ඉහ උඩින් යන්නාක්මෙන් ඇසුණු යකඩ යකාගේ ශබ්දයෙන් කරුණාවතී අවදිවිය. රේල්ලුව
අසලම ලැයිමේ ජිවත්වන ඇයට මතක ඇති කාලයේ පටන් පාන්දර අවදි වීමට වේලාව කිවේ මුතු
මැණිකේ දුම්රියයි . හතරයි පහලොව වන විටම රාගම දුම්රියපොළ පසුකරගෙන යන මුතු මැණිකේ
දුම්රියේ හඩ කරුණාවතීට අදත් අවදිවීමට වේලාව කිවේය .
එතැන් පටන් ගේ දොර අස් පස් කර දරු දෙදෙනාගේ පාසැල් ඇදුම් සුදානම් කර සිය සැමියාගේ දිවා ආහාරය සුදානම් කිරීම ඇයගේ ෛදනික රාජකාරියයි කොළඹ කන්තෝරුවක සේවය කරන සිරි දාස වන
ඈගේ සැමියාව අවදි කරවන්නේ ඉන් පසුවය.
සිරිදාස රාජකාරි සදහා පිටත්වන්නේ දරු දෙදෙනාව පාසැලට ඇරලවීමෙන් පසුවය . දරු
දෙදෙනාවත් සුරතින් අල්ලාගෙන නිවසින් පිටවන
සිරිදාස පාර කෙලවරට ගොස් නොපෙනී යනතුරුම දොරකඩ සිට බලාගෙන සිටීම කරුණාවතිගේ පුරුද්දය
. එහෙත් මෙදින සිය සැමියා යන්නේ ඉරණම්
ගමනක් වග මොහොතකටවත් ඇයට නොසිතෙන්නට ඇත .
ස්ටේෂන් එක පසුකර උඩ පාර දිගේ ගොස් පල්ලියේ ඉස්කෝලෙට දරු දෙදෙනා ඇරලවා නැවතත්
පාගමනින්ම ස්ටේෂමට එන සිරිදාසට බොහෝ දුරට
දකින්නට ලැබෙන්නේ ස්ටේෂමට පැමිණ කොලඹ කොටුව බලා දිවෙන දුම්රිය හෙමිහිට ඉදිරියට ඇදෙන
අයුරුය. එහෙව් දිනෙක දිව ගොස් ධාවනය වන
දුම්රියේ දොරක හෝ එල්ලීමට සිරිදාස පසුබට
නොවෙති .
එහෙව් දිනෙක කෝච්චියේ ඇතුලේ සිටිනවුන්ගේ වාග් ප්රහාරයන් නොඇසුනාක්මෙන් බිම
බලාගෙන කඩිමුඩියේ ගොස් හැමදාම යන හතරවන මැදිරියේ සිටින මිතුරන්හා එක්වන්නේ කිසිවක්
නොවූ අයුරෙනි . ඔහුට දුම්රිය ගැන කිසිදු සැකක් බියක් දැනුනේ නැත. කුඩා කල සිටම හුරු පුරුදු දුම්රිය වියපත්
සිරිදාසට දැන් ලබැදී මිතුරෙකුටත් වඩා
සමීපය... ඒ මිතුරාම ඔහුට සතුරුවේ යැයි ඔහු කිසිදිනෙක නොසිතන්නට ඇත
උදේ කොටුව ස්ටේෂන් එකෙන් බැස වෙන්වී යන
දුම්රිය සගයන් නැවතත් දවස අවසානයේ රැකියා අහවරවී පැමිණ එකතු වන්නේද හතරවන දුම්රිය මැදිරියේදීමය.
අදත් සිරිදාස සුපුරුදු පරිදි කොටුව නැවතුමෙන් හතරවන මැදිරියට ගොඩවූයේ
මිතුරන් හා සැමදා යන ආසන පේලියට යෑමටය.. එහෙත් අද ඔවුන්ගේ ආසන අන්සතුවී ඇත.. වෙනදා
නොදකින කාර්යාල සේවකයන්ගෙන් කෝච්චි පෙට්ටිහි තද බදයක් ඇතිවී තිබේ . අද බස් රථ
වර්ජනයක් ඇතිබව සිරිදාසට මතක්වුයේ එවිටය .
වෙනදා තමන් සමග එකට වාඩිවී යන මිතුරන් අද එකෙක්වත් සුපුරුදු ස්ථානවල නැත..
ඔවුන් ඉඩ ඇති ඇති තැන්හි ගාල් වෙන්නට ඇත සිරිදාසද ඉඩ කඩ ඇති කොනකට සෙන්දුවන මොහොතේ
ඔහු දුටුවේ සෙනග අතරින් තෙරපෙමින් ඔහුවෙතට ලගාවෙන නිමල් ගේ රුවය . නිමල්ද සිරිදාසලාගේ දුම්රිය මැදිරි සමාජයේ
සාමාජිකයෙකි
“සිරිදාස අය්යා අදනම් අපේ ෂිට් එකක්වත් නැහැ.. අද බස් වර්ජනේනේ , වෙනදට
බස්වල යන අයත් අද කෝච්චියේ නැගලා ..”
“ඔව් මලයා ඒත් මටනම් හිටගෙන යන්න බැහැ මේ හන්දිපත් අමාරුවත් එක්ක ..”
එසේ කියූ සිරිදාස පාපුවරුව අසලට ගොස් සාක්කුවෙන් ගත් ලේන්සුව බිම එලා වාඩිවන සැටි නිමල් බලාසිටියේය.. ලබැදී
මිතුරා සමග මද වේලාවක් දොර අසල සිට දොඩමළුවූ නිමල් ඔහුට සමුදී නැවතත් සෙනග අතරින් මැදිරිය ඇතුලට රිංගුවේ ඔහුගේ
කාර්යාල බෑගය වෙනකෙකු අත තබා ආ බැවිනි...
සියලුම නැවතුම් පලවල්හි නවතමින් අඩ
හොරාවකටත් වැඩි කාලයක් ධාවනයවූ දුම්රිය රාගමට ලගාවේමින් සිටින විට ඇතුලත තෙරපෙමින්
සිටි නිමල් නැවතත් දොර අසලට පැමිණෙමින් සිටියේය ඒ අතරම ඔහුට නිකමට මෙන් තම මිතුරා වාඩිවී සිටි පාපුවරුව දෙස බැලුණි
... එහෙත් දැන් එතැන ඔහු නැත
මැදිරිය පුරා සෙව්වත් ඔහු පෙනෙන්නට සිටියේ නැත.. අවසානයේ පාපුවරුව අසලටම ගොස් බැලු නිමල්ට
දකින්නට ලැබුනේ පාපුවරුවේ යට කොනක පැටලී සුළගට ලෙල දෙන සිරිදාසගේ ලේන්සුවය ..
කුමක්හෝ අසුභ දෙයක් සිදුවී ඇතිබව නිමල්ට ඉවෙන්මෙන් දැනුනි .. ඔහු වහා
දිවගොස් දුම්රියේ හදිසි අනතුරකදී පාවිච්චි කිරීමට ඇති දම්වැල ඇද්දේය ..
......................................................................................................................................
සිරිදාස පිටවූ පසු කරුණාවතී දහවල්
කාලයේදී පාසැල් නිමවීමෙන් පසු දරුවන් රැගෙන විත් ගේ දොර වැඩ අහවර කරයි.. ඒ කෙසේ
වෙතත් ස්වාමියා පැමිණෙන වේලාව ලංවන විට වතුර එකක් උණුකර බේසමට දමා ගේ පිටිපස්සේ
කණ්ඩිය උඩින් තැබීම ඇය විවාහා වූ දින පටන්
නිතිපතා කරගෙන ආ කාරියකි. ඒ සිරිදාසට රැකියාව නිමවී නිවසට ආ විගස උණුසුම් වතුරෙන්
ඇගපත සෝදාගැනීමට අවශ්‍ය වන නිසාය .
මෙදිනද වතුර බේසම සුදානම් කර කණ්ඩිය උඩින් තැබූ කරුණාවතී මිදුල අමදිමින්
සිටියේය ... සුපුරුදු වේලාවටම සිරිදාස ආවේය ..
“අන්න මම වතුර ටික කණ්ඩිය උඩින් තිබ්බා ... ඇග සෝදා ගන්න “
සිරිදාස වචනයක්වත් කිවේ නැත. නිහඩ චරිතයක්වූ සිරිදාසගේ මෙම හැසිරීම් විලාසය
හොදින් දන්නා කරුණාවතී එය නොතකා
කරමින් සිටි කාරියේම නිරත විය ..
එහෙත් එක්කම මහා හඩින් ඇසුණු ත්‍රි රෝද රථයේ තිරිංග ශබ්දයෙන් ගැස්සී ගිය ඇය
පාර දෙස බැලුවේය එහි සිටියේ අසල්වැසි
තරුණයෙක්වූ ජගත්ය.
“මොකෝ බං මේ හදිසිය ..”
කරමින් සිටි වැඩේ මදකට නතර කල කරුණාවති නෝක්කාඩු ස්වරුපයක් මවාගත්තේය ..
“කරුණාවතී නැන්දේ සිරිදාස මාමා කෝච්චියෙන් වැටිලා...
තැතිගත් විලාසයෙන් එසේ පවසමින්
කඩුල්ල පැන තමා දෙසට එන ජගත් දෙස ඈ බලා
සිටියේ සිනාසෙමිනි .
“උබට පිස්සුද ජගත් , සිරිදාස මාමා
මේ දැන් ආවා විතරයි ආ ..න්න ඉන්නවා
ඇතුලේ ..
එසේ කියමින් කරුණාවතී නිවස තුලට කර
පෙව්වේය .. එහෙත් ඈගේ ඇස ගැටෙන මානෙක සිරිදාස නොසිටියේය ..
“මම හිතන්නේ ඇග සෝදන්න යන්න ඇති, උබ මේ වෙන කෙනෙක් වැටුන එකකට රැවටිලා ..
වරෙන්කො යන්න පෙන්නන්න මාමාව..”
මෙතෙක් වෙලා තුෂ්ඨිම්බුතව සිටි ජගත්ද කරුණාවතී පසුපසින් නිවෙස තුලට වැදුනි
..
ගේ පිටුපස කණ්ඩිය උඩ උණුවතුර බේසම එලෙසම තිබේ. එයට කිසිවෙකු අත තබාවත් ඇති බවක සලකුණක්වත් පෙනෙන්නට නැත .. කුඩා වත්ත හතර මායිමේවත් සිරිදාස පෙනෙන්නට නැත ,
“මේ දැන් ආව මනුස්සයා කොහෙට ගියාද , කියමින් කරුණාවතී හැරුනේ ඔවුන්ගේ නිදන කාමරය දෙසටය එහිද සිරිදාස පැමිණුන වගට කිසිම සලකුණක් නැත ,
උනා දැමූ ඇදුම්වත් , දාගෙන ගිය පාවහන්වත් , කාර්යාල බෑගය වත් එහි නැත. කිසිදා
නොදැනුනු බියක් කරුනාවතියේ සිතට දැනෙමින් තිබු මොහොතේ මෙතෙක් නිහඩව සිටි ජගත්
ආයාසයෙන් කතා කළේය .. ඒ මෙතෙක් කාලයක් කරුණාවතී ඇසු නරකම පුවතයි ..
“කලබල වෙන්න එපා නැන්දේ, සිරිදාස මාමා කෝච්චියෙන් වැටිලා ඒකේම රෝදෙකට
අහුවෙලා. ඉස්පිරිතාලෙට ගෙනියද්දීත් මාමාගේ
පන ගිහින් ...මම එතැන ඉදලයි ආ....
ජගත්ට එය අවසන් කිරීමට ලැබුනේ නැත සිහි විසක්ඥ වූ කරුණාවතී ඇද වැටුණි .
............................................................................................................................
ප ලි :- මෙය වසර ගනනකට පෙර සිදුවූ සත්‍ය සිදුවීමකි . මෙය සිරිදාස යනුවෙන් මා හැදින්වූ පුද්ගලයාගේ දෙටු
පුත් විසින් මා හා පවසන ලදී .
එතකොට කවුද ආවෙ ? කරුණාවතීගෙ මනෝ විකාරයක්ද ?
ReplyDeleteඇත්තටම මේක මුල්ම දුම්රිය අනතුරද ? වෙන්න බෑ නේද ? දුම්රිය සේවය පටන් අරන් සිය වසක් විතර ගියාට පස්සෙද මුල්ම අනතුර වෙලා තියෙන්නෙ ?
සෙන්න,මමත් ඔය වගේ කතා අහල තියෙනව.පනයන මොහොතෙ තමන්ගෙ ලබැදියන් ට පෙන්නුම් කරන කතාවල්.
Deleteමුල්ම අනතුරද කියලානම් නිශ්චිතව හොයාගන්න බැරි උනා කියපු කෙනා කිවේ නම් මුල්ම අනතුර හැටියට .. සමහර විට රාගම ප්‍රදේශයේ මුල්ම දුම්රිය අනතුරද වෙන්නත් ඇති හරියටම නොදන්නා නිසා මම ඒ කොටස අයින් කළා ඔන්න ...(වසර 30 ට උඩදී මේක වෙලා තියෙන්නේ )
Delete//කරුණාවතීගෙ මනෝ විකාරයක්ද ? //
හදිසි අනතුරු වලින් මියයන ගොඩක් උදවිය ඒ මොහොතේ හිතවත් අයට පෙනිලා තියෙනවා.. ඔය පහලින් කෙන්ජි අය්යත් කියලා තියෙන්නේ ..
චමී.. මේ හා සමානම සිදුවීමක් මග පුන්චි අම්මට උනා.ඒ මීට වසර 25 කට පමන පෙර.බාප්ප වඩ කලේ විදුලි බල මන්ඩලයෙ බිදවටුම් ඒකකයෙ.එයා බ්රේක් ඩවුන් එකකට ගිහින් ඉන්නද්දි ලයිට් කනුව උඩම කරන්ට් එක වැදිල මිය ගියා.එදා හවස වෙනදා බාප්ප එන වෙලාවට පාර ගාව ඉන්න පුන්චි අම්ම එදත් බලගෙන ඉදල බාප්ප ගෙදරට මීටර් 100 ක් විතර දුර තියන වන්ගුවෙන් පුට්බයිසිකලය හරවනකොටම නැගිටල ගිහින් තියනව තේ හදන්න. නමුත් බාප්ප වෙනද වගේ කුස්සියට ආවෙ නැති නිසා පුන්චි අම්ම ආයෙ එලියට ඇවිත් තියනව.ඊට ටික වෙලාවකට පසුව විදුලි බල මන්ඩලයෙන් ඇවිත් කියල තියනව බාප්පට කරන්ට් වැදිල වතුපිටිවල රෝහලේදි මිය ගියා කියල.මම ඉන්දික
Deleteස්තුති ඉන්දික .. දන්නා කියන දේවල් එකතු කලාට ..
Deleteලංකාවේ පළමු දුම් රිය ධාවනය අනතුරකින් තමා කෙලවර වුනේ, ඒකෙදි දුම් රිය එන්ජිමක් එක්කම මාර්ගයේ වැඩ කරපු අසූ ගණනක් මඩ ගොහොරුවක ගිලී ගියා.
ReplyDeleteඒ කියන්නේ දුම්රිය සේවාව පටන් ගත්ත දවසේමද ?
Deleteමොන අවුරුද්දෙ වගේද දන්නෙ නැහැ වෙලා තියෙන්නෙ.
ReplyDeleteඅවුරුදු තිහකට උඩදී ...
Deleteමේ සිද්ධිය ගොඩක් අය කියනවා වෙලා තියනවා කියලා
ReplyDeleteමමත් මෙහෙම සිදුවීම් හතර පහක්ම අහල තියෙනවා..
Deleteමේ වගේ අවස්ථා ඇත්තටම ඇතිවෙලා තියෙනවා, විශ්වාස කල නොහැකි වුවත් මේවා සිදුවෙන බව හැමතැනම ඇසෙනවා.
ReplyDeleteහ්ම්ම අහලා කියවලා තියෙනවා ඒත් ඇහින් දැකලා නැහැ..
Deleteබොරු කියන්නත් බෑ. අනන්තවත් මේ වගේ කතා අහලා නම් තියෙනවා. ඒත් පිළිගන්න නම් අමාරුයි. මම මේ වගේ අත්දැකීමක් දෙකකට මුහුණ දීලත් තියෙනවා. ඒත් තාමත් ඒක ප්‍රශ්ණයක් විතරයි.
ReplyDeleteමමත් කවුරු කිව්වත් මේවා විස්වාස කලේ නැහැ ඒත් එක සිද්දියක් නිසා.. එහෙම බොරුවක් කියලා හිතන්නත් බැහැ.
Deleteඑහම වෙන්න පුළුවන් මමට් ඔය සැමනම සිදීයක් අහලා තියනවා
ReplyDeleteහ්ම්ම් ඒක තමයි
Deleteමාත් මේ වගේ කතා හුඟාක් අහල තියනවා ..ඇත්තද කියලනම් දන්නේ නෑ ඉතිං
ReplyDeleteඇහැට දකිනකන් ඇත්ත කියලා පිලිගන්නත් අමාරුයිනේ..
Deleteඇහෙන් දැක්කොත් තමයි පිළිගන්නේ නේද ..:D, බලාගෙන
Deleteමමත් කොතෙකුත් මෙවන් කතා අසා ඇති මුත් මාගේ දෑසට මෙවන් දෙයක් නොපෙනීම පිලිබද මට ඇත්තේ සතුටක් මෙන්ම දුකක්ය.... මන්ද යකුන්, පෙරේතයන්, හොල්මන් නොපෙනෙන්නේ මටය, අනික නොපෙනෙන එක වඩා හොදය.... මන්ද මමද බය වීමට ඉඩ ඇති හෙයිනි... නමුත් මමද ඔයින් එකෙක් හෝ දැකීමේ ආශාවකින් පෙලෙන්නේය....
ReplyDeleteනොපෙනෙන එක එක අතකින් හොදයි , මොකක්ද ඝනේ රාක්ෂද , රාක්ෂ ඝනේට පෙනෙනවා අඩුයි ..
Deleteමේව මනෝවිද්‍යාත්මකව විග්රහ කළයුතු ප්‍රශ්න, බොහෝ විට සිද්ධිය අසන්නාගේ මනස මේ කතාව නිසා විකල් වෙනවා තාවකාලිකව. නමුත් එය පෙනෙන්නෙ නැහැ. ඒ නිසා ඔහු හෝ ඇය එක විටම වෙනදා කරන සුපුරුදු වත් පිලිවෙත් සමඟ ඒ පුද්ගලයා (නතුරු කාරයා) තමන් සමග මේ දැණ් හිටියා කතා කලා වගේ සිදු නොවූ නමුත් සිදුවාවායැයි අඟවන යම් මනෝමය තත්ත්වයකට යනවා. ඒ ඒ ප්‍රශ්නෙ ස්වභාවය අනුවයි වන්නෙ.
ReplyDeleteනමුත් අපේ මනස දියුණු මදි මේවා විග්රහ කරන්න.
සමහර විට වෙන්න පුළුවන් , මේවා හරියට තේරුම බේරුම කරගන්න තරම අපේ මනස දියුණු මදි කියන එකනම් මමත් පිළිගන්න දෙයක් .
Deleteඔබතුමාගේ තර්කය හරි. ඒත් සිද්ධිය නොදැන සිද්ධියක් නොවී කොහොමද මෙහෙම හැසිරෙන්නේ? මේ කතාවේදී වුනත් කාන්තාව දන්නේ නෑ කිසිම දෙයක් මේ ගැන.
Delete@Alexander Cage
Deleteඒක තමයි තියෙන ප්‍රශ්නේ , ඔය වගේම තව සිද්දියක් කියන්නද , අපේ අසල්වැසි ගෙදරක් හදන තැනක මේසන් වැඩ කරපු මනුස්සයෙක් හිටියා. එයාලා වැඩ කලේ කඩින් කඩ , මාසයකට දෙතුන් විඩක් තමයි ආවේ , දවසක් අසල වැසියෙක් දැක්කා මේ හෙඩ් බාස් තනියම එනවා හවසක .. එත් පස්සේ බලනකොට මිනිහට වෙච්ච දෙයක් නැති වුනා .. ඒ දැකපු අසල්වැසියා අපටත් කිව්වා බාස් ආවා ඒත් දැන් නැහැ කියලා ..
එයිට සති කිහිපයකටත් පස්සේ තමයි දැනගත්තේ ඒ බාස් ඒ දවස් වලම බස් එකකට යට වෙලා මැරිලා කියලා ..
ලබ්බ..
Deleteලබ්බ..
Deleteහුදු `භෞතිකවාදීන්ට නම් මේවා ගැන විශ්වාසයක් නැහැ. නමුත් අපිට ප්රත්යක්ෂ නොවන බොහෝ දේවල් ඇතිබව පිළිගන්න වෙනවා.
ReplyDeleteඅපට නොතේරෙන දේවල් අනන්තවත් මේ විශ්වයේ සිදුවෙනවා ..
Deleteහදිසි අනතුරු හින්දා මැරෙන උදවියගේ පවුල්වල අය මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙනවා කියලා මම අහලා තියනවා.
ReplyDeleteඔව්.. මම දන්නා කිහිප දෙනෙක්ම ඉන්නවා ..
Deleteමේවගේ කතා මාත් පත්තරවල දැකල තියෙනව.
ReplyDeleteඔව්..එහෙම සිදුවීම් නිතරම වෙනවා ..ඇයි එහෙම වෙන්නේ කියන ඒක තමයි ප්‍රශ්නේ .
Deleteඒ අපිත් කෝච්චි වල එහෙ මෙහෙ යනවා හැමතිස්සෙම... බයත් හිතෙනවා බං දැන්නං :(
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කෝච්චි වල ගියාට කමක් නැහැ බං, හොල්මන්නම් කොරන්න එපා ඔන්න ..
Deleteමාත් මේ වගේ කතා අහල තියෙනවා...... මං නම් දැකල නෑ. ඒත් ඉතිං අපි නොදැක්ක පලියට මේවා බොරුමයි කියන්නත් බෑ...
ReplyDeleteඒකනම් ඇත්ත තමයි සමනලී
Deleteමේකේ කමෙන්ට් කියෙව්වම හිතාගන්න පුලුවන් මිනිස්සු කොච්චර මුලාවක ඉන්නවද කියලා.
ReplyDeleteඅඩුම ගානේ බුද්ධාගමේවත් මැරුණම තැනින් තනට යන ආත්මයක් ගැන කතාවක් නැහැ නේ.
බුද්ධාගමේ හැටියට මැරුණට පස්සේ මනෝකායට වෙන දේ ඔයා දන්නවද ? අන්තරාභාවය ,ගන්ධබ්බ අවධිය ,
Delete(බුද්ධාගමේ ඒ ගැන තියෙනවා හොයලා බලන්න )
මේවා හරියට තේරුම් ගන්න තරම් කාගේත් සිත් දියුණු නැහැ ..ඒකයි ඇත්ත
සත්‍ය සිදුවීමක් වුවත් හදවතට දැනෙන සේ නිර්මාණය කරල තියෙනවා. අපූරැයි.
ReplyDeleteබොහොම ස්තුති .
Deleteඔය හා සමාන කතා කීපයක්ම මමත් අහලා තියෙනවා...
ReplyDeleteමමත් ගොඩක් අහලා තියෙනවා ,
Deleteමාත් මේ වගේ දේවල් අහල තියනවා...තාම අද්දැකල නම් නෑ.
ReplyDeleteඅත්දකින්න කැමතිද ?, කැමතිනම් පෙන්නන්න පුළුවන් :D
Deleteමේ වගේ මැරුණ අය ගොඩ ගෙදරට ආපු සිදුවීම් තියෙනවා.. හම්මෝ....
ReplyDeleteබුදු අම්මෝ බයේ බැහැ, ගොඩක්ම හදිසි අනතුරු වලදී මෙහෙම දේවල් වෙන බව අහලා තියෙනවා ..
Deleteහප්පේ,, මොකද අප්පා දැන් මෙයාලා ඔක්කම හොම්මන් කතා දාන්නේ,,
ReplyDeleteඉදලා හිටලා ටිකක් බය වෙන්නත් ඕනනේ අනේ..
Deleteමේ වගේ කතා නම් ගොඩාක් අහල තියනවා ඒ වගේම ලගම අයට වෙලා තියන නිසා විශ්වාස කරන්නත් පුළුවන්...
ReplyDeleteඔව්..මෙහෙම දේවල් වෙනවා .. බොහෝවිට හදිසි අනතුරු වලදී .
Deleteපිස්සු හැදෙන සඳ නෙ..
ReplyDeleteඔව්..ඔව්..
Deleteකාලෙකට පස්සේ දැක්කේ ,
මගේ මිතුරෙක් මට මේ වගේ කතාවක් කියලා තියෙනවා. බොරු කියන්න බෑ අපි නොදැක්ක නිසා.
ReplyDeleteමෙවැනි අත්දැකීමක් අප නිවසේ ද සිදුව ඇති අතර පසු කලෙක මටත් සිදුව ඇති නිසා පිලිගනිමි..
ReplyDelete