10 July 2012

ලොවට කුංෆු සටන් හදුන්වා දුන් දෙමළ ජාතික "බෝධිධර්ම භික්ෂූණ්වහන්සේ"


කුංෆු සටන්කලාව ගැන මං හිතන්නෙ හැමෝම දන්නවා අහල තියෙනවා ඇති  . සටන් කලාවන් ප්‍රගුණ කරන වගේම සටන් කලාවට ආදරය කරන මිනිසුන් විශාල ප්‍රමාණයක් ලෝකය තුල සිටිනවා .. එහෙත් බෝධිධර්ම කියන නම දන්නේ කියෙන් කි දෙනාද .
. ඉන්දියාවෙන් අහල බැලුවොත් සියයට දහයක්වත් ඒ නම දන්නේ නැහැ ..චීනයේ ජනගහනයෙන් සියයට අනුඅටක්ම බෝධිධර්ම අදුනනව.. ඔහුට ගරු කරනවා කොතෙක් ගරු බුහුමන් දක්වනවද කිවහොත් බුදු කෙනෙක්  විදියටම බෝධිධර්මයන්ව  අදහනවා   එහෙත් විස්වාස කරන්න බෝධි ධර්මයන් යනු චීන ජාතිකයෙක් නොව ඉන්දියන් ජාතික දමිලයෙකි.

මේ  තිබෙන්නේ චීනයේ ඉදිකර ඇති එතුමන්ගේ විශාල ප්‍රතිමා

චීන්නු ඇයි දමිලයෙක්ට මේ තරම් ගරු බුහුමන් දක්වන්නේ . අද චීනය ලෝකයේ දියුණුම රටක් ඒ තත්වයට පත්වීමට ධර්මබෝධි දායකත්වය බලපානවා යැයි ඔවුන් සිතනවා..

සෙන් දහම චීනයට ඉගැන්වුයේ ඔහුයි .. සෙන් දහම ව්‍යාප්ත කිරීමට චීනයට වැඩම කල ඔහුගෙන් චීන ජාතිකයන් ඉගෙන ගත්තේ සෙන් දහම පමණක්ම නොව.. ෆෙන්ෂුයි, වෙදකම , සටන්කලාව , ඒ අතරිනුත් චීන සටන් යනුවෙන් හදුන්වන කුංෆු සටන් කලාව ප්‍රමුක ස්ථානයක් ගන්නවා.

මේ සම්බන්ධව විස්තර තිබෙනවා දමිල චිත්‍ර පටයක්වන 7 Aum Arivu (2011) කියන චිත්‍ර පටයෙ.. මුල් කොටස් කිහිපයේ . එහෙත් මේ ලියන්නේ චිත්‍රපට කතාව නොව . ඔහු සම්බන්දයෙන් සෙවූ තොරතුරු වල සත්‍ය යැයි හැගුනු  තොරතුරු පමණි .

ඉන්දියාවේ මදුරාසියෙ ප්‍රාදේශීය  රජෙකුගේ  3 වෙනි පුතා  විදිහටය "බෝධිතර “ “ කුමාරයා මෙලොව එලිය දකිනවා  වයස අවුරුදු හතක  කාලෙදිම බෝධිතර   කුමාරයා බුදුදහම ගැන පැහැදෙනවා.

"
බෝධිධර්මවිදිහට ප්‍රක්ඥතර   කියන ගුරුවරයා යටතේ බුදුදහම හදාරන්න පෙලඹෙන්නෙ ඒනිසාමයි.
ප්‍රක්ඥතර මේ බලවත් පිංවත් කුමාරය ගැන පෙරනිමිත්තක් දකිනවා තමයි කවදහරි මේ කුමාරය මුළු චීනයේ ම වැදුම් පිදුම් ලබන තැනකට එනව කියන එක

 
රජකුමාරයෙක් විදිහට මොහු සටන් කලාව වගේම වෙදකම ඉතාමත් දක්ශ විදිහට ප්‍රගුණ කරනවා
 තමන්ගෙ ගුරුවරයාගෙ මරණින් පස්සෙ බෝධිධර්ම චීනෙට යන්න පිටත්වෙනවා.ගුරු වරයාගේ අවසන් ඉල්ලීම ලෙස චීනයේ ධර්මය ප්‍රචාරය කිරීමට  
 
ක්‍රි..525 දී  පමණ  හිමිනමක් වූ උන්වහන්සේ සෙන් දහම ඉගැන්වීමට චීනයට වැඩම කරනවා   (පාගමනින් හෝ මුහුදු  ගමනකින් ගිය  බව යම් තැන් වල සදහන් වුවත් , ඒම අවදියේ දමිළ රජවරුන් අසුන් පිට ගමන් කල බැවින් අසුන්  යොදාගත් බව සිතිය හැක ) ඉන්දියාවෙ ඉඳත් චීනෙට යන එක ඉතා අමාරු දුශ්කර වගේම අවදානම් ගමනක් උනා.

වසර කිහිපයක ගමනකින් පසු අවසානයේ උන්වහන්සේ අහම්බෙන්  හොනාන් පළාතේ ආරාමයකට වැඩම කරනවා. එවකට චීනයේ යම් තරමක සෙන් දහම තිබුනත් ඔවුන් නිවැරදි වත් පිළිවෙත් දැනගෙන සිටියේ නැහැ .. 

බෝධි ධර්මයන් ඔවුන් වෙත ආවත් ඔවුන් ඔහුව පිළිගන්නේ නැහැ.. ඔහුව පලවා හරිනවා. ඒම කාලයේ ඒ ප්‍රදේශයට වසංගත රෝගයක් ඇවිත් සිය ගණනක් මිනිසුන් මියැදෙන්න පටන් ගන්නවා.. මේ මොහොතේ බෝධිධර්මයන් නැවත පැමිණෙනවා . අති දක්‍ෂ වද්‍යා වරයෙක් වූ මොහු ඒ මොහොතේ ඔවුන්ට පිහිට වෙනවා .
මරණය දකිමින් සිටි දහස් ගණන් මිනිසුන් ඔහුගේ වෙද කමින් බේර ගන්නවා.. අදටත් චීනයේ පාරම්පරික වෙදකම ලෙස සලකන්නේ මොහුගෙන් උගත් සාස්තරයේ කොටස් බව සැලකෙනවා..

එතැන් පටන් මොහු කෙරෙහි පැහැදෙන චීන ජනයා , මොහුගෙන් සෙන් දහම , වෙද කම වගේම , කෙම් ක්‍රම , යෝග ක්‍රම යන නොයෙකුත් දේ  මොහුගෙන් ප්‍රගුණ කරනවා.. 

ඇති දක්‍ෂ සටන් කරුවකු වන බෝදිධර්මයන්ට භාවනා ක්‍රම මගින් ලබාගත්  විස්වාස කල නොහැකි විශාල බලයක් තිබු බව පැවසෙනවා  , තව කෙනෙක්ගේ මනස පාලනය කිරීමේ හැකියාව , අග්නි , වායු , සහ  සොබාදහම  ඔහුගේ බලයට නතු කිරීමේ හැකියාව වැනි විශේෂ හැකියාවන් ඔහුට තිබී තියෙනවා . 

වරින් වර ඔහු සිටි ප්‍රදේශයට එල්ලවූ බලවත් සතුරු ප්‍රහාර වලදී .. තනිවම සටන් කර චීන ගම්මානය බේරාගත් බෝධිධරයන්ගෙන් ඒම අපුරු සටන් කලාව ඔවුන්ටත් උගන්වන ලෙස චීනයේ ජනතාව ඉල්ලා සිටිනවා...
එතැන් සිට  ධර්මය උගන්වන ගමන්ම භාවනාවත් යෝගක්‍රම  සහ සටන් ආරාමය තුලම උගැන්වීම ඇරබෙනවා..


 කවුරුත් දන්නා ශාඔලින් ආරම වල මුල් ආරම්භය සිදුවන්නේ එලෙසයි .. අදටත් චීනයේ දක්‍ෂ සටන් කරුවන් බිහිවන්නේ ශාඔලින් ආරාම තුළිනුයි... කුංෆු සටන් කලාවේ මුලාරම්භය එයයි . ශාඔලින් ආරාම වල භික්ෂූන් අදටත් බෝධිදර්ම හිමියන්ට වන්දනාමාන කරනවා..
මොහු වසර එකසිය පනහක් පමන කාලයක් ජීවත්වූ බව පැවසෙනවා . අවසන් කාලයේ නැවතත් බෝධිදර්මයන්ට තම මවු රටට යාමට ආසාවක් ඇතිවෙනවා .. ඒ බව  ඔහු  ආරම මුලිකයන්ට පවසනවා . ඒත් ඔවුන් එයට කැමැති වෙන්නේ නැහැ.. 

මේ අසම සම පුද්ගලයා පැමිණි පසු තම රටේ සිදුවූ අසම සම වෙනස ගැන සිතු මොවුන් . ඒය බෝධිධර්මයන්ගේ විශේෂ බලයක් නිසා සිදුවූ බව විස්වාස කරනවා.. කවදා හෝ බෝධි  ධර්ම මිය ගිය පසු ඔහුගේ දේහය චීනයේම මිහිදන් කලොත් ඒ බලය දිගටම චීනයේ තියේවි යැයි ඔවුන් සිතනවා .. 

එබැවින් ඔවුන් බෝධිධර්ම භික්ෂුවගේ ආහාරයට   විෂ මිශ්‍ර  කර පිළිගන්වනවා.. එහෙත් බෝධිධර්මයන්ට තේරෙනවා ඒම ආහාරවලට විෂමිශ්‍ර කර ඇති බව.. ඔහු කිසිත් නොකියා ඒම ආහාරය පිලිගන්නවා.. අවසානයේ ඔහු මියගිය පසු ඔහුගේ දේහය චිනයේම මිහිදන් කරනවා..

අදටත් චීන වැසියන් බෝධිධර්ම භික්ෂුව දේවත්වයෙන් අදහනවා.. චීනයේ බොහෝ ආරාම වල ඔහුගේ විශාල ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා...
 

31 comments:

  1. හ්ම්ම්..සහෝ..සටන් කලාව නම් ඇත්තටම නියමයි!මමත් ගොඩක් ආසයි..ඒ නිසාම ටික කාලයක් කරාටෙත් හැදෑරුවා..:)

    අනගි ලිපියක්!
    ජය!

    ReplyDelete
    Replies
    1. ෂා නියමයිනේ හිරු ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා...

      Delete
  2. මම ඔකේ ෆිල්ම් එකක් බැලුවා බං දෙමළ
    අනේ මන්දා තමන්ගේ රටේ දේවල් ඒ රටේ උන්ට වටින්නේ නැහැ කොයි රටටත් ඒක පොදුයි.

    ReplyDelete
    Replies
    1. මමත් ඒක බැලුවා ඊට පස්සේ තමයි .. මේ ගැන ටිකක් හොයලා බලන්න ආසාවක් ආවේ.. ෆිල්ම් එකත් ලස්සනයි..

      Delete
  3. නම අහලා තිබුනට දැනගෙන හිටියේ නැති විස්තර ටිකක් ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ..පොත පත ඇසුරින්

      Delete
  4. ඇත්තටම වැදගත් විස්තරයක්........

    ReplyDelete
  5. වැදගත් කරුණු ගොඩක්..හැබැයි ෂූට්ටක් මේ තොරතුරු හොයා ගත්තේ මොන මොන තැන් වලින්ද කියලත් අවසානෙට පුංචිම හරි සටහනක් දාන්න..මොකද වැරදිලාවත් චීනෙත් එක්ක ඔරොප්පුවට ඉන්දියාවෙන් හදපු කතාවක් උනොත් බඩුම තමා... මොකද ඉන්දියානුවෝ උන්ට ගහන්න බැරි උන්ට ෆිල්ම් වලින් හරි ගහන උන්..අර රම්බෝ කාරයා වියට්නාමේ වැඩ පෙන්නන්නේ ආන්න ඒ වගේ...කොහොම උනත් වැඩේ හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ කතාවත් ඇත්ත තමයි ..wikipedia වෙනුත් ගොඩක් තොරතුරු ගත්තා මම.. ස්තුති ඔබේ දැනුවත් කිරීමට .http://en.wikipedia.org/wiki/Bodhidharma

      Delete
  6. ඇඩෝව් වැඩිය සද්දෙ දාන්න එපා දත් නැතුවකන්න තමයි හරිය... ;)
    ඒ කාලෙ තරුවත් කරාටේ ක්ලාස් ගියා නොවැ..ඒ අතීතෙ මතක උනා..එළ ඈ..

    ReplyDelete
    Replies
    1. හොදා..හොදා... ගොඩක් ගුටි කැවද ඉතිං ඒ කාලේ

      Delete
  7. ඔය දමිල කතාව සමිපුර්ණයෙන්ම බැලුවානමි ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා මට.

    1). ඔය චිත්‍රපටයේ ප්‍රධාන නලුවා වන සුර්යා කියනවා දමිල ජාතියට මුලින්ම මැලේසියාවෙිදි ගැහුවා. දෙවැනීයට ලංකාවෙිදි ගහලා එලවලා දැමිමා. අපි දමිල ජාතියක් හැටියට නැගී එන්න ඔින කියලා.

    2). මෙි චිත්‍රපටයේදි බෝධිධර්මන්ව නැවත එයාලා පනගන්වනවා. මොකද චීනයෙන් ඉන්දියාවට එල්ල කරන වෛයිරස් ප්‍රහාරයකින් ඒ මිනිස්සු ගලවගන්න. එතැනදි පැහැදිලිව කියන කතාව තමයි ඉන්දියාව කවදාවත් චීනයට යටත් කරන්නත් බැහැ වගේම යටත් වෙන්නෙත් නැහැ කියන එක.

    මෙි චිත්‍රපටය නිෂ්පාදනය කරපු අය මෙකෙන් බලාපොරොත්තු උනේ බෝධිධර්මන් චරිතය ඉස්මතු කරලා පෙන්වන එකද ? නැත්නමි ආසියාවෙි බලවතුන් හැටියට අපියි රජා කියලා පුහු ජාතිවාදය අවුස්සලා පෙන්වන එකද කියන එකයි මට අහන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නැහැ මේ චිත්‍රපටයෙන් ඉන්දියාවට ඕනේ උනේ බෝධි ධර්ම ගැන කියන්න නෙමේ.. චීනයට ඉන්දියාව පරද්දන්න බැහැ කියන එක ව්‍යංගාර්ථයෙන් කියන්න ඕනේ උන එක...
      චිත්‍රපටයේ කතාවේ මුල් කොටසට බෝධි ධර්ම කථාව යෝදාගත්තට ඊට යටින් යන්නේ වෙන කථාවක්.. ඉන්දියාව සහ චීනය අතර තරගයක්..

      ඇත්ත කථාවනම් දමිල ජාතිකයෙක් උනත් බෝධිධර්ම භික්ෂුවට නිසි ගෞරවය ලබාදෙන්නේ දමිළයන් නොව චීන ජනතාවයි ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඉන්දියාව චීනය එක්ක 1960 යුධ වැදිල තියෙයි.. ඉන්දියාව පාකිස්ථාන එක්කත් යුධ වැදිලා තියෙයි.. ඒ දෙමළ චිත්‍රපට් හොඩක් දුර චොදනා කරන හැටි.. ලෝකයේ දේශපාලනය ගත්තාම චීනය බලවත් රටක්.. ලෝකයේ යුද වියදම් දරන දෙවෙනි රට චීනය.. අපේ රටේ මව් රට ඉන්දියාව වුනාට ඉන්දියාවේ බලපැම තාම තියෙයි.. ඉන්දියාවේ රහස් ඔත්තු සේවය වන රෝ මගින් ලංකාවේ l.t.t.e එකට යුද පුහුනුව ලබා දිලා තියෙයි...
      දෙමල හින්දි තෙලුගු චිත්‍ර පටි වලින් ගොඩක් ඉන්දිය හැගිම් ඇති කරනවා..

      Delete
  8. I wached Bodidharma movie- 7 am arivu, untill that I've nver known about this person..i too anm interest about him after waching that movie. so interesting. nice post !

    ReplyDelete
  9. මේ ගැන තව ටිකක් හොයලා බලන්න ඕනෙ ජාලේ පීරලා!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් තොරතුරු තියෙනවා ජාලයේ

      Delete
  10. ෆිල්ම් එකක් වගේ තමා..

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක දැකල තමයි ටිකක් තොරතුරු හෙව්වේ..

      Delete
  11. චමි බොහොම වැදගත් ලිපියක් නොවැ දිගටම ලියාගෙන යන්න හරවත් ලිපියක්

    ReplyDelete
  12. අද තමයි මේ කතාව ඇහුවේ,

    ReplyDelete
  13. අද නේ මේ කතාව ඇහුවේ.

    ReplyDelete
  14. ඒලාම් අරිවු (දෙමළෙන් 7 ට කියන්නෙ ඒලු කියලානෙ ) දමිළ චිත්‍රපටිය බැලුවට පස්සෙ මමත් මේ ගැන හෙව්වා. කියලා තියෙන ඒවා ඇත්ත තමයි..

    ඒලාම් අරිවු 7th Senseකියන එකටයි.

    - සෙන්පති

    ReplyDelete
    Replies
    1. මමත් .. ඒ චිත්‍ර පටයේ මුල් කොටස් ටිකට සහ අවසානම සටන් ජවනිකාවට මම හරි කැමැතියි .

      Delete
  15. බෝධි ධර්ම භික්ෂුව ගැන කවර කතාද? ලෝකෙම ප්‍රසිද්ද බෞද්ධ ධර්ෂණය ලොවට වදාළ බුදු රජාණන් වහන්සේත් ඉන්දියානුවෙක් බව දන්නේ ඉන්දියානුවන් අතරින් කීයෙන් කීදෙනාද?

    වැදගත් ලිපියක් ලියල තියෙන්නේ..ජය!!!

    ReplyDelete
    Replies
    1. ඒ කථාවත් ඇත්ත තමයි.. බලාගෙන යනකොට.

      Delete
  16. බුදුන් වහන්සේ ඉපදුනේ සහ ජීවත්වුනේ ලංකාවේ කීවොත් කවුරුත් ඒක පිළිගන්නේ නැද්ද?

    ReplyDelete
  17. එහම පිළිගන්න තරම සාක්‍ෂි නැහැ නේද?

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...