08 October 2012

පොලිස් කුඩුවක සිට විස්සයි විස්ස තරගය නැරබුවෙමි...


විස්සයි විස්ස තරගය බැලීමට මා උදේ සිටම සුදානම් උනේමී .. ඒ වෙනුවෙන් ප්‍රදේශයේ හොදම තිරය දමා ඇති අවන්හල සොයාගත්තේ වඩාත් පැහැදිලිව තරගය බලා  ගැනීම සදහාය.. එහෙත් තරගය දිනා ගැනීමට ලංකා කණ්ඩායම අවාසනාවන්ත වූ තරම්ම මමද ලංකාව ක්‍රීඩා කරන ආකාරය දැක බලාගැනීමට නොහැකි වන තරමටම අවාසනාවන්ත උනේමී.. මේ දිග හැරෙන්නේ ඒ අවාසනාවන්ත සිදුවීමය..

හවස් යාමයේ සියල්ල සුදානම් කර මිතුරාට අයිති මෝටර් රථයෙන් අවන්හල වෙත ගියෙමු.. අප යන විට අවන්හලේ අති විශාල තිරය ඉදිරිපිට ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරි ඉතිරි තිබුණි.. එය ක්‍රීඩා පිටියට දෙවැනි නැත . අප කලින් වෙන්කරවා ගත් ස්ථානයට ගොස් තරගය නරබන්නට පටන් ගත්තෙමු...

තරගය නරබන අතර තුර ඇතිවන පිපාසය සංසිදවා ගැනීමට බියර් බෝතල් කිහිපයක්ද අප සතුව තිබුණි ..

මුලින්  ලංකාව හොදින් ක්‍රීඩා කලේය.. හොදින් පන්දු යැව්වේය.. (මාලිංග හැර ) විකට්ටු ගත්තේය . අපේ කොලුවන්ගේ බෝල වලට කොදෙව්වන් ඇබරෙන හැටි දැක මම ප්‍රීතියෙන් පිනා ගියෙමි...

ඒවිට මට වැඩි වැඩියෙන් පිපාසය ඇතිවිය... එය සංසිදවීමට මම වැඩි වැඩියෙන් බියර් බිවෙමි ..

මද වේලාවකින් මාගේ තවත් මිතුරෙක් අපේ ආරාධනයෙන් එතැනට  පැමිණුනේය . ඔහු පැමිණ සිටියේ පල්සර් වර්ගයේ මෝටර් බයිසිකලයකිනි .. ඔහුද අප සමග එක්වී ජයපැන් බොමින් තරගය නැරබුවේය..

අප සිතා සිටියේ ලංකාව ගේමක් නැතිවම දිනාවී කියාය .. එබැවින් එතැන එකම විනෝද සාගරයක් වී තිබුණි... ක්‍රීඩා පිටියේ සිටිනවා වැනිමය..

මද වෙලාවකින් තවත් මිතුරෙක් ප්‍රමාදවී පැමිණුනේය ඔහුද මාගේ මිතුරෙකි.. මේ වන විට ලංකාව දහනව වන පන්දු වාරය දමමින් සිටියේ..

තරගයේ තිබු ආකර්ෂණය නිසා හෝ අපට වැඩි වැඩියෙන් ඇතිවූ පිපාසය නිසා හෝ රැගෙන විත් තිබු බියර් ප්‍රමාණයේ පැහැදිලි අඩුවක් පෙනෙන්නට විය... එබැවින් සියලු දෙනාගේම අදහස වුයේ නැවත පිපාසයක් ඇති උවොතින්  බිමට යමක් නැතිවේය යන බිය නිසා නැවත බියර් ටිකක් ගෙනැවිත් තියා ගත යුතු බවයි..

බියර් ගෙන ඒමේ කාර්යය සදහා මමත් මෝටර් බයිසිකලේ ආ මිතුරාත් ස්වේච්චාවෙන් ඉදිරිපත් විය.. කිලෝමීටර් දෙකක් පමන දුර ඇති වයින් ස්ටෝර්ස් එක වෙත යෑමට අප තෝරා ගත්තේ මෝටර් බයිසිකලයයි ...

මිතුරා බයිසිකලය පැදවුහ මම පසුපස වාඩි උනේමී... එහෙත් අවන්හල් භූමියෙන් ප්‍රධාන පාරට දමා ඔහු බයිසිකලය නතර කලේය..

“චමී උබ පැදපන්....

ඒ වේලාවේ මා සිතුවේ බියර් බිම නිසා ඔහුට බයිසිකලය පැදවීමට අපහසුවක් ඇතයි යනුවෙනි.. එහෙත් එහෙම පෙනුමක්ද නැත.. කෙසේ වෙතත් දැන් මා සිතන්නේ ඒ මාගේ නරක වේලාවක් බවය ..

එතැන් සිට චමී රයිඩ් කරන්නට විය... වයින් ස්ටෝර්ස් එක  පෙනෙන මානයේදී පොලිස් සුනකයන්දෙදෙනෙක්  ..ඔහ් සමාවන්න   පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පාරට පැන බයිසිකලය නතර කිරීමට අන කලේය...  ඒවිට  වේගයෙන් යෑමට හෝ හැරවීමට කාලයක් නැත  . නැතිනම් ලොවෙත් චමිව අල්ලනවානම්  බොරුය..

එබැවින් මම වැදහත් ලෙස නතර කලෙමි ..


“කොහෙද යන්නේ  ලයිසන් එක ගන්න “ කොලු පහේ පොලිස් නිලදාරිය කිවේය..

“ටවුන් එකට ආව “ මම ලයිසොන් කරදහිය දිගු කලෙමි ...

“කොහෙද ගියේ “ ඒ විට  ඔහු මගේ  මුව ලගටම ඔහුගේ නාසය සහ මුව ලංකර ඇසුවේය..

“මැච් එක බලන ගමන් පොඩි උවමනාවකට ටවුමට ආව “ මම අඩියක් පිටු පසට ගොස් උත්තර දුන්නේය .

ගම කොහෙද “

 ඒවර ඔහු අඩි දෙකක් ඉදියට ඇවිත් මගෙන් ඇසුවේය . දැන් ඔහුගේත් මගෙත් අතර පරතරය අගලකට අඩුය .. ඔහුගේ මුවත් මගේ මුවත් ගෑවෙන්නට ඔන්න මෙන්නය.. මා  විලි ලජ්ජාවෙන් ඇබරි ගියෙමි
අවට මිනිසුන්ද ඇත . මේ දෙනෝදාහක් ගැවසෙන ටවුමකි .. කෙල්ලන් හැර කොල්ලෙක් මේතරම් මා හට ලංවූ ප්‍රථම වතාවය .. ලැජ්ජාවේ බැරිය..

“මෙහෙම තමයි ගමත්... “ මම අහක බලාගෙන උත්තර දුන්නෙමී ..

“බිලා නේද ඉන්නේ “ බළලා මල්ලෙන් පැන්නේ ඒ විටය මු මේ තරම් මට සමීප උනේ සුවද බැලීමටය
 ( මත් පැන් වලට ගද කියනවාට මා කැමති නැත )

මට කියන්නට දෙයක් නැත.. ඔහු මාගේ ශරීරය ඉවකර නිගමනයකට පැමිණ ඇත.. පොලිස් පුහුණුවේදී සුනකයන්ට මෙන්ම නිලධාරීන්ටද ඉව කිරීමේ පුහුණුව ලබාදී ඇතුවාට සැක නැත..

“ඔව් බියර් එකක් බිව්වා අද මැච් එකනේ “

ඔහු මා බයිසිකලයේ පිටුපස හිදුවාගෙන පොලිසිය වෙත පැදවුයේය...

මිතුරා දුරකථනයෙන් කාටද කථා කරයි.. මා මේ කන්නේ ඔහු බෙදා ගත් පරිප්පුව බව ඔහුට ගානක් නැතුවා සේයා..

එහෙත් ඔහු ඔය ඇමතුම් දෙන්නේ අපගේ මිතුරන්ටය.. තව මොහොතකින් ඔහු සහ පිරිස මා සොයාගෙන පොලොසියට පැමිණෙනවා නිසැකය  ... ඒවිට වන්නේ අප සැමගේ මැච් බැලීමේ ආසාවට කෙලවිමය ..

මා රැගෙන ගිය නිලධාරියා මා පුටුවක වාඩි කරවා පොඩි පෙට්ටියක් ගෙන විවුර්ත කලේය.. එහි තිබුනේ පුංචි ඉන්ජෙක්සන් සිලින්ජර් වලට සමාන  දෙයකි... මා සිතුවේ ඔහු මට එන්නතක් දෙන්නට සැරසෙනවා කියාය.. එහෙත් මට ජල භීතිකාවට එන්නත් දී ඇත..

ඔහු එය පුංචි පොලිතින් උරයක් වැනි යමකට සවිකර මට එය පුම්බන්න කියා දුන්නේය.. මට තේරුනේ එවිටය එය මත් පානය කළාදැයි පරික්ෂා කරන බැලූමය..

මම එය පිම්බුවේය...

ඔහු එය පරික්ෂා කලේය .. ඉන් පසු “ හරියට පාට උනේ නැහැනේ .. මොනවද බිව්ව ජාතිය ස්ට්‍රෝන් ද ?”

මම ඔව් යයි කීවෙමි ..

ආයේ ටිකක් පුම්බන්න ..

නැවත පිම්බු විට ඔහුට සතුටු  දායක මට්ටමෙන් බැලුම තිබෙන්නට ඇත ..

එතැන් පටන් මා වැරදි කරුය .. මා වෙනුවෙන් සුදානම් කර තිබු පුංචි සුන්දර කුඩුවකට වී ග්‍රිල් අතරින් ඈතින් පෙනෙන පුංචි කළු සුදු තිත් සහිත රූපවාහිනියෙන් මම  ලංකා ක්‍රීඩකයන් පන්දුවට පහර දෙනවා නැරබුවෙමි .. එහෙත් ක්‍රීඩකයන් කව්දැයි හදුනා ගැනීමට අපහසුය ඒ තරම් අපැහැදිලිය  ඒ නැතත් ඒ තරම් දුරක් ග්‍රහණය කරගැනීමට තරම් මාගේ දෑස් පෙනීම ත්‍රිව් නැත..

වඩාත් හොදින් තරගය නැරබීමට උදේ ඉදන් පෙරූ පිරුම් හිරු දුටු පිනිසේ දියවී ගියේය... අවන්හලේ සිටියේ එක පැයකි පොලෝසියේ පැය හතරකි..

මාගේ මිතුරන්ද උන්ගේ බලපුලුවන් කාරයන්ද මා බේරා ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථකය .. අවසානයේ පැය හතරකට පසු ඇප ලබාදී මා නිදහස් කිරීමට ඔවුන්ට සිදුවිය ..

විස්සයි විස්සේ තරගය කොදෙව්වන් ජයගත් බව දැනගත්තේද පොලිස් කොස්තාපල් කෙනෙකුගෙන්ය.. මා නිදහස් වන විට ක්‍රීඩා කල ක්‍රීඩකයන් නිවෙස් වලට යන්නටද ඇත.. ඒ තරම් රැ බොවී තිබුණි.. පාන්දරද මන්දායා...

පෙරුම් පුරා බැලීමට සිටි විස්සයි විස්සේ තරගය නිමා වුයේ එලෙසය...

කොදෙව් කණ්ඩායමට මාගේ සුභපැතුම් !!!   ඒ වාගේම අප වගේ පුංචන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අප නගරයේ පොලොසියටද මාගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමි!!!



81 comments:

  1. මැච් එක බැලුවට වඩා බලු කුඩුවේ ලැගීම සැපය.එසේ කීවද ඔබ වෙනුවෙන් කණගාටු වෙමි

    ReplyDelete
    Replies
    1. නැවතිල්ලේ හිතල බලනකොට ඒ කථාවත් ඇත්ත..

      Delete
  2. මේකෙ ධනාත්මක පැත්ත බලන්න , උඹට මේකෙන් බ්ලොග් පෝස්ට් එකකට කරුණු හම්බවුනානේ, පොලිස් මාමා ලගට ආපු හැටි ලිය්පු විදිහ නියමයි, මං නං ලඟට එනකොටම කියනවා බීලා නැහ් කියලා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව්.. ඒ වගේම රජය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් (දඩයක්) කරන්න වාසනාව ලැබීම ගැනද මට ඇත්තේ දුක මුසු අප්‍රමාණ සතුටකි..

      Delete
  3. චමියෝ..මමත් දවසක් බීල පොලීසියට මාට්ටු වෙලා තියනව. එදා නම් දහසින් බැඳි පියල්ලක් දීල බේරිලා ආව...මේක දැක්කාම මට හිතුන ඒ කතාවත් පෝස්ට් එකක් විදියට ලියල දාන්න....

    ReplyDelete
    Replies
    1. අපේ උනුත් දහසින් බැදී පියලි පහක් දීලා මාව ගොඩින් බේරගන්න බැලුවා.. එත් උන් බැහැ කිව්වා.. උන්ගේ ටර්ගට් එකට එකෙක් අඩුවෙන්ලු හිටියේ.. මගෙන් ඒක සම්පුර්ණයි.. මාව අල්ලලා උන් ඩියුටි ඔෆ් උනා ...

      එක අතකින් උන්ගේ රාජකාරිය සම්පුර්ණ කරගන්න මම වක්‍රාකාරයෙන් උදව්වෙලා ..හිකිස්

      Delete
  4. එහෙමනම් වෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනවා. මටත් ඔය කාලකන්නි පොලිස් බල්ලොන්ව පෙන්වන්න බැහැ. උන්ගේ ගොන් වැඩ නිසා මට තවස් 4ක් වැලිකඩ ලගින්න උනා අවලම්මු නිසා. සිද්ද වෙච්ච දේ ගැනනම් දුකයි චමියෝ. මට හිතාගන්න පුළුවන් එතන උන දේවල් මමත් ඔය අත්දැකීම විඳලා තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව්..බං දුකේ බැහැ.. දවසම කාලකන්නි වෙලා ගියා ... මම කෙසේ වෙතත් යාළුවන්ට මැච් එක බලල ෆන් එකක් ගන්න තිබුණු අවස්ථාවත් නැති උනා ..

      Delete
  5. දෙවතාවක් එකම බැලුම බුම්බන්න කියා කීමට පොලිසියට අයිතියක් නැත. එසේ කල විට බැලුම ඇතුලත සාන්ද්‍රණය නිකන්ම වැඩි වී වරදට අහුවේ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද...කවුද දන්නේ ඉතින් ඔව්වා..ප්‍රථම වතාවනේ (සහ අවසාන වතාව )

      Delete
  6. ඔය තියෙන්නෙ කොරගෙන වැඩක්.....

    ReplyDelete
    Replies
    1. උනාමයි ඔය වගේ නස්පැත්තියක් ..

      Delete
  7. අයියෝ සල්ලි..බියර් වලට ගිය සල්ලි අපරාදේ..දඩයට ගිය සල්ලිත් අපරාදේ.මැච් 1 දිනුවනම් ඒ වියදම ගැන සතුටු වෙන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මැච් එකත් අපරාදේ.. කාලෙකට පස්සේ සතුටු වෙන්න තිබුණු වේලාවත් පොලිසියක් ඇතුලේ ලෑලි බැංකුවක් උඩ ගෙවිලා ගියා..

      Delete
  8. කොච්චර හොඳ පොලීසියක්ද බලපන්... කූඩුවෙ ඉන්න උන්ට මැච් බලන්න හිටන් දෙනවා... හැබෑටම ඔය කොහෙ පොලෝසියද බන් ?

    පොලීසිය පුන්චන්ට විතරක් නීතිය රකින එක ඇත්ත වෙන්ඩ පුළුවන්.. ඒත් උඹ කරපු වැරැද්දත් අමතක කරන්ඩ එපා... බීමතින් රිය පැදවීම මාරාන්තික වරදක්. උඹට වගේම පාරෙ යන අනිත් උන්ට... වෙන එකෙක් බීලා රිය පැදවපු නිසා වන්දි ගෙවපු අහිංසක ජීවිත කීදාහක් නම් ඇත්ද.

    ඕක අත්දැකීම් එකවුන්ට් එකට දාලා හිත හදාගනින්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත වරදක්නම් තමයි..
      කොහේ පොලොසියද අහන්නේ උබ දන්නේ නැද්ද අපේ ටවුන් ඒක මොකක්ද කියල...ඉදිරියෙන් මාළු මාර්කට් එකත් දකුණු පැත්තෙන් ඇලත් වම් පැත්තෙන් ප්‍රදෙසිය ලේකම් කාර්යාලයත් තියෙන පොලෝසිය...

      Delete
    2. අප්පට සිරි ඒකද ? කවුද දන්නෙ උඹලා ඉතින් මොන තූත්තුකුඩියක ගිහින් ඕකට මාට්ටු වුනාද කියලා..... උන් හිතුවට වැඩිය හොඳට උඹට සලකලා තියනවා එහෙනම්..

      Delete
    3. වෙන කොහේ යන්නද බං මේවා දාලා සල්සා එකේ හිටියේ...සමහර විට දන්නවත් ඇති ..

      Delete
    4. ජා-ඇල පොලීසියද? මම හිතන්නෙ අර කොහෙදිත් කිව්වා වගේ ජ-ඇල උන් වලිකාරයොලුනෙ.. ඒක හින්දා ඉතින් පොලීසියත් තද ඇති..

      Delete
    5. ඔන්න මන්නං ජාඇල නෙමෙයි චුට්ටක් එහා පැත්තේ

      Delete
    6. අපෝ එහෙම නැහැ බං .. ජා ඇල උන් අවංකයෝ ඒවගේම විනෝදකාමියෝ... වලිනම් ඉතින් කොයි පාලතෙත් තියෙනවනේ..

      Delete
    7. හුහ්..හුහ්.. විනෝදකාමියො..

      උඹ ජා-ඇල කොයි හරියෙද බන්?

      Delete
    8. හික්..හික්... නේචර් පාක් එක හරියේ ..(ගුරුගේ නේචර් පාක් )

      Delete
    9. අපොයි ජා-ඇල සිත්තමී කෙල්ලත් වැඩ කරන්නේ....පොලිස්සියෙ අය සිත්තමීටත් පේන්න බෑ....තමන්ගෙ වැඩගැන විතරයි එයාල හිතන්නේ..නමුත් ඔයා කලේ වැරැද්දක් නිසා කරන්න දෙයක් නෑ...

      Delete
    10. සිත්තමි ජා ඇල කොයි හරියේද කියන්න බලන්න..යමින් එමින් ගමන් බලාගෙන යන්න..

      Delete
  9. හච්චෝ දෙවියනේ..

    ReplyDelete
  10. නීතිය එකයි ............. හූ ඈ .............. තිත් දෙකයි ඩී ( හූ කියපු එක වැරදී නේද? )

    ReplyDelete
    Replies
    1. වැරැද්දක් නැහැ අනේ..හික්

      Delete
  11. හපොයි දෙයියනේ වෙච්චි දෙයක්..
    මදෑ මැච් බැලුව...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ආයේ බොනවානම් ගෙදරින් පිට මැච් බලන්න යන්නේ නැහැ

      Delete
  12. සොරි තමයි. වැරැද්ද උඹේ. දහසින් බැඳි පියලි බර ගනනක දඩයක් කන්න වෙයි. ලැහැස්ති පිට පලයං. තව එකෙක් එක්ක පලයං. උඹට දඩේ ගෙවන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං... මම ඔය උසාවිවල වැඩ ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ.. ඇප දීපු එකාවත් එක්කගෙන යනවා..

      Delete
  13. 1. උඹ බීලා බයික් එක එලෙව්වා.
    2. රාජකාරිය හරියට කරපු පොලිස් නිලධාරීන්ට බල්ලෝ කියලා බැන්නා.
    3. උඹේ යාලුවෝ පගාව දෙන්නත් හැදුවා.
    4. උඹ බයික් එක හප්පා ගත්තා නම්,
    5. උඹ නිසා වෙන කෙනෙක් හැප්පිලා මැරුණා නම් ............

    ReplyDelete
    Replies
    1. සියලු දේ ඇත්ත.. වරද පිලිගනිමි ..එහෙත් මට වෙරි නැත

      Delete
    2. බීව්වාම හැම එකාම කියන්නේ මට වෙරි නෑ තමා.... හි හි...

      Delete
    3. යාළු එතකොට බීපු බල්ලෝ එලවපු සැප වාහන කීයක් ඔතනින් ගිය‍ද
      ඔය බල්ලො ඒ බීපු බල්ලෝ කීදෙනෙක් නැවැත්තුවාද
      මං බල්ලත් දවසක් බීලා එනකොට බලු බැරියර් එකකදි ඇල්ලුවා
      උසාවිත් දැම්මා දඩයකූත් ගැහුවා
      මාස දෙකකට පස්සේ ඒ බලු බැරියර් එකේදිම මාව අල්ලපු ඉස්සරහ කකුල් දෙකට පටි ගහපු බල්ලා
      සල්ලි තියන මගේ යාළු බල්ලෙක් කාර් එක එළවාගෙන එනකොට ඇල්ලුවා
      කාර් එකේ ඔක්කොම බේබදු බල්ලෝ පහයි( මං බල්ලත් එක්ක)

      කාර් එකේ හිමිකාර බේබදු බල්ලාගෙන් පටි ගහපු බල්ලා ඇහුවා මෙහෙම

      මහත්තයා බීලා නේද ඉන්නේ

      ඔව් මම බීලා තමා ඉන්නේ ඔයත් බීලනේ ඉන්නේ

      නෑ මම බීලා නෙමෙයි ඉන්නේ

      මොකද කියන්නේ තව එකහමාරක් තියනවා බොමුද

      අන්තිමට ඔක්කොම බල්ලෝ අට දෙනෙක් එක හමාරක් බිව්වා බලු ගුබ්බැයම පිටි පස්සේ

      එතකොට බල්ලා මම ඇනෝද ඔයා ඇනෝද මේ මල්ලිද පොලිස් බල්ලොද සල්ලිකාර බල්ලොද

      Delete
    4. ඇනෝ මෙතන කියලා තියෙන දේවල් මම දැකලා තියෙනවා... ලොකු කාර් නවත්තනවා අඩුයි නැවැත්තුවත් කාර් ඒක එලවන එක්කෙනාට කථා කරන්නේ බොහොම ගරු නම්බු දීලා... අනේමන්දා ලංකාවේ සමාජ ක්‍රමේ හැදිලා තියෙන විදියනේ,,,

      තව මම දැක්ක හොදම දේනම් මාව නතර කරගෙන ඉන්න වෙලාවේ එතනින් ගිය බයික් එකක්වත් අත දැම්මට නතර කලේ නැහැ පොලිස් කාරයන්ගේ ඇගට කාපාගෙනම ගියා... උන් එලෙව්වෙත් නැහැ.. මම පස්සේ පොලිස් කාරයාගෙන් ඇහුවා මම මනුස්ස කමට නතර කල නිසාද ඔයාලා උපරිම දඩුවම් දෙන්නේ මේ වගේ දවසකත් කියල.. කට උත්තර නැහැ..

      Delete
  14. වැරැද්දක්නෙ කරලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් බිලා යන ඒක වැරැද්දක් තමයි...

      Delete
  15. බොලාට වෙච්ච සන්තෑසිය පිළිබද මගේ බලවත් මෙව්වා එක...

    මමත් එදා ලොකු තිරෙන් මැච් එක බැලුවා මීගමුව හොටෙල් එකක පිටිපස්සෙ බීච් එකේ ඉදන්... අපිත් බියර් කෑන් කීපයක්ම හිස් කරලා මගේ බයිසිමොටෝවෙන්ම ආපහු ගෙදරටත් ආවා.. එක පොලිස් නිලදරුවෙකු හිටියෙ නෑ බන් ඒ පැත්තෙ ඔක්කොම මැච් බලන්න ඩියුටි ඔෆ්... අනිත් දවසෙ වත් මදි නොවෙන්න බඩු ගනින් සැට් වෙන්න කලින්...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි වැදගත්ම දේ...."මදි නොවෙන්න" ගෙනිච්චනම් කිසි අවුලක් නෑ.

      Delete
    2. මාව අල්ලපු උන්තත් එකෙක් දෙන්නෙක් අල්ලලා ඩ්යුටි ඔෆ් වෙන්න උවමනාව තිබුනේ..

      Delete
    3. ආයේ මදි නොවෙන්නම අරගෙන යනවා..

      Delete
  16. blog ekata apu palaweni dawasy oba wenuwan kangatu wami. police station ekata genhin balloon pubana baha ema thana seal kalauti eat iten "sri lanka police???????????
    Jayawewa,
    Sajith Mendis.

    ReplyDelete
    Replies
    1. අනේමන්දා ශ්‍රීලංකන් පොලිසි ටිකක් වෙනස්නේ ඇනෝ . එයාලා නීතිය ලොකු පොඩි බලලා බෙදලා දෙන්නේ .. පහත තැනින් වතුර ගලා බසිනවා වාගේ පොඩි මිනිහට නීතිය බොහොම තදයි...

      Delete
  17. හොඳම වැඩේ.. දවස් දෙක තුනක් තියාගන්න තිබ්බේ.. වෙරි හිදෙන කම්ම...... අඩු දෙක තුනකුත් කඩලා.. හැප්පුනා නම් එහෙම...... වෙනා කාගේ හරි අඩු කැඩුවම කොහොමද කියලා දැනෙන්නත් එක්ක... හි හි

    එහෙම කිව්වට ඉතිං කොල්ලා පවු.. ඒ උනත්.. ආයිත් පාරක්... හොඳම වැඩේ....

    ReplyDelete
    Replies
    1. අනේ මට තිබුණු වෙරියක් නැහැ අප්පා... මටමයි බනින්නේ ඔන්න මම අඩනවා..

      Delete
  18. Replies
    1. ආයේ මතක තියෙනකන් පරිස්සමට තමයි..

      Delete
  19. අර හිරුවා වගේ මාත් කියන්නෙ හොඳම වැඩේ...බොන්නෙ නැතුව මැච් බලන්න බැරිද හැබෑට. මමත් ගියා මැච් එක බලන්න..ඒත් බොන්න හිතුනේ නෑ...ආ....හැබැයි ඇති වෙනකල් වතුරයි බීමයි බිව්වා. ඒත් පොලීසියෙන් ඇල්ලුවේ නෑනෙ :P

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයත් ඒ ගමන මටම බනිනවා.. කොහොමත් පොලිෂ් අය්යලා නංගිලාව අල්ලන්නේ නැහැ ළිහිණියෝ ඇල්ලුවත් එයාල අහන්නේ නම ගම උපන් අවුරුද්ද ටෙලිෆෝන් නම්බරය විතරයි ..

      Delete
  20. හරිම කණගාටුදායකයි, නමුත් ඔහොම අත්දැකීමකුත් ජීවිතේට එකතු වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකත් ඇත්ත තමයි.. එත් උසාවියට ගිහින් කුඩුවට නැගලා වැරදි කරු ස්වාමිනි කියන්න වෙන කොටසට මම වැඩිය කැමැති නැහැ .

      Delete
  21. ඔය #ත්තලා ඔහොම තමයි බං.. ඕකලාට නීතිය මතක් වෙන්නේ පොඩි එකාලව දැක්කම. අනෙක් වෙලාවට උන්ගේ නීතිය නිදිවැදිලා. ඔය නීතියම කඩපු ලොකු එවුන් කීදෙනෙක් ලඟ ඔය හාලරාමිලා නැට්ට කකුල් දෙක අස්සේ ගහගන්න ඇතිද ඊයේ දවසට. උඹට දැන් උපදෙස් දුන්න කීදෙනෙක් උන්ට ඔය උපදේස දෙන්න ඇතිද... මේක තමයි බං අපේ රටේ නියම තත්වේ. ඔය නිසාම මම මෙහෙම කතාවලට නිහඬ වෙන වෙලාවල් වැඩී. උඹ කරපු වැඩේ හරි කියලා කිවුවා නෙමේ මම. ඒත් නීතිය කොහොමද එක එකාට එක එක විදිහ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මම උඩ කමෙන්ට් එකකටත් කිව්වා... නීතිය හැමෝටම සමානව නැහැ .. ලොක්කන්ට ඒක විදියකුත් පොඩ්ඩන්ට එක විදියකුත්.. කොහොමත් එයාලා නීතිය ඕනෑවටත් වාඩා හොදින් ක්‍රියාත්මක කරනවා පොඩි මනුස්සයන්ට.. එත් බලපුලුවන්කාරයෝ කරන ලොකු ලොකු වැරදි පෙනෙනවා අඩුයි .. දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා.

      පෝය දවසට සියලුම වයින් ස්ටෝර්ස් වහද්දි රජ්‍ය පාලකයන්ගේ සහෝදරයන්ගේ ඒවා එළිපිට ඇරලා ..ඒවා වල වැඩිහරියක් ඉන්නෙත් නීතිය රකින්නෝ...එහෙව් එකේ තව මොන කතාද ..

      Delete
  22. ඕවා ජීවීතේ නියම මතකසටහන් කොල්ලෙක් නම් ඕවා තියෙන්නම ඕන..

    ReplyDelete
  23. අපෝ මැච් එක ඇහෙනකොටත් මල පයිනවා බන්

    ReplyDelete
    Replies
    1. මට මැච් එක ඇහෙද්දී මතක් වෙන්නේ අහවල් පොලිස් කාරයාගේ භාරකාරිව ..

      Delete
  24. සතුට දුක උනානේ. හැම දේටම වඩා පරිස්සම වටිනවා. ටිකක් අවධානය තිබුනනං ඔය කරදර වලින් බේරෙන්න තිබුනා.
    සිහිබුද්ධිය මදක් අඩු වෙලාවට විකල්ප සාර්ග භාවිතා කරන්න.
    ‍බස් එකක් වගේ ලොකු වාහනයක් පස්සෙන් යන්න
    නැතිනං වාහන පෝලිමක් එක්ක යන්න.

    මට හිතෙන්නේ ඔබේ දඩය රු. 10000 යි. උසාවි ගියපු ගමං කූඩුවේ. ඒක නිසා ගෝතයෙක් රැගෙන යන්න දඩය ගෙවන්න. මාස දෙතකට ලයිසන් කැන්සල්.

    ReplyDelete
    Replies
    1. ඒවා තේරෙනකොට පරක්කු වැඩි මචං .. ලයිසන් එක බේර ගන්න තමයි ට්‍රයි කරන්නේ..

      Delete
  25. එයාලා ඔයාට බැලුම් පුම්බන්න දීපු වෙලාවෙ ඔයාට කියන්න තිබුනේ මම සර් බැලුම් පුම්බන්නම් ඔයාල එහෙනම් ට්‍රේප් එල්ලන්න කියලා...

    බැලුම් පුම්බපු වෙලාවෙ අපරාදෙ පොලිස්සිය ලස්සන කරන්න තිබුණා දෙගොල්ලොම එකතු වුණානම්...

    ReplyDelete
    Replies
    1. හපොයි දෙය්යනේ ...එහෙම කිව්වනම් උන් මාව අංගොඩ යවයි මොලේ කුරුවල් වෙලා කියලා,

      Delete
  26. හැමෝම වැරැද්දක් කරපු නිසානෙ අහු වුනේ.... පොඩ්ඩන්ට විතරක් හරි අකුරටම නීතිය කෙරෙද්දිත් රටේ තත්වෙ මෙහෙම නම් හැමෝටම නීතිය එක වගේ වෙන්න ඕනෙනෙ කියලා ලොක්කොයි පොඩ්ඩොයි ඔක්කොම පොලිසියෙන් අත ඇරියොත් කොහොම හිටී ද???? ඒ නිසා මම නම් ඔයාගෙ අදහසට එකඟ නෑ ඕං....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත් නීතිය හරියටම ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි මම කිව්වේ ඇනෝ ..
      මම මේ කියනදේ සම්භන්ධයෙන් උදාහරණයක් දාලා ඇති Sarath Chandrasirita උඩ මම දාපු කමෙන්ට් එකක... ඒක බැලුවොත් තේරේවි මම කියන්නේ මොකක්ද කියල...
      ස්තුති ඇනෝගේ අදහසත් එකත් හරි..එත් මම කිව්වේ වෙනත් පැත්තක් ගැන

      Delete
  27. පොලිස් සුනඛයෝ දෙන්නෙක්ද... නීතිය ක්‍රියාත්මක කරන එක නම් හොඳයි... ඒත් ඕවා අපි වගේ පොඩි උන්ට විතරයිනේ බං... ලොකු උන් බීලා මිනී මැරුවත් කමක් නෑ... පොඩි එකෙක් බියර් එකක් බීවොත් වැරදි... උඹ ඉතින් බාර වෙන්න වගේ ළගටම ගිහින් නතර කරලානේ දුරින් දකිනකොට වාහනේ මුල්ලකට කරන්නේ නැතුව...

    ReplyDelete
    Replies
    1. ලගටම ගියාමනේ බං දැක්කේ... වයින් ස්ටෝර්ස් ඒක ලගම නිසා බොහොම හිමින් ආවේ .

      Delete
  28. මචන් චමී ඕක ගනන් ගන්න එපා බන් 1000කට බලු කපුටු දානයක් දුන්න කියල හිතා ගනින් මොනව කරන්නද? මම ඉන්දික සෞදියෙන්

    ReplyDelete
    Replies
    1. ඔව්..බං, මම හිතාගෙන ඉන්නේ රජයට මුදල් පරිත්‍යාගයක් කරන්න යනවා කියල..

      Delete
  29. ඒ බියර් බීලත් වෙරි වෙනවද??????
    නොදන්න කමට ඇහුවේ ඈ...

    ReplyDelete
    Replies
    1. මටනම් වෙරි වෙන්නේ නැහැ බං.. එත් අර පොලිෂ් බැලුමනම් පාට වෙනස් වෙනවා..

      Delete
  30. හයියෝ චමියෝ. උඹට සුලු දඩයක් විතරක් ගහලා එක දවසින් වැඩේ ගොඩ දාගන්න ලැබේවා. ඒ අර කලු කෝට් කාරයෙකුත් අල්ලන්න එපායැ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවනම් ලොකු දෙයක් බං... කලු කෝට් කාරයෙක්වත් කතාකරගෙන තියෙන්නේ..

      Delete
  31. චමී කොලුවෝ උඹව ඇල්ලුවට පස්සේ තමයි නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු පේන්න ගත්තේ. ඔය දුර ත්‍රී වීල් එකකින් ගියා නම් කීයද ? දැන් කොළඹ බොන මහත්වරු කැබ් සර්විස් වල යන්නේ. එතකොට අර අහිංසක ජීවිත වලට කරදරයක් නෑනේ. මෙච්චර ප්‍රවාහනය දියුණු කාලෙක බයික් පැදිල්ලට ගිය එක තමයි වරද.

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. මගේ ගොන් කම තමයි ..

      Delete
  32. ඒ වගේ මැච් එකක්වත් බලන්නේ නැතුව රටේ නීතිය රකින අපේ නිලධාරීන්ට අපේ ප්‍රණාමය :D

    ReplyDelete
    Replies
    1. මමත් ප්‍රණාමය පුදකරනවා ..එත් මාව අල්ලලා මැච් එක බලන්න දුන්නේ නැති නිසා එක පුදකරන්නේ නැහැ ..හික්

      Delete
  33. පුදුමයි T20 මැච් අස්සෙ පොලීසිය පාරට වෙලා ඩියුටි කරා. :D

    ReplyDelete
    Replies
    1. ඔව්..උන් එදා ඩියුටි , එක අතකට පව් කියලත් හිතෙනවා...

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...