15 June 2012

පාසල් මතකයේ අපුරු දඩුවම...


පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය .. අපි එතකොට හය වසරේ පංතියේ.  ලොකුත් නැහැ පොඩිත් නැහැ මෙලෝ රහක් නැති කාලේ.. ලොකු අය්යලා අපිව ගනන් ගන්නෙත් නැහැ . පොඩි උන් අපිව ගනන් ගත්තෙත් නැහැ.
අපි ක්‍රීඩා වලට දක්ෂතා දක්වපු නැති නිසා .  ක්‍රීඩා උත්සව කාලේ අපිට ඇති වැඩක් තිබුනෙම නැහැ . ඔහේ ඉබාගාතේ ඇවිදිනවා ඇරෙන්න . මෙලෝ දෙකට වැඩක් නැතුව හිටිය අපි සෙට් එකව ලොකු උන් තියාගෙන උන්නේ . පොඩි පොඩි වැඩ වලට කොටින්ම කිව්වොත් කඩේ යවන්න..

ඔන්න දවසක් ඒ කිව්වේ ක්‍රීඩා උත්සවේ තියෙන දවසට ඉස්සරෙන්දා . දවසේ ලොකු එකෙක් අපිට වැඩක් පැවරුවා.. අපේ හවුස් එක සරසන්න වැල් ටිකක් හොයාගෙන එන්න කියලා. පබ වැල් කියලා ජාතියක් තියෙනවා ඒවා තමයි ගෙන්න කිව්වේ..

ඔන්න ඉතිං අපිත් වැලේ වැල් නැතිව  වැල් හොය හොයා පාරවල් දිගේ ඇවිද්දා . ඔය අතරේ එකෙක් කිව්වා . පබ වැල්  ඇල  හරියේ ඇති කියලා.. 

ඔන්න ඉතිං අපිත් පබ වැල් හෙවීමේ පාරම පවිත්‍ර චේතනාවෙන් ඇල  ලගට ගියා..
ඇලේ වතුර නිල් කැටේට දිලිසෙනවා .. අතරින් පතර තියෙන  ඔළු නෙළුම් ගස්  වල මල් පිපිලා  බලන්න ලස්සනයි 

ඔය ඇල  දැක්ක ගමන් අපේ පබ වැල් සෙවීමේ පවිත්‍ර චේතනාව අපවිත්‍ර උනා .. වැරැද්ද මගේද කොහෙද.  මට ඔය දවස් වල  ඇල දොළ ගංගා පෙන්න බැරි ලෙඩක් තිබුනා. දැක්කොත් බැහැලා නාන්න හිතෙනවා . යන්තම් පීනන්න පුරුදු වෙලා උන්නු මම ඒ දවස් වල  වැස්සට අපේ වත්ත පහල අගලට වතුර පිරුණත් ඕකට බැහැල පීනන්න හදන එකේ .  ඉස්කෝල ඇදුමින් හිටියයි කියලා මේ වගේ ඇලක් දැකලත්  නොනා ඉදිද..
මේ අපි නාමුද? අපි ඉතිං පිට්ටනියේ හිටියය් කියලා වැඩක් ඇතෑ..  ඊට වඩා හොදා මෙතනටම ආව එකේ නාලම යමු නේග් ....
එතකොට අපිට පබ වැල් ගෙන්න කිව්ව අය්යා අපිව හොයයි . අපිව නැතත් පබවල් හොයද්දි අපිව මතක් වෙයි..
මේ. ඌට ඕන වැලක් ඌ හොයා ගනී  මම නාලා මිසක් මෙතැනින් එන්නේ නැහැ..  එහම කියලා මම ඇදුම් ගලවලා ඇල ට පන්නා ..

පුදුමේ කියන්නේ අනිත් උන් පස් දෙනාත් මාව අනුකරණය කරලා ඇලට පැන්නනේ....
ඔන්න ඉතිං දැන් ඉස්කෝල මතකත් නැහැ , සපෝර්ට් මිට් මතකත් නැහැ  පබ වැල්  මටකත් නැහැ.. කට්ටිය  ගජරාමෙට දිය බුං ගහනවා...
ඔහොම ප්‍රීති සාගරේ  කිමිදිලා ඉන්නැද්දි..........

ඒයි උබලා මොකද කරන්නේ..????
කියලා කන හාරාගෙන යන හොද හුරු පුරුදු කට හඩක් ආවා...

අප්පට සිරි  ලොක්කෙ අය්යා  .. අර අපිට පබ වැල් හොයන්  එන්න කිව්ව කොල්ලත් එක්ක  ඇල  අයිනේ...
ලොක්කෙ අය්යා කියන්නේ ඒ කාලයේ අපේ පාසලේ හිටිය ප්‍රධාන ශිෂ්‍ය නායකයා..

ලොක්කෙ අය්යා කියන එක කව්රු කොහෙන් පටන් ගත්ත නමක් ද දන්නේ නැහැ.. ඒත් අපේ වගේ පොඩි පංති වල  උන්  එයාට කිව්වේ ලොක්කෙ අය්යා කියලා . ඌ ප්‍රදාන ශිෂ්‍ය නායකයා නිසා . අනිත් අයට වඩා ලොකු තනතුරක් දරන නිසා එහෙම කියන්න පටන් ගන්න ඇති . ඒක තමයි එයාගේ හුරතල් නම...

ලොක්කේ  අය්යා දැකපු ගමන් අපි තුස්තිම්බුත උනා.. මොකද අපි පොඩි වැරැද්දක් කලත් ඌ අනින ටොකු පාර නම් පොඩි උනේ නැහැ.. දවසක් මම උදේ රැස්වීමට යන පෝලිම පනිනවා මූ දැකල මට ඇන්න ටොකු පාරේ සැරට පෙනුන තරු මට තවම මතකයි . උගෙන් ටොක්කක් නොකාපු එකෙක් අපේ පන්තිවල හිටියේ නැහැ. එහෙව් එකේ  මෙහෙම දෙයක් කරලා අහු උනාම කොහොමෙට තියේද...
අපි කට්ටිය ලැසි ගමනින් ගොඩට ආවා...

ඇයි උබලා ගොඩට එන්නේ.. දැන් නෑවා ඇතිද?
අපේ ලොක්කෙ අය්යගේ ගරු ගම්බිර කටහඩ .
උබලා තව ටිකක් නාගෙනම වරෙල්ලා . නැත්නම් උබලට අඩුවෙන් නාලා හෙම්බිරිස්සාව හැදෙයි.. ඒක හින්දා හොදට නාගනිල්ලා...

හෑ අපේ ලොක්කෙ අය්යට මොකක් වෙලාද මේ.  ලොක්කෙ අය්යට මොකක් හරි පැහිලාවත්ද. ලොක්කෙ අය්යා හොද වෙලා.. අපිට අතිවෙනකන් නාන්න අවසරත් දෙනවා...
මට ලොක්කෙ අය්යා  කෙරෙහි අප්‍රමාන සෙනෙහසක් ඇතිඋනා .. ඒ සෙනෙහස හිතේ හිරකරගෙන මම ලොක්කෙ අය්යට කතා කාලා..
"ලොක්කෙ අය්යත් එන්නකෝ අපිත් එක්ක නාන්න ..  හැබැයි සබන්නම් ගෙනාවේ නැහැ  ඕං.........!!!
නෑ මම ඕනේ නැහැ උබලා නාගනිල්ලකෝ... කියලා ලොක්කෙ අය්යා බලාගෙන හිටියා.

අපිත් ආයේ හැරිලා හිහින්.. ඉහ වහ ගිය ප්‍රීතියෙන් යුතුව ..  අපේ ලොක්කෙ අය්යා මතු බවයේ බුදු වේවා.!! තිස් තුන් කෝටියක්‌ දෙවිදේවතාවුන් වහන්සේලා ආරක්ෂා කරත්වා...!!!  කියලා . පිං දීලා ආයෙත් නාන්න ගත්තා ..
ඒ අතර අපේ එකෙක්
"ඒයි අන්න ලොක්කෙ අය්යා අපේ ඇදුම් ටිකත් අරගෙන යනවා...
අපි කට්ටිය ඇල  අයිනට දුවගෙන ඇවිත් ඒක හඩ්න් කැගැහුව..
"අනේ ලොක්කෙ අය්යේ අපේ ඇදුම් ටික තියලා යන්ඩෝ....

මොන ලොක්කෙ අය්යා නෙමේ පස්සවත්  හැරිලා බැලුවේ තේජාන්විත ගමනින් ඉස්සරහටම ගියා මිස ...
අනේ ඉතිං අසරණ අපි ලොක්කෙ අය්යාගේ මායන් වලට රැවටුනා.. ලොක්කෙ අය්යා එන ආත්මේ මේ ඇලේ දියබරියෙක් වෙලාම ඉපදියන්.. එහෙම නැත්නම් බින්කුන්ඩේක් වෙයන්.. කිය කියා  ලොක්කෙ අය්යට සාප කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් අපට තිබුනේ නැහැ.. මොකෝ ඉතිං නිර්වස්තරේ ඇදගෙන අපි ඇලෙන්  පිට යන්න කියලද.. අපිත් ලජ්ජා බයට හැදුනු කොල්ලෝ වෙච්චි.

.
පැයක් ගතවුනා දෙකක් ගතවුනා . ලොක්කෙ අය්යා නෙමේ පැත්ත පළාතේ ආවේ.. තව වෙලා උන්නොතින් අපි ඇලටම දියවෙලා යාවි.  එකත් ඉවසුවැකි ඒත් අනිත් උන් මම හින්දා තමයි මෙහෙම උනේ කිය කියා  කියන ඇනුම් පද තමයි ඉවසන්න බැරි.. කිබුලා කනවා ඉවසුවහැකි කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැහැ කියලා කාතාවක් තියෙනවනේ, අන්න ඒ වගේ  ඕං.........!!! 

ඔය අතරේ අපේ එකෙක් දුවලා ඇල  ඉවරට  ගිහින්  කොළ අත්තක් කඩලා ගහක එල්ලලා පඩුරක් ගැටගහලා ආවා. ලොක්කෙ අය්යාගේ හිත උණු වෙලා අපේ ඇදුම් ගෙනත් දෙන්න හිත දේවා...!!!  කියලා..
උගේ පඩුරේ අනුහසින්ද මන්දා  ඊට ටිකවෙලාවකට පස්සේ . ලොක්කෙ ආවා.
"ආ... දැන් නෑවා ඇතිද මදිනම්. තව නාපල්ලා ."
"අනේ මේ නෑවා මදැ ලොකු අය්යේ තව නැවොතින් අපිව වතුරටම  දියවෙලා යයි.. දැන්වත් අපේ ඇදුම් ටික දුන්නනම්.."

ආ ඇතිද එහෙනම් විගහට ඇදගෙන වරෙල්ලා කියලා ලොක්කෙ අය්යා අපේ ඇදුම් ටික විසිකලා.. ඒත් එතන තිබුනේ අපේ කොට කලිසන්  ටික විතරයි..
"කෝ අනිත් එව්වා මෙතන තියෙන්නේ කලිසන් විතරනේ එතකොට..ෂර්ට් බැනියම් සපත්තු.?
"එව්වා ඉල්ල ගනිල්ලා පින්සිපල් සර් ගෙන් .  උබලගේ ගැජට් ඒක වහගන්න කලිසම ඇතිනේ .. එකත් එපානම් මම අරගෙන යන්නම්.
අනේ ඒපෝ ..කියලා අපි කලිසම විතරක් ඇදගෙන . සරණාගතයෝ වගේ ලොක්කෙ අය්යා පස්සේ ඉස්කෝලෙට ගියා...

පින්සිපල් සර් අපිව පිළිගන්න ඔෆිස් ඒක ඉස්සරහටම ඇවිත් උන්නා.. ඒක අතකින් වෙවැලකුත් දරාගෙන..  උන්දැගේ මුණ දැක්කම අපි වෙව්ලලා ගියා.. බලන්න එපෑ මුනේ තිබුණු සිරියාව..නෑ නෑ වස පාට..
හය දෙනාගේම නිර්වස්ත්‍ර පිට හරහා හොදවයින් වේවැල් පාර හත අටක් වැදුනා..

“ ආයේ මොකක් හරි එකකට උබලා මට ඇහුඋනොත්  අස් කරලා දානවා හය දෙනාවම ඉස්කෝලෙන්.. අතනට ගිහින් දනගහගෙන ඉදපියව් ඉස්කෝලේ ඇරෙනකන්...”

ඉස්කෝලේ ඇරෙන්නත් පැයක් විතර තිබුනා එතකොට .
අපිට දනගහගෙන ඉන්න නියම කලේ ඉස්කෝලේ හැම පංතියකටම වගේ පෙනෙන තැනක.. ඉස්කෝලේ ජාතික කොඩිය ඔසවන තැන.. අපිත් ඉතිං ජාතික වීරයෝ වගේ ජාතික කොඩිය යට දන ගැහුවා..
මහ අව්වේ උඩුකය නිර්වස්ත්‍රව දනගහගෙන උන්නු  අපි ගැන පංතිවල උන්නු එකෙක්වත් කරුණාවක් දැක්වුවේ  නැහැ.. පුළුවන් තරම් පංතිවල ඉදගෙන අපිට කොලොප්පන් කලා..

පොඩි වයසේ උනත් හිතේ තිබුණු මනමාල කමට අපි ලයින් දාපු කෙල්ලෝ.. අපිව දැකල හිනාවෙවී අතින් කටවල් වහගෙන පංති වලට දිව්වා.. ඒවා දකිනකොට මට පොලොව පලාගෙන යන්නයි හිතුනේ..
කොහොමින් හෝ පැයක පමණ දඩුවම් කාලෙකින් පසුව පාසැල නිමා උනා.. පින්සිපල් සර් අපිට ඈත ඉදල අඩගැහුවා 

අපි හිතුවේ හෙට දෙමව් පියන් සමගම එන්න වෙයි කියලා එත් සර් එහෙම කලේ නැහැ .. අපිට බොහොම කරුණාවෙන් කරුණු පහදලා දුන්නා . එතකොටයි අපිට අපි කල වරදේ බරපතල කම තේරුනේ . අපි එදා ගෙවල් වලට ගියේ පින්සිපල් සර් ගේ කකුල් දෙක අල්ලලා   වැදලා සමාව අරගෙන . අයේ කවදාවත් මෙහෙම දේවල් නොකරන බවට පොරොන්දු පිට.

එදායින් පස්සේ අයේ කවදාවත් අපි ඇල  පැත්තේ ගියේ නැහැ.. මගේ ඇල දොළ ගංගා ගැන තිබුණු අසාවත් එහෙම්මම නැතිවෙලා ගියා..

40 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඇයි අපි එක උනොත් නරකද?

    ReplyDelete
  3. හික්ස්....හයියූ උයානම්..........:)

    ReplyDelete
  4. ලොක්කෙ අය්යට බස්ටියක් සෙට් කොරන්න බැරි උනාද බොලාට පස්සේ වත් ... අපිට කොලානම් ලොක්කෙ අයයට සොරිම තමා

    ReplyDelete
  5. ජීවිතේට නොනාපු උන්ගේ කුණු යන්න හේදවීම පිළිබද ලොක්කෙ අයියාට මාගේ ප්‍රණාමය..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. @උඩගෙදර..
    ආ මෙන්න මෙයා එක වෙලා .. තෑග්ග ගෙදරට එයි ලගදීම .

    @අග්නි ධාරා...
    හික්..හික්.. අග්නිත් මෙහෙම නේද පොඩිකාලේ ..

    @Mee Godayaa..
    අපි ලොකු වෙලා ගහන්න කියලා හිටියේ . පස්සේ අදහස අත්හැරියා

    ReplyDelete
  7. @අඩවි රජ..
    හිකිස්‌ ඉස්සර අපි නානවා බං..

    ReplyDelete
  8. පරණ අතීතයන් මතක් වෙනවා බොල මේවා කියවද්දී :)
    උඹලාට ඔයින් ගියා ඇති

    ReplyDelete
  9. අම්මේ මෙහෙම සොමියක් ගන්න ඇලක් කොහෙද අපේ ඉස්කෝල ගාව?

    /අපි ලොකු වෙලා ගහන්න කියලා හිටියේ . පස්සේ අදහස අත්හැරියා/ ඇයි උඹල ඒ වෙද්දී ලොකු මදිද? හෆොයි..

    ReplyDelete
  10. @ක්සැන්ඩර්..
    කොහේ ගහන්නද අපි ලොකු වෙනකොට අපිට වඩා එයා ලොකු මහත් වෙනවනේ..:p

    ReplyDelete
  11. @මඩිස්සලේ නිශාන්..
    ඒ කාලේ උනු දේවල් වල හැටියට මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්

    ReplyDelete
  12. අර දුවපු එකා දිව්වේ කොමේයි..ඇදුම් නැතුව..ඔ.ඕ...

    ලොක්කේ අයියා හරි නරකයි නේ..ඕම තමයි නේ කොලු කාලේ..අපෝ උන්දැ නම් මේලෝ රහක් නැහැ..

    ReplyDelete
    Replies
    1. ඔයාට ඒක මතක් උනා නේද.. ඔව්,,ඔව්, අතින් වහගෙන . මම ඒ කැල්ල ලිව්වේ නැහැ . ඔව් අනේ උන්දැ පණ්ඩිතයා .

      Delete
    2. පිට මැද ට වේවැල් පාර වැදුනා ම තියෙන විස මතක් උනා කතා ව කියවදිද.

      Delete
  13. චමියලා නාලා නෙවෙයි ඇදගෙනම නාලා

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. නෑම එපා උනා..

      Delete
  14. හපොයි වෙන වැඩ! කලිසන් කොට ටිකත් නොදී ඉන්ටයි තිබ්බෙ කොල අතු ඇඳගෙන වැදි පැටව් වගේ යන හැටි බලන්න!
    අපූරු කතා පොඩ්ඩ හොඳේ!

    ReplyDelete
    Replies
    1. එහෙම උනානම් මම ඇලේ වතුර බීලා මැරෙනවා...

      Delete
  15. ප්‍ර: හෙලුවෙන් බාරයක් වූ පළමුවැනි බැතිමතාගේ නම කුමක්ද?

    පි: චමි4යූ


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපොයි මම නෙමේ... මම ලජ්ජා බයට හැදුනු කොල්ලා.. වෙන එකෙක්. බාර උනේ.

      Delete
  16. අපොයි මේ දගය නම්
    දගය කිව්වට මම ඔයිට එහා..ගගක පැන්නෙ නැති වුණාට ඉස්කෝලෙ කාලෙ මමත් හරි දගයෙක් තමයි එහෙම වුනේ නැත්තම් අද රස කර කර කියන්න දෙයකුත් නෑනෙ නේද? ඇල දොල ගංගා පිස්සුව ඉවරද ඉතින්

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ජිවිතේ තියෙන ලස්සනම කාලේ පාසල් කාලේ කියනවනේ. ඒ කාලේ දේවල් හැමදාම මතකේ තියෙනවා..
      දැන් ඇල දොළ ගංගා වල නාන්නේ නැහැ ..

      Delete
  17. එල...ඔය ඇලවල් වලට ගිහින් හොරෙන් නාපු අත් දැකීම්නම් මටත් තියේ...ඒක මාර ගති. හැබැයි එකෙක් හරි ගිලුනොත් තමා සොමිය ඩබල් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිලෙන්න ගිය අත්දැකීමක් එනකන් ඔකේ බරපතල කම තේරෙන්නේ නැහැ.. දවසක් මාව ගිලෙන්න ගියා.. බොහොම අමාරුවෙන් යාලුවේ දෙන්නෙක් එකතුවෙලා තමයි බෙර ගත්තේ.

      Delete
  18. ayyo....chami ayyatat mara wadane appa wenne.aparade...eda saban kallakut genichchanam tawa hodata na ganna tibuna ayyata.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සබන් තිබුනානම් තවම නානවා ..හික්

      Delete
  19. මොන කුපාඩි වැඩේ කලත් අන්තිමේට ප්‍රින්සිපල් සර්ගෙ කකුල් දෙක අල්ලලා වැඳල සමාව ගත්තහම ශේප් වෙන්න පුලුවන්. අත්දැකීමෙන්මයි කියන්නනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. ඔයත් දන්නවනේ රහස..

      Delete
  20. නාල අහුවෙච්ච එක ටිකක් හරි ෂේප්... මම අහුවුනේ බූරැ ගහලා...... ඒ කථාව ඉස්සරහ දවසක කාමරේදි කියන්නම්..... මට කියන්න තියෙන්නෙ ලොක්ක අයියා වගේ නාන උන් ගෙ පන්ක් එක කඩන උන් ඉන්න තැන් වල නාන්න යන්න එපා කියලා.....

    ReplyDelete
    Replies
    1. හෑ. උබ ඉස්කෝලේ යනකාලේ බුරුත් ගැහුවද.. ලගදීම බලාගන්න පුළුවන් වෙයි නේද කතාව..

      Delete
  21. ලොක්කයියා මහ ජරා යකෙක්,ලැබුනු බලය අනිසි විදිහට පාවිච්චි කරලා.පින්සිබල් සර් නියම මහත්තයෙක්. ලොක්කාට තිබ්බා දඩුවමක් දෙන්ඩ හරි සර්ට කියන්ඩ හරි ඌ එ දෙකම කරලා.

    තමන්ට ලැබුනු බලය අනිසි වීදිහට භාවීතා කරන උන් ලබන ආත්මයේ කූම්භාණ්ඩයෝ වෙලා උපදිනවා.

    කූම්භ = කලය
    අණ්ඩ = වෘෂණ කෝෂ

    කොහොමද ඇට දෙක අත් දෙකට අරගන යනකොට

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඌ අපිට දැඩි දඩුවම් ලබාදුන්නා ..
      මිනිහා කුම්භාන්ඩ්යෙක් වෙයිද දන්නේ නැහැ .. අදනේ මම එකේ තේරුම දැනගත්තේ...හික්

      Delete
  22. ලොක්කෙ අය්යා එන ආත්මේ මේ ඇලේ දියබරියෙක් වෙලාම ඉපදියන්.. එහෙම නැත්නම් බින්කුන්ඩේක් වෙයන්..

    මේ ටිකට නම් හිනා ගියා හි හි...... :)

    ReplyDelete
    Replies
    1. ෂෝයි කතාව..:)

      Delete
    2. ඔව්.. තව දේවල් කියා කියා බැන්නා.. ඔක්කොම සත්තුන්ගේ නම් තමයි ඉතිං..
      මිනිහා අපිව බය කලානේ .. අපි හිතුවේ ඇලෙම ඉන්න වෙයි කියල.

      Delete
  23. පික්සු හැදෙනවා...අපිත් ඉස්කෝලෙ වෙලාවෙ ඕනිතරම් ඉස්කොලෙන් පැනලා ඔහොම නාන්න ගිහින් තියනවා ඒත් ඔහොම ටකරමක්නම් කවදාවත් කාල නෑ...

    ReplyDelete
    Replies
    1. එකනේ බං .. අපි ළිදක් කැපුවොත් එකෙත් ගෙම්බෙක් ..

      Delete
  24. මම හිතන්නෙ හෙළුවෙන් බාර උන නිසා තමයි ලොක්කෙ අයියට කලිසම් හරි ගෙනත් දෙන්න් හිතෙන්න ඇත්තෙ
    දෙයියොත් හෙළුවෙන් කිව්වම අහනව...

    ReplyDelete
  25. නියම දඬුවම් සහ නියම ගුරුවරු :)

    ReplyDelete
  26. දැන් කාලෙ ඉන්න එවුන් ඔය වගේ දෙයක් වුනා නම් උන් බෙල්ලෙ වැල දා ගනියි එක්කෝ ප්‍රින්සිපල්ට ගහයි, උද්ඝෝෂණ කරයි, ඒ ප්‍රින්සිපල් වුනත් නුවණින් බලා ළමයින්ට දඩුවම් කරල තියෙන්නෙ, දැන් කාලෙ අපේ කාලෙට වඩා කොච්චර පිරිහිලාද???
    මම අදයි මෙ බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ, සුභ පැතුම් ඔයාට!!!

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...