13 October 2012

වෙස් මුහුණු නැටුම සහ සැමියාගේ හොර ඇල්ලීම .



බටහිර රටවල තියෙනවා එක විශේෂ උත්සව වර්ගයක්. ඒකට කියන්නේ හැලොවින් පාටි කියලා. ඒ පාටිවලට එන අය සැරසිලා ඉන්නේ එයාලාගේ ඇත්ත ස්වරූපය අනික් අයට නොපෙනෙන විදිහට. ඒ කියන්නේ හරියට විකට ඇඳුම් තරඟයකට යද්දී අපි වෙනත් අය වගේ වෙස්වලා ගන්නේ. එහෙම තමයි මේ උත්සවයට යන්න ඕන.
ඒ ඇඳ ගෙන යන ඇඳුම් පැළඳුම් සහ වෙස්මූණුවලට කියන්නේ හැලොවින් ඇඳුම් කියලා. තවත් සරලව කියනවා නම් ෆේස්බුක් එකේ සමහරු ඉන්නවා නේද බොරු PROFILE (FAKE PROFILE)  හදාගෙන. එයාලා කොච්චර චණ්ඩිද කියනවා නම් පවතින ක්‍රමය පෙරළන්න හදනවා, නිදහස් ලිංගිකත්වය ගැන ලොකු කතා කියනවා, විප්ලව කරනවා, ජනාධිපතිට පවා අභියෝග කරනවා. ඒත් පස්සෙ බලාගෙන යනකොට මේ කට්ටිය ඔක්කොම පෙනී සිටින්නේ බොරු නම්වලින්.
 ඇත්තටම එහෙම කට්ටියක් නැහැ. වෙනත් කාගේ හෝ නමකින් තමයි පෙනී සිටින්නේ. ඉතින් එයාලා කරන කියන දේවල් කොයි තරම් සමාජ ව්‍යසනකාරී වුණත් ඒවායේ වගකීම භාර ගන්න ඇත්තටම කෙනෙක් නැහැ.
ඔන්න යුරෝපයේ එක නගරයක ජීවත් වුණ තරුණ යුවලක් තීරණය කළා හැලොවීන් පාටියට යන්න. බිරිඳ ජේන්, සැමියා ඔස්ටින්. ඔස්ටින් හැම වෙලාවෙම කාර්ය බහුල නිසා ජේන් තනියම සාප්පු ගිහින් දෙන්නාටම අඳින්න හැලොවින් ඇඳුම් කට්ටල දෙකක් මිලට අරගෙන ඇවිත් ඔස්ටින්ගේ ඇඳුම් කට්ටලය එයාගේ කන්තෝරු කාමරයෙන් තිබ්බා. ජේන්ගේ ඇඳුම් කට්ටලය එයා ඇඳුම් අල්මාරියට දැම්මා. කලින්ම දැක්කම අගය අඩු වෙන හින්දා වෙන්න ඇති.
ඒත් ටිකක් හවස් වෙනකොට ජේන්ට තද හිසේ කැක්කුමක් හැදුණා. ඒ නිසා හැලොවින් පාටියට යන එක හිතින් අත් ඇරලා දාපු ජේන් ඇස්ප්‍රීන් පෙත්තක් බීලා නිදා ගත්තා. ඒත් එයා ඔස්ටින්ට කිව්වා පාටියට ගිහින් ටිකක් විනෝද වෙන්න කියලා. ඒ වුණාට ජේන්ගේ සැමියා ඒකට කැමති වුණේම නැහැ. එයා එක හෙළා කියා සිටියා ජේන් නැතුව මේ පාටියට යන්නේ නැහැ කියලා.
 ඒත් ජේන් දිගටම කිව්වේ එයාට ටිකක් නිදහසේ නිදාගන්න ඕන නිසා ඔස්ටින්ට තනියම පාටියට යන්න කියලා.
අපේ ගොඩාක් ස්වාමිපුරුෂයෝ වගේ බිරිඳ වෙනුවෙන් කැපවුණු බොහොම කීකරු සැමියෙක් තමයි ඔස්ටින්. ඉතින් අන්තිමේදි එයා බොහොම කනගාටුවෙන් තනියම හැලොවින් පාටියට යන්න සූදානම් වුණා. ජේන් කලින්ම ඔස්ටින්ගේ ඇඳුම කන්තෝරු කාමරයෙන් තියලා තිබුණනේ. ඒකත් ඇඳගෙන ඔස්ටින් ජේන්ගේ නළලත් ඉඹලා පාටියට යන්න පිටත් වුණා.
මේ විදිහට පැය එක හමාරක් විතර යනකොට ඇස්ප්‍රීන් පෙත්තේ බලයෙන් ජේන්ගේ හිසේ කැක්කුම අඩු වෙලා ගිහින් එයා කලින් වගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් නැගිට්ටා.
ඉතින් පාටිය තව ගොඩක් වෙලා තියෙන නිසා ජේන්ට හිතුණා තමන් නැති වෙලාවට සැමියා මොනවද කරන්නේ කියලා බලන්නත් එක්ක හැලොවින් ඇඳුමත් ඇඳගෙන පාටියට යන්න. ජේන් ඔස්ටින්ගේ ඇඳුම දැක්කට ඔස්ටින් ජේන්ගේ ඇඳුම දැක්කේ නැති නිසා තමන්ගේ බිරිඳව අඳුර ගන්න ඔස්ටින්ට බැහැනේ.
ඔන්න දැන් ජේන් හැලොවින් ඇඳුමත් ඇඳගෙන පාටියට ගියා. ගිහින් ටිකක් ඇහැ කරකවලා බැලුවා ඔස්ටින් ඉන්නේ කොහෙද කියලා. මෙන්න බොලේ ඔස්ටින් වටේ මුළු පාටියේම කෙල්ලෝ වට වෙලා. ඔස්ටින් ඒ හැම ගැහැනු ළමයෙක් එක්කම හරි හරියට නටනවා.
 නටන අතරේ සමහර අයගේ පස්සටත් පොඩි තට්ටුවක් එහෙම දානවා. ජේන්ට මේක දැකලා හොඳටම තරහා ගියා. ඒත් ඉතින් තරහ අරන් බැහැනේ. ඔස්ටින්ගේ වැඩ කිඩ තව දැන ගන්නත් එපැයි. ඒ නිසා ජේන් ටිකක් ඇඟ පත එහෙම ගස්සලා අඹරලා ඔස්ටින්ට පේන හරියකට ගිහින් නටන්න පටන් ගත්තා.

 කෙල්ලෝ වට කරගෙන නට නටා හිටිය ඔස්ටින් ජේන්ගේ මේ වසඟකාරී නැටුම දැක්කා. දැකලා එච්චර වෙලා එයා එක්ක නට නටා හිටිය කෙල්ලෝ ටික අතෑරලා ජේන්ට කිට්ටු කළා.

ඔස්ටින් දන්නේ නැහැනෙ මේ ජේන් කියලා.
දැන් දෙන්නා එක්ක හොඳට නටනවා. සාමාන්‍යයෙන් තමන් එක්ක නටන ඩාන්සින් පාට්නර්ව අනවශ්‍ය විදිහට අත පත ගාන්න බැරි වුණත් ටිකකින් ඔස්ටින් ජේන්ගේ ඇඟපත එහෙමත් අල්ලන්න පටන් ගත්තා. ඒත් ජේන් ඒකට විරෝධයක් පාන්න ගියේ නැහැ. මොකද ඉතින් තමන්ගෙම සැමියනේ, අනික එයා ඊළඟට මොකක්ද කරන්නේ කියලා ජේන්ට බලා ගන්නත් ඕනනේ.
මෙහෙම නට නටා ඉන්න අතරේ ටික වෙලාවකින් ඔස්ටින් ජේන්ගේ කනට කොඳුරලා පොඩි යෝජනාවක් කළා. ජේනුත් ඒකට කැමති වුණා. ඊට පස්සේ දෙන්නාම ඩාන්සින් ෆ්ලෝර් එකෙන් ඈතට ගිහින් ගා(ර්)ඩ්න් එකේ තරමක් අඳුරු පැත්තකට ගිහින් නොපෙනී ගියා. හැබැයි තාමත් දෙන්නම ඉන්නේ වෙස් මුහුණු දාගෙන.

කාර්යය අවසානයේ පැය බාගෙකින් විතර දෙන්නම ආයෙත් ඩාන්සින් ෆ්ලෝර් එකට ආවා.
සාමාන්‍යයෙන් රෑ 12 ට මේ හැලොවින් පාටිවල නටන අය තමන් දාගෙන ඉන්න වෙස් මුහුණු (UNMASK)  ගලවලා තමන් කවුද කියලා අනිත් අයට හඳුන්වලා දෙන්න ඕන. ඒත් රාත්‍රී 12 වෙන්න කලින් ඔස්ටින්ගෙන් ගැලවුණු ජේන් වේගයෙන් නිවස බලා ඇවිත් ඇඳුම් මාරු කරගෙන තරහෙන් පුපුර පුපුර ඒත් සන්සුන් ලීලාවෙන් පොතක් කියවන්න පටන් ගත්තා.
අනේ මෙහෙමත් චපල පිරිමි, දැන් ආවාම මොකද කියන්නේ කියලා බලමුකෝ කිය කියා හිත හිතා ජේන් ඉන්නවා.
ඔන්න ටිකකින් හස්බන්ඩ් ගෙදර ආවා. එතකොට ජේන් ඉන්නවා පොතක් කියව කියවා. හස්බන්ඩ් දැකපු ගමන් ජේන් ඇහුවා

ආ..කොහොමද පාටිය, නැගලා ගියාද?” කියලා.
අයියෝ දන්නෙ නැද්ද, හරි බෝරිං පාටිනේ. ඔයත් නැහැනෙ. එතකොට ඒකෙ කිසි ගතියක් නැහැ ඩාලිං ඔස්ටින් කිව්වා.
දැන් ජේන්ට හරි තරහයි. ඔන්න මිනිහා බොරු කියන්න පටන් ගත්තා කියලා හිතපු ජේන් අත ඇරියේ නැහැ. මෙහෙමත් ඇහුවා.
ඇත්තද, ඉතින් පොඩ්ඩක්වත් ඩාන්ස් කළේ නැද්දකියලා. ජේන්ට මැවිලා පේන්න ගත්තා ඔස්ටින් ගෑනු ළමයි බදාගෙන නටපු හැටි.

ඇත්තටම මට ඔයාට පොඩි පාපොච්චාරණයක් කරන්න තියනවා ඩාලිං. ඇත්තටම පැටියෝ මම පාටියට ගියාම පීටරුයි, ජොනීයි, ටෝනියි හම්බවුණා. එයාලටත් මට වගේම පාටිය බෝරිං කිව්වා. ඉතින් අපි හතර දෙනාම ගියා ඩාන්ස් කරන්නෙ නැතිව බිලියඩ් ගහන්න ස්ට්‍රීට් ක්ලබ් එකට.

හැබැයි නියම වැඩේ කියන්නෙ මගේ හැලොවින් ඇඳුම ඉල්ලගත්ත එකා නම් මට ඇවිත් කිව්වා ඌ පාටියේදී සෑහෙන්න විනෝද වුණා කියලා

49 comments:

  1. කොහෙන්ද අප්පා මේක හොයා ගත්තේ... මරු වැඩේනේ වෙලා තියෙන්නේ... හිනා කාලා මැරෙනවා...

    ReplyDelete
    Replies
    1. හොද වැඩේ ගෑනුන්ට ...නෙහ්

      Delete
  2. අයියෝ ජේන්... :) :)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  3. හික්ස්....චමීත් හොයාගන්න කථා....

    ReplyDelete
  4. පස්ටයි බොල... ඇත්ත වුනත් බොරු උනත් ඔන්න ඕවා තමයි නියම කථන්දර....

    ReplyDelete
  5. මලා.......... මරු වැඩේ

    ReplyDelete
  6. කම්මැලිකමෙන් ඉද්දි චමියගෙ කතාව කියෙව්වාම අළුත් අදහසක් පහළ උනා. ලංකාවෙ නැද්ද බං මෙහෙම පාටි හැබෑටම ඈ. මමත් යනව හැලොවින් කිටක් ගහගෙන පොඩ්ඩක් ඔළුව දාන්න.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තිබුනනම් මමත් යනවා.... තව ඉස්සරහට ලංකාවෙත් තියෙයි බං

      Delete
    2. මොකද නැත්තේ? තරු හෝටල් වල තියෙන්නේ හැලෝවීන් පාටි..

      Delete
  7. මලා ජෝන්.... හි හි...... ජේන් කට වහගෙනම ඉන්න ඇති නේ.... හි හි

    ReplyDelete
    Replies
    1. කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක් නෙමේනේ ජේන් කරගෙන තියෙන්නේ...හික්

      Delete
    2. අක්කේ මල ජෝන් කියන්න එපා. අපේ ලොකු ජෝන් අයියට මල පනීවි. hikizzzzzzzzz

      Delete
  8. හපොයි.. මදැයි කොලා... ජේන්ට වහ කන්ඩ හිතෙන්න ඇති..

    ReplyDelete
  9. හැබෑටම පව් ගෑනිගෙ මනුස්සයා

    ReplyDelete
  10. හේ හේ... මාර වැඩේ... මදෑ හොර අල්ලන්න ගියා..

    ReplyDelete
  11. හෙහ්.. හෙහ්.. පට්ට කතාව බං.
    මම අදමයි මේ පැත්තට ආවේ. සිරා සයිට් එක සහෝ.. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අගය කිරීමට...ආයේ ඇවිත් යන්න..එන්න

      Delete
  12. යාලුවෙක්ට චාන්ස් එකක් දුන්න වෙන්න බැරි නැද්ද ?

    ReplyDelete
    Replies
    1. හික්.. එහෙම යාළුවො අපිට නැහැනේ ....:D

      Delete
  13. chami aiya kathawa maru ah....oyage blog eka sira....

    ReplyDelete
  14. ayyo salaryyyyyyyyyyyyyy.........

    ReplyDelete
  15. අනේ දෙයියයනේ ජේන්...

    ReplyDelete
  16. හොඳ නිර්මාණයක්

    ReplyDelete
  17. Patti.......Ganu ohamai godak welawata ana ganwa sakaya nisa.
    Jayawewa,
    Sajith Mendis.

    ReplyDelete
  18. කතාව කලින් කියවලා තිබ්බා. :) පව් අසරණ ජේන්.. ඔය ඇල්ලුවේ හොරෙ.

    ReplyDelete
  19. ජේන්ට තමන්ගෙ මහත්තයගේ කටහඩ අදුරන්න දන්නේ නැතුව ඇති.පව්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මුහුණ වහගෙන ඉන්නකොට කට හඩත් ටිකක් වෙනස් වෙනවනේ අනේ...

      Delete
  20. පට්ට කතාව බං ... සිරා ඈ . මට මේ‍ක මිස් වෙලා

    ReplyDelete
  21. janeta happy athi.. husbandtane mokuth wasiyak wela naththe. Jane party ekedi wechcha de gana duk wela nane. :D :D

    ReplyDelete
  22. අනේ අපරාදේ මෙහෙ ඕව නැහැනේ,.......

    ReplyDelete
  23. මල කෙලියයි..... :D

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...