27 October 2012

ගිටාරය ඉගෙනගමු _07



MAJOR CHORD එකකට අනුයාත MINOR CHORD එක_
සෑම major chord එකකටම අනුයත වන සම්මත Minor chord එකක් ඇත. යම් කිසි ගීතයක් major chord එකකින් පටන් ගත් විට එම ගීතයේ Dminant & sub Dominant chord වලට අමතරව අවශ්‍ය වුවහොත් වාදනය කීරිමට minor chordඑකක් ද ඇත.

උදාහරණ(1), c major chord එකට අනුයත minor chord එක Am වේ.
උදාහරණ(2), F major chord එකට අනුයත minor chord එක Dm වේ.
ගීතයක major chord එකකට අනුයත minor chord එකක් තිබුනද ඇතැ ගීත සදහා වෙනත් minor chords ද තිබෙන්නට පුලුවන.






Minor chord එකක සංරචක
minor chord එකකින් ගීතයක් පටන් ගත් විට එයට අදාලව ගීතයේ ඇතුලත් විය හැකි තවත් chord 2 ක් ඇතමේවා Minor chord එකක සංරචක ලෙස හැදින්වේ.
Example (1):- Cm හී සංරචක G7 & Fm වේ.
එනම් අපි ගීතයක් Cm වලින් පටන් ගත් විට එහි Fm හා G7th බොහෝ දුරට පවතීඇතැම් ගීත සදහා Cm & Fm පමනක් තීබෙන්නට පුළුවනඑසේම යම් ගීතයක් Cm එකෙන් පටන් ගත් විට ඉහත සරල සබදතාවයෙන් බැහැරව යන අවස්ථා ද තිබෙන්නට පුළුවන.

මෙලෙස සෑම එකකටම සරල සබදතවයක් ඇති සංරචක 2ක් පවතී.



Major chord එකක සංරචක හදුන්වා දීමෙදි TONIC, DOMINANT & SUB DOMINANT යන ආකරයෙන් සංරචක හැදුන්වූවාඉහත වගුව හොදින් බලන විට එම සම්බන්ධතාව ඉහත අවස්ථාවේදී TONIC , & SUB DOMINANT chord MINOR chord වී ඇතී බව පෙනෙනු ඇතDominant එක වෙනස් නොවී එසේම පවතී.

6 comments:

  1. ඕවා අතපත ගාන්න දැන් මොකුත් නෑ බන් ළග... තිබ්බ ගිටාර් එකේ බොක්ස් එක දිරලා වළපල්ලට යැව්වා.. උත්සාහයට ජය !

    ReplyDelete
  2. අප්පද බොල !!!! නරි කවදද බං ඩෝල ගැහුවේ ..... :D:D

    ReplyDelete
  3. මටනං පුරුදු කලේ මගේ කෙල්ල.. දැන් අවුරුද්දකට විතර කලින් .. මතක් කරලා දුන්නට ..එල අ

    ReplyDelete
  4. ගොඩක් වටිනවා..ජයම වේවා ඔබට!

    ReplyDelete
  5. අපිටනම් පුරුදු මේසෙට තඩි බාලා සිංදු කියන්න.

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...