01 October 2012

දෙනොදාහක් ඉදිරියේ පච උනෙමි ...


මගේ ජිවිතයේ ගොඩාක්ම අපහසු තාවයට පත්වූ දවසක් ගැන මතකයක් තමයි මේ ...
සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙලට මට වෙනත් පාසලකට යන්න උනා ..  අලුත් පාසලක් අලුත් සිසුන් .. පාසලේ පරණ අය කොහොමත් අලුතින් ආව අය එක්ක මුලින් වැඩිය කතාවට එන්නේ නැහැනේ .. මටත් එකතු වෙන්න උනේ මම වාගේම වෙනත් පාසල් වලින් ආව කොල්ලෝ හතර පස් දෙනෙක් එක්ක විතරයි...

ඔය කාලේ වෙනකොට කැම්පස් වලින් සේන්දු වුන රැග් මේනියාව  පාසල් වලත් පැතිරෙමින් තිබුනා දරුණු වට නෙමේ සුලුවට. බොහොම සුළු ක්‍රියා කාරකම් උනත් සමහර දේවල් නිසා නවකයන්ට ගොඩක් අපහසු තත්වයන්ට මුහුණ දෙන්න උනා මට  වගේ ....

පාසලට ඇවිත් දවස් කිහිපයක් යනකොටම... මගෙත් එක්ක හිටිය අලුත් එකෙක්ව රැග්  කරන සෙට් එක එක්ක ගියා... මමත් බලාගෙන උන්නේ..

එක්ක ගිහින් ඌව  ඩේස් එකක් උඩ නංගලා කෙල්ලෙක් ඇවිත් කොස්සකින් මයික් එකක් හදලා දුන්නා (මේක ම්ශ්‍ර පාසලක් )  දැන් ඉතින් මුට තියෙන්නේ  එතන ඉන්න කෙල්ලොයි කොල්ලොයි ඉල්ලන ගීත ඉල්ලීම් ඉටු කරන එක.. බලාගෙන ඉන්නකොට හිනහ ගියත් අලුතින් පාසලකට ආව කෙනෙක්ට ඔය වගේ වෙලාවක පොඩි චකිතයක් ඇතිවෙනවා...

ඒ වෙලාවේ ඉදලම මගේ පපුවත් ගැහෙන්න ගත්තා කොයි වෙලාවක හරි මටත් මේයිට සමාන දෙකට මුහුණ දෙන්න වෙනවා නේද කියල... ඉතින් එකෙන් බේරෙන්නත් මම පොඩි ප්ලෑනක් ගැහුවා ඒ තමයි .. රැග්  කරන සෙට් එකේ උන්ව යාලු කරගන්න එක...

එදා ඉදල මම උන්ව දැක්ක වෙලේට දත් ඔක්කොම පෙන්නලා ඔලුව පාත් කරලා හිනා වෙන්න ගත්තා . උදේට උන්ව දැක්ක තැන ගුඩ් මෝර්නින්  කියන්න ගත්තා .. මේ ඔක්කොම ඩේස් උඩ නැගල සින්දු කියන්න වෙයි කියන බයට කරපු වැඩ ...  

සින්දු කියා ගැනීම කෙසේ වෙතත් මට තිබුණු ගැටලුව අදුනන්නේ නැති කෙල්ලෝ කොල්ලෝ දහයක් දොළහක් බලාගෙන ඉන්නකොට ඉස්සරහට ගිහින් ඉදිරිපත් කිරීමක් කරන්න බැරි එක.. හදිසියෙවත් එහෙම උනොත් දහදිය දාලා අතපය වෙව්ලලා  ගැහෙන්න ගන්නවා .. ඒ තරම් සබකෝලයද මොකක්ද කියන මෙව්වා එක මට තිබුනා ...

ඉතින් කොහොමින් හරි රැග් කරන්න අය්යලා ටිකව දන්නා දාන්ගැට දාලා දවසින් දෙකින් යාලු කරගන්න පුළුවන් උනා මට.. වැඩි කාලයක් අරින්නේ නැතුව මම උන්ගේ ලොකු එකාට දවසක් කතා කළා ..

“මේ අය්යේ ඔය ගොල්ලෝ මට රැග් කරන්න එපා හොදේ...”

ඒක කිව්වා විතරයි ඌට හිනහා ගියා .. මම වැරදි දෙයක් කිව්වද මන්දා..

“ඇයි උබ රැග් කරනවට බයද ?”

“නෑ මට ඔය දහ දොළොස් දෙනක් ඉන්න තැනකට ගිහින් සින්දුවක් තියා කථාවක්වත් කරගන්න බැරි අවුලක් තියෙනවා එකයි  “

“ආ,,, එහෙමද ... බය වෙන්න එපා අපි උබට එහෙම කරන්නේ නැහැ උබ හොද එකානේ ....

එහෙම කියලා එයා යන්න ගියා .. දැන් ඉතින් මට බයවෙන්න හේතුවක් නැහැ වැඩේ ගොඩ... එහෙම තමයි මම හිතාගෙන හිටියේ.....

මේ වෙනකොට මම පාසලට ඇවිත් සතියයි... සිකුරාදා දවසක්.. සිකුරාදා වේලස්සනින් පන්ති අස් පස් කරලා ළමයි හරි කලබලෙන් එහෙ මෙහෙ යන්න ගත්තා ..

“අද මොකක්ද තියෙන්නේ කොහොද මේ කට්ටියම යන්නේ “
“අද සාහිත්‍ය සමිතියේන්  සංගීත වැඩ සටහනක් සංවිධානය කරලා තියෙනවා .. ඔක්කොම මේන් හෝල් එකට යන්න ඕනේ...” 

මමත් යන අයත් එක්ක එකතුවෙලා හෝල් එකට ගියා .. හෝල් ඒක පිරෙන්නම ළමයි .. මමත් පිටි පස්සටම වෙන්න ගිහින් හිටගත්තා..

එදා තිබුනේ ගායන තරගයක් ..  පහළොවක් විතර තරගයට නම් ලබා දීලා තිබුනා වගේම හරිම ලස්සනට ගීතත් ගායනා කාලා .. මමත් ඉදගෙන ඒවා රස වින්දා..

ඔහොම හත් අට දෙනෙක් කිව්වට පස්සේ . නිවේදකයා ඊළගට කියන කෙනාගේ නම කතා කරලා වේදිකාවට එන්න කිව්වා... ඒ කිව්වේ මගේ නම වාසගමත් එක්කම..

නම කිව්ව වෙලාවේ මම බැලුවේ කෙලින්ම රැග් කරන සෙට් ඒක ඉන්න පැත්ත.. උන් මගේ දිහා බලාගෙන උඩ පැන පැන හිනහා වෙනවා ...  මට තේරුනා වැඩේ මුන් ටික  මගේ නම සාහිත්‍ය සමීතියට දීලා සින්දු කියන තරගෙට...

මම කෙලින්ම ගියා උන් ලගට...

“මට බැහැ සින්දු කියන්න කවුද මගේ නම දැම්මේ...”

“කවුරු හරි කෙනෙක් විහිළුවට  දාන්න ඇති මල්ලි උබට සින්දු කියන්න බැරිනම් අර ස්ටේජ් එකේ ඉන්න මිස් ට විස්තරේ කියලා ෂේප් එකක් දාගෙන වරෙන් ..දැන් පලයන් උබේ නම කතාකරනවා...”

මොනවා කරන්නද මමත් ඉතින් ස්ටේජ් එකට නැග්ගා හිතට දිරිය අරගෙන ..සින්දු කියන්න නෙමේ අර මිස් ලගට ගිහින් ෂේප් එකක් දාලා ආයෙත් යන්න හිතාගෙන ...

ස්ටේජ් එකට කකුල තියනකොටම  හතර අතෙන් අත්පුඩි ගහන්න ගත්තා ..  ඔකොම ළමයි හිතාගෙන ඉන්නේ මම සින්දු කියන්න නැග්ගා කියල්ලා... උන් දන්නේ නැහැනේ මට වෙලා තියෙන අකර තැබ්බ..

මම ස්ටේජ් එකට නැගලා හිමිට ගියා අර මිස් ලගට .. එයා තමයි සාහිත්‍ය සංගමේ භාරව ඉන්න කෙනා...

“ඔව් පුතා ඇයි “

“අනේ මිස් මට සින්දු කියන්න බැහැ “

“මොකක් එහෙනම් මොකටද තරගෙට නම දැම්මේ “

“ මම නම දැම්මේ නැහැ කවුරු හරි විහිලුවට මගේ නම දාලා තියෙන්නේ .. මම ඉස්කෝලෙට අලුතින් ආවේ “

“දැන් කරන්න දෙයක් නැහැ ළමයෝ ස්ටේජ් එකට නැගල ආයෙ බැහැල යන ඒක ඔයාටමයි හොද නැත්තේ.. ඔන්න ඔහේ ගිහින් මොකක් හරි කියලා යන්න “

“අනේ මිස් මම සින්දු කියන්න දන්නේ නැහැ “

“ විකාර කරන්නේ නැතුව යන්න ළමයෝ ..ගිහින් මොකක් හරි කියලා යන්න “

එහෙම කියලා මිස් මාව ස්ටේජ් ඒක පැත්තට තල්ලු කලේ නැතෑ... මිස් හදන්නෙත් මාවම ලජ්ජා කරන්නද කොහෙද...

කරන්න දෙයක් නැතිම තැන මම ගිහින් ස්ටේජ් එකේ මැදින්   හිටගෙන ඉස්සරහ බැලුවා... හප්පේ ඉන්න ළමයි ගොඩ .. ඔකොමගේ ඇස් තියෙන්නේ මගේ දිහාට ..
මගේ සරුවාන්ගෙම දහඩියෙන් තෙත් වෙලා... ඒ මදිවට අතපය වෙව්ලන්නත් පටන් අරගෙන ..  සංගීතය සපයන මැන්ඩලින් කාරයා නැතත් ප්‍රස්නයක් නැහැ මගේ කකුල් දෙක මැන්ඩලින් තාලේටම වෙව්ලනවා ..තබ්ලාව විතරක් තිබුනනං හොදටම ඇති...

මම විනාඩි කිහිපයක් ළමයින් දිහා බලාගෙන හිටියා කර කියාගන්න දෙයක් නැතිව .. සමහර විට උන්ට මාව ජෝකර් කෙනෙක් විදියට පෙනෙන්න ඇති.. ටිකෙන් ටික ළමයින්ගේ සද්දේ වැඩි වෙලා හිමීට හුවක් දෙකකුත් ආව...  සාහිත්‍ය සංගමේ සභහපති ට දෙතුන් විඩක් නැගිටලා සභාව නිශ්ශබ්ද කරන්නත් සිදු වුනා ...

මම තවමත් ස්ටේජ් එක මැද්දේ නිශ්ශබ්දව ..ඒ  අතරේ අර මිස් නැවතත් මගේ ලගට ආව ...

“ඉක්මනට පටන් ගන්න ළමයෝ වෙලාව යනවා ..අර ළමයි ඔයාට හූ කියනවා ලජ්ජා නැද්ද “
“අනේ මිස් මම සින්දු දන්නේ නැහැනේ “

ඇත්තටම මට ඒ වෙලාවේ සින්දු මතක තිබුනේ නැහැ .. මතක තිබුනත් පාසලක කියන්න තරම් සුදුසු සින්දු මතකේ තිබුනෙම නැහැ .. ඒ කාලේ අහන්නෙම ලව් සින්දු බුට්‌ සින්දු විතරනේ .. මොකද අනිත් උන් වගේ මම සින්දු කියන්න සුදානම වෙලා ආව කෙනෙක් නෙමේනේ මෙතනට ::

“ සින්දු මතක නැත්නම් රෝස මලේ නටුවේ කටු ..සින්දුව වත් කියන්න ... එහෙම කියලා මිස් යන්න ගියා...

දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ ..වෙව්ල වෙව්ල හරි සින්දු කියන්නම වෙනවා... මම මතක් කාලා සින්දුවක්.. මුකුත් මතකෙට එන්නේ නැහැ බයටම..

ටික  වෙලාවකින් මට එකක් යන්තම් මතක් උනා ..දවස් දෙක තුනක් ටීවී එකෙන් ඇහුනු සිංදුවක් සින්දුව ලස්සන නිසාම මුල් පද ටික මට මතක තිබුනා ... සම්පුර්ණ සින්දුවම මතක් කරලා බලන්න තරම් වෙලාවක් තිබුනේ නැහැ..  මම හිතාගත්තා මුල් ටික කියනවා කියාගෙන යනකොට අනිත් කොටස් මතක් උනොත් හරි නැත්නම් සොරි කියලා..හිතාගෙන මම පටන් ගත්තා... (මේ වෙනකොට සභාවම කාල ගෝට්ටියක් වෙලා තිබුනේ )
මම ගීතය පටන් ගත්තා... බිම බලාගෙනම ..

දෙවැනි බුදුන් ලෙස ලොව මැවුවම් කල..
ලොවට පිදුම් ලද ලොවට උතුම් ලද ....
 අම්මා ..............///

ඒ ටික තාලෙට කියල්ලා සංගීතය යන අතරේ මම සභාව දිහා බැලුවා .. සභාව කිසිම සද්දයක් නැහැ මීයාට පිම්බා වගේ.. ඔක්කොම මගේ හිතය අහගෙන ඉන්නවා.. දැන් මගේ බයත් ටිකක් විතර අඩු උනා .. දෙය්යන්ගේ පිහිටෙන් ඉතිරි පද ටිකත් මතක් උනා ...

දෙසවන සනසා මා නැලවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි..
ඒ මියැසිය අද මා ගයනා දින ..
මා සිප ගන්නට ඔබ මා ලග නැත ...
අම්මා....///

සින්දුවේ අවසාන කොටස මම කියනකොට .. සභාහවෙන් හීන් හඩින් ගීතයේ තාලයට අත්පොලසන් ගහන්නත් පටන් ගත්තා...

ඇසට හඩන්නට කදුලැලි දුන් ඔබ..
ලතැවුල් දරනා ..දිරිය ලබාදුනි ..
ඒ දහිරියෙන් ලොව ජය ලබනා දින..
මා සිප ගන්නට ඔබ මා ලග නැත...
අම්මා ....අම්මා...ආ . ආම්මා..

ගීතය ඉවර උනා විතරයි.... මට ඉස්සෙල්ලා ගායනා කරපු කාටවත් නොලැබුණු තරම්.. විශාල අත්පොලසන් නාදයක් ලැබුනා.. මම සභාවේ පිටිපස්සටම ගිහින් වාඩි වෙනතුරුත් අත්පොලසන් නාදය නතර උනේ නැහැ.
මමත් සතුටින් හිටියේ..සින්දුව හොදින් කිව්වට නෙවෙයි..ඒ පත් වෙලා උන්නු අපහසු තාවයෙන් මිදුනට..

ලොකු හුස්මක් අරගෙන එහෙම හිත සැහැල්ලු කරගෙන .. ඉතිරි ගයක ගායිකාවන්ගේ ගීතත් අහලා අවසානයේ ජයග්‍රහණය කරපු තිදෙනාට තෑගී ලාබදෙන මොහොත උදා උනා ... මම නම් හීනෙකින්වත් තෑගි බලාපොරෝත්තු උනේ නැහැ ....

තෙවැනි ස්ථානය ..අපේ පන්තියේම  කොල්ලෙක් හිමිකරගෙන තිබුනා , දෙවැනි ස්ථානය අපිට වඩා ඉහල පන්තියේ ගැහැණු ළමයෙක්ට..

ප්‍රථම  ස්ථානය කියන්න ටික වෙලාවක් ගත්තා ගුරුවරු කිහිප දෙනෙක් ප්‍රථිපල බලලා සාකච්චා කිරීමෙන් අනතුරුව ... ප්‍රථම ස්ථානය හිමිකරගත් කෙනාගේ නම කිව්වා...

ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබුනේ මම... ඔව් මේ මම තමයි      :D

ඒ වෙලාවේ ස්ටේජ් එකට ගොඩවෙන්න නම් මට බයක් ඇතිවුනේ නැහැ...

මට හිමි තාග්‍යය ලබා දුන්නෙත් අර මිස් ගේ අතින්මයි.. තාග්‍යය දෙන ගමන් .. මිස් මට විතරක් ඇහෙන්න හිනහවෙලා  මෙහෙම කිව්වා...

“ සින්දු කියන්න බැහැ කිය කියා මෙතන ඇබරිල  දැන් තෑග්ගත් අරගෙන යනවා නේද ...”

එයින් පස්සේ මට ස්ටේජ් වලට නගින්න තියෙන බයත් ටිකෙන් ටික අඩුවෙලා ගියා... අදටත් ඔය ගීතය ඇහෙන වාරයක් පාසා මට ඔය සිද්ධිය මතක් වෙනවා... !!!!!


-------------------------------------------------------------------------------------------

70 comments:

  1. හොඳ ගීතයක්නේ කියලා තියෙන්නේ. නමුත් මේක දුන්නේ ගායන හැකියාවටද එහෙම නැත්නම් ගීතයටද කියලා හොයලා බලන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. ඒක තමයි , ගීතයටත් ලකුණු හිහිපයක් වැටෙන්න ඇති . තොරන්නේ ගායනයට තමයි බං

      Delete
    2. අනෙක තමයි චමියෝ ඔය සබකොලයද මොකක්ද කියන මෙව්වා එක මටත් තියෙනවනේ. හිකිස්. හැබැයි දීල තියෙන්නේ පට්ට පනිෂ්මන්ට් එක.

      Delete
    3. ඔව් උන්ට බටර් ගාගෙන ෆිට් එකේ ඉන්න හදපු මට තමයි ලොකුම ගේම දුන්නේ...

      Delete
    4. මාතලන් - ++++++++++++++++++++

      Delete
    5. ඔන්න අද තමයි උඹේ බ්ලොග හොයා ගත්තතේ !!!!!!!!ඔය වැ‍ඩේ ගොඩ දාගෙන තියෙන්නේ ලස්සනට !!!!! :D :D

      Delete
    6. මගේ දක්ෂ කමක් හින්දා ගොඩ ගියා නෙමේ බං..පෙර පිනක් පඩිසන් දුන්නා..

      Delete
  2. ඉල්ලාගෙනනේ කාලා තියෙන්නේ ඒත් කාපුවා රහයි නේද. ඊටපස්සේ හොඳ ඉල්ලුමක් තියෙන්නත් ඇති මයෙ හිතේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉල්ලගෙන කාපු කෑමක් තමයි.. ඔය සිද්දියෙන් පස්සේ පොඩි පහේ ජනප්‍රියත්වයක් නම් ලැබුනා..

      Delete
  3. මම නම් රැග් කාල නෑ. පොඩි කාලෙ ඉඳන්ම ගියෙ එකම ඉස්කෝලෙට නෙ. ඒ උනාට ජීවිතේට පන්තියෙ රැස්වීමකවත් ඉස්සරහට ගිහිල්ල නෑ. ඒ තරමට අර සබකෝලෙද මොකක්ද එක මටත් තිබුන.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙත් අලුත් නිසා සබකොලේ වැඩි ... පස්සේ ඒවා හරි ගියා..

      Delete
  4. මටනං හිතෙන්නේ අර අයියලා උඹට කෙලවන්ඩ කරපු දෙයක් නෙමෙයි, උන් හිතන්ඩ ඇති උඹේ සුළු මානසික රෝගය සුව කරන්ඩ , අර ටීචරුත් එහෙමයි . එයත් උඹව හදාගන්ඩ කරපු වැඩක්, කොහොම උනත් උඹ ඇදගන නාලා තියෙන්නේ.

    මොනකක්ද ලැබුන තෑග්ග.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා උන් මොන අදහසකින් කොලාද කියලා... එත් මම අරහෙම එකෙක්ට කිව්ව නිසයි මාව දාලා තියෙන්නේ.. මම ඉල්ලගෙන කාලා තමයි ...

      බුක් ෂොප් එකකින් අද්‍යාපන උපකරණ පොත් පත් ගන්න තෑගී වවුචරයක් සහ පොඩි කුසලානයක් ..

      Delete
  5. සබකෝලෙද මොකක්ද කියන එක මට නම් ඒතරම් තිබුනේ නෑ . ඒත් මම වැඩකල ඉන්ස්ටිටියුට් එකේ උගන්වන්න ආ මුල් දවස් වල මොකක්ද මන්දා අමුත්තක් දැනුනා වචන ගොඩ ගැහෙන වාර පවා එමටයි . ඒත් ඒකෙන් ගත්ත පන්නරය නිසා අද ලක්‍ෂයක් දෙනා ඉදිරියේ වුණත් බය නැතිව ආසාවෙන් කතාවක් කල හැකි හැබැයි අමු සිංහලෙන් ...

    උඹ කියලා තියෙන්නේ මරු සින්දුවක් මට හිතාගත හැකි උඹ ඒමොහොතේ ලාවට වගේ කටහඩේ වෙවුලීමක් එක්ක සින්දුව කියනවා එතකොට සින්දුවේ ගතිය තවත් වැඩිවෙනවා ..

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඒ ප්‍රස්නේ නැහැ.. එත් සමහර වෙලාවට.. නැතුවමත් නැහැ.

      ඔව් උබට හිතුනා හරි එහෙම තමයි උනේ.. එත් සිංදුවේ බාගයක් කියනකොට බය අඩු වෙලා පොඩි ෆිට් එකක් ආව.. ඊට පස්සේ ඕනේ උනේ උපරිම හොදට කියන්න.. මම ගායනයට දක්ෂයෙක් නෙමෙයි.. එත් ඒ වෙලාවේ මොකක්දෝ හේතුවකට මම ගොඩ හියා...හිකිස්

      ස්තුති සදරු මේ පැත්තේ ආවට..

      Delete
    2. ආ මම නිතරම මේ පැත්තේ එනවා . ඒත් කමෙන්ට් දාන්න තමා මට බැරි වුණේ ..

      Delete

  6. හින්දි ෆිල්ම වලත් වෙනව ඔහොම දේවල්.... බොරුනම් DDLJ බලපන්

    ReplyDelete
    Replies
    1. ඇත්තද බං.. මේකත් ෆිල්ම් එකක් වගේ තමයි..

      කියන්නේ DDLJ ෆිල්ම් එකේ නමද.. හොයාගෙන බලන්න ඕනේ..

      Delete
  7. අරැන් බලු කමට හරි හොඳකමට හරි කරලා තියෙන්නේ හොඳ වැඩක් කියලා හිතුනේ නැද්ද...?

    ස්‌ටේජ් එකට ගිහින් අරං ආවේ වවුචරේ සහ කුසලානේ විතරක් නෙවෙයි.... ඔයාගේ ආත්ම ශක්තිය..... එහෙම හිතෙන්නේ නැද්ද.....

    ( තෑග්ග දීලා තියෙන්නේ තෝරා ගත් ගීතයට.... හි හි)

    ඕක කියන්න හරිම අමාරු සින්දුවක්... මට මතකයි සුපර් සටර් එකකදි ( මලිත් ද කොහෙද) ඔය සින්දුව කිව්ව දවසට පස්සේ ඇක්සිඩනට් උ‌ෙන්... අම්මෝ ඒ දවස්වල ඌට වෝට්ස් ආවේ වතුර වගේ...

    ReplyDelete
    Replies
    1. තෑගි කෙසේ වෙතත් නම්බුව බේරාගෙන එන්න පුළුවන් ඒක ගැන තමයි මම සතුටු උනේ..

      ගීතය ටිකක් අමාරුයි තමයි..

      සුපර් ස්ටාර් පළවෙනි එකේ ඔය සින්දුව කිව්වේ එකොලොස් වෙනියට අයින්වුන එක්කෙනා..මලිත් නෙමෙයි.. එයාගේ නම නම් මතක නැහැ ..

      Delete
    2. නෑ බං ඌත් කිව්වා....

      හොස්පිට්ල් ඉන්නකොට ගත්ත වීඩියෝ වලට ඌ ඔය සින්දුව කියන ඒවා අස්සෙන් මුල්ලෙන් දාලා ඒ දවස්වල හැමතිස්සේම ගියා... ඒකයි මට ඕක මතක.. හි හි...

      Delete
    3. හික්.. එහෙමද බං.. ඇක්සිඩන්ට් ඒක නිසා කොහොමින් හරි මලිත් අවසාන වටේට ආවනේ.. නැත්නම් අමිල පෙරේරා අවසාන වටයට එන්න තරම් දක්‍ෂයෙක්..

      Delete
  8. හෙහ් හෙහ්.... වෙලාව බං වෙලාව :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. වෙලාවේ පොඩි හොදක් තිබිලා..

      Delete
  9. මේක කියන්න නම් විශේෂ හැකියාවක් ඕනෙ නැහැ. තමන්ගේ අම්ම ගැන හිතන ආදරේ කරන ඕනෙ කෙනෙක්ට මේ ගීතය නිකම්ම කියවෙනවා. ඒකනේ ඔබට නිකම්ම මතකයට ආවෙත්. ඒ කියන්නේ ඔබේ අම්ම තමයි ඔබව ඒ අපහසුතාවයෙන් මුදවා ගත්තේ. ඒකයි ළමයෝ අම්මෙක්ගේ විශේෂත්වය. ඒක දැනෙන්නේ කවද හරි ඔයාත් දරුවො ඉන්න පියෙක් වුණුදාකටයි.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කථාව සියට සීයක් හරි.
      මම කොහොමත් මව් ගුණ ගීතයන්ට වැඩි කැමැත්තක් දක්වනවා ඒ ගීත ඒක පාරක් ඇහුනත් වචනත් තනුවත් නිවැරදිව මතකේ තියෙනවා.. ඒ නිසා තමයි එවැනි ගීත වැඩි අසීරුවක් නැතිව කියවෙන්නේ.

      උදාහරණ:-
      ආදරයේ උල්පතවූ අම්මා..- වික්ටර්
      මෑණියනි - ක්ලැරන්ස්
      බෝ මළුවේ මල් සුවදට පැටලී - සනත් නන්දසිරි

      මේ තියෙන්නෙත් ඒ වගේම මතකයේ රැදුණු ගීත ...

      Delete
  10. මටත් ඔය සබකොලේ උපරිමට තියෙනවා බන්,උඹේ ස්ටෝරිය නිකන් ෆිල්ම් එහෙක වගේ :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. කවදාවත් අමතක නොවෙන සිදුවීමක් බං..

      Delete
  11. ඇඩෙන සිදුවිමක් නොවෑ බන්..
    කතාව කියවන් යද්දි මැවිලා පෙනුනා බොට වුනු අපහසුතාවෙ..
    කෙසෙ වෙතත් සබකෝලෙ නම් මටත් මහම මහ හිසරදයක්

    ReplyDelete
    Replies
    1. හික්..එහෙමද..ඔය කෝලය ඇර ගන්න නම් එවැනි අවස්ථාවලට වැඩි වැඩියෙන් මුහුණ දෙන්න වෙනවා...

      Delete
  12. මොන තරම් සුන්දර සිදුවීමක්ද..ඒ ගීතය අදටත් ඇහෙද්දි...සිතින් ඔබ විඳින වින්දනය හිතාගන්න පුලුවන්....
    අම්මා කෙරෙහි ඔබ තුල ඇති ආදරය භක්තිය ඒ මොහොතේ ඔබ තුලින් මතුවෙන්න ඇති...
    ඒකයි පලවෙනිය වුනේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ගොඩාක් දුරට ඔයා හරි ..

      Delete
  13. යකෝ මේ ගිටාර් ගගහා සින්දු කියන එකා නේද මේ දනිස් දෙකෙන් මැන්ඩලින් ගහලා තියෙන්නෙ.
    කොහොමත් ඒ වෙච්ච දේ උඹේ ගමන් වග වෙනස් කරපු එක නම් සහතිකයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. ඒ කාලෙත් ගිටාර් ගහනවා පුංචි සංගීත කණ්ඩායමකුත් තිබුනා .. පහු කාලේ ස්ටේජ් වලට ඇති පදම් නැගලා ගිටාර් ගහලා තියෙනවා කණ්ඩායමක් සමග... එත් කණ්ඩායමක් එක්ක ඉන්න එකෙයි තනිවම ඉදිරිපත් කිරීමකයි ලොකු වෙනසක් තියෙනවා ..

      Delete
  14. සින්නො ටික හොද වැඩක් කරලා තියෙන්නෙ මොනවා වුනත්....

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එහෙම කියන්නේ..මම පව්නේ...

      Delete
  15. බැහැයි කියලා බැහැයි කියලා බෑ :D

    ReplyDelete
    Replies
    1. බැහැ..කියලා..බැහැ කියලා.. බැරිම තැන තමයි කිව්වේ..

      Delete
  16. ඔය තියෙන්නෙ....
    මටත් ඔහොම දෙයක් උනා කැම්පස් එකේදී. මම හුඟාක් නිහඬ කෙනෙක් නිසා වැඩිය රැග් වලට අහු උනේ නෑ.(මූණ දැක්කම රැග දෙන අයියලාට දුක හිතෙන්න ඇති ) කොහොම උනත් අන්තීමේදී මට සින්දුවක් කියන්න උනා. මම බය වෙලා උන්නත් පස්සෙ ෂේප එකේ කියන්න ගත්තා. ඒත් ඔය සුනිල් එදිරිසිංහ ගේ " ගෙදර බුදුන් ලෙස " . මම උන්නේ සින්දුවට සම වැදිලා. ඒ සින්දුවේ සංවේදීකම නිසාම මගේ ඇස්වලට කඳුළුත් ඇවිත්. සින්දුව ඉවර වෙද්දී..හූ කියන විසිල් ගහන කොල්ලො ටික ගල් ගිලලා වගේ බලාගෙන උන්නා..එදා ඉදන් මට හෙන තැන

    ReplyDelete
    Replies
    1. ළිහිණි ට වෙලා තියෙන්නෙත් මට වෙච්ච වැඩේම තමයි... කොහොම උනත් ඔය සිංදුව ගොඩක් දෙනෙක්ගේ හිතට වදින සින්දුවක්....

      Delete
  17. ඕක මට වුනානම් අනිවා විනාසයි.. මට සින්දු කියන්නත් බෑ සින්දු මතකත් නෑ.. බන්.. මට එහෙනම් කතන්දරයක් කියලා තමයි එන්ඩ වෙන්නෙ..

    උඹ ලස්සනට වැඩේ ගොඩදාගන..

    ReplyDelete
    Replies
    1. පෙර කුසල කර්මයක් පල දීලා කොහොම හරි නම්බුව බේරාගත්තා...

      ඒක නෙමේ මම මේ උබව හොය හොයා හිටියේ සුභ පතන්න,,,, ඔන්න එහෙනම් සුභ පැතුවා.

      __සම්මාන ලාභී අපේ සෙන්නාට මාගේ උන්සුම් සුබපැතුම්..!!!!__ජය වේවා !!!___

      Delete
    2. හිහ් හිහ්...අන්තිමට අහුවුනා නේද... ? ගොඩාක් ස්තූතියි චමියෝ...

      Delete
  18. හී හී..මරු හලෝ..කෝ අපිටත් අහන්න දෙන්නකෝ ඔයාගේ සින්දු..

    ReplyDelete
    Replies
    1. අපෝ ..මට ඔයා තරම් හොදට කියන්න බැහැ අනේ..

      Delete
  19. ඔය වගේ රැග්නං කමකුත් නෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මේ වගේ ඒවායින් ලැජ්ජාව විතරනේ.. අත පය කැඩෙන්නේ නැහැනේ..නේද..හිකිස්

      Delete
  20. මටත් ඔහොම අවුලක් වුනා දහම් පාසලේදී, සිංදු කියන්න බැහැයි කිව්වට ඇහුවෙ නෑ, කියන්නම වෙනවා ඒත් දහම්පාසලකදි කියන්න සුදුසු යමක් මතකයට එන්නෙම නෑ. අන්තිමට ඒ දවස්වල ජනප්‍රිය බයිලයක් කියලා වැඩේ ගොඩ දාගත්තා.

    "එදා චුල්ල පදුම රජතුමාගෙ බිසවට...
    ආසා හිතිලා අත පය නැති කොටෙකුට
    රජා තල්ලුකළා ඒ කන්දෙන් පහලට
    නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට...."

    රංගනයකුත් එක්කම ඕක කියලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි සුමිත් බයිලා කියල..

      Delete
  21. අඩා මටත් ඹය සීන් එකම උනානේ.... මට සෙට් උනේ කථාවක්. හැබැයි දුන්න ලොවෙත් නැති වෙන්න. දැන් නමි මාසෙකට කිප වතාවක්ම කථා කරන්න වෙනවා.. අදත් ජාතිය ඇමතුවා මේ මසෙට දෙවනි වතාවට....හික්....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උබ දැන් දේශපාලකයෙක්ද ...:o

      Delete
    2. අපෝ නෑ බං දේශපාලුවෝ මට පෙන්න බෑ.. මං තාම පොඩි එකා. දැන් 13 වසරේ.
      දෙපාරක් කිව්වෙ ළමා දිනේට එක පාරයි, පහුවෙනිදා ගුර දිනේ සංවිධානය කරන්න එක පාරයි............

      Delete
    3. හික්. එහෙමද .. මම හිතුවා දේශපාලුවෙක්වත්දෝ කියලා..

      Delete
  22. මට එහෙම ඔහොම වුණා නම් රෝ මලේ තමයි ඇත්තටම කියන්න වෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. මට ඒ සින්දුව කියන්න උනානම් ආයේ ඒ ඉස්කෝලේ කින්ඩි නොවී ඉන්නද...හිකිස්

      Delete
  23. මටත් ඔහොම උන .මට තිබ්බෙ කතවක්

    ReplyDelete
  24. හිකිස් මරු සීන් එක බොහොම් හොඳයි ඔක්කොම හොඳටයි කියන්නේ ඕකට තමයි.

    ReplyDelete
  25. හි..හි.. ඔව් ඔක්කොම හොදටයි

    ReplyDelete
  26. නියම වෑඩේ චමී,මට ඔහොම දෙයක් උනා අපෙ ඉස්කොලෙදි.එදා මම අහු උනේ අපේ හෙඩ් ප්‍රිපෙක්ට.ඒ අය්ය නිසා අද මම 100000ඉන්න තෑනක උනත් බය නෑතුව කතා කරන්න විවාද කරන්න බය නෑහෑ.ඒ තමයි සමන් දයා හේවාපතිරන සහොදරයා.එයා 1993 අපේ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිපෙක්ට්.එයාට බොහොම පින් මාව ඉදිරියට ගත්තට.

    ඉන්දික රත්නායක-සෞදියෙ සිට

    ReplyDelete
    Replies
    1. එක හොදයි ඒ වගේ අයගේ උදව්වෙන් ඉදිරියට යන්න තියෙන කුලෑටි ගතිය ටිකෙන් ටික මග අරගන්න පුළුවන්...
      දන්නවද ඔය සිද්දියෙන් මාස කිහිපයකට පස්සේ මම ඔය වේදිකාවේම ඉදගෙන සභාහවක් මෙහෙයෙව්වා සභාපති වෙලා.. (විද්‍යා සමිතියක ) එතනට යන්න තියෙන බය නැති කරලා මාව ඉදිරියට ගන්න අර මිස් මට ගොඩක් උදව් උනා ... ඒ කතාව මම මෙතන ලිව්වේ නැහැ...

      බොහොම ස්තුති ඔබේ අදහස් දැක්වීමට ඉන්දික..

      Delete
  27. හපොයි බොලා ඒ වෙලාවෙ පත්වෙලා හිටපු තත්වය මට මැවිලි පෙනුනා...අපේ පාසලේ කෙල්ලො නම් නෑ අලුතින් ආපු හැම කොල්ලගෙම ආර්ථික තත්වය එහෙම වේලාසන සොයලා බලලා බිස්කට් ගෙන්නපු එක තමා උන්ට දීපු රැග් එක... ඊට අමතරව උදේට හැමදාම පන්තිය පිරිසිදු කලෙත් අලුත් උන් විතරයි ටික කාලයක් යනතුරු

    මමත් පාසලේ මුල් කාලයේ පුදුමාකාර සබකෝලයක් තිබ්බා... නමුත් බෑන්ඩ් ගහන්න ගත්තට පස්සෙ ඒ ගතිය නැත්තටම නැති වුනා... දැන් නම් ඕනේ සභාවක හරඹ දක්වනවා ගීතයෙන්... උඹේ මගුලත් කිව්වොත් සින්දු තුනක් මගේ ගානෙ.... ජය !

    ReplyDelete
    Replies
    1. හික්.. ඒක තමයි අලුතින් ආවම කුඩම්මාගේ සැලකිලි..

      එළ එහෙනම් සින්දු 3ක් කියන්න ලස්තිවෙයන්කෝ .. 3 ක් නෙමේ 7 , 8 කියන්න වෙනවා උබට ආවොත්..

      Delete
  28. නියමයි.... මරේ මරු

    ReplyDelete
  29. අන්න දවසකටවත් යාලුවෝ... කතාව ලියලා තියෙන විදිහත් නියමයි... කියවනකොට මැවිලා පේනවා... ආයෙමත් එන්නම්කෝ එහෙනම්...

    ReplyDelete
  30. මරු සීන් එකක්නෙ... සින්දුව කිව්වා වගේ දක්ෂ විදිහට ලියලාත් තියෙනවා.. මමත් ආසම සින්දුවක්.. හැබැයි ඕක ඇහෙනකොට අපේ අම්මලා තාත්තලා කවදාහරි අපිව දාලා යනවනෙ කියලා හිතලා මහා දුකක් දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මේ ගීතය අහනකොට දුකක් දැනෙනවා..

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...