26 August 2013

මහ රෑ චාටර් වී භූතයෙක් වූ චමි...


මා උසස් පෙල පංතියේ අසුන්ගෙන වැඩි කාලයක් යෑමට මත්තෙන්  අප ප්‍රදේසේ සිටි රැය පහන් වනතුරු පාඩම් කිරීමේ භාරදුර ක්‍රියාදාම කණ්ඩායමේ  සාමාජිකයෙක් වීමි .  ඒ මා තුල ඇති අධ්‍යාපන උනන්දුව නිසා යැයි ඔබට සිතුනිනම්  ඔබ වැරදිය .  වහාම එය නිවැරදි කර ගත යුතුය .  මගේ අරමුණ වෙන එකකි.  ඒ දහවල් කාලයේ වත් අල්ලා ගන්නට නොලැබෙන මිතුරන් හා සතියකට දෙතුන් වරක් හෝ රාත්‍රියේ සෙට් වී කයියක් ගැසීමටය.. ඕපාදුපයක් කියවිමටය .. සරලව කිවහොත් ෆන් එකටය ..

එවකට මා උසස් පෙළ පංතියට ඇතුළුවී මසකට වැඩි කාලයක් ගෙවී ගොස් තිබුනේ නැත. රැයක් පහන් වනතුරු තබා පැයක්  දෙකක් පාඩම් කිරීමට  තරම්වත් මාගේ උසස් පෙල පොත් හි  සටහන් නැත. ඒ මා සටහන් කර නොගන්නා නිසා නොවේ.. අප තවම විෂය නිර්දේශයට අවතීර්ණව නොමැති බැවිනි. එහෙත් මා සමග පාඩම් කල අනෙකුන් එසේ නොවේ උන් මට වඩා වසර දෙකකින් වැඩිමහලුන්ය . උසස් පෙල විභාගය අත ලග බැවින් උන්ට පාඩම් කිරීමට ඇති පදම් දෑ තිබේ .. එහෙව් උන් සමග උසස් පෙල පිටු තුනක් පිරි ඇති මගේ සටහන් පොතත් සමග මට කරන්නට ඇති ලබ්බක් නැත එහෙත් මා උන් සමග හරි හරියට පාඩම් කලෙමි. සටහන් පොතේ පිටු තුන කටපාඩම් වෙන තුරු පාඩම් කලෙමි ..ඒ  මා තුල ඇති අද්‍යාපන උනන්දුව නිසාම  නොව.. උක්ත කරුණ නිසාම පමනි.

අපට පාඩම් කිරීමට ස්ථිර   ස්ථානයක් කියා තිබුනේ නැත. බොහෝවිට රාත්‍රී පාඩම් කිරීම් වලදී ඒකරාශී වුයේ  එක් එක් සාමාජිකයන්ගේ නිවෙස් වලය.  නිවසේ ප්‍රධාන දොරෙන් පිටත කාමරයක් තිබීමත් කාමරය තුල සිදුවන කතාබස් වලට අවහිරයක් නොවීමත් යන  ප්‍රධාන කාරණා දෙක සම්පුර්න වීම මත එතැන අපට රාත්‍රියක් ගෙවෙන තුරාවට පාඩම් කිරීමට සුදුසුකම් සපුරනාවායයි අප සැලකුහ.

මෙවැනි ස්ථාන කිහිපයක් අතරින් අප වඩාත් ඇලුම්කල ස්ථානයක්ද විය ඒ ජනකාන්ත නිවෙසයි. ජනකාන්ත අයියා ද එකල උසස්පෙළ කඩයිම පැනීමට ඔන්න මෙන්න කියා සිටි එකෙකි.. එබැවින් ඔහුගේ ආරාධනය පිට අප බොහෝවිට රාත්‍රී පාඩම් සදහා යොදාගත්තේ ජනකාන්ත නිවසේ ඉදිරිපස කාමරයයි .

එක් දිනෙක රාත්‍රියේ නිලංක, ප්‍රියා සහ මා ජනකාන්ත නිවෙස කරා ගියෙමු ඒ පාඩම් කිරීමට අවශ්‍ය ආම්පන්නද රැගෙනය . ජනකාන්ත නිවසේ අපට පාඩම් කිරීම සදහා ලබා දී තිබුනේ නිවෙස ඉදිරිපස ඇති කන්තෝරු කාමරයක ප්‍රමාණයේ පුංචි කාමරයකි මෙහි ඇත්තේ පුංචි පොත් මේසයක් සහ ඇදක් පමනි .

පොත් මේසය ජනකාන්ත අයියා නිරන්තරයෙන්ම අයිති කරගෙන සිටි බැවින් අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇද උඩ සිට පාඩම් කටයුතු කිරීමට සිදුවිය . එක අතකින් එය අපට වාසි විය .. ඒ පාඩම් අතර තුර නිදිමතක් ආවොත් එහෙම්මම ඇස් පියාගත හැකි බැවිනි... බොහෝ දිනවල අපි තිදෙනා කලේද එයමය .. එහෙත් ජනකාන්ත අයියාට එසේ බැරිය . අප එසේ නිදාගත් දිනවල එලිවෙනතෙක් නින්දක් නැතිව  ජනකාන්ත අයියා අපා දුක් විදි බව පසුදා අපට පවසයි එහෙත් අපට එයින් වැඩක් නැත. ඇද අයිති අපටය.. ජනකාන්ත අයියාට අයිති මේසයයි එබැවින් ඌ මේසය උඩ නැටුවත් අපට කම් නැත . අප පාඩම් කල ස්ථානයේ අප නිදාගන්නා සේම ඌ පාඩම් කරන ස්ථානයේ නිදාගැනීම උගේ යුතුකමකි .

මෙදිනද මධ්‍යම රාත්‍රී කිට්ටු වෙනතෙක් අප නිහඩව පාඩම් කලෙමු..  නිහඩව පාඩම් කිරීමෙන්ම කම්මැලි සිතුන නිසාදෝ මන්දා ජනකාන්ත අයියා අලුත් යෝජනාවක් ගෙනාවේය .

“මම උබලගෙන් ආර්ථික විද්‍යාවෙන් ප්‍රශ්න අහන්නම් උබලා උත්තර දියල්ලා ....

නිදි මතේ සිටි බැවින් අප තිදෙනාද එයට අකමැති වුයේ නැත ..

“ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න ... හොදයි නිර්වචනය කරහල්ලා බලන්න ..”

අප ප්‍රශ්නයට පිළිතුරු ගොනු කරන අතරේ ... එකෙක් මහා හඩින් ලියන භාෂාවෙන්ම  උත්තරය කිවේය ..  ඒ එකෙක් නොව එකියෙකි... ඒ ගෑනු කටහඩ අපගේ නොවේ ..

අප තිදෙනා එකිනෙකාගේ මුණු දෙස බැලුවේ නිදි මරගාතේ ඇසුණු ගෑනු කටහඩ  අප තිදෙනාගෙන්ම කෙනෙක්ගේ දැයි  සැක හැර දැනගැනීමටය...  එහෙත් තිදෙනාගේම මුහුණුවල ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.. දැන්නම් ඒ කටහඩ අපේ කාමරයේ නොමැති අයෙකුගේ හඩක්  වැව් ස්ථිරය ..

ජනකාන්ත අයියා ට එය ගැටලුවක් නොවන සේය ඔහු  සුන්දර සිනාහවකින් සැරසී අප දෙස බලා සිටි..

“කවුද බං ඒ ...

අප තිදෙනා විශ්මයට පත් කල ඒ පිළිතුරු කාරිය කවුදැයි අප සෙවිය යුතුය..

“ ඒ අපේ අම්මා ...”

ජනකාන්ත අයියාගේ ඒ පිළිතුර අපව තවත් විශ්මයට පත් කලේය .  ජනකාන්තගේ අම්මා වැනි අයෙක් ආර්ථික විද්‍යාවේ මුලික දැනුමින් සන්නද්ද වුයේ කෙසේද?.. ගෘහ විද්‍යාව ගැන ප්‍රශ්නයකදී ඈ පිළිතුරු දුන්නා නම් අප පුදුම  විය යුතු නැත. මන්ද ඈ ගෘහණියකි . එහෙත් ඈ දැන් පිළිතුරු සපයන්නේ අපට අමාරු විශයක්වූ ආර්ථික විද්‍යාවටය.. ඉතින් අප පුදුම විය යුතු නොවේද ...

“ඒයි ජනකාන්ත අයියේ උබලගේ අම්මා කොහොමද බං ආර්ථික විද්‍යාව දන්නේ ..”

“ මෙහෙමනේ බං .. මම තනියම පාඩම් කරද්දී  හයියෙන් කෑගහලා පාඩම් කරන්නේ.. එතකොට ප්‍රශ්න උත්තර පොතේ ලියලා තියෙන ප්‍රශ්නයි උත්තරයි දෙකම කියනවා .. අම්මට දැන් ඒවා ඇහිලා ඇහිලම  කටපාඩම් ...”

මෙතෙක් වෙලා අප පුදුමයට පත්කල පැනයට පිළිතුරු ලැබුනේ ජනකාන්ත අයියා අම්මට නොඇසෙන සේ හීන් හඩින් එසේ කියූ පසුවයි ..

ඉන් පසුවද ජනකාන්ත අයියා  ආර්ථික විද්‍යාවෙන්   ප්‍රශ්න කිහිපයක්  ඇසු අතර අප පිළිතුරු දීමට පෙර උන්ගේ අම්මා ඒ සැමටම පොතේ හැටියටම පිළිතුරු දුන්නේය..  

ඈ ඉන්නේ අප සිටින කාමරයට එහා පැත්තේ කාමරයේ බැව් එයින් අපට පසක් විය.. කාමර දෙක වෙන්වී ඇත්තේ එක බිත්තියකිනි... සමහර විට අප හිමින් මුමුනන  නොහොබිනා දෑ වුවද උන්ගේ අම්මාට කනේ තිබ්බා සේ ඇසීමට ඉඩ ඇත .. ඒ බව මට කල්පනා වුයේ පසුවය එවිට  අප පමා වැඩිවී තිබුණි ..

ජනකාන්ත අයියයි උන්ගේ අම්මයි අතරේ ප්‍රශ්න උත්තර වැඩසටහන දිගින් දිගටම යන අතරේ අප තිදෙනා පොත් පත් අකුලා තබා ඇදට  ගොඩවූයේ නිදාගන්නා අදහසිනි ..  එහෙත් කරුමයකි . මෙතෙක් වෙලා නිදි මත පෙරෙමින් තිබුනද ඇදට නැග කොට්ටයට ඔලුව තිබු මොහොතේ සිට නිදි මත කොහෙන් ගියාද නැත .. අන්තරස්ද්දාන වූ නිදිමත නැවත අප කරා එනතෙක් අප කතාවට වැටුණි..

අපේ කතා බහ එක් එක් මතෘකා ඔස්සේ ගොස් අවසානයේ වැදගත්ම මාතෘකාවේ නතර විය .. අප වැනි අද්‍යාපනය ලබන වයසේ සිටින්නන්ගේ වැදගත්ම මාතෘකාව කුමක්දැයි වචනයෙන් කිවයුතු නැත එය ඔබ දනි..  මේ වයස පසු කල සියල්ලෝමද දනී.. නොදන්නෙක් වී නම් ඔහු ජිවිතයේ එක් කාලපරිච්ඡේදයක් මගහැර පැමිණියෙකි...

ආධ්‍යාපනය ...!!,

අධ්‍යාපනය යැයි ඔබ සිතුවානම් ඔබට වැරදි ඇත ..මා කිවේ ආදරය ගැනය .  මේ කාලයේ අපගේ සිත් ගත් යුවතියන් රාශියක් සිටියේය .., එබැවින් උන් ගැන අපට කියවීමට ඇති පදම් දෑ තිබේ. මේ මොහොත අප ඒ සදහා යොදාගත්තේය..

අපටත් නොදැනීම මාතෘකාව දික් ගැහුනි එත් කම් නැත වරද වුයේ මාතෘකාව අතුරු මාතෘකා ඔස්සේද දිව යෑමයි... අප දන්නා යුවතියන්ගේ රුව ගුණ නැනැ පමණක් නොව..හැඩ ගැනද අප කතාවිය.. එතැනින් ගොස් එක්  එක්  සරීර ස්ථානයන් හී හැඩ ගැනද කතා විය අවසානයේ අපගේ කතිකාව උච්චතම අවස්ථාවට පැමිණෙමින් සිටින මොහොතේ ..

“බරාස් “  ගා අප සිටි කාමරයේ දොර ඇරී ගියේය.. ඒ දොර එසේ නිකන්ම ඇරෙන්නේ නැත. කිසියම් කෙනෙක් එළියේ සිට වැරෙන් දොර තල්ලු කර ඇත...

ඒ ශබ්දයෙන් අප සිව් දෙනාම ගැස්සී ගියමුත්  බිය යටපත් කරගෙන දොර දෙසම බලා සිටියෙමු... දෙරෙන් එපිට  කට්ට කලුවරය.. අපට නොඇසුනාට පොද වැස්සකුත් වැටෙන බව යාන්තමින් ඇති හද එළියෙන් පෙනෙන්නට විය

එහෙත් සමගම දොර ඉදිරියෙන් දිස්වූයේ  සුදු දිග ගවුමක් ඇදගත් කාන්තා රුවකි ..  එක වරම හැමු සුළගින් ඈගේ කෙහෙරැලි අවුල්වී මුහුනට වැටුණි.. ඒත් සමගම කාමරය තුලට එබුනු ඈගේ මුහුන ලයිට් එළියෙන් අපට පැහැදිලිවම දිස්වුනි... ඔව් ඒ මෝහිනී ..

“බැහැපියව් තුන් දෙනාම එලියට ....” මෝහිනී කෑගැසුවේය....  

මෝහිනී ඇන්ටි යනු වෙන කවරෙකුවත් නොව ජනකාන්ත අයියාගේ මව්තුමියයි ..

මෙතන රෑ තිස්සේ පාඩම් කරන්න කියල ඇවිත් කරන පාඩමක් නැහැ මගුල් කතා කරනවා ... අපේ එකාට පාඩමක් කරගන්නත් නැහැ .. නිලංග ,ප්‍රියාන් , චමි ...තුන් දෙනාම දැන්ම බහින්නයි කිව්වේ එලියට ..”

දැන් ඉතින් කරන්නට දෙයක් නැත තව දුරටත් මෙතැන රැදී සිටියහොත් ජනකාන්තගේ අම්මා අපව බෙල්ලෙන් අල්ලා බල්ලන් සේ එලියට විසික්කා කරන්නට වුවත් ඉඩ ඇත ..එබැවින් අපි   අප සතු ආම්පන්නද කොට්ට මෙට්ටද අකුලාගෙන එලියට බැස්සෙමු ..

“අපි යනවා ජනකාන්ත අයියේ ...”

එත් ජනකාන්ත අයියා අපට නතර වෙන්නැයි කිවේ නැත එසේ විනම් ඌටද අප සමග එලියට බැසීමට සිදුවන බැව් ඌ දනී...

අප පොද වැස්සේම එලියට බසින අතර මේසා විපතක් වීමට අප පෙර කල අකුසල කර්මයක්  තිබේදැයි මනසින් සොයා බැලීමට මට සිත්විය ...

යටගිය දවසක අප මෙලෙසම ජයකාන්තයාණන් ගේ කුටියේ  පාඩම් කටයුතු සදහා ආහ.. මෙදා මෙන්ම එදාද අප සිටියේ ඇද උඩය ජනකාන්තයාණන් මේසය උඩය.. එදාද මෙදා මෙන්ම මැදියම් රැයේ අප තිදෙනා ඇද උඩම නින්දට වැටුණි.. අප නින්දට වැටී මද වේලාවක් යෑමට මත්තෙන් ගිගුරුම් සහිත මහා වර්ෂාවක් පතිත විය.. ජනකාන්ත නිවසේ සිංහල උළු අතරින් පවා වැහි බිදුද හිරිකඩද කුටියට පතිත විය .. තද වර්ෂාවත් සීතලත් බැවින් ජනකාන්තයාණන්ට නිදා ගැනීමට උවමනාවිය.. එහෙත් මේසය උඩ නිදාගැනීමට බැරිය , ඇදේද  අප තිදෙනා ඇති බැවින් නිදාගැනීමට ඉඩක් නැත .. අසරණවූ ජනකාන්තයාණන් පැදුරු කඩමල්ලක්වත් නැතිව සීතලේම සිමෙන්ති පොලවේ වකුටුවී වැදහොත්තේය ...

වර්ෂාව එන්න එන්නම දරුණු විය .. ගිගුරුම් ඇතිවිය එබැවින් ජනකන්තයාණන්ගේ මෑණියන්වහන්සේට අප ගැන සොයා බැලීමට සිත් විය ඈ ඇවිත් කුටියේ කවුළුවකින් එබී බැලුවිට ඈ දුටුවේ.. සීතලේ බිම වැතිරී සිටින ජනකාන්තයාණන් සහ ඇදේ සැපට නිදන අප තිදෙනාවය..

එදවස පටන් ජනකාන්ත මෑණියන්දෝ අපට වයිර කරන්නට විය.. ඉඩ ලද විගස අපෙන් පලි ගැනීමට සිතාගත්තේය... අද අපට මෙලෙස මහා රාත්‍රියේ එලියට බැසීමට කරුණු කාරනා සැලසුනේ එසේය ..

පව නම් පවමය ගොනුන් පසුපස යන රියසක සේ පව පවුකාරයන් පසුපස ලුහුබදි එය වැලැක්විය නොහැක මෙදා මේ සා විපතක් පැමිණුනේ එදවස අප කල ඒ පාප කර්මය නිසා බැව් සිහිපත් කර  ගත් අප තිදෙනා පොද වැස්සට තෙමේමින් මහා රාත්‍රියේම පල්ලම් බැස්සේය.. ඒ යන ගමන් ජනකාන්ත අය්යාවත් උන්ගේ මෑණියන්දාවත්. මෑණියන්දාගේ මෑණියන්වත් සිහිපත් කරන්නට අමතක නොකලේමු..

මේ මහා රාත්‍රියේ කෙසේවත් අපට නැවත නිවෙස් වලට යෑමට නොහැක... කරන්නට දෙයක් සිතා ගැනීමට නොහැකිව අරමුණකින් තොරව ඇවිදගෙන ගිය අප අවසානයේ ගමේ හන්දිය ලගින් හැරී හොල්මන් කන්ද  පාමුල ලයිට් කණුව යට බෝක්කුවේ අසුන් ගත්හ ..

අසුන්ගෙන වැඩි වෙලාවක් යෑමට මත්තෙන් ..ටක් ..ටක් ..ටක් ..යන ශබ්දයෙන් කෙනෙකුගේ පා ගැටෙන හඩක් ඇසෙන්නට විය.. පුදුමයකි .. මෙවන් වේලාවක මේ පාරේ කෙනෙක් තනිවම නම් යන්නේ නැත මෙය පාලු පාරකි  හොල්මන් කතා  දෙක තුනකටම මග පෑදු ස්ථානයකි..එසේනම් මේ එන්නේ හොල්මනක් වත්ද ..

බෝක්කුව එහා පැත්තේ ඇති කෙහෙල් පදුර අස්සට රිංගු අප තිදෙනා ..ටක් ටෝක් ..හඩින් එන හොල්මන හැදින ගන්නට උත්සහ කලේමු...

ඒත් සමගම හොල්මන ලැසි ගමනින් අප සිටි ස්ථානයද පසුකර ගියේය .. ඒ හොල්මනක් නොව අපගේ නැටුම් ගුරුවරයායි ..

ඔහු අප ප්‍රදේශයේ නැටුම් පංතියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.. මා මුලින්ම ඔහුගේ නැටුම් පංතියට ගියේ ඔහු මයිකල් ජැක්සන් වැනි පොරක් යැයි සිතාගෙනය.. එහෙත් ඔහුගේ සුන්දර සුකුමල මුහුණත් , කාන්තාවකගේ බදු ලැසි ගමනත් දැකීමෙන් මගේ මයිකල් ජැක්සන් සිහිනය බොද විය .. එහෙත් මා නැටුම්  පංති යෑම දිගටම කරගෙන ගියේය... අද වන විට මේ නැටුම් ගුරුවරයා රුපවාහිනි නාට්‍ය වල පවා සුළු වශයෙන් ප්‍රසිද්ද නාමයක් සාදාගෙන ඇත..

අද ඔහු මේ එන්නේ කොහේ හෝ නැටුම්  සංදර්ශනයකට සහබාගීවි එන ගමන්ය... කෙහෙල් පදුරක් අස්සේ රිංගා සිටි බැවින් ඔහු අපව දුටුවේ නැත ...

“ඒයි මොකද කරන්නේ සර් කාරයට පොඩි ජෝක් එකක් කරමුද ...’
එකෙක් යෝජනා කලේය..

දැන් ඔහු අප පසුකර මීටර් සියයක් පමණ දුර ගොස්  පාළු කන්ද අසලට ලංවී ඇත මේ කදු පාර දෙපස ඇත්තේ පොල් ඉඩම් කිහිපයකි පාරට පෙනෙන මානෙක නිවෙස් නැත ඇතත් අතරින් පතරය.. කන්ද අවසානයේ පාර අසලම ඇත්තේ සුසාන භූමියයි.. නැටුම් ගුරුවරයාගේ නිවෙසට සුසාන භූමියද පසුකර සැතපුමක පමන දුරක් තිබේ..

දැන් නැටුම් ගුරුවරයා කන්ද නැගීම ආරම්භ කර ඇත අපද ඔහුට මීටර් සියයක් පමණ පිටු පසින් ඔහුව ලුහුබදි.. කන්ද මැදක් හරියේ සිට අප මෙහෙයුම ආරම්භ කලෙමු... ඒ සියුම් හඩින් භූත ශබ්ද දැමීමෙනි .. අසල ඇති පොඩි ගස් පදුරු එක වරම හයියෙන් අල්ලා සෙලවිමෙනි .. පුංචි පුංචි ගල් කැට විසි කිරීමෙනි ..


අපේ වෑයම සාර්ථක විය .. ගුරුවරයා පොඩ්ඩක් නතරවී පසු පස බැලුවේය ඉන් පසු කරේ එල්ලාගෙන සිටි බෑග් එක ගලවා වමතේ හිරකර ගත්තේය.. දැන් ඔහුගේ ගමන වේගවත්ය.. අප නැවතත් ශබ්ද කල විට ඔහු නැවත පසුපස හැරි බලා පහත්වී පයේ ලා සිටි සෙරෙප්පු දෙක ගලවා දකුණතට ගත්තේය.. දැන් ඔහුගේ ගමන ඉතා වේගවත්ය එය දිවිමකට සමානය එහෙත් අඩි පහ හයකට වරක් පිටු පස හැරී බැලීමට ඔහු අමතක කලේ නැත...

සුසාන භුමිය පෙනෙන මානයේදී ඔහු පසු පස හැරී බැලු විටම.. මා හයියෙන් හූවක් කියාගෙන පාර මැද්දට පැන ඔහු වෙතට දිව ගියෙමි.. ඒ අතරම අනෙක් වුන් දෙදෙනාගේ ගල් ගැසීමත් දිගටම සිදුවිය ...


හු ..කියාගෙන දෑත් දිගුකරගෙන එන මා දුටු නැටුම් ගුරුවරයා මටත් වඩා හයියෙන් හු.. තියමින්.. පාර දිගේ දුවන්නට පටන් ගත්තේය.. අපට ඔහුට ලංවිමටවත් ලැබුනේ නැත ඒ තරමටම ඔහු වේගවත්ය .. එදා ඔහුගේ දිවීම සමකල හැක්කේ ඔලිම්පික් මීටර් සියය කප් ගැසූ පොරගේ දිවීමට පමණි .

පසුවදා සවස අපට නැටුම් පංති පැවැත්වෙන දිනයකි.. එහෙත් වෙනදා වේලාසනින්ම ඇවිත් ශාලාව විවුර්ත කරන නැටුම් ගුරුවරයා අද පෙනෙන්නට නැත ...  අනෙක් ශිෂ්‍යයෝද දොර අසලට වී බලාසිටි පංති වේලාවද ගෙවී ගොස්ය එහෙත් ගුරුවරයා පෙනෙන මානේක නැත.. පෙරදා රාත්‍රියේ සිදුවූ දේ මා දන්නා  බැවින් ගුරුවරයාගේ ප්‍රමාදය මටද ඇති කලේ බියකි ..

මද  වෙලාවකින් කොලුවෙකු පාපැදියකින් ඇවිත් නැටුම් ශාලාව ඉදිරියේ නතර විය ..

“ නැටුම් සර් මේ ලියුම දෙන්න කිව්වා ..”

එසේ කියා කොල්ලා එතැන සිටියෙක් අත ලියුම තැබුවේය....

// උන ගැනී අසනීපව ඇති බැවින් අද දින නැටුම් පංති පවත් වීමට නොහැකි බව කරුණාවෙන් දන්වා සිටිමි
මෙයට ,
නැටුම් සර් ,  //

භූත නාටකය එතැකින් නිමා විය.. සර්ට උන ගැනීමේ උප්පත්ති කතාව දැන සිටියේ අප තිදෙනා පමනි.. අද වන තුරුද එය එසේය...!!!

---------------------------------------------------------------------------------------------
ජනකාන්ත අයියාගේ පාරම්පරික ජන නැටුමක් පහතින් ...

video












73 comments:

  1. අර ඩාන්ස් එකනං ෆට්ට..

    අපි පාඩම් කරන්න සෙට් උනේ OL වලට අපේ ගෙදර 12 ක් විතර ආව.. එහෙන් මෙහෙන් එබෙන්න කවුරුවත් නැති නිසා.. අපි ඉතින් රෑ 1 වෙනකොට තාප්පෙට උඩින් පනිනවා..ගෙටුව ඇරියොත් සද්දේ ඇහෙනවනේ.. ඊට පස්සේ ඉතින් වටේ තියන කුරුම්බා , අඹ හෙම ඉවරයි..සමහර දවසට ඔය තරහකාරයෝ (ටිච්ර්ස්ලා) කෙල්ලොන්ගේ ගෙවල් පති වලට ගිහිල්ලා නම් කියල කා ගහලා එනවා.. හු තියල හෙම 12ස් දෙනෙක්ම ඉන්නවනේ :v

    මුල් කාලේ කුරුම්බා කඩලා අඹ කඩල එපා උනා.. පස්සේ ඉතින් කෙලින්ම බැස්සේ බෝතලේට .. කයිය ගහන්න දෙයක් තිබේ නැහැ දවල් දවසේ කොහොමත් කයියනේ.. හවස් වෙනකොට එකෙක් ශේප් එකේ බෝතලයක් අරගෙන.. බට පෙට්ටියකුත් අරගෙන එනවා. 2 3 වෙනකොට ඒ ටිකත් අරගෙන එලි බාලා.. ඔය බන්ට් එක දිහාට ගිහින්.. බුත කතා දෙක තුනක කියා කියා ෂොට් එක දාගන්නවා ගෙදර ඇවිත් නිදාගන්නවා උදේ 10 11 වෙනකන් :3 හෙහ් හේ අම්මෝ රසවත් සිද්දි ගොඩයි..

    චමියගේ කතාව දැක්කම මතක් උනේ..

    අර ඩාන්ස් එක ෆට්ට :v රබර් ජැක් එකක් ගහගන්නෙයි කියාන් :3

    ReplyDelete
    Replies
    1. හික් ..හික්..මරුනේ, ඕලෙවල් ,ඒ ලෙවල් කාලේ නොකරපුවා ආයේ කවදා කරන්නද නේද බං...

      Delete
  2. //පාඩම් කිරීමට අවශ්ය ආම්පන්නද රැගෙනය . //
    මෙහෙම කියනකොට මට මතක් වෙන්නේ යුද්ධෙකට යනවා වගේ :D

    අම්මා කල වැඩේ හරියට හරි. කොල්ලෝ කරලා තියෙන වැඩේ හරිම සවුත්තුයි.
    ලස්සනට ලියලා චමී...:)


    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්.. යුද්දෙකට යනවා වගේ තමයි..ගස් ගල් නගින්න ඕනේ එව්වයි , තව කොට්ට බෙඩ් ෂිට් එහෙමත් අරන්ගිය අවස්ථා තිබුනා ..හික් ..හික්.
      එතකොට අම්මා කල වැඩේ හරියැ..:O
      තැන්කු පොඩි ..

      Delete
  3. මරු පාඩම් කිරිල්ලනෙ බන්.. කොල්ලෝ හවුලේ පාඩම් කරන්න යනවා කියන්නෙ පාඩමක් වෙන්නේ නෑ කියන එකම තමා.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත බං, කොල්ලෝ ගොඩක් සෙට් වෙනවා කියන්නේ පාඩමක් වෙන්නේ නැහැ..තනියම කරන ඒක එයිට හොදා ,
      තාම පාඩම් කරන වයසේ උන් මේවා ආදර්ශෙට ගනිල්ලා ..

      Delete
  4. කවුද බං උබේ රත්තරං වටින නමින් තැන තැන බෙටි හලමින් යන නස්කූනිය?

    ReplyDelete
    Replies
    1. ඕකනම් මමත් අහන්නමයි හිටියේ

      Delete
    2. අනේ මන්දා අප්පා . ඌ කව්ද කියලා ලගදීම හොයාගන්න පුළුවන් වෙයි .. මම මේ දවස්වල මල් බුලත් තට්ටුවක් තියාගෙන මතුරනවා ඌට පිල්ලියක් යවන්න ..

      Delete
    3. පූර්වාත්මයක සහෝදරයෙක්ද කොහෙද!

      Delete
    4. හික්..හික්.ඔව් ඌ මට ආදරේ ඇති එකෙක් වගේ,

      Delete
    5. සිරාවට ඈ... කවුද ඒ?

      Delete
  5. සර්ට ඊට පස්සේ උණ නිකන්ම හොද උනාද නැත්නම් තොවිලෙකුත් නැටුවද ???

    ReplyDelete
    Replies
    1. කොහොම හරි එයිට පස්සේ සතියේ පංතිකළා හැබැයි ඊට පස්සේ දවාලකවත් ඒ පාරේ තනියම නොගිහින් වටෙන් යන්න තියෙන පාරකින් ගමන් බිමන් ගිය බවනම් ආරංචිවුනා

      Delete
    2. මැලේ අච්චාරු,
      ඔය උන කාරයින්ට (කෙල උන එවුන්ට නෙවේ) අපේ වෙද පප්පා අපූරු වැඩක් කොරනවා.
      පැරසිටමෝල්ට් පෙති දෙකක් වතුර එකකට දාලා ජීවං කොරලා ඒකට සීනි එකතු කොරලා, තිත්ත රහ නැති කොරලා එක වඩියට බීපං පුතා කියලා දෙනවා.
      බලන්නකෝ ජීවමේ බලේ, උණ කොහෙන් ගියාද දන්නේ නෑ. සුරුස් ගාලා හොද වෙනවා.
      -කා(Ka)
      මම කා(Ka) චමී ෆෝ යූ සමඟ සීසර්ට යටත් නොවූ, සාටකේට යටවූ ගෝල් දේශේ සිට.

      Delete
    3. මගේ අච්චාරු ඇනෝ .... ඔය මගේ අලුත් පොස්ට් එක බැලුවද ??????????? හොර ගෙඩිය බලල සද්ද නැතුවම ගිය නේද ///////////

      Delete
    4. ඇනෝගේ වේද පප්පා හැරී වැඩ කාරයෙක් පාටයි ..නේද මැලේ :D

      Delete
  6. අපිත් කාලයක් ඔහොම පාඩම් කරා. හැබැයි අතෑරලා දාපු ගෙදරක. එක හින්ද කට්ටියම පිළිවෙලකට නිදාගත්ත. මොනිටර් කරන්න කවුරුත් හිටියේ නැති හින්ද. කම්මැලි උනාම ස්පිකර් ෆෝන් දාල ඩයලොග් කස්ටමර් කෙයා එකට කතාකරනවා. දැන් නම් මාසෙකට කෝල් දෙකයිලු ෆ්‍රී දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්..දැන් කෝල් දෙකයි..
      කට්ටියක් සෙට් උනාම තනියම කෙරෙන පාඩමවත් කෙරෙන්නේ නැහැ බං..

      Delete
  7. කුපාඩි හැත්ත, අර ජනකාන්තයාගේ අම්ම උඹලව එලියට දාන්න තිබ්බේ අර මහා වැස්ස දවසේමයි,පාඩමක් ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. හපොයි වැස්සේම එලියට දැම්මනම් අපිට තෙමිච්ච කුකුළෝ වගේනේ බං ඉන්න වෙන්නේ.. එහෙම උනානම් හොල්මන් කරන්න වෙන්නේ නැහැ ..

      Delete
  8. ඉස්සර මම පාඩම් කරන කොටත් එහෙමයි.. කෑ ගහල පාඩම් කරන්නෙ... පට්ට ගති...

    ReplyDelete
    Replies
    1. අපෝ...මට නම් කෑ ගහල පාඩම් කරනවා කියන්නෙ කරන්න ම බැරි වැඩක්.

      Delete
    2. ඒකෙත් පොඩි ගතියක් තියෙනවා...නේද බං

      Delete
    3. මටත් එහෙම තමයි දිලිනි..

      Delete
    4. ඉතිං පැංචියේ ඕකට කෑ කෝ ගහන්න ඕනයැ.
      -කා(Ka)

      Delete
  9. චික් විතරක් උඹලා කරණ වැඩ පවු අසරණ නැටුම් සර්..

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලා පුංචි ජෝක් එකක් කලාම මොකෑ වෙන්නේ ..උන්දැත් තනිකමෙන් පාලුවෙන් හිටි වෙලාවනේ ..හික්

      Delete
  10. අපිත් ඉස්සර යාලුවෙකුගෙ ගෙදර පාඩම් කලා.කිට්ටුව තියෙන බෙකරියෙ පාන් බානකම් පාඩම් කරල බෙකරියට යනව .අවිත් නිදියනව.ඔන්නම් පෑය දෙකක් පාඩම් කරන්න ඈති

    ReplyDelete
    Replies
    1. හික්..හික්.. ඔන්න පාඩමේ තරම .

      Delete
  11. පව් බං අහිංසක සර්. උඹට තියෙන්නෙ බූත සීන්මනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. ඒ කාලේ ඉදලම යක්ෂ බුතයෝ එක්ක නෙවැ ආස්සරේ කලේ ..

      Delete
  12. ජනකාන්තට ඇත්තටම ජනකාන්ත වෙන්න තිබුනා මේ නැටුම් ක්‍රමය තව දුරටත් ව්‍යාප්ත කලා නම්...ගන්ගම් ස්ටයිල් වගේ නැගලා ගියා නම් ඌව අල්ලනවා බොරු....

    ReplyDelete
    Replies
    1. ඔව්..මේක ඌටම ආවේනික නැටුම් ක්‍රමයක්.. කොහොමද වැඩ ..

      Delete
  13. සර්ට උණ ගැනීමේ උප්පත්ති කතාව දැන සිටියේ උඹලා තුන් දෙනා කිව්වට දැන් නම් සර් එහෙමත් දන්නවා ඇති.හෙහ් හෙහ්

    අප්පා, රෑ පාඩම් කරන කාලේ පට්ට ආතල්, එහෙම පාඩම් නොකර හිටියා නම් එක අතකට මීට වඩා රිසාල්ට් එකක් ගන්න පුළුවන්කම තිබුනා.

    ReplyDelete
    Replies
    1. අනේ උන්දැ එහෙම දැක්කනම් පරණ ඒවා අමතක කරලා මට සමාව භාජනය කරත්වා ..:D

      ඔව් බං එහෙම පාඩම් නොකලානම් අද අපිත් ලොක්කෝ ..:D

      Delete
  14. //භූත නාටකය එතැකින් නිමා විය.. සර්ට උන ගැනීමේ උප්පත්ති කතාව දැන සිටියේ අප තිදෙනා පමනි.. අද වන තුරුද එය එසේය// අනේ, බොරු නොකියා ඉඳහන්. දැන් අපිත් දන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ඒ දැන්නේ බොල...
      එයිට ඉස්සෙල්ල මේක රහසක් ..

      Delete
  15. ඔහොම සෙල්ලම් නටන්න හම්බ වුනේ නෑ අපි පාඩම් කරද්දි... සේරම ආවේ අපේ ගෙදර ඉතින් පාඩමටම හිත යොදවන්න වුනා..

    ReplyDelete
    Replies
    1. අහෝ දුකකි..!!! එහෙම හරී පාඩම් කෙරුනනම් මදැ...නේද

      Delete
  16. උඹල ඉතින් කියන්න එපෑ ඒවත් ආර්ථික විද්‍යාවට අයිතියි කියල. මං කිව්වෙ ශරීර වර්ණනාව.. :D

    ඔහොම සෙට් වුනාම බං අපි කියවන ඒව හෙමින් කියනව කියල පටන් ගත්තට දන්නෙම නැතුව එන්න එන්න සද්දෙ වැඩි වෙනවනෙ. ඉතින් ගෙදර අයට විතරක් නෙවෙයි අල්ලපු ගෙදර අයටත් ඇහෙනව..

    ReplyDelete
    Replies
    1. හික්, එහෙම කිව්වනම් අපිට කන රත්කරගෙනම එලියට බහින්න තිබුනා..අපරාදේ චාන්ස් එක,

      ඔව්..බං, ටික වෙලාවක් යද්දී අමතක වෙනවා නෙවැ ගෙදර තව මිනිස්සු ඉන්න විත්තියත් ..

      Delete
  17. පව් බං. අර නැ‍ටුම් ගුරුවරයා බය වෙලා මැරිලා වැ‍ටුනා නම් හෙම?

    ඔය ජනකාන්තගේ පරණ කතාත් මට මතකයි තාම.

    ReplyDelete
    Replies
    1. මම දාපු පෝස්ට් එකක් මැකිලා , ඒ මදිවට මම පබ්ලිෂ්කරන එව්වා පබ්ලිෂ් වෙන්නෙත් නැ, වදෙන් පොරෙන් පබ්ලිෂ් කරහම බ්ලොග් රෝල් වලට යන්නේ නැ අනේ උදව් කරහං බං

      Delete
    2. මොනවා බං? පෝස්ට් එක මැකිලා? බලපං ඩ්‍රාෆ්ට් වලට ගිහින්ද කියලා. එතනින් පබ්ලිශ් බටන් එක පේන්න තියෙනවා නම් හරි.

      Delete
    3. @Henry Blogwalker
      මැරිලා වැටෙන ඒක කෙසේ වෙතත් වැටිලා මැරෙයිද කියලා බයේ අපිත් පස්සෙන්ම දිව්වා.. ඒත් කොහෙද අපිට අල්ලන්න හම්බ උනේ නැහැ ඒක පිම්මේ ගෙදරටම දුවලා ..

      Delete
  18. මේක කියෙව්වම මට අපේ ඒ ලෙවල් කාලෙ මතක් වුනා. අපිත් 'පාඩම් කලේ' යාලුවො 4ක් සෙට් වෙලා. රෑට එකෙක් මල් කඩනවා. එකෙක් රෙස්ලින් මැච් බලනවා. මායි ගෙදර එකයි මුරුක්කු කකා ඕපදූප කියෝ කියෝ ඉන්නවා. ගෙදර මිනිස්සු යට තට්ටුවෙ නිදි නිසා කිසිම බාධාවක් වුනේ නෑ අපිටනම්.

    දවල්ටත් පාඩම් කරන්න කියල ස්කූල් කට් කරලා උන්ගෙ ගෙදරට වෙලා ෆිල්ම් බලපු දවස් එමටයි. ඒ කාලෙ නටපු නාඩගම් වල හැටියට අද මෙහෙම ඉන්න එකත් පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. හැක්..හැක් , ඇත්තද.. මෙන්න මෙයාලත් එහෙනම් අපි වගේම තමයි පාඩම් කරලා තියෙන්නේ ..

      Delete
  19. ඔය පාඩම් කරන්න එකතු වෙන හුඟක් එවුන්ගෙ පාඩම ඔහොම තමයි බං. මමත් ඒලෙවල් කරන කාලෙ දවස් කීපයක් ගියා ඔය විදියට පාඩම් කරන්න. ඕලෙවල් කරන කාලෙ නම් රෑට පාඩම් තියා මොන මඟුල කරන්නවත් ගෙදරින් යන්න හම්බවුනේ නෑ. මට තිබුනු එකම අවුල රෑ කීයට හරි ගෙදරම එන්න ඕන නිදා ගන්න. ඉතිං රෑ දෙකට තුනට හතරට මම තනියම ගෙදර එනවට යාළුවො කැමති නෑ. ඔයින් මෙයින් මම ගෙදරම හිටියා අන්තිමට.

    ෂැහ් ! බලාපන් බොලාගෙ පින මේ ආත්මෙම පලදීලා. හරි ඉතිං රෑ ඉතුරු ටික උඹල කොහෙද හිටියෙ.

    අර ජනකාන්ත ගොයිය ඔය පාරම්පරික නැටුම නටන්න ගිහින් වෙලාවක පස්ස බිම ඇනගන්නවා.

    ReplyDelete
    Replies
    1. අපිනම් ආයේ ගෙදර එන්නේ පාඩම් කරන තැනම නින්දක් දාලා පාන්දර පහ හය වෙලා..රෑ තිස්සේ තනි තනියම ගෙවල් වලට යන්න තියෙන බය නිසා එලිය වැටෙනකන් ඉන්න වෙනවා ඉතින් ,

      ඊට පස්සෙත් පාන්දර වෙනකන් හරී හරි වැඩ උනා.. අපි වගේම තවත් පාඩම් කරන යාලුවෝ සෙට් එකක් ඉන්න ගෙදරකට ගිහින් (යනකොට උනුත් වැටුන වැටුන තැන්වල බුදි)උන්ව ඇහැරවගෙන උන්ගේ කාමරේ ඒක පොදියට නිදාගත්තා..

      අර නැටුමට ජනකාන්ත උන්දැ කියන්නේ කැට් වොර්ක් එක කියලා :D

      Delete
  20. ඔය වගේ පාඩං කරන්න අවස්ථාවක් මට සෙට්වෙලා නෑනෙ. කොටින්ම කොහොමවත් පාඩම් කළේ නෑ කිවුවොත් නිවැරදියි මං හිතන්නෙ.
    නැටුං ගු‍රා තොයිලයක් නැටුවයි ඊට පස්සෙ.

    අර ජනකාන්ත නැටුමනං ෆට්ටයි ඈ.

    ReplyDelete
    Replies
    1. නැටුම් ගුරා උන හොදකරගෙන ආව ..ඒත් කාලයක් යනකම් තනියම ගමන් බිමන් ගියේ නැහැලු ..

      නැටුමට ප්‍රතිචාර වැඩි.. ඒ නැටුම තව ටිකක් දියුණු කරලා ගන්ට ඕනේ ..:D

      Delete
  21. පට්ට ලස්සනට ලියලා අයියේ. මටත් මගේ අතීතය මතක් උණා.

    අපිනම් ඕ ලෙවල් කාලේ පාඩම් කලේ නෑ. ක්ලාස් ගියේ. ගණිතය විජ්ජාව තමයි. යනකොට බිස්කට් ටොෆි හැම එකක්ම උස්සන් යන්නේ. අපේ එකාලට ක්ලාස් එකේ කෑලි බෑලිත් උන්නා නොවෑ.
    අපේ එකෙක් උන්නා කාංචන කියලා. මු දාගෙන උන්නා කෙල්ලක්. හෙණ පන්. ක්ලාස් තියෙන්නේ රෑ. 7 ට පටන් ගත්තාම ඉවර වෙන්නේ 12 ට විතර. ළමයි 8ය් උන්නේ. කාංචන කියන එකා කෙල්ලගේ කකුල පාගනවා යටිං. මම කොරන්නේ මමයි මගේ ළඟ ඉන්න එකයි එකතු වෙලා අපේ කකුල් අරුට පාගන්න සලස්වන්න තියන එක.

    කුචු හුචු ගෑවිල්ලේ පටන් ගත්තු වෙලේ ඉඳන් හිනා යනවා ඉතිං. ඉන්ටර්වල් එකට බඩ පැලෙන්න කනවා.
    සුදු මහත්තයා වගේ බෝතල් ගන්න බට ගන්න සල්ලි නැහැ. බීඩි මිටිය තමයි අරගෙන යන්නේ. ඒක ගේන්නේ අපේ සෙට් එකේ උන්නු මහත්තයා කියන ඩයල් එක. මම ගිණි පෙට්ටිය. :D ලේසි වියදමක් නැති එක නොවෑ.
    කවුරුත් බීඩි බොන්නේ නැහැ. අපේ ඒකාල ඒ දවස් වල රහත් වෙලා උන්නේ. රෑ 12 ට සෙට් එක එද්දී කාගෙහරි ඉතිං හැමදාම බයිසිකලේ ක පැච් එකක්. කිලෝ මීටර් දෙකක් තුනක් ඉතිං පයින් ගාටනවා. පාරේ ඉන්න බල්ලොයි අඹ ගසුයි ඉවරයි. මල් පෝච්චි මාරු කරනවා ගෙවල් වල.
    ඔය යන එන පාරේ තමයි ගමේ ඉස්කෝලේ තියෙන්නේ. ඕකට පැනලා හොඳ නසරානි වැඩ කොරනවා. ලියන්නම් කෝ පස්සේ..
    ඒ මතකයන් පට්ට සුන්දරයි. දැන් ඒ ලෙවල් එදාට වඩා අද තනිවෙලා..

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. තැන්කු ..තැන්කු බෙන් ,
      බෙනුත් හොදට පාඩම් කරලා තියෙනවා නෙවැ ඉස්කෝලේ යන කාලේ.. ලියලා තියෙන තිකෙන් හිතාගන්න පුළුවන් පාඩමේ තරම..ලස්සනයි පුලුවන්නම් පස්සේ පොස්ට් එකක් විදියට ලියපන් පාසල් කාලේ අත්දැකීම් ලස්සනයි ..

      Delete
    2. ආයෙත් අහලා.. පාඩම් කොරන්නේ කවුද ? කොරපු උනුත් උන්නා. ඒ උනාට මමනම් කොලේ නෑ. අධි විශ්වාසයකින් උන්නා. දෙයියෝ දුන්නා වගේ ගෙඩිය පිටින් ලස්සනට රිසාල්ට් ආව. මම මගේ හීනෙට එන්ටර් උණා. අනේ මන්දා.
      ඒ ජීවිතේ තමයි පන්. ඒ ජීවිතේ මාර ලස්සනයි. කියන්න බැරි තරම්ම්ම්...
      තැන්කු කොරන්නේ මක්කෙයි.. ලියන්නම් දාසක්..

      Delete
  22. පවි යකෝ අර නැටුමි සර්

    ReplyDelete
    Replies
    1. අනේ ..උන්දෑනම් පව් තමයි ඒත් ඉතින් මක්කැයි කියලා කරන්ටද..උන්දැ රෑ පානේ තනියම ගමන් බිමන් ගිය ඒක නෙවැ වැරැද්ද ..

      Delete
  23. ඒ මහ රෑ සොහොනක් ළඟ ගුරුවරයෙක්ව බය කිරීම සහමුළින්ම හෙලා දකිමි!

    ReplyDelete
    Replies
    1. උන්දැගේ නෙවැ වැරැද්ද..එහෙම තනියම ගමන් බිමන් යන්ට හොදයැයි රෑ පානේ..

      Delete
  24. උඹ මේක ලියල තියන හැටි නං අපූරුයි.. අර සංයමයද මොකක්ද එකත් එක්ක වචන ගැලපිල්ල පංකාදු පහයි

    අර නැටුමට හිනා ගිහින් බඩ කොර උනා :D

    ReplyDelete
    Replies
    1. හෑ.. සංයමයද මොකක්ද කියන මෙව්වා ඒක මට ටිකක් තියෙනවලු නේද බං..අනේ හොදා ..හොදා මට හරි ආඩම්බරයි ..

      ඒ නැටුම තව දියුණු තලයකට රැගෙන එන්න ඕනේ..

      Delete
  25. ජයකාන්තයගෙ ගෙදරින් රිටර්න් එක ලැබුණ වගේ මේකටත් අනිවා ලැබෙයි.. බලං ඉඳපන්

    ReplyDelete
    Replies
    1. හපොයි..දෙයියනේ එහෙමනම් වෙන්ට එපෝ..
      මේ පොස්ට් එක ඌගේ ඇස නොගැටේවා.!!!

      Delete
  26. විශ්වවිද්‍යාල ජීවිතයේ යථාර්තය...

    http://campusapi123.blogspot.com/

    ReplyDelete
  27. මාත් ඉස්සර එකෙක් එක්ක එකට පාඩම් කරා.ඌ දොස්තර උනා.මට කොන්දොස්තර වත් වෙන්න බැරිඋනා.

    ReplyDelete
    Replies
    1. හපොයි දෙය්යනේ ..එහෙනම් ඌ ගුරු මුෂ්ටි තියාගෙන වෙන්ටැ..

      Delete
  28. මව්තුමියන්ගේ වයිරය සුළුපටු නෑ ඔහොම උනාම.. අයි ආවේ මේ පැත්තේ,කියෝපු පලවෙනි කතාවම පට්ට!:D

    ReplyDelete
    Replies
    1. ඉහත සදහන් අයි යන්න අදයි ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් මෙව්වා කරත්වා..

      Delete
    2. ඔව්..ඒකනේ කියන්නේ, සුළු පටු නැහැ..තැන්කු ආවට..

      Delete
  29. අප්පටසිරි චමියත් හොල්මන් වලට කැමතියි වගේ..එල එල මචෝ..මාත් හොල්මන් ගැන පොස්ටුවක් දැම්මා..ඔන්න බලලා කමෙන්ට් පාරක් දාන්න හොදේ...

    ReplyDelete
    Replies
    1. නැතුව ..නැතුව..බුතයෝ එක්ක තමයි මගේ වැඩි ආස්සරය ..:D

      Delete
  30. :D නියම කතාව.. ඊට පස්සේ පාඩම් කරන්න ගියේ නැද්ද

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා...

ලින්ක් එකක් දානවානම් නම් මෙහෙම දාන්න.
WORDS HERE

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...