චමී දෙකේ පන්තියෙන් තුනේ පංතියට පාස් උන අලුත . පාසලේ ගුරුවරු කලේ ඒ .බි .සි .ඩ්.,, කියලා තිබුණු පංති හතරේ ළමුන්ව කලවම් කර වෙනම පංති හතරක් හදපු එකයි , එහෙම කරන්න ඇත්තේ හැම පන්තියකම සිටින ළමුන් අතර දැන හැදුනුම් කම එකමුතුව වර්ධණය කරන්න වෙන්න ඇති.. නමුත් එකෙන් අමාරුවේ වැටුනේ මාය.. මොකද එතෙක් මා සමග සිටි යාළුවො එකෙක්වත් මම සිටි අලුත් පංතියටම වැටුනේ නැත , එත් කම් නැත පංති භාර ගුරුවරිය ලෙස ලැබුනේ කළු මහත සැර පරුෂ ගුරුවරියෙකි.
මොනවා කරන්නද දෙනදේ භාර ගන්න එපැයි කියලා හිතාගෙන අන්තිම පේලියේ කොනේම තියෙන ඩේස් එකට ගිහින් වාඩිවෙලා වතුර බෝතලේ පුටුවේ එල්ලලා එහෙම මුලින්ම කරපු වැඩේ පැන්සල් පෙට්ටියෙන් පැන්සල අරගෙන ඩේස් එකේ කොනක පුංචි අකුරින් මගේ නම ලියපු එකයි. අද ඉදලා මගේ අලුත් වාසස්ථානය මෙතැනයි
එහෙම හිතාගෙන වැඩි වෙලාවක් නම් ඉන්න ලැබුනේ නැත , පුටුවකුත් පෙරලගෙන කලබලේ වගේ ආව කොල්ලෙක් මට එහා පැත්තේ ඩේස් එකට බැග් එක විසිකරලා මගේ එහා පැත්තේ පුටුවෙම වාඩි උනා . පෙනුමින් අනිත් අයට වඩා උස මහතවූ මේ කොල්ලා එක්ක මම හිනහ උනත් ඌ මගේ දිහා රවලා බලපු නිසා මම ආයෙත් ඌ දිහා බලන්නවත් ගියේ නැත...
මෙන්න මෙහෙම දවස් කිහිපයක් යනකොට තමයි මට සෙල්ලම තේරෙන්න ගත්තේ.. පංතියේ කරන හැම වැඩක්ම මේ කොල්ලත් කලේ මම කරන විදියටමයි.. ටීචර් ගානක් හදන්න දුන්නත් මු මගේ පොතට එබීගෙන මගේ එකම කොපි කරගෙන ලියාගන්නවා, සමාන පද යා කරන්න දුන්නත් එහෙම්මමයි..
කතා නොකර හිටියත් ටීචර්ට පොත් පෙන්නන්න යන වෙලාවට මේ කොල්ලා මාත් එක්ක කථා කරනවා ,
“ මේ මම පොත දීලා එනකන් ඔයා යන්න එපා.. ඔයා මට පස්සේ ටීචර්ට පොත පෙන්නන්න යන්න”
එකනම් තර්ජනයක්ද කොහෙද.. එත් මොනවා කරන්නද මුගේ තියෙන මරුමුස් පෙනුමට මමත් සද්ද වහලා ඉදලා , පහුවෙලා ගිහින් පොත පෙන්නනවා..
ඒ ටීචර් පොත් බැලුවෙත් ටිකක් වෙනස් විදියට. ළමයි පොත් ගෙනෙන පිලිවලට අඩුක් කරගෙන මුල ඉදන් ගෙනාව පිළිවෙලට පොත් පරික්ෂා කරලා පොතේ තියෙන නම කථා කරලා ලගට ආවම හරි වැරදි කියල ආයෙත් පොත් දෙනවා එහෙම තමයි කලේ..
හොදම සෙල්ලම වෙන්නේ අපිට රචනා ලියන්න පවරන දවස් වලට.. කොහොමත් මම ඒ දවස්වල රචනා ලියන්න ආසයි , පංතියේ ඉන්න අනිත් ළමයින්ට වඩා ඉක්මනින් නිවැරදිව රචනා ලියලා ඉවර කිරීමේ හැකියාවක් මට තිබුනා...
එත් සෙල්ලම ඒක නෙමේ. මම රචනාවේ ලියන අකුරක් අකුරක් ගානේ මගේ පොතට එබී එබී මේ කොල්ලත් පොතේ ලියාගන්න ඒක.. මට අකුරක් වැරදිලා මැකුවොත් මූත් මකනේ අරගෙන මකනවා.. මට වැරදිලා පැන්සලෙන් ඉරක් අදුනොත් මූත් ඒ විදියටම ඉරක් ඇදගන්නවා.. කොහොමද කොල්ලගේ තරම.. එහෙම කරලත් අර සුපුරුදු වාක්ය අන්තිමේදී දානවා ..
“ මේ මම පොත තිබ්බට පස්සේ තමයි ඔයා පොත ගිනිහින් තියන්න ඕනේ හරිද ..”
ඔහොම දවසක් දෙකක් යනකොට .අපි රචනා ලියපු දවසක ටීචර් ළමයි ඔක්කොටම අවවාදයක් දුන්නා .
ළමයි තමුන් තනියම වැඩ කරගන්නේ නැතුව . අනිත් අයගේ පොත් වලින් කොපි කරලා එහෙම ලියලා මට අහුවෙන්න එපා . තනියම ලියන්න දන්නේ නැත්නම් මගෙන් අහන්න ඕනේ.. මෙතන එකම විදියේ රචනාත් තියෙනවා ආයේ මේ විදියේ වැඩ කරලා කව්රුත් මට අහුවෙන්න එහෙම එපා... එහෙම කියල මගේ දිහත් බලල
"තේරුනාද චමී.... කිව්වා...
එතකොට තමයි මට හැමදේම තේරෙන්න ගත්තේ .. ටීචර් හිතන්නේ කොපිකැට් කරන්නේ මම කියලද කොහෙද?
"තේරුනා ටීචර්....
කියල මම අර කොල්ලා දිහා බැලුව. මූත් මගේ දිහා බලලා කින්ඩියට වගේ හිනාවක් දැම්ම..
කියල මම අර කොල්ලා දිහා බැලුව. මූත් මගේ දිහා බලලා කින්ඩියට වගේ හිනාවක් දැම්ම..
කොල්ලගේ කපටි වැඩේ මට තේරෙන්න ගත්තේ එතකොටයි ..
මම පොත පෙන්නන්න යනකොට “ මේ මම පොත තිබ්බට පස්සේ තමයි ඔයා පොත ගිනිහින් තියන්න ඕනේ හරිද “.. කියලා මාව නවත්තලා මට ඉස්සෙල්ලා පොත පෙන්නන්න යන්නේ මේකටයි එහෙනම්.. එතකොට ටීචර් පොත් ගෙනෙන පිළිවෙලට අඩුක් කරගෙන බලන නිසා . ටීචර් හිතන්නේ මුලින් ලියන අයගේ පොත් මුලින් තියෙන්නේ කියලා. මගේ පොත අන්තිම හරියේ තියෙන හින්දා එයා හිතන්නේ මුලින් ගෙනාව පොත බලාගෙන මම ලියාගෙන ගෙනාවා කියල.. කොහොමද කොල්ලගේ මොලේ.
මට කොල්ලත් එක්ක ඇතිවුනේ පුදුම තරහක් .. ආයේ රචනාවක් ලියන්න දෙන්නේ නැතා .. එදාට දෙන්නම්කො උබට හොද වැඩක් කියලා හිතාගෙන සද්ද නැතුව හිටියා..
ඔන්න ඔහොම දවසක් දෙකක් තව සුපුරුදු විදියටම ගෙවිලා ගිහින් මම බලාපොරොත්තු වුනු දවස ආවා රචනා ලියන දවසක්... එදා අම්බානකට වැස්ස නිසාද කොහෙද ටීචර් අපිට කිව්වා..
“ළමයි අද ඔක්කොම වැසි දිනක් ගැන ලස්සන රචනයක් ලියන්න කියලා.”
එහෙම කියල ටීචර් සාරිය කොනකින් උස්සගෙන එහා පැත්තේ තියෙන පංතිය පැත්තට දිව්වා වැස්සේම..( අනිත් පන්තියට යන්න අඩි 10 විතර මිදුල් කෑල්ලකින් යන්න ඕනේ. එතනින් යනකොට තෙමෙනවා ) මම ඉතින් ටීචර් යන දිහාත් බලාගෙන ඉදලා රචනාව ලියන්න ගත්තා...
ඔන්න ඉතිං වැසි දිනක් කියලා මාතෘකාව ලොකු අකුරින් ලියලා යටින් ඉරක් ඇන්දා.. මෙන්න බොලේ මගේ එහා පැත්තේ ඉන්න එකත් මම විදියටම වැසිදිනක් කියල ලියලා යටින් ඉරක් ඇදගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.. එතකොටයි මට මතක් උනේ අදනේ මූට ගේමක් දෙන්න හිතාගෙනය උන්නු දවස කියල...
ඔන්න එහෙනම් ලියමු කොලුවෝ රචනා කියලා මමත් ලියන්න පටන් ගත්තා..
වැස්ස දවසට ඉස්කෝලේ එන්න හිතෙන්නේ නැහැ. ගෙදරට වෙලා නිදාගන්නමයි හිතෙන්නේ .. අපේ ටීචර් වැස්ස දවස් වලට සාරිය උස්සගෙන පිස්සුවෙන් වගේ ඉස්කෝලේ පුරා දුවනවා , වැස්සට චු බර හැදෙනවා වැඩි.... ඔන්න ඔහොම මම රචනාවක් ලියනවා.. අපිට එතකොට වයස අවුරුදු 7 ක විතර උනාට මම 7+ ඒවත් ලිව්වා.. ගොඩක්ම ලිව්වේ ටීචර්ට තරහා යයි කියලා හිතෙන විදියේ එව්වා...
ඔන්න මම මෙහෙම ලියනකොට.. එහා පැත්තේ ඉන්න කොලුවත් අකුරෙන් අකුර බල බල.. තමන්ගේ පොතේ මගේ රචනය පිටපත් කරගන්නවා.. එයාට එහෙම බල බල අකුරු අදින්න පුදුම හැකියාවක් තිබුනේ හරි ඉක්මන් ඒ වෙලාවට..
එත් ඒ ලියවෙන වචනවල තේරුම හිතට ගන්නේ නැහැ.. දවස් කිහිපයක අත්දැකීම් තියෙන නිසා මමත් බය නැතුව රචනය ලියාගෙන ලියාගෙන ගියා.. දැන් කොලුවත් මට දෙවෙනි නැහැ ඒ ඉක්මනටම එයත් ලියනවා . මම අකුරක් වැරදිලා මැකුවම එයත් මකනවා.. අයේ ලියනකොට ආයෙමත් ලියනවා...ඒ වෙලාවට බලාන ඉන්න ආසයි අකුරෙන් අකුර හරිම කඩිසර විදියට පොතේ පිටපත් කරගන්නා අපුරුව ..
ඔන්න අපේ ටීචර් ආයෙත් පංතියට එනකොට අපි ලියලා ඉවරයි.. කොල්ලා අර පරන වාක්ය ආයෙත් මට කිව්වා..
“ මේ මම පොත තිබ්බට පස්සේ තමයි ඔයා පොත ගිනිහින් තියන්න ඕනේ හරිද ..”
එහෙම කියල පළවෙනියට දෙවෙනියට වගේ මෙයා පොත තියලා එන අතරේ . මම ලියපු කොලේ කඩලා සාක්කුවේ දාගෙන ..
අලුතින් ආයෙත් රචනයක් ලියන්න ගත්තා.. කොල්ලා ඇවිත් බලනවා මම තවම ලියනවා..
“ ඔයා මොකද මේ තවත් ලියන්නේ “
“මගේ අතින් පැන්සල් ඉරක් ඇදිලා මකන්න ගිහින් කොලේ ඉරුනා...
“හ්ම්ම් “
මම ඉතිං පුළුවන් තරම් ඉක්මනට අලුතින් රචනයක් ලියලා , අරගෙන දිව්වා ඒ දවස් වල රචනා ලියන්නෙ පිටු බාගෙකට ටිකක් වැඩි වෙන්න නිසාත් මට ඉක්මනින් ලියන්න පුළුවන් නිසාත් අවුලක් උනේම නැහැ..
එත් කොල්ලගේ මුන ටිකක් හෙද නැහැ මගේ දිහා නිකන් සැකෙන් වගෙත් බලනවා.. මූට මොකක් හරි අවුලක් කියලා තේරෙන්න ඇති..
ටිචර් පොත් පරික්ෂා කරන්න ගත්තා.. දැන් පොත් එක දෙක ළමයින්ට දෙනවා නම් කතාකරලා හරි වැරදි පෙන්නලා දීලා එහෙම.. මේ අතරේ මම බලාගෙන ඉන්නවා කොයි වෙලේද මේ කොල්ලගේ පොත බලන්නේ කියල.. අදනම් ටිචර්ගෙන් හොදවයින් දෙකක් අහ ගන්නේ නැතෑ කොපි කරනවට හොද වැඩේ කියලා හිතාගෙන..
මේ අතර ටීචර්.
“මධුර කවුද මධුර මෙහෙ එනවා .........”
කොල්ලත් ඉක්මනට නැගිටලා ටීචර් ගාවට ගිහින් හිටගත්තා ...
“මොනවද මනුස්සයෝ මේ ලියලා තියෙන විකාර ..ඈ....
එහෙම කියලා මම බලාපොරොත්තු නොවුනු විදියට කොල්ලට පොතෙන්ම පාරවල් දෙක තුනක් ගහගෙන ගහගෙන ගියා. අතිනුත් පිට හරහා පාරක් ගහලා ගිහින් ඉදගන්න කිව්වා..
දැන් කාලේ වගේ එහෙම ළමයින්ට ගැහුවනම් දෙමව්පියෝ පොලිසි යයි.. එහෙම නැත්නම් මග රැකගෙන ඉදලා ගුරුවරයාගේ අතක් පයක් කඩලා දාවී.. එත් ඒ කාලේ එහෙම නැහැදෙමව්පියෝ විසින් ළමුන්ට ගහලා තරවටු කරලා හරි මාර්ගේ පෙන්වන්න ගුරුවරුන්ට පුර්ණ අයිතිය දීලයි තිබුනේ...
මෙන්න දැන් මේ කොල්ල මගේ ලග පුටුවේ ඉදගෙන බෙරිහන් දීලා අඩනවා . මටත් දැන් හරි දුකයි වෙච්ච වැඩේට තරහට ටීචර්ට කියල බන්නන්න හිතාගෙන එහෙම කලාට මෙහෙම ගහයි කියලා මම හිතුවේ නැහැනේ..
ඉතින් මම හිතාගත්තා . අයේ මූ කොපි කලාට කමක් නැහැ කියල.. ඒ වගේම මම මෙයාට ඉකොලේ වැඩ වලට උදව් කරනවා , දන්නේ නැති දෙයක් කියල දෙනවා යාලුවෙක් කරගන්නවා කියලත් හිතුවා..
එත් ...............’’
\/
\/
\/
පාසල ඇරිලා යන දෙවැට පාරේ රැකගෙන සිටි කොල්ලා විසින් මගේ කිරි දන්ත දාතුන් වහන්සේ නමක් බිමට වැඩම්මවීමේ අනිසංසේ හේතුකරගෙන මම එම භාරදූර වියාපෘතිය අතහැර දැමුවා !!!!!!
කල හොඳ පස්සෙන් ආවෙයි?
ReplyDeleteමම හොදක් කරන්න හිතාගෙන ඉන්නකොට . දතක් ගැලෙව්වා නෙවැ...
Deleteහෙහ්... මරු ගේමක්නෙ උඹ දීලා තියෙන්නෙ..
ReplyDeleteඅපිවත් ඔහොම කලවම් කලා.. හත වසරෙදි.. මගෙත් යාලුවො සෙට් එකම වෙන පන්තියක .. මම විතරක් වෙන පන්තියක.. පස්සෙ මම බලෙන්ම ගිහින් අර පන්තියෙ වාඩි වුනා.. උද්ඝෝෂණය සාර්ථකයි.. ඒ පන්තියෙ රෙජිස්ටරේට මගේ නම ඇතුල් වුනා..
ඒ ඉස්කෝලෙම හයේදි මටත් ඕකම වුනා. උද්ඝෝෂණය කරලානම් නෙමෙයි පන්ති කඩලා දාපු කොළේ ටීචර්ලා නැති කරගෙන. පන්තිවලට දාන දවසෙ මම ඉස්කෝලෙ ගිහින් නෑ. මමත් ගිහින් සෙට් එක එක්කම වාඩි වුනා. අන්තිමට ප.භා. ටීචර්ලා අතර ගොරිය කලින් අවුරුද්දෙ එක වෙච්ච එවුන් බෙදාගන්න බැරිව. පුතා ඔයා මගෙ පන්තියෙ කිය කිය මට අඬගහනවා. මම නෙමෙයි සෙට් එක දාලා ගියෙ.
Deleteමට තමයි මාර වැඩේ උනේ.. එකට හිටිය උන් එකෙක්වත් මගේ පංතියට වැටුනේ නැහැ . මට පංතියෙන් යාලුවෙක් හොයාගන්න ගොඩ කාලයක් ගියා..අවුරුද්ද අවසාන වෙනකොට අළුත් යාළුවො ගොඩයි එතකොට පරණ උන්ව මතකත් නැහැ..
Delete"අකුරු අදින්න" නියමම කතාව :D
ReplyDeleteහ්ම්ම් එකේ ඇත්තක් තියෙනවා බං. ඔය මම කියපු කොලුවාට මොකක් හරි අවුලක් තිබුනා අකුරුත් එක්ක 8 වසරෙන් පස්සේ වගේ ඉස්කෝලේ එන ඒක නතර කළා.. ඒ වෙනකනුත් අකුරු මතක තියාගන්න බැරි අවුලක් තිබුනා . එත් ක්රීඩා වලටනම් හරි දක්ෂයි
Deleteඇඩෙනව බං..
ReplyDeleteඅඩන්න එපා බං
Deleteඑළකිරි පරිප්පුව උඹ ඌට දුන්නේ.
ReplyDeleteඋඹට ගැහුවට රිටන් එකක් දුන්නේ නැද්ද
උඹව ආසරය කරන එක පරිස්සමින් කරන්න ඔන වගේ
යටිකූට්ටු හීංනූල් චමීයා
ඒ කාලේ අපි ඌට බයයි බං . එදවස් වල ඌ හැමදාම කාට හරි කොල්ලෙක්ට අල්ලාගෙන නෙලනවා .
Deleteඉතිං බං මම එහෙම හින්නුලෙන් ගේමක් දුන්නේ නැත්නම් ටීචර් මට ගේම දෙන්නනේ ගියේ කොපි කරන්නේ මම කියලා හිතාගෙන..හික්
අන්න මම ආසම ජාතියෙ පෝස්ට් එක චමියෝ. දතක් නැති වුනත් උම කරපු වැඩේ නම් පට්ටයි. තව නැද්ද මේවගෙ කතා?
ReplyDeletehenryblogwalker the Dude
හ්ම්ම්.. තව තියෙනවා ., ඔය කාලේ ගහ ගන්න එකම තමයි වැඩේ ..
Deleteමේ කතාවත් ටිකක් මම ලියපු " යාළුවගේ කෙල්ලට ලියුමක් ලියුහැටි " එකට සමානයි..
උඹ දැන් කෙල්ලන්ට පේන්න හිනාවෙන්න එපා කට ඇරගෙන.දතක් නැහැනේ
ReplyDeleteඅයියෝ දත
මොනා වුනත් එල වැඩේ කරලා තියෙන්නේ.
හි.හි. කොහොමද මගේ ටිකිරි මොලේ ..
Deleteඔයාගේ මේ පොස්ට් එකෙන් මම කරපු මේ වගේ වැඩක් ගැන මතක් වුනා. හැබැයි ජොබ් කරනකොට. පස්සේ දවසක දාන්නම්.
ReplyDeleteහ්ම්ම්.. මගේ තවත් මේ වගේම එකක් තියෙනවා ජොබ් කරන කාලේ එකක්.. ඒක ලියන්න හිතෙන්නේ නැහැ වගේ.. සෑම් ගේ එකක කමෙන්ට් එකක් විදියටනම් පුංචියට දැම්ම ඒක..
Deleteඔයාගේ ඒක දාන්නකෝ බලන්න පස්සේ දවසක.
මූ මහ නූල් සූත්තර කාරය.....
ReplyDeleteකොහොම උනත් මරු රිටර්න් එක
හි ..හි.. එකනේ
Deleteහෙකිස්....පවු වැඩේ ඈ..
ReplyDeleteහ්ම්ම් පව් කියල හිතුනා පස්සේ.. හිකිස්
Deleteෂෝයි කතාව අනේ.. :) පව් ඔයා සහෝ..අරය නම් මහා නපුරෙක්..ඇත්තටම කොපි කරත් ඔහොම කරන සිරිතක් තියනවද ආ..ඔය සිද්ධියෙන් පස්සේවත් අරයා තනියම රචනා ලිව්වද? :)
ReplyDeleteමොන පිස්සුද අනේ..ලිව්වේ නැහැ.
Deleteකොලුවාට මොකක් හරි අවුලක් තිබුනා අකුරුත් එක්ක 8 වසරෙන් පස්සේ වගේ ඉස්කෝලේ එන ඒක නතර කළා.. ඒ වෙනකනුත් අකුරු මතක තියාගන්න බැරි අවුලක් තිබුනා (ගුරුවරු නිදහස දීලා තිබුනේ වැඩිය උගන්නන්න පැන්නුවේ නැහැ )
haiyo.....madai ayyata una wadak. :)
ReplyDeleteඒකනේ මල්ලි ..
Deleteඅඩේ එළ කථාව.. ඔය වගේ සිද්ධියක් මටත් මතකයි.. එතකොට මම 7 වසරේ... සිංහල ගෙදර වැඩ දිපු දවසෙම ගුරැවරයෙක් නැති පීරියඩ් එකකදි සිරා කරලා ඉවර වුනාම.. අපේ පන්තියෙ නසරාණියෙක් ආපු නැනි දවසක ඒවා ලියාගන්න කියලා පොත උගෙ ගෙදර අරන් ගියා...පහුවදාට මගෙන් ඉල්ලගත්ත පොත ගෙදර දාලා ඇවිල්ලා ඒ උනාට උගෙ සිංහල පොත අරන් ඇවිත්... මටත් මතක නෑ පොත ඌ අරන් ගියා කියලා... ඔන්න එදා සිංහල පාඩම පටන් ගත්තෙ ගෙදර වැඩ බලලා...මම කිව්වා වැඩ කලා පොත ගෙදර දාලා ඇවිල්ලා කියලා.. ටීචර්ගෙන් ලැබුනා බැස්ටිය බොරැ කියනවා කියලා... ඊට පස්සෙ මම මුල ඉදන් මොකද පොතට වුනේ කියලා කල්පනා කරන කොට සිද්ධිය මීටර් වුනා.. පහුවදා අරෑ මට පොත ආපහු දෙනකොට දුන්නා උගෙ කන රත්වෙන්න එකක්... එදායින් පස්සෙ අපේ පන්තියෙ එකෙක්වත් මගෙන් පොත් ඉල්ලන්න ආවෙ නෑ...
ReplyDeleteඅප්පට සිරි උබ චන්ඩියා වගේ ඉන්න ඇති එහෙනම් ඉස්කෝලේ ..හිකිස්
Deleteඑල. අන්න ගේමට ගේම දෙන විදිය.
ReplyDeleteහ්ම්ම් ඔව් ඔව්..
Deleteඅප්පට සිලි ගහල නෙ........හික්ස්....!!!
ReplyDeleteඕව් අප්පා...
ReplyDeleteayyo.....chami ayye mama nangiyek ane.....araliya kiyala pirimi lamainuth innawado.......
ReplyDeleteඅනේ සොරි නංගි මම හිතුවේ මල්ලියෙක් කියලා..
Deleteඇඩෝව් මටත් කතාවක් මතක් උනා . පස්සේ දාන්න ඕන.
ReplyDeleteහොදා..හොදා..
Deleteමමත් කරලා තියෙනවා ඒත් පොඩි කාලේ නෙවෙයි 11 වසරේදී. හැම මාසෙකම දෙන පැවරුම් වලට එක කොල්ලෙක් මගෙයි තව එකෙක් අතර වාදී වෙලා අපි දෙන්නගෙන් කොපි කරලා ලියන්නේ. පාඩම් කරපු අපි දෙන්නට වඩා අරුට ලකුණු වැඩි. පස්සේ අපි දෙන්න කතා වෙලා බොරු උත්තර ලියල ඌ පොත බාර දුන්නම අයෙ හරි උත්තර දුන්නා. අරුට මිස් නොන්ඩි කළා පන්තියටම ඇහෙන්න ඒ උත්තර ප්රශ්න වලට කිසි ගැලපීමක් නැහැ.
ReplyDeleteඅන්න නියම වැඩේ ..ඔය තියෙන්නේ මගේ තියරිය ..
ReplyDeleteහික් හික් එළ වැඩේ.. ඒත් පවු හැබැයි කොල්ලගේ ඉරණම.. සිරාවටම දතක් අහිමි වුනෙයි?
ReplyDelete