05 June 2013

මම නපුංසකයෙක් සර්. (16+)




අපේ සහෘද බ්ලොග් කරු ඩුඩ් නොහොත් හෙන්රි ලියන මගේ ඩෙනිම  බ්ලොගයේ  පසුගිය දිනෙක පලවූ 
" BEAT THE BOMB "  සිංහලානුවාදය කියවන විට මතක්වු පාසල් කාලයේ අප අතර ජනප්‍රියවූ  දුරකථන ඇමතුම් විහිළු අතරින් එකක් මෙසේ ලිවීමට සිත්වූ  වගයි .

මේ සිදුවීම වෙන කාලේ දැන් වගේ අතින් අතට ජංගම දුරකථන තිබුනේ නැහැ බොහොමයක් උදවිය පාවිච්චි කලේ ස්ථාවර දුරකථනය  CLI  කියන්නේ මොකක්ද කියලවත් හරි හැටි නොදැන හිටපු කාලේ . ඒ කියන්නේ අපේ පාසල් කාලේ .

මෙන්න මේ කාලේ අපේ පංතියේ යාළුවෙක්ගේ නිවසේ හවස් වරුවේ නිතර නිතර ඒකරාශි වෙන පුරුද්දක් අපට තිබුනා ඒ වැඩි දේකට නෙමේ බොහෝවිට හෝරාවක් හමාරක් කයියක් ගහගෙන ඉදලා විසිරයාමක් පමනයි. එයිට වැඩි දෙයක් ඒ හමුවීම් තුල තිබුනේ නැහැ .. ඒත් කාලයක් යනකොට අපගේ සුපුරුදු හමුවීම  එයිට වඩා විනෝදවත් කිරීමට දෙයක් ඒ නිවස තුලට පැමිනුනා ඒ තමයි .

මිතුරාගේ නිවසට අලුතින් ස්ථාවර දුරකථනයක් පැමිණීම .

මිතුරාගේ දෙමාපියන් හිටියේ විදේශ ගතව , ඔහුගේ තනියට සිටියේ මිත්තනිය පමනයි එහෙව් පරිසරයක් තුල කොළු ගැටව් ටිකකට රිසිසේ ඒ නිවසේ විනෝද වීමට කාගෙන් බාදවක්ද , ඒ නිදහස අප උපරිමෙන්ම බුක්ති වින්දා

ඉස්සර නිකන් නිස්කාරනේ කයියක් ගහලා පිටවෙලා යමින් තිබු අප පස්සෙන් පහු  දුරකථනය මාර්ගයෙන් දන්න අදුනන කෙනෙක්ගේ අංකයක් කරකවලා හඩ වෙනස් කරලා එහා අන්තයෙන් පිළිතුරු දෙන්නව බයිට් එකට අරගෙන පජාතකරලා මංඥන් කරලා මොංගල් සතුටක් ලබන තත්වෙට පත්වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.

ඒ කාලයේ අපේ ඒ දුරකථනයෙන් බයිට්වු දුරකථන හිමියෝ අනන්තයි අප්‍රමානයි .. මේ ඒ අතරින් එක් කථාවක්.

වේලාව රාත්‍රී දහයට ආසන්නයි , දුරකතනයක් වටා එක්වූ කොලුගැටව් පිරිසක්  මේ සැරසෙන්නේ තවත් එක් වීර කමක්යැයි සිතාගනිමින් සැමදාම කරන්නාවූ මෝඩ ක්‍රියාවේ තවත් එක් ආරම්භයකට මුල පිරිමටයි 


අද වෙනදට වැඩිය විශේෂ මෙහෙයුමක් තමයි යෙදිලා තිබුනේ ඒ කියන්නේ අද අපේ එකෙක් අපේ පාසලේ ඉන්න එපාම කරපු එකාගේ ටෙලිෆෝන් නොම්බරය හොයාගෙන ඇවිත් තිබුනා .. ඒ අවාසනාවන්ත චරිතේ වෙන කවුරුත් නෙමේ අපේ පාසලේ ගණිත ගුරුවරයා ඇලෙක්සැන්ඩර් ,

ඇලෙක්සැන්ඩර් සරුත් අපිත් අතර තිබුනේ පුදුමාකාර ගැටුමක් ඒක කවදා  කොහොම ඇතිවුනාද කියලා නිච්චියක් නැතිවුනත් ඇලෙක්සැන්ඩර් සරුත් අපේ පංතියේ කොල්ලොත් කියන්නේ ඉතිං නයයි පොලගයි වගේම තමයි. අපිට පුළුවන් තැනදී අපි ඇලෙක්සැන්ඩර් සර්ට  අංචියක් අදිනවා වගේම ඒක මාට්ටු වුන වහාම ඇලෙක්සැන්ඩර් සර් ගෙන් අපිට ලැබෙන ප්‍රතිපහාර ගැනත් ඉතින් කියලා වැඩක් නැහැ ඒ තරම්ම නින්දිතයි ,කුජීතයි .

ඇලෙක්සැන්ඩර් සර් වෛර කලේ අපිට පමනක්ම නොවේ ඒ උදහසට ලක්වුනු තවත් කොල්ලෝ හිටියා වගේම  ඇලෙක්සැන්ඩර් සර් ගේ අසීමිත ආදරයට ලක්වුනු කොල්ලන් පිරිසකුත් සිටියා ඒක වෙනමම කථාවක්. කෙටියෙන් කිව්වොත් සමහර කොල්ලන්ට විශේෂ කැමැත්තක් වගේ එකක් දැක්වුවා(ලු) .

ඒ කොහොම වෙතත් ඇලෙක්සැන්ඩර් සර්ට අමතක නොවන බයිට් පාරක් දෙන්න තමයි අපි මේ සැරසෙන්නේ.

මේ බයිට් කිරීමේ ක්‍රියාවන්හි මුලිකත්වය ගන්න කිහිප දෙනෙක්ම අපි අතරේ ඉන්නවා , එත් ජෝනා තමයි වැඩකාරයා මිනිහට ෆෝන් එකෙන් ඔනෑම එකෙක්ව බයිට් එකට අහුකරගන්නවා කියන්නේ හරිම සිම්පල් වැඩක් බයිට් වෙන ඒකාට විහිළුවටවත් හිතෙන්නේ නැහැ ඌ බයිට් වෙනවා කියලා ඒ තරමටම ජෝනාගේ කථාව තාත්විකයි වැදගත් , අවස්තානුකුලව මාතෘකාව වෙනස් කරලා ඕනෑම් දේකට පැටලිල්ලක් නැතිව උත්තර දෙන්න තරම් ඌ දක්ෂයි , ඕන උනොත් කට හඩ වෙනස් කරලා ගෑනු කෙනෙක්ගේ ස්වරේ ගන්න උනත් පොර දක්ෂයි ,
 ඔය හැකියාවන් ඇති මම ඇතුළු තව උන් හිටියත් වැඩේ උච්චතම අවස්ථාවන්හි බකස් ගාලා හිනහා ගිහින් අපි බොහෝවිට වැඩේ අනාගත්තා.. ඒත් ජෝනාට ඒ අඩුපාඩු නැහැ ඒ නිසා අද වැඩේට බැස්සේ ජෝනා ...

ක්‍රින්..ක්‍රින්....ක්‍රින්..!!!!

ඇලෙක්සැන්ඩර් සර් ගේ නොම්බරේ ඔබලා ස්පිකර් ඔන් කරගෙන අපි වටවෙලා අහගෙන ඉන්නේ උන්දැ දුරකථනෙට උත්තර දෙනකන්...

“හෙලෝව්ව්ව්.....”

එහා පැත්තෙන් සර්ගේ ගාම්බිර කට හඩ ඇහෙන කොටම අපේ උන් අතින් කට තද කරගෙන හිනාව වලක්වා ගන්න අසීරු උත්සාහයක යෙදෙන අතරේ ජෝනා අභිතව වැඩේට  මුලපිරුවා..

“හෙලෝ සර් ...

“ඔව් කියන්ට  කවුද මේ කතාකරන්නේ “

“සර් මම ගිය අවුරුද්දේ ඕලෙවල් ගණන් ෆේල් වෙච්ච ළමයෙක් ..

“ඉතිං මොකක්ද දැන් වෙන්ට ඕනේ මගෙන් ...

“මට සර්ගෙන් ගණිත පාඩම් ටිකක් අහගන්න ඕනේ ..

“එහෙනම් ඔය ළමයාට පුළුවන්නේ  අපේ ගෙදර ගණිත පන්තියට එන්ට ලබන සතියේ ඉදලා ..

“කීයටද සර් ..

“හවස හතරට පමන..

“අපෝ ඒ වෙලාවට බැහැ සර්  මට ටිකක් රෑ වෙලා තමයි සර්ගෙන් කරගන්න ඕනේ ..

“ඇඃ... ඒ මොකද ?

“රෑට හොදයි සර් මම කැමති රෑට ,   (දැන් ජෝනාගේ කට හඩ ටිකෙන් ටික නොතෙරේන්නම ස්ත්‍රී ලිංග වෙලා ..)

“හ්ම්ම් ඒකත් එහෙමද හොදයි බලමුකෝ එහෙනම් නයිට් ක්ලාස් එකක් දාගන්න ..

“හැබැයි සර් ඔන්න අපි දෙන්නා විතරයි පංතියේ ඉන්න ඕනේ වෙන ළමයි ඉන්න බැහැ හොදේ ...

“මේක මාර වැඩක්නේ ඇයි ළමයෝ ඔහෙට බෝවෙන ලෙඩක්වත් තියෙනවද ?  

(ඒ ගමන නම් පොරට මල පැනලා වගේ , අපේ උන් බඩ අල්ලගෙන හිනා වෙනවා .. ජෝනා දිගටම ගෑනු හඩින් සංවාදේ ගෙනියනවා)

“නෑ සර් මම නපුංසකයෙක් ------------ *(මෙතැනදී ජෝනා පවිච්චිකලේ නපුංසක යන අදහස ඇති සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වන වචනය බව සලකන්න )

“අඃ..ඈග්,

“ඒකයි සර් මම රෑවෙලා තනියම පංතිය කරමුයි කිව්වේ ...

අපි බලාපොරොත්තු වුනේ සර්ගෙන් සුද්ද සිංහල වචන කිහිපයක් සහ දඩස් හඩින් දුරකථනය විසන්දි වීමක් එහෙත් තවම සර්ගෙන් කිසිම ශබ්දයක් නැත ,

“සර්ට තෙරේනවනේ  අනිත් කොල්ලො ඉන්න පංතියකට මම ආවොත් මට උන්ගෙන් බේරිල්ලක් නැහැ ... ඒකයි මම කිව්වේ ,

තවමත් සර්ගෙන් කිසිදු ශබ්දයක් නැත ,

“සර් ..සර් ..කතා කරන්නකෝ සර්ට ඇහෙන්නේ නැද්ද ,

“ඔය ළමයා අර ඉස්සෙල්ලා කීව කථාව ඇත්තක්ද ?

“මොකක්ද සර් ..?

“නපුංසකයැයි කිවේ ..

“ඔව් සර් ..

(මද නිහැඩියාවකට පසු )

“එහෙනම් කොල්ලෝ දැන් බැරිද අපේ ගෙදරට ටිකකට ඇවිත් යන්ට ,

“ඒ මොකටද සර් ,

“අද අපේ ගෑනියි ළමයයි දෙන්නම ගෙදර නැහැ ...කොල්ලෝ ,

වෙනදට ජෝනාගෙන් බයිට් වෙලා අවසානයේ සුද්ද සිංහල වාග් මාලාවකුත් එක්ක දුරකථනය “දඩස් “ ගාලා තියන එහා පැත්තේ හඩ වෙනුවට අද අපිට ඇහුනේ මෙහා පැත්තෙන් රිසිවරය දඩස් ගාලා තියලා සංවාදය විසන්දි කරපු ජෝනාගේ හඩ.. එදා ඉදලා “අද අපේ ගෑනියි ළමයයි ගෙදර නැහැ කොල්ලෝ” කියන වාක්‍ය ජෝනාටම රෙජිස්ටර් කලා..



 මෙන්න තවත් දුරකථන කතාවක්





48 comments:

  1. හුටා පරි ජාලං!

    ඒකනම් ලෙසටම පත්තු වෙච්ච එකක්නේ බං! එහෙනම් ඇලෙක්ස් කාරයා ගැන තියෙන දූශමාන ආරංචි බොරු නෙවෙයි. මට ෂුවර් තව තියෙනවා ඔය වගේ ලියන්න පුලුවන් ඒවා උඹ ලඟ!

    බොහොම ස්තුතියි චමී ලින්ක් එකට,

    ඇත්තටම උඹ තව ලින්ක් එකක් දාන්නම ඕනෙ උඹේම අර 'යාලුවගේ කෙල්ලට ලියුමක් ලියූ හැටි' කියන පෝස්ට් එකට. උඹ ඒක ලිව්වේ මුල් යුගයේ හන්දා හුඟ දෙනෙක් ඒ පෝස්ට් එක කියවලා නෑයි කියලා මට ෂුවර්.

    ReplyDelete
    Replies
    1. අපොයි තව තියෙනවා සිද්දි , හිතුනොත් පස්සේ හිමිට එක එක දානවා ,
      ලියුම් කතාවේ ලින්ක් එකක් දැම්මා .. ඒක මුල්කාලේ එකක්නේ මතක් කලාට ස්තුති ඩුඩ්ස්,

      Delete
  2. හයියෝ වෙලා තියෙන දෙයක්.

    ReplyDelete
  3. උඹ පහුගිය ටිකේ හොයන්න නැති වෙනකොට මාත් මේ බැලුවේ මොකද කියලා.

    ReplyDelete
    Replies
    1. හික් ..ඇයි මම ඇලෙක්සැන්ඩර් සර් ලගේ ගෙදර ගියා කියලා හිතුවද ...හිකිස්

      Delete
  4. අයියෝ අයියේ....තාම හොද වෙලාවට බොස් ඇවිත් නෑ, හිටියනම් මාව රිටන් ටිකට් නැතුව ලංකාවට යවනවා... ඔෆිස් වෙලාවෙ කොම්පීතරේ දිහා බලන් හිනාවෙන්නෙ මගේ මොලේ අප්සෙට් කියලා..

    ReplyDelete
    Replies
    1. අනේ නංගියේ වැඩිය හිනා වෙන්ට එපා ඔයා මහත්වෙයි ...

      Delete
  5. අඩේ කැත සිද්ධියක්නෙ වෙලා තියෙන්නෙ...අපිත් වතාවක් රජ බයිටක් දුන්නා...ඉස්සරහා දවසක් ලියන්න මට ඒ අතීතය අද උඹේ කථාවෙන් මතක් වුනා. මේ පෝස්ටුව තුල හෙන්රි ගොයියගෙ භාෂා භාවිතය අනුකරණය කරන්නට ගත්ත උත්සාහයක් මට දැනුනා...

    ReplyDelete
    Replies
    1. එල, එහෙනම් ලියපන්කො බලන්නත් එක්ක,
      ඩුඩ්ගේ පොස්ට් එකකින් මතක් වෙච්ච කතාවක්නේ ඉතින් කතාව ලියද්දි ඩුඩ් පාවිච්චි කරන වචන කිහිපයකුත් එකතු කලා පොස්ට් එකට උබට ඒක තේරුනා නේද ,

      Delete
  6. අම්මියෝ..... සෑර් තමා සෑර්......
    පව් අප්පා අසරණ ජෝන්.....

    ReplyDelete
  7. කෙහෙල් ගහටනේ කොටලා තියෙන්නේ... හික්ස්....

    ReplyDelete
  8. අනේ පවු ජෝනා.

    ReplyDelete
  9. ඉස්සර පෙෆොනේ කාර්ඩ් දාලා තමා කතාකරන්නේ. අපි දන්නෙත් නැහැ ඇත්තටම මොකක්ද අපි කතා කරේ කියල. අපරාදේ සල්ලි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව්..ඔව්.. පෙෆෝන් කාර්ඩ් අමතකම වෙලා ගියා ,

      Delete
  10. ඉතින් ඊට පස්සෙ ඌ මොකද උඹට කලේ...

    ඇහැට කනට දැම්මද....?

    ReplyDelete
  11. කණාවට හිතපු දේත් එහෙනම් හරි ගියා නේද :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ කියන්නේ .. ආයේ ඉතින් එයිට වඩා බයිට් එකක් මොකටද

      Delete
  12. ජෝනව අහු උනා නම් නපුංසකයෙක් කරලම අරීවි සර්..........

    ReplyDelete
  13. ඇදගෙන නෑම.. :D

    ReplyDelete
  14. සර් වැඩේ දැනගෙන ජෝනව බයිට් කලාද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නැහැ , ඒත් අපි හිතාගත්තේ සර් බයිට් වෙලා බළලා මල්ලෙන් පැන්නා කියලා.

      Delete
  15. Replies
    1. ඔව් එහෙම තමයි මගේ හිතේ උනේ ..

      Delete
  16. අලිසන්දරේ වගේ ඩයල් එකක් අපේ ඉස්කෝලෙත් හිටියා, "ගල් පීරා" කියලා...ම්නිහා ඉගැන්වීම නම් හරියට කරනවා.හැබැයි අපිත් එක්ක කොක්ක (හොස්ටල් එකේදි "සිද්ධියක්" අපේ අතට අහුවුනාට පස්සෙ)

    ReplyDelete
    Replies
    1. හැබෑද .. අපොයි ඒ වගේ එකක් මාට්ටු උනාම ඉතින් කොල්ලන්ට ඉතින් මැජික් වගේනේ සර් ඉවරයි,

      Delete
  17. පව් නේද ජෝනාට.සර්ගෙ සුන්දර බලාපොරොත්තුත් කඩ වෙන්න ඇති.

    ReplyDelete
  18. :-)) මුලින් කටහඬ අඳුන ගන්න ඇති. වෙලාවක මේ පැත්තෙත් ඇවිත් යන්න. http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නැහැ ,
      අපි ඇවිත් ගියා ඔන්න ..

      Delete
  19. ONNA KATHAWA BALUWA, MENNA MEKATH CHUTTAK BALANNAKO, " FACE BOOK OF ASHAN SHAMIKA BANDARANAYAKA ":

    ReplyDelete
  20. හඃ හඃ හඃ හඃ ආතල් කතාව .
    සර් ගැන මාගේ කනගාටුව !

    ReplyDelete
  21. You can go to the AutoZone to have a take a look at or even do-it-on your own.
    Do you surprise if the Actron CP9180 OBD II AutoScanner is an merchandise you really should get?


    Here is my web blog ... auto scanners

    ReplyDelete
  22. බලපන්කො ඉතිං තියෙන අමාරුව!!!

    ReplyDelete
  23. ela.ela.jona giyada danne na neda anith kollanta horen.elanga para vibageta lakunu tikak wadi kara ganna.

    ReplyDelete
    Replies
    1. එකනම් හරියටම දන්නේ නැහැ ඇනෝ,

      Delete
  24. හැක හැක.. ඉස්කෝලේ ඇතුලේ බූත්වලටයි මහරගම සතර එක ගාව බූත් එකටයි අපෙනුත් නිවනක් තිබ්බේ නෑ කාලයක්! පීසා හට් හොට්ලයින් තියෙනකන් වීරෝදාර කස්ටමර් ෆීඩ් බැක් තියෙනකන් අපි සතුටින්!

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...