22 August 2012

ගිටාරය ඉගෙනගමු _06


දැන් Major minor & 7th chords ඉගෙන ගෙන තිබෙන නිසා. ගීතයක් වාදනයේදී මෙම chords යොදාගත හැකී ආකරය බලමු.

Major chord එකක සංරචක.

ගීතයක් සදහා chord එක පමනක් වාදනය වන විට මුළු ගීතයටම එකම chord එකක් වාදනය කිරිමෙන් ගීතයේ මීයුරු බවක් ඇති නොවෙයි. ගීතයෙ ඇතී අනෙක් ස්වර සදහා වෙනත් chord අවශ්‍යවේ.

major chord එකක් සදහා අවම වශයෙන් තවත් සංරචක chord 2 ක් අවශ්‍ය වේ. මෙම ප්‍රධාන සංරචක දෙකDOMINANT සහ SUB DOMINANT ලෙස හදුන්වයී.
අප යම් කිසි ගීතයක් Major chord එකක වාදනය කිරීමේදී බොහෝ විට ගීතයේ pitch ඒක පහල යන විට Dominant chord එකද ඉහල යන විට sub Dominant chord එකද භාවිතා කල හැක..

*(නමුත් ඉහත න්‍යාය සෑම අවස්ථාවකටම ගැලපෙන්නේ නැත.)


යම් කිසි ගීතයක් major chord එකකින් තෝරාගත් විට එය Tonic එක ලෙස පොදුවේ අංකනය කරයි.(ඉහත රූපයේ පරිදී) ගීතයේ හඩ ( pitch )එක ඉහල යන විට sub dominant එකද පහල යනවිට Dominant එකද යෙදෙන්නට පුළුවන.Dominant එක සදහා හදුන්වා දී ඇත්තේ 7 th Chord එකකී.





මුලින්ම ගීතයක් වාදනය කිරිමෙදී chords book බලාගෙන වාදනය කිරිම තමයි වඩත්ම සුදුසු වන්නෙ..ඒ වගෙම වාදනයට පහසු ගීත තෝරා ගත යුතුයි..පහතීන් ඇතී ගීතය. තරමක් වාදනයට පහසු ගීතයකි. 3/4 (1.2.3) beat එකෙන් වාදනය කල යුතුයි..

5 comments:

  1. කවුරුත් නොකරන වැඩක්... කාලයක් මමත් ගිටාර් ගහපු එකෙක් නිසා මේ පෝස්ටුවෙ වැදගත්කම දන්නවා...ගිටාර් එක ඉගෙනගන්න ගොඩාක් අය කැමතියි.. ඒ උනාට සම්පත්දායකයින් හෝ නිසි තොරතුරු නැති කමින් ඒ වැඩේ කෙරෙන්නෙ නෑ... ඔන්න දැන් අවස්ථාව වැඩේට බහින්න මේ පෝස්ටුව බලාගෙන... ජය!

    ReplyDelete
    Replies
    1. එකෙක් දෙන්නෙක්ට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිනෙ මේකෙනුත් කවද හරි.. දන්නා දේවල් සරලව ලියලා දානවා..

      Delete
  2. චමීගේ මේ පෝස්ට් එක මමත් ඉහලින්ම අගය කරනවා. මේ අවුරුද්දෙවත් ආයෙත් ගිටාර් එකක් ගන්න ඕනෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඉක්මනට අරගෙන ආයෙමත් ගිටාර ගහමු..

      Delete
  3. නියමයි යාලු......කොයි කාටත් දන්නදේ කියල දෙන එක වටිනවා ගොඩක්!

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...