්වා වගේම නැවතත්  අපි හමුවෙලා...ඒත් අපි දෙන්නම බලාපොරොත්තු නොවුන මොහොතක . බලාපොරොත්තු නොවුන තැනකදී ...

චමින්.. උබ කොයි ලෝකෙද බං ඉන්නේ.. මම දැන් කී පාරක් කතා කලාද... මම දැන් ශානිකා ගැන කිව්ව දේවල් උබ අහගෙනද  හිටියේ..

සමිත් ශානිට මාවත් මට ශානිවත් හදුන්වලා දෙන්න ඇති .. ඒත් ඒ එක දෙයක්වත් මට ඇහුනේ නැහැ. මගේ හිත තිබුනේ වෙන ලෝකෙක.. මම හිතන්නේ ශානිත් හිටියේ.. මගේ තත්වෙම  තමයි..

අපි දෙන්නට දෙන්නා මුණු දිහා බලාගෙන උන්න මිස වචනයක් වත් කතා කාලේ නැහැ.. අවුරුදු ගානකට පසු නැවත හමුවීමක් ..

චමින් මමයි ශානිකයි පන්සලට යනවා ..ඔයත් එන්න අපි එක්ක යමු .සමිත්ගේ  හඩින් මම පියවි ලොවට ආවා...


අනේ බැහැ සමිත් මට තව වැඩකුත් තියෙනවා ඉක්මනට යන්න ඕනේ...

අනේ මන්ද උබට මොනවා වෙලදා කියලා .. වැහින්නත් එනවා එහෙනම් ඉක්මනට පලයන්...
අපි යනවා .. යමු ශානි..

එහම කියලා සමිත් ශානිගෙ අතින් අල්ලාගෙන පන්සල පැත්තට ගියා... ඔවුන්ට වැඩි ඈතකට යන්න ලැබුනේ නැහැ ..පොද වැස්ස තරමක් දරුණු උනා.. සමිත් එයාගේ අතේ තිබුන ලොකු කුඩය ඉහලාගෙන  ශානිගේ උරහිසට අතක්  දාලා ලගට කර ගත්තා...

ඒත් ශානි ....

ශානි හැරිලා මම ඉන්න පැත්ත බැලුවා ..මම තවම හිටපු තැනමයි...

ඊට පස්සේ ශානි  සමිත් ගෙන්  මැත් වෙලා වැස්සේම තෙමි තෙමි මම ඉන්න තැනට දුවගෙන එනවා..

දෙවියනේ ශානි මේ මොනවද කරන්නේ... මට මුකුත් හිතාගන්න ඉස්සර ශානි දුවගෙන මගේ ලගටම ආවා..

චමින් හය්යෙන් වහින්නයි එන්නේ  ඔයා තෙමෙයි ....

එහෙම කියලා එයාගේ බෑග් එක ඇරලා පුංචි ලස්සන කුඩයක් මගේ අතේ තිබ්බ...

තෙමෙන් නැතුව පරිස්සමින් යන්න චමින් .. මම යනවා.

පාසලේදී අන්තිම දවසේ දැක්කා වගේම වේදනාවක් මම අදත් ශානිගෙ ඇස්වල දැක්ක..

සමිත්ට අපි ගැන කියන්න එපා ශානි..

 මම එහෙම කිව්වත් ඇය මුකුත් කිව්වේ නැහැ හිනහ වෙන්න උත්සහ කාලා පමනයි .. ඒත් එදා වගේම ඇගේ දෙනෙතේ කදුළු බිදු දිලිසුනා..

මම යන්නම් චමින්...

ඇය එහෙම කියලා නැවතත් දුවල ගියා සමිත් ගේ කුඩය යටට.. 

ඔවුන් ටික දුරක් යන තුරු බලා  සිටි මම.. කුඩයත් ඉහලාගෙන බස් නැවතුමට යාමට පිටත් උනා...


ශානි  මගේ වෙලා උන්නු යුගය අවසන් ..දැන් ඈ අයිති සමිත්ට ............


( අත්දැකීම් කිහිපයක් ඇසුරින් කල නිර්මාණයකි )

45 comments:

  1. මොනවද ලියන්නේ......
    ටික වෙලාවකට ඒ ලෝකෙ මම ජීවත් උනා වගේ.....

    ReplyDelete
  2. කෙලෙසද මම මල් කලබ අරන් දෙන්නේ..

    හඩනා සිතකින් ඔබට සුභ පතන්නේ..

    ReplyDelete
  3. ඔබේ විහිලු තහලු වලට මම ප්‍රිය නිසයි මේ බ්ලොග් අඩවිය නිතර බලන්නේ. ඒත් අද නම් මට හිතා ගන්න බැරි විදියට අතීතයට ගියා. මේ වගේ කතා නැත්තේ කාටද?? ඔබ මේ ලිපිය ඉතාමත් ලයාන්විතව ලියා තිබෙනවා.

    ReplyDelete
  4. මට මගේ පලවෙනි පෝස්ටුව මතක් උනා.. මම ඒක අමතක කරලා තිබ්බේ. ආයෙත්..... :((

    කතාව නං රොමෑන්ටික්..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. සුපිරියි මේක නම්.....

    ReplyDelete
  6. නියමෙට ලියල තියෙනව

    ReplyDelete
  7. @තරුවා
    අන්න හොදයි ඒ කියන්නේ මගේ උත්සාහය තරමක් සාර්ථකයි ..

    @ sAm (සෑම්)
    එදා මගේ පෙම් වතියේ අද ඔබ මනමලියවී මගේම මිතුරාගේ.

    @වෙද ගෙදර මහ වෙදනා
    කාලෙක ඉදලා හිතේ තිබුණු කතාවක් .. මේකේ ලියනවද නැද්ද කියලා ටිකක් කල්පනා කරලා අන්තිමේදී තමයි ලිව්වේ..හිතේ තිබුණු විදියට සමානව ලියාගන්න හැකි උනා..

    @අඩවි රජ
    හෑ.. එහෙමද මම එක බලන්න ඕනේ එහෙනම්..

    @මහිම මදුරංග & isuru71
    ස්තුති දිරිමත් කිරීමට..

    ReplyDelete
  8. ලස්සනයි කියන එක හොද නැද්ද මන්දා..එත් කතාව ලස්සනයි..එත් දුකයි.. හැම ආදර කතාවක්ම ලස්සන සුන්දර වෙන්නේ නැනේ..

    ReplyDelete
  9. බොක්කටම වැදුනා බන්.. මේක ඇත්තටම උඹට වෙච්ච ඛේදවාචකයක්ද ?

    වෙලාවකට ජීවිතේ මහ කැත විදිහට අපිට සරදම් කරනවා නේද ?

    ReplyDelete
  10. @නිම්ශා
    ඔව් ඔයාගේ කතාව හරි

    @Senna
    මේකේ සමහර දේවල් මටත් අදාලයි.. ඒ ඇසුරින් නිර්මාණය කරපු කතාවක් මචං (මගේ ලග තවම අර දුන්නු විදිහේ පොතක් නම් තියෙනවා )

    ReplyDelete
  11. ඕකම නොවුනත් ඔයිට ලඟින් යන 'ගොලු හදවත' අත්දැකීම් අපිටත් තියෙනවෝ. හිටපිය මාත් ලියනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
  12. @Dude..
    අන්න හොදයි ලියපන්කො බලන්න.. ගොළු හදවත ලස්සන කතාවක්ලු නේද.. පොඩි කාලේ ටීවී එකේ එහෙන් මෙහෙන් බැලුවා මතකයි..පොත හොයාගෙන කියවන්න ඕනේ..

    ReplyDelete
  13. ඇත්තටම සෑහෙන්න දැනෙන්න ලියල තියෙනව අයියෝ......

    ReplyDelete
  14. @අග්නි ධාරා...

    ස්තුතී අග්ලි ....

    ReplyDelete
  15. එක්කල අතැඟිලි වෙන් නොම වේවා
    පතනෙමි සුබාසිරි

    කියලා හිත හදාගනින්.!

    ReplyDelete
  16. @මඩිස්සලේ නිශාන්..
    හික්..හික්.. ඔව් ඔව්.. නිර්මනයක්නේ බං . හිත හදාගන්න දෙයක් නැහැ..හිත හැදිලා ඉවරයි

    ReplyDelete
  17. lassana kathava machan...

    ReplyDelete
  18. අයියෝ සල්ලි කිට්ටලු...මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ....!!

    ReplyDelete
  19. මොනවද චමී මේ වැරදි බොත්තං ඔබන්නෙ. බ්ලොග් පෝස්ට් පබ්ලිශ් වෙලා කියලා අප්ඩේට් වුනාට එහෙම එකක් වෙලා නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  20. @Dude
    හික් ..දන්නේ නැද්ද ඉතිං.. පොඩි පොඩි අත්හදාබැලීම් කරනකොට වෙන අතපසුවීම්...මම ඉතිං තාම අලුත්නේ.. එක එක ඒවා ඔබලා බැලුවා...

    ReplyDelete
  21. ඇත්තමයි කථාව හොදට ලියල තියෙනවා..නියමයි චමී...

    ReplyDelete
  22. සිද්දියටත් වඩා හිත ගියේ ලිවීමේ ශෛලියට... සුභ පැතුම්

    ReplyDelete
  23. ඔහ්,,,,,
    පොඩියට හරි ආදරේ වේදනාව දැනිල තියනවා නම්, පපුව පතුලටම කිදාබහින්න ලියල තියනව. උපරිමයි.

    ReplyDelete
  24. @සිහින සිත්තම්..& .Mee Godayaa
    ස්තුති ඔයාට ඔයාලගේ වචන මාව දිරිමත් කරනවා නව නිර්මාණ සදහා.

    @දූපත් වැසියා..
    ඔව්..80% විතර දෙනා ආදරේ වේදනාව ලබා ඇතැයි සිතනවා..

    ReplyDelete
  25. පිස්සු හැදෙනවා බන්, නියමෙටම ලියලා තියෙනවා..

    ReplyDelete
  26. අන්දරේJuly 4, 2012 at 3:45 PM

    සුපිරියටම ලියල තියනවා බන්..බොක්ක ඇතුලටම වදිනවා..;(

    ReplyDelete
  27. මචං උඹ පපුවට පිහියෙන් අැන්නා නම් මීට සැපයි බන්.
    වදින්නම ලියලා තියෙනවා

    ReplyDelete
  28. බොක්කටම වැදුනා.
    අතිතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ...
    එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ...

    ReplyDelete
    Replies
    1. එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ. ඒ කනං ඇත්තම තමයි ..

      Delete
  29. චමී මචන් මම මෙ බ්ලොග් එකට අවෙ මුතුමුදලිගෙ බ්ලොග් එකෙන් දෑනගෙන.සතියක් වත් නෑහෑ.මෙ කතාවෙන් උබ මාව 1992 ට අරන් ගියා.මගෙ ප්‍රතම සහ අවසනාවන්ත එකම ප්‍රේමය වෙතට.වසර 5 ක ප්‍රේමයකින් ඈය මගෙන් සමුගත්ත දරුනු වේදනවක් පමනක් ඉතිරි කරල.ඉන් වසර 5 කට පසුව මම විවහ වෙනව මගෙ පියාගෙ හොදම මිතුරගෙ දියනිය සමග.ඒ පියා මිය යන්න පෙර ඔහුගෙ බලාපොරොත්තුවක් ඉටු කරන්න.විස්වාස කරන්න මගේ බිරිද වීර කාන්තාවක්. අද මම ලබපු ජයග්ග්‍රහනයන් ඈගේ උත්සාහයේ ප්‍රතිපල.මම අද සෞදි අරබියේ ප්‍රදානම රෝහලක ප්‍රදාන ඉන්ජිනේරු වරය.එදාමට විරහව උරුම කල ඈය උපාදිදරී ගුරුවරියක්.ඈගේ විවහය ත්‍රී රොද රත රියදුරෙක් සමග.දෑන් ඈය ඉතා අබාග්ය සම්පන්න දුක්කිත ජීවිතයක් ගත කරනව.මේක් වෙන්න ඈති ඈගේ ඉරනම නෙද ? මම වෙදනවෙන් අහපු ගීතයක් තමඉ ඉස්සර බදි පෙම සිත්වල සුවදයි..... හ්ම්ම් I රත්නායක සෞදියේ සිට

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචං ..ආවට.

      ඔයාගේ කථාවත් හරිම දුක්බර කථාවක්.. ඒත් ඒ සම්භන්ධය නැති වෙලා තියෙන්නේ ඔයාගෙම හොදට වෙන්න ඇති..

      Delete
  30. ඔන්න මම අද තමයි මේ පැත්තේ ආවේ.ඒත් අහම්බෙන්.හිතට දැනෙන්නම ලියල තියෙනවා චමී..writing style1 නියමයි.

    ReplyDelete
  31. mata, mage atheethaye dukabara mathaka satahan ayeth mathak una, Hmm.. hema deyakma daivaya wisin wenas karapu heti..... me kathawa mage palamu adarayamai kiyala denuna.....

    ReplyDelete
    Replies
    1. කාටද මචං මේ වගේ අත්දැකීම් නැත්තේ.. මිට සමාන අත්දැකීම් මට හමුවුන ගොඩක් කොල්ලෝ කෙල්ලෝ විදලා තියෙනවා ..

      Delete
  32. බොක්කටම වැදුනා කතාව නම්

    ReplyDelete
  33. සුපිරි හොදේ..:)

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...