උදැසනම කාර්යාලයට ගොස් මේස පුටුවේ වැඩි වුවා පමණි .. උස් හින්දෑ රී මැදිවියේ මුත් සුන්දර කාන්තාවක් සිනහවෙමින් පැමිණ මා ඉදිරියේ අසුන් ගත්හ .. මට ඇගේ මුහුණුවර හොදින් හුරු පුරුදු මුත් කවුදැයි හැරී හැටි මතකයක් නැත..
“එක්ස් කියුස් මී.. මේ ලෝන් සෙන්ටර් ඒක නේද ? මම ලෝන් එකක් ගැන විස්තර දැනගන්නයි ආවේ.. “
ඈ නැළවෙමින් කථා කරයි ඇගේ කටහඩ මිහිරිය එහි වයස පාටක් නැත..
“ඔව් මැඩම් ඒත් මම මේ බැලුවේ මට ටිකක් මඩම්ව දැකලා පුරුදුයි වගේ ...”
“ඇත්තටම මල්ලි මාව අදුනුවේ නැද්ද ? ඈ මොහොතක් මා දෙස පුදුමයෙන් මෙන් බල සිටි..
මාව නොදන්නා කෙනෙක් ලංකාවේ නැහැනේ මල්ලි . හොදට කල්පනා කරලා බලන්න ..
ලංකාවේම දන්නා කෙනෙක්නම් එක්කෝ ඈ නිලියක් හෝ ගායිකාවක් විය යුතුය එසේත් නැතිනම් දේශපාලකයෙක් විය යුතුය..
එහෙත් දේශපාලකයන්ට තිබෙන මුස්පේන්තු මුහුණ ඇයට නැත..එසේනම් ඇය ගායිකාවක් හෝ නිලියක් විය යුතුය ..
“ මැඩම් චිත්‍රපට වල රගපානවද... “ මා නිකමට මෙන් ඇසුවෙමි
“ආන්න හරි ..ඔය මතක් උනේ .යස අගේට ..ඔයා බොරුවට නේද දන්නේ නැහැ වගේ උන්නේ හොරා...
ඒ ගමන ඈ හුරතල් වනවාය.. මම අහක බලාගෙන ගැසූ ගල හරිය ඇය නිළියකි .
ඒත් මැඩම් අපි නළු නිලියන්ට නම් මෙතනින් ලෝන් දෙන්නේ නැහැ .. විශාල ව්‍යාපාර වලට විතරයි දෙන්නේ..
“මමත් ලොකු ව්‍යාපාරයක් තමයි පටන් අරගෙන තියෙන්නේ මල්ලි..`` ඒවර ඇගේ මුහුණේ ඇත්තේ බැරෑරුම් පෙනුමකි .
“එහෙනම් රගපානවා කිවේ..
මේකනේ මල්ලි මේ ව්යාපාරේට නිළිකම ත් ඒක සුදුසු කමක් එකයි මම මුලින්ම රගපාන්න ගියේ .
දැන් එතකොට ඔය ව්‍යාපාරේ ගොඩක් කට්ටිය ඉන්නවද ?
මෙහෙමනේ මල්ලි මුලින්ම මම මේක තනියම කරගෙන ගියේ .. ඒත් කාලයක් ඒක දිගටම කරගෙන යනකොට කස්ටමර්ස්ලා අඩු වෙන්න ගත්තා . අන්තිමේදී මාව දෙකේ කොලේටම වැටුනා. මල්ලි , ඒවර ඇගේ මුනුන දුක් බරය ඈ සාරි පොටෙන් හොටු පිහදමන ගමන් කථා කරයි..
ඇයි මැඩම් එහෙම උනේ ?
මේකනේ මල්ලි ඕනෑම භාණ්ඩයක් දීර්ග කාලයක් පරිහරණය වෙනකොට ඒක ක්ෂය වෙනවා .. එතකොට අපේ ගැනුම්කරුවන් ඒ වෙනුවෙන් වැය කරන මුදලට නිසි ප්‍රතිලාභයක් නොලැබීම හේතු කරගෙන ඔවුන් වෙනත් ස්ථාන වලට සංක්‍රමණය වෙනවා...
ඒවර ඇය හර බර දීර්ග කථාවකට මුල පිරුවාය.. මට එය බර වැඩිය එබැවින් මට තේරුනේ ඈ සේල්ස් සම්භන්ධ දෙයක් කරන බවය .. ඇය මාර්කටින් කරනවා යැයි මා තේරුම් ගතිමි .
“ඉතිං මල්ලි මම ඒ කටත් පිලියමක් හොයාගත්තා .. මම මේ ව්‍යාපාරේ පටන්ගත්තේ එකයි.. මේකෙන් ඔය අනුරාධපුරය පොලොන්නරුව වගේ ගොඩක් පළාත්වල වේලි වේලි ඉන්න තරුණියන්ට රැකියා ලැබෙනවා.. එයාලගේ සැගවී ඇති කුසලතා එලි දක්වලා අදායම් මාර්ගය පෙන්නලා දුන්නම එයාලටම උනත් පස්සේ කාලෙක ස්වයං රැකියාවක් විදියට මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන ගියහැකි.. ඒකත් ලොකු පිනක්නේ මල්ලි.``
“එතකොට මැඩම් මේ ව්‍යාපාරෙයි නිළි වුර්තියයි අතර තියෙන සම්හන්දේ මොකක්ද ? මට තවමත් නොවැටහුණු පැනය මම ඇයට යොමු කලෙමි ..
මේකනේ මල්ලි නිලිකමයි මේ ව්‍යාපාරේ යි හරියට ගහට පොත්ත වගේ නැතුවම බැරි දෙයක් නෙමේ.. ඒත් චිත්‍ර පටයකට ටෙලි නට්යකට හරි එහෙමත් නැත්නම් වෙළද දැන්වීමකට හරි මුණ දාගෙන නිලි ලේබලේ ගහ ගත්තොත් ඒක මේ වුර්තියෙන් ඉහලට යන්න ලොකු සුදුසු කමක් වෙනවා..
“ඒ කියන්නේ මැඩම් සාමාන්‍ය රස්සාවක් කරන එකෙක්ට ඩිග්රියක් තිබුනොත් වගේද ? මම ඇගේ කථාවේ මැද්දට පැන්නෙමි ...
ආ..න්න හරි ඔය තේරුනේ ....
ඉතිං මල්ලි මමත් මගේ ලග ඉන්න කෙල්ලන්ව පුළු පුළුවන් විදියට ටෙලිවිෂන් එකට මුහුණ දම්මගෙන නිලි ලේබලේ ගහ ගන්නවා... අනික මේක විදේශ විනිමය ගෙන්න ගන්න පුළුවන් ව්යාපාරයක්නේ ...
එහෙනම් මැඩම් මේක රජයේ ලියාපදිංචි කරලා රාජ්‍ය ආයථනයක් විදියට රජයේ ආධාරත් අරගෙන මහා පරිමාණයෙන් ඉදිරියට ගෙන ගියොත් නරකද ? මා ඈ පවසන ව්‍යාපාරයේ වටිනාකම ගැන සිතා ඇයට යෝජනා කලෙමි ..
ඒ කතාවනම් ඇත්ත මල්ලි මේවා විදේශ සංචාරකයන් ගෙන්නලා විදේශ මුදල් සට සට ගාලා ලංකාවට ගෙන්න ගන්න පුළුවන් ව්‍යාපාර නේ .. එහෙම කලොත් ඔය වැටිලා තියෙන රාජ්‍ය භාණ්ඩාගාරේ උනත් සුටුස් ගාල කෙලින් කළහැකි.. නෙවෑ..
මටත් හිතෙනවා මල්ලි .. පස්සේ කාලේක මේවා රාජ්‍ය ආයතන බවට පත් කරයි කියලා . එහෙනම් මම ගිහින් එන්නම්...
ඈ යෑමට පිටත් විය.. එහෙත් මට ඇගේ නම අසා දැනගැනීමට අමතකවිය ... මෙවැනි ව්‍යාපාරයක් කරන දිරිය කාන්තාවකගේ නම අසා දැනගත යුතුමය .. මා අසුනින් නැගිට දිව ගොස් කථා කලෙමි..
මැඩම් .. මැඩම්ගේ නම ?
අහ්හ් .. මම හිතුවේ දන්නවා ඇති කියලා .. මගේ නම ජිනා ...
හොදයි ජිනා මැඩම් ... පරිස්සමින් ගිහින් එන්න ...
එහෙත් මට තව පසුතැවිල්ලක් ඇත ඇගේ ව්‍යපාරයේ අලෙවි කරන භාණ්ඩ මොනවාදැයි මට අසා දැන ගැනීමට නොහැකි විය...
අයියෝ සල්ලි :D
ReplyDelete:D
Deleteහ්ම්ම්...ඉතින් ලෝන් එක ලැබුනද දන්නේ නැ.. ;)
ReplyDeleteහිකිස්..තවම නැහැ....
Delete//මට ඇගේ මුහුණුවර හොඳින් හුරු පුරුදු මුත් කවුදැයි හරිහැටි මතකයක් නැත..\\
ReplyDeleteකලබල අස්සේ කවුද මූණ මතක තියාගන්නේ... දැන් මතකද?
ඔව්.. ඔව් .. දැන්නම් හොදටම මතකයි .. :D
Deletenaa naa eken kiyanne chamiyath madamge spot ekata ringala thiyanawa....
Deleteමෙන්න මෙයාට හිතිලා තියෙන එක... හපොයි දෙය්යනේ මම අහිංසකයා..
Deleteහොඳ නිර්මාණයක්.. ජය !
ReplyDeleteතැන්ක්ස් ..තැන්ක්ස් ..
Deleteජිනා මැඩම්...හහ්හ්හ් හහ්හ්හ්.....
ReplyDeleteහික්..හික්..
Deleteආ.......එයාද? :))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව්..ඔව්.. එයා තමයි ..
Deleteචමී මේ දවස්වල නිළියො ගැන පෝස්ට් දානවා එක පිට...ම්ම්ම්ම්ම්ම්
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
නිළියොත් එක්ක තරහා ගිලිල්ලා තියෙන්නේ.... හික්..හික්..
Deleteජීනා මැඩම්?????
ReplyDeleteරගපාපු චිත්‍රපටයක නමක් මතක නැද්ද?????
නැහැ බං... ඔය පරණ එව්වා එකක දෙකක වගේ ඇත්තේ .
Deleteඇගේ ව්‍යාපාරයේ අළෙවි කරන භාණ්ඩ ගැන... බුලත් විට කන සරම අදින ඇමතියාගෙන් අහලා බලපන්... හරියටම කියයි...
ReplyDeleteහැබැටම ඌ දන්නවා ඇත්ද ....
Deleteජිනා මැඩම් නේ.එතකොට අර පින්තූර කෑල්ල හොඳට හුරුපරුදු එකක්
ReplyDeleteඉංදියන් චිත්‍ර කථාවක පින්තුරයක්.
Deleteමං දන්නව චිත්‍ර කතාව...සිංහල වර්ෂන් එකත්..හික්ස්....
Deleteමැඩම් ගේ වැඩ වලට සුටුස් ගල කෙලින් වෙන්නේ භාණ්ඩාගාරය විතරද.....
ReplyDeleteතව ඒවත් කෙලින් වෙයිද දන්නේ නැහැ ඉතිං...
Deleteඅයියෝ සල්ලි මට බාගයක් කියවන කොටම මීටර් උන වැඩේ එල පොස්ට් එක
ReplyDeleteආහ්.. තේරුනාද එල..එල..
Deleteඅඩේ ඇත්තටම ජිනා මැඩම් ද ආවේ /
ReplyDeleteනැතුව ..නැතුව ..
Deleteහිකිස්...පට්ට..
ReplyDeleteහික් ..හික්..
Deleteඋඩ පින්තුරේ නම් සිරා ඈ......
ReplyDeleteචිත්‍ර කතාවක එකක් බං
Deleteහෙහ් හෙහ් ....ජීනා මැඩම්..... ඇත්තටම දැන් කෝ අප්පා ජීනා මැඩම්.....හෙහ් හෙහ් ඉතින් ලෝන් එක පාස් කරන්ඩ වෙයිද ?
ReplyDeleteපස්සේ බලනවා ..මොනවා උනත් හොද වැඩක්නේ කරන්න හදන්නේ ..
Deleteහෑ..... ලෝන් ගන්න තරමටම ජිනා මැඩම් හිදිලද????? ඇයි යකෝ ආශ්‍රය කරපු ලොකු ලොක්කොන්ගෙන්වත් බැරි වෙලාද අත මාරුවක් ඉල්ල ගන්න. :ඩී
ReplyDeleteහිදිලා නැහැ මහා පරිමාණයෙන් කොරන්න නෙවැ මේ හදන්නේ ..
Deleteඑතකොට මල්ලි බබා.
ReplyDelete