30 March 2013

ඒ කාලෙත් මේ වාගේ මිතුරෝ ලෝකේ හිටියා ..




තම හිසට තම අතමය සෙවනැල්ල කියලා පැරණි කථාවක් තිබුනට මමනම් ඕක විස්වාස කළෙම නැහැ ලගක් වෙනකන් . කොහොම විස්වාස කොරන්ඩද  අයිබෝවන්ඩ  හදවත ගලවලා  කමිස සාක්කුවට දාල යවන තරමේ හිතවත් යාළුවො පිරිසක් ඉන්නැද්දි.  ඒත් ඒ උඩින් පෙන්නන තරම්  දෙයක් ඇත්තටම නැති බව තේරෙන්නේ ඒ වගේ  අවස්ථාවකට මුහුණ දෙන්න වුන වෙලාවකදීම තමයි . 

පල ඇති රුකක වවුල්ලු එල්ලිල්ලා ඉදලා පල නැතිදා ගහ හැරලා  වෙන ගහක එල්ලෙනවා වගේ  පල ප්‍රයෝජනෙට  විතරක් ලංවෙලා  ඉන්න ඈයෝ පලක් නැති දාට  ඉගිල්ලිලා යනවා ඒක තමයි ලෝක ස්වභාවේ එක මේ යාළු මිත්‍ර කමටත් පොදුයි මම හිතන්නේ  ආන්න ඒ වගේ අවස්ථාවකදී තේරුම් ගන්ට පුලුවන් මේ වටේ ඉන්න පිරිසෙන් කියෙන් කි දෙනාද හැබෑ යාළුවො කියලා  බොහෝ විට තනි අතක ඇගිලි ගනනටත් අඩුයි .  එහෙම නැත්නම් තම හිසට තම අතමය කියන කියමන වගේම තමන්ට තමන් විතරක් ඉතිරි වෙන්නත් බැරි නැහැ , කවුරු නැතත් වදාපු මවයි පියයි ඉදි , විවාහකයන්ට සහකාරයයි  දරු මල්ලෝයි ඉදි ,  ඔය  අතලොස්ස තමයි අන්තිමට ඉතිරි වෙන්නේ ඕං...  ඕවා තේරෙන්ට ඉතින් පාඩමක් ඉගෙන ගන්ටම ඕනේ .  

ඉගෙන ගත්තු පාඩම ගැන  නොලියා එලියට පෙනෙන්ට තියෙන දේට වඩා ඇතුලතින් වෙනස් මිනිසුන් පිරිසක් ගැන පුංචි රස කථාවක් ලියන්නම්කො .

  ඕන්න එකෝමත් එක කාලෙක බොහොම ධාර්මික පියතුමෙක්  වාසය කළා .  මෙතුමා බොහොම ධාර්මිකයි ඒ වගේම හරිම ගුණවත් පියතුමෙක් . ප්‍රදේශයේ ජනතාවත් මෙතුමාට  දැක්වුයේ පුදුමාකාර ආදරයක්  සෙනෙහසක් කොටින්ම කිව්වොත් පියතුමන්  වෙනුවෙන් ප්‍රාණය පරිත්‍යාගය කරන්න උනත් කැමැත්තෙන් තමයි මිනිසුන් සිටියේ , එහෙම මිනිස්සු නැති වග දැන් අපි දන්නවා උනාට  ඒ පියතුමා  ඒ බව දැනගෙන උන්නේ නැහැ  ඒ කාලේ . ඉතින් එතුමත් මිනිසුන්ට උදව් උපකාර කරගෙන බොහොම දැහැමින් සෙමින් කාලය ගතකරගෙන සිටියා .

ඔහොම කාලයක් යනකොට පියතුමා ටිකෙන් ටික රෝගාතුර වුනා  . ෛවද්‍යවරු පරික්ෂා  කරලා කියනවා මෙතුමාට බොහොම දරුණු  වකුගඩු රෝගයක් වැලදී තිබෙන බව , රෝගය නිසා මෙතුමාගේ වකුගඩු දෙකම අක්‍රිය වෙමින් පවතින බව . තව බොහොම ටික කාලයකින් පියතුමාට   මියයෑමට වෙන බවත් මෙයන් ගැලවීමට නම් වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් සොයාගත යුතු බවත් ෛවද්‍යවරු කියා සිටිනවා .

තමන්ට වකුගඩුවක් පරිත්‍යාග කරන්න ඕනේ තරම් ජනතාව සිටින බව දන්නා පියතුමාත්  සතුටින්  පිටව යනවා , 

පස්සේ තමන්ගේ හිතෙෂි ජනතාවට පණිවිඩයක් යවනවා මට මෙහෙම රෝගයක් වැලදී තිබෙනවා එබැවින් මරණයෙන් බේරෙන්ට වකුගඩුවක් පරිත්‍යගය කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් දෙව් මැදුර ඉදිරියට පැමිණෙන්නය  කියලා ,

පණිවිඩය යවලා  ටික වෙලාවකින් එතුමා දෙව්මැදුරේ උඩුමහලේ ජනේලය අසලට ඇවිත් පහත බලනවා ... එතුමා මොකක්ද දකින්නේ පින්වතුනේ ? බලුබල්ලෙක්වත් නැති දේවස්ථාන භූමියක්ද ? එහෙමයි නේද හිතෙන්නේ ,  නැහැ මුළු දේවස්ථාන භූමියම පිරිලා ඉතිරිලා යන තරමේ සෙනගක් , පොදිකන ජන ගංගාවක් ,  මේ තරම් තමන්ට ආදරේ කරන ජනතාවක් ඇස්පනාපිටම ඉන්නවා දකින පියතුමා ට ඇතිවෙන්නේ පුදුමාකාර සතුටක් .

පියතුමා උඩුමහලේ ජනේලයෙන් හිස පිටතට දාල ජනතාවගෙන් අහනවා “ මේ අය අතරින් මට වකුගඩුවක් පරිත්‍යග කරන්න කැමති අය අත ඔසවන්නය  කියලා ,  

කිසිකෙනෙක් අත ඔසවන්නේ නැහැ නෙමෙයි  හැමෝම අත ඔසවනවා . සමහරු අත් දෙකම උස්සනවා . හරියට වකුගඩු දෙකම ගලව ගන්ට කියනවා වගේ ..

දැන් පියතුමාට   තවත් සතුටුයි දස දහස් සංක්‍යාවක් මිනිසුන් තමන්ට වකුගඩු පරිත්‍යාග කරන්න සුදානමින්නේ ඉන්නේ .  එත් ස්වාමීන්වහන්සේ කල්පනා කරනවා මට මොකටද මේ තරම් වකුගඩු ගොඩක් මට ඕනේ එක වකුගඩුවයිනේ ඉතින් මම කොහොමද මෙතනින් එකක් තොර ගන්නේ .  එහෙම හිතපු පියතුමා ආයෙත් ජනේලයෙන් ඔලුව එලියට දාල පරිත්‍යාග කරන්න පොරකමින් සිටින හැමෝටම ස්තුති කරලා එහෙම මෙහෙම කියනවා .

“ මට ඕනේ එක වකුගඩුවයි  එක්කෙනෙක් තොර ගන්න ඕනේ නිසා මම දැන් මෙතන ඉදලා මේ කුරුළු පිහාටුව පහලට දානවා ඒක පාවෙලා ඇවිත් කාගේ හරි ඇගකට වැටෙයි  ඒ වැටෙන කෙනා මට වකුගඩුවක් දෙන්න “

එහෙම කියලා පියතුමා කුරුළු පිහාටුව පහතට දානවා .. බොහෝ වෙලාවක් සුළගේ පාවුන පිහාටුව අන්තිමේදී කාගේ හරි ඇගකට වැටෙනවද , නැහැ පිහාටුව උඩමයි තියෙන්නේ දිගටම පාවෙනවා ඇගකට වැටෙන්නේ නැහැ , ඇයි එහෙම වෙන්නේ , දේව හාස්කමක්ද එහෙමත් නැත්නම් අදුශ්‍යමාන බලවේගයක්ද ...????

අපට වගේම පියතුමා මේක ගැටලුවක් උන්වහන්සේත් උපැස් යුවල එහෙම පිහදාගෙන හොදින් පහත බලනවා මොකක්ද මෙතන සිද්ද වෙන්නේ කියලා ,

එතකොට තමයි  උන්වහන්සේත් දකින්නේ කුරුළු පිහාටුව නොවැටී පාවෙන්න හේතුව , පිහාටුව ඇගට වැටෙන්න එනකොට ඒ කෙනා ඒකට කටින් පිබිනවා එතකොට ආයෙමත් පිහාටුව උඩගිහින් වෙන කෙනෙක් ලගට යනවා  එතකොට එයත් පිබිනවා එහෙම එහෙම පිහාටුව කාගේවත් ඇගට නොවැටී උඩම තියෙනවා . මිනිසුන්ගේ ඇතුලාන්තය තේරුම් ගන්න පියතුමාට  ඇතිවෙන්නේ දැඩි කණගාටුවක්.

අන්තිමේදී  පාවෙවී තිබුනු කුරුළු පිහාටුව කාගෙවත් ඇගකට නොවැටී බිමට වැටෙනවා, එයිට ටික කාලෙකට පස්සේ අර පියතුමා වකුගඩු රෝගයෙන් මියයනවා ,
ඔන්න ඕකයි කතන්දරේ ,

දැන් බලමු අර මිනිස්සු ඇයි වකුගඩුවක් දෙන්න අකමැතිනම්  අර පණිවිඩය ලැබුණු හැටියේම දෙව්මැදුර  ඉදිරියේ රැස් වුනේ කියලා , ඒ වගේම  ඇයි අත් ඔසවමින් කැමැත්ත  ප්‍රකාශ කලේ කියලා .. එහෙම තමයි බහුතරයක් මිනිස්සු අනිත් මිනිස්සු ඉදිරියේ තමන්ගේ සැබෑ මුණ එලියට දාන්න කැමති නැහැ පුළුවන් තරම් කාලයක් සුන්දර වෙස් මුහුණෙන් පෙනී ඉදලා අවශ්‍යම  මොහොතේදී සැබෑ මුහුණ පෙන්වලා පලා යනවා .

කිස්තු ධර්මයේ හැටියට ජේසුස් වහන්ස්සේ  මෙවැනි මනුෂ්‍ය කොටසකට මෙහෙම කියනවා  “නුබලා සුදු හුණු ගෑ සොහොන් කොත් වලට සමානය කියලා ,  එකේ තේරුම පිටතින් සුදු හුණු ගා අලංකාර කර තිබුනත් සොහොන් කොත්වල ඇතුලේ ඇත්තේ මළකුණු බැවිනි . බොහෝ මිනිසුන් සමාජයට සුදු චරිතයක් පෙන්වාගෙන හිටියද  සමහර අවස්ථාවන්හිදී ඔවුන්ගේ වෙස්මුහුණු ගැලවී සබැ චරිතය දිස්වේ ...



ප .ලි :-පැරණි කථාවක් සමග මිශ්‍ර කල උගත් පාඩමක් ඇසුරිණි..

55 comments:

  1. සම්පූර්ණ ඇත්ත කතාවක්. ගොඩක් මිනිස්සු ඔය වගේ තමයි. නමුත් හොඳ යාලුවොත් නැතුවම නෙමෙයි. එහෙම කෙනෙක් ලබන්නනං ලොකු වාසනාවක් තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යන් හොද යාළුවොය කියන්න පුළුවන් පිරිසක් හැමෝටම ඉන්නවා. ඒත් වැඩි හරියක් ඉන්නේ මම කියන්න උත්සහ කරපු විදියේ ඈයෝ ,

      Delete
  2. නියමයි ඇත්තටම ඔහොම් උන් තමයි ඉන්නේ. අනික අර ෆොටෝ එක ඒ වගේ උන් තමයි මටනම් වැඩිපුරම හමුවෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි අයිලාෂ් , මම හිතන්නේ හැමෝටම එහෙම තමයි ...

      Delete
  3. මම කවදාවත් මේ කතාව අහලා තිබුනෙ නෑ...

    හරි දැන් උඹ ජීවිතේ එක් වැදගත් පාඩමක් ඉගනගෙන වග පේන්ඩ තියනවා.. ඔය වගේ දේවල් කවුරුවත් කිව්වට කිසිකෙනෙක් පිළිගන්නෙ නෑ.. ආ මූ අපේ මිත්‍රත්වයට ඊරිසියාවෙන් තමා මෙහෙම කියන්නෙ කියලා හිතනවා.. ඒක හින්දා අත්දැකීම් තුලින්ම ඕවා ඉගන ගන්න එක හරි වටිනවා..

    ඔය පණ ඇරගෙන ඉන්න යාලුකම්, ආදර සම්බන්ධතා පට්ට බොරු.. ව්‍යාජයේ උපරිමය.. හැමෝම තමන්ගෙ වාසිය තමා ඉස්සෙල්ලම බලන්නෙ.. තමන්ට අවාසියක් වෙනවනම් ඉස්සෙල්ලම බිදෙන්නෙ සමාන්‍ය හිතවත් කම්, අසල්වැසි කම් ඊට පස්සෙ යාළු කම්, ඊට පස්සෙ තදම යාළුකම්, ඊට පස්සෙ නෑදෑ කම්, ඊට පස්සෙ සහෝදර කම්, ඊට පස්සෙ අඹු සැමි / දූ දරු සබඳතා.. ඒ ඒ ප්‍රශ්ණෙදි, ඔය එක එක මට්ටමේදී අපේ ඉවසීම වෙනස්..අපිට අවාසියක් වෙනවනම් ඇත්වෙන්න තමා බලන්නෙ..මුලින්ම කියපු සබඳතා වලදි බොහොම ලේසියෙන් ඈත් වෙනවා, පස්සෙ කියපු ඒවයෙදි උපක්‍රමිකව මගහැර යන්නතමා බලන්නෙ.. අපිත් ඇතුළුව බහුතරය එහෙමයි.. උඹත් කවදාහරි ඔහොම කරලා ඇති.. කල්පනාකරලා බලපන්..

    ඉතින් අනිත් අයගැන කලකිරිලා පලක් නෑ බන්.. හැමෝම එහෙමයි.. ඒක දැනගෙන පුලුවන්තරම් එහෙම නොවී ජීවත් වෙන්න උත්සහා කරන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත සෙන්නා සියට සීයක්ම එකග වෙන්න පුළුවන් උබේ කමෙන්ට් එකට , කවුරුත් මුලින් හිතන්නේ තමන් ගැන තමයි , එත් බං යාළුකම් පැත්තකින් තිබ්බත් මනුස්සකමක්වත් නැති විදියට හැසිරෙන යාළුවෝ වගේ හිටිය උන්ව දකිනකොටනම් කලකිරෙනවා ...

      Delete
  4. කාලෙක බොහොම සිල්වත් ස්වාමීන්වහන්සේ කෙනෙක් වාසය කළා . මෙතුමා බොහොම ධාර්මිකයි ඒ වගේම හරිම ගුණවත් පියතුමෙක්

    ස්වාමීන් වහන්සේ කියන්නේ හාමුදුරුවරුන්ට නේද ? [හැබැයි ජේසුතුමාටත් එක භාවිතා කරන බව අහලා තියෙනවා] කිතුණු පියතුමන්ලාටත් ඒ නම භාවිතා කරනවාද ??

    කතාව නම් \ඇත්ත. ඒක මිනිස් සොබාවය. මේ තත්වය තරණය කරපු අය බොහොම ස්වල්පයයි

    ReplyDelete
    Replies
    1. කිතුණු පියතුමන්ලාට දැන් ෆාදර් කියලා ආමන්ත්‍රණය කලාට අදටත් ගොඩක් ගැමියෝ කිතුණු පියතුමන්ලාට කියන්නේ "ස්වාමී " කියලා වැඩි ගෞරවයට ස්වාමීන්වහන්සේ කියලත් කියනවා එත් වැඩි හරියක් ස්වාමින්වහන්සේ කියන නම භාවිතා වෙන්නේ හාමුදුරුවන්ට තමයි ,

      // ඒක මිනිස් සොබාවය. මේ තත්වය තරණය කරපු අය බොහොම ස්වල්පයයි//

      ඇත්ත ,

      Delete
  5. ඕක කොච්චර කිව්වත් වැඩක් නෑ. තමන්ට වෙන්නම ඕන. හැමෝම ඔය ඇත්ත කවද හරි දැනගන්නවා. නමුත් ඒක දැනගන්න යම් මිලක් ගෙවන්න වෙනවා. ඔන්න ඔය මිල එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. සමහර විට ජීවිතේම වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම , මිනිස්සුන්ට ජිවිතේ අවස්ථා ලැබෙනවා සත්‍ය තේරුම් ගන්න පුලුවන්වෙන,

      Delete
  6. ඒක තමා කෙටියෙන් කියන්නේ

    ඇතිදා සීනී.. නැතිදා ගෝනී කියලා...

    ReplyDelete
    Replies
    1. හික් මෙන්න නියම කතාව , "ඇතිදා සීනී.. නැතිදා ගෝනී කියලා..."

      Delete
  7. මට ඉංග්‍රීසි ඉගෙනගන්න පුළුවන් ලෙහෙසි ක්‍රමයක් ගැන කියල දෙනවද?

    ReplyDelete
  8. කාටත් හොදමිතුරන් වගේම නරක මිතුරනුත් ඉන්නවා, එක අපේ සම්බුදුරජාණන් වහන්සේත් දෙෂනාකලදෙයක් අපිදනගන්න ඕන ඔවුන් අදුනගෙන ඔවුන් ඇසුරුකරන්න,

    මචන් මේකේ උබ ලොකුවරදක් කරලා තියෙනවා. ලංකාවේ මොන මහරජ්ජුරුවෝ ඉන්න කාලෙකද මේ විදියට ක්‍රිස්තියානි කාරයෝ ෆාදර්ස්ලට මෙහෙම සැලකුවේ?
    අවසාන රජසමයේ උනත් හිටියේ බලහත්කාරයෙන් ක්‍රිස්තියානුකල සිංහල පවුල් කිහිපයක් හා කවදත් මිලමුදල ජාතිය ආගමපාවදෙන තිරිසනුන් ටිකක්, උන්ගෙන් තමයි අඩවෙනකන් සිංහල ක්‍රිස්තියානි පැවතෙන්නේ. අපේ ඉතිහාසය වෙනස්කරන්න හදන්නේ අවජාතකලෙස මේ රටේ බිහිවෙච්ච හම්බයන් වගේම බලෙන් වපුරපු ක්රිස්තියානියන් විසින්.
    ඒ වගේම තමයි සිංහලයා විජයගෙන් පවත එන බව කියන එකත්.
    http://en.wikipedia.org/wiki/Christianity_in_Sri_Lanka
    http://www.youtube.com/watch?v=ND8KIDKYwJU බලන්න


    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් මම රජ කෑල්ල කපලා සංස්කරණය කළා .. ස්තුති අදහස් දැක්වීමට

      Delete
  9. චමි මෙමෙම එකක් නිකන්නං ලියන්නේ නැ. මොනවද වුණේ දරුණු හිත් රිදුමක් වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද නලින් අය්යා, ඔය පොඩි පොඩි සිදුවීම් කිහිපයකින් යාළුවන් දෙතුන් දෙනෙක්ගේ ගති පැවතුම් හරියට තේරුම් ගන්න අවස්ථාවක් ලැබුනා ,

      Delete
  10. උඹ ඔය කියන්නේ යාලුවෝ ගැනනේ.. මට ඔය අද්දැකීම තියෙන්නෙ නෑයෝ ගැන.. ඉතිං දැං කියපංකෝ මොකද කරන්නේ කියලා... හි හි

    බොහෝදුරට ආශ්‍රය කරන අයගෙන් ලොකු උදවු උපකාර කෙසේවත් බලාපොරොත්තු නොවී ඉන්න එකයි මං නං කරන්නේ.. අපෙන් උදව්වක් ඉල්ලුවොත් පුළුවන් හැටියට කරලා දෙනවා.. බැරි නම් කෙලින්ම බැ කියනවා.. පෙරලා උපකාරයක් කිසිදා බලපොරොත්තු වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. අදේ හිරු අක්කියා,, ඔයා ඔය දෙවනි පේළියේ කීව ටික මමත් එහෙම්මම කරනවා,, එතකොට කාගෙවත් හිත් රිදෙන්නේ නෑනේ..

      Delete
    2. සම්පුර්ණ ඇත්ත හිරුවෝ & ශම්මි , නෑදැයෝ කියලත් වැඩි වෙනසක් නැහැ ඒ වගේම තමයි
      පෙරලා උපකාරයක් බලාපොරොත්තු වෙන එකනම් බොරු වැඩක් , ඒත් යාළුකම කියන එක වචනෙට හරි තියෙන්ට එපැයි.. එත් ගොඩක් යාළුවො කරන්නේ අර මම උඩින් දාලා තියෙන පින්තූරයේ තියෙන විදියේ වැඩ ,

      Delete
  11. මතුපිටින් පෙනෙන කෙනාට වඩා ඇතුලත ඉන්න මනුස්සයා වෙනස්...

    නිවාඩු පාඩු වෙලාවක,මේ පැත්තෙත් ඇවිත් යන්න...

    www.amila-psx.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔව් ,
      අනිවාර්යයෙන්ම ඇවිත් යනවා ,

      Delete
  12. ගොඩාක් හොද යාළුවෝ ලැබෙන්නේ කතාතුරකින්,, සමහර වෙලාවට හොදම යාළුවෝ අපි සාමාන්‍ය යාළුවෝ විදියට ආශ්‍රයේ කරනවා,,

    ReplyDelete
    Replies
    1. ඔව් අපි වැඩිය ගණන් ගන්නේ නැති යාළුවො , ලගින්ම ඉන්න යට වඩා හොද වෙන්න පුළුවන්

      Delete
  13. සියළුම මිතුරන් නරක නැහැ. ඉතාම හොද මිතුරනුත් ඉන්නවා. ඒ වාගේම අපි යාළුවන්ගෙන් උනත් බලාපොරොත්තු විය යුත්තේ ඉතාමත් සීමා සහිත මට්ටමේ උදව් උපකාර. මොකද කාටත් ක්‍රියාත්මක විය හැකි සීමා සහිතකම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උදව් උපකාර බලාපොරොත්තු වෙන්න නම් හොද නැහැ, මම කියන්න උත්සහ කලේ මුනට පන දෙන්න වගේ කථා කරලා පිටට පිහියෙන් අනින ජාතියේ මිනිස්සු ගැන සහ කරදරෙකදී කපටි කමින් මග අරින මිනිස්සු ගැන

      Delete
  14. ඇතිදා එල්ලී වවුලෝ කති බොති. නැතිදා ඉගිලි යති !

    ReplyDelete
    Replies
    1. ආයෙත් ඇතිදා නැවතත් ඉගිලී එති ,
      එතකොට පොල්ලෙන් ගසා එලවමි .:D

      Delete
  15. කතාවේ නම් ගත යුත්තක් තියෙනවා.. හැබැයි පුතෝ මේ රචනා සිස්ටම් එකේනං ලොකු අවුලක් තියෙනවා. රජ කාලේක උනානං මොන වකුගඩු බද්ධ කිරීම්ද..? අනික් ලොකුම වරද තමා කතෝලිකයින් ෆාදර් යන නමින් අමතන පූජකවරයාට ස්වාමීන් වහන්සේ කියන පදය යෙදීම... ඕක සුවාමි යන නාමයෙන් පල්ලි ආශ්‍රිත එතරම් දැනීමක් අවබෝධයක් නැති උදවිය විසින් වහරනු ලැබූවත් ෆාදර් යන ඇමතීමට පියතුමා යන වදන මිස ස්වාමීන් වහන්සේ යන යෙදුම උචිත නැහැ. අනිත් දේ තමා කතාව කියාගෙන යද්දී තැනක ස්වාමීන් වහන්සේ..තවත් තැනක පියතුමා... මං මුලින්ම යන්තං කියවං යද්දී මට හිත්නේ මෙතන හාමුදුරු කෙනෙකුයි ෆාදර් කෙනෙකුයි දෙන්නෙක්ම ඉන්නවා කියලා...

    සම්මත වදන් මාලාවක් තිබියදී එයින් පිටස්තරව වදන් වෙනස් කරමින් ආගමික පූජකවරුන්ව හැදින්වීමට යාම එතරම් හොද දෙයක්නං නෙවෙයි. සමහරු ඕක නොදැන කරනවා..තවත් සමහරු හිතාමතාම කරනවා. රාගම තේවත්ත පල්ලිය සම්බන්ධ මූර්තිවගයකින් ඉතිහාසය වෙනස් කරන්න හදනවා කියන කතාවක් පහුගිය දවස්වල අහන්න ලැබුනා. ඒත් එවැනි එක් අවස්ථාවක්. කවුරුන් හෝ ආගම මූවාවට දාගෙන තමුන්ගේ හිතළු සමාජයට මුදා හැරීමට උත්සහ කිරීම හරහා අවසානයේ බාල්දු වෙන්නේ ඒ පුද්ගලයාව හෝ පිරිසව නොව එසේ ඉදිරියට දමාගත් ආගමයි..එහි සාස්තෘන්වරයාවයි. මෙය බෞද්ධ කතෝලික මුස්ලිම් කාටත් පොදු කතාවක්. එනිසා ඒ හැටි මහන්සියක් නොවී කරන්න පුළුවන්කම තියෙන සංස්කරණය කර දමන මෙන් කරුණෘවෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ගෞරවණිය ස්තුතිය හිත නොරිදා පැහැදිලි කිරිමගැන

      Delete
    2. මාරයා අය්යාගේ උපදෙස් මත ඔන්න මම කතාවේ වචන කිහිපයක් සංස්කරණය කළා , රජ කාලේ කිව්වේ ඉතින් ඔය පරණ කතන්දර වලට ආරම්භයක් ගන්න කොට යටගිය දවස් බරණැස් නුවර කියලා කියවෙන හින්දා එකේ පොඩි වෙනසක් කරලා , බ්‍රග්මධත්ත කියන එකට මහා රජෙක් කියලා දැම්මා එක හිතා මතා කලරු දෙයක් නෙමෙයි , අනිත් එක සවමින්වහන්සේ කියන එක පියතුමෙක්ට නොගැලපෙනවා තමයි එකත් හරි ,

      ස්තුතී පැහැදිලි කලාට මාරයා අය්යේ ඒ වගේම ඇනොටත් ස්තූති..

      Delete
  16. මාත් අහලම නැති කතාවක්. නමුත් ඇත්ත ඕක තමයි බොහෝ දුරට. හැම දේකටම මිල තියෙනවනේ.

    ReplyDelete
  17. //නුබලා සුදු හුණු ගෑ සොහොන් කොත් වලට සමානය// අසා නැති කියමනක්. කතාවත් අහල නෑ. අද තමයි මුලින්ම කියෙව්වේ. උඹ කිව්ව වගේ දුක සැප දෙකේදීම ඉන්න යාලුවෝ නම් අඩුයි තමයි.

    කොහෙන් ද බං අර පින්තුරේ හොයා ගත්තේ. :D

    ReplyDelete
    Replies
    1. සුද්දවන්තයෝ පෙනී හිටියට ජාරා හිත් තියෙන පිරිසකට එහෙම කිව්වේ ජේසුස් විසින් ,

      ඒක මට ආව ඊමේල් එකක තිබුන පින්තුරයක් මචං , මාර ගති පික්චර් එක නේද ...:D

      Delete
  18. අවංක යාළුවො නම් ගොඩක් අඩුයි තමයි. අවස්ථාවාදීන් තමයි වැඩි.

    ReplyDelete
    Replies
    1. අවස්ථාවාදීන් තමයි වැඩි , දුක හිතෙනවා කෝරලේ

      Delete
  19. මරු කතාව... අහල නෑ... අම්මෝ ඔහොම අය නම් ඉතින් ගණින්න බැරි තරම්...!!!

    ReplyDelete
    Replies
    1. වැඩි හරියක් එහෙම අය තමයි

      Delete
  20. යාලුවොනම් ඔහොම්මමයි.

    ReplyDelete
  21. ප්‍රසිද්ධියේ පරිත්‍යාගයට මිනිස්සු කැමති වුනාට අප්‍රසිද්ධියේ එහෙම අය අඩුයි.හැබැයි නැත්තෙමත් නෑ.

    ReplyDelete
  22. ලංකාවේදීත් එංගලන්තේදීත් උදව් කරලා ගොඩක් මට්ටු උනා..දෙන ආශ්‍රය කරන්නේ සුද්දෝ සුද්දියෝ විතරයි..මොකද උන් උදව් ඉල්ලන්නේ නැහැ..උදව් කරනවා විතරයි..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි , අපිත් පන ඇරගෙන උදව් කලත් වැඩක් නැහැ , ඒ කියන්නේ සුද්දෝ හොදයිද..හික්

      Delete
  23. උබේ කතාවට මල් තියල වදින්න ඕන... ඔහොම වුන් තමා අපේ රටේ වැඩි හරියක් ඉන්නෙ....

    ReplyDelete
    Replies
    1. "කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් " කියලා කතාවක් තියෙනවනේ ..

      Delete
  24. යාළුවො..තමයි වෙලාවකට මාළුවෝ වෙන්නේ..ඒත් අපි මාළුවෝ කියල හිතාගෙන ඉන්න අතලොස්සක් අය, හොඳම යාළුවො කියලා තේරෙන වෙලාවලුත් නොඑනවම නොවෙයි.

    ReplyDelete
    Replies
    1. යාළුවො මාළුවෝ වෙද්දී , මාළුවෝ කියලා හිතාගෙන ඉන්න උනුයි යාළුවො කියලාත් හිතෙන වෙලාවල් තියෙනවා .

      Delete
  25. මමත් මට ගොඩාක් යාලුවෝ ඉන්නවා කියලා ඔලුව ලොකු කරගෙන හිටියෙ, පස්සෙ ඉතින් දැනගන්න හම්බවුනා විස්තරේ. ඒත් මම එයාලට තාමත් හොදට කතා කරනවා හැබැයි මම දන්නවා මිනිස්සුන්ගේ හැටි. තව පැත්තකින් මම පෙන්නනවා උඹල කරේ මෙහෙමයි මම කරන්නෙ මෙහෙමයි කියලා..

    ReplyDelete
    Replies
    1. යාළුවා මොන වගේද කියලා දැනගෙන ආස්සරේ කරන එකනම් හොදයි, එතකොට ඒ ඒ අයට ඒ ඒ අකාරයෙන් සලකන්න පුළුවනිනේ..

      Delete
  26. ඇත්ත තමයි චමියෝ අපි අතරෙත් එහෙම අය ඉන්නවා මේ බ්ලොගර් තුලත්.මුහුණට හිනා වෙලා කතා කරනවා පස්සෙන් ඇනෝ වෙස් මූණ දාගෙන ඇවිත් බනිනවා.හොඳ කතාවක් අපිටත් ආදර්ශයක් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං කියන්නේ , මේක කොතනටත් පොදුයි .

      Delete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...