21 June 2012

පිස්සු පෙති බී පිස්සු නටන හැටි


දැන් ලංකාවේ අලුත්ම ආතල් ඒක ටැබාය .. ටැබා යනු පිස්සන්ට බොන්න දෙන පෙති ජාතියකට නව පරපුර යොදාගත් නමකි . උන් පිස්සු බෙහෙත් බී පිස්සු නටති. 

අද මම කියන්න යන්නෙත් එහෙම කතාවකි .. ලංකාවේ කාලෙන් කාලෙට ඒක ඒක මත්ද්‍රව්‍ය තරුණ තරුණියන් අතර ජනප්‍රිය  වෙනවා මේ ටැබා ගේ කාලයයි .. කාලයක් දුම් පානයේ ප්‍රබේධ ජනප්‍රිය උනා .  දුමෙන් ලැබෙන ත්‍රිල් ඒක තව දුරටත් වැඩියෙන් ලබාගැනීමේ උවමනාවෙන්  මල් නොහොත් ගංජා , ඈෂී , බ්‍රවුන් ෂුගර් වගේ දේවල් වලට ගියා ඒ විදියට දූම  පරිණාමය උනා කිව්වොත් හරි මට හිතෙන විදියට ....  කුඩු වලට ඇබ්බැහි උන කෙනෙක් එතැනින් පොලොව යටට යනවා මිස ආයේ පස්සට හැරීමක් නැහැ .. හැරුනනම් ඒ සියයට සුළු ගානක් තමයි ..

මත් වතුරනම් ලොකු පරිණාමයක් උනේ නැහැ . එදත් අදත් වැඩි වෙනසක් නැහැ . මද ප්‍රමාණයට ගන්නවානම් කවුරුත් වරදක් කියන්නෙත් නැහැ.. පසු කාලීනව ජෙල් පැකට් කන්න ගත්තා මේවා කවුරු හොයාගත්තද දන්නේ නැහැ හොයාගත්ත එකා තනියම කන්නේ නැතුව අනිත් උන්ටත් කැව්වා මොකද යන තැනකට අනිත් අයවත් අරගෙනම යන්න ... 

ඉන් පස්සේ කැස්සට බොන බෙහෙත් ජාතියක් ජනප්‍රිය උනා . ඒවා බොන උන්ට දෙය්යන්ගේම පිහිටයි දවසට මේස හැන්දක් බොන්න තියෙන එකෙන් ඒක පාර බොතල් ගණන් බොන උන්ට ආයේ කැස්සක්නම් ජීවිතේටම හැදෙන්නේ නැතුව ඇති . අනික දැන් ඒවා නිකන්ම නෙමේ බොන්නේ අර මම මුලින් සදහන් කල පිස්සු  පෙත්තත් කලවම් කරගෙන .මෙහෙම ගියොත්  පිස්සු බෙහෙත් බීලා පිස්සු නටන තරුණ පිරිසක් තමයි ඉදිරි අනාගතයේ රට බාරගන්න ඉන්නේ... මේවා දකිනකොටනම් ඇති වෙන්නේ අප්‍රමාණ දුකක්....

ලගදි මම ගිය මලගෙදරකදී  දුටු සිද්දීන් කිහිපයක් නිසා තමයි මේක ලියන්න හිතුවේ .. එතනත් ටැබා කාරයෝ ටිකක් හිටියා .. එයාලත් හොද නාඩගම් ටිකක් කළා ....

 ඒවා බලාගෙන ඉන්න අතර මගේ යාලුවෙක් කියූ රස කතාවක් තමයි මේ..
මේකත් මල ගෙදරක සිද්දියක්..


මේ මළ ගෙදරට ලංකාවේ නොයෙක් තැන් වලින් තරුණ තරුණියෝ ඇවිත් තිබුනලු ඒ කියන්නේ මැරුණු කෙනා රටේ ජනප්‍රිය පුද්ගලයෙක්

ඔන්න  රාත්‍රියේ නිදි මරාගෙන ඉන්නකොට  ටැබා කාරයෝ ටික එකට එකතු උනාලු ..  ටැබා කාරයෙක්ට තව ටැබා කාරයෙක්ව ඉක්මනින් අදුන ගන්නා පුලුවන්ලුනේ  මුණ බලලා . ඔන්න  ඔය වගේ අංග ලක්‍ෂණ බලලා එකතු උනු ටැබාලා ටික තම තමන් ගෙනාව පිස්සු පෙති ටික බෙදා හදාගෙන බුක්ති විදලා .. හොද ගානට ආවට පස්සේ තැන් තැන් වලට විසිරිලා ගිහින් තමන්ගේ ආතල් එකේ ඉන්නවලු .....

ඔහොම ඉන්න ඒක ටැබෙක් හාන්සි පුටුවක දිගැදිලා ඒක එල්ලේ අහස දිහා බලාගෙන ඉන්නවලු... පැය ගානක් ඒක දිගටම..

අහස දිහා බලන් ඉන්න එකා දිහා තව  ටැබෙක් බලාගෙනම ඉන්නවලු වෙන තැනක ඉදගෙන..  එහෙම බලාගෙන ඉදලා හෙමින් හෙමින් කිට්ටු කලාලු අහස දිහා බලාගෙන උන්නු එකා ලගට ...
ගිහින් ඇහුවලු මෙන්න මෙහෙම
මචං මම දැන් හුග වෙලාවක ඉදලා බලාගෙන උන්නේ .. උබ මොනවද ඔය තරම් අහස දිහා බලාගෙන හොයන්නේ .
අනිකා ඇගිල්ල දික්කලාලු පුන් සදට ඒක එල්ලේම (මම ගිතන්නේ මාසේ පෝය දවසකද කොහෙද) හද පෙන්නලා අනිකාගෙන් අහනවලු...
මචං අන්න අර තියෙන්නේ .. ඉරද  හදද ..?
ඒක අහලා අනිත් එකා හොදටම කලබල උනාලු .. ඊට පස්සේ කිව්වලු..
අනේ මචං මමනම් දන්නේ නැහැ ... වෙන කාගෙන් හරි අහපන් මම මේ පළාතේ කෙනෙක් නෙමේ......

34 comments:

  1. මම අලුත් ආතල් සීන් එකක් දැක්ක ... කියන්න හිතෙන්නෙ නැ.. කිව්වොත් වෙන්නෙ තවත් ජන්ප්‍රිය වෙන එක....

    මම දෙල්කඳ ඉන්න කලෙ කනු බදාගෙනාඩන ඈයො.. කටු ඇලේ කබරයො වගේ බඩ ගාන ඈයො.. අනන්තවත් දැකල තියනවා.. අපරාදෙ තරුණ ජීවිත

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඕවා දකිනකොට..........
      මටනම් දුක උන්ගේ දෙමව්පියෝ ගැන , කොයි තරම් බලාපොරොත්තු තියාගෙනද ළමයින්ව උස්මහත් කරන්නේ

      Delete
  2. පිස්සු පෙති ගැහිල්ලත් අවුරුදු 10කට වඩා පරණයි.. මම පත්තරේක දැක්කා ෆාමසිවල වැඩකරන කෙල්ලන්ටත් අයිතිකාරයෝ ඔව්වා පොවනවලු.. ඊටපස්සෙ උන්ගෙන් ආතල් ගන්නවලු..

    ReplyDelete
    Replies
    1. මතකද ලගදි කොල්ලෙක් පෙති බිලා මත් වෙලා ඇලකට වැටිලා මැරුණා..අහිංසක ජීවිත නිස්කාරනේ විනාශවෙනවා

      Delete
  3. මෙ ඔක්කොම ඩ්‍රග්ස් නම් පරනයි මෑතක ලංකාවට ආපුවා නම් නෙමෙයි,නමුත් මේ පිලිඹදව මාද්‍ය මගින් එලිය ආවේ මෑතක,ඔබ කිවු පරිදිම මෙවන් දේ නිසා තරුන පරපුරට වෙන හානිය නම් කියා නිම කල නොහෑක,විශේශයෙන් රෝගීන් සදහා දෙන බෙහෙත් වෑඩි මත්‍රාවක් ගෑනීම මගින්.

    ReplyDelete
    Replies
    1. එකනේ බෙහෙත් බොන්නේ අසනිපෙට මිසක් අසනීප හදාගන්න නෙමේනේ

      Delete
  4. ලගදි ඉදන් කේරල ගංජා වලටත් ලොකු නැඹුරුවක් ඇති වේගෙන එනවා . පොලීසිය කොච්චර අල්ලනවා වගේ පෙන්නුවත් රටේ ඕනෑම නගරයකින් ලේසියෙන්ම ඩ්‍රග්ස් හොයා ගන්න නම් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ කේරලෙන්.. ලංකාවේ ඒවා මදිලුද..

      Delete
  5. හෑෆූ.....මංනම් මෙව්වට මොකුට් කියන්නෑ....

    ReplyDelete
  6. ඔය කියපු කතවනම් මන් ගොඩාක් කලින් අහලා තිබුන බන් විහිලු කතවක.අනේ මන්දා......
    ටැබ්ස් ගහන් එකන් නම් පාප කරමයක්.අපේ ගමේ අවුරුදු 19ක කොල්ලෙක් ලගදි මැරුනා ඔක නිසාම.කරුමේ කියන්නෙ ඌ බැදලා ලමයෙකුත් ඉන්න්වා.
    උන්ගේ පව් ගෙවන්නේ අර අහින්සක ලමය.

    ReplyDelete
  7. ටැබා ගැන සීන් නම් සහතික ඇත්ත උඹ කියලා තියෙන දේවල් ඒත් අන්තිමට හඳේ සීන් එක නම් විවිධ වර්ෂන් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අග් ..එහෙමද , ඔය වගේම ඇත්තට උන සිද්දියකුත් තියෙනවා .. ඒකත් මම පස්සේ දාන්නම්

      Delete
  8. ටැබා දැම්මහම අමුතු අමුතු ජාති‍යේ ආතල් එනවලු. මැච් එක බලාගෙන ඉද්දි එක පාරටම කෑ ගහනවලු අම්මො බෝලෙ එලියට එනවා කියල.

    ReplyDelete
    Replies
    1. ඔව්ව්.අපේ කොල්ලෙක්ට උන ඔය වගේ වැඩක් මට මතක් උනා ඔයාගේ කමෙන්ට් එකෙන්.. ඉදිරියේදී දාන්නම්කො

      Delete
  9. අපොයි අපොයි පුංචි ළමයි ඉවරයිනේ...මොනව උනත් මේව උන් අතට දෙන අයත් වග කියන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. එකනේ අපි වගේ පුංචි ළමයි අතට ගියොත් එහෙම මොකෝ වෙන්නේ නේද :D

      Delete
  10. මම දැක්කා පිස්සු පෙති බීලා මේ ලගදි එකෙක් වැවකටද මොකද්ද එහෙකට වැටිලා මැරිලා ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇලකට වැටිලා.. ඩොක්ටර් කෙනෙක්මයි පෙති විකුණලා තියෙන්නෙත්

      Delete
  11. ඔය ටැබා වගේ ඉස්සර තිබ්බේ පහේ ටොපි. ගුලි කියන්නේ. අන්න එව්වා. ගුලියක් කාලා සීනි වැඩි ප්ලේන්ටියක් හරි සිගා පාරක් හරි ගහපුවාම බඩු බනිස්. ඔහොම කාපු එකෙක් එකවතාවක් බිත්ති දිගේ ඇවිදින්න ගිහින් දුන්න ආතල් එක නම් මට අමතක වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. ඒ ටොපිය ගැනනම් අපේ කට්ටිය හොදට දන්නවා.. ඒකත් ඒ කාලේ ඉස්කෝල වල හරි ප්‍රසිද්දයි ..

      Delete
  12. අහෝ රටකට ගිය කලක්!!

    henryblogwalker the Dude

    ReplyDelete
  13. කවුද කවුද පෙති ගහන්නේ ආ......... :/ :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ මමනම් නෙමේ ඕ0 ... මම අහිංසකයා

      Delete
  14. යට ඇති විහිලු කතාව නම් අසා ඇත්තෙමි.

    ඔය ජෙල් කනවට වැඩිය හොදා බං කසියා ගහනවා..
    දැන්වත් ඕව නවත්තපං :)

    ජය !

    ReplyDelete
    Replies
    1. මමනම් කන්නේ නැහැ ඔලුවේ ගානවා විතරයි

      Delete
  15. kana gatu dayaka dewal(suba anagatayak)

    ReplyDelete
  16. මෙව්වා නවත්තන්න කාටවත්උවමනාවක් නෑ.පව් අප්පා කොල්ලො. මමත් පොස්ට් එකක් ඔයගැන ලියලා තියනවා.
    <a href="http://atampahura.blogspot.com/2012/05/blog-post_13.html>පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම</a>

    ReplyDelete
  17. කතාව නම් ෂෝයි චමී අයියේ..:) ඒත් දුකයි ලස්සනට ඉන්න පුළුවන් මිනිස්සු ඔහොම පිස්සෝ වෙනකොට.

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...