01 July 2013

සොසේජස් හදන්නේ මෙහෙමයි - How to make sausage..


සොසේජ් ගැන විවිද අදහස් දරන ලාංකිකයන් මට හමුවී තිබේ . බොහොමයක් දෙනාගේ අදහස අනුව එය නිතර පරිභෝජනය කිරීමට සුදුසු අහාරක් නොවේ. යම් තරමකින් එහි සත්‍ය තාවයකුත් නැතුවාම නොවේ.  ඒ කෙසේ වෙතත්  සොසේජ් නාමයකට සම්භන්ද  සමාගමක රැකියාවක නියුතු යැයි  හදුන්වා දුන් විටෙක බොහොමයක් දෙනා අසන්නේ එය නිෂ්පාදනය කරන ආකාරය ගැනය .

ඒ සම්භන්ධයෙන් සමාජය තුල  මුල් බැස ඇති මතිමතාන්තර සහ සිතුවිලිවල නිරවද්‍ය සාවද්‍ය භාවය මැන  ගනු වස් ඔවුන් ගැටළු යොමුකර සිටිති ,  

එවැනි අවස්ථා වලදී  කෙටි පිළිතුරකින් එහි සත්‍ය අසත්‍ය තාවයන් පවසා නිහඩවිම හැර දීර්ග පැහැදිලි කිරීමක් කිරීමට අපහසුය . එබැවින් එවැනි ගැටළු වලට පැහැදිලි කිරීමක් වශයෙන් සත්වයෙක් සොසේජ් එකක් දක්වා පරිවර්තනය වීමේ ක්‍රියා වලිය මෙසේ ලියා තබන වගයි .

සොසේජස් ලංකාවේ ජනතාවට හුරුවුයේ කොයි අවදියේ සිටද කියා  හරියටම නිගමනය කිරීමේ හැකියාව නැතිවුවත් මාගේ මතකය නිවැරදිනම් සොසේජස් සම්භන්ධයෙන්  මුලින්ම දැවැන්ත ප්‍රසිද්දියක් සමග නිෂ්පාදනය ආරම්භ කලේ කීල්ස් සමාගමය. එයිට පෙර සමාගම් සොසේජ් නිෂ්පාදනය කලත් ලංකාවේ වැඩිපුර සොසේජස් කියන ආහාරය  ප්‍රචලිත කලේ කීල්ස් සමාගම  ඒ මෙයිට වසර විස්සකට විතර උඩදීය.  මතකද අරවින්ද සිල්වා ක්‍රිකට් ගහලා එහෙම ඇවිත් සොසේජ් කන දැන්වීමක් රුපාවාහිනියේ ප්‍රචරයවුනා ඒක වෙන්න ඕනේ ප්‍රථම දැන්වීම .

දැනට ලංකාවේ මාංශමය  ආහාර නිෂ්පාදකයන් වශයෙන් නම් දරා සිටින ආයතන වන්නේ ,කීල්ස් ,කාර්ගිල්ස් ,ගිල්ස් ,එලිෆන්ට් හවුස් ,ප්‍රීමා ,පුස්සැල්ලා ෆාර්ම්, යන නාමයන් , ඒ අතරින් සොසේජස් සදහා එදා සිටම අදටත් ජනප්‍රියත්වයේ ඉහලින්ම සිටීමට කීල්ස් ආයතනය සමත්වී තිබෙනවා ,

එයට ප්‍රධානම හේතුව ලංකාව තුල සොසේජ් ජනප්‍රිය කිරීම ප්‍රථමයෙන්ම සිදුකල ආයතනය කීල්ස් වීම . අදටත් බොහොමයක් උදවිය වෙළද සැලකට ගොස් සොසේජ් පැකට් එකක් ඉල්ලන්නේ කීල්ස් පැකට්ටුවක් දෙන්න යනුවෙනි . සොසේජ් කියා නොවේ .


බලන්න ඉහත  රුපයේ ආහාර ගනිමින් ඉන්න , සුකරයා දිහා ඌ කොයිතරම් අහිංසකද , හුරතල් පාටද , මටනම් පෙනෙන්නේ එහෙම. ඒත් එක්කම බලන්න එයිට එහායින් ඇති සොසේජස් පිරිසිය. ඔබට කවදාවත් සොසේජස් එකක් කන විට එහි මාංශ හිමිකරුවා මතක්වී තිබේද ?, මෙතන හැටියට ඌරව.   මටනම් කවදාවත් නැහැ....

දැන් අපි බලමු  පහත  රුපයේ සිටින සුකරයා , සොසේජස් එකක්වී ඔබේ ආහාර පිගානට එනතෙක් ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද කියා ...





පහත  රූපයේ දිගටම එල්ලා සිටින්නේ  දෙපළු කල ඌරන් . මා දන්නා පරිදි ලංකාවේ පමනක් නොව ලෝකයේ අනෙක් රටවලටද ආහාර නිෂ්පාදනය සදහා සතුන්ව රැගෙන එන්නේ මේ ආකාරයටමය . ලංකාවේ කර්මාන්ත ශාලා වලට මෙම සතුන් රැගෙන එන්නේ ලංකාව තුලම ඇති ෆාම් වලිනි ,  (මේ සටහන සදහා මා යොදාගත් සත්වයා සුකරයා බව සලකන්න )
ෆාම් වලින් රැගෙන එන සත්ව මාංශ මිලදී ගැනීමේදීද ක්‍රම වේදයක් ඇත.  අනිවාර්යයෙන්ම එතැනදී සත්ව විද්‍යා උපාධිධාරී  තත්ව සුපරික්‍ෂක වරයෙකුගේ  අදීක්ෂණය යටතේ මාංශ වාර්ගි කරණය කරනු ලබයි . එසේ වර්ග කරනු ලබන්නේ සත්වයාගේ තෙල් තට්ටුව මතයි. ඝනකම් තෙල් තට්ටුවක් ඇතිනම් එම සත්වයා තත්වයෙන් දෙවැනි තැනට වැටේ ( ඒ සදහා සතුන්ගේ  සම්මත බර  ප්‍රමාණයක්ද  ඇත ) ඒ කියන්නේ දෙවැනි තත්වයට වැටෙන සතුන් මිලදී ගැනෙන්නේ අඩු මුදලකටය එසේ නැතහොත් එම සතුන් ප්‍රතික්ෂේප කර හරියි . සතුන් ගැනීමේ ක්‍රම වේදය එසේය . ( එළුවෝ වෙනුවට බල්ලෝ කවලම් වෙන්න කොහෙත්ම විදියක් නැත )

එසේ ගෙන එන මස්  ජලයෙන් සෝදා පිරිසිදු කර ශිතාගාරයකට (chiller) යොමු කරනු ලබයි   මෙම ශිතකාමරයේ උෂ්ණත්වය 0- + 4 වියයුතුය.

එයින් පසු මේ සතුන්ව තියුණු පිහි ආධාරයෙන්  (Deboning) කොටස් වලට වෙන් කරනු ලබනවා  , ලංකාවෙනම් මේ කාර්යය සිදු කරන්නේ මිනිසුන් විසින් සමහර රටවල මැෂින් එහෙමත් භාවිතා කරන අවස්ථා තිබෙනවා  , එහෙත් බොහෝ රටවල මෙය සිදු කරන්නේ  අතිනි , අතින් කරන එක වඩා සාර්ථක බව පිළිගැනෙනවා ,  මේ අංශයේ පළපුරුදු දක්ෂයන්ට විදේශ රටවලින් හොද ඉල්ලුමක් තිබෙන බවද  පැවසෙනවා .


මේ කපන වැඩෙත් ආගිය අතේ කරන කැපිල්ලක් නොවේ එයත්  යම් තාක් දුරට සංකීර්ණ කාරියක් . සත්වයාගේ කොටස් වෙන් කිරීමටද  ක්‍රම වේදයක් තිබේ . එක එක කොටස් වෙන් වන්නේ එක එක ආහාර වර්ග නිෂ්පාදනයටය 

.  ඒ සදහා පහත ඇති දළ සටහන් දෙක පරික්ෂා කරන්න  . ප්‍රථමයෙන් ඇත්තේ කොටස්  වලට කියන නම් සහ දෙවැනි එකෙන් ඒවායින් කරන නිෂ්පාදන.. ( මෙතන සියලුම කොටස් දක්වා නැත )


එයින් පසුව මෙසේ කොටස් වෙන් කර  ගන්නවා එක එක  කෑම වර්ග සදහා සොසේජ් සදහා යොදා ගන්නා  කොටස්.  කුට්ටි ලෙස බෑග් වල අසුරා  අධි ශිත කාමර වල තැම්පත් කරනු ලබනවා . ඔය පහත රූපයේ දක්වා ඇත්තේ එවැනි ශිත කාමරයකි. ඕකකට ගොස්  විනාඩි හයක් හතක් දොරවහගෙන හිටියොත් ලේසියෙන්ම අයිස් කුට්ටියක් බවට පත්වීමට පුළුවන . මෙහි ශීතකරණ උෂ්ණත්වය -18 කී .


*එසේ ශිතකර දැඩි ඝනත්වයට පත් කෙරු  මස් කුට්ටි ඉන් පසුව  සාමාන්‍ය තරමේ කැබලි වලට කපනු ලබනවා එය සිදු කරන්නේ පහත ඇති  යන්ත්‍රයෙනි  එහි සිරස් අතට ඇති තියුණු තලයෙන් ක්ෂණිකයෙන් කපා වෙන් කල හැකියි. වැරදීමකින් හෝ අනාරක්ෂිත හස්තයක් වුවද එහි ගැටුනහොත් අස්ථිය වුවද කැපී වෙන්වී යෑමට ගතවන්නේ තප්පරයකටත් අඩු කාලයකි .


මා මෙතෙක් වේලාවක් සදහන් කලේ pork sausage එකක් සෑදීම සිදු කරගෙන යන ආකාරය  දැන් අපි ටිකක් එහාට ගොස් බලමු  වැඩි පාරිභෝජනයක් සහිත චිකන් සොසේජස් එකක්  මා මෙතෙක් සදහන් කල අවස්තාව තෙක් පැමිණෙන්නේ කෙසේද කියා.

කිසිම දෙයක් නැහැ ...  ඒ කියන්නේ ලංකාවේ සොසේජස් නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් සියල්ලම පාගේ චිකන් සොසේජස් වෙනුවෙන්  කුඩු කර ඝනකර  පෙට්ටි වල ඇසිරු (Block) කුකුළු මස් කුට්ටි ගෙන්වන්නේ විදේශයෙන් වීමයි .  ලංකාවෙන් සුකරයන් යොදාගන්නා සේම කුකුලන්  යොදාගෙන නිෂ්පාදනය කිරීම අසීරු කටයුත්තක් ඒ වගේම විදේශයෙන් ගෙන්වන මෙම Block ඉතා උසස් තත්වයේ තිබෙනවා .

එහෙත් ඉද  හිට අසන්නට ලැබෙන චිකන් සොසේජසයක් තුල කුඩා චිකන් කටු කැබැල්ලක් තිබීම හෝ කුකුල් පෙද (පිහාටු ) කොටසක් තිබීම වැනි දෑ කලාතුරකින්  විය හැකි දෙයකි . (%1 ).  එහෙත් Pork, Beef or  Mutton  සොසේජ් එකක එවැනි ගැටලුවක් ඇති වීමට කිසිසේත්ම ඉඩක් නැත .

*එසේ ශිත කර කොටස් කරගත් මස් ඉන් පසුව එක් එක් සොසේජ් වර්ග වලට නියමිත සම්මත කුළුබඩු තුන පහ (spice) මිශ්‍ර කර ඇබරීමට ඇබරීමේ යන්ත්‍රයට යොමු කරයි(Bowl chopper machine) පහත රූපයේ ඇත්තේ එවැනි යන්ත්‍රයකි.


මා මෙතෙක් සටහන් කල පොර්ක් සොසේජසය සෑදීම සදහා භාවිතා කරන සම්මත ලැයිස්තුව පහත දැක්වේ .
Pork Belly
Pork cubing
Raw garlic
Crushed pepper
Mace powder
Vacuum salt
Sweet paprika powder
White pepper powder
Macaroon
Modified starch
Sugar
Tari k7

මා මේ දක්වා ඇත්තේ ලංකාවේ ප්‍රධාන සමාගමක වට්ටෝරුවකි , සමාගමෙන් සමාගමට මෙය සුළුවශයෙන් වෙනස් වේ. නිෂ්පාදනයේ ගුණාත්මක භාවය සහ රසය රදාපවතින්නේ මෙම වට්ටෝරු  මතය. එබැවින් මේවායේ රහස්‍යභාවය ආරක්ෂා කරගැනීමට සමාගම් කටයුතු කරයි. (ඒ හේතු මත මා මෙහි අනුපාත දක්වා  නැත)


එසේ සැකසු මිශ්‍රණය සොසේජස් සැකසීමේ යාන්ත්‍රනයට (filler machine) යොමු කිරීම සිදුවන්නේ ඉන් පසුවයි . මෙහිදී  සොසේජස් පිරවීම සදහා (CASING) පොලිතින් කවරයක් භාවිත කරයි.



මෙසේ සකසා ගත් සොසේජ් ඉන්පසු යවන්නේ සොසේජස් උදුන වෙතය . සොසේජ් උදුන  (chamber ) වෙත යවා අවශ්‍ය උෂ්ණත්වය යටතේ පිස ගැනීම සිදුකරයි  (මෙහිදී සොසේජස් අභ්‍යානතර උෂ්නත්වය 72 C ක් විය යුතුය.

 ඉන් පසු සිදුකරන්නේ එම සොසේජස්  නියමිත පරිදි ශිත කිරීමයි  මෙහි ශිත උෂ්ණත්වය 0- +4 ක් වියයුතුයි .

ශිතාගාරයේ පැයදෙකක  පමණ වෙලාවක්  තබා පොලිතින් ආවරණය යාන්ත්‍රයක්  (filling machine) මගින් ඉවත් කර ගැනීම සිදු කරයි. ඉන් පසු  සොසේජස් ඇසිරිම (packing) කල යුතු අතර  ඇසිරු සොසේජ් අධිශීතකරණයක (Blast freezer) ගබඩා කර  තැබිය යුතුය මෙහි ශීතකරණ උෂ්ණත්වය0- +4 ක් විය යුතුය.

ඉන් පසුව තත්ව සුපරික්‍ෂකයන් යටතේ සාම්පල් වශයෙන් පරික්ෂනාගරයක අධිපරික්ෂාවට ලක්වන අතර එතැනදී නිෂ්පාදනයේදී ආහාරයට සුදුසුම තත්වයෙන් නිෂ්පාදනය සිදුවී ඇති බව සහතික කරගැනීම සිදුකරයි.

ඔබේ පරිභෝජනය වෙනුවෙන් සොසේජ් පැකට්ටුවක් වෙළද පොලට නිකුත් වන්නේ ඉන් පසුවය .


-------------------------------------------------------------------------------------------------


ප.ලි 

(1) සමහර සොසේජ් වර්ග කල් තබා ගැනීම සදහා යොදන නයිට්‍රේට් සෝල්ට් පිළිකා කාරකයක් ලෙස පිළිගැනේ, එබැවින් සොසේජ් යනු නිතර පරිභෝජනයට සුදුසු අහරක් නොවේ.. 












52 comments:

  1. මේවාට යොදා ගන්නා යන්ත්‍ර සුත්‍ර දිනපතා පිරිසිදු කල යුතුයි නේද ? එහම නොකලොත් ඒවාගේ පණුවන් හැදෙන බව අසා තිබෙනවා. සොසේජස් හැදෙන විදිය දැන ගත්තේ අද. නමුත් මිතුරෙක් කියපු කතාවක් අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ මැෂින් 365 දවසෙම වැඩ, දවසකට පැය කිහිපයයි නතර කරලා තියන්නේ, ක්‍රියාවෙන් ක්‍රියාවට සම්පුර්ණයෙන්ම සෝදා පිරිසිදු කරනවා..

      Delete
  2. අප්පච්චියේ උඹත් දාන එව්වා . අද මස්මාංස මොකුත් උයලා තිබ්බ නැති හන්දා පරක්කුවෙලා ගෙදර ඇවිත් , හනික‍ට කඩේ දුහලා සොසේජස් පැකට් එකක් අරගන ඇවිත් කාලක්ක්‍රීයා කරලා එහෙම බත් එක බෙදාගන අමරණකොටම උඹ දැම්මේ මේක

    ReplyDelete
    Replies
    1. ආ සුදීකත් ඇහැරලා

      Delete
    2. අප්පටසිරි එහෙමද , සොසේජ් එකක් කකා සොසේජ් හදන හැටි බලන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා නේද ..හික්..හික්.

      Delete
    3. සුදිකයා අහැරිච්ච එක මොකටද බොට?

      Delete
  3. බොහොම වැදගත්....මම කලින් දැනගෙන හිටියේ සූකරයෙක් කොටස් කරන විදිය විතරයි.

    ReplyDelete
    Replies
    1. කොටස් කරන එකත් ලේසි නැහැ(ලු ).. එකින් එකට නම් තියෙනවා.. ඒ වගේම බේකන් ,හැම් , වගේ ඒවාට ගන්න නියමිත තැන් තියෙනවා ..

      Delete
  4. මං ඩොකියුමන්ට්‍රියක දැක්කා කුකුල් මස් සෝසේජස් වලට ගන්නේ කුකුල් පැටව් කියලා..
    ඒක ඇත්තද???????????

    ReplyDelete
    Replies
    1. විදේශයෙන් Chicken block ගෙන්වන නිසා දැකලා නැහැ , එත් සාමාන්‍ය තරමේ සතුන්ව ගන්නවා කියලා අහලා තියෙනවා (ගොඩාක්ම පුංචි උන්ව නෙමේ ) ඒකට හේතුව සියුම් කටු හොදින් අබරා ගැනීමට පහසු වීම..

      Delete
  5. නොදන්නා දෙයක්, මෙයාකරවූ ක්‍රියාවලියක් මේ තුල තිබෙන බව නිකමටවත් නොසිතුවෙමි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ
      (කමෙන්ට් එක ස්පෑම් වලට ගිහින් තිබුනේ )

      Delete
  6. එළිෆන්ට් හවුස් සොසේජස් තිබිලා තියෙන්නේ අපි උපදින්නත් ඉස්සර. ඊටත් කලින් රටින් ගෙනාපුවා තීලා තියෙනවා කොටුවේ කාගිල්ස් සාප්පුවේ. මට නම් එළිෆන්ට හවුස් එකට ගහන්න එකක් තවත් නෑ. හැබයි එළිෆන්ට් හවුස් එක කීල්ස් වලින් මිළදී ගත්තා. ඒත් අර නමින් තවමත් තියෙනවා. රහේ කිසිම වෙනසක් නෑ. ඒකෙත් රහම එක පෝක් එක තමයි. තව මගේ ප්‍රියතම කෑමක් තමයි බේකන්.

    කොහොම හරි සොසේජස් වගේම... පෝස්ට් එකත් පට්ට රහයි. මෙහෙම පෝස්ට් එකක් ලියන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියන එකත් මම හොඳටම දන්නවා...

    ReplyDelete
    Replies
    1. කීල්ස් එක වැඩි ප්‍රචාරයක් දුන්නයින් පස්සේ වැඩියෙන් ජනප්‍රිය වුනා නේද , එලිෆන්ට් හවුස් සොසේජ් එක කොහොමත් හොදයි (ගොඩක් අය කියනවා ) කීල්ස් එකේ එලිෆන්ට් හවුස් නමින් තියෙන්නේ එලිෆන්ට් හවුස් එකෙන් හදන සොසේජ් එක තමයි. බේකන් වලින් බැක් බේකන් එක වාඩාත් හොදයි ..
      ස්තුති,

      Delete
  7. සොසේජස් ගැන වැදගත් තොරතුරු ටිකක් දැනගත්තා.
    මේකෙන් කියන්නෙ චිකන් වලට වැඩිය අනික් ඒව සෞඛ්‍යාරක්ෂිත බවද?

    ReplyDelete
    Replies
    1. ලොකු වෙනසක්නම් නැහැ..යම් තරමකින් චිකන් සොසේජ් වලට වඩා අනෙක්වා හොදයි කියන්න පුළුවන්. මොකද අබරපු චිකන් ගෙනෙන්නේ විදේශයෙන්.. අනික නයිට්රේට් සෝල්ට් පෝර්ක් සොසේජ් වලට යොදන්නේ නැහැ..

      Delete
  8. මම ආස අර මස් කැපිල්ලට.

    ReplyDelete
    Replies
    1. අර පිහියෙන් කපන එකටද ?, බ්ලේඩ් එකක් තියෙන මැෂින් එකටනම් ඉදලා හිටලා ඇගිල්ලක් එහෙම කැපිලා වෙන්වෙලා යනවා ..

      Delete
  9. කෑවට අද තමා සොසේජස් හදන හැටි දැන ගත්තේ....

    ReplyDelete
    Replies
    1. දැනගෙන කන එක හොදයි නේද ,

      Delete
  10. චමි, you tube වල තියෙන සොසේජ් හදන වීඩියෝ කැල්ලක් අමිණුවානම් නියමයි.

    ReplyDelete
    Replies
    1. හොද අදහසක් , හරියන එකක් තිබුනොත් දාන්නම්,
      ස්තුති මතක් කලාට .

      Delete
    2. මේ ලින්ක් එක බලන්න
      how to make sausage

      Delete
    3. ඒ වීඩියෝ එකේ තියෙන මැෂින් ලංකාවේ පාවිච්චි වෙන ඒවා නෙවෙයි..

      Delete
  11. මට තිබුන ලොකුම සැකය අර පොලිතින් එක අයින් කරන්නේ නැද්ද කියලා.
    මමනම් කොහම්ට් ඔවාට ඒ තරම් මනපයක් තිබුනෙම නැහැ.දැන් කොහමට් කන්නේ නැහැ.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒවා අනිවාර්යයෙන්ම අයින් කරනවා. සංජිව ඇයි සොසේජ් වලට අකමැති . ඉදලා හිටලා කෑවට වරදක් නැහැ නැත්නම් අපිට පාඩුයිනේ..:D

      Delete
    2. Facebook සෙට් වෙලා කියපන්කො උබගේ කොම්පැනිය මොකක්ද කියලා ඉදලා හිටලා එකක් කන්න

      Delete
  12. ගෙදෙට්ට ඌරු මස් නොගෙන ඉන්න උදවිය එතකොට සොසේජස් ගෙනත් රස කර කර කනවා ඇති.

    ඉඳහිට කෑවට, අදයි දැනගත්තේ සොසේජස් හදන විදිහට. මට මතකයි පොඩි කාලේ කියනවා කුකුලා හම ගහලා එහෙම් පිටින්ම මැෂිමට දානවා කියලා. එතකොට උන්ගේ හොටවල්, නියපොතු ඔක්කොම ඇඹරෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. //මට මතකයි පොඩි කාලේ කියනවා කුකුලා හම ගහලා එහෙම් පිටින්ම මැෂිමට දානවා කියලා//

      ඕවා බොරු කතාන්දර, ලංකාවට චිකන් ගන්නේ ඕස්ට්‍රේලියා වලින් සහා බෙල්ජියමෙන්, ඔය හැමදෙයක්ම වෙන්නේ ජාත්‍යන්තර තත්ව සහතිකයන්ට අනුවනේ..

      Delete
  13. මේ ගැන නොදත් තොරතුරු බොහොමයක් දැනගත්තා මලයා. ලංකාවේ මුලින්ම සොසේජස් හැදුවේ එළිපන්ට් හවුස් කියලයි මට හිතෙන්නේ. ඒ ගැන බලන්න.
    හැබැයි මුසල්මානුවන්නට නං අහුවෙන්නැතිව හිටපන්. උන්ට සූකරයා අරහං.
    කොහොම නමුත් අගේ ඇති ලිපියක් මලයා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එලිෆන්ට් හවුස් වෙන්න ඇති , අපි පුංචි කාලේ වැඩියෙන් ජනප්‍රිය වුනේ කීල්ස් නිසා ඒ නම තමයි වැඩියෙන් මතක .
      හික් ..හික්..අවස්ථාවේ හැටියට ප්‍රතිපත්ති වෙනස් කරන මුසල්මානුවොත් ඉන්නවා .. මෙහෙත් කෙනෙක් හිටියා . ඒ වගේ.

      Delete
  14. හදන හැටි නම් දැන ගත්තේ අද. කන්නෙ නම් නෑ කොහොමත්.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අනේ ..ඔයා නිර්මාංශද

      Delete
  15. Do sausages (my fave word by the way) contain anus, lips, testicles etc?

    http://uk.answers.yahoo.com/question/index?qid=20061004114039AAIBUva

    ReplyDelete
  16. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ පොත් වල තියනවා ගොඩාක් ඉස්සර කොහොමද සොසේජස් හැදුවේ කියලා. ඒක මතක් උණා

    ReplyDelete
    Replies
    1. ඇත්තද , මමත් හොයලා බලන්නම්කෝ ..

      Delete
  17. බොහොම වටින ලිපියක්...

    මටනං වැඩියම මතක අරවින්ද හිටිය ඇඩ් එකක් නෙවෙයි..මහානාම හිටිය ඇඩ් එකක්... බැදපු බිත්තරයකුත් එක්ක සොසේජස් තිබුන පිගානකින් පොර ගෑරුප්පුවෙන් ඇනලා පිහියෙන් කපලා කෑල්ලක් කන සීන් එක... හැබැයි එයින් පස්සේ මං තීරණය කරලා තිබුනේ සොසේජස් කියන්නේ මහ හෝන්දු මානුද් වෙන..ඇගේ පණ නැතිව යන කෑමක් කියලා... (මහානාමගේ ෆිට්නස් ගැන දන්න අයට ඒක තේරෙයි.. :D )

    මාත් මේ දවස්වල උරෝ කුකුලෝ හරක් සිද්ධාන්තෙට අනුව කපන කොටන හැටි පුරුදු පුහුණු වෙනවා... :D

    ReplyDelete
    Replies
    1. මුලින්ම අරවින්ද එයින් පස්සේ රොෂාන් තව හෂාන් ඉන්න එකකුත් තිබුනා ..

      //මාත් මේ දවස්වල උරෝ කුකුලෝ හරක් සිද්ධාන්තෙට අනුව කපන කොටන හැටි පුරුදු පුහුණු වෙනවා..//

      ඒක වටිනා වැඩක් හොද චේප් කෙනෙක් වෙනකොට ඒවාත් දැනගෙන ඉන්න එක වැදගත්, හරකටත් වඩා ඌරා ගේ තමයි කොටස් වැඩි එළුවා ,බැටළුවාගේත් එහෙමයි..

      Delete
  18. නයිට්‍රේට් සෝල්ට් දානේ මොනවටද නැත්තේ මොනවටද කියලා කියාපංකෝ චමී.

    ReplyDelete
    Replies
    1. ටිකක් පරික්ෂාවෙන් බැලුවොත් ඒක හොයාගන්න අමාරු නැහැ. සුදු පාටට හුරු සොසේජ් වලට නයිට්රේට් සෝල්ට් දාලා නැහැ..
      උදාහරනෙකට : CH.CHEESE&ONION ,CH.PIZZA ,GARLIC ,LINGUS, PO.SAUSAGES, PAWKIES...etc

      ටිකක් තද පාට ඒවා වලට දානවා
      උදාහරනෙකට:CH.SAUSAGES,BEEF,MUTTON, FRANKFURTERS ,HOT DOGS SAUSAGE,...etc..

      *po=pork
      *ch=chicken

      Delete
  19. ලිපිය නම් වටිනවා සෑහෙන්න,, ඒ වුනාට නික්ම අප්‍රියයි වගේ අප්පා :(

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ අප්‍රිය කරන්නේ %100 පිරිසිදුයි .

      Delete
  20. ඉටිකොලයක් වගේ එකක් තියනව කියන්නෙ ඇත්තද බං?

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ "CASING" එක ගැන, එක පාවිච්චි කරන්නේ සොසේජ් එක හදාගන්න විතරයි. ඉන් පස්සේ මැෂින් එකකින් ඒක ගලවලා අයින් කරනවා, තව සතුන්ගේ කොටසකින් හදාගන්න "CASING" එකක් තියෙනවා (ඌරා, බැටළුවා ) ඒවා නම් ගලවන්නේ නැහැ ඒක කෑවට ගැටලුවක් නැහැ..(ඒවා දාන්නේ ලිංගුස් වගේ ඒවාට )

      Delete
  21. පොස්ට් එක නං සුපිරියි .සත්තු ටික පව් නේද ?අර එල්ලලා තියන ඌරු පලු දැක්කම එපාවෙනවා

    ReplyDelete
    Replies
    1. ඔහොම දකිද්දීනම් පව් කියලා හිතෙනවා තමයි.. නත්තල් සීසන් එකට රෝස් කරන පුංචි ඌරු පැටව් දැක්කමනම් දුක හිතෙනවා ..

      ස්තුති .

      Delete
  22. චමිය ලිපිය කියෙව්වෙ නැති වුනාට,ඔබ කට්ටිය දැනුවත් කිරීම හරි වටිනව.
    මේව මම හරියට දන්නා දේවල්.
    උපන්දින පැතුමට තුති චමිය :) Thank's.

    ReplyDelete
  23. කන්නන් වාලේ කෑවට මෙහෙම විස්තර දන්නේ අදනේ අර කීල්ස් කතාව ඇත්ත කියල මටත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. කන්නන් වාලේ කන්න එපා ටිකක් හොයලා බලලා කාපන් :D

      Delete
  24. වැදගත් ලිපියක්..ස්තුතියි

    ReplyDelete
  25. ලිපියෙන් සොසේජස් හදන හැටි දැනගත්තා වාගේම තවත් සේවයක් වුනා. අනෙක් මාංශ ආහාර නැවැත්තුවත්, සොසේජස් රහට පුරුදු වෙලා නිසා කන එක නවත්තන්න අමාරු වෙලයි තිවුනෙ. අර ඌරු පැටියගෙ මූණයි, ඊට පහළින් තිවුනු සොසේජ් එකයි දැක්කම හොඳටම දුක හිතුනා. සොසේජ් ආහාරයට ගැනීමත් අද ඉඳලා නවත්වන්න පුලුවන් වෙයි වගේ. චමීට ගොඩක් පින්!!!

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...