07 March 2013

අරුම පුදුම ව්‍යංජනය



සමරේ දැන් ඔය ඇති මෙහෙ වරෙන්

සුනිල් කෑ ගැසුවේ වේදිකාවේ එහා කොනේ  ශබ්ද විකාශන යන්ත් සවි කරමින් හුන් සමරේටයඔවුන් මේ  වෙහෙසෙන්නේ පසුවදා උදෑසන කර්මාන්ත ශාලාවේ පැවැත්වීමට නියමිතව ඇති උත්සවය වෙනුවෙනි . එහි සියලු සැලසුම් පැවරී තිබුනේ සුනිල් ඇතුලු නඩත්තු අංශයේ සිව්දෙනෙකු අතය ..

පොඩ්ඩක් හිටින් මේ ටික හරියට තිබුනේ නැත්නම් හෙට ලොක්කා මගේ ඔලුව කයි


දැන් ඔය කොලා මදෑ දොළහටත් කිට්ටුයි මම යනවා ටිකක් ඇල වෙන්න ..  මැදි වයසද පසුකර සිටි සුනිල්ට රෑ බෝවන තුරු වෙහෙස වීම අපහසුය බව දත් අනෙක් තිදෙනාද ඔහුට බාදා  කලේ නැත..



සුනිල් අය්යේ උබ නිදාගන්න  යන්නද හදන්නේ  


කොහේදෝ සිට පැමිනි අජිත් ඇසුවේය .

ඔව් ඇයි ...

මේ ,
කියමින් අජිත් අතේ රැදී  බෑගයෙන් එලියට ඇදගත් බෝතලය සියල්ලන්ටම පෙනෙන ලෙස  ඉහලට එසවූයේ තරගයකින් ජයග්‍රහණය  කල ක්‍රීඩකයෙකු  කුසලානය ඔසවා පෙන්නනවාක්  මෙනි..

වන විටද මදක් ඈතට වන්නට ගොස් සිටි සුනිල් නැවත හැරුනේ යාන්ත්‍රිකව   මෙනි .දෑස් පුංචිකර බලා බෝතලය හරි හැටි හදුනාගත් සුනිල්ගේ මුවේ ඇදුනේ සිහින් සිනහවකිමෙතෙක්වෙලා  ඔහු කෙරෙන් දිස්වූ තෙහෙට්ටු බව දැන් අතුරු දහන්ව ඇතමත්පැනට දැඩි ගිජුකමක් දක්වන සුනිල්ගේ මේ පෙරලිය අනෙක් උන්ට අරුමයක් වුයේ නැත

බොහෝ දිනවල කර්මාන්ත ශාලාවේ වැඩ අහවර කර යන අතරතුර  මගදී ඇගේ තෙහෙට්ටුවටයි කියමින් එයට අවෟෂධ ගැනීමට සුනිල් නතර වන්නේ හන්දියේ බාර් ඒක අසල වහ මේ තිදෙනාම දනී..

  “ කොහෙන්ද අජිත් මල්ලියේ   සුනිල් නැවත හැරුනේ එසේ අසාගෙනය .

ලොක්කා යනගමන් දීලා ගියා  වැඩේ ඉවර කරලා ගන්නය  කියලා ... “ අජිත් බෝතලය පරිස්සමින් සුනිල් අත තැබුවේය

ලොක්කා දෙයියෙක්නේ .   " . කියමින් බෝතලයේ දෙතුන් පාරක් පිරිමැදී   සුනිල්ගේ නෙත් ඊළගට සෙව්වේ ඔහුගේ අනෙක් සගයා වූ  සමරේවයඔහු තවමත් පෙර ස්ථානයේම කාර්යයක නිරතව සිටි .

" ඒයි  සමරේ මෙහෙ වරේන්  හනිකට මේක අහවරයක් කරලා දාල නින්දක් දාමු  හෙට උදේම ආයෙත් වැඩ පටන් ගන්ටත් එපැයි .. සුනිල් අඩගැසුවේ අත රැදී බෝතලය සමරේට  පෙන්වමිනි ..

කතිකා කරගත් තිදෙනා අසල ගසක් පාමුල ලක ලැස්ති කරගෙන මදුවිතෙන් සප්පායම් වෙන්න සැරසේන අතරේ අමතකවී ඇති යමක් සුනිල්ට මතක්විය .

කෝ අජිත් මල්ලියේ කටගැස්මට මුකුත් ගෙනාවේ  නැතැයි ?,

ෂික් මට ඒක මතකෙට ආවේ නැති හැටියක්යැයි කියමින් අජිත් පසුතැවිලිවුයේ ලොකු අත්වැරදීමක් වී ඇති බැවිනි.

දැන් ඉතින් කොරන්ට දෙයක් නැහැ .. අනේ සමරේ පොඩ්ඩක් බලලා වරෙන් අර කුස්සිය පැත්තෙවත් මොකොවත් ඉතුරුවෙලා තියේද කියලා

මෙම කර්මාන්ත ශාලාවේ සේවකන්ට දිවා ආහාරය සපයන්නේ මෙතැනින්ම බැවින් මෙහි මුළුතැන් ගෙයක් ඇතඑහෙත් මෙපමණ රාත්රී වෙනතුරු එහි කෝකියන් රැදෙන්නේ නැත බව දත් සමරේ අදිමදි කළේය .

දැන් ඔහේ ගියත් වැඩක් නැහැ උයන උන් වහලා දාලා යන්ටත් ඇති ...

... මට දැන්නේ මතක් උනේ අද ලොකු මහත්තයා ආව හින්දා වෙන්ටැ ලොකු මහත්තයට කෑම හදන කොල්ලා කුස්සිය පැත්තේ තවම ඉන්නවා දැක්ක  ඉස්සෙල්ලා මම එතැනින් යමින් ගමන් . ,, අජිත් කිවේය .

අජිත් ලොකු මහත්තයා යනුවෙන් හැදින්වුයේ මෙම කර්මාන්ත ශාලාව අයිති කොරියන් ජාතිකයාවය . මාසේකට දෙතුන් වරකට වඩා ඔහු මෙහි පැමිණෙන්නේ නැත . එහෙත් පැමිණෙන වාරයක් පාසා ඔහුගේ කෑම සකස් කිරීම වෙනුවෙන්ම වෙනමම පුද්ගලයෙකුව රැගෙන ඒයි.. එබැවින් කර්මාන්ත ශාලාවේ සේවකයන්ද එම කෝකියා සමස සුළු හිතවත්  කමක් ගොඩනගාගෙන ඇත.

හිටහල්ලකෝ එහෙනම් මම බලාගෙන එන්ට , කියමින් සමරේ නැගිට්ටේය .

මුළුතැන්ගේ දෙසට පියනගන සමරේගේ නැහැයට දුර සිටම ප්රනීත ආහාරයක සුවද දැනෙන්නට විය . එබැවින් ගාටමින් සිටි සමරේ පය ඉක්මන් කලේ සිතේ බලාපොරොත්තු රදවගෙනමය.

මද වේලාවක් ඇතුලත  ආහාරයක් සකසමින් සිටින ලොකු මහත්මයාගේ ආහාර සුදානම් කරන කොලුවාව සමරේගේ දර්ශන පථයට හසුකරගැනීමට හැකිවිය ..

 ලිප උඩ දුම් දමමින් පිසෙන මස් ව්යංජනය දෙස පෙරේත බැල්මක් හෙලමින්ම සමරේ කඩහඩ අවදි කළේය .

මල්ලි  අපිට බයිට් ඒකට මොකවත් තියේද බලන්ටයි ආවේ

සමරේ දෙස මද වෙලාවක් බලාගෙන සිටි ඔහුගේ පිළිතුර මෙය විය ඔයාලට හරියන මුකුත් නැහැ අය්යේ ..

බලාපොරොත්තුවූ දෑ දෑස මානයේ තියෙද්දීම ලැබුනු පිළිතුරෙන් කෝකියා කෙරෙහි සමරේගේ සිතේ හටගත් කෝපය මුවෙන් පිට නොකරම ඉවත්වීමට සිතූ සමරේ  නැවත හැරුනි.. එහෙත් මුළුතැන්ගේ දොරටුව පසුකරන විටම වාගේ නැවතත් කෝකියා හඩ නැගුවේය

ඔහොම ටිකක් ඉන්නකෝ අය්යේ ...

ලොකු මහත්තයට හදපු මස්වගයක ඉතිරි ටිකක් නම් තියෙනවා . මම ගෙදර ගෙනියන්න හිතාගෙන රත් කළා . කැමතිනම් දෙන්නම් ...

අනේ ලොකු දෙයක් මලයෝ මේ වෙලාවේ හැටියට .

මදවේලාවක් ඇතුලත පිසිමින් තිබු මස් ව්යංජනය භාජනයක දමා පාර්සල් කර ගෙනැවිත් කෝකියා සමරේ අත තැබිය .

එයද රැගෙන සමරේ මිතුරන් දෙදෙනා වෙතට පිය නැගුවේ රටක් රාජ්ජයක් ලැබුවෙකු පරිද්දෙනි .අවස්ථාවේ හැටියට මෙය ඔවුන්ට රාජබෝජනයක් මෙන් විය. එහෙත් කෝකිය මුලින්ම එය දීමට අදිමදි කිරීම ගැන සිතේ කුකුසක් ඉපදුනත් අමාශ ගතවීමට නොඉවසිලිමත්ව සිටින මත්පැන් බෝතලය සිතුවිල්ල යටපත්කිරීමට තරම් බලවත් විය.

ඒයි මෙන්න මම උබලට නියම බයිට් එකක් ගෙනාව  .. කියමින්  සමරේ එය සුනිල් අත තැබුවේය .

මොනවාද සමරේ ..

ජාතිය නම් දන්නේ නැහැ ලොකු මහත්තයට හදපු එකක් කියලා කුස්සියේ ඉන්න කොල්ල දුන්නේ .. කලාම බලපල්ලකො ..

කිසිදා නොකෑ මාංශයක් බව පෙනෙන්න තිබුනද ව්යංජනය කාගේත් සිත් ගත්තේය . විටෙන් විට  කැලේ සිටින ගෝනා , මුවා , ඉත්තෑවගේ ඉදලා මීමින්නට වෙනකන්සිටින  සතුන්ගේ නාමයන් මස් වර්ගයට ආදේශ කරමින් තිදෙනා බෝතලය ටිකෙන් ටික හිස් කරමින් සිටියේය . මෙය ඔවුන්ට ඉහටත් උඩින්ය ව්‍යංජනය  ලබාදුන් කෝකියාටත් මස් වර්ගය හිමි සත්වයාටත් පින් පමුණුවමින් තිදෙනා බෝතලයේ අවසන් බින්දුවටම තොල ගෑවේය.

පසුදිනට එළිවී උත්සවය යන අතරේ පවා තිදෙනාට පෙරදා රාත්‍රියේ  අනුභව කල අහාරයේ රස දිවගට දැනෙන්නාක්මෙන් විය තරමටම  ව්‍යංජනය  ඔවුන්ගේ සිත් ගෙන තිබුණි .

දිවා ආහාර වේලාව ලංවන විට සමරේ කාටත් හොරෙන් මුළුතැන් ගේ වෙත පියනැගුවේ පෙරදා රෑ අනුභව කල අරුම පුදුම ව්‍යංජනයේ කොටසක් හෝ තවම ඉතිරිව ඇත්නම් නැවත ඉල්ලා ගැනීමේ බලාපොරොත්තුවද  සිත රදවාගෙනය .

සුපුරුදු ලෙසම කෝකියා මුළුතැන්ගේයි  ඔහුට වෙන්කර ඇති කොටසේ  උයන පිහන කටයුතුවල නිරතව සිටිනු  සමරේට දැකගත හැකිවිය .

 හිමින් එතැනට කිට්ටු කල ඔහු කථා කලේය...

මල්ලි ඊයේ දුන්නු මස් එකනම් හරිම රහයිඇත්තටම මොනවද මස් ..

පෙරදින ඇසිය යුතුව තිබුන මුත්  නොඇසූ එහෙත් කෑමෙ රස දැනීමෙන් පසු  සත්වයා මොකාදැයි දැනගැනීමට නොඉවසිලිමත්වූ  පැනයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සමරේ කෝකියා දෙස බැලුවේය ..

මුහුනේ ප්රශ්නාර්යක් රදවාගෙන සමරේ දෙස බැලුව මිස ඔහු පිළිතුරක් දුන්නේ නැත.

බැල්ම  සමරේගේ සිතේ ඇතිකලේ නොරිස්සුමකි ., එබැවින් ඔහු නැවතත් පළමු පැනයම නැගුවේය .
ඇයි මොනවද කියලා නොදැනද  අරගෙන ගියේ ...

ඒකනේ මල්ලි ඇහුවේ මොනවාද ?

"මම හිතුවේ දැනගෙන ඉල්ලුවා කියලනේ ... ආන්න අර ප්‍රිසරේ යට කෑල්ලේ තියෙනවා ඇරලම බලන්න ..

දෙපාරක් නොහිතාම ප්‍රිසරේ  ඇරපු සමරේ කඩි මුඩියේ එහි ඇති සිලී මලු ඇද්දේ මෙහි අගක් මුලක් හිතාගත නොහැකිවය . අතරේ එකවරම ඔහු ඇදී මල්ලක පැටලී එලියට විසිවී සත්ව හිසක් සහිත කොටසක් ඔහුගේ දෙපා මුල නතර විය ..

එය දුටු විටම  අමාශය කලතාගෙන ඉහලට ඇදී වමනය  එතැනම පිට වීමට ඉඩ නොදී ආයාසයෙන් අතින් කට තදකරගෙන එලියට දිවයන අතරේ සමරේට යන්තමින් ඇසුනේ. කෝකියා කියූ මේ වදන් කිහිපය  පමණි ,

" නොදැන ඉල්ලුව විත්තියක් මම දන්නේ නැහැනේ. කොරියන් මහත්තයාගේ කියල දැනගෙනත් ඉල්ලද්දී මම හිතුවා ඔහෙලත් බලුමස් කාලා පුරුදු අය කියලා ..."

___නිර්මාණාත්මකව වෙනස් කල සත්‍ය සිදුවීමකි ____

32 comments:

  1. //“ ලොක්කා යනගමන් දීලා ගියා වැඩේ ඉවර කරලා ගන්නය කියලා ... “ අජිත් බෝතලය පරිස්සමින් සුනිල් අත තැබුවේය//
    මූ යකාගේ ලොක්කෙක් නේ?

    බලු මස් උන්ගේ ප්‍රියතම එකක්. ගෙදර ඉන්න එකා මරනවා උත්සව වලදී.

    ReplyDelete
    Replies
    1. අපිට කුකුළු මස් වගේ වෙන්නැති. කුකුළු මස් කන කෙනෙකුට ඒක අප්පිරියාවක් නෑනේ..

      Delete
  2. ශබ්ද විකාශන
    ඉතිං මට බැනපන්

    ReplyDelete
  3. හප්පේ...මේ වගේ දේවල් ගැන පහුගිය දවස්වල එක දිගටම කියවන්න ලැබෙනවා. මම දැක්කා බී බී සී එකේත් දාලා තියෙනවා බ්‍රිතාන්‍යයේ මස් වර්ග ගැන පරීක්ෂණ තියෙනවාය කියලා. ගව මස් වෙනුවට අශ්ව මස් කලවම් කරලා විකුනන නිසා. තව රටවල් කීපයකම ඔය වගේ තිබුනා...

    නොදැන රස කර කර කෑවට දැනගත්තට පස්සෙ මොනවා හිතෙයිද....

    ReplyDelete
  4. හෆෝයි . . .
    කිව්වත් වගේ කොරියන් මහත්තුරු කන්නේ මොනාද කියලා දැනගෙන ඉන්න එපැයි . .

    ReplyDelete
  5. කන්න ඉස්සෙල්ලා අහන්න අපයි බන්... කටක් දීලා තියෙන්නේ කන්න විතරක් නෙමෙයිනේ...

    ReplyDelete
  6. චමි, ටික දවසකින් දැක්කේ නෑ, හොද නිර්මාණාත්මක ලිවීමක් කුඩා සිදුවීමක් රසවත්ව ලියල තියෙනවා

    ReplyDelete
  7. ජරාව නම් කොයි මසත් ජරාව...කුකුල්මස්, බලුමස්, හරක් මස් ඌරු මස් කියලා නෑ.. කන මනුස්සයට කෝකත් එකයි

    ReplyDelete
  8. ඇයි ගැරඩි, සරුපයෝ...
    මට මතකයි එකපාරක් විද්‍යා මන්දිරේ ගාව චීන්නුද කොරියන් කාරයොද මංදා වටවෙලා ගැරඩියෙක් දිහා බලං ඉන්නවා...
    ටිකක් වෙලා බලං ඉදලා මුං අරූව අල්ලං ගියා..
    යාළුවෙක් කිව්වෙනං ගැරඩියගේ අවසානේ කියලා...

    ReplyDelete
  9. මදැයි බයිට් හොයන්න ගියා.මෙහෙ උන් වගයක් නම් මිනි බොකුත් කාලා තිබ්බා.මතකද ඒ පෝස්ට් එක?

    ReplyDelete
  10. බින්දිගේ කොරියන් ගමන ගැන කියන කොට මට මේ කෑම මතක් වුනා බං.

    එතකොට එහෙ බටහිර රටවල වගේ බල්ලන්ට අයිතිවාසිකම් නැතිව ඇති නේ?

    උඹ Dog Whisperer බලල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක නිකන් අර අපේ නුවර කලාවියේ තලගොයි මස් කනවා වගේ . හැමෝම හැමදේම කන්නේ නැහැ . වියට්නාමයේ වුනත් එහෙමයි හැමෝම හැමදේම කන්නේ නැහැ . මේ ගැන ලියන්න ඕන කියල හිටියට ටිකක් අප්පිරියා සහගත නිසා පසු බැස්සේ .

      කොරියාවේ බුවල්ලන් හෙම නම් අමුවෙනුත් කනවා ටීවී එකේ පෙන්නුවා . මොන එකක් හින්දා හරි බලු මස් කන එක පෙන්නන්නේ නැහැනේ . ටිකක් අමුතුවගේ ඇති පෙන්නන එක .

      ඔය බලු විස්පර් කාරයා ගිය ආත්මේ බල්ලෙක් ද කොහෙද ..නැත්නම් ඔය හැටි යාලු මොකෝ

      Delete
  11. ඒ කියන්නෙ බලු මසුත් නරකම නෑතුව ඈති නෙහ්..... අපිට කුකුල් මස් වගේ වෙන්ටෑ.... :D

    ReplyDelete
  12. උඹ මේකෙ මුලින්ම ලොක්කා කොරියන් කාරයෙක් කියලා නොකිව්වනම් කුතුහලය සෑහෙන වැඩි වෙනවා.. ඒකෙන් බොහොම ලේසියෙන් අනුමාන කරන්න පුලුවන් වුනා..

    තව පිල්ලොත් කනවා බලු මස්..

    ReplyDelete
  13. බලුමස් කෑවම පුරුෂ ශක්තිය වැඩි වෙනවයි කියලා අදහසක් තියෙනවා කොරියානුවන්ගෙ. මෙහේ කුකුළො ඇතිකරනවා වගේ එහේ මස් පිණිස බල්ලන්ව ඇති කරනවා ෆාම් වල.

    මස් පිනිස බල්ලන්ව මරණ විදිය අන්තිම අසික්කිතයිලු.මරන්න කලින් බල්ලව එල්ලලා පොල්ලකින් ටික ටික පහර දෙනවලු. හරියට අපේ පොලීසියකදී සැක කරුවකුගෙන් ප්‍රශ්න කරන නිල ක්‍රමයටම....එහෙම කරලා අන්තිමේ දි හයියෙන් එක පොලු පාරක් ඔළුවට ගහලා වැඩේ ඉවර කරනව. ඒ වෙනකොට බල්ලගෙ මළ -මුත්‍ර සෙම - සොටු ඔක්කොම ඇගෙන් පිටවෙලා ඉවරයි.ඊට පස්සෙ හම පුළුස්සලා එහෙමම රෝස්ට් කරනවලු.

    ReplyDelete
    Replies
    1. @ Sumith Niriella

      //...බලුමස් කෑවම පුරුෂ ශක්තිය වැඩි වෙනවයි කියලා අදහසක් තියෙනවා කොරියානුවන්ගෙ....//

      ඒකෙදී බල්ලගේ ලිංගය විශේෂයෙන්ම කනවා කියලා තමා අහලා තියෙන්නේ

      Delete
    2. ඔව්.. ඔව් මචන්ලා, බලුමස් කාලා ඔය කියන ශක්තිය වැඩිකොරගෙන, කොරියන් කාරයො කරන, කියන දේවල් දැක්කම.... බල්ලො බත් කන්නෙත් නෑ.

      Delete
  14. බලු මස් කියද්දී මට කතා දෙකක් මතක් වෙනවා. පැත්ත කෙරවළපිටිය වෙන්න ඕනේ මතක විදිහට කොරියන්කාරයන්ගේ සයිට් එකක් තියෙනවාලු. බල්ලෙක් ඒ පැත්තේ හොයාගන්නවත් නැහැලු මරාගෙන කාලා. ඒ වගේමයි අනික් කතාව තමා එළුමස් කියලා බලුමස් විකුණන එක

    ReplyDelete
  15. මොක කෑවත් ඉතින් මලකුනක් නෙ කන්නෙ.එලුම්ස් මොකෝ බලු මස් මොකෝ

    ReplyDelete
  16. මට උන්ගේ කටවල් වලින්ම කියල තියෙනවා it's just taste like chicken කියලා.

    ReplyDelete
  17. කොරියන් කියල තියෙනකොට වෙන්න යන වැඩේ තේරුණා.

    ඒ වෙලාවෙ බයිට් ඕන පෙරේත කමට බලුමස් කියල කිවුවත් කාල දායි.

    ReplyDelete
  18. ඔය බලු මස් කන සීන් එක කාලයක් ගිහිල්ලා ආරංචි වෙනවා කොහෙන් හරි.. කන එකාට පුරුදු වුනාම ඒකම ඕන ඇති. උන්ව මරණ හැටි තිබුන පත්තරේක.

    ReplyDelete
  19. ඇත්තටම චමියෝ කොහේද ගිහිංහිටියේ?

    ඩිස්කවරි බලනවානම් Man vs Wild කියන වැඩසටහනේ පෙන්වනවා බේයර් ගග්‍රිල්ස් කියන හිටපු එංගලන්ත විශේෂකාර්ය බටයා පණපිටින් සර්පයෝ, ඝෝනුස්ස්යේ හෝ අතට අහුවෙන ඕනෑම සතෙක්ව ගිලින හැටි.

    ReplyDelete
  20. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  21. කුකුලු මස්, හරක් මස්, ඌරු මස් හොදනම් "බලු මස්" විතරක් වෙනස් මොකද??? හික්.. හික්...

    ReplyDelete
    Replies
    1. උඹත් ලිව්වා නේද මචං මේ වගේ සිද්ධියක්..? මට මතකයි ඒ වගේ.

      Delete
  22. ළිහිණි අක්කගේ බ්ලොග් එකෙන් දැකලා ආවේ,,මේක මම ෆලෝ කරලා තියෙද්දිත් මගේ බ්ලොග් රෝලෙ පෙන්නන්නෙ නැහැනේ.. :(

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...