26 July 2012

අමුතුම ලෝකෙක තප්පර ගානක් නොහොත් ටැබා පවර් .


දුමී කියන්නේ කාලයක් මගෙත් එක්ක එකම ආයථානයක සේවය කල මිතුරෙක්.. එත් මිනිහගේ ඒක දුර්වල කමක් තිබුනා .  ඒක දුර්වල කමක් කියන්නමත් බැහැ . අනං මනං කිසි දෙයක් ගැන වැඩිය හිතන්නේ මතන්නේ නැතිව උපරිම කෙළිලොල් ජිවිතයක් ගත කිරීම. මේකටම හරියන යාළුවො සෙට් එකකුත් හිටියා  මෙයාට...
යාළුවොත් එක්ක සෙට් වුනු වෙලාවට . මේ කාලයේ පාවිච්චි කරන හැම මත් ද්‍රව්‍යක්ම මේ සෙට් එකත් පාවිච්චි කළා..

වර්ගී කරණයක් තිබිලා නැහැ අතට අහුවෙන දන්නා කියන හැම දෙයක්ම අත්හදා බලන මට්ටමේ හිටිය සෙට් එකක්.. 

ඉතිං  දුමියා ඉරිදා දවසට උදේම ගිහින් යාළුවොත් එක්ක සෙට් උනාම ආයේ ගෙදර එන්නේ හොදටම රැ බෝ උනාට පස්සෙලු.. ගොඩක් දවසට හොද සිහියෙනුත් නෙමේලු.  දැන් ටිකෙන් ටික මුගේ මේ අමුතු හැසිරීම ගෙදරටත් චාටර් වගේලු...

ඔන්න ඉතිං තවත් ඒක ඉරිදා දවසක උදේ ඉදලම යාළුවොත් එක්ක සෙට් වෙලා ඉදලා රැ ගෙදර එනකොට ගෙදර කට්ටිය ටිවි බලනවලු. මු ඉක්මනට කාමරේට රිංග  ගත්තලු වැඩි වෙලා ගේ ඇතුලේ  සක්මන් කර කර හිටියොත් ඉතිං බඩු මාට්ටු වෙන්න පුළුවන්නේ කියල හිතාගෙන..

දුමියලගේ ගෙදර තියෙන්නේ කැලණිය පැත්තේ පන්සලක් කිට්ටුවම . කැළණි පන්සල නෙමේ වෙන එකක් . දුමිගේ කාමරේ ජනේලෙන් හරි අපුරුවට පන්සල් වත්තම පෙනෙනවා..

උදේ ඉදලම ඒක ඒක ජාති අත්හදා බලලා ආව දුමියා දැන් ඉන්නේ ටිකක් වෙනස්  තත්වෙකලු දැන්ලු අත්හදාබැලීම් වල පවර් ඒක දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ  හරියටම.. ඕන දෙයක් උනාවේ කියලා හිතාගෙන ඇදෙ හන්සිවෙලා එහෙම සිංදුවක් අහන්න පටන් ගත්තලු... 

දුමී ඒ කාලේ අහන්න ආසම සිංදුව කසුන් කල්හාරගේ “ අනන්තයට යන පාර දිගේ “ කියන සිංදුව  තියෙන සිඩි තැටිය එහෙම හොයාගෙන  සිඩි ප්ලේයර් එකට දාලා සිංදුව අහගෙන ඉන්නවලු දැන් ඇදේ හන්සිවෙලා ඉදගෙන..

අනේ කසුන් කල්හාරත් හරිම ලයාන්විතව කියන මේ ගීතය දුමියා අස්දෙකත් පියාගෙන රසවිදිනවලු..
අනන්තයට යන පාර දිගේ.... අනන්තයට යන පාර දිගේ....
ඇය එනවා පාර්ථනා වේ.. මල්. පොකුරු අරන් සිතල පිණී වැස්සේ..

සිංදුවඉවර  වෙනකන් අහගෙන හිටිය දුමිට දැන් ඒක පාරක් අහලා මදි වගේ හිතිලා තව පාරක් අහන්න හිතාගෙන සිඩි ප්ලේයර් ඒක ලගට ගියාලු .. ඒ තරමටම   සිංදුවට ආස නිසා ආයේ සිංදුව ප්ලේ කරන්න..
එතකොට තමයි දුමී දැකලා තියෙන්නේ සීඩ් ඒක ප්ලෙයර් එකට දැම්මට සීඩ් ඒක ප්ලේ වෙන්න ඔන් කරලා නැති විත්තිය.. මේ වෙනකන් දුමී සිංදුව අහල තියෙන්නේ මනොමයෙන් ඇත්තටම නෙමේ.. හෙක්.. හෙක් .. කොහොමද  මතේ පවර් ඒක..

මේ වෙනකන් මනොමයෙන් අහපු සිංදුව ඇත්තටම ප්ලේ වෙන්න දාල දුමී ආයෙමත් ඇදේ හන්සිවෙලා පන්සල දිහා බලාගෙන ඉන්නවලු.. ඒ වෙලාවට ඉතිං පන්සලත් හරි ලස්සනලු හද එලිය වැටිලා එහෙම හරිම ශාන්ත පාටයිලු...

ඔහොම බලාගෙන ඉන්න අතරේ දුමිට පේනවලු.. පන්සලේ ගින්නක් වගේ.. තවත් හොදට ඇස් ලොකු කරලා බලනකොට .. දෙය්යනේ පන්සල ගිනිගන්නවලු.. දුමිට ඒ වෙලාවේ දරාගන්න බැරි ආවේගයක් ඇවිත්  උදේ හවහා වදින පුදන පන්සල..මේ විදියට ගිනි  අරගෙන විනාශ වෙනවා බලාගෙන ඉන්න පුළුවන් කාටද ... 

දුමී ඇදෙන් බිමට පැන්නලු.. එතකොටම දුමිට මතක් උනාලු කව්ද මන්දන්නේ නැහැ රජ කෙනෙක් කියපු කතාවකුත්.. දිවි හිමියෙන් රට ජාතිය ආගම බේරාගත යුතුය..”  

 දැන් ආවේගය තවත් වැඩිලු.. දිවි හිමියෙන් පන්සල බේරා ගන්න ඕනේ කියලා හිතාගෙන පන්සලපැත්තට  දුවන ගමන් දුමියා ..හතර වටේටම ඇහෙන්න බෙරිහන් දීලා කෑගැහුවලු ..

මෙහෙ වරෝ ..පන්සල ගිනි ගන්නවෝ..’’////

කෑගහගෙන දුවන දුමියා පස්සෙන් දැන් හතර වටේ ගෙවල් වල මිනිස්සුයි.. දුමිලගේ ගෙදර ටිවි බල බල හිටිය අයයි ඔක්කොම එනවලු  දුවගෙන..   පන්සලේ ගින්න නිවන්න..  දුවන ගමන දුමිගේ කෑගැහිල්ල  නතර වෙන්නෙත් නැහැලු 

මෙහෙ වරෝ ..පන්සල ගිනි ගන්නවෝ..’’////

දුමී ඒක එල්ලේම ගින්න දිහා බලාගෙන දුවගෙන ගිහින් නතර උනේ .. පංසලේ පහන් වැට ලගලු...  අනේ පහන් වැට හරි ලස්සනට සුළගට ඒ මේ අතට ලෙල දිදී පත්තු වෙනවලු...
හෙක්..හෙක්.. කොහොමද පවර් ඒක..




කර කියා ගන්න දෙයක් නැතිව පිටි පස්ස හැරිලා බලපු දුමී  දැක්ක දෙයින් සට සට ගාලා වෙව්ලන්න ගත්තලු..  දුමිගේ කෑගැහිල්ලට පස්සෙන් දුවගෙන ආව හත්මුතු පරම්පරාව දත් මිටි කාගෙන දුමිට කිට්ටු වෙන හැටි...
එතනින් එහාට  වෙච්ච දේ ලියන්න ඕනේ වෙන එකක් නැහැ .. පහත පින්තුරය බැලුවම ඒ ගැන වැඩි විස්තර  හිතා ගන්න පුළුවනි..ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ...( පහත රූපය බලන්න )


එදායින්  පසු දුමී සති කිහිපයක් රැකියාවට පැමිණුනේ නැත.. කනේ අභ්‍යන්තරේ ඇතිවී ඇති දරුණු   තුවාල වලට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවූ බව දන්වා ඒවා තිබුණි...තවත් එක් ටැබා ඛේදවාචකයක් ඒ ලෙසින් නිමාවට පත්විය..

51 comments:

  1. :D දුමි එක්ක එකතු වෙලා උඹත් ඕවා පාවිච්චි කරා නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බොල...හෙක් හෙක්..

      Delete
  2. මේ අර......... බ්ලොග් ලියන කට කහන දුමී අයිය ද?

    ReplyDelete
  3. මචන්, අපෙ ඒකෙක් ඔය කියන ඒවා පාවිච්චි කරලා ගෙදර ගිහින් බිත්තිය දිහා බලන් ඉන්නවලු. උන්ගෙ අම්මට ඒක ඒච්චරම ගානක් වෙලා නැ. මූ අම්මට කියලා බත් ඒකක් බෙදා ගෙන ඒන්න කියලා. අම්මා මූට බත් ඒකක් බෙදා ගෙන අැවිල්ලා බලද්දි මූ බිත්තිය බදාගෙන ඉන්නවාලු. අම්මා බය වෙලා මූට අසනීපයක්වත් හැදිලද කියලා. මූ අම්මව දැක්ක ගමන් කිව්වලු, අම්මේ බිත්තිය පෙරලෙන්න යන්නේ. ඔයා දැන් මේක අල්ලගන්න. කෑම කාලා ඉවරවෙලා මම අයෙත් අල්ලගන්නම් කියලා.

    තවත් එකෙක් ගෙදර යද්දි ගෙදර කව්රුවත් ඉදලා නෑ. පස්සෙ ගෙදර කට්ටිය එද්දි මූ සාලේ මැද්දේ සරමේ පොට අල්ලගෙන මොනවද කරනවලූ. එහෙට දුවනවලු මෙහෙට දුවනවලු එක විකාරයයිලු. පස්සේ මූ එක පාරටම ගෙදර කට්ටියව දැකලා කියනවලු, ආවට කමක් නැ වතුරට බහින්න එපා. හුංගො ඉන්නවා. කැගහන්නත් එපා මාලු ටික ගියොත් අල්ලගන්න බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. මරු කථා ටික.. ස්තුතී ඇනෝ...

      Delete
  4. අපෝ මලයෝ උබ නම් ඔවුවා පාවිච්චි කරනවා එහෙම නෙමේ. හරි ද !!!

    ReplyDelete
    Replies
    1. අපෝ මට ඕවා අරහන් අය්යා..

      Delete
  5. මං නම් හිනාවෙලා මැරුණේ නැති ටික විතරයි මේක කියවල,,කාලෙකින් හොඳට හිනා උනේ...ඇනෝගෙ කමෙන්ට් එකත් මරු.මට නම් මැවී මැවී පෙනුනා ........නියමා.................යි සහෝ...:)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං හිරු.. උන් කරන විකාර වැඩ .දැක්කම අපිට පිස්සු හැදෙනවා .

      Delete
  6. මම පොඩි ටෙස්ටින් පාරක් දැම්මා මේ ලෝකේ රහක් නැ බං

    මෙන්න මට වෙච්ච වැඩක්

    පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම

    ReplyDelete
    Replies
    1. මොනවටද බොල. ඕවා ටෙස්ට් කොරන්නේ...
      ඔය කථාව මම ඒ දවස වලම කියෙව්වා..එල..හික්

      Delete
  7. Replies
    1. නැහැ පට්ටිය හන්දියේ.. සෑම් දන්නවත් ඇති ඒ පැත්ත.

      Delete
    2. මලකෙලියයි. එහෙනම් අපේ පන්සල නෙව මේ ගිනි අරන් තියෙන්නේ!!!

      Delete
  8. දුමී කිව්වෙ අපේ දුමී අයියා එහෙම නෙවෙයි නේද? :D

    ReplyDelete
    Replies
    1. නැහැ//නැහැ..වෙන දුමින්දයෙක්

      Delete
  9. හී හී..
    මරු මරු....
    අනේ අහිංසක දුමී..!

    ReplyDelete
  10. ටැබාගහන උන් දෙන ආතල් ගැන පොතක් ලියන්න කරුණු හොයා ගන්න පුළුවන් ...

    ReplyDelete
  11. ඌව ගොඩගන්න බැරිම නං උඹවත් පොඩ්ඩක් ඈත් වෙලා හිටපං චමී. සමහර ඒවායින් ගොඩ යාමක් නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම දැන් ඉන්නේ ඒ කොම්පැනියේ නෙමේ බං.. හැබැයි දැන්නම් දුමියා ටිකක් හැදීලලු..

      Delete
  12. ඕවා නම් මට අරහං. බෝතලයක් බීල හිටියත් අවුලක් නෑ. කෙහෙම්මල් බෙහෙත් බීලා මැරෙන්න හදන්නේ නැතුව. මෙහෙ එවුන් නම් කොලෝනුත් කෙලින්නේ.

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ ඒ මතේම තමයි .. ඇයි බං ක්ලෝන් බොන්නේ... ඔහේ නැද්ද බෝතල්..

      Delete
  13. මුන් විහින් මැරෙන්න යනවා..

    ReplyDelete
  14. පිස්සු බම්ප් වෙනවා නේ! :)

    ReplyDelete
  15. හැබෑට මොනවද මල්ලියේ ඔය ටැබා කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. ටැබා කියන්නේ අය්යේ මත් වෙන්න බොන බෙහෙත් පෙත්තක් ... ඔය පෙත්ත හදලා තියෙන්නේ පිස්සන්ට බොන්න.. හරි සැර ටැබ්ලට් එකක්.. ඔන්න ඔය ටැබ්ලට් ඒක බිලා කොල්ලෝ මොලේ විකාර කරගන්නවා...(ටැබා ගැන වැඩි විස්තර සදහා අටම්පහුරගේ කථාවත් බලන්න )

      Delete
  16. දූමී කියලා ඇමතුවේ චමීටලු..මට වෙන එකෙක් කිව්වේ...:පී

    ReplyDelete
    Replies
    1. හික් හික්..පිස්සුද බොල.. මම ටැබා විරෝධියෙක් ..

      Delete
  17. හා හා එළ කථාව බන්.. අරෑ පහන් වැටට හේත්තු කරලා කට්ටිය නෙලපු නෙලිල්ල මට මැවිලා පේනවා... ඔය මගුල් බොන්නෙ නැතුව අපි වගේ ඉදලා හිටලා කොකා එක්ක තේකොල පාට වතුර තියෙන බෝතලයක් මේසෙ උඩින් තියලා පුටු ටික ලං කරගත්තා නම් ඉවරනෙ...

    ReplyDelete
  18. ඔච්චර සැර දේවල් ගන්න එත නරකයි දිවලෝක සැප එන මොනවා හරි ගත්තනම් ඉවරනේ

    ReplyDelete
  19. මොනවද බන් ටැබා කියන්නෙ..? ඇහුවෙත් අදමයි.. දන් දැන් එක එක ජාතියෙ මත් බෙහෙත් ඉස්කෝල වලටත් එනවලු නේද ? අනේ මංදා තිතටම කට්ටිය මත් වෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. පිස්සන්ට දෙන ටැබ්ලට් එකක් බං... ඒක තමයි ඔය ටැබා කියන නමින් හදුන්වන්නේ..බෙහෙත් ජාතියක් මත්ද්‍රව්‍ය විදියට පාවිච්චි කරනවා..

      Delete
  20. pissontath wada pissekda koheda?pudumai ara kattiya a ayyawa pissan kotuwata aran giye nati eka. :)

    ReplyDelete
    Replies
    1. පිස්සු හොද වෙන්නම ගහලා..

      Delete
  21. දුමිය.....ටිපෙට්ස් එහෙම පාවිච්චි කරල නැද්ද දන් නෑ...?

    ReplyDelete
    Replies
    1. ඒ මොනවද බං ..අකුරු මකන්න ගන්න ටිපෙට්ස් ද?..

      Delete
  22. වර්ගපූර්නිකාවේ දැන් මාගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
    කමෙන්ටුවක් දැමූවිට
    ...Your comment will be visible after approval...
    ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

    වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.


    මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

    ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

    විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

    ReplyDelete
    Replies
    1. හප්පේ..මුලාවෙන් අප මිදවීමට ඔබගත් තැත අසාර්ථකද ...

      Delete
  23. හෙහ් ..හෙහ්..හෙහ්....පව් වැඩ බං...!:)))))

    ReplyDelete
  24. ඔන්න ඕකයි කියන්නේ මත් වෙන්න එපා කියලා.ඔය අපේ අර කට කහන දුමී නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. කට කහන එකෙක් නම් තමයි.. එත් බ්ලොග් ලියන දුමි නෙමේ..

      Delete
  25. මේ විදිහට පන්සල් සුරකින් බෞද්ධයන් දැකීම මහත් ආනන්දයක් :D

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...